භගුත්‍ථෙරගාථා
4. 1. 2.
4. 1. 2.
271. අහං මිද‍්ධෙන පකතො විහාරා උපනික‍්ඛමිං, චඞ‍්කමං අභිරූහන‍්තො තත්‍ථෙව පපතිං ඡමා.
271. මම මිද්ධයෙන් මඩනාලද්දෙම් විහාරයෙන් සක්මනට නික්මුණෙමි. සක්මනට නැඟෙනුයෙම් එහි මැ බිම වැටිණිමි.
272. ගත‍්තානි පරිමජ‍්ජිත්‍වා පුනපාරුයුහ චඞ‍්කමං, චඞ‍්කමෙ චඞ‍්කමිං සොහං අජ‍්ඣත‍්තං සුසමාහිතො.
272. ඒ මම අවයවයන් පිරිමැදගෙන යළිදු සක්මනට නැඟැ සක්මන්මළුයෙහි සක්මන් කෙළෙමි, ගෝචර සඞ්ඛ්‍යාත අධ්‍යාත්මයෙහි මොනොවට සමාහිත වූයෙම් ද වෙමි.
273. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ‍්ජථ, ආදීනවො පාතුරහු නිබ‍්බිදා සමතිට‍්ඨථ.
273. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහල වී, නිර්වේදඥානය එළැඹැ සිටියේ යැ.
274. තතො චිත‍්තං විමුච‍්චි මෙ පස‍්ස ධම‍්මසුධම‍්මතං, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසන’න‍්ති.
274. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල, (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුසසුන කරණ ලදැ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා භගුථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් භගුස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.