හාරිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
හාරිතත්ථෙරගාථාවණ්ණනා
හාරිත ස්ථවිරගාථා වර්ණනාව
යො පුබ්බෙ කරණීයානීති ආයස්මතො හාරිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො සත්ථරි පරිනිබ්බුතෙ තස්ස චිතකපූජාය කයිරමානාය ගන්ධෙන පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා හාරිතොති ලද්ධනාමො වයප්පත්තො ජාතිමානං නිස්සාය අඤ්ඤෙ වසලවාදෙන සමුදාචරති. සො භික්ඛූනං සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිතොපි චිරපරිචිතත්තා වසලසමුදාචාරං න විස්සජ්ජි. අථෙකදිවසං සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා සඤ්ජාතසංවෙගො විපස්සනං පට්ඨපෙත්වා අත්තනො චිත්තප්පවත්තිං උපපරික්ඛන්තො මානුද්ධච්චවිග්ගහිතතං දිස්වා තං පහාය විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.46.63-67) –
“යො පුබ්බෙ කරණීයානී” යනාදී ගාථා ආයුෂ්මත් හාරිත තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද සිටියහ. නුවණැති බවට පත් වූ ඒ සිටු කුමරු ශාස්තෲන්වහන්සේ පිරිනිවි කල්හි ඒ චිතකයට පූජා පවත්වමින් සුවඳ දුම් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර බමුණු පවුලක උපන්නේ ය. හාරිත නම් වූ ඒ බමුණු කුමරු වැඩිවියට පත්ව, ජාති මානයෙන් මත්ව සෙස්සන්ට “වසලයෝ” යැයි අමතමින් කල් ගත කළේය. හෙතෙම භික්ෂූන් සමීපයට ගොස් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබූ ශ්‍රද්ධා ඇතිව පසුකලෙක පැවිදි වුවත්, ඉතා දිගු කලක් පුරුදු වූ වසල වාදයෙන් ඇමතීමේ පුරුද්ද අත් නොහළේය. එක් දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයේදී ධර්ම ශ්‍රවණය කළ හාරිත තෙරණුවෝ, හටගත් සංවේග ඇතිව වහා සිත විදසුන් භාවනාවෙහි පිහිට වූහ. තම සිතේ පැවැත්ම පිළිබඳව පරීක්ෂා කර බලා මානයෙන් විසිරීගිය සිත හඳුනාගෙන ඊට නිග්‍රහ කරමින් එම සිතුවිලි බැහැර කර විදසුනෙහි සිත පිහිටුවා රහත් බවට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“චිතාසු කුරුමානාසු, නානාගන්ධෙ සමාහටෙ; පසන්නචිත්තො සුමනො, ගන්ධමුට්ඨිමපූජයිං.
“නොයෙක් සුවඳ ද්‍රව්‍යයන්ගෙන් චිතකය සාදනු ලබන කල්හි මම පහන් සිතින් ඉතා සතුටුව සුවඳ මිටක් පූජා කළෙමි.
“සතසහස්සිතො කප්පෙ, චිතකං යමපූජයිං; දුග්ගතිං නාභිජානාමි, චිතපූජායිදං ඵලං.
මීට කල්ප ලක්ෂයකට පෙරදී යම් චිතකයට සුවඳ ද්‍රව්‍ය පිදුවෙම් ද ඒ චිතක පූජාවේ විපාක වශයෙන් මම මේ දක්වාම දුගතියකට නොගියෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහා පන හුත්වා විමුත්තිසුඛං අනුභවන්තො “යො පුබ්බෙ කරණීයානී”තිආදිනා තීහි ගාථාහි භික්ඛූනං ඔවාදදානමුඛෙන අඤ්ඤං බ්යාකාසි. තාසං අත්ථො හෙට්ඨා වුත්තොයෙව.
රහත් බවට පත්වූ හාරිත තෙරණුවෝ විමුක්ති සුවය විඳින සේක්, භික්ෂූන්ට අවවාද දීම සඳහා “යො පුබ්බෙ කරණීයානි - පච්ඡා සො කාතුමිච්ඡතී” යනාදී ගාථා තුන වදාළහ. මෙම ගාථා සහ එහි අර්ථ විස්තරය ඉහතින් දැක්වූ බක්කුල තෙරුන් වහන්සේගේ (3.1.3) ගාථා අර්ථ වර්ණනාවේ සඳහන් වේ. මේ ගාථා දේශනා කිරීමත් සමගම හාරිත තෙරුන්ගේ රහත් බව ද ප්‍රකාශ විය.
හාරිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
හාරිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.