ගොතමත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ගොතමත්ථෙරගාථාවණ්ණනා
ගොතම ස්ථවිරගාථා වර්ණනාව
සංසරන්ති ආයස්මතො ගොතමත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි කරොන්තො සිඛිම්හි භගවති පරිනිබ්බුතෙ තස්ස චිතකං දෙවමනුස්සෙසු පූජෙන්තෙසු අට්ඨහි චම්පකපුප්ඵෙහි චිතකං පූජෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සක්යරාජකුලෙ නිබ්බත්තිත්වා ගොතමොති ගොත්තවසෙනෙව අභිලක්ඛිතනාමො වයප්පත්තො සත්ථු ඤාතිසමාගමෙ පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.47.6-10) –
“සංසරං” යනු ආයුෂ්මත් ගෝතම තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් කරමින් අවුත්; සිඛි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේගේ සෑයට දෙවිමිනිසුන් විසින් පූජා පවත්වනු දැක තමා ද සපුමල් අටකින් පූජා පැවැත්වූහ. ඒ පින්කමේ විපාක විඳිමින් දෙවි මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී ශාක්‍ය රජකුලයේ ඉපිද ගෝතම යැයි සෝත්‍ර වශයෙන් ලබන ලද නම් ඇතිව වැඩිවියට පත් විය. ශාස්තෲන් වහන්සේ කිඹුල්වතට වැඩම කළ ඤාති සමාගමයේදී ලැබූ ශ්‍රද්ධා ඇති ගෝතම කුමරු සසුනේ පැවිදිව, විදසුන් කමටහන් වඩනුයේ ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් විය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“ඣායමානස්ස භගවතො, සිඛිනො ලොකබන්ධුනො; අට්ඨ චම්පකපුප්ඵානි, චිතකං අභිරොපයිං.
“භාග්‍යවත් වූ ලෝකබන්‍ධු වූ සිඛි නම් බුදුරජාණන් දවනු ලබන චිතකයට සපුමල් අටකින් පූජා කළෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, චිතපූජායිදං ඵලං.
මීට කල්ප තිස් එකකට පෙර දී යම් මල් පූජාවක් කළෙම් ද ඒ මල් පූජාවේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා විමුත්තිසුඛෙන විහරන්තො එකදිවසං ඤාතකෙහි “කස්මා, භන්තෙ, අම්හෙ පහාය පබ්බජිතො”ති පුට්ඨො සංසාරෙ අත්තනා අනුභූතදුක්ඛඤ්චෙව ඉදානි අධිගතං නිබ්බානසුඛඤ්ච පකාසෙන්තො –
ෂඩ් අභිඥාලාභීව විමුක්ති සුවයෙන් වැඩවෙසෙන උන්වහන්සේගෙන් දිනක් නෑයෝ “ස්වාමීනි! කුමක් නිසා අප හැර දමා පැවිදිවූයෙහිද?”යි ඇසූහ. සසර දී තමා අත්විඳි සියලු දුක්ඛ දෝමනස්සයන් ද දැන් විඳින නිවන්සුවය ද ප්‍රකාශ කරන උන්වහන්සේ මේ ගාථා තුනෙන් ඔවුන්ට දහම් දෙසූහ.
“සංසරඤ්හි නිරයං අගච්ඡිස්සං, පෙතලොකමගමං පුනප්පුනං; දුක්ඛමම්හිපි තිරච්ඡානයොනියං, නෙකධා හි වුසිතං චිරං මයා.
1. “සංසරං හි නිරයං අගඤ්ඡිස්සං, පෙතලොකමගමං පුනප්පුනං, දුක්ඛමම්හි පි තිරච්ඡානයොනියං, නෙකධා වුසිතං චිරං මයා”
“මානුසොපි ච භවොභිරාධිතො, සග්ගකායමගමං සකිං සකිං; රූපධාතුසු අරූපධාතුසු, නෙවසඤ්ඤිසු අසඤ්ඤිසුට්ඨිතං.
2. මානුසොපි ච භවො භිරාධිතො, සග්ගකාය මගමං සකිං සකිං, රූප ධාතු සු අරූපධාතුසු, නෙව සඤ්ඤීසු අසඤ්ඤීසු ඨිතං”
“සම්භවා සුවිදිතා අසාරකා, සඞ්ඛතා පචලිතා සදෙරිතා; තං විදිත්වා මහමහත්තසම්භවං, සන්තිමෙව සතිමා සමජ්ඣග”න්ති. –
3. සම්භවා සුවිදිතා අසාරකා, සංඛතා පචලිතා සදෙරිතා, තං විදිත්වා මහ මතුත සම්භවං, සන්තිමෙව සතිමා සමජ්ඣගං” තී.
තීහි ගාථාහි තෙසං ධම්මං දෙසෙසි.
තත්ථ සංසරන්ති අනාදිමති සංසාරෙ සංසරන්තො කම්මකිලෙසෙහි පඤ්චසු ගතීසු චවනුපපාතවසෙන අපරාපරං සංසරන්තොති අත්ථො. හීති නිපාතමත්තං. නිරයං අගච්ඡිස්සන්ති සඤ්ජීවාදිකං අට්ඨවිධං මහානිරයං, කුක්කුළාදිකං සොළසවිධං උස්සදනිරයඤ්ච පටිසන්ධිවසෙන උපගච්ඡිං . “පුනප්පුන”න්ති ඉදං ඉධාපි ආනෙතබ්බං . පෙතලොකන්ති පෙත්තිවිසයං, ඛුප්පිපාසාදිභෙදං පෙතත්තභාවන්ති අත්ථො. අගමන්ති පටිසන්ධිවසෙන උපගච්ඡිං උපපජ්ජිං. පුනප්පුනන්ති අපරාපරං. දුක්ඛමම්හිපීති අඤ්ඤමඤ්ඤං තිඛිණකසාපතොදාභිඝාතාදිදුක්ඛෙහි දුස්සහායපි. ලිඞ්ගවිපල්ලාසෙන හෙතං වුත්තං “දුක්ඛමම්හිපී”ති. තිරච්ඡානයොනියන්ති මිගපක්ඛිආදිභෙදාය තිරච්ඡානයොනියං. නෙකධා හීති ඔට්ඨගොණගද්රභාදිවසෙන චෙව කාකබලාකකුලලාදිවසෙන ච අනෙකප්පකාරං අනෙකවාරඤ්ච චිරං දීඝමද්ධානං මයා වුසිතං නිච්චං උත්රස්තමානසතාදිවසෙන දුක්ඛං අනුභූතං. තිරච්ඡානයොනියං නිබ්බත්තසත්තො මහාමූළ්හතාය චිරතරං තත්ථෙව අපරාපරං පරිවත්තතීති දස්සනත්ථං ඉධ “චිර”න්ති වුත්තං.
එහි “සංසරං” යනු අනාදිමත් සංසාරයෙහි සැරිසරමින් කර්ම ක්ලේශයන් නිසා පංචගතීන්හි මැරි මැරී ඉපදීම් වශයෙන් ඒ ඒ භවයෙහි සැරි සරන්නේ යන අර්ථයයි. “හී” යනු නිපාතයක් පමණි. “නිරයං අගඤ්ඡිස්සං” සංජීවකාදි අට වැදෑරුම් මහා නිරයන්හි ද කුක්කුලාදී සොළොස් (16) වැදෑරුම් උස්සද නිරයන්හි පිළිසිඳ ගැනීම් වශයෙන් උපන්නෙමි. ගියෙමි. “පුනප්පුනං” නැවත නැවත යන මේ පදය සෙසු ප්රකාශයන්ට ද යෙදිය යුතුයි. “පෙතලොකං” ප්‍රේත විෂය, සා පිපාසාදී භේද ඇති ප්‍රේත භාවය යන අර්ථය යි. “අගමං” පිළිසිඳ ගැනීම් වශයෙන් ප්‍රේත ලෝකයට ගියෙමි. පැමිණියෙමි. “පුනප්පුනං” නැවත නැවත ඒ ඒ භවයෙහිදී “දුක්ඛමම්හිපී” ඔවුනොවුන් තියුණු කස, කෙවිටි ආදියෙන් තැලීමෙන් - ගැසීමෙන් ඇති වූ ඉවසිය නොහැකි දුකින්, ලිංග විපර්යාසයෙන්ම දුකින් යුක්ත වූයෙමි. “තිරච්ඡාන යොනියා” මුව-පක්ෂි ආදී ප්‍රභේද ඇති තිරිසන් යෝනියෙහි. “නෙක්ධාහි” ඔටු, ගෝත්‍ර, කොටළු ආදී වශයෙන් ද කපුටු, කෙකිණි, උකුසා ආදී වශයෙන් වූ ද නොයෙක් තිරිසන් ආත්මභවයන්හි නොයෙක් වර ඉතා දිගුකලක් ඉපිද මැරෙමින් විසුවෙමි. එසේ උපන් මම තැතිගැනීම්-බියවීම් ආදී වශයෙන් නේකදුක් වින්දෙමි. තිරිසන් යෝනියෙහි උපන් සත්ත්වයෝ මහත් මුලාවට පැමිණෙන බැවින් බොහෝ කාලයක් එහිම නැවත නැවත ඉපිද මැරෙමින් සිටින බව දැක්වීමට මෙහි “චිරං” යන්න දැක්විණි.
මානුසොපි ච භවොභිරාධිතොති මනුස්සත්තභාවොපි මයා තාදිසෙන කුසලකම්මුනා සමවායෙන අභිරාධිතො සාධිතො අධිගතො. කාණකච්ඡපොපමසුත්තමෙත්ථ (ම· නි· 3.252; සං· නි· 5.1117) උදාහරිතබ්බං. සග්ගකායමගමං සකිං සකින්ති සග්ගගතිසඞ්ඛාතං කාමාවචරදෙවකායං සකිං සකිං කදාචි කදාචි උපපජ්ජනවසෙන අගච්ඡිං. රූපධාතුසූති පුථුජ්ජනභවග්ගපරියොසානෙසු රූපභවෙසු අරූපධාතුසූති අරූපභවෙසු. නෙවසඤ්ඤිසු අසඤ්ඤිසුට්ඨිතන්ති රූපාරූපධාතූසු ච න කෙවලං සඤ්ඤීසු එව, අථ ඛො නෙවසඤ්ඤීනාසඤ්ඤීසු අසඤ්ඤීසු ච උපපජ්ජ ඨිතං මයාති ආනෙත්වා යොජෙතබ්බං. නෙවසඤ්ඤිග්ගහණෙන හෙත්ථ නෙවසඤ්ඤීනාසඤ්ඤීභවො ගහිතො. යදිපිමෙ ද්වෙ භවා රූපාරූපධාතුග්ගහණෙනෙව ගය්හන්ති, යෙ පන ඉතො බාහිරකා තත්ථ නිච්චසඤ්ඤිනො භවවිමොක්ඛසඤ්ඤිනො ච, තෙසං තස්සා සඤ්ඤාය මිච්ඡාභාවදස්සනත්ථං විසුං ගහිතාති දට්ඨබ්බං.
“මානුසොපි ච භවොභිරාධිතො” මවිසින් මනුෂ්‍යාත්ම භාවයන් ද ඊට සුදුසු වූ කුසල කර්මයන්ගේ එකතුවීමෙන් ලබන ලද්දෙමි. මිනිස් බවට පැමිණියෙමි. මෙහිදී කාණකච්ඡූපම සූත්‍රය (කණ කැස්බෑ උපමා සූත්‍රය) ගෙනහැර දැක්විය යුතුයි. “සග්ගකාය මගමං සකිං සකිං” ස්වර්ග නම් වූ කාමාවචර දේව ලෝකවලට ද වරින්වර ඉපදීම් වශයෙන් ගියෙමි. “රූපධාතුසු” පුහුදුන් භවයන්හි කෙළවර, අවසානයේ වූ රූප භවයන්හිද “අරූපධාතුසු” අරූප භවයන්හිද “නෙවසඤ්ඤීසු අසඤ්ඤීසු ඨිතං” හුදෙක් රූපාරූපාදී සංඥා භවයන්හි පමණක් නොව නේවසංඥාසංඥික භවයෙහිද අසංඥ භවයෙහි ද ඉපදුනෙමි. “ඒවායෙහි ද මම සිටියෙමි”යි අර්ථ ගත යුතුයි. මෙහි නේවසංඥායතනය ගැනීමෙන් නේවසංඥීනාසංඥී භවය ගන්නා ලදි. ඉදින් මෙම භව දෙකද රූපාරූප භවයන්ට ම අදාළ වුවත්, මේ සසුනින් බැහැර වූ දර්ශනවාදයන්හි නිත්‍ය සංඥීහු ද භවවිමෝක්ෂ සංඥීහු ද ඇති බැවින් ඔවුන්ගේ ඒ සංඥාවේ වැරදි (සාවද්‍ය) බව දැක්වීමට මෙසේ වෙන වෙනම සංඥී, අසංඥී භව දක්වන ලදැයි දත යුතුයි. මෙසේ මුල් ගාථා දෙකින් භව මූල හේතූන් මුලිනුපුටා නොදැමූ බැවින් අනාදිමත් සංසාරයෙහි තමා විඳි සසර දුක් සමූහය දක්වා, දැන් ඒ භවමූල හේතුන් මුලිනුපුටා දැමීමෙන් තමා විඳින සසරින් මිදීමේ නිවන් සුවය දක්වමින් මේ “සම්භවා” යන තෙවන ගාථාව වදාළහ.
එවං ද්වීහි ගාථාහි භවමූලස්ස අනුපච්ඡින්නත්තා අනාදිමති සංසාරෙ අත්තනො වට්ටදුක්ඛානුභවං දස්සෙත්වා ඉදානි තදුපච්ඡෙදෙන විවට්ටසුඛානුභවං දස්සෙන්තො “සම්භවා”තිආදිනා තතියං ගාථමාහ. තත්ථ සම්භවාති භවා. කාමභවාදයො එව හි හෙතුපච්චයසමවායෙන භවන්තීති ඉධ සම්භවාති වුත්තා. සුවිදිතාති විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය සුට්ඨු විදිතා. අසාරකාතිආදි තෙසං විදිතාකාරදස්සනං. තත්ථ අසාරකාති නිච්චසාරාදිසාරරහිතා. සඞ්ඛතාති සමෙච්ච සම්භුය්ය පච්චයෙහි කතා. පචලිතාති සඞ්ඛතත්තා එව උප්පාදජරාදීහි පකාරතො චලිතා අනවට්ඨිතා. සදෙරිතාති සදා සබ්බකාලං භඞ්ගෙන එරිතා, ඉත්තරා භඞ්ගගාමිනො පභඞ්ගුනොති අත්ථො. තං විදිත්වා මහමත්තසම්භවන්ති තං යථාවුත්තං සඞ්ඛතසභාවං අත්තසම්භවං අත්තනි සම්භූතං අත්තායත්තං ඉස්සරාදිවසෙන අපරායත්තං පරිඤ්ඤාභිසමයවසෙන අහං විදිත්වා තප්පටිපක්ඛභූතං සන්තිමෙව නිබ්බානමෙව මග්ගපඤ්ඤාසතියා සතිමා හුත්වා සමජ්ඣගං අධිගච්ඡිං අරියමග්ගභාවනාය අනුප්පත්තොති. එවං ථෙරො ඤාතකානං ධම්මදෙසනාමුඛෙන අඤ්ඤං බ්යාකාසි.
එහි “සම්භවා” කාම භවාදියෙහි ම. හේතු ප්‍රත්‍ය සමවායෙන් (එතුවීමෙන්) හටගන්නා බැවින් මෙහිදී කාම භවාදිය සම්භවයෝ යැයි කියන ලදි. “සුවිදිතා” යනු විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත මාර්ග ප්‍රඥාවෙන් මනාව දැනගත්. “අසාරකා” ආදී වශයෙන් සංසාර භවයන් පිළිබඳ දැනගත් ස්වභාවයන් දක්වයි. එහි “අසාරකා” යනු නිත්‍ය වූ සාර වූ ස්වභාවයෙන් දුරු වූ - අසාර වූ (හරයක් නැති) “සංඛතා” හේතු ප්‍රත්‍ය සමවායෙන් (එක්වීමෙන්) කරන ලද්දා වූ. “පචලිතා” සංඛත වූ බැවින් ම ඉපදෙන දිරායන ස්වභාවය නිසා සෙලවෙන, අස්ථිර වූ. “සදෙරිතා” සැම කල්හිම කැඩී බිඳී යන බැවින්, ස්වල්ප වශයෙන් භංගයට පත්වන බැවින් පභංගුර වූ - කම්පිත වූ යන අර්ථයයි. “තං විදිත්වා මහමත්තසම්භවං” ඉහතින් කියන ලද පරිදි සංඛ්‍යා ස්වභාවයෙන් යුතු තමාට ලැබුණු, තමා කෙරෙහි හටගත්, තමා අයත් වූ ආත්මභාවය පිළිබඳව ඉසුරු බව, ප්‍රධානත්වය දැක්වීම් වශයෙන් ද අනුන් අයත් ආත්මභාව පිළිබඳව පිරිසිඳ දැනගැනීම් වශයෙන් ද මම මනාව දැනගෙන, ඊට විරුද්ධ වූ ශාන්ත වූ නිවණටම මාර්ග ප්‍රඥාවෙන් සිහි ඇතිව පැමිණියෙමි. නිවන අවබෝධ කළෙමි. ආර්ය මාර්ග භාවනාවෙන් (වැඩීමෙන්) නිවණට පැමිණියෙමි. මෙසේ ගෝතම තෙරණුවෝ සිය ඤාතීන්හට ධර්මදේශනා කරමින් ම සිය රහත් බව ප්‍රකාශ කළ සේක.
ගොතමත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ගෝතම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.