යෙදුමෙන් කියවන්න

ගොතමත්‍ථෙරගාථා

3. 1. 14.

3. 1. 14.

258. සංසරං හි නිරයං අගච‍්ඡිසං පෙතලොකමගමං පුනප‍්පුනං, දුක‍්ඛමම‍්හි පි තිරච‍්ඡානයොනියං නෙකධා හි වුසිතං චිරං මයා.

258. සසරැ සැරිසරන්නෙම් පුනපුනා නිරයට ගියෙමි, ප්‍රේතලෝකයට ගියෙමි, ඉවසිය නො හෙන්නා වූ තිරිසන් යොන්හි දු මා නොයෙක් අයුරින් බොහෝ කල් විසූවිරූ යැ.

259. මානුසො පි ච භවොභිරාධිතො සග‍්ගකායමගමං සකිං සකිං, රූපධාතුසු අරූපධාතුසු නෙවසඤ‍්ඤිසු අසඤ‍්ඤීසුට‍්ඨිතං.

259. (මා විසින්) මිනිසත් බව ද ලබනලද (මම) කාමාචවරදිව්‍යකායට ද වරින් වරැ ගියෙමි, (මා) රූපභවයෙහි අරූපභවයෙහි නෛවසංඥනාසංඥාභවයෙහි අසංඥභවයෙහි සිටිවිරූ යැ.

260. සම‍්භවා සුවිදිතා අසාරකා සඞ‍්ඛතා පචලිතා සදෙරිතා, තං විදිත්‍වා මහමත‍්තසම‍්භවං, සන‍්තිමෙව සතිමා සමජ‍්ඣග’න‍්ති.

260. (මා විසින්) අසාර වූ සංඛත (ප්‍රත්‍යයසමවාය විසින් කරන ලද) වූ අස්ථිර වූ හැම කල්හි කම්පිත (භඞ්ගුර) වූ කාමභවාදී සම්භවයෝ මොනොවට දන්නාලදහ. මම අධ්‍යාත්මයෙහි උපන් ඒ සඞ්ඛතයාගේ ස්වභාවය දැනගෙන (මාර්‍ගප්‍රඥාස්මෘතියෙන්) සිහි ඇතියෙම් නිවනට මැ පැමිණියෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගොතමො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් ගොතම ස්ථවිරයන් වහන්සේ ...

ගොතමත්‍ථෙරගාථා.

ගොතම ස්ථවිරගාථා යි.