යෙදුමෙන් කියවන්න

සම‍්භූතත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සම‍්භූතත්‍ථෙරගාථාවණ‍්ණනා

සම්භූත ස්ථවිරගාථා වර්ණනාව

යො දන්‍ධකාලෙතිආදිකා ආයස‍්මතො සම‍්භූතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො බුද‍්ධසුඤ‍්ඤෙ ලොකෙ චන්‍දභාගාය නදියා තීරෙ කින‍්නරයොනියං නිබ‍්බත‍්තො. එකදිවසං අඤ‍්ඤතරං පච‍්චෙකබුද‍්ධං දිස‍්වා පසන‍්නමානසො වන්‍දිත්‍වා කතඤ‍්ජලී අජ‍්ජුනපුප‍්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා සම‍්භූතොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො භගවතො පරිනිබ‍්බානස‍්ස පච‍්ඡා ධම‍්මභණ‍්ඩාගාරිකස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.52.28-36) –

“යො දන්‍ධ කාලෙ” යන ගාථා සතර ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත්, බුදුවරුන්ගෙන් ලෝකය ශූන්‍ය වූ කාලයක චන්‍ද්‍රභාගා නම් නදී තෙර කිඳුරු යෝනියේ ඉපිද, දිනක් එක් පසේ බුදුවරයකු දැක සිත් පහදවාගෙන. උන්වහන්සේට වැඳ ඇඳිලි බැඳගෙන කුඹුක් මලින් පූජා කළහ. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සිටුගෙයක සම්භූත නමින් ඉපිද වැඩිවියට පැමිණියේය. අප භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවණින් පසුව ධර්මභාණ්ඩාගාරික මහ තෙරුන්ගේ ධර්ම දේශනාවක් ඇසූ සම්භූත; ඉන් උපන් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ වෙත පැවිදිව, මහණදම් පුරා විදසුනෙහි සිත පිහිටුවා රහත් විය. අපදාන පාළියේදී සම්භූත තෙරණුවෝ මෙසේ වදාළහ.

“චන්‍දභාගානදීතීරෙ, අහොසිං කින‍්නරො තදා; අද‍්දසං විරජං බුද‍්ධං, සයම‍්භුං අපරාජිතං.

“එකල චන්‍ද්‍රභාගා නදීතෙර කිඳුරෙක්ව උපන් මම කෙලෙස් රජස් විරහිත සියල්ල තමාම දැනගත් පස්මරුන් දිනූ බුදුරදුන් දුටුවෙමි.

“පසන‍්නචිත‍්තො සුමනො, වෙදජාතො කතඤ‍්ජලී; ගහෙත්‍වා අජ‍්ජුනං පුප‍්ඵං, සයම‍්භුං අභිපූජයිං.

පහන් සිත් ඇති මම සතුටුව හටගත් ප්‍රීති ඇතිව බැඳැදිලිව කුඹුක් මල් ගෙන බුදුරදුන්ට පිදුවෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා කින‍්නරං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

මැනවින් කළ ඒ කුසල කර්මයෙන් හා චිත්ත ප්‍රණිධියෙන් මම තව්තිසාවේ උපන්නෙමි.

“ඡත‍්තිසක‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජමකාරයිං; දසක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී, මහාරජ‍්ජමකාරයිං.

ශක්‍ර දේවේන්ද්‍රව තිස් හයවරක් දෙව් රජය කළෙමි. දස වරක් සක්විති රජව උපන්නෙමි.

“පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං; සුඛෙත‍්තෙ වප‍්පිතං බීජං, සයම‍්භුම‍්හි අහො මම.

මා ලැබූ ප්‍රදේශ රාජ සම්පත් ගණන් කළ නොහැක. ස්වයම්භූ වූ ඒ මහා පින්කෙතේ වපුල බිජුවටෙහි ඵල මහත් අසිරිමත් විය.

“කුසලං විජ‍්ජතෙ මය‍්හං, පබ‍්බජිං අනගාරියං; පූජාරහො අහං අජ‍්ජ, සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

මාගේ ඒ කුශලය තවමත් විද්‍යමානවේ. අනගාරී නම් පැවිද්දට පැමිණි මම අද ශාක්‍ය පුත්‍ර වූ බුදුරදුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා විමුත‍්තිසුඛෙන විහරන‍්තො වස‍්සසතපරිනිබ‍්බුතෙ භගවති වෙසාලිකෙසු වජ‍්ජිපුත‍්තකෙසු දස වත්‍ථූනි පග‍්ගය‍්හ ඨිතෙසු කාකණ‍්ඩකපුත‍්තෙන යසත්‍ථෙරෙන උස‍්සාහිතෙහි සත‍්තසතෙහි ඛීණාසවෙහි තං දිට‍්ඨිං භින්‍දිත්‍වා සද‍්ධම‍්මං පග‍්ගණ‍්හන‍්තෙහි ධම‍්මවිනයසඞ‍්ගහෙ කතෙ තෙසං වජ‍්ජිපුත‍්තකානං උද‍්ධම‍්මඋබ‍්බිනයදීපනෙ ධම‍්මසංවෙගෙන ථෙරො –

රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් විසූ සම්භූත තෙරණුවෝ; සම්බුදු පිරිනිවණින් වසර සීයක් ඉක්ම ගිය තැන විශාලාවේ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස වස්තුව කාකණ්ඩපුත්ත යස මහ රහතන් වහන්සේ සමග එක්ව බිඳ දැමූහ. යස තෙරුන්ගේ මූලිකත්වය ලැබූ හත්සීයක් මහ රහතන් වහන්සේලා ඒ මිථ්‍යා මත බිඳ දමා සද්ධර්මය බබුළුවමින් ධර්ම විනය සංගායනා කළහ. ඒ වජ්ජිපුත්තක භික්‍ෂූන්ගේ ධර්ම විනයට විරුද්ධ වූ දස වස්තුක ඉගැන්වීම අසා ධර්ම සංවේගයට පත් සම්භූත තෙරණුවෝ මේ ගාථා සතර වදාරමින් තම රහත්භාවය ප්‍රකාශ කළහ.

“යො දන්‍ධකාලෙ තරති, තරණීයෙ ච දන්‍ධයෙ; අයොනිසංවිධානෙන, බාලො දුක‍්ඛං නිගච‍්ඡති.

“යො දන්‍ධ කාලෙ තරතී තරණීයෙ ච දන්‍ධයෙ, අයොනි සංවිධානෙන බාලො දුක්ඛං නිගච්ඡතී”

“තස‍්සත්‍ථා පරිහායන‍්ති, කාළපක‍්ඛෙව චන්‍දිමා; ආයසක්‍යඤ‍්ච පප‍්පොති, මිත‍්තෙහි ච විරුජ‍්ඣති.

“තස්සත්‍ථා පරිහායන්තී කාලපක්ඛෙව චන්‍දිමා, ආයසස්‍යඤ්ච පප්පොති මිත්තෙහි ච විරුජ්ඣතීති.”

“යො දන්‍ධකාලෙ දන්‍ධෙති, තරණීයෙ ච තාරයෙ; යොනිසො සංවිධානෙන, සුඛං පප‍්පොති පණ‍්ඩිතො.

“යො දන්‍ධකාලෙ දන්‍ධෙති තරණියෙච තාරයෙ, යොනිසො සංවිධානෙන සුඛං පාප්පොති පණ්ඩිතො”

“තස‍්සත්‍ථා පරිපූරෙන‍්ති, සුක‍්කපක‍්ඛෙව චන්‍දිමා; යසො කිත‍්තිඤ‍්ච පප‍්පොති, මිත‍්තෙහි න විරුජ‍්ඣතී”ති. –

“තස්සත්‍ථා පරිපූරෙන්තී සුක්ඛපක්ඛෙව චන්‍දිමා, යසොකිතත්තිඤ්ච පප්පොතී මිත්තෙහි න විරුජ්ඣතී”

ඉමා ගාථා භණන‍්තො අඤ‍්ඤං බ්‍යාකාසි.

තත්‍ථ යො දන්‍ධකාලෙ තරතීති කිස‍්මිඤ‍්චි කත‍්තබ‍්බවත්‍ථුස‍්මිං – “කප‍්පති නු ඛො, න නු ඛො කප‍්පතී”ති විනයකුක‍්කුච‍්චෙ උප‍්පන‍්නෙ යාව වියත‍්තං විනයධරං පුච‍්ඡිත්‍වා තං කුක‍්කුච‍්චං න විනොදෙති, තාව දන්‍ධකාලෙ තස‍්ස කිච‍්චස‍්ස දන්‍ධායිතබ‍්බසමයෙ තරති මද‍්දිත්‍වා වීතික‍්කමං කරොති. තරණීයෙ ච දන්‍ධයෙති ගහට‍්ඨස‍්ස තාව සරණගමනසීලසමාදානාදිකෙ, පබ‍්බජිතස‍්ස වත‍්තපටිවත‍්තකරණාදිකෙ සමථවිපස‍්සනානුයොගෙ ච තරිතබ‍්බෙ සම‍්පත‍්තෙ සීඝං තං කිච‍්චං අනනුයුඤ‍්ජිත්‍වා – “ආගමනමාසෙ පක‍්ඛෙ වා කරිස‍්සාමී”ති දන්‍ධායෙය්‍ය, තං කිච‍්චං අකරොන‍්තොව කාලං වීතිනාමෙය්‍ය. අයොනිසංවිධානෙනාති එවං දන්‍ධායිතබ‍්බෙ තරන‍්තො තරිතබ‍්බෙ ච දන්‍ධායන‍්තො අනුපායසංවිධානෙන උපායසංවිධානාභාවෙන බාලො, මන්‍දබුද‍්ධිකො පුග‍්ගලො, සම‍්පති ආයතිඤ‍්ච දුක‍්ඛං අනත්‍ථං පාපුණාති.

එහි “යො දන්‍ධකාලෙ තරතී” කිසිවකුට කළයුතු කටයුත්තක් පිළිබඳව “මෙය කැපවේද, අකැපවේද?”යි විනය පිළිබඳ කුකුස් උපන් කල්හි එය ව්‍යක්ත විනයධර තෙරනමකගෙන් විමසා කුකුස් අත්නොහැර ගනියි ද ඉක්මන් නොවී, එම කටයුතු පිළිබඳව නොවිමසා, පමාවිය යුතු අවස්ථාවෙහි ඒ ගැන ඇල්ම මැඩ වේගවත්ව කල්යවයි ද “තරණීයෙ ච දන්‍ධයෙ” ගිහියන්ගේ සරණාගමන සීල සමාදානාදියේ ද පැවිද්දන්ගේ වත්පිළිවෙත් පිරීම්, සමථ විදර්ශනා භාවනාවන්හි හැසිරිය යුතු, පැමිණිය යුතු, අවස්ථාවේ වහා එය නොකර; අනාගත මාසයේ හෝ පක්‍ෂයේ හෝ කරන්නෙමියි පමාවේද, ඒ වහා කළයුතු කටයුත්ත නොකරමින් කල් යවයිද. “අයොනි සංවිධානෙන” මෙසේ පමා වී, ඉවසා සිටිය යුතු කටයුත්තෙහි වේගවත්ව ද වහ වහා කළයුතු කටයුත්තෙහි පමාවෙමින් ද උපාය රහිතව. අයපත් සංවිධානයන්ගෙන් බැහැරව ක්‍රියා කරන බාල අව්‍යක්ත මන්ද බුද්ධික පුද්ගලයා සම්පත් විරහිතව, මතු දුකට අනර්ථයට පත් වෙයි.

තස‍්සත්‍ථා පරිහායන‍්තීති තස‍්ස තථාරූපස‍්ස පුග‍්ගලස‍්ස දිට‍්ඨධම‍්මිකාදිභෙදා අත්‍ථා කාළපක‍්ඛෙ චන්‍දිමා විය, පරිහායන‍්ති දිවසෙ දිවසෙ පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡන‍්ති. “අසුකො පුග‍්ගලො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො කුසීතො හීනවීරියො”තිආදිනා. ආයසක්‍යං විඤ‍්ඤූහි ගරහිතබ‍්බතං පප‍්පොති පාපුණාති. මිත‍්තෙහි ච විරුජ‍්ඣතීති “එවං පටිපජ‍්ජ, මා එවං පටිපජ‍්ජා”ති ඔවාදදායකෙහි කල්‍යාණමිත‍්තෙහි “අවචනීයා මය”න‍්ති ඔවාදස‍්ස අනාදානෙනෙව විරුද‍්ධො නාම හොති.

“තස්සත්‍ථා පරිහායන්ති”, මෙබඳු වූ පුද්ගලයාගේ මෙලොව, පරලොව ආදී භේද ඇති අර්ථයෙන් අව පස සඳ මෙන් පිරිහී යති. දිනපතා ඔහුගේ සම්පත් ක්‍ෂය වේ. වැනසීමට යයි. එසේම “අසුවල් පුද්ගලයා ශ්‍රද්ධාව නැත්තෙකි. ප්‍රසන්න නොවූවෙකි. කුසීතයෙකි. හීන වූ වීර්ය ඇත්තෙකි.” යනුවෙන් නුවණැත්තන්ගේ අපකීර්තියට, ගැරහුමට ලක්වෙයි. පැමිණෙයි. “මිත්තෙහි ච විරුජ්ඣතී”, “මෙසේ ක්‍රියා කරන්න. මෙසේ ක්‍රියා නොකරන්න” යි අවවාද දෙන කළණ මිතුරන් විසින් මා බැහැර කරනු ලබයි. අවවාද නොදෙන කල්හි එය මිතුරන්ගේ විරුද්ධවීමක් ද වේ.

සෙසගාථාද‍්වයස‍්ස වුත‍්තවිපරියායෙන අත්‍ථො වෙදිතබ‍්බො. කෙචි පනෙත්‍ථ – “තරති දන්‍ධයෙ”තිපදානං අත්‍ථභාවෙන භාවනාචිත‍්තස‍්ස පග‍්ගහනිග‍්ගහෙ උද‍්ධරන‍්ති. තං පච‍්ඡිමගාථාසු යුජ‍්ජති. පුරිමා හි ද‍්වෙ ගාථා පබ‍්බජිතකාලතො පට‍්ඨාය චරිතබ‍්බං සමණධම‍්මං අකත්‍වා කුක‍්කුච‍්චපකතතාය දස වත්‍ථූනි දීපෙත්‍වා සඞ‍්ඝෙන නික‍්කඩ‍්ඪිතෙ වජ‍්ජිපුත‍්තකෙ සන්‍ධාය ථෙරෙන වුත‍්තා. පච‍්ඡිමා පන අත‍්තසදිසෙ සම‍්මා පටිපන‍්නෙ සකත්‍ථං නිප‍්ඵාදෙත්‍වා ඨිතෙති.

මෙසේ දැක්වූ පරිදිම ඉතිරි ගාථා දෙකෙහි අර්ථ ද දත යුතුයි. ඇතැමෙක් මෙහිදී “තරති දන්‍ධයෙ” යන පදයන්ගේ අර්ථයෙන් භාවනා නිමිත්ත ඔසවා තබා ගැනීම හා ඊට නිග්‍රහ කිරීම යන අර්ථ ගෙනහැර දක්වති. එය අවසන් ගාථා දෙකට ගැලපේ. මුල් ගාථා දෙකින් “පැවිදි දින පටන් සපුරාගත යුතු මහණකම් නොසපුරා, කුකුස් කරමින් දස වස්තුවක් දක්වා සංඝයාගෙන් බැහැර වූ, නෙරපා දැමුණු වජ්ජිපුත්තක භික්‍ෂූන්ට “චෝදනා කරයි. ඒ සඳහා මුල් ගාථා දෙක වදාළහ. අවසන් ගාථා දෙකින් තමන් වහන්සේ වැනි වූ යහපත් පිළිවෙත් සපුරා ස්වාර්ථ සාධනය සිදුකරගත් ආර්යයන් පිළිබඳව කියැවේ.

සම‍්භූතත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්භූත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.