යෙදුමෙන් කියවන්න

ධම‍්මිකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ධම‍්මිකත්‍ථෙරගාථාවණ‍්ණනා

ධම්මික ස්ථවිරගාථා වර්ණනාව

ධම‍්මො හවෙතිආදිකා ආයස‍්මතො ධම‍්මිකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ මිගලුද‍්දකො හුත්‍වා එකදිවසං අරඤ‍්ඤායතනෙ දෙවපරිසාය සත්‍ථු ධම‍්මං දෙසෙන‍්තස‍්ස “ධම‍්මො එසො වුච‍්චතී”ති දෙසනාය නිමිත‍්තං ගණ‍්හි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා ධම‍්මිකොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො ජෙතවනපටිග‍්ගහණෙ ලද‍්ධප‍්පසාදො පබ‍්බජිත්‍වා අඤ‍්ඤතරස‍්මිං ගාමකාවාසෙ ආවාසිකො හුත්‍වා විහරන‍්තො ආගන‍්තුකානං භික‍්ඛූනං වත‍්තාවත‍්තෙසු උජ‍්ඣානබහුලො අක‍්ඛමො අහොසි. තෙන භික‍්ඛූ තං විහාරං ඡඩ‍්ඩෙත්‍වා පක‍්කමිංසු. සො එකකොව අහොසි. විහාරසාමිකො උපාසකො තං කාරණං සුත්‍වා භගවතො තං පවත‍්තිං ආරොචෙසි. සත්‍ථා තං භික‍්ඛුං පක‍්කොසෙත්‍වා තමත්‍ථං පුච‍්ඡිත්‍වා තෙන “එවං, භන‍්තෙ”ති වුත‍්තෙ – “නායං ඉදානෙව අක‍්ඛමො, පුබ‍්බෙපි අක‍්ඛමො අහොසී”ති වත්‍වා භික‍්ඛූහි යාචිතො රුක‍්ඛධම‍්මං (ජා· 1.1.74) කථෙත්‍වා උපරි තස‍්ස ඔවාදං දෙන‍්තො –

“ධම්මො හවෙ” යනු ආයුෂ්මත් ධම්මික තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් කෙරෙහි තැබූ ප්‍රාර්ථනා මහිම ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් “සිඛි” නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ මුව වැද්දෙක්ව උපන්හ. දිනක් ශාස්තෲන් වහන්සේ ආරණ්‍යයේ වෙසෙමින් දෙව්පිරිසකට දහම් දෙසනු දුටු මේ වැදි පුරුෂයා “මෙතෙම ධර්ම දේශනා කරන්නේය” යනුවෙන් දහම් දෙසුම පිළිබඳව සිත පහදවා ගත්තේය. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව්-මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු පවුලක ඉපිද ධම්මික නමින් ප්‍රකටව වැඩිවියට පත්විය. අප තථාගතයන් වහන්සේ ජේතවනාරාමය පිළිගත් උත්සවශ්‍රීය දැකීමෙන් පහන් සිත් ඇතිව ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වූ ඔහු එක්තරා ග්‍රාමවාසියෙකුව ගමක වූ ආවාසයක විසීය. ධම්මික හිමියන් ආගන්තුක භික්‍ෂූන්ගේ වතාවත් කිරීමෙහි දොස් පවසමින් උන්වහන්සේලාට බණිමින් කල් යැවූ නිසා ඒ භික්‍ෂූහු විහාරය හැර දමා ගියහ. උන්වහන්සේ තනිවම එහි විසූහ. විහාරය කරවා දුන් උපාසකයා එකරුණ අසා භාග්‍යවතුන් වහන්සේට එපුවත දැන්වීය. ශාස්තෲන් වහන්සේ ධම්මික හිමියන් කැඳවා, මෙය සත්‍යද?යි විමසූහ. “එසේය ස්වාමීනි!යි වරද පිළිගත් කල්හි තථාගතයෝ, “මොහු අනුන්ට දොස් කියන්නෙකු වූයේ දැන් පමණක් නොව පෙරත් එසේම වීය”යි වදාරා භික්‍ෂූන්ගේ ඇරයුම අනුව රුක්ඛධම්ම ජාතකය දේශනා කළ සේක්. ධම්මික හිමියන්ට අවවාද කරමින් මේ සතර ගාථා වදාළහ.

“ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං, ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාති; එසානිසංසො ධම‍්මෙ සුචිණ‍්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී.

“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි ධම්මො සුචිණ්ණෙ සුඛමාවහාති, එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි”

“න හි ධම‍්මො අධම‍්මො ච, උභො සමවිපාකිනො; අධම‍්මො නිරයං නෙති, ධම‍්මො පාපෙති සුග‍්ගතිං.

“නහි ධම්මො අධම්මොච උභො සම විපාකිනො, අධම්මො නිරයං නෙති, ධම්මො පාපෙති සුග්ගතිං”

“තස‍්මා හි ධම‍්මෙසු කරෙය්‍ය ඡන්‍දං, ඉති මොදමානො සුගතෙන තාදිනා; ධම‍්මෙ ඨිතා සුගතවරස‍්ස සාවකා, නීයන‍්ති ධීරා සරණවරග‍්ගගාමිනො.

“තස්මාහි ධම්මෙසු කරෙය්‍ය ඡන්‍දං, ඉති මොදමානො සුගතෙන තාදිනා, ධම්මෙඨිතා සුගතවරස්ස සාවකා, නීයන්ති ධීරා සරණ වරග්ග ගාමිනො”

“විප‍්ඵොටිතො ගණ‍්ඩමූලො, තණ‍්හාජාලො සමූහතො; සො ඛීණසංසාරො න චත්‍ථි කිඤ‍්චනං, චන්‍දො යථා දොසිනා පුණ‍්ණමාසිය”න‍්ති. – චතස‍්සො ගාථා අභාසි;

“විප්ඵොටිතො ගණ්ඩමූලො, තණ්හාජාලොසමූහතො, සො ඛීණසංසාරො න චත්‍ථි කිඤ්චනං, චන්‍දො යථා දොසිනා පුණ්ණමාසියා”තී.

තත්‍ථ ධම‍්මොති ලොකියලොකුත‍්තරො සුචරිතධම‍්මො. රක‍්ඛතීති අපායදුක‍්ඛතො රක‍්ඛති, සංසාරදුක‍්ඛතො ච විවට‍්ටූපනිස‍්සයභූතො රක‍්ඛතියෙව. ධම‍්මචාරින‍්ති තං ධම‍්මං චරන‍්තං පටිපජ‍්ජන‍්තං. සුචිණ‍්ණොති සුට‍්ඨු චිණ‍්ණො කම‍්මඵලානි සද‍්දහිත්‍වා සක‍්කච‍්චං චිත‍්තීකත්‍වා උපචිතො. සුඛන‍්ති ලොකියලොකුත‍්තරසුඛං. තත්‍ථ ලොකියං තාව කාමාවචරාදිභෙදො ධම‍්මො යථාසකං සුඛං දිට‍්ඨෙ වා ධම‍්මෙ උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ ආවහති නිප‍්ඵාදෙති, ඉතරං පන විවට‍්ටූපනිස‍්සයෙ ඨත්‍වා චිණ‍්ණො පරම‍්පරාය ආවහතීති වත‍්තුං වට‍්ටති අනුපනිස‍්සයස‍්ස තදභාවතො. එසානිසංසො ධම‍්මෙ සුචිණ‍්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරීති ධම‍්මචාරී පුග‍්ගලො ධම‍්මෙ සුචිණ‍්ණෙ තංනිමිත‍්තං දුග‍්ගතිං න ගච‍්ඡතීති එසො ධම‍්මෙ සුචිණ‍්ණෙ ආනිසංසො උද්‍රයොති අත්‍ථො.

එහි “ධම්මො” යනු ලෞකික - ලෝකෝත්තර සුචරිත ධර්මයයි. “රක්ඛති” අපායේ අපාය දුකින් ද සසරින් මිදීම වූ නිවණින් සංසාර දුකින් ද ආරක්‍ෂාව ලබාදෙයි. “ධම්මචාරී” ධර්මය අනුව හැසිරෙන, පිළිපදින පුද්ගලයා ධර්මයෙන් ආරක්‍ෂා වේ. “සුචිණ්ණො” මනාව රැස්කළ, කර්මඵල අදහාගෙන මනාව, ගෞරවයෙන් රැස්කළ. “සුඛං” ලෞකික-ලෝකෝත්තර සුවය. එහි ලෞකික සැපය නම් ෂඩ් කාමාවචර (සදෙව්) ලෝකයන්හි විඳින සුවයයි. ස්වකීය සුවය දිට්ඨධම්මිකව (මෙලොවම) හෝ ලැබේ. වෙනත් ක්‍රමයකින් එළවයි. උපදියි. අන්‍යයන්ට සසරින් මිදීම නම් නිවණෙහි පිහිටා සිත් පරපුරින් අවබෝධ කර ගැනීමෙන් සැප ගෙන දෙයි. උපනිශ්‍රය සම්පත් නැත්තන්ට ලෞකික සැප ලැබේ. උපනිශ්‍රය සම්පත් ඇත්තන් නිවන් සැප (ලෝකෝත්තර) ලැබේ. “එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි” ධර්මයේ හැසිරෙන පුද්ගලයා, ධර්මය මනාව පුරුදු කරන ලද්දේ, ඒ හේතුවෙන් දුගතියට නොයන්නේය. මෙය ධර්මය මනාව පුරුදු කිරීමෙහි ආනිසංසය ය, (එයින් ගෙන එන) වෘද්ධිය ය යන අර්ථ යි.

යස‍්මා ධම‍්මෙනෙව සුගතිගමනං, අධම‍්මෙනෙව ච දුග‍්ගතිගමනං, තස‍්මා “ධම‍්මො අධම‍්මො”ති ඉමෙ අඤ‍්ඤමඤ‍්ඤං අසංකිණ‍්ණඵලාති දස‍්සෙතුං “න හි ධම‍්මො”තිආදිනා දුතියං ගාථමාහ. තත්‍ථ අධම‍්මොති ධම‍්මපටිපක‍්ඛො දුච‍්චරිතං. සමවිපාකිනොති සදිසවිපාකා සමානඵලා.

ධර්මයේ හැසිරීමෙන් සුගතියටම යන්නේය. අධර්මයෙන් පුද්ගලයා දුගතියට පමුණුවයි. එනිසා ධර්මයේ හා අධර්මයේ අමිශ්‍ර වූ, වෙන් වෙන් වූ විපාක ඇති බව දැක්වීමට “නහි ධම්මො” යන දෙවන ගාථාව වදාළහ. එහි “අධම්මො” ධර්මයට විරුද්ධ වූ දුශ්චරිතය. “සමවිපාකිනො” සමාන වූ විපාක, සම ප්‍රතිඵල.

තස‍්මාති යස‍්මා ධම‍්මාධම‍්මානං අයං යථාවුත‍්තො විපාකභෙදො, තස‍්මා. ඡන්‍දන‍්ති කත‍්තුකම්‍යතාඡන්‍දං. ඉති මොදමානො සුගතෙන තාදිනාති ඉති එවං වුත‍්තප‍්පකාරෙන ඔවාදදානෙන සුගතෙන සම‍්මග‍්ගතෙන සම‍්මාපටිපන‍්නෙන ඉට‍්ඨාදීසු තාදිභාවප‍්පත‍්තියා තාදිනාමවතා හෙතුභූතෙන මොදමානො තුට‍්ඨිං ආපජ‍්ජමානො ධම‍්මෙසු ඡන්‍දං කරෙය්‍යාති යොජනා. එත‍්තාවතා වට‍්ටං දස‍්සෙත්‍වා ඉදානි විවට‍්ටං දස‍්සෙන‍්තො “ධම‍්මෙ ඨිතා”තිආදිමාහ. තස‍්සත්‍ථො – යස‍්මා සුගතස‍්ස වරස‍්ස සුගතෙසු ච වරස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාවකා තස‍්ස ධම‍්මෙ ඨිතා ධීරා අතිවිය අග‍්ගභූතසරණගාමිනො තෙනෙව සරණගමනසඞ‍්ඛාතෙ ධම‍්මෙ ඨිතභාවෙන සකලවට‍්ටදුක‍්ඛතොපි නීයන‍්ති නිස‍්සරන‍්ති, තස‍්මා හි ධම‍්මෙසු කරෙය්‍ය ඡන්‍දන‍්ති.

“තස්මා” යම් හෙයකින් ධර්ම අධර්මයන්ගේ මෙසේ කියන ලද ආකාරයෙන් එකිනෙකට වෙනස් විපාක ඇත්තේ ද. එහෙයින්. “ඡන්‍දං” කරනු කැමැත්ත. ආශාව. “ඉති මොදමානො සුගතෙන තාදිනා”, මෙසේ කියන ලද ආකාරයෙන් අවවාද දීමෙන් මනාවූ ගමන් ඇති, මනාව නිවණට පිළිපන්නා වූ සුගතයන් වහන්සේ නිසා සිතට මනාව වූ අරමුණු පිළිබඳ කෙලෙස් දුරු කිරීමට පැමිණි, තාදී ගුණමහිම හේතුවෙන් සතුටුවෙමින්, සතුටට-ප්‍රීතියට පත්ව, ධර්මයෙහි ආශා කරන්නේය” යන අර්ථයයි. මෙපමණකින් සසර පැවැත්ම දක්වා දැන් නිවණ-සසරින් මිදීම දක්වමින් “ධම්මෙ ඨිතා” යන දෙපදය දැක්වූහ. එහි අර්ථ - “යම් හෙයකින් උතුම් වූ මනා වූ ගමන් ඇති හෙයින් සුගත නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, උන්වහන්සේ දෙසූ දහමෙහි පිහිටා අතිශයින්ම අග්‍ර වූ සරණයෙහි පිහිටියා හුද එම සරණයෑමෙන් ද එම සරණාගමන නම් වූ ධර්මයෙහි පිහිටි බැවින් ද සියලුම සංසාර දුක්ඛයෙන් ඔවුහු මිදෙත් ද එහෙයින් ධර්මයෙන් ඇලීම - ආශාව කරන්නේය”

එවං සත්‍ථාරා තීහි ගාථාහි ධම‍්මෙ දෙසිතෙ දෙසනානුසාරෙන යථානිසින‍්නොව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.52.44-50) –

මෙසේ ශාස්තෲන් වහන්සේ තුන් ගාථාවකින් ධම්මික තෙරුන්ට දහම් දෙසූ කල්හි; ඒ දේශනාවේ උපකාරයෙන් හුන් තැනම හිඳ විදසුන් වැඩූ උන්වහන්සේ රහත් වූහ. අපදාන පාළියේදී ධම්මික තෙරණුවෝ මෙසේ වදාළහ.

“මිගලුද‍්දො පුරෙ ආසිං, අරඤ‍්ඤෙ විපිනෙ අහං; අද‍්දසං විරජං බුද‍්ධං, දෙවසඞ‍්ඝපුරක‍්ඛතං.

“මම පෙර ජනයාගේ තොර වූ මහා වනයේ වෙසෙන මුව වැද්දෙක් වීමි. එහි දී දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදුව චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා පවත්වන, නිවණ පෙන්වාදෙන්නා වූ කෙලෙස් රජස් දුරලූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“චතුසච‍්චං පකාසෙන‍්තං, දෙසෙන‍්තං අමතං පදං; අස‍්සොසිං මධුරං ධම‍්මං, සිඛිනො ලොකබන්‍ධුනො.

“ඝොසෙ චිත‍්තං පසාදෙසිං, අසමප‍්පටිපුග‍්ගලෙ; තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා, උත‍්තරිං දුත‍්තරං භවං.

සිඛි නම් වූ ලෝඛ බන්‍ධු වූ බුදුරජාණන් වහන්සේගේ මිහිරි කටහඬ ඇසුවෙමි. බ්‍රහ්ම ස්වරය ඇති උන්වහන්සේගේ ශබ්දයෙහි සිත පහදවා ගත් මම, ඉතා දුෂ්කර වූ සසර තරණය කළෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං සඤ‍්ඤමලභිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඝොසසඤ‍්ඤායිදං ඵලං.

මීට කල්ප තිස් එකකට පෙර දී යම් ධර්ම සංඥාවක් ලැබුවෙම් ද එදා සිට ම මම දුගතියක නූපන්නෙමි. ධර්ම ඝෝෂා හඬ ඇසීමෙහි විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

තථා අරහත‍්තෙ පතිට‍්ඨිතො. අරහත‍්තං පන පත්‍වා අත‍්තනා අධිගතං විසෙසං සත්‍ථු නිවෙදෙන‍්තො චරිමගාථාය අඤ‍්ඤං බ්‍යාකාසි.

එසේ රහත් ඵලයෙහි පිහිටි ධම්මික රහතන් වහන්සේ, තමා ලැබූ විශේෂාධිගමය ශාස්තෲන් වහන්සේට දන්වා සිටිමින් මේ අවසන් වූ සතරවන ගාථාවෙන් සිය රහත්භාවය ප්‍රකාශ කළ සේක.

තත්‍ථ විප‍්ඵොටිතොති විධුතො, මග‍්ගඤාණෙන පටිනිස‍්සට‍්ඨොති අත්‍ථො. ගණ‍්ඩමූලොති අවිජ‍්ජා. සා හි ගණ‍්ඩති සවති. “ගණ‍්ඩොති ඛො, භික‍්ඛු, පඤ‍්චන‍්නෙතං උපාදානක‍්ඛන්‍ධානං අධිවචන”න‍්ති (සං· නි· 4.103; අ· නි· 6.23; 8.56; 9.15; චූළනි· ඛග‍්ගවිසාණසුත‍්තනිද‍්දෙස 137) එවං සත්‍ථාරා වුත‍්තස‍්ස දුක‍්ඛමූලයොගතො, කිලෙසාසුචිපග‍්ඝරණතො, උප‍්පාදජරාභඞ‍්ගෙහි උද‍්ධුමාතපක‍්කපභිජ‍්ජනතො ච, ගණ‍්ඩාභිධානස‍්ස උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකස‍්ස මූලං කාරණං තණ‍්හාජාලො සමූහතොති තණ‍්හාසඞ‍්ඛාතො ජාලො මග‍්ගෙන සමුග‍්ඝාටිතො. සො ඛීණසංසාරො න චත්‍ථි කිඤ‍්චනන‍්ති සො අහං එවං පහීනතණ‍්හාවිජ‍්ජතාය පරික‍්ඛීණසංසාරො පහීනභවමූලත‍්තා එව න චත්‍ථි, න ච උපලබ‍්භති රාගාදිකිඤ‍්චනං. චන්‍දො යථා දොසිනා පුණ‍්ණමාසියන‍්ති යථා නාම චන්‍දො අබ‍්භමහිකාදිදොසරහිතො පුණ‍්ණමාසියං පරිපුණ‍්ණකාලෙ එවං අහම‍්පි අරහත‍්තාධිගමෙන අපෙතරාගාදිකිඤ‍්චනො පරිපුණ‍්ණධම‍්මකොට‍්ඨාසො අහොසින‍්ති.

එහි “විප්ඵාටිතො” විනාශ කොට, ආර්ය මාර්ග ඤාණයෙන් දුරු කළ, “ගණ්ඩමූලො”, “මහණෙනි, ඉන් අවිද්‍යාව වහනටය වේ නුයි. “ගණ්ඩ” නම් වේ යන බුද්ධ වචනයට අනුව “ගණ්ඩ” යනු පංචස්කන්‍ධයට තවත් සමාන වචනයකි. මෙසේ ශාස්තෲන් වහන්සේ වදාළ දුකට හුලක් බඳු වූ, කෙලෙස් නම් අශූචි වගුරුවන, ඉපදීම-දිරා යෑම හා (භංග) වැනසීම නම් වූ ඉදිමුණු, පැසුණු, බිදෙනසුළු බැවින් “ගණ්ඩ” නම් වූ උපාදානස්කන්ධ පහට මුල හේතුව. “තණ්හාජාලො සමූහතො” තණ්හාව නම් දැල ආර්ය මාර්ගයෙන් මුලිනුපුටා දැමූ “සො ඛීණසංසාරො න චත්‍ථි කිඤ්චනං” ඒ මම මෙසේ ප්‍රහීණ කළ තණ්හාව ඇති බැවින්, ක්‍ෂය කළ - ගෙවා දැමූ සසර ඇත්තෙමි. ක්‍ෂය කළ භව මුල් ඇති බැවින්, රාගාදී කිසිදු ක්ලේශයක් මා හට නැත. මා තුල නූපදී. “චන්‍දො යථා දොසිනා පුණ්ණමාසියා” යම් සේ සඳ මීදුම්-වළාකුළු ආදී දෝෂ රහිතව බබළන්නේ ද එසේම මම ද නැති කළ තණ්හාව ඇතිව, ආශාවන්ගෙන් දුරුව පුන්පෝදා පිරුණු සඳ මෙන් අරහත් ඵල අවබෝධයෙන් දුරුකළ රාගාදී කෙලෙස් ඇති බැවින් ද දහම් කොටස්වලින් පරිපූර්ණ වූ බැවින් ද පිරිපුන්ව බබලමි.

ධම‍්මිකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ධම්මික ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.