යෙදුමෙන් කියවන්න

රාජදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

රාජදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

රාජදත්ත ස්ථවිරගාථා වර්ණනාව

පඤ‍්චකනිපාතෙ භික‍්ඛු සිවථිකං ගන‍්ත්‍වාතිආදිකා ආයස‍්මතො රාජදත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො, තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො, ඉතො චතුද‍්දසෙ කප‍්පෙ බුද‍්ධසුඤ‍්ඤෙ ලොකෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො, එකදිවසං කෙනචිදෙව කරණීයෙන වනන‍්තං උපගතො තත්‍ථ අඤ‍්ඤතරං පච‍්චෙකබුද‍්ධං රුක‍්ඛමූලෙ නිසින‍්නං දිස‍්වා පසන‍්නමානසො සුපරිසුද‍්ධං අම‍්බාටකඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං සත්‍ථවාහකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස මහාරාජං වෙස‍්සවණං ආරාධෙත්‍වා පටිලද‍්ධභාවතො මාතාපිතරො රාජදත‍්තොති නාමං අකංසු. සො වයප‍්පත‍්තො පඤ‍්චහි සකටසතෙහි භණ‍්ඩං ආදාය වාණිජ‍්ජවසෙන රාජගහං අගමාසි. තෙන ච සමයෙන රාජගහෙ අඤ‍්ඤතරා ගණිකා අභිරූපා දස‍්සනීයා පරමසොභග‍්ගයොගතො දිවසෙ දිවසෙ සහස‍්සං ලභති. අථ සො සත්‍ථවාහපුත‍්තො දිවසෙ දිවසෙ තස‍්සා ගණිකාය සහස‍්සං දත්‍වා සංවාසං කප‍්පෙන‍්තො නචිරස‍්සෙව සබ‍්බං ධනං ඛෙපෙත්‍වා දුග‍්ගතො හුත්‍වා ඝාසච‍්ඡාදනමත‍්තම‍්පි අලභන‍්තො ඉතො චිතො ච පරිබ‍්භමන‍්තො සංවෙගප‍්පත‍්තො අහොසි. සො එකදිවසං උපාසකෙහි සද‍්ධිං වෙළුවනං අගමාසි.

“භික්‍ඛු සීවථිකං ගන්ත්‍වා” යනු ආයුෂ්මත් රාජදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම පිණිස පින්දහම් සිදුකරමින් අවුත්, මීට කල්ප දාහතරකට පෙරදී බුද්ධ ශූන්‍ය වූ ලෝකයේ සිටු ගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් කිසියම් කටයුත්තකට වනයට ගිය ඒ සිටුකුමරු එහි එක්තරා ගසක් මුල වැඩහුන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක පැහැදුණු සිතින් උන්වහන්සේට ඉතා පිරිසිදු ඇඹරැල්ල ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳිමින් සසර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර සත්තුවාහක පවුලක උපන්නේය. වෙසවුණු මහරජු සතුටු කිරීමෙන් ඔහු ලත් බැවින් දෙමාපියෝ “රාජදත්ත” යැයි නම් තැබූහ. වැඩිවියට පත් එකුමරු පන්සීයක් කරත්ත ගෙන වෙළඳාම් පිණිස බඩු පටවාගෙන රජගහ නුවරට ගියේය. එසමයේ රජගහ නුවර සිටි ඉතා රූමත් දර්ශනීය රූ සපුවකින් හෙබි එක්තරා ගණිකාවක් දිනපතා කහවනු දහස බැගින් උපයන්නීය. මේ සත්තුවාහක සිටු පුතා ද දිනකට දහස බැගින් දෙමින් ඇය හා සංවාසයෙහි යෙදුණේ නොබෝ දිනකින්ම සියලු ධනය වියදම් ව දුප්පත් බවට පත්වීය. කෑම ඇඳීම් පමණවත් නොලබමින් ඔබිනොබ ඇවිදිමින් දැඩි සංවේගයට පත් වූ රාජදත්ත; දිනක් උපාසකවරු සමඟ එක්ව වේළුවනාරාමයට පැමිණියේ ය.

තෙන ච සමයෙන සත්‍ථා මහතියා පරිසාය පරිවුතො ධම‍්මං දෙසෙන‍්තො නිසින‍්නො හොති. සො පරිසපරියන‍්තෙ නිසීදිත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා ධුතඞ‍්ගානි සමාදියිත්‍වා සුසානෙ වසති. තදා අඤ‍්ඤතරොපි සත්‍ථවාහපුත‍්තො සහස‍්සං දත්‍වා තාය ගණිකාය සහ වසති. සා ච ගණිකා තස‍්ස හත්‍ථෙ මහග‍්ඝරතනං දිස‍්වා ලොභං උප‍්පාදෙත්‍වා අඤ‍්ඤෙහි ධුත‍්තපුරිසෙහි තං මාරාපෙත්‍වා තං රතනං ගණ‍්හි. අථ තස‍්ස සත්‍ථවාහපුත‍්තස‍්ස මනුස‍්සා තං පවත‍්තිං සුත්‍වා ඔචරකමනුස‍්සෙ පෙසෙසුං. තෙ රත‍්තියං තස‍්සා ගණිකාය ඝරං පවිසිත්‍වා ඡවිආදීනි අනුපහච‍්චෙව තං මාරෙත්‍වා සිවථිකාය ඡඩ‍්ඩෙසුං. රාජදත‍්තත්‍ථෙරො අසුභනිමිත‍්තං ගහෙතුං සුසානෙ විචරන‍්තො තස‍්සා ගණිකාය කළෙවරං පටික‍්කුලතො මනසි කාතුං උපගතො කතිපයවාරෙ යොනිසො මනසි කත්‍වා අචිරමතභාවතො සොණසිඞ‍්ගාලාදීහි අනුපහතඡවිතාය විසභාගවත්‍ථුතාය ච අයොනිසො මනසිකරොන‍්තො, තත්‍ථ කාමරාගං උප‍්පාදෙත්‍වා සංවිග‍්ගතරමානසො අත‍්තනො චිත‍්තං පරිභාසිත්‍වා මුහුත‍්තං එකමන‍්තං අපසක‍්කිත්‍වා ආදිතො උපට‍්ඨිතං අසුභනිමිත‍්තමෙව ගහෙත්‍වා යොනිසො මනසිකරොන‍්තො ඣානං උප‍්පාදෙත්‍වා තං ඣානං පාදකං කත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා තාවදෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.44.55-59) –

ඒ අවස්ථාවෙහි ශාස්තෲන් වහන්සේ මහත් පිරිසක් පිරිවරා ගෙන දහම් දෙසති පිරිසේ කෙළවර හුන් ඔහු ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා, උපන් ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. ධුතාංග සමාදන් වූ රාජදත්ත හිමියෝ සොහොනෙහි විසූහ. ඒ කාලයෙහි ද තවත් සත්තුවාහක වෙළෙඳ පුත්‍රයෙක් රැයකට දහස බැගින් දෙමින් ඒ ගණිකාව සමඟ වෙසෙයි. ඔහුගේ අත පැළඳි ඉතා වටිනා මැණික දුටු ගණිකාව, ඊට ලෝභයෙන් වෙනත් තමා වෙත එන පුරුෂයන් ලවා ඔහු මරවා ඒ මැණික ගත්තීය. ඉක්බිති ඒ වෙළඳ පුතුගේ පිරිවර ජනයා මේ පුවත අසා ඇය වෙත ඔත්තුකාරයන් යැවීය. ඒ ඔත්තුකාරයෝ ගණිකාවගේ ගෙට රාත්‍රියේ පිවිස සමට හානියක් නොවන සේ ඇය මරා, සොහොනට ගෙනගොස් දැමූහ. සොහොනේ විසූ රාජදත්ත තෙරණුවෝ අසුභ නිමිත්තක් සොයමින් යන්නාහු, ඒ ගණිකාවගේ සිරුර පිළිකුල් භාවනාවට යෝග්‍යයැයි ගෙන, කිහිපවරක් නුවණින් මෙනෙහි කළහ. නමුත් අලුත මැරුණු බැවින් ද බලු සිවල් ආදින්ගෙන් උපද්‍රව නොවූ සම් ඇති බැවින් ද විෂභාග වස්තුවක් වන හෙයින් ද අනුවණින් මෙනෙහි කිරීම නිසා ඒ සිරුර කෙරෙහි කාමරාගය උපදවාගත් උන්වහන්සේ. ඒ පිළිබඳව දැඩි සංවේගයට පත්ව තම සිතට දැඩිව නිග්‍රහ කළහ. මොහොතක් ඉන් බැහැරව සිත යොමු කළ තෙරණුවෝ නැවත මුලින් සිහිකළ අසුභ නිමිත්තම ගෙන නුවණින් මෙනෙහි කරමින් ධ්‍යාන උපදවා ගත්හ. ඒ ධ්‍යානයම පාදක කරගෙන, විදසුනෙහි සිත පිහිට වූ උන්වහන්සේ එකෙණෙහිම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“විපිනෙ බුද‍්ධං දිස‍්වාන, සයම‍්භුං අපරාජිතං; අම‍්බාටකං ගහෙත්‍වාන, සයම‍්භුස‍්ස අදාසහං.

“තමන් වහන්සේම අපරාජිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ පසේබුදුරජාණන් වහන්සේ නමක් දුටු මම ඇඹරැල්ල ගෙඩියක් පූජා කළෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මීට කල්ප දාහතරකට පෙර යම් ඵල පූජාවක් කෙළෙම් ද එහි විපාක වශයෙන් දුගතියකට නොගියෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා පීතිසොමනස‍්සජාතො –

රහත් බවට පත් වූ රාජදත්ත තෙරණුවෝ සිය පිළිවෙත් මග සිහිපත් කර බැලීමෙන් හටගත් ප්‍රීති සොම්නස විඳිමින් මෙම ගාථා වදාළහ.

“භික‍්ඛු සිවථිකං ගන‍්ත්‍වා, අද‍්දස ඉත්‍ථිමුජ‍්ඣිතං; අපවිද‍්ධං සුසානස‍්මිං, ඛජ‍්ජන‍්තිං කිමිහී ඵුටං.

“භික්‍ඛු සීවථිකං ගන්ත්‍වා අද්දසං ඉත්‍ථිමුජ්ඣිතං, අපවිද්ධං සුසානස්මිං ඛජ්ජන්ති කිමිහී ඵුටං”

“යඤ‍්හි එකෙ ජිගුච‍්ඡන‍්ති, මතං දිස‍්වාන පාපකං; කාමරාගො පාතුරහු, අන්‍ධොව සවතී අහුං.

“යංහි එකෙ ජිගුච්ඡන්තී මතං දිස්වාන පාපකං, කාමරාගො පාතුරහූ, අන්‍ධොව වසතී අහුං”

“ඔරං ඔදනපාකම‍්හා, තම‍්හා ඨානා අපක‍්කමිං; සතිමා සම‍්පජානොහං, එකමන‍්තං උපාවිසිං.

“ඔරං ඔදානපාකම්හා තම්හා ඨානා අපක්කමිං, සතිමා සම්පජානොහං එකමන්තං උපාවිසිං”

“තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ‍්ජථ; ආදීනවො පාතුරහු, නිබ‍්බිදා සමතිට‍්ඨථ.

“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහූ, නිබ්බිදා සමතිට්ඨථ”

“තතො චිත‍්තං විමුච‍්චි මෙ, පස‍්ස ධම‍්මසුධම‍්මතං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.

ඉමා පඤ‍්ච ගාථා අභාසි.

තත්‍ථ භික‍්ඛු සිවථිකං ගන‍්ත්‍වාති සංසාරෙ භයස‍්ස ඉක‍්ඛනතො භික‍්ඛු, අසුභකම‍්මට‍්ඨානත්‍ථං ආමකසුසානං උපගන‍්ත්‍වා. “භික‍්ඛූ”ති චෙතං අත‍්තානං සන්‍ධාය ථෙරො සයං වදති. ඉත්‍ථින‍්ති ථීයති එත්‍ථ සුක‍්කසොණිතං සත‍්තසන‍්තානභාවෙන සංහඤ‍්ඤතීති ථී, මාතුගාමො. එවඤ‍්ච සභාවනිරුත‍්තිවසෙන “ඉත්‍ථී”තිපි වුච‍්චති. වඤ‍්ඣාදීසු පන තංසදිසතාය තංසභාවානතිවත‍්තනතො ච තබ‍්බොහාරො. “ඉත්‍ථී”ති ඉත්‍ථිකළෙවරං වදති. උජ‍්ඣිතන‍්ති පරිච‍්චත‍්තං උජ‍්ඣනියත‍්තා එව අපවිද‍්ධං අනපෙක‍්ඛභාවෙන ඛිත‍්තං. ඛජ‍්ජන‍්තිං කිමිහී ඵුටන‍්ති කිමීහි පූරිතං හුත්‍වා ඛජ‍්ජමානං.

එහි “භික්‍ඛු සීවථිකං ගන්ත්‍වා”, සසර භය දක්නා බැවින් “භික්ඛු” නම් භික්‍ෂුව, අසුභ කමටහනක් සොයමින් අමු සොහොනට ගොස්; මෙහි තමා සඳහාම “භික්‍ඛු” යන්න රාජදත්ත තෙරුන් විසින් යොදා ඇත. “ඉත්‍ථි” මෙහි “ථි” යනු ස්ත්‍රියයි. සත්‍ව සන්තානයෙන් ශුක්‍ර-ලේ ආදිය ගලා යවන බැවින් මාගමට “ථි” ස්ත්‍රිය යැයි කියනු ලැබේ. එක්ව විසීම්-සහවාස ඇති බැවින් ද ඉත්‍ථි නම් වේ. වඳ ස්ත්‍රීහු ද මොවුනට සමාන එක්ව විසීම් ඇති බැවින් “ඉත්‍ථි” යන ව්‍යවහාරය එම ශරීරයන්ට පවතියි. “උජ්ඣිතං” අත්හැර දැමූ. වැඩකට නැති බැවින් බැහැර ලූ. අපේක්‍ෂා රහිතව ඉවත ලූ. “ඛජ්ජන්තිං කමිහී ඵුටං” පණුවන් විසින් පිරිවරාගෙන කනු ලබන.

යඤ‍්හි එකෙ ජිගුච‍්ඡන‍්ති, මතං දිස‍්වාන පාපකන‍්ති යං අපගතායුඋස‍්මාවිඤ‍්ඤාණතාය මතං කළෙවරං පාපකං නිහීනං ලාමකං එකෙ චොක‍්ඛජාතිකා ජිගුච‍්ඡන‍්ති, ඔලොකෙතුම‍්පි න ඉච‍්ඡන‍්ති. කාමරාගො පාතුරහූති තස‍්මිං කුණපෙ අයොනිසොමනසිකාරස‍්ස බලවතාය කාමරාගො මය‍්හං පාතුරහොසි උප‍්පජ‍්ජි. අන්‍ධොව සවතී අහුන‍්ති තස‍්මිං කළෙවරෙ නවහි ද‍්වාරෙහි අසුචිං සවති සන්‍දන‍්තෙ අසුචිභාවස‍්ස අදස‍්සනෙන අන්‍ධො විය අහොසිං. තෙනාහ –

“යං හි එකෙ ජිගුච්ඡන්ති මතං දිස්වාන පාපකං” පහ වූ ආයුෂ, උණුසුම හා විඤ්ඤාණය ඇති මළ සිරුර, ඒ පවිටු නිහීන ළාමක වූ සිරුර, ඇතැම් මිදීමට, නිවණට යන නුවණැත්තෝ පිළිකුල් කරති. බැලීමටවත් අකමැති වෙති. “කාමරාගො පාතුරහූ” එවැනි කුණු ශරීරය පිළිබඳව අනුවණින් මෙනෙහි කළ මාහට කාමරාගය උපන්නේය. ඒ කෙරෙහි ඇල්මක් ඇති විය. “අන්‍ධොව වසතී අහුං” ඒ නව දොරකින් අශූචි වෑහෙන මළ සිරුරෙහි ඇති අශුභ-පිළිකුල් ස්වභාවය නොදැකීමෙන් මම අන්‍ධයකු වැනි වූයෙමි. එනිසා කියන ලදි -

“රත‍්තො අත්‍ථං න ජානාති, රත‍්තො ධම‍්මං න පස‍්සති; අන්‍ධතමං තදා හොති, යං රාගො සහතෙ නර”න‍්ති ච.

“රත්තො අත්‍ථං න ජානාති, රත්තො ධම්මං න පස්සතී, අන්‍ධන්තමං තදා හොතී, යං රාගො සහතෙ නරං” තී.

රාගයෙන් යුක්ත පුද්ගලයා අන්‍ධයකු මෙන් අඳුරෙන් වෙලී පවතියි. රාගිකයා යථාර්ථය නොදනී. රාගිකයා ධර්මය නිවැරදිව නොදකියි.

“කාමච‍්ඡන්‍දො ඛො, බ්‍රාහ‍්මණ, අන්‍ධකරණො අචක‍්ඛුකරණො”ති ච ආදි. කෙචි පනෙත්‍ථ තකාරාගමං කත්‍වා “කිලෙසපරියුට‍්ඨානෙන අවසවත‍්ති කිලෙසස‍්ස වා වසවත‍්තී”ති අත්‍ථං වදන‍්ති. අපරෙ “අන්‍ධොව අසති අහු”න‍්ති පාළිං වත්‍වා “කාමරාගෙන අන්‍ධො එව හුත්‍වා සතිරහිතො අහොසි”න‍්ති අත්‍ථං වදන‍්ති. තදුභයං පන පාළියං නත්‍ථි.

“බ්‍රාහ්මණය! කාමච්ඡන්දය - කාමයෙහි ඇලී ගැලී සිටීම පුද්ගලයාගේ අන්‍ධභාවයකි.” යන තැන්හිද එයම දැක්වේ. ඇතැමෙක් මෙහි දී “න” කාමරාගය කොට (වසති - අවසති) කෙලෙස් නැගී සිටීමෙන්, වසඟ වූ බැසගත් කෙලෙස් වලින් යුක්තව විසුවෙමි”යි අර්ථ කියති. සෙස්සෝ (අපරෙ) “අන්‍ධොව අසතී අහූ” යනුවෙන් පාලි පාඨය දක්වා කාමරාගයෙන් අන්‍ධයෙක් ම වී සිහිය නැතිවූයෙමි. අසිහියෙන් විසුවෙමි”යි අර්ථ කියති. මේ අර්ථ දෙකම පෙළෙහි නැත. පෙළ දහමෙහි නැත.

ඔරං ඔදනපාකම‍්හාති ඔදනපාකතො ඔරං, යාවතා කාලෙන සුපරිධොතතින‍්තතණ‍්ඩුලනාළියා ඔදනං පචති, තතො ඔරමෙව කාලං, තතොපි ලහුකාලෙන රාගං විනොදෙන‍්තො, තම‍්හා ඨානා අපක‍්කමිං යස‍්මිං ඨානෙ ඨිතස‍්ස මෙ රාගො උප‍්පජ‍්ජි, තම‍්හා ඨානා අපක‍්කමිං අපසක‍්කිං. අපක‍්කන‍්තොව සතිමා සම‍්පජානොහං සමණසඤ‍්ඤං උපට‍්ඨපෙත්‍වා සතිපට‍්ඨානමනසිකාරවසෙන සතිමා, සම‍්මදෙව ධම‍්මසභාවජානනෙන සම‍්පජානො ච හුත්‍වා එකමන‍්තං උපාවිසිං, පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදිං. නිසින‍්නස‍්ස ච තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ‍්ජථාතිආදි සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයමෙවාති.

“ඔරං ඔදන පාකම්හා” බතක් පැසෙන කාලයෙන් අඩක දී. යම් කලකදී මනාව සෙදූ තෙත් සහලින් බතක් පැසේ ද ඊට අඩු කාලයකදී. ඉතා කෙටි කලකින් උපන් රාගය, කාමුක සිත දුරු කිරීම පිණිස හුන් තැනින් නික්මුණෙමි. යම් තැනක සිටීමෙන් මට රාග සිතක් උපන්නේ ද එතනින් නික්මුණෙමි. ඉවත් වන්නා වූ මම “සතිමා සම්පජානොහං” සිහි නුවණ ඇත්තෙම්. “මම ශ්‍රමණයෙකි”යි යන සිත උපදවාගෙන, සිහි කල්පනා ඇති කරගෙන සිහියෙන් මනාව ධර්මයන්ගේ ස්වභාවය දැනගැනීමෙන් නුවණැතිව යථාර්ථාවබෝධය ලබමින් වෙනත් තැනකට පිවිසියෙමි. “එකමන්තං උපාවිසිං” එකත් පසෙක පලක් බැඳ සිටියෙමි. එසේ සිටි මා හට යෝනිසෝ මනසිකාරය පහළ විය. ආදී වශයෙන් දක්වන ලද සෙසු අර්ථ ඉහත පවසන ලදි.

රාජදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

රාජදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.