යෙදුමෙන් කියවන්න

මිගජාලත්‍ථෙරගාථා

6. 1. 8.

6. 1. 8.

417. සුදෙසිතො චක‍්ඛුමතා බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනා, සබ‍්බසංයොජනාතීතො සබ‍්බවට‍්ටවිනාසනො.

417. පසැස් ඇති සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් විසින් හැම සංයෝජනයන් ඉක්මගිය හැම (කර්‍ම, ක්ලේශ, විපාක) වර්‍තය නසනසුලු (ආර්‍ය්‍යමාර්‍ගය) මොනොවට දෙසනලදි.

418. නිය්‍යානිකො උත‍්තරණො තණ‍්හාමූලවිසොසනො, විසමූලං ආඝාතනං ඡෙත්‍වා පාපෙති නිබ‍්බුතිං.

418. නෛර්‍ය්‍යාණික වූ, (සංසාරමහොඝයෙන්) තරවන, තෘෂ්ණාවගේ මුල් වියළවන ආර්‍ය්‍යමාර්‍ගය දුකට මුල් වූ අඝාතත සඞ්ඛ්‍යාත කර්‍මක්ලේශය සිඳ නිවණට පමුණුවයි.

419. අඤ‍්ඤණමූලභෙදාය කම‍්මයන‍්තවිඝාටනො, විඤ‍්ඤාණානං පරිග‍්ගහෙ ඤාණවජීරනිපාතිනො.

419. අඥානයාගේ මුල් සිඳුනා පිණිස (දෙසනලද) කර්‍ම (ආත්මභාව) යන්ත්‍රය නසාලන, (කාමභවාදියෙහි) විඥානයන්ගේ ග්‍රහණය එළඹසිටි කල්හි මාර්‍ගඥාන නමැති වජ්‍රය හෙලන-

420. වෙදනානං විඤ‍්ඤපනො උපාදානප‍්පමොචනො, භවං අඞ‍්ගාරකාසුං ව ඤාණෙන අනුපස‍්සකො

420. වේදනාවන් (දුඃඛාදිවශයෙන් ඇති සැටි) හඟවන,(කාමාදි) උපාදානයන්ගෙන් (චිත්තසන්තානය) මුදාලන, භවය අඞ්ගාරකර්ෂුවක් (අඟුරුවළක්) සෙයින් මාර්‍ගඥානයෙන් දක්වන -

421. මහාරසො සුගම‍්භීරො ජරාමච‍්චුනිවාරණො, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො දුක‍්ඛූපසමනො සිවො.

421. (ශාන්තප්‍රණීත බැවින් හෝ පරිඥාදි කෘත්‍යභාවයෙන් සාමඤ්ඤඵල සම්පත්තීන් හෝ) මහාරස ඇති ඉතා ගැඹුරු වූ, ජරාමරණ වළහන (සසර) දුක් සන්හිඳුවන ක්‍ෂේම වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගමාර්‍ග (දෙසනලදි.)

422. කම‍්මං කම‍්මන‍්ති ඤත්‍වාන විපාකං ච විපාකතො, පටිච‍්චුප‍්පන‍්නධම‍්මානං යථා වා ලොකදස‍්සනො මහාඛෙමඞ‍්ගමො සන‍්තො පරියොසානභද‍්දකො’ති.

422. ප්‍රතිත්‍යසමුත්පන්නධර්‍මයන් කෙරෙහි කර්‍මය ‘කර්‍ම යැ’ යි දැනැ විපාක ද විපාක විසින් දැනැ ඇති සැටියෙන් ඥානාලෝකය දක්වන, (සත්ත්‍වයන්) මහත් වූ (නිර්‍වාණ) ක්‍ෂේමයට පමුණුවන (ක්ලේශ දරථ සන්හිඳුවන හෙයින්) ශාන්ත වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ (ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගමාර්‍ගය දෙසනලදි.)

ඉත්‍ථං සුදං ආයස‍්මා මිගජාලො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් මිගජාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

මිගජාලත්‍ථෙරගාථා.

මිගජාල ස්ථවිරගාථා යි.