ලකුණ්ටකභද්දියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ලකුණ්ටකභද්දියත්ථෙරගාථාවණ්ණනා
ලකුණ්ටකභද්දිය ස්ථවිරගාථා වර්ණනාව
පරෙ අම්බාටකාරාමෙතිආදිකා ආයස්මතො ලකුණ්ඩකභද්දියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ මහාභොගෙ කුලෙ නිබ්බත්තිත්වා, වයප්පත්තො සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තො නිසින්නො තස්මිං ඛණෙ සත්ථාරං එකං භික්ඛුං මඤ්ජුස්සරානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා, සයම්පි තං ඨානං පත්ථෙන්තො බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා, “අහො වතාහම්පි අනාගතෙ අයං භික්ඛු විය එකස්ස බුද්ධස්ස සාසනෙ මඤ්ජුස්සරානං අග්ගො භවෙය්ය”න්ති පණිධානං අකාසි. භගවා ච තස්ස අනන්තරායතං දිස්වා බ්යාකරිත්වා පක්කාමි.
“පරෙ අම්බාටකාරාමෙ” යනු ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර මහ සම්පත් ඇති පවුලක ඉපිද වැඩිවියට පැමිණ, ශාස්තෲන් වහන්සේ සමීපයේ සිට ධර්ම ශ්‍රවණය කළහ. එසේ සිටින අවස්ථාවක ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් මිහිරි හඬ ඇති (මංජුස්සරභාණී) භික්ෂූන් අතරින් අග්‍රස්ථානයෙහි තැබූ සේක. සිටු පුත්‍රයාද එම අගතනතුර පතාගෙන බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝරත්නයට මහදන් පවත්වා, “අහෝ! මම ඒකාන්තයෙන් ම අනාගතයේ එක් බුදු සසුනකදී මේ භික්ෂුව මෙන්ම මංජුස්සරභාණී භික්ෂූන්ට අග්රවේවා”යි අධිෂ්ඨාන කළේය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහු එම තනතුර ලබන බව දැක ඔහු ලබන සම්පත් දේශනාකර වැඩි සේක.
සො තත්ථ යාවජීවං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඵුස්සස්ස භගවතො කාලෙ චිත්තපත්තකොකිලො හුත්වා රාජුය්යානතො මධුරං අම්බඵලං තුණ්ඩෙනාදාය ගච්ඡන්තො සත්ථාරං දිස්වා පසන්නමානසො “දස්සාමී”ති චිත්තං උප්පාදෙසි. සත්ථා තස්ස චිත්තං ඤත්වා පත්තං ගහෙත්වා නිසීදි. කොකිලො දසබලස්ස පත්තෙ අම්බපක්කං පතිට්ඨාපෙසි. සත්ථා තං පරිභුඤ්ජි. සො කොකිලො පසන්නමානසො තෙනෙව පීතිසුඛෙන සත්තාහං වීතිනාමෙසි. තෙන ච පුඤ්ඤකම්මෙන මඤ්ජුස්සරො අහොසි. කස්සපසම්මාසම්බුද්ධකාලෙ පන චෙතියෙ ආරද්ධෙ කිං පමාණං කරොම? සත්තයොජනප්පමාණං. අතිමහන්තමෙතං. ඡයොජනප්පමාණං. එතම්පි අතිමහන්තං. පඤ්චයොජනං, චතුයොජනං, තියොජනං, ද්වියොජනන්ති වුත්තෙ අයං තදා ජෙට්ඨවඩ්ඪකී හුත්වා “එථ, භො, අනාගතෙ සුඛපටිජග්ගියං කාතුං වට්ටතී”ති වත්වා රජ්ජුයා පරික්ඛිපන්තො ගාවුතමත්තකෙ ඨත්වා “එකෙකං මුඛං ගාවුතං ගාවුතං හොතු, චෙතියං එකයොජනාවට්ටං යොජනුබ්බෙධං භවිස්සතී”ති ආහ. තෙ තස්ස වචනෙ අට්ඨංසු. ඉති අප්පමාණස්ස බුද්ධස්ස පමාණං අකාසීති. තෙන පන කම්මෙන නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ අඤ්ඤෙහි නීචතරප්පමාණො හොති.
ඒ සිටුපුත් දිවි ඇතිතාක් පින්දහම් සිදුකර, ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා සැප විඳිමින් පැමිණ; ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ දී විසිතුරු පියාපත් ඇති කොවුලෙක්ව, රජුගේ උයනින් මිහිරි අඹයක් තුඩින් රැගෙන යන්නේ ශාස්තෲන් වහන්සේ දැක පහන් සිත් උපදවා “මෙය දෙන්නෙමි”යි සිතීය. ඒ පක්ෂියාගේ සිත දැනගත් ශාස්තෲන් වහන්සේ පාත්‍රය රැගෙන එළිමහනෙහි හුන් සේක. කොවුලා දසබලයන් වහන්සේගේ පාත්‍රයෙහි අඹ ගෙඩිය තැබීය. ශාස්තෲන් වහන්සේ එය වැළඳූහ. ඒ කොවුලා එම ප්‍රීති ප්‍රමෝදයෙන් ම පහන් සිත් උපදවාගෙන දින හතක් කල් ගෙවීය. ඒ පින්කම නිසාත් ඔහු මිහිරි කටහඬ ඇත්තෙක් විය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය කරවීම අරඹයා ඇති වූ සාකච්ඡාවේදී “සෑය කවර ප්‍රමාණයකින් සාදමු ද?” ඇසූ කල්හි; එතැන සිට ප්‍රධාන වඩුවා වූ මෙතෙම “යොදුන් සතක් උසට කරමු”යි කී කල්හි “එය ඉතා මහත්ය” “එසේ නම් යොදුන් සයක් උසට සාදමු”, “එයත් ඉතා වැඩිය” ආදී වශයෙන් පස්යොදුන්, සතර යොදුන්, තුන් යොදුන්, යොදුන් දෙකක් දක්වා සෑයේ උස අඩුකොට; අනාගතයේ සුවසේ පරිහරණය කිරීමට හැකියාව ලැබෙන පරිදි සෑය බඳිමු”යි පැවසීය. එසේ පවසා රැහැනක් ගෙන වටකරමින් ගවුවක් පමණ තැන සිට එක් එක් පැත්තට ගවුව බැගින් වූ සෑයක සැලැස්ම පෙන්වා, “මෙසේ සෑදූ විට සෑය තුන්යොදුන්, සිවුයොදුන්, උස වූවක් වන්නේය”යි කීවේය. ජනයා ඔහුගේ වදන් පිළිගත්හ. මෙසේ “අප්‍රමාණ වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණයක් දැක්වූ බැවින්, ඒ කර්මයේ විපාක වශයෙන් එතැන් පටන් උපනුපන් ආත්මභාවයෙහි අන්‍යයන්ට වඩා මිටි වූ ශරීර ඇතිව ඉපදුණේය.
සො අම්හාකං සත්ථු කාලෙ සාවත්ථියං මහාභොගකුලෙ නිබ්බත්ති, භද්දියොතිස්ස නාමං අහොසි. අතිරස්සතාය පන ලකුණ්ඩකභද්දියොති පඤ්ඤායිත්ථ. සො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා, පටිලද්ධසද්ධො පබ්බජිත්වා, බහුස්සුතො ධම්මකථිකො හුත්වා මධුරෙන සරෙන පරෙසං ධම්මං කථෙසි. අථෙකස්මිං උස්සවදිවසෙ එකෙන බ්රාහ්මණෙන සද්ධිං රථෙන ගච්ඡන්තී අඤ්ඤතරා ගණිකා ථෙරං දිස්වා දන්තවිදංසකං හසි. ථෙරො තස්සා දන්තට්ඨිකෙ නිමිත්තං ගහෙත්වා ඣානං උප්පාදෙත්වා, තං පාදකං කත්වා, විපස්සනං පට්ඨපෙත්වා, අනාගාමී අහොසි. සො අභිණ්හං කායගතාය සතියා විහරන්තො එකදිවසං ආයස්මතා ධම්මසෙනාපතිනා ඔවදියමානො අරහත්තෙ පතිට්ඨහි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.55.1-33) –
හෙතෙම අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මහත් සම්පත් ඇති සිටු පවුලක උපන්නේ ය. ඔහුගේ නම භද්දිය විය. ඉතා මිටි සිරුරක් තිබූ බැවින් “ලකුණ්ටක භද්දිය” නමින් ප්‍රකට විය. හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙතින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් උපන් ශ්‍රද්ධා ඇතිව, සසුනේ පැවිදි බව ලැබීය. බහුශ්‍රැත ධර්ම කථිකයකු බවට පත්වූ ලකුණ්ටක භද්දිය තෙරණුවෝ ඉතා මිහිරි හඬින් අනුන්ට දහම් දෙසූහ. එක් උත්සව දිනයක එක්තරා බමුණකු සමග රථයක නැඟී ගිය එක් ගණිකාවක් තෙරුන් දැක දත් විළිස්සමින් සිනාසුනාය. තෙරණුවෝ ඇගේ දත් ඇට නිමිති කරගෙන අට්ඨි සඤ්ඤාව වඩා ධ්‍යාන උපදවාගෙන, එම ධ්‍යානය පාදක කරගෙන විදසුනට සිත යොමු කොට අනාගාමී ඵලයට පත්වූහ. නිතරම කායගතා සතිය වඩමින් විසූ ලකුණ්ටක භද්දිය හිමියෝ, දිනක් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන කල්හි රහත්බවෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
“මීට කල්ප ලක්ෂයකට පෙර දී පදුමුත්තර නම් සියලු ධර්මයන් විනිවිද දක්නා ඇස් ඇති, ලෝක නායක වූ බුදුහු ලොව පහළ වූහ.
“තදාහං හංසවතියං සෙට්ඨිපුත්තො මහද්ධනො; ජඞ්ඝාවිහාරං විචරං, සඞ්ඝාරාමං අගච්ඡහං.
එකල්හි මම හංසවතී නුවර මහධනවත් සිටුපුතෙක් වූයෙමි. සක්මන් කරමින් සිටි මම බුදුරදුන් වැඩ සිටි විහාරයට ගියෙමි.
“තදා සො ලොකපජ්ජොතො, ධම්මං දෙසෙසි නායකො; මඤ්ජුස්සරානං පවරං, සාවකං අභිකිත්තයි.
එකල ලොවට පහනක් වූ ලෝකනායකයන් වහන්සේ දහම් දෙසමින් සිට, මධුරස්වර ඇති ශ්‍රාවකයකු අගතනතුරෙහි තැබූ සේක.
“තං සුත්වා මුදිතො හුත්වා, කාරං කත්වා මහෙසිනො; වන්දිත්වා සත්ථුනො පාදෙ, තං ඨානමභිපත්ථයිං.
එය අසා සතුටට පත් මම මහර්ෂී වූ බුදුපියාණන් වහන්සේට සත්කාර කොට, එම අගතනතුරට පැතුවෙමි.
“තදා බුද්ධො වියාකාසි, සඞ්ඝමජ්ඣෙ විනායකො; අනාගතම්හි අද්ධානෙ, ලච්ඡසෙ තං මනොරථං.
එකල ශ්‍රේෂ්ඨ නායක වූ බුදුපියාණන් වහන්සේ සඟ මැද හිඳ “අනාගතයේ නුඹගේ මනෝරථය ඉටුවන්නේය”යි විවරණ දුන් සේක.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
“මීට කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින, ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.
“තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො; භද්දියො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
උන්වහන්සේගේ ධර්මයට දායාද වූ ධර්මයෙන් නිර්මිත කළා වූ ඖරස පුත්‍ර වූ භද්දිය නම් ශාස්තෲ ශ්රාවකව මෙතෙම උපදින්නේ ය.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
මෙසේ විවරණ ලද මම මනාව සිදුකළ චිත්ත ප්‍රාර්ථනාව හා චිත්ත ප්රණිධියත්, පුණ්‍ය කර්මයනුත් නිසා මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
“ද්වෙනවුතෙ ඉතො කප්පෙ, ඵුස්සො උප්පජ්ජි නායකො; දුරාසදො දුප්පසහො, සබ්බලොකුත්තමො ජිනො.
මීට කල්ප අනූ දෙකකට පෙර දී කිසිවකුට ගැටිය නොහැකි වූ මැඬලිය නොහැකි වූ සව්ලෝ මුදුන් වූ පස්මරුන් දිනුවා වූ පසළොස් චරණ දහමින් යුතු වූ මහත් සෘජු ප්‍රතාප ගුණ ඇති ඵුස්ස නම් බුදුහු ලොව පහළ වූහ. සව්සතුන්ටම හිත වැඩ සැලසූ උන්වහන්සේ බොහෝ ජනයා සසර බැඳුමෙන් මුදාලූහ.
“චරණෙන ච සම්පන්නො, බ්රහා උජු පතාපවා; හිතෙසී සබ්බසත්තානං, බහුං මොචෙසි බන්ධනා.
“නන්දාරාමවනෙ තස්ස, අහොසිං ඵුස්සකොකිලො; ගන්ධකුටිසමාසන්නෙ, අම්බරුක්ඛෙ වසාමහං.
උන්වහන්සේ විසූ නන්දාරාම නම් රජ උයනෙහි ඵුස්ස නම් කෝකිලයෙක්ව උපන් මම ගඳකිළිය සමීපයේ වූ අඹ රුකෙහි විසුවෙමි.
“තදා පිණ්ඩාය ගච්ඡන්තං, දක්ඛිණෙය්යං ජිනුත්තමං; දිස්වා චිත්තං පසාදෙත්වා, මඤ්ජුනාභිනිකූජහං.
පිඬු පිණිස වඩින්නා වූ දක්ෂිණාර්හ වූ බුදුරදුන් දැක සිත පහදවා මිහිරි නදින් හැඬුවෙමි.
“රාජුය්යානං තදා ගන්ත්වා, සුපක්කං කනකත්තචං; අම්බපිණ්ඩං ගහෙත්වාන, සම්බුද්ධස්සොපනාමයිං.
රජ උයනට ගිය මම රන්වන් වූ සිවි ඇති මනාව ඉදුණු අඹ ගෙඩියක් සම්බුදුරදුන්ට පිදුවෙමි.
“තදා මෙ චිත්තමඤ්ඤාය, මහාකාරුණිකො ජිනො; උපට්ඨාකස්ස හත්ථතො, පත්තං පග්ගණ්හි නායකො.
මගේ අදහස දත් ලෝකනායක වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ, සිය උපස්ථායක හිමියන් අතින් පාත්‍රය ගත් සේක.
“අදාසිං හට්ඨචිත්තොහං, අම්බපිණ්ඩං මහාමුනෙ; පත්තෙ පක්ඛිප්ප පක්ඛෙහි, පඤ්ජලිං කත්වාන මඤ්ජුනා.
සතුටු සිතැති මම අඹගෙඩිය බුදුරදුන්ට පිදුවෙමි. අඹගෙඩිය පාත්‍රයේ තැබූ මම, පියාපතින් ඇඳිලි බැඳ වැඳ, සිත් අලවන, මිහිරි ඇසීමට ප්‍රිය වූ නාදයෙන් බුද්ධ පූජා කරමින් කැදැල්ලට ගොස් වැදහොත්තෙමි.
“සරෙන රජනීයෙන, සවනීයෙන වග්ගුනා; වස්සන්තො බුද්ධපූජත්ථං, නීළං ගන්ත්වා නිපජ්ජහං.
“තදා මුදිතචිත්තං මං, බුද්ධපෙමගතාසයං; සකුණග්ඝි උපාගන්ත්වා, ඝාතයී දුට්ඨමානසො.
බුද්ධාලම්භන ප්‍රීතියෙන් ප්රමෝදයට පත් සිතින් විසූ මා වෙත වහා පැමිණි දුෂ්ට සිත් ඇති උකුස්සෙකු මා මැරීය.
“තතො චුතොහං තුසිතෙ, අනුභොත්වා මහාසුඛං; මනුස්සයොනිමාගච්ඡිං, තස්ස කම්මස්ස වාහසා.
ඒ ආත්මභාවයෙන් චුත වූ මම කුසල් බලයෙන් තුසිත දෙව්ලොව ඉපිද මහත් සම්පත් විඳ, මනුෂ්‍ය ලෝකයේ උපන්නෙමි.
“ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
මේ මහා භද්‍ර කල්පයේ බ්‍රාහ්මණ වංශයේ මහත් වූ යශස් ඇති, වාදීන් අතර ශ්‍රේෂ්ඨ වූ කාශ්‍යප නම් බුදුහු ලොව පහළ වූහ.
“සාසනං ජොතයිත්වා සො, අභිභුය්ය කුතිත්ථියෙ; විනයිත්වාන වෙනෙය්යෙ, නිබ්බුතො සො සසාවකො.
තම සසුන බැබලවූ උන්වහන්සේ; මිසදිටුවන් මැඬ, විනේය ජනයන් හික්මවා, ශ්‍රාවකයන් සහිත බුදුසසුන් ඇති කරවා පිරිනිවියහ.
“නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ, පසන්නා ජනතා බහූ; පූජනත්ථාය බුද්ධස්ස, ථූපං කුබ්බන්ති සත්ථුනො.
උන්වහන්සේ කෙරෙහි පැහැදුණු බොහෝ දෙන, ඒ ශාස්තෲන් වහන්සේට පූජා පිණිස සෑයක් කරවන කල්හි, “මහර්ෂී වූ බුදුරදුන්ට සත් රුවනින් අලංකාර වූ සත් යොදුන් සෑයක් කරන්නෙමු”යි සාකච්ඡා කළහ.
“සත්තයොජනිකං ථූපං, සත්තරතනභූසිතං; කරිස්සාම මහෙසිස්ස, ඉච්චෙවං මන්තයන්ති තෙ.
“කිකිනො කාසිරාජස්ස, තදා සෙනාය නායකො; හුත්වාහං අප්පමාණස්ස, පමාණං චෙතියෙ වදිං.
එකල මම කිකී නම් කාසි රජ සේනාවේ සේනාධිපතිව හිඳ චෛත්‍යයේ ප්‍රමාණය ඉතා විශාල යැයි කීවෙමි.
“තදා තෙ මම වාක්යෙන, චෙතියං යොජනුග්ගතං; අකංසු නරවීරස්ස, නානාරතනභූසිතං.
මගේ වදන් පිළිගත් ඒ සැමදෙනා එකතුව බුදුරදුන්ගේ චෛත්‍යය යොදුනක් උසට නොයෙක් රත්නයන්ගෙන් අලංකාර කර නිමවූහ.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ කුසල කර්මයට සම්බන්ධ වූ මම, මැරී ගොස් තුසී දෙව්ලොව උපන්නෙමි.
“පච්ඡිමෙ ච භවෙ දානි, ජාතො සෙට්ඨිකුලෙ අහං; සාවත්ථියං පුරවරෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
අවසන් භවයෙහි මම සැවැත් නුවර මහධනවත් පවුලක සිටු කුමරෙක් ව උපන්නෙමි.
“පුරප්පවෙසෙ සුගතං, දිස්වා විම්හිතමානසො; පබ්බජිත්වාන න චිරං, අරහත්තමපාපුණිං.
නුවර දොරටුවෙහි දී උතුම් බුදුසිරි දුටු මම විශ්මය පත් සිතින් පැවිදිව නොබෝ කලකින්ම රහත් වූයෙමි.
“චෙතියස්ස පමාණං යං, අකරිං තෙන කම්මුනා; ලකුණ්ඩකසරීරොහං, ජාතො පරිභවාරහො.
චෛත්‍යයේ විශාලත්වය අඩු කරන ලෙස දුන් උපදෙස් නිසා මාගේ ශරීරය නින්දාවට යෝග්‍ය පරිදි මිටි විය.
“සරෙන මධුරෙනාහං, පූජිත්වා ඉසිසත්තමං; මඤ්ජුස්සරානං භික්ඛූනං, අග්ගත්තමනුපාපුණිං.
මාගේ මිහිරි කටහඬින් බුදුන් පිදූ මම, මංජුස්සර භික්ෂූන්ගෙන් අග්‍රබවට පැමිණියෙමි.
“ඵලදානෙන බුද්ධස්ස, ගුණානුස්සරණෙන ච; සාමඤ්ඤඵලසම්පන්නො, විහරාමි අනාසවො.
බුදුරදුන්ට අඹ ඵලයක් පිදීමෙන් ද බුදුගුණ සිහිකිරීමෙන් ද ලබාගත් ශ්‍රමණ ධර්මයන්ගෙන් යුක්ත වූ මම ආශ්‍රව රහිතව වෙසෙමි.”
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
“දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
අපරභාගෙ අඤ්ඤං බ්යාකරොන්තො –
ඊට පසු කාලයක සිය රහත් බව ප්‍රකාශ කරමින් මේ ගාථා තුන වදාළහ.
“පරෙ අම්බාටකාරාමෙ, වනසණ්ඩම්හි භද්දියො; සමූලං තණ්හමබ්බුය්හ, තත්ථ භද්දොව ඣායති.
“පරෙ අම්බාටකාරාමෙ වනසණ්ඩම්හි භද්දියො, සමූලං තණ්හං අබ්බුය්හ තත්ථ භද්දො ඣියායති”
“රමන්තෙකෙ මුදිඞ්ගෙහි, වීණාහි පණවෙහි ච; අහඤ්ච රුක්ඛමූලස්මිං, රතො බුද්ධස්ස සාසනෙ.
“රමන්තෙකෙ මුතිංගෙහි වීණාහි පණවෙහි ච, අහඤ්ච රුක්ඛමූලස්මිං රතො බුද්ධස්ස සාසනෙ”
“බුද්ධො චෙ මෙ වරං දජ්ජා, සො ච ලබ්භෙථ මෙ වරො; ගණ්හෙහං සබ්බලොකස්ස, නිච්චං කායගතං සති”න්ති. –
“බුද්ධො ච මෙ වරං දජ්ජා සො ච ලබ්භෙථ මෙ වරො, ගණ්හෙහං සබ්බ ලොකස්ස නිච්චං කායගතාසතී” නතී.
ඉමා තිස්සො ගාථා අභාසි.
තත්ථ පරෙති සෙට්ඨෙ අධිකෙ, විසිට්ඨෙති අත්ථො. අධිකවාචී හි අයං පරසද්දො “පරං විය මත්තායා”තිආදීසු විය. අම්බාටකාරාමෙති එවංනාමකෙ ආරාමෙ. සො කිර ඡායූදකසම්පන්නො වනසණ්ඩමණ්ඩිතො රමණීයො හොති තෙන “පරෙ”ති විසෙසෙත්වා වුත්තො. “අම්බාටකවනෙ අම්බාටකෙහි අභිලක්ඛිතවනෙ”ති ච වදන්ති. වනසණ්ඩම්හීති වනගහනෙ, ඝනනිචිතරුක්ඛගච්ඡලතාසමූහෙ වනෙති අත්ථො. භද්දියොති එවංනාමකො, අත්තානමෙව ථෙරො අඤ්ඤං විය වදති. සමූලං තණ්හමබ්බුය්හාති තණ්හාය මූලං නාම අවිජ්ජා. තස්මා සාවිජ්ජං තණ්හං අග්ගමග්ගෙන සමුග්ඝාටෙත්වාති අත්ථො. තත්ථ භද්දොව ඣායතීති ලොකුත්තරෙහි සීලාදීහි භද්දො සුන්දරො තස්මිංයෙව වනසණ්ඩෙ කතකිච්චතාය දිට්ඨධම්මසුඛවිහාරවසෙන අග්ගඵලඣානෙන ඣායති.
මෙහි “පරෙ” යනු ශ්‍රේෂ්ඨ වූ උසස් වූ විශිෂ්ට වූ යන අර්ථයයි. මෙහි “පර” ශබ්දය “පරං විය අත්තායති” ආදි තැන්වල මෙන් “උසස්ය” යන අර්ථයේ යෙදේ. “අම්බාටකාරාමෙ” එනම් වූ අරමෙහි, ඒ උයන දිය, සෙවණ යන සම්පත්වලින් අලංකාර වූ රමණීය වන ලැහැබකි. ඊට “ශ්‍රේෂ්ඨ” යනුවෙන් සුවිශේෂී කර දැක්වූ කල්හි, “අඹ වලින් ඉතා අලංකාර වූ අම්බාටක නම් වනයේ” යනුවෙන් ද අර්ථ කියති. “වන සණ්ඩම්හි” යන ගහනයෙහි. එක්රැස් වූ ගස්, වැල් සමූහයෙන් යුතු වනයෙහි. “භද්දියො”, භද්දිය නම් තෙරුන් තමාට වෙනත් අයකුට මෙන් කියයි. “සමූලං තණ්හං අබ්බුය්හ” තණ්හාවේ මුල නම් අවිද්‍යාවයි. එනිසා ඒ අවිද්‍යාව, තණ්හාව ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් (රහත් වීමෙන්) මුලිනුපුටා දැමුවෙමි. “තත්ථ භද්දො ඣියායති” ලෝකෝත්තර වූ ශීලාදියෙන් භද්රවූයේ, සුන්දර වූයේ, එම වන ලැහැබෙහිම වැඩහිඳ; කළයුතු කටයුතු නිම වූ බැවින් මෙලොව සැප විඳිම් වශයෙන්, අග්‍රඵල ධ්‍යානයෙන් යුතුව ධ්‍යාන වඩයි.
ඵලසුඛෙන ච ඣානසමාපත්තීහි ච වීතිනාමෙතීති අත්තනො විවෙකරතිං දස්සෙත්වා “රමන්තෙකෙ”ති ගාථායපි බ්යතිරෙකමුඛෙන තමෙවත්ථං දස්සෙති. තත්ථ මුදිඞ්ගෙහීති අඞ්ගිකාදීහි මුරජෙහි. වීණාහීති නන්දිනීආදීහි වීණාහි. පණවෙහීති තුරියෙහි රමන්ති එකෙ කාමභොගිනො, සා පන තෙසං රති අනරියා අනත්ථසංහිතා. අහඤ්චා ති අහං පන, එකකො බුද්ධස්ස භගවතො සාසනෙ රතො, තතො එව රුක්ඛමූලස්මිං රතො අභිරතො විහරාමීති අත්ථො.
ඵල සුවයෙන් ද ධ්‍යාන සමාපත්තියෙන් ද කල් ගෙවයි. මෙසේ තමන් වහන්සේ විවේකයේ ඇලුණු බව දක්වා “රමන්තෙ කෙ” යන ගාථාවෙන් ද එය තවත් පැහැදිලි කරමින් එම අර්ථයම දක්වයි. එහි “මුතිංගෙහි” මිරිඟු බෙර වලින් ද “වීණාහි” නන්දන ආදී වීණාවන්ගෙන් ද “පණවෙහි” පණා බෙරයෙන් ද ඇතැම් කාමභෝගීහු සිත් අලවා ප්‍රීති වෙති. ඔවුන්ගේ ඒ ඇලීම අනාර්යවූවකි. අනර්ථය පිණිසම හේතුවන්නකි. මම වනාහි හුදකලාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සසුනේ ඇලුණෙමි. එමෙන්ම මේ රුක් මුල ඇලී, සතුටින් වෙසෙමි.
එවං අත්තනො විවෙකාභිරතිං කිත්තෙත්වා ඉදානි යං කායගතාසතිකම්මට්ඨානං භාවෙත්වා අරහත්තං පත්තො, තස්ස පසංසනත්ථං “බුද්ධො චෙ මෙ”ති ගාථමාහ. තස්සත්ථො – සචෙ බුද්ධො භගවා “එකාහං, භන්තෙ, භගවන්තං වරං යාචාමී”ති මයා යාචිතො “අතික්කන්තවරා ඛො, භික්ඛු, තථාගතා”ති අපටික්ඛිපිත්වා මය්හං යථායාචිතං වරං දදෙය්ය, සො ච වරො මමාධිප්පායපූරකො ලබ්භෙථ මය්හං මනොරථං මත්ථකං පාපෙය්යාති ථෙරො පරිකප්පවසෙන වදති. “භන්තෙ, සබ්බො ලොකො සබ්බකාලං කායගතාසතිකම්මට්ඨානං භාවෙතූ”ති “සබ්බලොකස්ස නිච්චං කායගතාසති භාවෙතබ්බා”ති කත්වා වරං ගණ්හෙ අහන්ති දස්සෙන්තො ආහ “ගණ්හෙහං සබ්බලොකස්ස, නිච්චං කායගතං සති”න්ති. ඉදානි අපරික්ඛණගරහාමුඛෙන පරික්ඛණං පසංසන්තො –
මෙසේ තමන් වහන්සේ විවේකයෙහි ඇලුණු ආකාරය ප්‍රකාශ කළ තෙරණුවෝ; දැන් යම් කායගතාසති කමටහනක් වඩා රහත් බවට පත්වූසේක් ද ඒ භාවනාව වර්ණනා කරමින් “බුද්ධොපි මෙ” යන තෙවන ගාථාව වදාළහ. එහි අර්ථ මෙසේය. – “ඉදින් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ, “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේගෙන් මම එක් වරයක් ඉල්ලමි”යි මම උන්වහන්සේගෙන් වරයක් ඉල්ලූ කල්හි. “මහණ! තථාගතවරු වර ඉක්මවූවෝය” යනුවෙන් පවසා මාගේ වරය ප්‍රතික්ෂේප නොකර, මා ඉල්ලූ වරය ඉදින් මට දෙන සේක් නම්, ඒ වරය මගේ අදහස් අනුව, මනදොළ සපුරමින් ලැබේද, ඉදින් මාගේ මනෝරථය මස්තකප්රාප්ත වේද” යනුවෙන් තෙරුන් පරිකල්පනයක්, උපකල්පනයක් කරයි. “ස්වාමීනි, මේ මුළු ලෝක සත්ත්වයා සැම කල්හිම කායගතාසති කමටහන වඩත්වා” යනුවෙන් හෝ මේ මුළු ලෝක සත්ත්වයා සැම කල්හි ම කායගතාසති කමටහන වඩත්වා” යනුවෙන් හෝ මේ මුළු ලෝක සත්ත්වයා නිතරම කායගතාසතිය වැඩිය යුතුයි” යනුවෙන් හෝ පවසා; “වරං ගණ්හෙය්ය අහං” මම වරයක් ගන්නේ නම් මැනවි. මම මේ කායගතා සතිය ම සම්බන්ධ වූ වරයක් ගනිමි. දැන් අපරීක්ෂාකාරීන්ට ගරහමින් ද පරීක්ෂාකාරී විමසන්නවුන්ට පසසමින් ද උන්වහන්සේ දෙසූ මේ සතර ගාථාවෝ දක්වනු ලැබේ.
“යෙ මං රූපෙන පාමිංසු, යෙ ච ඝොසෙන අන්වගූ; ඡන්දරාගවසූපෙතා, න මං ජානන්ති තෙ ජනා.
“යෙ මං රූපෙන පාමිංසු යෙ ච ඝොසෙන අන්වගූ, ඡන්දරාගවසුපෙතා න මං ජානන්ති තෙ ජනා”
“අජ්ඣත්තඤ්ච න ජානාති, බහිද්ධා ච න පස්සති; සමන්තාවරණො බාලො, ස වෙ ඝොසෙන වුය්හති.
“අජ්ඣත්තඤ්ච න ජානාති බහිද්ධා ච න පස්සති, සමන්තාවරණො බාලො සවෙ ඝොසෙන වුය්හති”
“අජ්ඣත්තඤ්ච න ජානාති, බහිද්ධා ච විපස්සති; බහිද්ධා ඵලදස්සාවී, සොපි ඝොසෙන වුය්හති.
“අජ්ඣත්තඤ්ච න ජානාති බහිද්ධා ච විපස්සති, බහිද්ධා ඵල දස්සාවී, සොපි ඝොසෙන වුය්හති”
“අජ්ඣත්තඤ්ච පජානාති, බහිද්ධා ච විපස්සති; අනාවරණදස්සාවී, න සො ඝොසෙන වුය්හතී”ති. –
“අජ්ඣත්තඤ්ච පජානාති බහිද්ධා ච විපස්සති, අනාවරණදස්සාවී, නසො ඝොසෙන වුය්හතී”
ඉමා චතස්සො ගාථා අභාසි.
තත්ථ යෙ මං රූපෙන පාමිංසූති යෙ ජනා අවිද්දසූ මම රූපෙන අපසාදිකෙන නිහීනෙන “ආකාරසදිසී පඤ්ඤා”ති, ධම්මසරීරෙන ච මං නිහීනං පාමිංසු, “ඔරකො අය”න්ති හීළෙන්තා පරිච්ඡින්දනවසෙන මඤ්ඤිංසූති අත්ථො. යෙ ච ඝොසෙන අන්වගූති යෙ ච සත්තා ඝොසෙන මඤ්ජුනා මං සම්භාවනාවසෙන අනුගතා බහු මඤ්ඤිංසු, තං තෙසං මිච්ඡා, න හි අහං රූපමත්තෙන අවමන්තබ්බො, ඝොසමත්තෙන වා න බහුං මන්තබ්බො, තස්මා ඡන්දරාගවසූපෙතා, න මං ජානන්ති තෙ ජනාති තෙ දුවිධාපි ජනා ඡන්දරාගස්ස වසං උපෙතා අප්පහීනඡන්දරාගා සබ්බසො පහීනඡන්දරාගං මං න ජානන්ති.
මෙහි “යෙ මං රූපෙන පාමිංසු” යම් අයෙක් අඥාන බැවින් මගේ බාහිර රුව දෙස බලා අප්‍රසාදයට පත්ව, නිහීන වූ ආකාරයෙන් මට ගැරහී ද ප්‍රකට වූ ධර්ම ශරීර ඇති මා වෙත මිටි ස්වභාවය නිසා, “මොහු පහත් වූවෙකි, මිටි වූවෙකි” යනුවෙන් ලැජ්ජා කරමින් පිළිකුල් කරමින් මා වෙන්කර සලකන ලද්දාහු වෙත් ද” යන අර්ථයයි. “යෙ ච ඝොසෙන අන්වගූ,” යම් අයෙක් මිහිරි ස්වරයෙන් බණ කියන මා වෙත ගරු කිරීම් වශයෙන් අනුගතවූවාහු, බුහුමන් කරන්නාහු වෙත් ද” යන අර්ථයයි. ඔවුන්ගේ ඒ මිථ්‍යා අදහසයි. මම රූප මාත්‍රය නිසා අවමන් කළ යුත්තෙකු ද මිහිරි කටහඬක් ඇති පමණින් බුහුමන් කළ යුත්තෙකු ද නොවෙමි. එනිසා “ඡන්දරාගවසූපෙතා න මං ජානන්ති” මේ දෙපිරිසම ඡන්ද රාගයේ වසඟයට පැමිණ, ප්‍රහීන නොවූ ඡන්ද රාග ඇති බැවින්, ප්‍රහීණ කළ ඡන්ද රාග ඇති මා නොහඳුනති.
අවිසයො තෙසං මාදිසො අජ්ඣත්තං බහිද්ධා ච අපරිඤ්ඤාතවත්ථුතායාති දස්සෙතුං “අජ්ඣත්ත”න්තිආදි වුත්තං. අජ්ඣත්තන්ති අත්තනො සන්තානෙ ඛන්ධායතනාදිධම්මං. බහිද්ධාති පරසන්තානෙ. අථ වා අජ්ඣත්තන්ති, මම අබ්භන්තරෙ අසෙක්ඛසීලක්ඛන්ධාදිං. බහිද්ධාති, මමෙව ආකප්පසම්පත්තියාදියුත්තං බහිද්ධා රූපධම්මප්පවත්තිං චක්ඛුවිඤ්ඤාණාදිප්පවත්තිඤ්ච. සමන්තාවරණොති එවං අජ්ඣත්තඤ්ච බහිද්ධා ච අජානනෙන සමන්තතො ආවරණයුත්තො ආවටඤාණගතිකො. ස වෙ ඝොසෙන වුය්හතීති සො පරනෙය්යබුද්ධිකො බාලො ඝොසෙන පරෙසං වචනෙන වුය්හති නිය්යති ආකඩ්ඪීයති.
මොවුන්ට මා වැනි අයෙකුගේ අභ්‍යන්තරයත් බාහිර හැසිරීමත් පිරිසිඳ දත නොහැක. අවිෂය වේ. ඒ බව දැක්වීමට “අජ්ඣත්තං” යන ගාථාව වදාළහ. “අජ්ඣත්තං” යනු තමාගේ සන්තානයේ පවත්නා ස්කන්ධායතනාදී ධර්ම. “බහිද්ධා” අනුන්ගේ සන්තානයේ පවත්නා ස්කන්ධායතනාදී ධර්ම. නැතහොත් “අජ්ඣත්තං” යනු මගේ අභ්‍යන්තරයේ පවත්නා අශේඛ වූ සීලස්කන්ධාදියයි. “බහිද්ධා” මගේම ආකල්ප සම්පත්ති ආදියෙන් යුතු බාහිර රූප ධර්මයන්ගේ පැවතීමත්, චක්ඛු විඥානාදියේ පැවතීමත් ය. “සමන්තාවරණො” මෙසේ අධ්‍යාත්මයත්, බාහිර ධර්මයනුත් (ඇතුළතත්, පිටතත්) නොදැනීමෙන් හාත්පසින්ම ආවරණ වූ - මුවහ වූ අඥාන ස්වභාව ඇති බාලයා “සවෙ ඝොසෙන වුය්හතී” එබඳු පුද්ගලයා අනුන් විසින් මඟ පෙන්විය යුතු බුද්ධි ඇති, බාලයෙක් වූයේ, මිහිරි කටහඬට, අනුන්ගේ වචනවලට ඇදී යයි. ගෙන යයි. ආකර්ෂණය වේ.
බහිද්ධා ච විපස්සතීති යො ච වුත්තනයෙන අජ්ඣත්තං න ජානාති, බහිද්ධා පන සුතානුසාරෙන ආකප්පසම්පත්තිආදිඋපධාරණෙන වා විසෙසතො පස්සති. “ගුණවිසෙසයුත්තො සියා”ති මඤ්ඤති, සොපි බහිද්ධා ඵලදස්සාවී නයග්ගාහෙන ඵලමත්තං ගණ්හන්තො වුත්තනයෙන ඝොසෙන වුය්හති, සොපි මාදිසෙ න ජානාතීති අත්ථො.
“බහිද්ධාච විපස්සති” යමෙක් පෙර කී ලෙසම අධ්‍යාත්මය නොදනිති. නමුත් ඔහු ශ්රැතියෙන් (ඇසූ පරිද්දෙන්) හා ආකල්ප සම්පත්ති ආදිය සළකා බැලීමෙන් පිටත මැනවින් දකියි. “මෙතෙම ආර්ය ගුණ උපදවා ගන්නෙක් වන්නේය”යි සිතයි. එබඳු වූ අභ්‍යන්තරය නොදකිත් බාහිරින් පමණක් මා අවබෝධ කරගත්, “බහිද්ධා ඵලදස්සාවී” පිටත ඵල පමණක් දක්නා වූ න්‍යායානුකූලව ඵලය පමණක් ගන්නා වූ මේ පුද්ගලයාත් මා පිළිබඳව “ඝොසෙන වුය්හතී” මැනවින් නොදනියි. ඔහු ද මිහිරි කටහඬට පමණක් ඇලී ආවෙකි.
යො පන අජ්ඣත්තඤ්ච ඛීණාසවස්ස අබ්භන්තරෙ අසෙක්ඛසීලක්ඛන්ධාදිගුණං ජානාති, බහිද්ධා චස්ස පටිපත්තිසල්ලක්ඛණෙන විසෙසතො ගුණවිසෙසයොගං පස්සති. අනාවරණදස්සාවී කෙනචි අනාවටො හුත්වා අරියානං ගුණෙ දට්ඨුං ඤාතුං සමත්ථො, න සො ඝොසමත්තෙන වුය්හති යාථාවතො දස්සනතොති.
යමෙක් “අජ්ඣත්තං ච පජානාති”, ක්ෂීණාශ්රවයන් වහන්සේගේ අධ්‍යාත්මයේ අභ්‍යන්තරයේ වූ අශේඛ ශීලාදී ගුණ මහිමයන් දන්නේ ද පිටත, බාහිර පැවති ආකල්ප, සම්පත්ති, ප්‍රතිපත්ති ආදී ලක්ෂණ විශේෂ ඥානයෙන් දක්නේ ද ඔහුම මැනවින් මා පිළිබඳව දත්තෙකි. “අනාවරණ දස්සාවී” කිසිම ආවරණයක් රහිතව ආර්ය ගුණ දැකීමට, දැනගැනීමට සමර්ථ වූ හෙතෙම “ඝොසෙන වුය්හතී” මිහිරි කටහඬට නොඇලෙන්නෙකි. ඝෝෂයෙන් ඇඳගෙන නොයන්නෙකි.
ලකුණ්ඩකභද්දියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ලකුණ්ටක භද්දිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.