යෙදුමෙන් කියවන්න

සොපාකත්‍ථෙරගාථා

7. 1. 4.

7. 1. 4.

480. දිස‍්වා පාසාදඡායායං චඞ‍්කමන‍්තං නරුත‍්තමං, තත්‍ථ නං උපසඞ‍්කම‍්ම වන්‍දිසං පුරිසුත‍්තමං.

480. ගන්‍ධකුටිච්ඡායායෙහි සක්මන් කරන පුරුෂෝත්තමයන් වහන්සේ දැකැ එහි උන් වහන්සේ කරා එළැඹැ පුරුෂෝත්තමයන් වහන්සේ වැන්දෙමි.

481. එකංසං චීවරං කත්‍වා සංහරිත්‍වාන පාණයො, අනුචඞ‍්කමිස‍්සං විරජං සබ‍්බසත‍්තානමුත‍්තමං.

481. සිවුර එකස් කොට පෙරෙවැ දෙ අත් එක් කොට (ඇඳිලිබැඳගෙන) හැම සත්නට උතුම් වූ විගතරජස් ඇති භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කෙළෙමි.

482. තතො පඤ‍්හෙ අපුච‍්ඡි මං පඤ‍්හානං කොවිදො විදූ, අච‍්ඡම‍්භී ච අභීතො ච ව්‍යාකාසිං සත්‍ථුනො අහං.

482. ඉක්බිති ප්‍රශ්නයෙහි නිපුණ වූ සර්‍වඥයන් වහන්සේ මාගෙන් කුමාරක ප්‍රශ්නයන් විචාළසේක. මම නො තැතිගත්තෙම් ද නො බිය වූයෙම් ද ශාස්තෲන් වහන්සේට ප්‍රශ්නව්‍යාකරණ (විසඳුන්) කෙළෙමි.

483. විස‍්සජ‍්ජිතෙසු පඤ‍්හෙසු අනුමොදි තථාගතො, භික‍්ඛුසඞ‍්ඝං විලොකෙත්‍වා ඉමමත්‍ථං අභාසථ.

483. පැන විසඳූ කල්හි තථාගතයන් වහන්සේ අනුමෝදන් වූහ. භික්‍ෂුසඞ්ඝයා බලා මෙ කරුණ වදාළහ:

484. ලාභා අඞ‍්ගානමගධානං යෙසායං පරිභුඤ‍්ජති, චීවරං පිණ‍්ඩපාතං ච පච‍්චයං සයනාසනං, පච‍්චුට‍්ඨානං ච සාමීචිං තෙසං ලාභාති චාබ්‍රවි.

484. “මේ සෝපාක යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා ගිලන්පස සෙනෙසුන් වළඳා නම් ඒ අඟුමගධ දනවු වැසියනට ලාභයෙකි. දැකැ හුනස්නෙන් නැඟීසිටිනු ද සාමීචිකර්‍ම ද ඔවුනට ලාභයෙකැ’යි වදාළහ.

485. අජ‍්ජතග‍්ගෙ මං සොපාක දස‍්සනායුපසඞ‍්කම, එසා චෙව තෙ සොපාක භවතු උපසම‍්පදා.

485. සෝපාකයෙනි, අද පටන් දක්නා පිණිස මා කරා එළඹෙව. සෝපාකයෙනි, තෙල ප්‍රශ්නව්‍යාකරණ මැ තොපගේ උපසම්පදා වේවා”යි.

486. ජාතියා සත‍්තවස‍්සොහං ලද‍්ධාන උපසම‍්පදං, ධාරෙමි අන‍්තිමං දෙහං අහො ධම‍්මසුධම‍්මතා’ති.

486. මම උපතින් සත්හැවිරිදි වූයෙම් උපසම්පත් ලැබැගෙන අන්තිම ශරීර ධරමි. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය නියා යැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සොපාකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් සෝපාක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

සොපාකත්‍ථෙරගාථා.

සෝපාක ස්ථවිරගාථා යි.