යෙදුමෙන් කියවන්න

සරභඞ‍්ගත්‍ථෙරගාථා

7. 1. 5.

7. 1. 5.

487. සරෙ හත්‍ථෙහි භඤ‍්ජිත්‍වා කත්‍වාන කුටිමච‍්ඡිසං, තෙන මෙ සරභඞ‍්ගොති නාමං සම‍්මුතියා අහු.

487. (මම) හීතණ අතින් බිඳගෙන පන්සලක් කොටගෙන වාස කෙළෙමි. එයින් මට ‘සරභඞ්ග’ යයි නමෙක් සම්මුතියෙන් විය.

488. න මය‍්හං කප‍්පතෙ අජ‍්ජ සරෙ හත්‍ථෙහි භඤ‍්ජිතුං, සික‍්ඛාපදා නො පඤ‍්ඤත‍්තා ගොතමෙන යසස‍්සිනා.

488. අද මට හීතණ අතින් බිඳිනට නො කැප වෙයි. යසස්වී වූ ගොයුම්ගොතුවන් විසින් අපට සිඛපද පනවනලදි.

489. සකලං සමත‍්තං රොගං සරභඞ‍්ගො නාද‍්දසං පුබ‍්බෙ, සො’යං රොගො දිට‍්ඨො වචනකරෙනාතිදෙවස‍්ස.

489. සරභඞ්ග වූ මම (ශාස්තෲන් වහන්සේගේ අවවාදලාභයට) පෙර සියලු (උපාදානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) රෝගය නිරවශේෂ කොට නුදුටිමි. දේවාතිදේව බුදුන්ගේ වචනය කරන මා විසින් ඒ රෝගය දක්නාලද්දේ යැ.

490. යෙනෙව මග‍්ගෙන ගතො විපස‍්සී යෙනෙව මග‍්ගෙන සිඛී ච වෙස‍්සභූ, කකුසන්‍ධකොණාගමනා ච කස‍්සපො තෙනඤ‍්ජසෙන අගමාසි ගොතමො.

490. යම් මැ මඟෙකින් විපස්සී බුදුහු වැඩිසේක් නම් යම් මැ මඟෙකින් සිඛී බුදුහු ද වෙස්සභූ බුදුහු ද කකුසඳ බුදුහු ද කෝණාගමන බුදුහු ද කාශ්‍යප බුදුහු ද වැඩි සේක් නම් එමඟින් ගෞතම බුදුහු වැඩිසේක.

491. වීතතණ‍්හා අනාදානා සත‍්ත බුද‍්ධා ඛයොගධා, යෙහයං දෙනිතො ධම‍්මො ධම‍්මභූතෙහි තාදිහි.

491. දුරු කළ තෘෂ්ණා ඇති උපාදාන රහිත වූ නිවනෙහි පිහිටි (විපස්සී ආදී) සත් බුදු කෙනෙකි. (නවලොවුතුරු) දහමින් උපන් තාදීගුණ ඇති උන් වහන්සේ විසින් මෙ දහම දෙසනලදි:

492. චත‍්තාරි අරියසච‍්චානි අනුකම‍්පාය පාණිනං, දුක‍්ඛං සමුදයො මග‍්ගො නිරොධො දුක‍්ඛසඞ‍්ඛයො.

492. (උපාදානස්කන්‍ධපඤ්චක සඞ්ඛ්‍යාත) දුඃඛ යැ (දුකට කරුණු වූ තෘෂ්ණා සඞ්ඛ්‍යාත) සමුදය යැ දුඃඛනිරෝධයට උපාය වූ ආර්‍ය්‍යමාර්‍ග යැ (අධිගත) යම් නිරොධයෙක්හි සසරැ අනන්ත වූ දුක නවතී ද ඒ දුඃඛක්‍ෂ ය වූ නිරෝධ යැ යන සතර ආර්‍ය්‍යසත්‍යයෝ සත්ත්‍වයනට අනුකම්පා පිණිස දෙසනලදහ.

493. යස‍්මිං නිවත‍්තතෙ දුක‍්ඛං සංසාරස‍්මිං අනන‍්තකං, භෙදා ඉමස‍්ස කායස‍්ස ජීවිතස‍්ස ච සඞ‍්ඛයා, අඤ‍්ඤො පුනබ‍්භවො නත්‍ථි සුවිමුත‍්තොම‍්හි සබ‍්බධී’ති.

493. මේ (පඤ්චස්කන්‍ධ) කායයාගේ භේදයෙනුදු ජීවිතේන්‍ද්‍රියයාගේ ක්‍ෂය වීමෙනුදු මතු අන්‍ය පුනර්‍භවයෙක් නැත. හැම තැන්හි (කෙලෙසුන්ගෙන් ද භවයෙන් ද, මොනොවට මිදුණෙමි’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සරභඞ‍්ගො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් සරභඞ්ග ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

සරභඞ‍්ගත්‍ථෙරගාථා.

සරභඞ්ග ස්ථවිරගාථා යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

සුන්‍දරසමුද‍්දො ථෙරො ථෙරො ලකුණ‍්ටභද‍්දියො, භද‍්දො ථෙරො ච සොපාකො සරභඞ‍්ගො මහාඉසි, සත‍්තකෙ පඤ‍්චකා ථෙරා ගාථායො පඤ‍්චතිංසතී’ති.

සුන්‍දරසමුද්ද ස්ථවිර යැ, ලකුණ්ටකභද්දිය ස්ථවිර යැ, භද්ද ස්ථවිර යැ , සෝපාක ස්ථවිර යැ , මහර්ෂි සරභඞ්ග ස්ථවිර යැ සත්තකනිපාතයෙහි තෙරහු පස් දෙනෙකි. ගාථා පන්තිසෙකි.

සත‍්තකනිපාතො නිට‍්ඨිතො.

සත්තක නිපාතය නිමි.