යෙදුමෙන් කියවන්න

සිරිමිත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සිරිමිත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

සිරිමිත්ත ස්ථවිරගාථා වර්ණනාව

අක‍්කොධනොතිආදිකා ආයස‍්මතො සිරිමිත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ මහද‍්ධනකුටුම‍්බිකස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, සිරිමිත‍්තොති ලද‍්ධනාමො. තස‍්ස කිර මාතා සිරිගුත‍්තස‍්ස භගිනී. තස‍්ස වත්‍ථු ධම‍්මපදවණ‍්ණනායං (ධ· ප· අට‍්ඨ· 1.ගරහදින‍්නවත්‍ථු) ආගතමෙව. සො සිරිගුත‍්තස‍්ස භාගිනෙය්‍යො සිරිමිත‍්තො වයප‍්පත‍්තො සත්‍ථු ධනපාලදමනෙ ලද‍්ධප‍්පසාදො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පත‍්තො. එකදිවසං පාතිමොක‍්ඛං උද‍්දිසිතුං ආසනං අභිරුහිත්‍වා චිත‍්තබීජනිං ගහෙත්‍වා නිසින‍්නො භික‍්ඛූනං ධම‍්මං කථෙසි. කථෙන‍්තො ච උළාරතරෙ ගුණෙ විභජිත්‍වා දස‍්සෙන‍්තො –

“අක්කොධනො” ආයුෂ්මත් සිරිමිත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි තැබූ ප්‍රාර්ථනා අනුව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් දහම් රැස් කරමින් පැමිණ, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහනුවර මහධනවත් කෙළෙඹියෙකුට දාව උපන්හ. එකුමරු සිරිමිත්ත නමින් ප්‍රකට විය. ඒ කුමරුගේ මව සිරිගුත්ත උපාසකගේ නැගණියයි. සිරිගුත්ත පිළිබඳව ධම්මපද වර්ණනාවේ කියැවේ. ඒ සිරිගුත්තගේ බෑණා වූ සිරිමිත්ත ශාස්තෲන් වහන්සේ ධනපාල ඇතු (නාලාගිරි) දමනය කිරීම දැකීමෙන් උපන් ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. විදසුන් කමටහනෙහි සිත යොමු කළ සිරිමිත්ත තෙරණුවෝ නොබෝ දිනකින්ම රහත් වූහ. දිනක් පාමොක් උදෙසන වේලාවෙහි පාමොක් දෙසීමට විසිතුරු විජිනිපතක් රැගෙන ආසනාරූඪ වූ සිරිමිත්ත තෙරණුවෝ භික්‍ෂූන්ට දහම් දෙසූහ. දහම් දෙසමින් ඉතා උසස් ගුණයන් බෙදා දක්වමින්, විස්තර කරමින් මේ ගාථා අට දේශනා කළහ.

“අක‍්කොධනොනුපනාහී, අමායො රිත‍්තපෙසුණො; ස වෙ තාදිසකො භික‍්ඛු, එවං පෙච‍්ච න සොචති.

“අක්කොධනො අනුපනාහී අමායො රිත්ත පෙසුනො, සවෙ තාදිසකො භික්‍ඛු එවං පෙච්ච න සොචතී”

“අක‍්කොධනොනුපනාහී, අමායො රිත‍්තපෙසුණො; ගුත‍්තද‍්වාරො සදා භික‍්ඛු, එවං පෙච‍්ච න සොචති.

“අක්කොධනො අනුපනාහී අමායො රිත්තපෙසුනො, ගුත්තද්වාරො සදා භික්‍ඛු එවං පෙච්ච න සොචති”

“අක‍්කොධනොනුපනාහී, අමායො රිත‍්තපෙසුණො; කල්‍යාණසීලො සො භික‍්ඛු, එවං පෙච‍්ච න සොචති.

“අක්කොධනො අනුපානා හී අමායො රිත්තපෙසුනො, කල්‍යාණ සීලො සො භික්‍ඛු එවං පෙච්චන සොචති”

“අක‍්කොධනොනුපනාහී, අමායො රිත‍්තපෙසුණො; කල්‍යාණමිත‍්තො සො භික‍්ඛු, එවං පෙච‍්ච න සොචති.

“අක්කොධනො අනුපනාහී අමායො රිත්තපෙසුනො, කල්‍යාණමිත්තො සො භික්‍ඛු එවං පෙච්ච න සොචති”

“අක‍්කොධනොනුපනාහී, අමායො රිත‍්තපෙසුණො; කල්‍යාණපඤ‍්ඤො සො භික‍්ඛු, එවං පෙච‍්ච න සොචති.

“අක්කොධනො අනුපනාහී අමායො රිත්තපෙසුනො, කල්‍යාණපඤ්ඤො සො භික්‍ඛු එවං පෙච්ච න සොචති”

“යස‍්ස සද‍්ධා තථාගතෙ, අචලා සුප‍්පතිට‍්ඨිතා; සීලඤ‍්ච යස‍්ස කල්‍යාණං, අරියකන‍්තං පසංසිතං.

“යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා, සීලඤ්ච යස්ස කල්‍යාණං අරියකන්තං පසංසිතං”

“සඞ‍්ඝෙ පසාදො යස‍්සත්‍ථි, උජුභූතඤ‍්ච දස‍්සනං; අදලිද‍්දොති තං ආහු, අමොඝං තස‍්ස ජීවිතං.

“සංඝෙ පසාදො යස්සත්‍ථි උජුභූතඤ්ච දස්සනං, අදළිද්දොති තං ආහූ අමොඝං තස්ස ජීවිතං”

“තස‍්මා සද‍්ධඤ‍්ච සීලඤ‍්ච, පසාදං ධම‍්මදස‍්සනං; අනුයුඤ‍්ජෙථ මෙධාවී, සරං බුද‍්ධාන සාසන”න‍්ති. – ඉමා ගාථා අභාසි;

“තස්මා සද්ධං ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසනං” තී.

තත්‍ථ අක‍්කොධනොති අකුජ‍්ඣනසීලො. උපට‍්ඨිතෙ හි කොධුප‍්පත‍්තිනිමිත‍්තෙ අධිවාසනඛන‍්තියං ඨත්‍වා කොපස‍්ස අනුප‍්පාදකො. අනුපනාහීති න උපනාහකො, පරෙහි කතං අපරාධං පටිච‍්ච “අක‍්කොච‍්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ”තිආදිනා (ධ· ප· 3; මහාව· 464; ම· නි· 3.237) කොධස‍්ස අනුපනය‍්හනසීලො. සන‍්තදොසපටිච‍්ඡාදනලක‍්ඛණාය මායාය අභාවතො අමායො. පිසුණවාචාවිරහිතතො රිත‍්තපෙසුණො, ස වෙ තාදිසකො භික‍්ඛූති සො තථාරූපො තථාජාතිකො යථාවුත‍්තගුණසමන‍්නාගතො භික‍්ඛු . එවං යථාවුත‍්තපටිපත‍්තියා පෙච‍්ච පරලොකෙ න සොචති සොකනිමිත‍්තස‍්ස අභාවතො. චක‍්ඛුද‍්වාරාදයො කායද‍්වාරාදයො ච ගුත‍්තා පිහිතා සංවුතා එතස‍්සාති ගුත‍්තද‍්වාරො. කල්‍යාණසීලොති සුන්‍දරසීලො සුවිසුද‍්ධසීලො. කල්‍යාණමිත‍්තොති –

එහි “අක්කොධනො” නොකිපෙන ස්වභාවය ඇති, කෝපවන නිමිත්තක් එළඹි කල්හි එය ඉවසාගෙන, ක්‍රෝධ සිත් නූපදවා සිටින. “අනුපානාහී” අනුන් විසින් කරන ලද අපකාරය, අවැඩ කටයුත්ත නිසා අනුන් කෙරේ වෛර නූපදවා, “අසුවලා මට බැන්නා, අසුවලා මට ගැසුවා යැයි කියමින්” ආදී වශයෙන් ක්‍රෝධ සිත්, වෛර සිත් නූපදවන ස්වභාව ඇතිව. විඩාවීම්, වෙහෙසීම් දෝෂ ලක්‍ෂණයන්ගෙන්, මායාවන්ගෙන් දුරු වූ බැවින් “අමායො” මායා රහිත වූ. “රිත්ත පෙසුතො” කේලාම් කීමෙන් වෙන්වූ. “සවෙතාදිසකෙ භික්ඛු” මෙසේ දැක්වූ ගුණයන්ගෙන් යුතු, මේ ගුණ උපදවාගත් භික්‍ෂුවම තම ඉහත දැක්වූ පිළිවෙත් මඟ යෑමෙන් පරලොව ශෝක නොකරයි. ශෝකාදී නිමිති දුරුකළ බැවින් ඒ භික්‍ෂුවගේ ඇස්, කන් ආදී කායික ඉඳුරන් මනාව සංවර වූයේය. “ගුත්තද්වාරො” වැසූ, පියූ ඉඳුරන් ඇත. “කල්‍යාණසීලො” සුන්දර, ඉතා පිරිසිදු, යහපත්, සිල් ඇත. “කල්‍යාණමිත්තො”, කළණ මිතුරා -

“පියො ගරුභාවනියො, වත‍්තා ච වචනක‍්ඛමො; ගම‍්භීරඤ‍්ච කථං කත‍්තා, නො චට‍්ඨානෙ නියොජයෙ”ති. (අ· නි· 7.37) –

“පියො ච ගරුභාවනීයො වත්තා ච වචනක්ඛමො, ගමභීර ඤ්ච කථං කත්තා නොචට්ඨානෙ නියොජයෙ” තී.

එවං විභාවිතලක‍්ඛණො කල්‍යාණමිත‍්තො එතස‍්සාති කල්‍යාණමිත‍්තො. කල්‍යාණපඤ‍්ඤොති සුන්‍දරපඤ‍්ඤො. යදිපි පඤ‍්ඤා නාම අසුන්‍දරා නත්‍ථි, නිය්‍යානිකාය පන පඤ‍්ඤාය වසෙන එවං වුත‍්තං

යනාදී වශයෙන් දැක්වූ ප්‍රිය වූ, ගරු කටයුතු බව ඇති කරන, වතාවත්හි යෙදුණු, පැවසූ දේ ඉවසන, ගැඹුරු කථා ඇතිව සුදුසු කටයුතුවලම අනුන් යොදවන කලණ මිතුරන් ඇත්තෙකි. “කල්‍යාණපඤ්ඤො” සුන්දර ප්‍රඥාවෙන් යුතු. ප්‍රඥාවේ අසුන්දර බවක් නම් නැත. නිවණට මෙහෙයවන යහපත් ප්‍රඥාවට මෙසේ කියන ලදි.

එවමෙත්‍ථ කොධාදීනං වික‍්ඛම‍්භනවසෙන සමුච‍්ඡෙදවසෙන ච අක‍්කොධනාදිමුඛෙන, පුග‍්ගලාධිට‍්ඨානාය ගාථාය සම‍්මාපටිපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි නිප‍්ඵත‍්තිතලොකුත‍්තරසද‍්ධාදිකෙ උද‍්ධරිත්‍වා පුග‍්ගලාධිට‍්ඨානාය එව ගාථාය සම‍්මාපටිපත‍්තිං දස‍්සෙන‍්තො “යස‍්ස සද‍්ධා”තිආදිමාහ. තස‍්සත්‍ථො – යස‍්ස පුග‍්ගලස‍්ස තථාගතෙ සම‍්මාසම‍්බුද‍්ධෙ “ඉතිපි සො භගවා”තිආදිනයප‍්පවත‍්තා මග‍්ගෙනාගතසද‍්ධා, තතො එව අචලා අවිකම‍්පා සුට‍්ඨු පතිට‍්ඨිතා. “අත්‍ථී”ති, පදං ආනෙත්‍වා සම‍්බන්‍ධිතබ‍්බං. අරියකන‍්තන‍්ති අරියානං කන‍්තං පියායිතං භවන‍්තරෙපි අවිජහනතො. පසංසිතන‍්ති බුද‍්ධාදීහි පසට‍්ඨං, වණ‍්ණිතං ථොමිතං අත්‍ථීති යොජනා. තං පනෙතං සීලං ගහට‍්ඨසීලං පබ‍්බජිතසීලන‍්ති දුවිධං. තත්‍ථ ගහට‍්ඨසීලං නාම පඤ‍්චසික‍්ඛාපදසීලං, යං ගහට‍්ඨෙන රක‍්ඛිතුං සක‍්කා. පබ‍්බජිතසීලං නාම දසසික‍්ඛාපදසීලං උපාදාය සබ‍්බං චතුපාරිසුද‍්ධිසීලං, තයිදං සබ‍්බම‍්පි අඛණ‍්ඩාදිභාවෙන අපරාමට‍්ඨතාය “කල්‍යාණ”න‍්ති වෙදිතබ‍්බං.

මෙසේ ක්‍රෝධ සිත් මැඬ, මුලිනුපුටා දැමූ, ක්‍රෝධ නොකිරීම මූලික කරගත් පුද්ගලාධිෂ්ඨාන කථාවෙන් යහපත් පිළිවෙත් මඟ දක්වා අනතුරුව, විරාගී සිත ලෞකික ශ්‍රද්ධාවෙන් ගෙන, ලෝකෝත්තර ශ්‍රද්ධාවෙහි පිහිටුවීම සඳහා ම වූ යහපත් පිළිවෙත් මඟ දක්වමින් සයවන ගාථාව වදාරන ලදි. එහි අර්ථ මෙසේය. “යස්ස සද්ධා තථාගතෙ” යම් පුද්ගලයෙකු ගේ සිතේ, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ මෙනෙහි කිරීම් වශයෙන් “ඉතිපි සො භගවා” යන ලෙස සිහිකර, ආර්ය මාර්ගයෙන් උපදවාගත් අචල වූ ශ්‍රද්ධාවෙන් යුතුව, කම්පා නොවී මනාව පිහිටි ශ්‍රද්ධාව ඇති යනුවෙන් “අත්‍ථි” යන පදය යොදා අර්ථ ගත යුතුයි. “අරියකන්තං” ආර්යයන්ගේ කාන්ත වූ ප්‍රිය වූ, භවන්තරයෙහි ද අත්නොහරින්නා වූ “පසංසිතං” බුද්ධාදීන් විසින් පසසන ලද, වර්ණනා කරන ලද, ස්තූති කරන ලද යන අර්ථයයි. “සීලං” මෙම ශීලයේ කොටස් දෙකකි. ගෘහස්ථ ශීලය හා පැවිදි ශීලය යනුවෙනි. එහි ගෘහස්ථ ශීලය නම් ගිහියන්ට රැකිය හැකි පංචශීලයයි. දශශික්‍ෂාවන්හි සිට චතුපාරිශුද්ධි ශීලය දක්වා ඇති ශීලය පැවිද්දන්ගේ ශීලයයි. මේ ශික්‍ෂාවන් නොකඩවා නොසිඳී කිලිටි නොවූ බැවින් “කල්‍යාණ” යැයි දත යුතුයි.

සඞ‍්ඝෙ පසාදො යස‍්සත්‍ථීති “සුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො”තිආදිනා අරියසඞ‍්ඝෙ පසාදො සද‍්ධා යස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි අචලො සුප‍්පතිට‍්ඨිතොති ආනෙත්‍වා යොජෙතබ‍්බං. උජුභූතඤ‍්ච දස‍්සනන‍්ති දිට‍්ඨිවඞ‍්කාභාවතො කිලෙසවඞ‍්කාභාවතො ච උජුභූතං. අකුටිලං අජිම‍්හං කම‍්මස‍්සකතාදස‍්සනඤ‍්චෙව සප‍්පච‍්චයනාමරූපදස‍්සනඤ‍්චාති දුවිධම‍්පි දස‍්සනං යස‍්ස අත්‍ථි අචලං සුප‍්පතිට‍්ඨිතන‍්ති යොජනා. අදලිද‍්දොති තං ආහු සද‍්ධාධනං, සීලධනං, සුතධනං, චාගධනං, පඤ‍්ඤාධනන‍්ති ඉමෙසං සුවිසුද‍්ධානං ධනානං අත්‍ථිතාය “අදලිද‍්දො”ති තං තාදිසං පුග‍්ගලං බුද‍්ධාදයො අරියා ආහු. අමොඝං තස‍්ස ජීවිතං තස‍්ස තථාරූපස‍්ස ජීවිතං දිට‍්ඨධම‍්මිකාදිඅත්‍ථාධිගමෙන අමොඝං අවඤ‍්ඣං සඵලමෙවාති ආහූති අත්‍ථො.

“සංඝෙ පසාදො යස්සත්‍ථි”, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපිළිපන්නයහ” ආදී වශයෙන් ආර්ය සංඝයා විෂයෙහි පැහැදීමක්, ශ්‍රද්ධාවක් යමෙකුට ඇත්ද ඒ ශ්‍රද්ධාව අචලව මනාව පිහිටියේ ද යනුවෙන් අර්ථ ගත යුතුයි. “උජුභූතඤ්ච දස්සනං” දෘෂ්ටියෙන් හා කෙලෙස්වලින් වංකභාවයෙන් දුරු වූ බැවින් සෘජු වූ. සෘජු වූ කර්මයෙන් කරන ලද දර්ශනය හා ප්‍රත්‍ය සහිත නාමරූපයන්ගේ දර්ශනය යනුවෙන් දෙයාකාර වූ දර්ශනය යමකු තුළ ස්ථිරව මනාව පිහිටියේ ද යන අර්ථයයි. “අදළිද්දොති නං ආහු” ශ්‍රද්ධා ධනය, සීල ධනය, සුත ධනය, චාග ධනය, ප්‍රඥා ධනය යන ඉතා පිරිසිදු ධනයන්ගෙන් යුතු බැවින්; එබඳු පුද්ගලයා “දිළිඳු නොවූවෙකි” යි බුද්ධාදී ආර්යයෝ පැවසූහ. ඔහුගේ ජීවිතය හිස් නොවූවකි. “අමොඝං තස්ස ජීවිතං” මෙලොවදීම අර්ථය, යහපත ලබන බැවින් ඔහුගේ ජීවිතය සාර්ථක වූවකි. වඳ නොවූවකි. සඵල වූවකි.

තස‍්මාති , යස‍්මා යථාවුත‍්තසද‍්ධාදිගුණසමන‍්නාගතො පුග‍්ගලො “අදලිද‍්දො අමොඝජීවිතො”ති වුච‍්චති, තස‍්මා අහම‍්පි තථාරූපො භවෙය්‍යන‍්ති. සද‍්ධඤ‍්ච…පෙ… සාසනන‍්ති “සබ‍්බපාපස‍්ස අකරණ”න‍්තිආදිනා (ධ· ප· 183; දී· නි· 2.90) වුත‍්තං බුද‍්ධානං සාසනං අනුස‍්සරන‍්තො කුලපුත‍්තො වුත‍්තප‍්පභෙදං සද‍්ධඤ‍්චෙව සීලඤ‍්ච ධම‍්මදස‍්සනහෙතුකං ධම‍්මෙ සුනිච‍්ඡයා විමොක‍්ඛභූතං පසාදඤ‍්ච අනුයුඤ‍්ජෙය්‍ය වඩ‍්ඪෙය්‍යාති.

“තස්මා” ඉහත දැක්වූ පරිදි ශ්‍රද්ධාදී ගුණමහිම සහිත පුද්ගලයා දිළිඳු නොවූ, නොසිස් ජීවිතයක් ඇත්තෙක් වන හෙයින් මම ද එබඳුම කෙනෙක් වන්නෙමි. “සද්ධං -පෙ- සාසනං” “සියලු පව් නොකළ යුතුයි” ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පැවැත්වූ අනුශාසනාව සිහිකරන කුල පුත්‍රයා, ඉහත දැක්වූ ශ්‍රද්ධා, ශීල, ප්‍රභේදව ඇති, දහම් දකිමින්, ධර්මයෙහි මනාව යෙදීමෙන් විමෝක්‍ෂය ද ප්‍රසාදය ද ලැබීමෙහි උත්සාහවත් වන්න. දහම් මඟ ගමන් කරන්න.

එවං ථෙරො භික‍්ඛූනං ධම‍්මදෙසනාමුඛෙන අත‍්තනි විජ‍්ජමානෙ ගුණෙ පකාසෙන‍්තො අඤ‍්ඤං බ්‍යාකාසි.

මෙසේ සිරිමිත්ත තෙරණුවෝ භික්‍ෂූන්ට දහම් දෙසමින්, තමන් වහන්සේ තුළ විද්‍යමාන ගුණ ප්‍රකාශ කරන සේක්, සිය රහත් බව ප්‍රකාශ කළහ.

සිරිමිත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සිරිමිත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.