යෙදුමෙන් කියවන්න

එකවිහාරියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

එකවිහාරියත්‍ථෙරගාථාවණ‍්ණනා

ඒකවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව

පුරතො පච‍්ඡතො වාතිආදිකා ආයස‍්මතො එකවිහාරියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො කස‍්සපදසබලස‍්ස කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා විවෙකවාසං වසි.

“පුරතො පච්ඡතො වාපී” යනු ආයුෂ්මත් ඒක විහාරික තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරගෙන අවුත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත් ඒ සිටුකුමරු ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදිව, අරණ්‍යගතව විවේක වාසයේ ඇලී මහණදම් පිරීය.

සො තෙන පුඤ‍්ඤකම‍්මෙන එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ භගවති පරිනිබ‍්බුතෙ ධම‍්මාසොකරඤ‍්ඤො කනිට‍්ඨභාතා හුත්‍වා නිබ‍්බත‍්ති. අසොකමහාරාජා කිර සත්‍ථු පරිනිබ‍්බානතො ද‍්වින‍්නං වස‍්සසතානං උපරි අට‍්ඨාරසමෙ වස‍්සෙ සකලජම‍්බුදීපෙ එකරජ‍්ජාභිසෙකං පත්‍වා අත‍්තනො කනිට‍්ඨං තිස‍්සකුමාරං ඔපරජ‍්ජෙ ඨපෙත්‍වා එකෙන උපායෙන තං සාසනෙ අභිප‍්පසන‍්නං අකාසි. සො එකදිවසං මිගවං ගතො අරඤ‍්ඤෙ යොනකමහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරං හත්‍ථිනාගෙන සාලසාඛං ගහෙත්‍වා බීජියමානං නිසින‍්නං දිස‍්වා සඤ‍්ජාතපසාදො “අහො වතාහම‍්පි අයං මහාථෙරො විය පබ‍්බජිත්‍වා අරඤ‍්ඤෙ විහරෙය්‍ය”න‍්ති චින‍්තෙසි. ථෙරො තස‍්ස චිත‍්තාචාරං ඤත්‍වා තස‍්ස පස‍්සන‍්තස‍්සෙව ආකාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා අසොකාරාමෙ පොක‍්ඛරණියා අභිජ‍්ජමානෙ උදකෙ ඨත්‍වා චීවරඤ‍්ච උත‍්තරාසඞ‍්ගඤ‍්ච ආකාසෙ ඔලග‍්ගෙත්‍වා න‍්හායිතුං ආරභි. කුමාරො ථෙරස‍්ස ආනුභාවං දිස‍්වා අභිප‍්පසන‍්නො අරඤ‍්ඤතො නිවත‍්තිත්‍වා රාජගෙහං ගන‍්ත්‍වා “පබ‍්බජිස‍්සාමී”ති රඤ‍්ඤො ආරොචෙසි. රාජා තං අනෙකප‍්පකාරං යාචිත්‍වා පබ‍්බජ‍්ජාධිප‍්පායං නිවත‍්තෙතුං නාසක‍්ඛි. සො උපාසකො හුත්‍වා පබ‍්බජ‍්ජාසුඛං පත්‍ථෙන‍්තො –

ඒ පින්කම්වල බලයෙන් එක් බුද්ධාන්තරයක් කාමසුගතීන්හි සැපවිඳි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සමයේ ධර්මාශෝක රජතුමාගේ බාල සොහොයුරාව උපන්නේය. අශෝක මහ රජතුමා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය දහ අටවන වර්ෂයේදී මුළු දඹදිවම එක්සේසත් කොට, තම බාල සෝයුරු වූ තිස්ස කුමරු උපරාජ තනතුරේ තබා රට පාලනය කළේය. ඒ තිස්ස කුමරු කවර උපායකින් සසුනේ අතිශයින් පැහැදුණේද? එක් දිනක් මුව දඩයමට ගිය තිස්ස කුමරු කැළයේදී යෝනක මහ ධම්මරක්ඛිත තෙරුන් වහන්සේට මහ ඇත්රජෙකු සල් අත්තකින් පවන් ගසමින් සිටිනු දැකීමෙන් හටගත් ප්‍රසාද ඇතිව “අහෝ මමත් ඒකාන්තයෙන් මේ මහතෙරුන් මෙන් පැවිදි වී ආරණ්‍යයේ වාසය කරන්නෙම් මැනවි”යි සිතීය. තෙරණුවෝ කුමරුගේ එම සිත දැන, ඔහු බලා සිටියදීම අහසට පැන නැඟී අශෝකාරාමයේ පොකුණේ දියෙහි නොගෑවෙමින් වැඩ හිඳ, සිවුරත් උතුරු සළුවත් අහසේ එල්වා නෑමට පටන් ගත්හ. කුමරු ඒ තෙරුන්ගේ මහානුභාව බව දැකීමෙන් අතිශයින් පැහැදී අරණ්‍යයෙන් නික්ම රජගෙට ගොස් “මම පැවිදි වන්නෙමි”යි මහරජුට පැවසීය. අශෝක රජු නානාප්‍රකාරයෙන් කරුණු දැක්වූවත් පැවිදිවනු කැමති සිත වළකාලන්නට නොහැකි විය. උපාසක බවට පත් තිස්ස කුමරු පැවිදි සුව පතමින් මේ ගාථා සය ප්‍රකාශ කළේය.

“පුරතො පච‍්ඡතො වාපි, අපරො චෙ න විජ‍්ජති; අතීව ඵාසු භවති, එකස‍්ස වසතො වනෙ.

“පුරතො පච්ඡතොවාපි අපරො චෙන විජ්ජති, අතීව ඵාසු භවති එකස්ස වසතො වනෙ”

“හන්‍ද එකො ගමිස‍්සාමි, අරඤ‍්ඤං බුද‍්ධවණ‍්ණිතං; ඵාසු එකවිහාරිස‍්ස, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.

“හන්‍ද එකො ගමිස්සාමි අරඤ්ඤං බුද්ධවණ්ණිතං, ඵාසු එකවිහාරිස්ස පහිතත්තස්ස භික්ඛුනො”

“යොගී-පීතිකරං රම‍්මං, මත‍්තකුඤ‍්ජරසෙවිතං; එකො අත්‍ථවසී ඛිප‍්පං, පවිසිස‍්සාමි කානනං.

“යොගී පීතිකරං රම්මං මත්ත කුංජරසෙවිතං, එකො අත්‍ථවසී ඛිප්පං පවිසිස්සාමි කානනං”

“සුපුප‍්ඵිතෙ සීතවනෙ, සීතලෙ ගිරිකන්‍දරෙ; ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා, චඞ‍්කමිස‍්සාමි එකකො.

“සුපුප්ඵිතෙ සීතවනෙ සීතලෙ ගිරිකන්‍දරෙ, ගත්තානි පරිසිඤ්චිත්‍වා චංකමිස්සාමි එකකො”

“එකාකියො අදුතියො, රමණීයෙ මහාවනෙ; කදාහං විහරිස‍්සාමි, කතකිච‍්චො අනාසවො.

“එකාකියො අදුතියො රමණීයෙ මහාවනෙ, කදාහං විහරිස්සාමි කතකිච්චො අනාසවො”

“එවං මෙ කත‍්තුකාමස‍්ස, අධිප‍්පායො සමිජ‍්ඣතු; සාධයිස‍්සාමහංයෙව, නාඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො”ති. –

“එවමෙව කත්තුකාමස්ස අධිප්පායො සමිජ්ඣතු, සාධයිස්සාම්‍යහං යෙව, නාඤ්ඤො අඤ්ඤස්ස කාරකො” තී.

ඉමා ඡ ගාථා අභාසි.

තත්‍ථ පුරතො පච‍්ඡතො වාති අත‍්තනො පුරතො වා පච‍්ඡතො වා, වා-සද‍්දස‍්ස විකප‍්පත්‍ථත‍්තා පස‍්සතො වා අපරො අඤ‍්ඤො ජනො න විජ‍්ජති චෙ, අතීව අතිවිය ඵාසු චිත‍්තසුඛං භවති. එකවිහාරීභාවෙන එකස‍්ස අසහායස‍්ස. වනෙ වසතොති චිරපරිචිතෙන විවෙකජ‍්ඣාසයෙන ආකඩ‍්ඪියමානහදයො සො රත‍්තින්‍දිවං මහාජනපරිවුතස‍්ස වසතො සඞ‍්ගණිකවිහාරං නිබ‍්බින්‍දන‍්තො විවෙකසුඛඤ‍්ච බහුං මඤ‍්ඤන‍්තො වදති.

එහි “පුරතො පච්ඡතො වා” තමාගේ ඉදිරියෙන් හෝ පසුපසින් වෙසෙන්නකු නැති, දක්නට නොමැතිව, වෙනත් කිසිදු පුද්ගලයෙක් තමා සමීපයේ නොමැති නම් එයින් තම සිතට ඒකාන්තයෙන් ම සුඛ විහරණයක්, සැපයක් ගෙනදෙයි. එසේ තනිව, හුදකලා වූවහුට “වනෙ වසතො” බොහෝ කාලයක් පුරුදු කළ විවේකයේ ඇලුණු, විවේක වාසයට ඇදගත් සිතැති, රෑ දාවල් මහජනයාගෙන් තොරවූයේ සමූහ සාකච්ඡාවල නොයෙදී, විවේක සුවයට බුහුමන් කරයි.

හන්‍දාති වොස‍්සග‍්ගත්‍ථෙ නිපාතො, තෙන ඉදානි කරීයමානස‍්ස අරඤ‍්ඤගමනස‍්ස නිච‍්ඡිතභාවමාහ. එකො ගමිස‍්සාමීති “සුඤ‍්ඤාගාරෙ ඛො, ගහපති, තථාගතා අභිරමන‍්තී”තිආදිවචනතො (චූළව· 306) බුද‍්ධෙහි වණ‍්ණිතං පසට‍්ඨං අරඤ‍්ඤං එකො අසහායො ගමිස‍්සාමි වාසාධිප‍්පායෙන උපගච‍්ඡාමි. යස‍්මා එකවිහාරිස‍්ස ඨානාදීසු අසහායභාවෙන එකවිහාරිස‍්ස නිබ‍්බානං පටිපෙසිතචිත‍්තතාය පහිතත‍්තස‍්ස අධිසීලසික‍්ඛාදිකා තිස‍්සො සික‍්ඛා සික‍්ඛතො භික‍්ඛුනො අරඤ‍්ඤං ඵාසු ඉට‍්ඨං සුඛාවහන‍්ති අත්‍ථො.

“හන්‍ද” වවස්සග්ගාර්ථයේ නිපාතයකි. ඉන් දැන් සිදුකරන ආරණ්‍යයට පිවිසීමේ ක්‍රියාවේ නිශ්චිත බව පවසයි. “එකො ගමිස්සාමි”, “ගහපතිය, ශූන්‍යාගාරය තථාගතයන්ගේ සිත වෙසෙසින් අලවයි” යනාදී ලෙස බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කළ, පැසසූ අරණ්‍යවාසයට තනිවම, හුදකලාව පහසු විහරණයෙහි, තනිව විසීමෙහි යෙදී නිවණටම මෙහෙයූ සිත් ඇති බැවින්, අධිශීල ශික්‍ෂා දී ත්‍රිවිධ ශික්‍ෂාවන්ගෙන් හික්මුණු භික්‍ෂුවට අරණයයේ සුව පහසු විහරණය ඒකාන්තයෙන් සැප ගෙන දෙයි” යන අර්ථයයි.

යොගී-පීතිකරන‍්ති යොගීනං භාවනාය යුත‍්තප‍්පයුත‍්තානං අප‍්පසද‍්දාදිභාවෙන ඣානවිපස‍්සනාදිපීතිං ආවහනතො යොගී-පීතිකරං. විසභාගාරම‍්මණාභාවෙන පටිසල‍්ලානසාරුප‍්පතාය රම‍්මං. මත‍්තකුඤ‍්ජරසෙවිතන‍්ති මත‍්තවරවාරණවිචරිතං, ඉමිනාපි බ්‍රහාරඤ‍්ඤභාවෙන ජනවිවෙකංයෙව දස‍්සෙති. අත්‍ථවසීති ඉධ අත්‍ථොති සමණධම‍්මො අධිප‍්පෙතො. “කථං නු ඛො සො මෙ භවෙය්‍යා”ති තස‍්ස වසං ගතො.

“යොගී පීතිකරං” යෝගී, ධ්‍යාන භාවනාවෙහි යෙදුණු සිත් ඇත්තන්ට, එහි අල්පවූ ශබ්ද ඇති බැවින් ධ්‍යාන විදර්ශනාදී ප්‍රීතිය ගෙනදෙයි. භාවනාවට බාධාකරන අරමුණුවලින් දුරුව, විවේකයට යෝග්‍යභාවයෙන් රම්‍ය වූ “මත්තකුඤ්ජර සෙවිතං” උතුම් මතැතු විසින් හැසිරෙන ලද, මේ වදනින් මහ කැළයේ ජන ශූන්‍ය බවම, විවේකයම දක්වයි. “අත්‍ථවසී” අර්ථය නම් මහණකමයි, ශ්‍රමණධර්මයයි. කෙසේ නම් මම ශ්‍රමණධර්මයේ වසඟයට යන්නෙම් නම් මැනවි.

සුපුප‍්ඵිතෙති සුට‍්ඨු පුප‍්ඵිතෙ. සීතවනෙති ඡායූදකසම‍්පත‍්තියා සීතෙ වනෙ. උභයෙනපි තස‍්ස රමණීයතංයෙව විභාවෙති. ගිරිකන්‍දරෙති ගිරීනං අබ‍්භන‍්තරෙ කන්‍දරෙ. කන‍්ති හි උදකං, තෙන දාරිතං නින‍්නට‍්ඨානං කන්‍දරං නාම. තාදිසෙ සීතලෙ ගිරිකන්‍දරෙ ඝම‍්මපරිතාපං විනොදෙත්‍වා අත‍්තනො ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා න‍්හායිත්‍වා චඞ‍්කමිස‍්සාමි එකකොති කත්‍ථචි අනායත‍්තවුත‍්තිතං දස‍්සෙති.

“සුපුප්ඵිතෙ” මනාව පිපුණු, “සීතවනෙ” සෙවණැලි, දිය පහර ඇදී සම්පත්තියෙන් ශීතල වූ වනයේ, මේ වදන් දෙකින් ම වනයේ සුන්දරත්‍වය දක්වයි. “ගිරිකන්‍දරෙ” ගිරි කඳුරෙහි, පර්වත අතුරෙහි ජල පහර සහිත නිම්නස්ථාන කඳුරු නම් වේ. ඒ සොඳුරු නිම්නයන් හි ග්‍රීෂ්මය, වෙහෙස, සන්සිඳුවාගෙන, තම අතපය සෝදා දිය නා. “චංකමිස්සාමි එකකො” කිසිවකුට අයත් නොවූ පැවැත්මෙන්, හුදකලාවම,

එකාකියොති එකාකී අසහායො. අදුතියොති තණ‍්හාසඞ‍්ඛාතදුතියාභාවෙන අදුතියො. තණ‍්හා හි පුරිසස‍්ස සබ‍්බදා අවිජහනට‍්ඨෙන දුතියා නාම. තෙනාහ භගවා – “තණ‍්හාදුතියො පුරිසො, දීඝමද‍්ධාන සංසර”න‍්ති (ඉතිවු· 15, 105).

“එකාකියො” හුදකලාව, තනිවම, “දුතියො” තණ්හාව නම් දෙවැන්නෙකු නැති බැවින් අදුතිය වූ, දෙවැන්නකු නැති, සැමදාම පුද්ගලයා සමඟම පවතින, සිටින බැවින් තණ්හාව “දුතිය” නම් වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “තණ්හාව නම් දෙවැන්නෙකු නැති බැවින් අදුතිය වූ, දෙවැන්නකු නැති, සැමදාම පුද්ගලයා සමඟ ම පවතින, සිටින බැවින් තණ්හාව “දුතිය” නම් වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “තණ්හාව දෙවැන්නා කරගත් පුද්ගලයා මේ දිගු සසර සැරිසරයි.”

එවං මෙ කත‍්තුකාමස‍්සාති “හන්‍ද එකො ගමිස‍්සාමී”තිආදිනා වුත‍්තවිධිනා අරඤ‍්ඤං ගන‍්ත්‍වා භාවනාභියොගං කත‍්තුකාමස‍්ස මෙ. අධිප‍්පායො සමිජ‍්ඣතූති “කදාහං විහරිස‍්සාමි, කතකිච‍්චො අනාසවො”ති එවං පවත‍්තො මනොරථො ඉජ‍්ඣතු සිද‍්ධිං පාපුණාතු. අරහත‍්තප‍්පත‍්ති ච යස‍්මා න ආයාචනමත‍්තෙන සිජ‍්ඣති, නාපි අඤ‍්ඤෙන සාධෙතබ‍්බා, තස‍්මා ආහ “සාධයිස‍්සාමහංයෙව, නාඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො”ති.

“එවමෙව කත්තුකාමස්ස”, “ඒකාන්තයෙන් ම හුදකලාව වනයට යන්නෙමි” යි ආදී වශයෙන් පැවසූ අයුරින් ම අරණ්‍යයෙහි භාවනා කරනු කැමති මාගේ, “අධිප්පායො සමිජ්ඣතු” අදහස සමෘද්ධ වේවා, “කදාහං විහරිස්සාමි කතකිච්චො අනාසවො” මෙසේ පවතින අදහස, මනෝරථය ඉටුවේවා, සමෘද්ධ වේවා, මා විසින් ම ආශාවෙන්, කැමැත්තෙන් මෙය කළයුතුය. අනිකකු විසින් මේ කටයුත්ත නොකරන්නේය. එනිසා “සාධයිස්සාමහං යෙව නාඤ්ඤො අඤ්ඤස්ස කාරකො” යි කියන ලදි. සසර ගමන නිමකිරීම මවිසින් ම කළ යුතුය. අනිකකු එය මට සිදුකර නොදේ.

එවං උපරාජස‍්ස පබ‍්බජ‍්ජාය දළ‍්හනිච‍්ඡයතං ඤත්‍වා රාජා අසොකාරාමගමනීයං මග‍්ගං අලඞ‍්කාරාපෙත්‍වා කුමාරං සබ‍්බාලඞ‍්කාරවිභූසිතං මහතියා සෙනාය මහච‍්චරාජානුභාවෙන විහාරං නෙසි. කුමාරො පධානඝරං ගන‍්ත්‍වා මහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජි, අනෙකසතා මනුස‍්සා තං අනුපබ‍්බජිංසු. රඤ‍්ඤො භාගිනෙය්‍යො සඞ‍්ඝමිත‍්තාය සාමිකො අග‍්ගිබ්‍රහ‍්මාපි තමෙව අනුපබ‍්බජි. සො පබ‍්බජිත්‍වා හට‍්ඨතුට‍්ඨො අත‍්තනා කාතබ‍්බං පකාසෙන‍්තො –

මෙසේ උපරාජ තිස්සගේ පැවිද්දට දැඩිව ඇලුණු සිත දුටු ධර්මාශෝක මහරජු අශෝකාරාමයට යන මාර්ගය අලංකාර කරවා, කුමරු සර්වාලංකාරයෙන් සරසවා මහත් වූ රාජානුභාවය පෙන්වන මහාසේනාවක් පිරිවරාගෙන විහාරයට රැගෙන ගියේය. පධාන ඝරයට (ප්‍රධාන ශාලාවට) ගිය කුමරු මහාධම්මරක්ඛිත තෙරුන් සමීපයේ ම පැවිදි විය. ඔහු අනුවම නොයෙක් සියගණනක් මිනිස්සු පැවිදි වූහ. රජුගේ බෑණා වූ සංඝමිත්තාවගේ සැමියා අග්ගිබ්‍රහ්ම කුමරු ද ඔහු අනුව ම පැවිදි විය. පැවිදි වූ තිස්ස උපරාජ තමා විසින් දැන් කළයුතු දේ දැඩි සතුටින් යුක්තව මෙසේ ගාථා තුනකින් පවසයි.

“එස බන්‍ධාමි සන‍්නාහං, පවිසිස‍්සාමි කානනං; න තතො නික‍්ඛමිස‍්සාමි, අප‍්පත‍්තො ආසවක‍්ඛයං.

“එස බන්‍ධාමි සන්නාහං, පවිස්සාමි කානනං, තතො න නික්ඛමිස්සාමි අප්පත්තො ආසවක්ඛයං”

“මාලුතෙ උපවායන‍්තෙ, සීතෙ සුරභිගන්‍ධිකෙ; අවිජ‍්ජං දාලයිස‍්සාමි, නිසින‍්නො නගමුද‍්ධනි.

“මාලුතෙ උපවායන්තෙ සීතෙ සුරභිගන්‍ධිකෙ, අවිජ්ජං දාළයිස්සාමි නිසින්නො නගමුද්ධනි”

“වනෙ කුසුමසඤ‍්ඡන‍්නෙ, පබ‍්භාරෙ නූන සීතලෙ; විමුත‍්තිසුඛෙන සුඛිතො, රමිස‍්සාමි ගිරිබ‍්බජෙ”ති. –

“වනෙ කුසුමසඤ්ඡන්නෙ පබ්හාරෙ නූන සීතලෙ, විමුත්ති සුඛෙන සුඛිතො රමිස්සාමි ගිරිබ්බජෙ” තී.

තිස‍්සො ගාථා අභාසි.

තත්‍ථ එස බන්‍ධාමි සන‍්නාහන‍්ති එසාහං වීරියසඞ‍්ඛාතං සන‍්නාහං බන්‍ධාමි, කායෙ ච ජීවිතෙ ච නිරපෙක‍්ඛො වීරියසන‍්නාහෙන සන‍්නය‍්හාමි. ඉදං වුත‍්තං හොති – යථා නාම සූරො පුරිසො පච‍්චත්‍ථිකෙ පච‍්චුපට‍්ඨිතෙ තං ජෙතුකාමො අඤ‍්ඤං කිච‍්චං පහාය කවචපටිමුච‍්චනාදිනා යුද‍්ධාය සන‍්නය‍්හති, යුද‍්ධභූමිඤ‍්ච ගන‍්ත්‍වා පච‍්චත්‍ථිකෙ අජෙත්‍වා තතො න නිවත‍්තති, එවමහම‍්පි කිලෙසපච‍්චත්‍ථිකෙ ජෙතුං ආදිත‍්තම‍්පි සීසං චෙලඤ‍්ච අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා චතුබ‍්බිධසම‍්මප‍්පධානවීරියසන‍්නාහං සන‍්නය‍්හාමි, කිලෙසෙ අජෙත්‍වා කිලෙසවිජයයොග‍්ගං විවෙකට‍්ඨානං න විස‍්සජ‍්ජෙමීති. තෙන වුත‍්තං “පවිසිස‍්සාමි කානනං න තතො නික‍්ඛමිස‍්සාමි, අප‍්පත‍්තො ආසවක‍්ඛය”න‍්ති.

එහි “එසබන්‍ධාමි සන්නාහං” ඒ මම වීර්ය නම් සන්නාහය බඳිමි. කය, ජීවිතය පිළිබඳ ආශාවක් නැතිව වීර්ය සන්නාහයෙන් සන්නද්ධ වෙමි. මෙහි අදහස මෙසේ දතයුතුයි. - යම්සේ ශූර සෙබළෙකු සතුරන් පැමිණිවිට, ඔවුන් පරදනු කැමැතිව අනිත් සියලු කටයුතු නවතා, යුධ ඇඳුමෙන් වහා සැරසී, යුධ බිමට ගොස්, සතුරන් පරදා මිස නොනවතින්නේ ද එසේම මම ද කෙලෙස් සතුරන් පැරදීමට හිස ගිනිගත්තකු මෙන් මධ්‍යස්ථ වී සිවුවැදෑරුම් සම්‍යක් ප්‍රධාන වීර්ය සන්නාහයෙන් සන්නද්ධ වෙමි. කෙලෙස් ජය නොගෙන, කෙලෙස් නොවනසා විවේකස්ථානයෙන් නොනැගිටිමි. එනිසා “පිවිස්සාමි කානනං”, “වනයට පිවිසෙන්නෙමි” යි කියන ලදි. “එයින් ආශ්‍රවයන් ක්‍ෂය නොකර නො නික්මෙන්නෙමි”යි කියන ලදි.

“මාලුතෙ උපවායන‍්තෙ”තිආදිනා අරඤ‍්ඤට‍්ඨානස‍්ස කම‍්මට‍්ඨානභාවනායොග්‍යතං වදති, රමිස‍්සාමි නූන ගිරිබ‍්බජෙති යොජනා. පබ‍්බතපරික‍්ඛෙපෙ අභිරමිස‍්සාමි මඤ‍්ඤෙති අනාගතත්‍ථං පරිකප‍්පෙන‍්තො වදති. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

“මාලුතෙ උපවායන්තෙ” යන ගාථාවෙන් ආරණ්‍යය භාවනාවට ඉතා යෝග්‍ය ස්ථානයක් බව පෙන්වාදෙයි. “රමිස්සාමි නුග ගිරිබ්බජෙ” පර්වත, කඳු බෑවුම්වලින් වට වූ, කඳු වළල්ලෙන් වට වූ වනයේ ඇලෙන්නෙමි. සතුටුවන්නෙමි. වෙනත් කාමුක පරිකල්පනයන්ට නොපැමිණ සක්මන් කරන්නෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.

එවං වත්‍වා ථෙරො අරඤ‍්ඤං පවිසිත්‍වා සමණධම‍්මං කරොන‍්තො උපජ‍්ඣායෙන සද‍්ධිං කලිඞ‍්ගරට‍්ඨං අගමාසි. තත්‍ථස‍්ස පාදෙ චම‍්මිකාබාධො උප‍්පජ‍්ජි, තං දිස‍්වා එකො වෙජ‍්ජො “සප‍්පිං, භන‍්තෙ, පරියෙසථ, තිකිච‍්ඡිස‍්සාමි න”න‍්ති ආහ. ථෙරො සප‍්පිපරියෙසනං අකත්‍වා විපස‍්සනාය එව කම‍්මං කරොති, රොගො වඩ‍්ඪති, වෙජ‍්ජො ථෙරස‍්ස තත්‍ථ අප‍්පොස‍්සුක‍්කතං දිස‍්වා සයමෙව සප‍්පිං පරියෙසිත්‍වා ථෙරං අරොගං අකාසි. සො අරොගො හුත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.44.1-12) –

මෙසේ වදාළ තෙරණුවෝ අරණ්‍යයට පිවිස, මහණදම් පුරන්නේ උපාධ්‍යායන් වහන්සේ සමඟ කලිඟුරටට වැඩියහ. එහිදී තිස්ස තෙරුන්ගේ පාදයේ චර්ම රෝගයක් ඇතිවිය. එය දුටු වෙදෙක් “ස්වාමීනි! ගිතෙල් සොයාදෙන්න මම වෙදකම් කරන්නෙමි”යි පැවසීය. ගිතෙල් සොයාගෙනවුත් රෝගයට පිළියම් කළේය. නීරෝගී වූ තෙරණුවෝ නොබෝ දිනකින් ම රහත්වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.

“ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ, බ්‍රහ‍්මබන්‍ධු මහායසො; කස‍්සපො නාම ගොත‍්තෙන, උප‍්පජ‍්ජි වදතං වරො.

“මේ මහා භද්‍රකල්පයේ බ්‍රාහ්මණ වංශයේ උපන්, මහත් යසස් ඇති, අපි බුදුවරුයැයි කියන්න්න අතර ශ්‍රේෂ්ඨ වූ ගෝත්‍රයෙන් කස්සප නම් වූ බුදුරජාණෝ ලොව පහළවූහ.

“නිප‍්පපඤ‍්චො නිරාලම‍්බො, ආකාසසමමානසො; සුඤ‍්ඤතාබහුලො තාදී, අනිමිත‍්තරතො වසී.

තණ්හා දී ප්‍රපංච රහිත, එල්බගැනීම් රහිත අහස වැනි සම සිතැති, ශූන්‍යතාව බහුල කර වෙසෙන, ලාභාලාභ ඉවසන තාදී ගුණැති අනිමිත්ත නම් නිවණෙහි ඇලුණු, තමාට වසඟ කරගත් ඉඳුරන් ඇති, රාගාදියේ නොඇලුණු සිතැති, කෙලෙස් රහිත වූ, කුලයන් වෙතය ගණයා වෙත ද නො ඇලුණු මහත් කරුණා ඇති වීරවූ, සත්ත්‍වයන් හික්මන උපායේ නිපුණ වූ, පරවැඩෙහි උත්සුක වූ සදේවක ලෝකයා හික්මවන, ලෝකයා සසරින් එතෙර කරවන, ඒ බුදුපියාණන් වහන්සේ මහ පිරිස් මැද වැඩ හිඳ, නිවන් ගමනට මාර්ග වූ, පංච ගති නම් මඩ වියලවන, පරම ආශ්වාදය වූ, ජරාමරණ වළකන නිවන් නම් අමාව දැක්වූසේක.

“අසඞ‍්ගචිත‍්තො නික‍්ලෙසො, අසංසට‍්ඨො කුලෙ ගණෙ; මහාකාරුණිකො වීරො, විනයොපායකොවිදො.

“උය්‍යුත‍්තො පරකිච‍්චෙසු, විනයන‍්තො සදෙවකෙ; නිබ‍්බානගමනං මග‍්ගං, ගතිං පඞ‍්කවිසොසනං.

“අමතං පරමස‍්සාදං, ජරාමච‍්චුනිවාරණං; මහාපරිසමජ‍්ඣෙ සො, නිසින‍්නො ලොකතාරකො.

“කරවීකරුතො නාථො, බ්‍රහ‍්මඝොසො තථාගතො; උද‍්ධරන‍්තො මහාදුග‍්ගා, විප‍්පනට‍්ඨෙ අනායකෙ.

ඒ කොවුලන්ට බැඳුනාද ඇති ලෝක නාථ වූ බ්‍රහ්ම ඝෝෂ ඇති තථාගතයන් වහන්සේ, නායනයන් නැතුව වැරදී ගිය මාර්ග ඇති සත්ත්‍වයන් සංසාර දුර්ගයෙන් නඟාලමින් මාර්ගය (නිවන්) දක්වනු දුටුවෙමි. බුදුපියාණන් වහන්සේගේ දහම් ඇසූ මම බුදුසසුනේ පැවිදිවුණෙමි.

“දෙසෙන‍්තො විරජං ධම‍්මං, දිට‍්ඨො මෙ ලොකනායකො; තස‍්ස ධම‍්මං සුණිත්‍වාන, පබ‍්බජිං අනගාරියං.

“පබ‍්බජිත්‍වා තදාපාහං, චින‍්තෙන‍්තො ජිනසාසනං; එකකොව වනෙ රම‍්මෙ, වසිං සංසග‍්ගපීළිතො.

මම ඒ කාලයේ ද පැවිදිව සමූහවාසයේ කළකිරී, බුදු සසුන ගැන ම සිතමින් හුදකලාව සිත්කලු වනයේ විසුවෙමි.

“සක‍්කායවූපකාසො මෙ, හෙතුභූතො මමාභවී; මනසො වූපකාසස‍්ස, සංසග‍්ගභයදස‍්සිනො.

සමූහවාසයේ බිය දකින, ස්ව කාය විවේකය ප්‍රිය කරන මාගේ සිතට හුදකලා වාසය මහත් විවේකයක් ගෙන දුන්නේය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ථෙරෙ තත්‍ථ විහරන‍්තෙ රාජා කොටිධනපරිච‍්චාගෙන භොජකගිරිවිහාරං නාම කාරෙත්‍වා ථෙරං තත්‍ථ වාසෙසි. සො තත්‍ථ විහරන‍්තො පරිනිබ‍්බානකාලෙ –

රහත් බවට පත්ව ඒ වනයේ වෙසෙන තිස්ස තෙරුන්ට මහරජතුමා කෝටියක් ධනය වියදම් කර, භෝජකගිරි නම් විහාරය කරවා පූජා කළේය. එහි විසූ තෙරණුවෝ පිරිනිවන් සමයේ දී මේ අවසාන ගාථාව වදාළහ.

“සොහං පරිපුණ‍්ණසඞ‍්කප‍්පො, චන්‍දො පන‍්නරසො යථා; සබ‍්බාසවපරික‍්ඛීණො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. –

“සොහං පරිපුණ්ණසංකප්පො චන්‍දොපණ්ණරසො යථා, සබ්බා සවපරික්ඛිණො නත්‍ථිදානි පුනබ්භවො” ති.

පිරිපුන් සංකල්පනා ඇති මම පුන්පෝදා සඳ මෙන් සියලු ආශ්‍රව ක්‍ෂය කළෙමි. මතු මාහට නැවත උපතක් නැත.

ඔසානගාථමාහ. සා උත‍්තානත්‍ථාව. තදෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණං අහොසීති.

මේ ගාථාවේ අර්ථ ඉතා ප්‍රකටය. මේ ගාථාවම තෙරුන්ගේ රහත්බව ප්‍රකාශ කිරීම ම විය.

එකවිහාරියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඒකවිහාරික ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.