යෙදුමෙන් කියවන්න

මහාකප‍්පිනත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මහාකප‍්පිනත්‍ථෙරගාථාවණ‍්ණනා

මහාකප්පින ස්ථවිරගාථා වර්ණනාව

අනාගතං යො පටිකච‍්ච පස‍්සතීතිආදිකා ආයස‍්මතො මහාකප‍්පිනත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ කුලඝරෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං භික‍්ඛුඔවාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා තජ‍්ජං අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි.

“අනාගතං සො පටිගච්ච පස්සතී” යනු ආයුෂ්මත් මහා කප්පින තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ හංසවතී නුවර කුල ගෙයක ඉපිද වැඩිවියට පත්ව ශාස්තෲන් වහන්සේ සමීපයේ හිඳ ධර්ම ශ්‍රවණය කළහ. එකල බුදුරජාණන් වහන්සේ එක් භික්‍ෂුවක් භික්‍ෂූන්ට අවවාද කරන්නන්ගෙන් අග්‍රභාවයට පත් කරනු දුටු හෙතෙම, ඒ තනතුර පතා බුදුරදුන්ගෙන් විවරණ ලබාගත්තේය.

සො තත්‍ථ යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ බාරාණසියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො පුරිසසහස‍්සගණජෙට‍්ඨකො හුත්‍වා ගබ‍්භසහස‍්සපටිමණ‍්ඩිතං මහන‍්තං පරිවෙණං කාරාපෙසි. තෙ සබ‍්බෙපි ජනා යාවජීවං කුසලං කත්‍වා තං උපාසකං ජෙට‍්ඨකං කත්‍වා සපුත‍්තදාරා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිංසු. තෙසු ගණජෙට‍්ඨකො අම‍්හාකං සත්‍ථු නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව පච‍්චන‍්තදෙසෙ කුක‍්කුටනාමකෙ නගරෙ රාජගෙහෙ නිබ‍්බත‍්ති, තස‍්ස කප‍්පිනොති නාමං අහොසි. සෙසපුරිසා තස‍්මිංයෙව නගරෙ අමච‍්චකුලෙ නිබ‍්බත‍්තිංසු. කප‍්පිනකුමාරො පිතු අච‍්චයෙන ඡත‍්තං උස‍්සාපෙත්‍වා මහාකප‍්පිනරාජා නාම ජාතො. සො සුතවිත‍්තකතාය පාතොව චතූහි ද‍්වාරෙහි සීඝං දූතෙ පෙසෙසි – “යත්‍ථ බහුස‍්සුතෙ පස‍්සථ, තතො නිවත‍්තිත්‍වා මය‍්හං ආරොචෙථා”ති.

දිවි ඇතිතාක් එම භවයේ පින් දහම් සිදුකර, ඉන් චුතවූ ඔහු දෙව්මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී බරණැස සිටු ගෙයක ඉපිද නුවණැති බවට පැමිණියේය. මිනිසුන් දාහකට ප්‍රධාන නායක වූ හෙතෙම කුටි දහයකින් අලංකාර වූ මහත් පිරිවෙණක් කරවා පූජා කළේය. ඒ සැමදෙන ම ඒ උපාසකතුමාගේ නායකත්‍වයෙන් බොහෝ කුසල් රැස්කර, දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් සැපවින්දහ. ඔවුන්ගේ නායක පුරුෂයා අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළවීමට පෙර කාලයේ ම ප්‍රත්‍යන්තයක වූ කුක්කුට නම් නුවර රජගෙදර ඉපිද කප්පින නාමයෙන් ප්‍රකට විය. සෙසු පුරුෂයෝ එනුවරම ඇමතිගෙවල් දාහක උපන්හ. ඔවුන්ගෙන් කප්පින කුමරු පියාගේ ඇවෑමෙන් රජවී මහාකප්පින රජතුමා නමින් ප්‍රකට විය. හේ අසනු කැමති සිත් ඇති බැවින් උදෑසන ම සතර දොරින් වහා දූතයෝ සතර දෙනෙක් පිටත් කර යැවීය. “යම් තැනක බහුශ්‍රැතයෙක් හමුවේ නම් ඔහු මා වෙත වහා එවන්න” යි ඔවුන්ට අණකළේය.

තෙන ච සමයෙන අම‍්හාකං සත්‍ථා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා සාවත්‍ථිං උපනිස‍්සාය විහරති. තස‍්මිං කාලෙ සාවත්‍ථිවාසිනො වාණිජා සාවත්‍ථියං උට‍්ඨානකභණ‍්ඩං ගහෙත්‍වා තං නගරං ගන‍්ත්‍වා භණ‍්ඩං පටිසාමෙත්‍වා “රාජානං පස‍්සිස‍්සාමා”ති පණ‍්ණාකාරහත්‍ථා රඤ‍්ඤො ආරොචාපෙසුං. තෙ රාජා පක‍්කොසාපෙත්‍වා නිය්‍යාදිතපණ‍්ණාකාරෙ වන්‍දිත්‍වා ඨිතෙ “කුතො ආගතත්‍ථා”ති පුච‍්ඡි. “සාවත්‍ථිතො, දෙවා”ති. “කච‍්චි වො රට‍්ඨං සුභික‍්ඛං, ධම‍්මිකො රාජා”ති? “ආම, දෙවා”ති. “කීදිසො ධම‍්මො තුම‍්හාකං දෙසෙ ඉදානි පවත‍්තතී”ති? “තං, දෙව, න සක‍්කා උච‍්ඡිට‍්ඨමුඛෙහි කථෙතු”න‍්ති. රාජා සුවණ‍්ණභිඞ‍්ගාරෙන උදකං දාපෙසි. තෙ මුඛං වික‍්ඛාලෙත්‍වා දසබලාභිමුඛා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා, “දෙව, අම‍්හාකං දෙසෙ බුද‍්ධරතනං නාම උප‍්පන‍්න”න‍්ති ආහංසු. රඤ‍්ඤො “බුද‍්ධො”ති වචනෙ සුතමත‍්තෙයෙව සකලසරීරං ඵරමානා පීති උප‍්පජ‍්ජි. තතො “බුද‍්ධොති, තාතා, වදෙථා”ති ආහ. “බුද‍්ධොති, දෙව, වදාමා”ති. එවං තික‍්ඛත‍්තුං වදාපෙත්‍වා “බුද‍්ධොති පදං අපරිමාණ”න‍්ති තස‍්මිංයෙව පදෙ පසන‍්නො සතසහස‍්සං දත්‍වා “අපරං වදෙථා”ති පුච‍්ඡි. “දෙව, ලොකෙ ධම‍්මරතනං නාම උප‍්පන‍්න”න‍්ති. තම‍්පි සුත්‍වා තථෙව සතසහස‍්සං දත්‍වා “අපරං වදෙථා”ති පුච‍්ඡි. “දෙව, සඞ‍්ඝරතනං නාම උප‍්පන‍්න”න‍්ති. තම‍්පි සුත්‍වා තථෙව සතසහස‍්සං දත්‍වා “බුද‍්ධස‍්ස භගවතො සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති තතොව නික‍්ඛමි. අමච‍්චාපි තථෙව නික‍්ඛමිංසු. සො අමච‍්චසහස‍්සෙන සද‍්ධිං ගඞ‍්ගාතීරං පත්‍වා “සචෙ සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො, ඉමෙසං අස‍්සානං ඛුරමත‍්තම‍්පි මා තෙමෙතූ”ති සච‍්චාධිට‍්ඨානං කත්‍වා උදකපිට‍්ඨෙනෙව පූරං ගඞ‍්ගානදිං අතික‍්කමිත්‍වා අපරම‍්පි අඩ‍්ඪයොජනවිත්‍ථාරං නදිං තථෙව අතික‍්කමිත්‍වා තතියං චන්‍දභාගං නාම මහානදිං පත්‍වා තම‍්පි තාය එව සච‍්චකිරියාය අතික‍්කමි.

මේ කාලයේ දී අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සේක සැවැත් නුවර වෙසෙති. සැවැත්නුවර වෙළෙන්දෝ වටිනා බඩු රැගෙන ඒ කුක්කුට නුවරට ඒ බඩු විකුණා, “රජු දැකගනිමු” යි තෑගි පඬුරු ගත් අතැතිව රජුවෙත ගියහ. රජුගේ අවසර ලැබ. රජුවෙත පැමිණි ඔවුහු පුද පඬුරු පිරිනමා වැඳ පසෙක සිටි කල්හි., රජතුමා “නුඹලා කොහි සිට ආවාහු ද?”යි ඇසීය. වෙළෙන්දෝ “රජතුමනි! සැවැත්නුවර සිට” යි පැවසූහ. “කිම නුඹලාගේ රට ආහාරපාන සුලබ ද? රජු ධාර්මික ද?”යි ඇසූ රජුට “එසේය, දේවයන් වහන්ස”යි වෙළෙන්දෝ පිළිතුරු දුන්හ. “නුඹලාගේ දැන් කවරාකාර දහමක් පවතී ද?” යි ඇසූවිට වෙළෙන්දෝ “රජතුමනි! ඒ පිළිබඳව මේ කිළිටි මුවින් කිව නොහැකි යි පැවසූහ. රජු රන් කෙන්ඩියෙන් පැන් දුන්නේය. වෙළෙන්දෝ මුව සෝදාගෙන, දසබලයන් වහන්සේ දෙසට හැරී ඇඳිලි බැඳගෙන “දේවයන් වහන්ස, අපගේ රටේ බුද්ධරත්නය පහළවූ සේක”යි පැවසූහ. ඒ “බුද්ධ” යන වචනය ඇසූ පමණින් ම රජුගේ මුළු ශරීරයම විනිවිද යන සතුටක් පහළ විය. ඉක්බිති රජු “දරුවනි! නුඹලා බුද්ධ යැයි කීවෙහි ද?”යි ඇසීය. එවිට වෙළෙන්දෝ “මහරජ, බුද්ධය බුද්ධ” යැයි තෙවරක් පැවසූහ. “බුද්ධ යන පද පමණ කළ නොහැක”යි පැවසූ රජු ඒ වචන කෙරෙහි පැහැදී වෙළෙන්දන්ට කහවනු ලක්‍ෂයක් දී “අනිකක් කියව”යි පැවසීය. වෙළෙන්දෝ “මහරජ, ලෝකයේ ධර්මරත්නය පහළවීය”යි පැවසූහ. එය ද අසා සතුටුව ලක්‍ෂයක් දී “අනිකක් කියව” යි පැවසූ විට වෙළෙන්දෝ “දේවයන් වහන්ස, ලොව සංඝරත්නය පහළවිය”යි පැවසූහ. ඒ වචන අසා සතුටුව නැවත ලක්‍ෂයක් දී, “මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිවන්නෙමි”යි රාජ්‍යයෙන් නික්මුණි. ඇමතියෝ ද රජු අනුව ම නුවරින් නික්මුණහ. ඇමතියන් දහස සමග ගංගාතීරයට පැමිණ, “ඉදින් ශාස්තෲන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක් නම් මේ අසුන්ගේ කුර පමණකුදු නොතෙමේවා” යි සත්‍යක්‍රියා කොට, ජලය මතින් ම පිරී යන ගඟ තරණය කළ රජතුමා තවත් අඩ යොදුනක් පළල නදියක් ද පෙරසේම තරණය කළේය. තුන්වැනිව චන්දභාග නම් මහා ගංගාව ද එසේම සත්‍යක්‍රියාවෙන් තරණය කොට ඉදිරියට ම ගියේය.

සත්‍ථාපි තංදිවසං පච‍්චූසසමයංයෙව මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය ලොකං වොලොකෙන‍්තො “අජ‍්ජ මහාකප‍්පිනො තියොජනසතිකං රජ‍්ජං පහාය අමච‍්චසහස‍්සපරිවාරො මම සන‍්තිකෙ පබ‍්බජිතුං ආගමිස‍්සතී”ති දිස‍්වා “මයා තෙසං පච‍්චුග‍්ගමනං කාතුං යුත‍්ත”න‍්ති පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සයමෙව ආකාසෙන ගන‍්ත්‍වා චන්‍දභාගාය නදියා තීරෙ තෙසං උත‍්තරණතිත්‍ථස‍්සාභිමුඛට‍්ඨානෙ මහානිග්‍රොධමූලෙ පල‍්ලඞ‍්කෙන නිසින‍්නො ඡබ‍්බණ‍්ණබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙසි. තෙ තෙන තිත්‍ථෙන උත‍්තරන‍්තා බුද‍්ධරස‍්මියො ඉතො චිතො ච විධාවන‍්තියො ඔලොකෙන‍්තො භගවන‍්තං දිස‍්වා “යං සත්‍ථාරං උද‍්දිස‍්ස මයං ආගතා, අද‍්ධා සො එසො”ති දස‍්සනෙනෙව නිට‍්ඨං ගන‍්ත්‍වා දිට‍්ඨට‍්ඨානතො පට‍්ඨාය ඔනමිත්‍වා පරමනිපච‍්චාකාරං කරොන‍්තා භගවන‍්තං උපසඞ‍්කමිංසු. රාජා භගවතො ගොප‍්ඵකෙසු ගහෙත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි සද‍්ධිං අමච‍්චසහස‍්සෙන. සත්‍ථා තෙසං ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සද‍්ධිං පරිසාය අරහත‍්තෙ පතිට‍්ඨාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.54.66-107) –

ශාස්තෲන් වහන්සේ ද එදින අළුයම මහාකරුණා සමවතින් නැගී සිටිසේක්, ලෝකය දෙස බලා, “අද මහා කප්පින තුන්සිය යොදුනක් පැතිරුණු රාජ්‍ය හැර දමා ඇමතිවරුන් දාහක් පිරිවරා ගෙන මා සමීපයේ පැවිදිවීමට එන්නේය. මවිසින් ඔවුන්ට පෙරගමන් කළයුතුය”යි සිතා උදෑසනම සිරුර පිළිදැගුම් කොට, භික්‍ෂු මහා සංඝයා පිරිවරා සැවැත් නුවර පිඬුපිණිස හැසිර, පසුබත් කල පිණ්ඩපාතයෙන් වැළකී තමන්වහන්සේ තනිව ම අහසින් වැඩමවා චන්‍දාභාග නදී තීරයේ ඒ රජ පිරිස එතෙරවන තොටුපලෙහි ඉදිරියෙන් වූ මහා නුගරුකක් මුල සවණක් ගණ බුදුරැස් විහිදුවමින් පළක් බැඳ වැඩහුන් සේක. එම තොටුපලින් එතෙර වූ මහාකප්පින රජු, දසදෙස ඒකාලෝක කරමින් විහිදෙන බුදුරැස් දෙස බලා සිටිනුයේ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. “යම් ශාස්තෲවරයෙක් උදෙසා රාජ්‍ය හැර මා පැමිණියේ ද, ඒකාන්තයෙන් මේ ඒ ශාස්තෲහුම වේ” යැයි නිශ්චයට ගොස්, උන්වහන්සේ දුටු ස්ථානයේ සිටම නැමී අතිශය ගෞරවාදර දක්වමින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි රජතුමා; උන්වහන්සේගේ ගොප්මස, වළලු කර අල්ලාගෙන වැඳ එකත්පසෙක සිටියේය. ඇමතියෝ ද එසේම කළහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට දහම් දෙසූහ. දේශනාවසානයේදී පිරිස සමඟම රජතුමා රහත් ඵලයෙහි පිහිටියේය. මහාකප්පින තෙරණුවෝ අපදාන පාළියේ දී මෙසේ වදාළහ.

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මාන පාරගූ; උදිතො අජටාකාසෙ, රවීව සරදම‍්බරෙ.

“සියලු දහම්හි පරතෙරපත් ඒ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ සරත් ආකාශයේ සූර්යයා මෙන් ලෝකය නම් අහසේ උදාවිය.

“වචනාභාය බොධෙති, වෙනෙය්‍යපදුමානි සො; කිලෙසපඞ‍්කං සොසෙති, මතිරංසීහි නායකො.

ඒ ලෝකනායකයන් වහන්සේගේ වචන නම් රශ්මියෙන් විනේයජන නම් පියුම් පුබුදු කළහ. නුවණ නම් රශ්මියෙන් කෙලෙස් මඬ වියලවූහ.

“තිත්‍ථියානං යසෙ හන‍්ති, ඛජ‍්ජොතාභා යථා රවි; සච‍්චත්‍ථාභං පකාසෙති, රතනංව දිවාකරො.

හිරු කණාමැදිරියන් පැරද සේ අන්‍ය තීර්ථකයන්ගේ යසස් නැසූහ. සූර්යයා රත්න ප්‍රකාශ කරන්නාක් මෙන් සත්‍යාර්ථ ප්‍රකාශ කළහ.

“ගුණානං ආයතිභූතො, රතනානංව සාගරො; පජ‍්ජුන‍්නොරිව භූතානි, ධම‍්මමෙඝෙන වස‍්සති.

රත්නයන්ට සයුර මෙන් ගුණයන්ට ආකරයක් වූහ. වැසිවලාවක් මෙන් ලොවට දහම් වැසි වැස්වූහ.”

“අක‍්ඛදස‍්සො තදා ආසිං, නගරෙ හංසසව‍්හයෙ; උපෙච‍්ච ධම‍්මමස‍්සොසිං, ජලජුත‍්තමනාමිනො.

“එසමයේ මම හංසවතී නුවර නීති විශාරද ආචාර්යවරයෙක් වූයෙමි.

“ඔවාදකස‍්ස භික‍්ඛූනං, සාවකස‍්ස කතාවිනො; ගුණං පකාසයන‍්තස‍්ස, තප‍්පයන‍්තස‍්ස මෙ මනං.

භික්‍ෂූන්ට අවවාද දෙන භික්‍ෂූන්ගෙන් අග්‍රභාවයට පත් රහත් ශ්‍රාවකයකුගේ ගුණ පවසන, මා සිත සතුටුව බුද්ධ ප්‍රමුඛ සංඝයාට සතුටින් ආරාධනා කොට, මහදන් පවත්වා මම ද ඒ තනතුර පැතුවෙමි.

“සුත්‍වා පතීතො සුමනො, නිමන‍්තෙත්‍වා තථාගතං; සසිස‍්සං භොජයිත්‍වාන, තං ඨානමභිපත්‍ථයිං.

“තදා හංසසමභාගො, හංසදුන්‍දුභිනිස‍්සනො; පස‍්සථෙතං මහාමත‍්තං, විනිච‍්ඡයවිසාරදං.

ඒ කල්හි හංස බෙර හඬට බඳු මනා ස්වර ඇති මහත් භාග්‍ය ඇති බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.

“පතිතං පාදමූලෙ මෙ, සමුග‍්ගතතනූරුහං; ජීමූතවණ‍්ණං පීණංසං, පසන‍්නනයනානනං.

“මනාව නැගි ඌර්ධව රෝමරාජි ඇති මාගේ පාමුල වැටුණා වූ, මේඝවර්ණ වූ, පිරිපුන් උරහිස් ඇති, පැහැදිලි ඇස් හා මුහුණ ඇති මේ මහාමාත්‍යයා දෙස බලවු.

“පරිවාරෙන මහතා, රාජයුත‍්තං මහායසං; එසො කතාවිනො ඨානං, පත්‍ථෙති මුදිතාසයො.

මහ පිරිවරින් යුතු මහත් යශස් ඇතිව මාගේ සසුන බබුළුවන ප්‍රමුදිත සිත් ඇති, කළකටයුතු ඇති ඒ ශ්‍රාවකයාගේ තනතුර මොහු ප්‍රාර්ථනා කරයි.

“ඉමිනා පණිපාතෙන, චාගෙන පණිධීහි ච; කප‍්පසතසහස‍්සානි, නුපපජ‍්ජති දුග‍්ගතිං.

මේ ආහාර දානය හා චිත්ත ප්‍රාර්ථනාව අනුව මෙතෙම, මින් කල්ප ලක්‍ෂයක් ම දුගතියේ නූපදී.

“දෙවෙසු දෙවසොභග‍්ගං, මනුස‍්සෙසු මහන‍්තතං; අනුභොත්‍වාන සෙසෙන, නිබ‍්බානං පාපුණිස‍්සති.

දෙවියන් අතර දිවමය සෞභාග්‍යය ද මිනිසුන් අතර මහත් සැප ද අනුභව කරන මෙතෙම නිවන් දක්නේය.

“සතසහස‍්සිතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෝත්‍රනාමයෙන් ගෞතම නම් බුදුරජ ලොව පහළ වේ.

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; කප‍්පිනො නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

උන්වහන්සේගේ ධර්මයේ දායාද වූ ධර්මයෙන් නිර්මිත කළ, ඖරස පුත්‍ර වූ කප්පින ශ්‍රාවකයා ලෙස මොහු උපදින්නේය.”

“තතොහං සුකතං කාරං, කත්‍වාන ජිනසාසනෙ; ජහිත්‍වා මානුසං දෙහං, තුසිතං අගමාසහං.

ඒ සර්වඥ ශාසනයෙහි මේ මහා පින්කම් සිදුකළ මම මිනිස් සිරුර හැර තුසිත දෙව්ලොව උපන්නෙමි.

“දෙවමානුසරජ‍්ජානි, සතසො අනුසාසිය; බාරාණසියමාසන‍්නෙ, ජාතො කෙණියජාතියං.

දැහැමිව සියක් වර දිව්‍ය රාජ්‍ය හා ප්‍රදේශ රාජ්‍ය කළ මම බරණැස සමීපයේ පේශකාර කුලයේ උපන්නෙමි.

“සහස‍්සපරිවාරෙන, සපජාපතිකො අහං; පඤ‍්චපච‍්චෙකබුද‍්ධානං, සතානි සමුපට‍්ඨහිං.

භාර්යාව සහිත දහසක් පිරිවර සමග පන්සීයක් පසේ බුදුවරුන්ට උපස්ථාන කළෙමි.

“තෙමාසං භොජයිත්‍වාන, පච‍්ඡාදම‍්හ තිචීවරං; තතො චුතා මයං සබ‍්බෙ, අහුම‍්හ තිදසූපගා.

තෙමසක් උන්වහන්සේලාට දන් දී අවසන් තුන් සිවුරු දුනිමු. අපි සියල්ලෝ ඉන් චුතව තව්තිසා දෙව්ලොවට ගියෙමු.

“පුනො සබ‍්බෙ මනුස‍්සත‍්තං, අගමිම‍්හ තතො චුතා; කුක‍්කුටම‍්හි පුරෙ ජාතා, හිමවන‍්තස‍්ස පස‍්සතො.

යලි ඉන් චුතව මිනිස් බව ලැබ හිමවතේ පසෙක වූ කුක්කුට පුරයේ උපන්නෙමු.

“කප‍්පිනො නාමහං ආසිං, රාජපුත‍්තො මහායසො; සෙසාමච‍්චකුලෙ ජාතා, මමෙව පරිවාරයුං.

මම රජ කුලයේ ඉපිද මහාකප්පින රජ පුතු වීමි. සෙසු සැම ඇමති කුලවල ඉපිද මා පිරිවරාගත්හ.

“මහාරජ‍්ජසුඛං පත‍්තො, සබ‍්බකාමසමිද‍්ධිමා; වාණිජෙහි සමක‍්ඛාතං, බුද‍්ධුප‍්පාදමහං සුණිං.

සියලු කාම සුවයන්හි ඇලී සිටි මහරජ වූ මම වෙළඳුන් පැවසූ පරිදි බුදු උපත ඇසුවෙමි.

“බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො, අසමො එකපුග‍්ගලො; සො පකාසෙති සද‍්ධම‍්මං, අමතං සුඛමුත‍්තමං.

“අසම වූ අසහාය පුද්ගල වූ බුදුරජ ලොව පහළ ව උතුම් අමාසුව ගෙන දෙමින් සදහම් දෙසයි.

“සුයුත‍්තා තස‍්ස සිස‍්සා ච, සුමුත‍්තා ච අනාසවා; සුත්‍වා නෙසං සුවචනං, සක‍්කරිත්‍වාන වාණිජෙ.

උන්වහන්සේගේ ශිෂ්‍යයෝ ද මනාව දහමෙහි හැසිරෙති. මනාව ආශ්‍රවයන්ගෙන් මිදුනෝය.” මේ වෙළඳ බස් ඇසූ මම ඔවුන්ට සත්කාර කළෙමි.

“පහාය රජ‍්ජං සාමච‍්චො, නික‍්ඛමිං බුද‍්ධමාමකො; නදිං දිස‍්වා මහාචන්‍දං, පූරිතං සමතිත‍්තිකං.

රාජ්‍ය හැර දමා ඇමතිවරු සමග තථාගතයන් දැකීමට නික්මුණෙමි. මුවවිට දක්වා පිරුණු චන්‍දාභාගා නදිය දුටු අපි පිහිටක් නැති, එල්ලීමට කිසිවක් නැති, අතිදුෂ්කර වූ වේගයෙන් ගලා බසින ඒ නදිය බුදුගුණ සිහිකොට මැනවින් තරණය කළෙමු.

“අප‍්පතිට‍්ඨං අනාලම‍්බං, දුත‍්තරං සීඝවාහිනිං; ගුණං සරිත්‍වා බුද‍්ධස‍්ස, සොත්‍ථිනා සමතික‍්කමිං.

“භවසොතං සචෙ බුද‍්ධො, තිණ‍්ණො ලොකන‍්තගූ විදූ; එතෙන සච‍්චවජ‍්ජෙන, ගමනං මෙ සමිජ‍්ඣතු.

ලෝකයේ අන්තයට ගියා වූ සියල්ල දන්නා වූ සර්වඥයන් වහන්සේ, භව සැඩ පහර තරණය කළේ නම්, ඒ සත්‍ය වචනයේ බලයෙන් මාගේ ගමන සමෘද්ධ වේවා. ඉදින් ආර්‍ය්‍ය සංඝරත්නය තරණය කළ භව කාන්තාර ඇති නම්, නිරුත්තර වූ පින්කෙත වේ නම් ඒ සත්‍ය වචනයේ බලයෙන් මාගේ ගමන සමෘද්ධ වේවා යි මම සත්‍ය ක්‍රියා කළෙමි.

“යදි සන‍්තිගමො මග‍්ගො, මොක‍්ඛො චච‍්චන‍්තිකං සුඛං; එතෙන සච‍්චවජ‍්ජෙන, ගමනං මෙ සමිජ‍්ඣතු.

“සඞ‍්ඝො චෙ තිණ‍්ණකන‍්තාරො, පුඤ‍්ඤක‍්ඛෙත‍්තො අනුත‍්තරො; එතෙන සච‍්චවජ‍්ජෙන, ගමනං මෙ සමිජ‍්ඣතු.

“සහ කතෙ සච‍්චවරෙ, මග‍්ගා අපගතං ජලං; තතො සුඛෙන උත‍්තිණ‍්ණො, නදීතීරෙ මනොරමෙ.

මේ උතුම් සත්‍ය ක්‍රියාව සිදුකළ කෙනෙහිම මාර්ගයෙන් ජලය ඉවත් විය. සුවසේ ගඟින් එතෙර වූයෙමි.

“නිසින‍්නං අද‍්දසං බුද‍්ධං, උදෙන‍්තංව පභඞ‍්කරං; ජලන‍්තං හෙමසෙලංව, දීපරුක‍්ඛංව ජොතිතං.

ගංතීරයෙහි උදාවන හිරු සේ, දිලිසෙන හිමාල පර්වතය සේ, බබළන පහන් ගසක් වැනි වූ, තරු සහිත සඳු මෙන් ශ්‍රාවකයන් පිරිවරා ශෝභාමත් ව වැසිවස්වන මේඝයක් සේ දහම් දෙසන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“සසිංව තාරාසහිතං, සාවකෙහි පුරක‍්ඛතං; වාසවං විය වස‍්සන‍්තං, දෙසනාජලදන‍්තරං.

“වන්‍දිත්‍වාන සහාමච‍්චො, එකමන‍්තමුපාවිසිං; තතො නො ආසයං ඤත්‍වා, බුද‍්ධො ධම‍්මමදෙසයි.

ඇමතියන් සමග උන්වහන්සේට වැඳ මම එකත් පසෙක සිටියෙමි. අප අදහස් දත් බුදුහු අපට දහම් දෙසූහ.

“සුත්‍වාන ධම‍්මං විමලං, අවොචුම‍්හ මයං ජිනං; පබ‍්බාජෙහි මහාවීර, නිබ‍්බින්‍දාම‍්හ මයං භවෙ.

නිර්මල දහම් ඇසූ අපි මෙසේ කීවෙමු. “මහාවීරයන් වහන්ස! අපි භවයේ කළකිරුණෝ වෙමු. අපි පැවිදිකරවනු මැනවි.”

“ස‍්වක‍්ඛාතො භික‍්ඛවෙ ධම‍්මො, දුක‍්ඛන‍්තකරණාය වො; චරථ බ්‍රහ‍්මචරියං, ඉච‍්චාහ මුනිසත‍්තමො.

සත්වන මුනි වූ බුදුහු “මහණෙනි, ධර්මය ස්වාක්ඛාතය, තොපගේ දුක් කෙළවර කිරීමට බඹසර හැසිරෙවු”යි දෙසූහ.

“සහ වාචාය සබ‍්බෙපි, භික‍්ඛුවෙසධරා මයං; අහුම‍්හ උපසම‍්පන‍්නා, සොතාපන‍්නා ච සාසනෙ.

ඒ වදන පිටවූ විට ම අපි සියල්ලෝ භික්‍ෂුවෙස් ගෙන සසුනේ උපසපන් වූ සෝවාන් වූ පැවිද්දෝ වීමු.

“තතො ජෙතවනං ගන‍්ත්‍වා, අනුසාසි විනායකො; අනුසිට‍්ඨො ජිනෙනාහං, අරහත‍්තමපාපුණිං.

දෙව්රම් වෙහෙරට වැඩම වූ අපට බුදුරදහු අනුශාසනා කළසේක. ඒ ඇසූ මම රහත්වුණෙමි.

“තතො භික‍්ඛුසහස‍්සානි, අනුසාසිමහං තදා; මමානුසාසනකරා, තෙපි ආසුං අනාසවා.

මගේ දහසක් පිරිවර භික්‍ෂූන්ට මම අනුශාසනා කළෙමි. මාගේ අනුශාසනා ඇසූ ඔවුහු සැම රහත්වූහ.

“ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො, එතදග‍්ගෙ ඨපෙසි මං; භික‍්ඛුඔවාදකානග‍්ගො, කප‍්පිනොති මහාජනෙ.

මේ ගුණයෙහි සතුටු වූ බුදුරජාණන් වහන්සේ මහජනයා ඉදිරියේ සිට කප්පින භික්‍ෂුව මාගේ සසුනෙහි භික්‍ෂූන්ට අවවාද දෙන්නන් අතුරින් අග්‍රයැයි මා එතදග්‍රස්ථානයෙහි තැබූසේක.

“සතසහස‍්සෙ කතං කම‍්මං, ඵලං දස‍්සෙසි මෙ ඉධ; පමුත‍්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං මම.

මීට කල්ප ලක්‍ෂයකට පෙර මා කළ ක්‍රියාවේ ඵලය මෙසේ මවිසින් ලබන ලද්දෙමි. දුන්නෙන් මනාව මිදුණු හීයක් මෙන් මගේ කෙලෙස් සියල්ල දැවිණි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.

අරහත‍්තං පත්‍වා පන තෙ සබ‍්බෙව සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචිංසු. සත්‍ථා තෙ “එථ, භික‍්ඛවො”ති ආහ. සා එව තෙසං පබ‍්බජ‍්ජා උපසම‍්පදා ච අහොසි. සත්‍ථා තං භික‍්ඛුසහස‍්සං ආදාය ආකාසෙන ජෙතවනං අගමාසි. අථෙකදිවසං භගවා තස‍්සන‍්තෙවාසිකෙ භික‍්ඛූ ආහ – “කච‍්චි, භික‍්ඛවෙ, කප‍්පිනො භික‍්ඛූනං ධම‍්මං දෙසෙතී”ති? “න, භගවා, දෙසෙති . අප‍්පොස‍්සුක‍්කො දිට‍්ඨධම‍්මසුඛවිහාරමනුයුත‍්තො විහරති, ඔවාදමත‍්තම‍්පි න දෙතී”ති. සත්‍ථා ථෙරං පක‍්කොසාපෙත්‍වා – “සච‍්චං කිර ත්‍වං, කප‍්පින, අන‍්තෙවාසිකානං ඔවාදමත‍්තම‍්පි න දෙසී”ති? “සච‍්චං, භගවා”ති. “බ්‍රාහ‍්මණ, මා එවං කරි, අජ‍්ජ පට‍්ඨාය උපගතානං ධම‍්මං දෙසෙහී”ති. “සාධු, භන‍්තෙ”ති ථෙරො සත්‍ථු වචනං සිරසා සම‍්පටිච‍්ඡිත්‍වා එකොවාදෙනෙව සමණසහස‍්සං අරහත‍්තෙ පතිට‍්ඨාපෙසි. තෙන නං සත්‍ථා පටිපාටියා අත‍්තනො සාවකෙ ථෙරෙ ඨානන‍්තරෙ ඨපෙන‍්තො භික‍්ඛුඔවාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. අථෙකදිවසං ථෙරො භික‍්ඛුනියො ඔවදන‍්තො –

රහත් බවට පත් ඒ සැම දෙනා වහන්සේම ශාස්තෲන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලූහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට “මහණෙනි! මෙහි එව්”යි වදාළසේක. එය ම ඒ සැමගේ පැවිදි උපසම්පදාව විය. ශාස්තෲන් වහන්සේ ඒ භික්‍ෂූන් දහස ද ගෙන අහසින් ම දෙව්රම් වෙහෙර වැඩම කළසේක. එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ මහාකප්පින තෙරුන්ගේ අන්තේවාසික භික්‍ෂූන්ගෙන් “මහණෙනි! කිම මහාකප්පින තෙරුන් නුඹලාට දහම් දෙසන්නේ ද?”යි විමසූසේක. එවිට එම භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්ස! උන්වහන්සේ අපට දහම් නො දෙසති. අල්ප උත්සාහයෙන් දිට්ඨධම්ම (මෙලොවදී ලැබූ) සුඛ විහරණයේ ම යෙදී සිටිති. අවවාදයක් පමණකුදු නොදෙති”යි පැවසූහ. එවිට ශාස්තෲන් වහන්සේ තෙරුන් කැදවා, “කප්පිනය, නුඹ අන්තේවාසිකයන්ට අවවාදයක් පමණකුදු නොදෙන්නෙහිය යන මේ ප්‍රකාශය සත්‍යයක් ද?”යි විමසූ සේක. “භාග්‍යවතුන් වහන්ස, එය සත්‍යයකි”යි තෙරණුවෝ පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ “බ්‍රාහ්මණය, එසේ නොකරන්න. අද පටන් තමා වෙත පැමිණෙන අන්තේවාසිකයන්ට ධර්මය දෙසන්න”යි වදාළ සේක. තෙරණුවෝ “එසේය, ස්වාමීනි” යි ශාස්තෲ අවවාදය හිසින් පිළිගත්හ. කප්පින තෙරුන් වහන්සේ දුන් පළමු අවවාදයෙන් ම, භික්‍ෂූහු දහසක් රහත්වූහ. එනිසා ශාස්තෲන් වහන්සේ පිළිවෙලින් තම ශ්‍රාවක දක්‍ෂ තෙරවරුන් අග්‍රස්ථානයන්හි පිහිටුවන අවස්ථාවෙහි මහා කප්පින තෙරුන් භික්‍ෂූන්ට අවවාද දෙන්නන්ගෙන් අගතනතුරෙහි පිහිට වූ සේක. එක් දිනක් මහා කප්පින තෙරණුවෝ භික්‍ෂුණීන්ට අවවාද දෙමින් මේ ගාථා වදාළහ -

“අනාගතං යො පටිකච‍්ච පස‍්සති, හිතඤ‍්ච අත්‍ථං අහිතඤ‍්ච තං ද‍්වයං; විද‍්දෙසිනො තස‍්ස හිතෙසිනො වා, රන්‍ධං න පස‍්සන‍්ති සමෙක‍්ඛමානා.

“අනාගතං යො පටිගච්ච පස්සති, හිතඤ්ච අත්‍ථං අහිතඤ්ච තං ද්වයං, විද්දෙසිනො තස්ස හිතෙසිනො වා, රන්‍ධං න පස්සන්ති සමෙක්ඛමානා”

“ආනාපානසතී යස‍්ස, පරිපුණ‍්ණා සුභාවිතා; අනුපුබ‍්බං පරිචිතා, යථා බුද‍්ධෙන දෙසිතා; සොමං ලොකං පභාසෙති, අබ‍්භා මුත‍්තොව චන්‍දිමා.

“ආනාපානසතී යස්ස පරිපුණ්ණා සුභාවිතා, අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා, සොමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්‍දිමා”

“ඔදාතං වත මෙ චිත‍්තං, අප‍්පමාණං සුභාවිතං; නිබ‍්බිද‍්ධං පග‍්ගහීතඤ‍්ච, සබ‍්බා ඔභාසතෙ දිසා.

“ඔදාතං වත මෙ චිත්තං අප්පමාණං සුභාවිතං, නිබ්බිද්ධං පග්ගහීතඤ්ච සබ්බා ඔභාසතෙ දිසා”

“ජීවතෙ වාපි සප‍්පඤ‍්ඤො, අපි විත‍්තපරික‍්ඛයො; පඤ‍්ඤාය ච අලාභෙන, විත‍්තවාපි න ජීවති.

“ජීවිතෙ වා පි සප්පඤ්ඤො අපි විත්තපරික්ඛයා, පඤ්ඤාය ච අලාභෙන චිත්තෙවාපි න ජීවති”

“පඤ‍්ඤා සුතවිනිච‍්ඡිනී, පඤ‍්ඤා කිත‍්තිසිලොකවද‍්ධනී; පඤ‍්ඤාසහිතො නරො ඉධ, අපි දුක‍්ඛෙසු සුඛානි වින්‍දති.

“පඤ්ඤා සුතවිනිච්ඡිනී, පඤ්ඤා කිත්තිසිලෝකවඩ්ඪනී, පඤ්ඤා සහිතො නරො ඉධ අපි දුක්ඛෙසු සුඛානි වින්‍දති”

“නායං අජ‍්ජතනො ධම‍්මො, නච‍්ඡෙරො නපි අබ‍්භුතො; යත්‍ථ ජායෙථ මීයෙථ, තත්‍ථ කිං විය අබ‍්භුතං.

“නායං අජ්ජතනො ධම්මො නච්ඡෙරො නපි අබ්භුතො, යත්‍ථ ජායෙථ මීයෙථ, තත්‍ථ කිං විය අබ්භුතං”

“අනන‍්තරඤ‍්හි ජාතස‍්ස, ජීවිතා මරණං ධුවං; ජාතා ජාතා මරන‍්තීධ, එවං ධම‍්මා හි පාණිනො.

“අනත්තරං හි ජාතස්ස ජීවිතා මරණං ධුවං, ජාතා ජාතා මරන්තීධ, එවං ධම්මා හි පාණිනො.”

“න හෙතදත්‍ථාය මතස‍්ස හොති, යං ජීවිතත්‍ථං පරපොරිසානං; මතම‍්හි රුණ‍්ණං න යසො න ලොක්‍යං, න වණ‍්ණිතං සමණබ්‍රාහ‍්මණෙහි.

“න හෙතදත්‍ථාය මතස්ස හොති, යං ජීවිතත්‍ථ පරපොරිසානං, මතම්හි රුණ්ණං, න යසො න ලොක්‍යං, න වණ්ණිතං සමණ බ්‍රාහ්මණොති.”

“චක‍්ඛුං සරීරං උපහන‍්ති තෙන, නිහීයති වණ‍්ණබලං මතී ච; ආනන්‍දිනො තස‍්ස දිසා භවන‍්ති, හිතෙසිනො නාස‍්ස සුඛී භවන‍්ති.

“චක්ඛුං සරීරං උපහන්ති රොණ්ණං, නහීයති වණ්ණබලං මතී ච, ආනන්‍දිනො තස්ස දිසා භවන්ති, හිතෙසිනො නාස්ස සුඛී භවන්ති”

“තස‍්මා හි ඉච‍්ඡෙය්‍ය කුලෙ වසන‍්තෙ, මෙධාවිනො චෙව බහුස‍්සුතෙ ච; යෙසඤ‍්හි පඤ‍්ඤාවිභවෙන කිච‍්චං, තරන‍්ති නාවාය නදිංව පුණ‍්ණ”න‍්ති. –

“තස්මාහි ඉච්ඡෙය්‍ය කුලෙ වසන්තො, මෙධාවිනොචෙව බහුස්සුතෙ ච, යෙසං හි පඤ්ඤා විභවෙන කිච්චං, තරන්ති නාවාය නදිං ච පුණ්ණං” න්ති.

ඉමා ගාථා අභාසි.

තත්‍ථ අනාගතන‍්ති න ආගතං, අවින්‍දන‍්ති, අත්‍ථො. පටිකච‍්චාති පුතෙතරංයෙව. පස‍්සතීති ඔලොකෙති. අත්‍ථන‍්ති කිච‍්චං. තං ද‍්වයන‍්ති හිතාහිතං. විද‍්දෙසිනොති අමිත‍්තා. හිතෙසිනොති මිත‍්තා. රන්‍ධන‍්ති ඡිද‍්දං. සමෙක‍්ඛමානාති ගවෙසන‍්තා. ඉදං වුත‍්තං හොති – යො පුග‍්ගලො අත‍්තනො හිතාවහං අහිතාවහං තදුභයඤ‍්ච අත්‍ථං කිච‍්චං අනාගතං අසම‍්පත‍්තං පුරෙතරංයෙව පඤ‍්ඤාචක‍්ඛුනා අහං විය පස‍්සති වීමංසති විචාරෙති, තස‍්ස අමිත‍්තා වා අහිතජ‍්ඣාසයෙන මිත‍්තා වා හිතජ‍්ඣාසයෙන රන්‍ධං ගවෙසන‍්තා න පස‍්සන‍්ති, තාදිසො පඤ‍්ඤවා පුග‍්ගලො අච‍්ඡිද‍්දවුත‍්ති, තස‍්මා තුම‍්හෙහි තථාරූපෙහි භවිතබ‍්බන‍්ති.

එහි “අනාගතං” න ආගතං, නොපැමිණි, නොවැඩූ, “පටිගච්ච” පළමු ව ම, “පස්සති” බලයි. “අත්‍ථං” කටයුතු “තං ද්වයං” හිත හා අහිත යනුවෙන් දෙකකි. “විද්දෙසිනො” සතුරෝ “රන්‍ධං” සිදුරක්, “සමෙක්ඛමානා” සොයමින්, මෙහි අර්ථ මෙසේය. – “පුද්ගලයා තමාට හිත එලවන, අහිත එලවන, ඒ දෙකම ගෙනදෙන අර්ථවත් කටයුත්ත, නොපැමිණ, නො එළඹ සිටියදී ප්‍රථමයෙන් ම ප්‍රඥා ඇසෙන් මම මෙන් දකිම් ද විමසා බලයි ද විචාරය කරයි ද අහිතවත් සිත් ඇති ඔහුගේ සතුරෝ හෝ හිතවත් සිත් ඇති මිතුරෝ හෝ ඔහුගේ සිදුරක් සොයන්නාහු නොදකිති. එබඳු ප්‍රඥාවන්ත පුද්ගලයාගේ ජීවිතයේ සිදුරු නැත. එනිසා නුඹලා ද එසේ වූවෝ විය යුතුය.

ඉදානි ආනාපානසතිභාවනාය ගුණං දස‍්සෙන‍්තො තත්‍ථ තානි යොජෙතුං “ආනාපානසතී යස‍්සා”ති දුතියං ගාථමාහ. තත්‍ථ ආනන‍්ති අස‍්සාසො. අපානන‍්ති පස‍්සාසො. අස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණා සති ආනාපානසති. සතිසීසෙන චෙත්‍ථ තංසම‍්පයුත‍්තසමාධිභාවනා අධිප‍්පෙතා. යස‍්සාති, යස‍්ස යොගිනො. පරිපුණ‍්ණා සුභාවිතාති චතුන‍්නං සතිපට‍්ඨානානං සොළසන‍්නඤ‍්ච ආකාරානං පාරිපූරියා සබ‍්බසො පුණ‍්ණා සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං විජ‍්ජාවිමුත‍්තීනඤ‍්ච පාරිපූරියා සුට‍්ඨු භාවිතා වඩ‍්ඪිතා. අනුපුබ‍්බං පරිචිතා, යථා බුද‍්ධෙන දෙසිතාති “සො සතොව අස‍්සසතී”තිආදිනා (දී· නි· 2.374; ම· නි· 1.107) යථා භගවතා දෙසිතා, තථා අනුපුබ‍්බං අනුක‍්කමෙන පරිචිතා ආසෙවිතා භාවිතා. සොමං ලොකං පභාසෙති, අබ‍්භා මුත‍්තොව චන්‍දිමාති සො යොගාවචරො යථා අබ‍්භාදිඋපක‍්කිලෙසා විමුත‍්තො චන්‍දො චන්‍දාලොකෙන ඉමං ඔකාසලොකං පභාසෙති, එවං අවිජ‍්ජාදිඋපක‍්කිලෙසවිමුත‍්තො ඤාණාලොකෙන අත‍්තසන‍්තානපතිතං පරසන‍්තානපතිතඤ‍්ච සඞ‍්ඛාරලොකං පභාසෙති පකාසෙති. තස‍්මා තුම‍්හෙහි ආනාපානසතිභාවනා භාවෙතබ‍්බාති අධිප‍්පායො.

පසුව ආනාපානසති භාවනාවේ ගුණමහිම දක්වමින් ඒ භික්‍ෂුණීහු එහි යෙදවීම සඳහා “ආනාපානසතී යස්ස” යන දෙවන ගාථාව වදාළහ. එහි “ආනං” ආශ්වාස කිරීම යි. “පානං” ප්‍රශ්වාස කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙහි පිහිටවූ සිත් ඇති. මෙහි දී ආනාපානසති ශීර්ෂයෙන් එය අයත් වන සමාධි භාවනාව අදහස් කරන ලදි. “යස්ස” යම් යෝගියකු විසින් “පරිපුණ්ණා සුභාවිතා” සතර සතිපට්ඨානයන්ගේ ද සොළොස් ආකාරයන්ගේ ද සම්පූර්ණත්‍වයෙන්, සර්වප්‍රකාරයෙන් පිරීමෙන්, සත් බොජ්ඣංග දහම් ද විද්‍යා විමුක්ති ආදිය ද පිරීමෙන්, මනාව වැඩීමෙන් ආනාපානසතිය අනුපූර්වයෙන් වඩා, “යථා බුද්ධෙන දෙසිතා” ඔහු සිහි ඇතිව ආශ්වාස කරයි” ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ පිළිවෙල අනුව වඩන ලදි. සේවනය කරන ලදි. වඩන ලදි. “සොමං ලොකං පභාසෙති අබ්භාමුත්තොව චන්‍දිමා” ඒ යෝගාවචරයා වළාකුළු ආදී බාධාවලින් මිදී සඳ රැසින් මේ ලොව ආලෝකමත් තමාගේ හා අනුන්ගේ සන්තානයේ වැටුණු සංස්කාර ලෝකය බබුළුවයි. ආලෝකමත් කරයි. එනිසා නුඹලා විසින් ආනාපාන සති භාවනාව වැඩිය යුතුය යන අදහසයි.

ඉදානි අත‍්තානං නිදස‍්සනං කත්‍වා භාවනාභියොගස‍්ස සඵලතං දස‍්සෙන‍්තො “ඔදාතං වත මෙ චිත‍්ත”න‍්ති තතියං ගාථමාහ. තස‍්සත්‍ථො – නීවරණමලවිගමතො ඔදාතං සුද‍්ධං වත මම චිත‍්තං. යථා පමාණකරා රාගාදයො පහීනා, අප‍්පමාණඤ‍්ච නිබ‍්බානං පච‍්චක‍්ඛං කතං අහොසි, තථා භාවිතත‍්තා අප‍්පමාණං සුභාවිතං, තතො එව චතුසච‍්චං නිබ‍්බිද‍්ධං පටිවිජ‍්ඣිතං, සකලසංකිලෙසපක‍්ඛතො පග‍්ගහිතඤ‍්ච හුත්‍වා දුක‍්ඛාදිකා පුබ‍්බන‍්තාදිකා ච දිසා ඔභාසතෙ තත්‍ථ විතිණ‍්ණකඞ‍්ඛත‍්තා සබ‍්බධම‍්මෙසු විගතසම‍්මොහත‍්තා ච. තස‍්මා තුම‍්හෙහිපි එවං චිත‍්තං භාවෙතබ‍්බන‍්ති දස‍්සෙති.

තෙවනුව තමා උපමාවට ගෙන භාවනාවේ යෙදුණු පුද්ගලයාට ලැබෙන ප්‍රතිඵල දක්වමින් “ඔදාතං වතමෙ චිත්තං” යන තෙවන ගාථාව වදාළහ. එහි අර්ථ - පංචනීවරණ කිලිටි නැති කිරීමෙන් මගේ සිත ඒකාන්තයෙන් ඉතා පිරිසිදු විය. විශුද්ධ විය. පමණ කළහැකි රාගාදී කෙලෙස් ප්‍රහීණ කර අප්‍රමාණ වූ නිවණ ප්‍රත්‍යක්‍ෂ කළෙමි. එසේම වැඩූ සිත් ඇති බැවින් අප්‍රමාණ වූ වෙන වෙනම වැඩුවාවූ ඒ චතුරාර්ය සත්‍යයන් ම ප්‍රතිවේධ කළෙමි. සියලු කෙලෙස් සතුරන්ට නිග්‍රහ කළෙමි. දුක් ආදිය අවබෝධ කළෙමි. පූර්වාන්තාදී දිශා සැක දුර ලූ බැවින් ද සියලු ධර්මයන්හිම අනවබෝධය දුර ලූ බැවින් ද බබුළුවන ලදි. එනිසා නුඹලා ද මෙසේ සිත වැඩිය යුතුයැයි දක්වයි.

යථා භාවනාමයා පඤ‍්ඤා චිත‍්තමලවිසොධනාදිනා පුරිසස‍්ස බහුපකාරා, එවං ඉතරාපීති දස‍්සෙන‍්තො “ජීවතෙ වාපි සප‍්පඤ‍්ඤො”ති චතුත්‍ථගාථමාහ. තස‍්සත්‍ථො – පරික‍්ඛීණධනොපි සප‍්පඤ‍්ඤජාතිකො ඉතරීතරසන‍්තොසෙන සන‍්තුට‍්ඨො අනවජ‍්ජාය ජීවිකාය ජීවතියෙව. තස‍්ස හි ජීවිතං ජීවිතං නාම. තෙනාහ භගවා – “පඤ‍්ඤාජීවිං ජීවිතමාහු සෙට‍්ඨ”න‍්ති (සං· නි· 1.73, 246; සු· නි· 184). දුම‍්මෙධපුග‍්ගලො පන පඤ‍්ඤාය අලාභෙන දිට‍්ඨධම‍්මිකං සම‍්පරායිකඤ‍්ච අත්‍ථං විරාධෙන‍්තො විත‍්තවාපි න ජීවති, ගරහාදිප‍්පත‍්තියා ජීවන‍්තො නාම න තස‍්ස හොති, අනුපායඤ‍්ඤුතාය වා යථාධිගතං ධනං නාසෙන‍්තො ජීවිතම‍්පි සන්‍ධාරෙතුං න සක‍්කොතියෙව, තස‍්මා පාරිහාරියපඤ‍්ඤාපි තුම‍්හෙහි අප‍්පමත‍්තෙහි සම‍්පාදෙතබ‍්බාති අධිප‍්පායො.

භාවනාමය ප්‍රඥාව සිතේ කිලිටි සෝදා හරිමින් පුද්ගලයාට බොහෝ උපකාරවන්නාක් මෙන් ම අනිකුත් ප්‍රඥාවන් ද එසේම හිතවැඩ සලසන බව “ජීවිතෙවාපි සප්පඤ්ඤො” යන සිවුවන ගාථාවෙන් දක්වන ලදි. එහි අර්ථ - ධනය වැයවී ගියත් ප්‍රඥාවන්ත පුද්ගලයා තමාට ලැබෙන දෙයින් සතුටුව, නිවැරදි ජීවිකාවෙන් ජීවත් වන්නේමය. ඔහුගේ ජීවත්වීම “ජීවිතය” නම් වේ. භාග්‍යවතුන් වහන්සේ “ජීවත්වන්නවුන් අතරින් ප්‍රඥාවන්තව ජීවත්වීම ශ්‍රේෂ්ඨ යැයි කියමි” යි වදාළේ එබැවිනි. මෝඩ පුද්ගලයා ප්‍රඥාව නැතිහෙයින් මෙලෝ පරලෝ යහපත වරදවා ගෙන, ධනය සහිත වුවත් ඔහු ජීවත් නොවන්නෙකි. ගැරහුම්, නින්දා, අපහාස ලබමින් සිටීම “ජීවත්වීම” නම් නොවේ. උපාය රහිත බැවින් යම්සේ ලැබූ ධනයක් වේ ද එය නොනසා ජීවත්වීමට ද ඔහු සමත් නොවේමය. එනිසා නුඹලා පාරිහාරික ප්‍රඥාව ද අප්‍රමාදීව සම්පාදනය කළ යුතුයි” යන අදහසයි.

ඉදානි පඤ‍්ඤාය ආනිසංසෙ දස‍්සෙතුං “පඤ‍්ඤා සුතවිනිච‍්ඡිනී”ති පඤ‍්චමං ගාථමාහ. තත්‍ථ පඤ‍්ඤා සුතවිනිච‍්ඡිනීති පඤ‍්ඤා නාමෙසා සුතස‍්ස විනිච‍්ඡයිනී, යථාසුතෙ සොතපථමාගතෙ අත්‍ථෙ “අයං අකුසලො, අයං කුසලො, අයං සාවජ‍්ජො, අයං අනවජ‍්ජො”තිආදිනා විනිච‍්ඡයජනනී. කිත‍්තිසිලොකවද‍්ධනීති කිත‍්තියා සම‍්මුඛා පසංසාය සිලොකස‍්ස පත්‍ථටයසභාවස‍්ස වද‍්ධනී, පඤ‍්ඤවතොයෙව හි කිත‍්තිආදයො විඤ‍්ඤූනං පාසංසභාවතො. පඤ‍්ඤාසහිතොති පාරිහාරියපඤ‍්ඤාය, විපස‍්සනාපඤ‍්ඤාය ච යුත‍්තො. අපි දුක‍්ඛෙසු සුඛානි වින්‍දතීති එකන‍්තදුක‍්ඛසභාවෙසු ඛන්‍ධායතනාදීසු සම‍්මාපටිපත‍්තියා යථාභූතසභාවාවබොධෙන නිරාමිසානිපි සුඛානි පටිලභති.

අනතුරුව ප්‍රඥාවේ ආනිසංස දැක්වීමට “පඤ්ඤා සුත විනිච්ඡිනී” යන පස්වන ගාථාව වදාළහ. එහි “පඤ්ඤා සුතවිනිච්ඡිනී” යනු මේ ප්‍රඥාව ශ්‍රැතය (ඇසීම) විනිශ්චය කරයි. ඇසූ පරිදි කර්ණේන්‍ද්‍රිය මගින් ලද ධර්මයන් පිළිබඳව මෙය අකුසල්ය, මෙය සාවද්‍යය, මෙය කුසල් ය. මෙය නිරවද්‍යය ආදී වශයෙන් විනිශ්චය කරයි. “කිත්ති සිලොකවඩ්ඪනී” කීර්ති, ප්‍රශංසාදිය දස දෙස පතුරුවමින් වර්ධනය කරයි. පාරිහාරිය ප්‍රඥාවෙන් ද විදර්ශනා ප්‍රඥාවෙන් ද යන ප්‍රඥාවන්ගෙන් යුක්ත බැවින් ම කීර්තිය ද නුවණැත්තන්ගේ ප්‍රශංසාව ද ලැබෙයි. “අපි දුක්ඛෙසු සුඛානි වින්‍දති” ඒකාන්ත දුක්ඛ ස්වභාව ඇති ස්කන්‍ධ, ආයතනාදියෙහි මනාව පිළිපැදීමෙන්, ඒවායේ යථාස්වභාවය අවබෝධ කර ගැනීමනේ නිරාමිෂ වූ සැප ලබයි.

ඉදානි තාසං භික‍්ඛුනීනං අනිච‍්චතාපටිසංයුත‍්තං ධීරභාවාවහං ධම‍්මං කථෙන‍්තො “නායං අජ‍්ජතනො ධම‍්මො”තිආදිනා සෙසගාථා අභාසි. තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – ය‍්වායං සත‍්තානං ජායනමීයනසභාවො, අයං ධම‍්මො අජ‍්ජතනො අධුනාගතො න හොති, අභිණ‍්හපවත‍්තිකතාය න අච‍්ඡරියො, අබ‍්භුතපුබ‍්බතාභාවතො නාපි අබ‍්භුතො. තස‍්මා යත්‍ථ ජායෙථ මීයෙථ, යස‍්මිං ලොකෙ සත‍්තො ජායෙය්‍ය, සො එකංසෙන මීයෙථ, තත්‍ථ කිං විය? කිං නාම අබ‍්භුතං සියා? සභාවිකත‍්තා මරණස‍්ස – න හි ඛණිකමරණස‍්ස කිඤ‍්චි කාරණං අත්‍ථි. යතො අනන‍්තරඤ‍්හි ජාතස‍්ස, ජීවිතා මරණං ධුවං ජාතස‍්ස ජාතිසමනන‍්තරං ජීවිතතො මරණං එකන‍්තිකං උප‍්පන‍්නානං ඛන්‍ධානං එකංසෙන භිජ‍්ජනතො. යො පනෙත්‍ථ ජීවතීති ලොකවොහාරො, සො තදුපාදානස‍්ස අනෙකපච‍්චයායත‍්තතාය අනෙකන‍්තිකො, යස‍්මා එතදෙවං, තස‍්මා ජාතා මරන‍්තීධ, එවංධම‍්මා හි පාණිනොති අයං සත‍්තානං පකති, යදිදං ජාතානං මරණන‍්ති ජාතියා මරණානුබන්‍ධනතං ආහ.

අනතුරුව ඒ භික්‍ෂුණීන්ට අනිත්‍ය ප්‍රතිසංයුක්ත, ධීරබව ගෙනදෙන ධර්ම දේශනාවක් පවත්වමින් “නායං අජ්ජතනො ධම්මො” ආදී ගාථා දෙකක් වදාළහ. එහි සංක්‍ෂිප්ත අර්ථ මෙසේය. “ඉදින් මේ සත්ත්‍වයන්ගේ ඉපදෙන, මැරෙන ස්වභාවය, මේ ස්වභාව ධර්මය අද ඇතිවූවක් නොවේ. දැන් පැමිණි දෙයක් නොවේ. නිතරම සිදුවන මේ ධර්ම ආශ්චර්යමත්, අද්භූතජනක ද නොවේ. “නපි අබ්භුතො” එනිසා “යත්‍ථ ජායෙථ මීයෙථ” යම් ලෝකයක මේ සත්ත්‍වයා උපදීනම් ඔහු අනිවාර්යයෙන් ම මැරෙන්නේය. “තත්‍ථ කිං විය” එහි කවර ආශ්චර්යමත්, අද්භූතජනක ද නොවේ. “නපි අබ්භූතො” එනිසා “යත්‍ථ ජායෙථ මීයෙථ” යම් ලෝකයක මේ සත්ත්‍වයා උපදීනම් ඔහු අනිවාර්යයෙන් ම මැරෙන්නේය. “තත්‍ථ කිං විය” එහි කවර ආශ්චර්යයක් ද? මරණය ස්වාභාවික ධර්මතාවකි. ක්‍ෂණික මරණය සිදුනොවීමට කිසිදු හේතුවක් නොමැත. උපතට අනතුරුවම මරණය ඒකාන්තයෙන් සිදුවේ. උපන් තැනැත්තාගේ උපතත් සමගම, උපන්නහුගේ ස්කන්‍ධ අනිවාර්යයෙන්ම බිඳීයාම් වශයෙන් මරණය ඒකාන්තයෙන් සිදුවේ. “යමෙක් මෙලොව ජීවත් වේ” යනු ලෝකව්‍යවහාරයකි. ඔහු උපන් ස්කන්‍ධ උපාදාන කරගෙන, නොයෙක් ප්‍රත්‍ය උපදවයි. අනේකප්‍රකාරව හේතු ප්‍රත්‍ය සමවායෙන් පවතියි. එනිසා මෙසේ කියන ලදි. – “මෙලොව උපන් සත්ත්‍වයා මැරේ. මෙය සත්ත්‍වයන්ගේ ධර්මතාවකි.” උපන් සත්ත්‍වයන්ට මරණය, ජරාමරණ ලුහුබැඳ පැවතීම ස්වභාවයක් ම වේ.

ඉදානි යස‍්මා තාසු භික‍්ඛුනීසු කාචි සොකබන්‍ධිතචිත‍්තාපි අත්‍ථි, තස‍්මා තාසං සොකවිනොදනං කාතුං “න හෙතදත්‍ථායාතිආදි වුත‍්තං. තත්‍ථ න හෙතදත්‍ථාය මතස‍්ස හොතීති යං මතස‍්ස ජීවිතත්‍ථං ජීවිතනිමිත‍්තං පරපොරිසානං පරපුග‍්ගලානං රුණ‍්ණං, එතං තස‍්ස මතස‍්ස සත‍්තස‍්ස ජීවිතත්‍ථං තාව තිට‍්ඨතු, කස‍්සචිපි අත්‍ථාය න හොති, යෙ පන රුදන‍්ති, තෙසම‍්පි මතම‍්හි මතපුග‍්ගලනිමිත‍්තං රුණ‍්ණං, න යසො න ලොක්‍යං යසාවහං විසුද‍්ධාවහඤ‍්ච න හොති . න වණ‍්ණිතං සමණබ්‍රාහ‍්මණෙහීති විඤ‍්ඤුප‍්පසට‍්ඨම‍්පි න හොති, අථ ඛො විඤ‍්ඤුගරහිතමෙවාති අත්‍ථො.

ඉන්පසුව ඒ භික්‍ෂුණීන් අතරින් යම් තැනැත්තියකට ශෝකයට පත් සිතක් හෝ වෙත් ද ඒ ශෝක සිත දුරු කිරීමට “න හෙතදත්‍ථාය” යනාදී ගාථා දෙසන ලදි. එහි “න හොති තදත්‍ථාය මතස්ස හෙතු” යම් මැරුණු සත්ත්‍වයකුගේ ජීවිතය සඳහා, ජීවත්වීම පිණිස අන්‍ය පුද්ගලයන්ගේ හැඬීම් ආදිය ඒ මැරුණු පුද්ගලයාගේ ජීවිතය පිණිස හේතු නොවේ. එය තිබේවා. යමෙක් හඬයි ද වැළපෙයි ද එය ඒ හඬන පුද්ගලයන්ට පවා යහපත පිණිස හේතු නොවේ. මළ පුද්ගලයා වෙනුවෙන් හැඬීම “න යසො” කීර්තිය පිණිස හේතු නොවේ. “න ලොක්‍යං” විශුද්ධිය පිණිස ද හේතු නොවේ. “න වණ්ණිතං සමණ බ්‍රාහ්මණෙහි” නුවණැති මහණ බමුණන් විසින් ද පසසනු නොලැබේ.

න කෙවලමෙතෙව යෙ රුදතො ආදීනවා, අථ ඛො ඉමෙපීති දස‍්සෙන‍්තො “චක‍්ඛුං සරීරං උපහන‍්තී”ති ගාථං වත්‍වා තතො පරං සොකාදිඅනත්‍ථපටිබාහනත්‍ථං කල්‍යාණමිත‍්තපයිරුපාසනායං තා නියොජෙන‍්තො “තස‍්මා”තිආදිනා ඔසානගාථමාහ. තත්‍ථ තස‍්මාති යස‍්මා රුණ‍්ණං රුදන‍්තස‍්ස පුග‍්ගලස‍්ස චක‍්ඛුං සරීරඤ‍්ච උපහන‍්ති විබාධති, තෙන රුණ‍්ණෙන වණ‍්ණො බලං මති ච නිහීයති පරිහායති, තස‍්ස රුදන‍්තස‍්ස පුග‍්ගලස‍්ස දිසා සපත‍්තා ආනන්‍දිනො පමොදවන‍්තො පීතිවන‍්තො භවන‍්ති. හිතෙසිනො මිත‍්තා දුක‍්ඛී දුක‍්ඛිතා භවන‍්ති තස‍්මා ධම‍්මොජපඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා මෙධාවිනො දිට‍්ඨධම‍්මිකාදිඅත්‍ථසන‍්නිස‍්සිතස‍්ස බාහුසච‍්චස‍්ස පාරිපූරියා බහුස‍්සුතෙ, අත‍්තනො කුලෙ වසන‍්තෙ ඉච‍්ඡෙය්‍ය පාටිකඞ‍්ඛෙය්‍ය කුලූපකෙ කරෙය්‍ය. යෙසන‍්ති යෙසං මෙධාවීනං බහුස‍්සුතානං පණ‍්ඩිතානං පඤ‍්ඤාවිභවෙන පඤ‍්ඤාබලෙන යථා මහොඝස‍්ස පුණ‍්ණං නදිං නාවාය තරන‍්ති, එවං කුලපුත‍්තා අත‍්තනො අත්‍ථකිච‍්චං තරන‍්ති පාරං පාපුණන‍්ති. තෙ ඉච‍්ඡෙය්‍ය කුලෙ වසන‍්තෙති යොජනා.

මළවුන්ට හැඬීම නුවණැත්තන් විසින් ගරහනු ලබන්නක්මය. මළවුන්ට හැඬීමේ ආදීනව මෙපමණක් නොවේ. තවත් ඇත. ඒවා නම් “චක්ඛුං සරීරං උපහන්ති” ආදී වශයෙන් දක්වා ඇත. හැඬීම ශරීරය ද ඇස ද පෙළයි ආදී වශයෙනි. ඒ හේතු පවසා අනතුරුව ශෝකාදී අනර්ථදායක කෙලෙස් සෝදා හැරීමටත්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයටත් ඒ භික්‍ෂුණීහු යොමු කරමින් “තස්මා” යන අවසාන ගාථාව වදාළහ. එහි “තස්මා” යනු එහෙයින්, එනිසා හඬන දොඩන පුද්ගලයාගේ ඇස ද ශරීරය ද පෙළේ, පීඩාවේ ආබාධිත වේ. එසේම හැඬීමෙන් වර්ණය, ශරීර බලය ද නුවණ ද පිරිහේ. ක්‍ෂය වේ. ඒ හඬන පුද්ගලයාගේ සතුරෝ සතුටුවෙති. ප්‍රමාදීහු ප්‍රීති වෙති. හිතකැමති මිත්‍රයෝ ද දුක්වෙති. එහෙයින් ස්වභාව ධර්ම ස්වභාවය දත් ප්‍රඥාවෙන් යුක්තව, නුවණැතිව මෙලෝ පරලෝ අර්ථයන් ද බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද සම්පූර්ණ කරගෙන තමාගේ “කුලෙ වසන්තෙ ඉච්ඡෙය්‍ය” කුලයේ විසීම, පැවැත්ම කරගන්නේය. “යෙසං” යම්හෙයකින් නුවණැති බහුශ්‍රැත පඬිවරුන්ගේ ප්‍රඥා සම්පත්තියෙන්, ප්‍රඥා බලයෙන් උපකාර ලබා සැඩ පහරකින් පිරුණු නදියක් නැවකින් තරණය කරන්නාක් මෙන් නුවණැති කුලපුත්‍රයෝ තමාගේ අර්ථවත් කටයුතු සිදුකරගනිති. සංසාර සාගරය ඉක්මවා පරතෙරට පත්වෙති. කුලයේ වසන්නා වූ නුඹලා විසින් ද එසේ කිරීමට සිතා ගත යුතුයි.

එවං ථෙරො තාසං භික‍්ඛුනීනං ධම‍්මං කථෙත්‍වා විස‍්සජ‍්ජෙසි. තා ථෙරස‍්ස ඔවාදෙ ඨත්‍වා සොකං විනොදෙත්‍වා යොනිසො පටිපජ‍්ජන‍්තියො සදත්‍ථං පරිපූරෙසුං.

මෙසේ කප්පින තෙරණුවෝ ඒ භික්‍ෂුණීන්ට ධර්මානුශාසනා පවත්වා පිටත් කර හැරියහ. තෙරුන්ගේ අවවාදයේ පිහිටි ඔවුහු ශෝක දුරුකර නුවණැස මෙහෙයවා සිහිනුවණින් කටයුතු කර, ස්වාර්ථ සාධනය කරගත්හ.

මහාකප‍්පිනත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා කප්පින ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.