චූළපන්ථකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
චූළපන්ථකත්ථෙරගාථාවණ්ණනා
චූළපන්ථක ස්ථවිරගාථා වර්ණනාව
දන්ධා මය්හං ගතීතිආදිකා ආයස්මතො චූළපන්ථකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? යදෙත්ථ අට්ඨුප්පත්තිවසෙන වත්තබ්බං, තං අට්ඨකනිපාතෙ මහාපන්ථකවත්ථුස්මිං (ථෙරගා· අට්ඨ· 2.මහාපන්ථකත්ථෙරගාථාවණ්ණනා) වුත්තමෙව. අයං පන විසෙසො – මහාපන්ථකත්ථෙරො අරහත්තං පත්වා අග්ගඵලසුඛෙන වීතිනාමෙන්තො චින්තෙසි – “කථං නු ඛො සක්කා චූළපන්ථකම්පි ඉමස්මිං සුඛෙ පතිට්ඨපෙතු”න්ති? සො අත්තනො අය්යකං ධනසෙට්ඨිං උපසඞ්කමිත්වා ආහ – “සචෙ, මහාසෙට්ඨි, අනුජානාථ , අහං චූළපන්ථකං පබ්බාජෙය්ය”න්ති. “පබ්බාජෙථ, භන්තෙ”ති. ථෙරො තං පබ්බාජෙසි. සො දසසු සීලෙසු පතිට්ඨිතො භාතු සන්තිකෙ –
“දන්ධා මය්හං ගතී” යනාදී ගාථා ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් විසින් දේශනා කරන ලදි. ඒවායේ උපත කෙසේ ද? මෙහි කිවයුතු විස්තර අටවන නිපාතයේ මහාපන්ථක තෙරුන්ගේ කථාවස්තුවේ දී පැවසූ පරිදිම දතයුතුයි. මෙහි ඇති විශේෂත්වය නම් මහාපන්ථක තෙරණුවෝ රහත්ව අග්‍රඵල සුවයෙන් කල්යවමින් සිටිසේක්, “චුල්ලපන්ථක ද මේ සුවයෙහි පිහිටුවීමට කෙසේ නම් හැකි වේ ද?යි යනුවෙන් සිතූහ. උන්වහන්සේ තම මුත්තණුවන් වූ සිටුවරයා වෙත ගොස් “ඉදින් මහසිටුතුමා අනුදන්නේ නම් මම චුල්ලපන්ථක පැවිදිවන්නෙමි” පැවසූහ. “ස්වාමීනි, ඔහු පැවිදි කරනු මැනවි”යි සිටුවරයාගෙන් අවසර ලැබුණි. තෙරුන් වහන්සේ තම මළනුවන් පැවිදි කළහ. දස සාමණේර ශීලය සමාදන්ව පැවිදිවූ චුල්ලපන්ථක තෙරණුවෝ, තම සෝයුරු හිමියන් සමීපයේ සිට
“පදුමං යථා කොකනදං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීතගන්ධං; අඞ්ගීරසං පස්ස විරොචමානං, තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”ති. (සං· නි· 1.123; අ· නි· 5.195) –
“පදුමං යථා කොකන දං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීතගන්ධං, අංගීරසං පස්ස විරොචමානං, තපන්ත මාදිච්ච මිවන්තළික්ඛෙ” තී
ගාථං උග්ගණ්හන්තො චතූහි මාසෙහි ගහෙතුං නාසක්ඛි, ගහිතගහිතං පදං හදයෙ න තිට්ඨති. අථ නං මහාපන්ථකො ආහ – “පන්ථක, ත්වං ඉමස්මිං සාසනෙ අභබ්බො, චතූහි මාසෙහි එකගාථම්පි ගහෙතුං න සක්කොසි. පබ්බජිතකිච්චං පන ත්වං කථං මත්ථකං පාපෙස්සසි? නික්ඛම ඉතො”ති. සො ථෙරෙන පණාමිතො ද්වාරකොට්ඨකසමීපෙ රොදමානො අට්ඨාසි.
යන ගාථාව පාඩම් කිරීමට මාස හතරක් ගතවුවත් නොහැකිවිය. පාඩම් කරන, කරන පදය හදවතේ නො පිහිටයි. ඉක්බිති මහාපන්ථක තෙරණුවෝ “චුල්ලපන්ථකය, නුඹ මේ බුද්ධශාසනයෙහි අන්ධයෙකි. සතර මාසයක් ගියත් එක ගාථාවකුදු පාඩම් කිරීමට නොහැකි වූවෙහිය. පැවිදි කිස, මහණකම කෙසේ මස්තකප්රාප්ත කර ගන්නෙහි ද? මෙතැනින් නික්මෙව”යි පැවසූහ. සිය සහෝදර තෙරුන් විසින් බැහැර කළ චුල්ලපන්ථක හිමියෝ දොරටුවේ වූ ගෙය සමීපයේ අඬමින් සිටියහ.
තෙන ච සමයෙන සත්ථා ජීවකම්බවනෙ විහරති. අථ ජීවකො පුරිසං පෙසෙසි, “පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං සත්ථාරං නිමන්තෙහී”ති. තෙන ච සමයෙන ආයස්මා මහාපන්ථකො භත්තුද්දෙසකො හොති. සො “පඤ්චන්නං භික්ඛුසතානං භික්ඛං පටිච්ඡථ, භන්තෙ”ති වුත්තො “චූළපන්ථකං ඨපෙත්වා සෙසානං පටිච්ඡාමී”ති ආහ. තං සුත්වා චූළපන්ථකො භිය්යොසොමත්තාය දොමනස්සප්පත්තො අහොසි. සත්ථා තස්ස චිත්තක්ඛෙදං ඤත්වා, “චූළපන්ථකො මයා කතෙන උපායෙන බුජ්ඣිස්සතී”ති තස්ස අවිදූරෙ ඨානෙ අත්තානං දස්සෙත්වා “කිං, පන්ථක, රොදසී”ති පුච්ඡි. “භාතා මං, භන්තෙ, පණාමෙතී”ති ආහ. “පන්ථක, මා චින්තයි, මම සාසනෙ තුය්හං පබ්බජ්ජා, එහි, ඉමං ගහෙත්වා ‘රජොහරණං, රජොහරණ’න්ති මනසි කරොහී”ති ඉද්ධියා සුද්ධං චොළක්ඛණ්ඩං අභිසඞ්ඛරිත්වා අදාසි. සො සත්ථාරා දින්නං චොළක්ඛණ්ඩං “රජොහරණං, රජොහරණ”න්ති හත්ථෙන පරිමජ්ජන්තො නිසීදි. තස්ස තං පරිමජ්ජන්තස්ස කිලිට්ඨධාතුකං ජාතං, පුන පරිමජ්ජන්තස්ස උක්ඛලිපරිපුඤ්ඡනසදිසං ජාතං. සො ඤාණස්ස පරිපක්කත්තා එවං චින්තෙසි – “ඉදං චොළක්ඛණ්ඩං පකතියා පරිසුද්ධං, ඉමං උපාදිණ්ණකසරීරං නිස්සාය කිලිට්ඨං අඤ්ඤථා ජාතං, තස්මා අනිච්චං යථාපෙතං, එවං චිත්තම්පී”ති ඛයවයං පට්ඨපෙත්වා තස්මිංයෙව නිමිත්තෙ ඣානානි නිබ්බත්තෙත්වා ඣානපාදකං විපස්සනං පට්ඨපෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.2.35-54) –
එසමයේ ශාස්තෲන් වහන්සේ ජීවක අඹ උයනෙහි වැඩ වෙසෙති. ජීවක වෙදතුමා තම සේවක පුරුෂයකු “දහවල් බතට ශාස්තෲන් වහන්සේ සමග පන්සියක් භික්ෂූන්ට ආරාධනා කරව”යි අඹ උයනට යැවීය. එසමයේ මහා පන්ථක හිමියෝ “භත්තුද්දේසක” තනතුර දැරූහ. පුරුෂයා “ස්වාමීනි, පන්සීයක් භික්ෂූන්ට දහවල් දානයට ආරාධනා කරමි. එය පිළිගන්න”යි තෙරුන් හමුවේ පැවසීය. මහාපන්ථක තෙරණුවෝ, “චුල්ලපන්ථක හැර සෙසු භික්ෂූන් සඳහා ආරාධනාව පිළිගනිමි”යි පැවසූහ. ඒ ප්‍රකාශය ඇසුණු චුල්ලපන්ථක හිමියෝ අතිශයින් ම අසතුටට, දොම්නසට පත්වූහ. ඒ ශෝකී සිත දුටු ශාස්තෲන් වහන්සේ, “මවිසින් කළ උපායෙන් චුල්ලපන්ථක සත්‍යාවබෝධ කරලන්නේය”යි දැන, චුල්ලපන්ථක හිමියෝ, “ස්වාමීනි, මගේ සොහොයුරා මා එළවා දැමීය”යි පැවසූහ. එවිට බුදුහු “පන්ථක, ඒ පිළිබඳව නො සිතන්න. නුඹ පැවිදිවූයේ මගේ සසුනෙහිය. එන්න, මේ රෙදි කඩ ගෙන, මෙතැන හිඳිමින් “රජොහරණං”, “රජොහරණං” යනුවෙන් කියමින් සිටින්න”යි වදාරා, සෘද්ධියෙන් පිරිසිදු සුදු රෙදිකඩක් මවා දුන්නේය. චුල්ලපන්ථක හිමියෝ, ශාස්තෲන් වහන්සේ විසින් දෙන ලද සුදුරෙදිකඩ ගෙන “රජොහරණං” යැයි කියමින් එය අතින් පිරිමදිමින් එතැන හුන්හ. ඒ රෙදිකඩ පිරිමදින තෙරුන්ගේ අතින් එම රෙදි කඩ කිළිටි විය. තව තවත් පිරිමදින විට එය වළං පිසදමන රෙද්දක් මෙන් කිළිටි විය. ඒ මොහොතෙහි නුවණ මුහුකුරා ගොස් සිටි චුල්ලපන්ථක හිමියෝ, “මේ රෙදි කඩ ස්වභාවයෙන් ම ඉතා පිරිසිදු වූවක් විය. මේ මගේ යැයි තණ්හාවෙන් බැඳගත් ශරීරය නිසා එය කිළිටි විය. රෙදිකඩ වෙනස් වූවක් විය. සිත ද මෙසේය, සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වේ” යනුවෙන් ක්ෂයවීම, ව්යයවීමෙහි සිත පිහිටුවා ගෙන, ඒ අනිත්‍ය සංඥාව ම පාදක කරගෙන ධ්‍යාන උපදවා, ඒ ධ්‍යාන පාදක කරගෙන විදසුනෙහි සිත පිහිටුවා සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වූහ. අපදාන පාළියේ දී චුල්ලපන්ථක තෙරණුවෝ මෙසේ වදාළහ.
“පදුමුත්තරො නාම ජිනො, ආහුතීනං පටිග්ගහො; ගණම්හා වූපකට්ඨො සො, හිමවන්තෙ වසී තදා.
“එකල් හි පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගණයා කෙරෙන් ඉවත් වූ සේක් හිමවතෙහි විසූ සේක.
“අහම්පි හිමවන්තම්හි, වසාමි අස්සමෙ තදා; අචිරාගතං මහාවීරං, උපෙසිං ලොකනායකං.
එකල මම ද හිමවතේ අසපුවක විසුවෙමි. අලුත පැමිණියා වූ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මම, මල් කූඩයක් රැගෙන, එය උන්වහන්සේට දරාගෙන සිටියෙමි. සමවතට සමවැදි උන්වහන්සේගේ සමාධියට අනතුරක් නොකළෙමි.
“පුප්ඵච්ඡත්තං ගහෙත්වාන, උපගච්ඡිං නරාසභං; සමාධිං සමාපජ්ජන්තං, අන්තරායමකාසහං.
“උභො හත්ථෙහි පග්ගය්හ, පුප්ඵච්ඡත්තං අදාසහං; පටිග්ගහෙසි භගවා, පදුමුත්තරො මහාමුනි.
පසුව සමාධියෙන් නැගිටි බුදුරදුන්ට මල් කූඩය පිදුවෙමි. උන්වහන්සේ එය පිළිගත් සේක.
“සබ්බෙ දෙවා අත්තමනා, හිමවන්තං උපෙන්ති තෙ; සාධුකාරං පවත්තෙසුං, අනුමොදිස්සති චක්ඛුමා.
“පසැස් ඇති බුදුහු පුණ්‍යානුමෝදනා කරන්නේය” යි සතුටු වූ දෙවිවරු හිමවතට එළඹුනහ. මාගේ පියුම් සත අහසෙහි දරන්නා වූ උතුම් නරශ්‍රේෂ්ඨයන් වෙත ඔවුහු එළඹියහ. බුදුහු මෙසේ වදාළහ.”
“ඉදං වත්වාන තෙ දෙවා, උපගච්ඡුං නරුත්තමං; ආකාසෙ ධාරයන්තස්ස, පදුමච්ඡත්තමුත්තමං.
“සතපත්තඡත්තං පග්ගය්හ, අදාසි තාපසො මම; තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
“මේ පියුම් සතක් මට පිදූ මොහු පිළිබඳව මම ප්‍රකාශ කරමි. ඒ මාගේ වචනය අසවු,
“පඤ්චවීසතිකප්පානි, දෙවරජ්ජං කරිස්සති; චතුත්තිංසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති.
මෙතෙම විසිපස්වරක් දිව්‍ය රාජ්‍ය කරන්නේය. තිස් හතර වරක් සක්විති රජව උපදින්නේය.
“යං යං යොනිං සංසරති, දෙවත්තං අථ මානුසං; අබ්භොකාසෙ පතිට්ඨන්තං, පදුමං ධාරයිස්සති.
දිව්‍ය, මනුෂ්‍ය යම් යෝනියක සැරි සරයි ද අභ්‍යවකාශයේ හිඳ පියුමක් කුඩයක් මෙන් දරන්නේය.
“කප්පසතසහස්සම්හි , ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින ගෞතම නම් ශාස්තෲහු ලොව පහළවෙති.
“පකාසිතෙ පාවචනෙ, මනුස්සත්තං ලභිස්සති; මනොමයම්හි කායම්හි, උත්තමො සො භවිස්සති.
පිටකත්‍රය ධර්මය දෙසූ කල්හි මිනිසත් බව ලබන මෙතෙම මනෝමය ශරීර නිර්මාණයේ ධර්මය දෙසූ කල්හි මිනිසත් බව ලබන මෙතෙම මනෝමය ශරීර නිර්මාණයේ අග්‍රවන්නේය.
“ද්වෙ භාතරො භවිස්සන්ති, උභොපි පන්ථකව්හයා; අනුභොත්වා උත්තමත්ථං, ජොතයිස්සන්ති සාසනං.
සොහොයුරෝ දෙදෙනෙක් වෙති. දෙදෙනම “පන්ථක” නම් ලබා, උත්තමාර්ථය වූ නිවන් ප්‍රතිවේධ කරගෙන සසුන බබුළුවන්නාහු” ය.
“සොහං අට්ඨාරසවස්සො, පබ්බජිං අනගාරියං; විසෙසාහං න වින්දාමි, සක්යපුත්තස්ස සාසනෙ.
“ඒ මම අටළොස් වියැත්තේ අනගාරී සසුනෙහි පැවිදි විමි. ශාක්‍යපුත්‍ර බුදුන්ගේ සසුනෙහි මම විශේෂාධිගමයක් නොලැබුවෙමි.
“දන්ධා මය්හං ගතී ආසි, පරිභූතො පුරෙ අහුං; භාතා ච මං පණාමෙසි, ගච්ඡ දානි සකං ඝරං.
මම ස්වභාවයෙන්ම මෝඩ වීමි. ප්‍රථමයෙන් මම ගර්හා ලැබුවෙමි. “දැන් තමාගේ ගෙදරට යවයි” මගේ සෝයුරා මා එළවා දැමීය.
“සොහං පණාමිතො සන්තො, සඞ්ඝාරාමස්ස කොට්ඨකෙ; දුම්මනො තත්ථ අට්ඨාසිං, සාමඤ්ඤස්මිං අපෙක්ඛවා.
නෙරපා දැමූ මම ආරාම දොරටුවේ නැවතී දොම්නස් වූයෙම් පැවිද්දෙහි ඇලී, අපේක්ෂා සහිතව සිටියෙමි.”
“භගවා තත්ථ ආගච්ඡි, සීසං මය්හං පරාමසි; බාහාය මං ගහෙත්වාන, සඞ්ඝාරාමං පවෙසයි.
“ශාස්තෲන් වහන්සේ මා වෙත වැඩම කළහ. මා හිස පිරිමැදි සේක. මගේ අතින් අල්ලාගෙන ආරාමයට පිවිසිසේක.
“අනුකම්පාය මෙ සත්ථා, අදාසි පාදපුඤ්ඡනිං; එවං සුද්ධං අධිට්ඨෙහි, එකමන්තමධිට්ඨහං.
පිරිසිදු වූ රෙදිකඩක් ගෙන, “එකත්පසෙක හිඳ මනාකොට සිහිකරව” යි කියා දුන්නේය.
“හත්ථෙහි තමහං ගය්හ, සරිං කොකනදං අහං; තත්ථ චිත්තං විමුච්චි මෙ, අරහත්තං අපාපුණිං.
එය දෝතින් පිළිගත් මම පියුම සිහිකළෙමි. එවිට මගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණි. රහත්බවට පැමිණියෙමි.
“මනොමයෙසු කායෙසු, සබ්බත්ථ පාරමිං ගතො; සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
සියලු තන්හි මනෝමය ශරීර මැවීමෙහි පරතෙරට පැමිණියෙමි.
“පටිසම්භිදා චතස්සො…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.
අරහත්තමග්ගෙනෙවස්ස තෙපිටකං පඤ්චාභිඤ්ඤා ච ආගමිංසු. සත්ථා එකෙන ඌනෙහි පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ගන්ත්වා ජීවකස්ස නිවෙසනෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. චූළපන්ථකො පන අත්තනො භික්ඛාය අප්පටිච්ඡිතත්තා එව න ගතො. ජීවකො යාගුං දාතුං ආරභි, සත්ථා පත්තං හත්ථෙන පිදහි. “කස්මා, භන්තෙ, න ගණ්හථා”ති වුත්තෙ – “විහාරෙ එකො භික්ඛු අත්ථි, ජීවකා”ති. සො පුරිසං පහිණි, “ගච්ඡ, භණෙ, විහාරෙ නිසින්නං අය්යං ගහෙත්වා එහී”ති. චූළපන්ථකත්ථෙරොපි රූපෙන කිරියාය ච එකම්පි එකෙන අසදිසං භික්ඛුසහස්සං නිම්මිනිත්වා නිසීදි. සො පුරිසො විහාරෙ භික්ඛූනං බහුභාවං දිස්වා ගන්ත්වා ජීවකස්ස කථෙසි – “ඉමස්මා භික්ඛුසඞ්ඝා විහාරෙ භික්ඛුසඞ්ඝො බහුතරො, පක්කොසිතබ්බං අය්යං න ජානාමී”ති. ජීවකො සත්ථාරං පටිපුච්ඡි – “කොනාමො, භන්තෙ, විහාරෙ නිසින්නො භික්ඛූ”ති? “චූළපන්ථකො නාම, ජීවකා”ති. “ගච්ඡ , භණෙ, ‘චූළපන්ථකො නාම කතරො’ති පුච්ඡිත්වා තං ආනෙහී”ති. සො විහාරං ගන්ත්වා “චූළපන්ථකො නාම කතරො, භන්තෙ”ති පුච්ඡි. “අහං චූළපන්ථකො”,“අහං චූළපන්ථකො”ති එකපහාරෙනෙව භික්ඛුසහස්සම්පි කථෙසි. සො පුනාගන්ත්වා තං පවත්තිං ජීවකස්ස ආරොචෙසි. ජීවකො පටිවිද්ධසච්චත්තා “ඉද්ධිමා මඤ්ඤෙ, අය්යො”ති නයතො ඤත්වා “ගච්ඡ, භණෙ, පඨමං කථනකමය්යමෙව ‘තුම්හෙ සත්ථා පක්කොසතී’ති වත්වා චීවරකණ්ණෙ ගණ්හා”ති ආහ. සො විහාරං ගන්ත්වා තථා අකාසි, තාවදෙව නිම්මිතභික්ඛූ අන්තරධායිංසු. සො ථෙරං ගහෙත්වා අගමාසි.
රහත්වීමත් සමගම උන්වහන්සේ ත්‍රිපිටකධාරී වූහ. පංචාභිඥාලාභී බවට ද පත්වූහ. ශාස්තෲන් වහන්සේ භික්ෂූන් වහන්සේලා හාරසිය අනූනවයක් සමග ගොස් ජීවක වෛද්‍යවරයාගේ නිවසේ පැනවූ ආසනවල වැඩහුන් සේක. චුල්ලපන්ථක තෙරණුවෝ තමා උදෙසා දානාරාධනාව නොපිළිගත් බැවින් ම නොගියහ. ජීවක වෛද්‍යවරයා කැඳ පිළිගැන්වීම ඇරඹීය. ශාස්තෲන් වහන්සේ පාත්‍රය අතින් වැසූ සේක. “ස්වාමීනි! කුමක් හෙයින් නොපිළිගන්නේ ද?”යි විමසූ ඔහුට, භාග්‍යවතුන් වහන්සේ, “ජීවකය, විහාරයේ එක් භික්ෂුවක් ඇත”යි වදාළහ. ජීවක තම සේවක පුරුෂයකු කැඳවා, “යන්න, විහාරයේ සිටින ආර්යයන් වහන්සේ කැඳවාගෙන එන්න”යි විහාරයට යැවීය. මේ සාකච්ඡාව දිව කණින් ඇසූ චුල්ලපන්ථක හිමියෝ ද රූපයෙන් ද කටයුතුවලින් ද එකිනෙකාට අසමාන වූ භික්ෂූන් දහසක් මවා ගෙන වැඩ හුන්හ. ඒ පුරුෂයා විහාරයේ බොහෝ භික්ෂූන් සිටිනු දැක, වහා දිවගොස් ජීවකට ඒ බව දැන්වීය. “ස්වාමීනි, මේ නිවසේ සිටින භික්ෂූන්ට ද වඩා භික්ෂූහු විහාරයේ වැඩ වෙසෙති. කැඳවාගෙන පැමිණිය යුතු ආර්යයන් වහන්සේ කවරෙක්දැයි මම නොදනිමි”යි පැවසීය. ජීවක ශාස්තෲන් වහන්සේගෙන්, “ස්වාමීනි, විහාරයේ සිටින භික්ෂුවගේ නම කුමක් ද?”යි විමසීය. “ජීවකය ඒ භික්ෂුව චුල්ලපන්ථක නම් වේ” යැයි බුදුහු වදාළහ. එවිට ජීවක නැවත පුරුෂයා කැඳවා, “කොල යව, චුල්ලපන්ථක තෙරුන් කවුද?යි අසා උන්වහන්සේ කැඳවාගෙන එව” යි විහාරයට යැවීය. විහාරයට ගිය එම පුරුෂයා, “ස්වාමීනි, චුල්ලපන්ථක තෙරුන් කොහිද?යි විමසීය. එවිට ඒ භික්ෂූන් වහන්සේලා දහසම “මම චුල්ලපන්ථක වෙමි” “මම චුල්ලපන්ථක වෙමි”යි පැවසූහ. නැවත හැරී ගිය ඒ පුරුෂයා මේ බව ජීවකට දැන්වීය. ජීවක වෛද්‍යවරයා සත්‍යාවබෝධ කරගෙන සිටින බැවින්, “මේ තෙරණුවෝ මහත් සෘද්ධි ඇත්තෙකි”යි න්‍යාය වශයෙන් දැන, “යව, පළමුව මම චුල්ලපන්ථක යැයි පවසන තෙරුන්ගේ සිවුරු කොන ගෙන “නුඹවහන්සේට ශාස්තෲන් වහන්සේ කථාකරන සේක”යි පවසා මෙහි කැඳවා ගෙන එව” යි නැවතත් එම පුරුෂයාම යැවීය. විහාරයට ගිය ඔහු එලෙසම කළේය. එකෙණෙහි ම නිර්මිත භික්ෂූහු අතුරුදහන් වූහ. ඒ පුරුෂයා තෙරුන් වහන්සේ නිවසට වැඩමවාගෙන ආවේය.
සත්ථා තස්මිං ඛණෙ යාගුඤ්ච ඛජ්ජකාදිභෙදඤ්ච පටිග්ගණ්හි. දසබලෙ භත්තකිච්චං කත්වා විහාරං ගතෙ ධම්මසභායං කථා උදපාදි – “අහො බුද්ධානං ආනුභාවො, යත්ර හි නාම චත්තාරො මාසෙ එකගාථං ගහෙතුං අසක්කොන්තම්පි ලහුකෙන ඛණෙනෙව එවං මහිද්ධිකං අකංසූ”ති. සත්ථා තෙසං භික්ඛූනං කථාසල්ලාපං සුත්වා ආගන්ත්වා බුද්ධාසනෙ නිසජ්ජ, “කිං වදෙථ, භික්ඛවෙ”ති පුච්ඡිත්වා, “ඉමං නාම, භන්තෙ”ති වුත්තෙ, “භික්ඛවෙ, චූළපන්ථකෙන ඉදානි මය්හං ඔවාදෙ ඨත්වා ලොකුත්තරදායජ්ජං ලද්ධං, පුබ්බෙ පන ලොකියදායජ්ජ”න්ති වත්වා තෙහි යාචිතො චූළසෙට්ඨිජාතකං (ජා· 1.1.4) කථෙසි. අපරභාගෙ තං සත්ථා අරියගණපරිවුතො ධම්මාසනෙ නිසින්නො මනොමයං කායං අභිනිම්මිනන්තානං භික්ඛූනං චෙතොවිවට්ටකුසලානඤ්ච අග්ගට්ඨානෙ ඨපෙසි. සො අපරෙන සමයෙන භික්ඛූහි “තථා දන්ධධාතුකෙන කථං තයා සච්චානි පටිවිද්ධානී”ති පුට්ඨො භාතු පණාමනතො පට්ඨාය අත්තනො පටිපත්තිං පකාසෙන්තො –
ඉන්පසු ශාස්තෲන් වහන්සේ කැඳ පිළිගත්සේක. දන් වළදා අවසන දසබලයන් වහන්සේ විහාරයට වැඩි කල්හි, දම්සභාවෙහි “අහෝ! බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය පුදුම සහගතය. සිවුමසක් ගතවීත් එක ගාථාවක් පාඩම් කරගත නොහැකි වූ චුල්ලපන්ථක මොහොතකින් මහත් සෘද්ධිමතෙක් කළසේක” යන කථාව ඇතිවිය. ශාස්තෲන් වහන්සේ එම භික්ෂූන්ගේ කථා සල්ලාපය ඇසූ සේක්, එහි වැඩමවා බුද්ධාසනයේ වැඩහිඳ, “මහණෙනි, චුල්ලපන්ථක විසින් මාගේ අවවාදයේ පිහිටා ක්‍රියා කොට දැන් ලෝකෝත්තර සම්පත් ලැබුවාක් මෙන් ම අතීතයේ දී මගේ බසෙහි පිහිටා, උත්සාහවත් වීමෙන් ලොෟකික සම්පතින් ආඪ්‍ය වූවේය” යි වදාළ සේක. එම භික්ෂූන්ගේ ආරාධනාවෙන් ඒ අතීත පුවත දැක්වෙන චුල්ලසෙට්ඨි ජාතකය දේශනා කළ බුදුපියාණන් වහන්සේ, පසු කාලයකදී ආර්‍ය්‍ය සංඝයා පිරිවරාගෙන ධර්මාසනයෙහි හුන්සේක් මනෝමය කාය නිර්මාණයේ දක්ෂ තෙරවරුන්ගෙන් ද රූපධ්යානයන් සමවැදීමේ දක්ෂ තෙරවරුන්ගෙන් ද අග්‍රස්ථානයෙහි චුල්ලපන්ථක තෙරුන් තැබූ සේක. ඊට පසු කාලයක දී භික්ෂූහු “නුඹවහන්සේ මෝඩ ස්වභාවයෙන් ඉපිද කෙසේ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තෙහි ද?” චුල්ලපන්ථක තෙරුන්ගෙන් විමසූහ. ඊට පිළිතුරු වශයෙන් උන්වහන්සේ තම සහෝදර තෙරුන් විසින් බැහැර කළ අවස්ථාවේ පටන් තම පිළිවෙත් මඟ දක්වමින් මේ ගාථා වදාළසේක.
“දන්ධා මය්හං ගතී ආසි, පරිභූතො පුරෙ අහං; භාතා ච මං පණාමෙසි, ගච්ඡ දානි තුවං ඝරං.
“දන්ධා මය්හං ගති ආසි, පරිභූතො පුරෙ අහං, භාතා ච මං පණාමෙසි, ගච්ඡාදානි තුවං ඝරං”
“සොහං පණාමිතො සන්තො, සඞ්ඝාරාමස්ස කොට්ඨකෙ; දුම්මනො තත්ථ අට්ඨාසිං, සාසනස්මිං අපෙක්ඛවා.
“සොහං පණමිතො භාතා සංඝාරාමස්ස කොට්ඨකෙ, දුම්මනො තත්ථ අට්ඨාසිං සාසනස්මිං අපෙඛවා”
“භගවා තත්ථ ආගච්ඡි, සීසං මය්හං පරාමසි; බාහාය මං ගහෙත්වාන, සඞ්ඝාරාමං පවෙසයි.
“භගවා තත්ථ ආගඤ්ජි, සීසං මය්හං පරාමසි, බාහාය මං ගහෙත්වාන සංඝාරාමං පවෙසයී.”
“අනුකම්පාය මෙ සත්ථා, පාදාසි පාදපුඤ්ඡනිං; එතං සුද්ධං අධිට්ඨෙහි, එකමන්තං ස්වධිට්ඨිතං.
“අනුකම්පාය මෙ සත්ථා අදාසි පාදපුඤ්ඡනිං, එතං සුද්ධං අධිට්ඨෙහි ඒකමන්තං ස්වධිට්ඨිතං”
“තස්සාහං වචනං සුත්වා, විහාසිං සාසනෙ රතො; සමාධිං පටිපාදෙසිං, උත්තමත්ථස්ස පත්තියා.
“තස්සාහං වචනං සුත්වා විහාසිං සාසනෙ රතො, සමාධිං පටිපාදෙසිං උත්තමත්ථස්ස පත්තියා”
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
“සහස්සක්ඛත්තුමත්තානං, නිම්මිනිත්වාන පන්ථකො; නිසීදම්බවනෙ රම්මෙ, යාව කාලප්පවෙදනා.
“සහස්සක්ඛත්තුං අත්තානං නිම්මිණිත්වාන පන්ථකො, නිසීදම්බවනෙ රම්මෙ යාව කාලප්පවෙදනා.”
“තතො මෙ සත්ථා පාහෙසි, දූතං කාලප්පවෙදකං; පවෙදිතම්හි කාලම්හි, වෙහාසාදුපසඞ්කමිං.
“තතො මෙ සත්ථා පාහෙසි දූතං කාලප්පවෙදකං, පවෙදිතම්හි කාලම්හි වෙහාසාදුපසංකමිං”
“වන්දිත්වා සත්ථුනො පාදෙ, එකමන්තං නිසීදහං; නිසින්නං මං විදිත්වාන, අත්ථ සත්ථා පටිග්ගහි.
“වන්දිත්වා සත්ථුනො පාදෙ එකමන්තං නිසීදහං, නිසින්නං මං විදිත්වාන අථ සත්ථා පටිග්ගහී.”
“ආයාගො සබ්බලොකස්ස, ආහුතීනං පටිග්ගහො; පුඤ්ඤක්ඛෙත්තං මනුස්සානං, පටිග්ගණ්හිත්ථ දක්ඛිණ”න්ති. –
“ආයාගො සබ්බ ලොකස්ස ආහුතීනං පටිග්ගහො, පුඤ්ඤක්ඛෙත්තො මනුස්සානං පටිගණ්හිත්ථ දක්ඛිණං.” තී.
ඉමා ගාථා අභාසි.
තත්ථ දන්ධාති, මන්දා, චතුප්පදිකං ගාථං චතූහි මාසෙහි ගහෙතුං අසමත්ථභාවෙන දුබ්බලා. ගතීති ඤාණගති. ආසීති, අහොසි. පරිභූතොති, තතො එව “මුට්ඨස්සති අසම්පජානො”ති හීළිතො. පුරෙති, පුබ්බෙ පුථුජ්ජනකාලෙ. භාතා චාති සමුච්චයත්ථො ච-සද්දො, න කෙවලං පරිභූතොව, අථ ඛො භාතාපි මං පණාමෙසි, “පන්ථක, ත්වං දුප්පඤ්ඤො අහෙතුකො මඤ්ඤෙ, තස්මා පබ්බජිතකිච්චං මත්ථකං පාපෙතුං අසමත්ථො , න ඉමස්ස සාසනස්ස අනුච්ඡවිකො, ගච්ඡ දානි තුය්හං අය්යකඝර”න්ති නික්කඩ්ඪෙසි. භාතාති, භාතරා. කොට්ඨකෙති, ද්වාරකොට්ඨකසමීපෙ. දුම්මනොති, දොමනස්සිතො. සාසනස්මිං අපෙක්ඛවාති, සම්මාසම්බුද්ධස්ස සාසනෙ සාපෙක්ඛො අවිබ්භමිතුකාමො.
මෙහි “දන්ධා” මද නුවණැති, සිවුපස ගාථාවක් සිවුමසකින් වත් ග්‍රහණය ධාරණය කරගැනීමට අසමත් වූ බැවින් දුර්වල වූ, “ගති” ඤාණගති, “ආසි” විය. “පරිභූතො” හෙළාදක්නා ලද්දෙමි. ඒ මෝඩ මුලා ස්වභාවය නිසා “අනුවණයෙකි” යි හෙළාදුටුවෙමි. “පුරෙ” පුහුදුන් කාලයේ, “භාතා ච” සමුච්චයාර්ථයේ ‘ච’ ශබ්දය යෙදේ. හුදෙක් මට නින්දා කළා පමණක් නොවේ. මගේ සෝයුරා ද මා එලවාදැමීය. “පන්ථකය, නුඹ දුෂ්ප්‍රාඥ මෝඩයෙකි යි සිතමි. එනිසා පැවිදි කිස මස්තක ප්‍රාප්ත කරගැනීම අසමත් වෙහි. නුඹ මේ ශාසනයට සුදුසු වූවෙක් නොවෙහි. එහෙයින් නුඹ දැන් සීයාගේ ගෙදරට යව” යි එළවා දැමීය. “භාතා” සොහොයුරා “කොට්ඨකෙ” ද්වාරකොට්ඨකය, දොරකඩ සමීපයේ, “දුම්මනො” දොම්නස් සිතින්, “සාසනස්මිං අපෙඛවා” සම්මා සම්බුද්ධ ශාසනයේ අපේක්ෂා සහිතව, සිවුරු හැර නොයනු කැමතිව,
භගවා තත්ථ ආගච්ඡීති, මහාකරුණාසඤ්චොදිතමානසො මං අනුග්ගණ්හන්තො භගවා යත්ථාහං ඨිතො, තත්ථ ආගච්ඡි. ආගන්ත්වා ච, “පන්ථක, අහං තෙ සත්ථා, න මහාපන්ථකො, මං උද්දිස්ස තව පබ්බජ්ජා”ති සමස්සාසෙන්තො සීසං මය්හං පරාමසි ජාලාබන්ධනමුදුතලුනපීණවරායතඞ්ගුලිසමුපසොභිතෙන විකසිතපදුමසස්සිරීකෙන චක්කඞ්කිතෙන හත්ථතලෙන “ඉදානියෙව මම පුත්තො භවිස්සතී”ති දීපෙන්තො මය්හං සීසං පරාමසි. බාහාය මං ගහෙත්වානාති, “කස්මා ත්වං, ඉධ තිට්ඨසී”ති චන්දනගන්ධගන්ධිනා අත්තනො හත්ථෙන මං භුජෙ ගහෙත්වා අන්තොසඞ්ඝාරාමං පවෙසෙසි. පාදාසි පාදපුඤ්ඡනින්ති පාදපුඤ්ඡනිං කත්වා පාදාසි “රජොහරණන්ති මනසි කරොහී”ති අදාසීති අත්ථො. “අදාසී”ති “පාදපුඤ්ඡනි”න්ති ච පඨන්ති. කෙචි පන “පාදපුඤ්ඡනි”න්ති පාදපුඤ්ඡනචොළක්ඛණ්ඩං පාදාසී”ති වදන්ති. තදයුත්තං ඉද්ධියා අභිසඞ්ඛරිත්වා චොළක්ඛණ්ඩස්ස දින්නත්තා. එතං සුද්ධං අධිට්ඨෙහි, එකමන්තං ස්වධිට්ඨිතන්ති, එතං සුද්ධං චොළක්ඛණ්ඩං “රජොහරණං, රජොහරණ”න්ති මනසිකාරෙන ස්වධිට්ඨිතං කත්වා එකමන්තං එකමන්තෙ විවිත්තෙ ගන්ධකුටිපමුඛෙ නිසින්නො අධිට්ඨෙහි තථා චිත්තං සමාහිතං කත්වා පවත්තෙහි.
“භගවා තත්ථ ආගඤ්ජි” මහාකරුණාවෙන් මෙහෙයූ සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ මට අනුග්රහකරමින් මා සිටි ස්ථානයට වැඩම කළසේක. පැමිණ “පන්ථකය, මම නුඹගේ ශාස්තෲවරයා වෙමි. මහාපන්ථක ශාස්තෲවරයා නොවේ. නුඹ පැවිදිවූයේ මා උදෙසාය” යනුවෙන් මා අස්වසමින් මගේ හිස පිරිමැදිසේක. දැලින් වැසුණු, මෘදු, ඉතා ළපටි වූ රන්වන් දිගු ඇඟිලිවලින් අලංකාර වූ පිපුණු පියුමක උතුම් ශෝභාව ගෙන දුන් ශ්‍රීමත් සක් ලකුණින් හෙබි අත්ලෙන් “දැන් මම මොහු මගේ පුත්‍රයකු වන්නේය” යන්න හඟවමින් “මගේ හිස පිරිමැදි සේක. “බාහාය මං ගහෙත්වාන” “නුඹ කුමක් හෙයින් මෙහි සිටින්නේ ද?”යි අසමින් සඳුන් සුවඳින් සුවඳවත් වූ තමන්වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මගේ අත අල්ලාගෙන සංඝාරාමයට රැගෙන ගියසේක. “පාදාසි පාදපුඤ්ජනී” පාපිස්නා කඩක් කර දුන්නේය. “රාජොහරණං” යනුවෙන් කියමින් මෙනෙහි කරවයි දුන්නේය. යන අරුතයි. “අදාසීති පාද පූජනී” යන පාඨය ද යෙදේ. ඇතැමෙක් “පාද පූජනං” යනු පා පිසදමන සුදු රෙදිකඩක් දුන්නේය යි කියති. සෘද්ධියෙන් මැවූ රෙදිකඩක් දුන් බැවින් මේ ප්‍රකාශය සුදුසුවූවක් නොවේ. “එතං සුද්ධං අධිට්ඨෙහි එකමන්තං ස්වධිට්ඨිතං” ඒ පිරිසිදු රෙදිකඩ රජෝහරණං, රජෝහරණං යනුවෙන් මෙනෙහි කරමින්, මනාව අධිෂ්ඨාන කරගෙන, මේ ගඳකිළියේ විවේක ස්ථානයක එකත් පසෙක හිඳිමින් “අධිට්ඨෙහි” ඒ රෙදිකඩට තම සිත යොමුකර, සිත සමාධිගත කර පවත්වා ගන්න.
තස්සාහං වචනං සුත්වාති, තස්ස භගවතො වචනං ඔවාදං අහං සුත්වා තස්මිං සාසනෙ ඔවාදෙ රතො අභිරතො හුත්වා විහාසිං යථානුසිට්ඨං පටිපජ්ජිං. පටිපජ්ජන්තො ච සමාධිං පටිපාදෙසිං, උත්තමත්ථස්ස පත්තියාති, උත්තමත්ථො නාම අරහත්තං, තස්ස අධිගමාය කසිණපරිකම්මවසෙන රූපජ්ඣානානි නිබ්බත්තෙත්වා ඣානපාදකං විපස්සනං පට්ඨපෙත්වා මග්ගපටිපාටියා අග්ගමග්ගසමාධිං සම්පාදෙසින්ති අත්ථො. එත්ථ හි සමාධීති උපචාරසමාධිතො පට්ඨාය යාව චතුත්ථමග්ගසමාධි, තාව සමාධිසාමඤ්ඤෙන ගහිතො, අග්ගඵලසමාධි පන උත්තමත්ථග්ගහණෙන, සාතිසයං චෙවායං සමාධිකුසලො, තස්මා “සමාධිං පටිපාදෙසි”න්ති ආහ. සමාධිකුසලතාය හි අයමායස්මා චෙතොවිවට්ටකුසලො නාම ජාතො, මහාපන්ථකත්ථෙරො පන විපස්සනාකුසලතාය සඤ්ඤාවිවට්ටකුසලො නාම. එකො චෙත්ථ සමාධිලක්ඛණෙ ඡෙකො, එකො විපස්සනාලක්ඛණෙ, එකො සමාධිගාළ්හො, එකො විපස්සනාගාළ්හො එකො අඞ්ගසංඛිත්තෙ ඡෙකො, එකො ආරම්මණසංඛිත්තෙ, එකො අඞ්ගවවත්ථානෙ, එකො ආරම්මණවවත්ථානෙති වණ්ණෙන්ති. අපිච චූළපන්ථකත්ථෙරො සාතිසයං චතුන්නං රූපාවචරජ්ඣානානං ලාභිතාය චෙතොවිවට්ටකුසලො වුත්තො, මහාපන්ථකත්ථෙරො සාතිසයං චතුන්නං අරූපාවචරජ්ඣානානං ලාභිතාය සඤ්ඤාවිවට්ටකුසලො. පඨමො වා රූපාවචරජ්ඣානලාභී හුත්වා ඣානඞ්ගෙහි වුට්ඨාය අරහත්තං පත්තොති චෙතොවිවට්ටකුසලො, ඉතරො අරූපාවචරජ්ඣානලාභී හුත්වා ඣානඞ්ගෙහි වුට්ඨාය අරහත්තං පත්තොති සඤ්ඤාවිවට්ටකුසලො. මනොමයං පන කායං නිබ්බත්තෙන්තො අඤ්ඤෙ තයො වා චත්තාරො වා නිබ්බත්තන්ති, න බහුකෙ, එකසදිසෙයෙව ච කත්වා නිබ්බත්තෙන්ති, එකවිධමෙව කම්මං කුරුමානෙ. අයං පන ථෙරො එකාවජ්ජනෙන සමණසහස්සං මාපෙසි, ද්වෙපි න කායෙන එකසදිසෙ අකාසි, න එකවිධං කම්මං කුරුමානෙ. තස්මා මනොමයං කායං අභිනිම්මිනන්තානං අග්ගො නාම ජාතො.
“තස්සාහං වචනං සුත්වා” ඒ භාග්‍යවතුන් වහන්සේ අවවාදය ඇසූ මම ඒ අවවාද අනුශාසනාවන් හි වෙසෙසින් ඇලී, එසේම කටයුතු කළෙමි. පැවසූ පරිදිම පිළිපැද්දෙමි. පිළිපදිමින් සිටියදී “සමාධිං පටිපාදෙසිං උත්තමත්ථස්ස පත්තියා” උත්‍ථමාර්‍ථය නම් අර්හත්වයයි. ඒ අර්හත්වය අවබෝධ කර ගැනීම සඳහා කසිණ භාවනා වශයෙන් රූපධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානය පාදක කරගෙන විදසුනෙහි සිත පිහිටුවා, මඟ පිළිවෙලින් ආර්යමාර්ග සමාධිය සම්පාදනය කරගත්තෙමි යන අර්ථයයි. මෙහි “සමාධිං” යන්නෙන් උපචාර සමාධියේ සිට සිවුමාර්ග සමාධිය දක්වා අදහස් කරන ලදි. උත්තමාර්ථය ගැනීමෙන් මෙහි දී අග්‍රඵල සමාධිය දක්වා අදහස් කරන ලදි. උත්තමාර්ථය ගැනීමෙන් මෙහි දී අග්‍රඵල සමාධිය සුවිශේෂ චේතෝ සමාධියක් ලෙස මෙහි දැක්විණි. එනිසා “කවරෙක් මේ සමාධිය උපදවාගත්තේ ද?” යන්න පවසන ලදි. රූපාවචර සමාධීන් හි මේ තෙරණුවෝ ඉතා දක්ෂ බැවින්, “රූපධ්‍යාන ඉපදවීමේ දක්ෂයෙකි” යි ප්‍රකට විය. මහාපන්ථක තෙරණුවෝ විදර්ශනාවෙහි දක්ෂයෙක් බැවින් අරූපධ්‍යාන ඉපදවීමේ දක්ෂයෙකි. “මේ දෙසොයුරන්ගෙන් එක් අයෙක් සමාධි, සමථ භාවනා විෂයෙහි දක්ෂයෙකි. අනික් තෙරුන් විදර්ශනා භාවනා විෂයෙහි දක්ෂයෙකි. අයෙක් සමාධිය දැඩිව ගත්තෙකි. අනික් තෙරුන් විදර්ශනාව දැඩිව ගත්තෙකි. අයෙක් අංග සංක්ෂිප්තයෙහි දක්ෂයෙකි. අයෙක් අරමුණු සංක්ෂිප්ත කිරීමෙහි දක්ෂයෙකි. අයෙක් අංග ව්යවස්ථාපනයේ දක්ෂයෙකි. අයෙක් ආරම්මණ ව්යවස්ථාපනයේ දක්ෂයෙකි.” යනුවෙන් වර්ණනා කරනු ලැබේ. තවද චුල්ලපන්ථක තෙරණුවෝ අතිශයින් ම රූපාවචර ද්යාන සතර ලබාගත්, එහි වශී බවට පැමිණි හෙයින් රූපධ්‍යාන වැඩීමේ දක්ෂයෙකි. මහා පන්ථක තෙරණුවෝ අතිශයින් අරූප ධ්‍යානලාභීව එහි වශී බවට පැමිණි හෙයින් අරූප ධ්‍යාන වැඩීමේ දක්ෂයෙකි. චුල්ල පන්ථක හිමියෝ රූපධ්‍යාන උපදවා, ඉන් නැගිට රහත් වූ හෙයින් රූපධ්යානයෙහි දක්ෂයෙහි. මහාපන්ථක හිමියෝ අරූපාවචර ධ්‍යාන උපදවා, ඉන් නැගිට රහත් වූ හෙයින් අරූපධ්‍යානයෙහි දක්ෂයෙකි. සෙසු මනෝමය කාය නිර්මාණයේ දක්ෂයෝ මනෝමය කාය තුනක් හෝ සතරක් මැවීමට දක්ෂවෙති. බොහෝ මනෝකායන් මැවීමට දක්ෂ නොවෙති. එසේම එකම සමාන රූප ඇතිව, එක ම ක්‍රියාව ඇති ව මැවීමට දක්ෂවෙති. මේ චුල්ලපන්ථක තෙරණුවෝ එම අවස්ථාවෙහි ම ශ්‍රමණ රූප දාහක් මැවූහ. ඒ මනෝකායන්ගේ රූපය දහස් ආකාර විය. එකම කාර්යයක නොයෙදුණේය. විවිධ වූ රූප හා ක්‍රියා ඇතිව මැවූහ. එනිසා චුල්ලපන්ථක තෙරණුවෝ මනෝමය කාය නිර්මාණයේ අග්‍ර පුද්ගලයා විය.
ඉදානි අත්තනො අධිගතවිසෙසං දස්සෙතුං “පුබ්බෙනිවාසං ජානාමී”තිආදිමාහ. කාමඤ්චායං ථෙරො ඡළභිඤ්ඤො, යා පන අභිඤ්ඤා ආසවක්ඛයඤාණාධිගමස්ස බහූපකාරා, තං දස්සනත්ථං “පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිත”න්ති වත්වා “තිස්සො විජ්ජා අනුප්පත්තා”ති වුත්තං. පුබ්බෙනිවාසයථාකම්මුපගඅනාගතංසඤාණානි හි විපස්සනාචාරස්ස බහූපකාරානි, න තථා ඉතරඤාණානි.
දැන් තමන් වහන්සේ ලබාගත් විශේෂාධිගමයන් දැක්වීමට “පුබ්බෙනිවාසං ජානාමී” යනාදී ගාථා දේශනා කරති. ඒකාන්තයෙන් ම තෙරනුවෝ ෂඩ් අභිඥාලාභියෙක් වූහ. ඒ අභිඥා හැකියාව ආශ්රවක්ෂ ඥානාධිගමයට බොහෝ උපකාර විය. එය දැක්වීමට “පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං” පෙර විසූ කඳපිළිවෙල ද දිවැස ද ලැබුවෙමි යි කියා “ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි” පැවසූහ. සෙසු අභිඥා ඥානයන්ට වඩා පූර්වේනිවාසානුස්මෘති ඥානය කර්මානුරූපව නොපැමිණි සංඥාවන්ට ද විදර්ශනාවට බොහෝ උපකාරී වේ.
සහස්සක්ඛත්තුන්ති සහස්සං. “සහස්සවාර”න්ති කෙචි වදන්ති. එකාවජ්ජනෙන පන ථෙරො සහස්සෙ මනොමයෙ කායෙ නිම්මිනි, න වාරෙන. තෙ ච ඛො අඤ්ඤමඤ්ඤමසදිසෙ විවිධඤ්ච කම්මං කරොන්තෙ. “කිං පන සාවකානම්පි එවරූපං ඉද්ධිනිම්මානං සම්භවතී”ති? න සම්භවති සබ්බෙසං, අභිනීහාරසම්පත්තියා පන අයමෙව ථෙරො එවමකාසි, තථා හෙස ඉමිනා අඞ්ගෙන එතදග්ගෙ ඨපිතො. පන්ථකො නිසීදීති අත්තානමෙව පරං විය වදති. අම්බවනෙති, අම්බවනෙ ජීවකෙන කතවිහාරෙ. වෙහාසාදුපසඞ්කමින්ති වෙහාසාති කරණෙ නිස්සක්කවචනං, වෙහාසෙනාති අත්ථො, ද-කාරො පදසන්ධිකරො. අථාති, මම නිසජ්ජාය පච්ඡා. පටිග්ගහීති දක්ඛිණොදකං පටිග්ගණ්හි. ආයාගො සබ්බලොකස්සාති, සබ්බස්ස සදෙවකස්ස ලොකස්ස අග්ගදක්ඛිණෙය්යතාය දෙය්යධම්මං ආනෙත්වා යජිතබ්බට්ඨානභූතො. ආහුතීනං පටිග්ගහොති, මහාඵලභාවකරණෙන දක්ඛිණාහුතීනං පටිග්ගණ්හකො. පටිග්ගණ්හිත්ථ දක්ඛිණන්ති ජීවකෙන උපනීතං යාගුඛජ්ජාදිභෙදං දක්ඛිණං පටිග්ගහෙසි.
“සහස්සක්ඛත්තුං” දහස් වරක්, දහස් අයුරකින්, එක් ආවර්ජනයකින් ම තෙරණුවෝ දහසක් මනෝමය කායන් නිර්මාණය කළහ. දහස් වරකින් නොවේ, ඒ සෑම රූපයක් ම විවිධාකාර විය. විවිධ කටයුතු කළේය. “කිම සැම බුද්ධහ්රාවකයෙකුට ම මෙබඳු වූ සෘද්ධිමය හැකියා අත්වේද?” ඇති නොවේමය. පෙර තැබූ ප්‍රාර්ථනා හා සසර පුරුදු කළ ශක්‍යතා අනුව මේ තෙරුන්ට ම පමණක් මෙම හැකියාව ඇතිවිය. එනිසා එම හැකියාවෙන් චුල්ලපන්ථක හිමියෝ අග්‍ර වූහ. “පන්ථකො නිසිදි” තමන් වහන්සේ වෙනත් අයෙකු මෙන් දක්වති. “අම්බවනෙ” අඹවනයේ ජීවක සැදූ විහාරයෙහි, “වෙහාසා” කරණාර්ථයේ පංචමී විභක්ති වචනයෙකි. “අහසින්” යන අර්ථයයි. ‘ද’ කාරය පද සන්ධිකරන්නකි. “අථ” මම ආසනයේ වැඩහුන් පසුව පිළිගැන්වූ දිය බඳුන පිළිගත්හ. “ආයාගො සබ්බලොකස්ස” සියලු දෙවියන් සහිත ලෝකයාගේ අග්‍ර දක්ෂිණෙය්ය වූ, දැහැමින් උපයාගත් ධනය වැය කර සකසාගත් දානෝපකරණ පිළිගැන්වීමට සුදුසු වූ. “ආහුතීනං පටිග්ගහො” දක්ෂිණාවන් පිළිගන්නා වූ, “ස්වාමීනි දක්ෂිණෝදකය, (පැන් කෝප්පය) පිළිගන්න” යි ජීවක විසින් පිළිගැන්වූ ඛාද්යභෝද්යාදී දක්ෂිණාව පිළිගත්සේක.
අථ ඛො භගවා කතභත්තකිච්චො ආයස්මන්තං චූළපන්ථකං ආණාපෙසි – “අනුමොදනං කරොහී”ති. සො සිනෙරුං ගහෙත්වා මහාසමුද්දං මන්ථෙන්තො විය පභින්නපටිසම්භිදාප්පත්තතාය තෙපිටකං බුද්ධවචනං සඞ්ඛොභෙන්තො සත්ථු අජ්ඣාසයං ගණ්හන්තො අනුමොදනං අකාසි. තථා උපනිස්සයසම්පන්නොපි චායමායස්මා තථාරූපාය කම්මපිලොතිකාය පරිබාධිතො චතුප්පදිකං ගාථං චතූහිපි මාසෙහි ගහෙතුං නාසක්ඛි. තං පනස්ස උපනිස්සයසම්පත්තිං ඔලොකෙත්වා සත්ථා පුබ්බචරියානුරූපං යොනිසොමනසිකාරෙ නියොජෙසි. තථා හි භගවා තදා ජීවකස්ස නිවෙසනෙ නිසින්නො එව “චූළපන්ථකස්ස චිත්තං සමාහිතං, වීථිපටිපන්නා විපස්සනා”ති ඤත්වා යථානිසින්නොව අත්තානං දස්සෙත්වා, “පන්ථක, යදිපායං පිලොතිකා සංකිලිට්ඨා රජානුකිණ්ණා, ඉතො පන අඤ්ඤො එව අරියස්ස විනයෙ සංකිලෙසො රජො චාති දස්සෙන්තො –
ඉක්බිති බත් කිස නිමවූ බුදුපියාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන්ට “පුණ්‍යානුමෝදනා කරව” යි අණ කළ සේක. ඉක්බිති චුල්ලපන්ථක තෙරණුවෝ මහමෙර ගෙන මුහුද කළඹන්නාක් මෙන් ප්රභේදගත සිවුපිළිසිඹියාපත් බැවින් ත්‍රිපිටක බුද්ධ වචනය කළඹමින් ශාස්තෲ අදහසට අනුගතව පුණ්‍යානුමෝදනාව කළසේක. මෙබඳු වූ උපනිශ්‍රය සම්පත් ඇති නමුත් මේ ආයුෂ්මතුන් වහන්සේ, ඊට සුදුසු වූ අකුසල කර්මයක බලපෑමෙන් සිවුපද ගාථාවක් සිවුමසකින්වත් පාඩම් කරගැනීමට අසමත් වූහ. උන්වහන්සේගේ උපනිශ්‍රය සම්පත් බුදුඇසින් දුටු තථාගතයන් වහන්සේ, පූර්වචරිතයන්ට සුදුසු යෝනිසෝ මනසිකාරයක චුල්ලපන්ථක හිමි නියුක්ත කළසේක. එසේම එදා ජීවකගේ සිත එකඟ වී විදර්ශනා වීථියට පිළිගත් බව දැන, තමන් වහන්සේ වැඩහුන් ආකාරයෙන් ම දක්වා “පන්ථකය, යම්සේ මේ රෙදි කඩ දූවිලි වැකී කිලිටිවූවේ ද මේ ආර්ය විනයෙහි කෙලෙස් දූවිලි නිසා සිතට සත්‍යාවබෝධ නොවේ” යැයි දක්වන සේක් මේ ගාථා තුන වදාළසේක.
“රාගො රජො න ච පන රෙණු වුච්චති, රාගස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්වා භික්ඛවො, විහරන්ති තෙ වීතරජස්ස සාසනෙ.
“රාගො රජො න ච පන රෙණු වුච්චති, රාගස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව හික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.”
“දොසො රජො…පෙ… සාසනෙ.
“දොසො රජො -පෙ- සාසනෙ.”
“මොහො රජො…පෙ… වීතරජස්ස සාසනෙ”ති. –
“මොහො රජො -පෙ- සාසනෙ.”
“ශ්‍රමණ, රාගය රජසකි. එයට “දූවිල්ලකි” නොකියයි. මේ කිලුටට “රාගය” යන නම යෙදේ. මේ රාගය නම් රජස දුරුකරව. රාගය දුරුකළ පුද්ගලයෝ කෙලෙස් දූවිලි රහිතව මේ සසුන ශෝභමාන කරති.
“ශ්‍රමණ ද්වේෂය රජසකි, -පෙ- සසුන ශෝභමාන කරමින් වෙසෙති.”
“ශ්‍රමණ මෝහය රජසකි, -පෙ- සසුන ශෝභමාන කරමින් වෙසෙති”
ඉමා තිස්සො ඔභාසගාථා අභාසි. ගාථාපරියොසානෙ චූළපන්ථකො අභිඤ්ඤාපටිසම්භිදාපරිවාරං අරහත්තං පාපුණීති.
ගාථා තුන අවසානයේ දී චුල්ලපන්ථක තෙරණුවෝ ෂඩ් අභිඥාවන් සමග සිවු පිළිසිඹියාපත් මහරහත් භාවයට පත්වූහ.
චූළපන්ථකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
චුල්ලපන්ථක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.