යෙදුමෙන් කියවන්න

කප‍්පත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කප‍්පත්‍ථෙරගාථාවණ‍්ණනා

කප්ප ස්ථවිරගාථා වර්ණනාව

නානාකුලමලසම‍්පුණ‍්ණොතිආදිකා ආයස‍්මතො කප‍්පත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්තිත්‍වා පිතු අච‍්චයෙන විඤ‍්ඤුතං පත‍්තො නානාවිරාගවණ‍්ණවිචිත‍්තෙහි වත්‍ථෙහි අනෙකවිධෙහි ආභරණෙහි නානාවිධෙහි මණිරතනෙහි බහුවිධෙහි පුප‍්ඵදාමමාලාදීහි ච කප‍්පරුක‍්ඛං නාම අලඞ‍්කරිත්‍වා තෙන සත්‍ථු ථූපං පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ මණ‍්ඩලිකරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨිතො කාමෙසු අතිවිය රත‍්තො ගිද‍්ධො හුත්‍වා විහරති. තං සත්‍ථා මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය ලොකං වොලොකෙන‍්තො ඤාණජාලෙ පඤ‍්ඤායමානං දිස‍්වා, “කිං නු ඛො භවිස‍්සතී”ති ආවජ‍්ජෙන‍්තො, “එස මම සන‍්තිකෙ අසුභකථං සුත්‍වා කාමෙසු විරත‍්තචිත‍්තො හුත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිස‍්සතී”ති ඤත්‍වා ආකාසෙන තත්‍ථ ගන‍්ත්‍වා –

“නානාකුලමල සම්පුණ්ණො” යනු ආයුෂ්මත් කප්ප තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති ව ඒ ඒ භවයේ දී කුසල් දහම් රැස්කරමින් අවුත්, සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී මහත් ධනවත් පවුලක ඉපිද නුවණැති බවට පත්වූහ. ඔහු නානාවිධ වර්ණවත් විසිතුරු වස්ත්‍රයන්ගෙන් ද නානාප්‍රකාර ආභරණයන්ගෙන් ද, නානාප්‍රකාර මැණික් රත්නයන්ගෙන් ද බොහෝ මල්මාලාදියෙන් ද කප්රුකක් අලංකාරව සාදා ඉන් ශාස්තෲන් වහන්සේගේ චෛත්‍යයට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාදයේ දී මගධ රට මණ්ඩලික රජ පවුලක ඉපිද පියාගේ ඇවෑමෙන් රාජ්‍යයේ පිහිටා කාමයන් හි අතිශයින් ගිජුව, ඇලී වාසය කළේය. මහා කරුණා සමාපත්තියෙන් නැගිට ලොව දෙස බැලූ ශාස්තෲන් වහන්සේගේ ඤාණ දැලට ඔහු හසුවිය. “ඔහුට කුමක් සිදුවන්නේ ද? විමසූ තථාගතයන් වහන්සේ, “මෙතෙම මා සමීපයේ දී අසුභ කථාව අසා කාමයන් හි නොඇලුණු සිත් ඇතිව පැවිදි ව, රහත්වන්නේය”යි දැන අහසින් එතැනට වැඩමවා මේ ගාථාවන්ගෙන් කප්ප රජුට දහම් දෙසූහ.

“නානාකුලමලසම‍්පුණ‍්ණො , මහාඋක‍්කාරසම‍්භවො; චන්‍දනිකංව පරිපක‍්කං, මහාගණ‍්ඩො මහාවණො.

“නානාකුලමල සම්පුණ්ණො මහා උක්කාරසම්භවො, චන්‍දනිකංව පරිපක්කං මහාගණ්ඩො මහාවණො.”

“පුබ‍්බරුහිරසම‍්පුණ‍්ණො, ගූථකූපෙන ගාළ‍්හිතො; ආපොපග‍්ඝරණො කායො, සදා සන්‍දති පූතිකං.

“පුබ්බරුහිර සම්පුණ්ණො ගුථකූපෙන ගාළ්හිතො, ආපොපග්ඝරණො කායො සදා සන්‍දති පූතිකං”

“සට‍්ඨිකණ‍්ඩරසම‍්බන්‍ධො, මංසලෙපනලෙපිතො; චම‍්මකඤ‍්චුකසන‍්නද‍්ධො, පූතිකායො නිරත්‍ථකො.

“සට්ඨි කණ්ඩර සම්බන්‍ධො මංසලෙපනලෙපිතො, චම්ම කඤ්චුක සන්නද්ධො පූතිකායො නිරත්‍ථකො”

“අට‍්ඨිසඞ‍්ඝාතඝටිතො, න‍්හාරුසුත‍්තනිබන්‍ධනො; නෙකෙසං සංගතීභාවා, කප‍්පෙති ඉරියාපථං.

“අට්ඨි සංඝාටඝටිතො නහාරුසුත්ත නිබන්‍ධනො, නෙකෙසං සංගතීභාවා කප්පෙති ඉරියාපථං.”

“ධුවප‍්පයාතො මරණාය, මච‍්චුරාජස‍්ස සන‍්තිකෙ; ඉධෙව ඡඩ‍්ඩයිත්‍වාන, යෙනකාමඞ‍්ගමො නරො.

“ධුවප්පයාතො මරණස්ස මච්චුරාජස්ස සන්තිකෙ, ඉධෙව ඡඩ්ඩයිත්‍වාන යෙනකාමං ගමො නරො.”

“අවිජ‍්ජාය නිවුතො කායො, චතුගන්‍ථෙන ගන්‍ථිතො; ඔඝසංසීදනො කායො, අනුසයාජාලමොත්‍ථතො.

“අවිජ්ජාය නිවුතො කායො, චතුගන්‍ථෙන ගන්‍ථිතො, ඔඝ සංසීදනො කායො, අනුසයජාලමොත්‍ථතො.”

“පඤ‍්චනීවරණෙ යුත‍්තො, විතක‍්කෙන සමප‍්පිතො; තණ‍්හාමූලෙනානුගතො, මොහච‍්ඡාදනඡාදිතො.

“පඤ්චනීවරණෙ යුත්තො, විතක්කෙන සමප්පිතො, තණ්හාමූලෙනානුගතො මොහච්ඡදනඡාදිතො.”

“එවායං වත‍්තතෙ කායො, කම‍්මයන‍්තෙන යන‍්තිතො; සම‍්පත‍්ති ච විපත්‍යන‍්තා, නානාභාවො විපජ‍්ජති.

“එවායං වත්තතී කායො කම්මයන්තෙන යන්තිතො, සම්පත්ති ච විපත්‍යන්තා, නානාභාවො විපජ්ජති.”

“යෙමං කායං මමායන‍්ති, අන්‍ධබාලා පුථුජ‍්ජනා; වඩ‍්ඪෙන‍්ති කටසිං ඝොරං, ආදියන‍්ති පුනබ‍්භවං.

“යෙමං කායං මමායන්ති අන්‍ධබාලා පුථුජ්ජනා, වඩ්ඪෙන්ති කටසිං ඝොරං, ආදියන්ති පුනබ්බවං.”

“යෙමං කායං විවජ‍්ජෙන‍්ති, ගූථලිත‍්තංව පන‍්නගං; භවමූලං වමිත්‍වාන, පරිනිබ‍්බිස‍්සන‍්තිනාසවා”ති. –

“යෙමං කායං විවජ්ජෙන්ති ගුථලිත්තංව පන්නගං, භවමූලං වමිත්‍වාන පරිනිබ්බායිස්සන්ත්‍යනාසවා.” තී.

ඉමාහි ගාථාහි තස‍්ස අසුභකථං කථෙසි. සො සත්‍ථු සම‍්මුඛා අනෙකාකාරවොකාරං යාථාවතො සරීරසභාවවිභාවනං අසුභකථං සුත්‍වා සකෙන කායෙන අට‍්ටීයමානො හරායමානො ජිගුච‍්ඡමානො සංවිග‍්ගහදයො සත්‍ථාරං වන්‍දිත්‍වා, “ලභෙය්‍යාහං, භන‍්තෙ, භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජ”න‍්ති පබ‍්බජ‍්ජං යාචි. සත්‍ථා සමීපෙ ඨිතමඤ‍්ඤතරං භික‍්ඛුං ආණාපෙසි – “ගච‍්ඡ, භික‍්ඛු, ඉමං පබ‍්බාජෙත්‍වා උපසම‍්පාදෙත්‍වා ආනෙහී”ති. සො තං තචපඤ‍්චකකම‍්මට‍්ඨානං දත්‍වා පබ‍්බාජෙසි. සො ඛුරග‍්ගෙයෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· තෙර 1.4.102-107) –

මේ ගාථාවන්ගෙන් අනේක ප්‍රකාර ව තත්ත්‍වාකාරයෙන් ම ශරීරස්වභාවය දැක්වෙන අසුභ කථාව ඇසූ එරජු, තම කය පිළිකුල් කරමින්, අප්‍රියකරමින් හටගත් සංවේගයට පත් සිතින් යුක්තව ශාස්තෲන් වහන්සේට වැන්දේය. වැඳ “ස්වාමීනි, මට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් පැවිද්ද ලැබේ නම් මැනවි. උපසම්පදාව ලැබේ නම් මැනවි.”යි පැවිද්ද ඉල්වීය. ශාස්තෲන් වහන්සේ සමීපයෙහි සිටි භික්‍ෂුවක් කැඳවා, “මහණ, යව මොහු පැවිදි උපසම්පදා කර රැගෙන එව” යි අණකළ සේක. ඒ භික්‍ෂුව තම පඤ්චක කර්මස්ථානය දී පැවිදි කරන අවස්ථාවේ ඒ රජතුමා හිසකෙස් බාද්දීම සිවුපිළිසිඹියාපත් මහ රහත් ඵලයට පත්විය. අපදාන පාළියේ දී කප්ප හිමියෝ මෙසේ වදාළහ.

“සිද‍්ධත්‍ථස‍්ස භගවතො, ථූපසෙට‍්ඨස‍්ස සම‍්මුඛා; විචිත‍්තදුස‍්සෙ ලගෙත්‍වා, කප‍්පරුක‍්ඛං ඨපෙසහං.

“මම සිද්ධත්‍ථ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්තූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්ලා කප්රුකක් පිදුවෙමි.

“යං යං යොනුපපජ‍්ජාමි, දෙවත‍්තං අථ මානුසං; සොභයන‍්තො මම ද‍්වාරං, කප‍්පරුක‍්ඛො පතිට‍්ඨති.

දිව්‍ය වූ මනුෂ්‍ය වූ ආත්මභාවයන් හි දී මාගේ දොරටුව හොබවමින් කප් රුකක් පිහිටියේය.

“අහඤ‍්ච පරිසා චෙව, යෙ කෙචි මමවස‍්සිතා; තම‍්හා දුස‍්සං ගහෙත්‍වාන, නිවාසෙම මයං සදා.

මම ද මා ඇසුරු කළ සැම ද ඒ කප්රුකින් දුහුල් ගෙන හැන්දෙමු.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං රුක‍්ඛං ඨපයිං අහං; දුග‍්ගතිං නාභිජානාමි, කප‍්පරුක‍්ඛස‍්සිදං ඵලං.

මෙයින් කල්ප අනූහතරකට පෙර යම් කප්රුක් පූජාවක් කළෙම් ද එදා සිට මම දුගතියක නූපන්නෙමි. කප්රුක් දානයේ විපාක මෙබඳුය.

“ඉතො ච සත‍්තමෙ කප‍්පෙ, සුචෙළා අට‍්ඨ ඛත‍්තියා; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් සත්වන කල්පයේ සත්රුවනින් හෙබි මහත් බලැති සුචෙල නම් සක්විති රජුව අට වරක් සැප වින්දෙමි.

“පටිසම‍්භිදා චතස‍්සො…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ලද‍්ධූපසම‍්පදො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො තා එව ගාථා අභාසි. තෙනෙව තා ථෙරගාථා නාම ජාතා.

රහත් බවට පත් වූ උන්වහන්සේ උපසම්පදාව ලබා, ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක හිඳ, තමා රහත් වූ බව ප්‍රකාශ කරනු සඳහා බුදුරදුන් මුලදී වදාළ ගාථා දහය ම නැවතත් දේශනා කළහ. එනිසා ම එම ගාථාවන්ට “කප්ප ථෙරගාථා” නාමය විය.

තත්‍ථ නානාකුලමලසම‍්පුණ‍්ණොති, නානාකුලෙහි නානාභාගෙහි මලෙහි සම‍්පුණ‍්ණො, කෙසලොමාදිනානාවිධඅසුචිකොට‍්ඨාසභරිතොති අත්‍ථො. මහාඋක‍්කාරසම‍්භවොති, උක‍්කාරො වුච‍්චති වච‍්චකූපං. යත‍්තකවයා මාතා, තත‍්තකං කාලං කාරපරිසෙදිතවච‍්චකූපසදිසතාය මාතු කුච‍්ඡි ඉධ “මහාඋක‍්කාරො”ති අධිප‍්පෙතො. සො කුච‍්ඡි සම‍්භවො උප‍්පත‍්තිට‍්ඨානං එතස‍්සාති මහාඋක‍්කාරසම‍්භවො. චන්‍දනිකංවාති චන්‍දනිකං නාම උච‍්ඡිට‍්ඨොදකගබ‍්භමලාදීනං ඡඩ‍්ඩනට‍්ඨානං, යං ජණ‍්ණුමත‍්තං අසුචිභරිතම‍්පි හොති, තාදිසන‍්ති අත්‍ථො. පරිපක‍්කන‍්ති, පරිණතං පුරාණං. තෙන යථා චණ‍්ඩාලගාමද‍්වාරෙ නිදාඝසමයෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ උදකෙන සමුපබ්‍යූළ‍්හමුත‍්තකරීසඅට‍්ඨිචම‍්මන‍්හාරුඛණ‍්ඩඛෙළසිඞ‍්ඝාණිකාදිනානාකුණපභරිතං කද‍්දමොදකාලුළිතං කතිපයදිවසාතික‍්කමෙන සංජාත කිමිකුලාකුලං සූරියාතපසන‍්තාපකුථිතං උපරි ඵෙණපුබ‍්බුළකානි මුඤ‍්චන‍්තං අභිනීලවණ‍්ණං පරමදුග‍්ගන්‍ධං ජෙගුච‍්ඡං චන්‍දනිකාවාටං නෙව උපගන‍්තුං, න දට‍්ඨුං අරහරූපං හුත්‍වා තිට‍්ඨති, තථාරූපොයං කායොති දස‍්සෙති. සදා දුක‍්ඛතාමූලයොගතො අසුචිපග‍්ඝරණතො උප‍්පාදජරාමරණෙහි උද‍්ධුමායනපරිපච‍්චනභිජ‍්ජනසභාවත‍්තා ච මහන‍්තො ගණ‍්ඩො වියාති මහාගණ‍්ඩො. සබ‍්බත්‍ථකමෙව දුක‍්ඛවෙදනානුබද‍්ධත‍්තා ගණ‍්ඩානං සහනතො අසුචිවිස‍්සන්‍දනතො ච මහන‍්තො වණො වියාති මහාවණො ගූථකූපෙන ගාළිතොති, වච‍්චකූපෙන වච‍්චෙනෙව වා භරිතො. “ගූථකූපනිගාළ‍්හිතො”තිපි පාළි, වච‍්චකූපතො නික‍්ඛන‍්තොති අත්‍ථො. ආපොපග‍්ඝරණො කායො, සදා සන්‍දති පූතිකන‍්ති, අයං කායො ආපොධාතුයා සදා පග‍්ඝරණසීලො, තඤ‍්ච ඛො පිත‍්තසෙම‍්හසෙදමුත‍්තාදිකං පූතිකං අසුචිංයෙව සන්‍දති, න කදාචි සුචින‍්ති අත්‍ථො.

එම ගාථාවන් හි “නානාකුලමල සම්පුණ්ණො” නානාප්‍රකාර අශුචියෙන් මලයෙන් පිරුණු, කෙස්, ලොම් ආදී නානාවිධ අශුචි කොටස්වලින් පිරුණු, “මහා උක්කාරසම්භවො” උක්කාර යනු වැසිකිළිය යි. මවගේ කුසේ හුමාලයෙන් තැම්බූ වැසිකිළියක මෙන් සිට උපදින බැවින් “මහා උක්කාර” යනු මවුකුස යි. ඒ මවු කුසින් මේ ශරීරය උපන්නේය යන අරුතින් “මහා උක්කාර සම්භව” නම් වේ. “චන්‍දිකං” ඉඳුල් දිය, ගැබ්මල් ආදිය දමන ස්ථානයක් බඳු, යමක දණක් පමණ අසුභයන්ගෙන් පිරී පවතී ද එබඳු ගවරවලක් බඳු, “පරිපක්කං” පරණ වූ, පැරණි සැඬොල් ගම් දොරටුවක ග්‍රීෂ්ම කාලයේ කැපූ වලකට විශාල වැසි බිනු ඇති මහා වැස්සක් වැටී මෙන් මුළු ගමේම වූ මළමුත්‍ර, ඇට, සම්, නහර, කෙළ, සෙම්, සොටු ආදී නානාප්‍රකාර කුණප දිය පහරින් ගසා ගෙන ගොස්, මඩ මිශ්‍ර වතුර සමඟ දින කිහිපයක් පැසීමෙන්, මී මැසි මදුරු පණු ආදීන්ගෙන් පිරීගිය, සූර්යතාපයෙන් තැවී පැසී ගිය, මතුපිට පෙන බුබුළු පිරි, ඉතා තද කළු පාටින් යුතු, අතිශය දුගඳ හමන, පිළිකුල් වූ ගවරවළක් බඳුය.” යන අදහසයි. එසේම දුක්ගෙනදෙන හුලක් බඳුවූ, අශුචි වැගිරෙන බැවින් ද ජරාමරණ උපදවන බැවින් ද ඉදිමෙන, පැසෙන, බිඳීයන ස්වභාව ඇති බැවින් ද මහත් ගඬුවක් වැනි වූ මේ කය “මහාගණ්ඩො” මහා තුවාලයකි. සෑම තැනකම දුක් වේදනා ගෙනදෙන ගඬුවලින් පිරි, අශුචි වැගිරෙන මහත් වණයක් බඳුය. “මහාවණෙ” වර්චස්වලින් යුතු “ගුථකූපෙන ගාළ්හිතො” නැතහොත් අශුචි වැගිරෙන, “ගුථ කූපෙ නිබාහිතො” යන පාඨය ද යෙදේ. “අශුචිවලින් නික්මෙන” යන අර්ථය එහි ඇත. “ආපො පග්ඝරණො කායො සදා සන්‍දති පූතිකං” මේ කය ආපොධාතුව නිසා සැමදාම වැගිරෙයි. කිසි දිනෙක පවිත්‍ර දේ නොවැගිරෙයි.

සට‍්ඨිකණ‍්ඩරසම‍්බන්‍ධොති , ගීවාය උපරිමභාගතො පට‍්ඨාය සරීරං විනද‍්ධමානා සරීරස‍්ස පුරිමපච‍්ඡිමදක‍්ඛිණවාමපස‍්සෙසු පච‍්චෙකං පඤ‍්ච පඤ‍්ච කත්‍වා වීසති, හත්‍ථපාදෙ විනද‍්ධමානා තෙසං පුරිමපච‍්ඡිමපස‍්සෙසු පඤ‍්ච පඤ‍්ච කත්‍වා චත‍්තාලීසාති සට‍්ඨියා කණ‍්ඩරෙහි මහාන‍්හාරූහි සබ‍්බසො බද‍්ධො විනද‍්ධොති සට‍්ඨිකණ‍්ඩරසම‍්බන්‍ධො. මංසලෙපනලෙපිතොති, මංසසඞ‍්ඛාතෙන ලෙපනෙන ලිත‍්තො, නවමංසපෙසිසතානුලිත‍්තොති අත්‍ථො. චම‍්මකඤ‍්චුකසන‍්නද‍්ධොති, චම‍්මසඞ‍්ඛාතෙන කඤ‍්චුකෙන සබ‍්බසො ඔනද‍්ධො පරියොනද‍්ධො පරිච‍්ඡින‍්නො. පූතිකායොති, සබ‍්බසො පූතිගන්‍ධිකො කායො. නිරත්‍ථකොති, නිප‍්පයොජනො. අඤ‍්ඤෙසඤ‍්හි පාණීනං කායො චම‍්මාදිවිනියොගෙන සියා සප‍්පයොජනො, න තථා මනුස‍්සකායොති. අට‍්ඨිසඞ‍්ඝාතඝටිතොති, අතිරෙකතිසතානං අට‍්ඨීනං සඞ‍්ඝාතෙන ඝටිතො සම‍්බන්‍ධො. න‍්හාරුසුත‍්තනිබන්‍ධනොති, සුත‍්තසදිසෙහි නවහි න‍්හාරුසතෙහි නිබන්‍ධිතො. නෙකෙසං සංගතීභාවාති, චතුමහාභූතජීවිතින්‍ද්‍රියඅස‍්සාසපස‍්සාසවිඤ‍්ඤාණාදීනං සමවායසම‍්බන්‍ධෙන සුත‍්තමෙරකසමවායෙන යන‍්තං විය ඨානාදිඉරියාපථං කප‍්පෙති.

“සට්ඨිකණ්ඩරසම්බන්න්‍ධො” බෙල්ලෙ උඩ සිට ශරීරය පුරාම පැතිරී ගිය, පූර්ව, පශ්චිම, දකුණු, වම් යන පැති සතරේ පහ පහ බැගින් වූ නහර සතලිසකි. මෙසේ සැට කඩකට බෙදීගිය සැටක් මහනහරින් මුලු ශරීරයම වෙලී පවතී. “සට්ඨිකණ්ඩරසමන්‍ධො” නම් වේ. “මංස ලෙපන ලෙපිතො” මංස, මස් නම් බදාම තවරන ලද. නවසීයක් මස් පෙති වලින් තවරන ලද “චම්මක කඤ්චුක සන්නද්ධො” සම නම් කඤ්චුකයෙන් සර්ව ප්‍රකාරයෙන්ම, වටකර වසන ලද්දේය. “පූතිකායො” සෑම ආකාරයෙන්ම කුණු ගඳ ඇති කය “නිරත්‍ථකො” ප්‍රයෝජනයක් නැත. අනිකුත් සතුන්ගේ ශරීරයේ සම් ආදී ද්‍රව්‍ය ඉතා ප්‍රයෝජනවත් වන නමුත් මිනිස් ශරීරයේ කිසිවක් ප්‍රයෝජනයට නොගනියි. “අට්ඨිසංඝාටඝටිතො” අතිරේක වූ තුන්සියයක් ඇටවලින් එකට බැඳී සම්බන්‍ධ කරන ලද “නහාරු සුත්තනිබන්‍ධනො” නූල් වැනි නවසීයක් නහරවලින් වෙලනා ලද “නෙකෙසං සංගතීභාවා” සිවු මහා භූත, ජීවිතින්‍ද්‍රිය, ආශ්වාස, ප්‍රශ්වාස, විඤ්ඤාණාදියේ එක්වීමෙන්, ඒකරාශීවීමෙන් සම්බන්‍ධ වී නූල් යෙදී ක්‍රියා කරන යන්ත්‍රයක් මෙන් සිටීම් ආදී ඉරියවු පවත්වයි.

ධුවප‍්පයාතො මරණායාති, මරණස‍්ස අත්‍ථාය එකන‍්තගමනො, නිබ‍්බත‍්තිතො පට‍්ඨාය මරණං පති පවත‍්තො. තතො එව මච‍්චුරාජස‍්ස මරණස‍්ස සන‍්තිකෙ ඨිතො. ඉධෙව ඡඩ‍්ඩයිත්‍වානාති, ඉමස‍්මිංයෙව ලොකෙ කායං ඡඩ‍්ඩෙත්‍වා, යථාරුචිතට‍්ඨානගාමී අයං සත‍්තො, තස‍්මා “පහාය ගමනීයො අයං කායො”ති එවම‍්පි සඞ‍්ගො න කාතබ‍්බොති දස‍්සෙති.

“ධුවප්පයාතො මරණස්ස” මරණය සඳහාම ඒකාන්ත වූ ගමන් ඇති, උපතේ පටන් මරණය කරා නිරතුරුව පැමිණෙන ඒ මෘත්‍යුරාජ නම් මරණය සමීපයේ සිටී. “ඉධෙවඡඩ්ඪයිත්‍වාන” මේ ලෝකයේ ම කය හැරදමා තමා කැමති ස්ථානයකට මේ සත්ත්‍වයා ගමන් කරයි. කය මෙහි ම හැර දමා යන බැවින් මේ කය සමග එක්වීමක් නොකළ යුතුයි.

අවිජ‍්ජාය නිවුතොති, අවිජ‍්ජානීවරණෙන නිවුතො පටිච‍්ඡාදිතාදීනවො, අඤ‍්ඤථා කො එත්‍ථ සඞ‍්ගං ජනෙය්‍යාති අධිප‍්පායො. චතුගන්‍ථෙනාති, අභිජ‍්ඣාකායගන්‍ථාදිනා චතුබ‍්බිධෙන ගන්‍ථෙන ගන්‍ථිතො, ගන්‍ථනියභාවෙන විනද‍්ධිතො. ඔඝසංසීදනොති, ඔඝනියභාවෙන කාමොඝාදීසු චතූසු ඔඝෙසු සංසීදනකො. අප‍්පහීනභාවෙන සන‍්තානෙ අනු අනු සෙන‍්තීති අනුසයා, කාමරාගාදයො අනුසයා. තෙසං ජාලෙන ඔත්‍ථතො අභිභූතොති අනුසයාජාලමොත්‍ථතො. මකාරො පදසන්‍ධිකරො, ගාථාසුඛත්‍ථං දීඝං කත්‍වා වුත‍්තං. කාමච‍්ඡන්‍දාදිනා පඤ‍්චවිධෙන නීවරණෙන යුත‍්තො අධිමුත‍්තොති පඤ‍්චනීවරණෙ යුත‍්තො, කරණත්‍ථෙ භුම‍්මවචනං.

“අවිජ්ජාය නිවුතො” අවිද්‍යා නීවරණයෙන් වැසුනු, වෙලීගත් “ඒ අවිද්‍යාව නිසාම මේ කයට සත්ත්‍වයා ඇලී පවතියි” යන අදහසයි. “චතුගන්‍ථෙන” අභිධ්‍යාව ආදී කය පිළිබඳ දැඩි ඇල්ම ප්‍රමුඛ සිවුවැදෑරුම් ග්‍රන්‍ථයන්ගෙන් වෙලීගත්, වෙලාගැනීම් වහයෙන් ශරීරය දැඩිවගත්, “ඔඝසංසීදනො” කාමාදී සිවු ඕඝයන්හි ගැලුණු, බැසගත්, ප්‍රහීණ නොවී සත්ත්‍ව සන්තානයේ ඇලී පැවතීම් හේතුවෙන් කාමරාගාදිය “අනුසය” නම් වේ. ඒ අනුසය දැලින් මැඩගත්, අභිභවනය කළ බැවින්, “අනුසයජාලමොත්‍ථතො” මෙහි ‘ම’ කාරය පදසන්‍ධි කරන්නකි. ගාථාව සුඛෝච්චාරණය පිණිස දීර්ඝ කරන ලදි. “පඤ්චනීවරණෙ යුත්තො” කාමච්ඡන්‍ද ආදී පස් වැදෑරුම් නීවරණ ධර්මයන්ගෙන් යුක්තව, මෙය කරණාර්ථයේ සත්තමී විභක්ති පදයකි.

කාමවිතක‍්කාදිනා මිච‍්ඡාවිතක‍්කෙන සමප‍්පිතො සමස‍්සිතොති විතක‍්කෙන සමප‍්පිතො. තණ‍්හාමූලෙනානුගතොති, තණ‍්හාසඞ‍්ඛාතෙන භවමූලෙන අනුබද‍්ධො. මොහච‍්ඡාදනඡාදිතොති, සම‍්මොහසඞ‍්ඛාතෙන ආවරණෙන පලිගුණ‍්ඨිතො. සබ‍්බමෙතං සවිඤ‍්ඤාණකං කරජකායං සන්‍ධාය වදති. සවිඤ‍්ඤාණකො හි අත‍්තභාවො “උච‍්ඡින‍්නභවනෙත‍්තිකො, භික‍්ඛවෙ, තථාගතස‍්ස කායො තිට‍්ඨති, අයඤ‍්චෙව කායො බහිද‍්ධා ච නාමරූප”න‍්තිආදීසු (දී· නි· 1.1.147) කායොති වුච‍්චති, එවායං වත‍්තතෙ කායොති එවං “නානාකුලමලසම‍්පුණ‍්ණො”තිආදිනා “අවිජ‍්ජාය නිවුතො”තිආදිනා ච වුත‍්තප‍්පකාරෙන අයං කායො වත‍්තති, වත‍්තන‍්තො ච කම‍්මයන‍්තෙන සුකතදුක‍්කටෙන කම‍්මසඞ‍්ඛාතෙන යන‍්තෙන යන‍්තිතො සඞ‍්ඝටිතො. යථා වා ඛෙමන‍්තං ගන‍්තුං න සක‍්කොති, තථා සඞ‍්ඛොභිතො සුගතිදුග‍්ගතීසු වත‍්තති පරිබ‍්භමති. සම‍්පත‍්ති ච විපත්‍යන‍්තාති යා එත්‍ථ සම‍්පත‍්ති, සා විපත‍්තිපරියොසානා. සබ‍්බඤ‍්හි යොබ‍්බනං ජරාපරියොසානං, සබ‍්බං ආරොග්‍යං බ්‍යාධිපරියොසානං, සබ‍්බං ජීවිතං මරණපරියොසානං, සබ‍්බො සමාගමො වියොගපරියොසානො. තෙනාහ “නානාභාවො විපජ‍්ජතී”ති. නානාභාවොති, විනාභාවො විප‍්පයොගො, සො කදාචි විප‍්පයුඤ‍්ජකස‍්ස වසෙන, කදාචි විප‍්පයුඤ‍්ජිතබ‍්බස‍්ස වසෙනාති විවිධං පජ‍්ජති පාපුණීයති.

කාමවිතර්කාදී මිථ්‍යා විතර්කවලින් යුක්ත වූ, “විතක්කෙන සමප්පිතො,” “තණ්හාමුලෙනානුගතො” තණ්හාව නම් භවමූලයෙන් ලුහුබැඳ ගත්, “මොහච්ඡදනඡාදිතො” මොහ නම් පියනින් වසන ලද, මේ සියලුම විඤ්ඤාණ සහිත කරජ කාය සඳහා මෙය කියන ලදි. ආත්මභාවය සවිඤ්ඤාණික වූවක් මය. “මහණෙනි, සිඳ දැමූ භවයන්ට පැමිණවීම් ඇති තථාගත ශ්‍රී ශරීරය මෙහි සිටියි. මේ කය මය, නාමරූප බාහිර ධර්ම වේ.” ආදියෙහි ආත්මභාවයට “කාය” නම යෙදේ. “එවායං වත්තනි කායො” නොයෙක් කුණපයන්ගෙන් සම්පූර්ණ වූ ද අවිද්‍යාවෙන් වැසුණා වූ ද ආදී වශයෙන් ඉහත පැවසූ ලෙස මේ කය පවතියි. මෙසේ මේ කය පවතියි, ක්‍ෂේම නම් නිවණට යා නොදී යෑමට නොහැකි සේ හකුළුවයි. සුගති දුගතිවලම උපදවමින් සසර පැවැත්ම ඇතිකරයි. “සම්පත්ති ච විපත්ත්‍යන්තා” මෙහි යම් සම්පත්තියක් වේ නම් එය විපත් කෙළවර කර ඇත. සියලු යෞවනභාවයන් ජරාව කෙළවර කර ගෙන ඇත. සියලුම නිරෝගිකම ව්‍යාධිය, ලෙඩවීම අවසර කර ඇත. සියලුම ජීවිත මරණය කෙළවර කර ඇත. සෑම එක් වීමක් ම වෙන්වීමකින් අවසන් වේ. එනිසා “නනාභාවො විපජ්ජති” යැයි කියන ලදි. නානාභාව නම් වෙනස් වීමයි, විප්‍රයෝගය යි. එය කිසිකලෙක “වෙන්වන” පුද්ගල වශයෙන් ද කිසිකලෙක “වෙන්විය යුතු” වශයෙන් ද යනාදී ලෙස විවිධත්‍වයට පැමිණේ.

යෙමං කායං මමායන‍්තීති යෙ අන්‍ධබාලා පුථුජ‍්ජනා එවං අසුභං අනිච‍්චං අධුවං දුක‍්ඛං අසාරං ඉමං කායං “මම ඉද”න‍්ති ගණ‍්හන‍්තා මමායන‍්ති ඡන්‍දරාගං උප‍්පාදෙන‍්ති, තෙ ජාතිආදීහි නිරයාදීහි ච ඝොරං භයානකං අපණ‍්ඩිතෙහි අභිරමිතබ‍්බතො කටසිසඞ‍්ඛාතං සංසාරං පුනප‍්පුනං ජනනමරණාදීහි වඩ‍්ඪෙන‍්ති, තෙනාහ “ආදියන‍්ති පුනබ‍්භව”න‍්ති.

“යෙ මං කායං මමායන්ති,” අඳබාල පුහුදුන් පුද්ගලයෝ මෙසේ අසුභ වූ අනිත්‍ය වූ, අස්ථිර වූ, දුක්ගෙන දෙන, නිසරු, මේ ශරීරය “මෙය මාගේය” මමායනය කර ගනිමින් ඡන්දරාගය උපදවති, ජාති වශයෙන් ඝෝර භයානක වූ, අනුවණයන් විසින් ඇලිය යුතු හෙයින් “සොහොන” නම් වූ සසරට නැවත නැවත ඉපිද මැරීම් වශයෙන් පැමිණෙති. සසර වර්ධනය කර ගනිති. “ආදියන්ති පුනබ්භවයං” යි එනිසා කියන ලදි.

යෙමං කායං විවජ‍්ජෙන‍්ති, ගූථලිත‍්තංව පන‍්නගන‍්ති යථා නාම පුරිසො සුඛකාමො ජීවිතුකාමො ගූථගතං ආසීවිසං දිස‍්වා ජිගුච‍්ඡනියතාය වා සප‍්පටිභයතාය වා විවජ‍්ජෙති න අල‍්ලීයති, එවමෙවං යෙ පණ‍්ඩිතා කුලපුත‍්තා අසුචිභාවෙන ජෙගුච‍්ඡං අනිච‍්චාදිභාවෙන සප‍්පටිභයං ඉමං කායං විවජ‍්ජෙන‍්ති ඡන්‍දරාගප‍්පහානෙන පජහන‍්ති. තෙ භවමූලං අවිජ‍්ජං භවතණ‍්හඤ‍්ච වමිත්‍වා ඡඩ‍්ඩෙත්‍වා අච‍්චන‍්තමෙව පහාය තතො එව සබ‍්බසො අනාසවා සඋපාදිසෙසාය අනුපාදිසෙසාය ච නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායිස‍්සන‍්තීති.

“යෙමං කායං විවජ්ජෙන්ති ගුථලිත්තංව පන්නගං” යම් සැප කැමති, ජීවත්වනු කැමති පුරුෂයකු අසුචි වැකුණු සර්පයකු දැක, ඌ ඉතා පිළිකුල් බැවින් ද අතිශය භය උපදවන බැවින් ද දුරින් ම දුරු කරන්නේ ද, එමෙන්ම පණ්ඩිත කුලපුත්‍රයෝ අශුචි භාවයෙන් පිළිකුල් සහගතවූ ද අනිත්‍යභාවයෙන් බිය සහිත වූ මේ කය දුරුකරති. කය පිළිබඳව ඇති ඡන්දරාගය ප්‍රහාණය කරති. ඔවුහු සසරට මුල් වූ අවිද්‍යාව, භව තණ්හාව වමාරා, නැතිකර, අතිශයින් ම දුරුකර, ඒ නිසාම සර්වප්‍රකාරයෙන් ම ආශ්‍රව රහිත වූ සෝපාදිසේස හා අනුපාදිසේස නිර්වාණධාතුන්ගෙන් පිරිනිවෙන්නෝ වෙති.

කප‍්පත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කප්ප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.