13. තෙරසනිපාතො අට්ඨකථා
13. තෙරස නිපාතය
සොණත්ථෙරගාථාවණ්ණනා
‘සෝණ’ ස්ථවිරගාථා වර්ණනාව
තෙරසනිපාතෙ යාහු රට්ඨෙතිආදිකා ආයස්මතො සොණස්ස කොළිවිසස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනි. අයං කිර අනොමදස්සිස්ස භගවතො කාලෙ මහාවිභවො සෙට්ඨි හුත්වා උපාසකෙහි සද්ධිං විහාරං ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පසන්නමානසො සත්ථු චඞ්කමනට්ඨානෙ සුධාය පරිකම්මං කාරෙත්වා නානාවණ්ණෙහි පුප්ඵෙහි සන්ථරිත්වා උපරි නානාවිරාගවත්ථෙහි විතානං බන්ධාපෙසි, තථා සත්ථු භික්ඛුසඞ්ඝස්ස ච දීඝසාලං කාරෙත්වා නිය්යාදෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ සෙට්ඨිකුලෙ නිබ්බත්ති, සිරිවඩ්ඪොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො විහාරං ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං ආරද්ධවීරියානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා, සයම්පි තං ඨානන්තරං පත්ථෙන්තො සත්තාහං මහාදානං පවත්තෙත්වා පණිධානමකාසි. සත්ථාපි තස්ස පත්ථනාය සමිජ්ඣනභාවං දිස්වා බ්යාකරිත්වා පක්කාමි.
දහතුන්වන නිපාතයේ “යාහු රට්ඨෙ” යනු ආයුෂ්මත් කොලිවීස සෝණ තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙරබුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව පින්දහම් රැස්කර ගත්හ. “අනෝමදස්සි” භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයේ දී හෙතෙම ඉතා ධනවත් සිටුවරයෙක් ව ඉපිද, උපාසකවරුන් සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගෙන් දහම් ඇසීය. ඉන් පැහැදුණු සිත් ඇති හෙතෙම ශාස්තෲන් වහන්සේ සක්මන් කරන මළුව හුණු බදාමයෙන් පිරියම් කරවා, නානා වර්ණවත් මලින් අලංකාර කරවා, ඒ මත නානාවිධ වස්ත්රයන්ගෙන් වියනක් බැඳවීය. එසේම ශාස්තෲන් වහන්සේගේ භික්ෂු මහා සංඝරත්නයට ද දිගුශාලාවක් කරවා පූජාකළේය. ඒ පින්කම්වල විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම; පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී නුවර සිටුගෙදරක උපත ලැබ, “සිරිවඩ්ඪ” නාමයෙන් ප්‍රකට විය. තරුණවියට පත් ඔහු විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ සමීපයේ සිට දහම් අසමින් සිටි අවස්ථාවක, ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක්, ආරද්ධවිරිය භික්ෂූන්ගෙන් අග්‍රභාවයට පත්කරනු දුටුවේය. සිරිවඩ්ඪ සිටුවරයා ද ඒ තනතුරම පතමින් සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන් පවත්වා ප්රණිධානය පැවසීය. ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවෙනු බව දුටු ශාස්තෲන් වහන්සේ ද නියත විවරණ දුන්සේක.
සොපි යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො පරිනිබ්බුතෙ කස්සපදසබලෙ අනුප්පන්නෙ අම්හාකං භගවති බාරාණසියං කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො ගඞ්ගාතීරෙ පණ්ණසාලං කරිත්වා එකං පච්චෙකබුද්ධං තෙමාසං චතූහි පච්චයෙහි සක්කච්චං උපට්ඨහි. පච්චෙකබුද්ධො වුට්ඨවස්සො පරිපුණ්ණපරික්ඛාරො ගන්ධමාදනමෙව ගතො. සොපි කුලපුත්තො යාවජීවං තත්ථ පුඤ්ඤානි කත්වා තතො චවිත්වා දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං භගවතො කාලෙ චම්පානගරෙ උසභසෙට්ඨිස්ස ගෙහෙ පටිසන්ධිං ගණ්හි. තස්ස පටිසන්ධිග්ගහණතො පට්ඨාය සෙට්ඨිස්ස මහාභොගක්ඛන්ධො අභිවඩ්ඪි. තස්ස ජාතදිවසෙ සකලනගරෙ මහාසක්කාරසම්පන්නො අහොසි, තස්ස පුබ්බෙ පච්චෙකබුද්ධස්ස සතසහස්සග්ඝනිකරත්තකම්බලපරිච්චාගෙන සුවණ්ණවණ්ණො සුඛුමාලතරො ච අත්තභාවො අහොසි, තෙනස්ස සොණොති නාමං අකංසු. මහතා පරිවාරෙන වඩ්ඪති , තස්ස හත්ථපාදතලානි බන්ධුජීවකපුප්ඵවණ්ණානි අහෙසුං, සතවිහතකප්පාසස්ස විය සම්ඵස්සො පාදතලෙසු මණිකුණ්ඩලාවට්ටවණ්ණානි ලොමානි ජායිංසු. වයප්පත්තස්ස තස්ස තිණ්ණං උතූනං අනුච්ඡවිකෙ තයො පාසාදෙ කාරෙත්වා නාටකානි උපට්ඨාපෙසුං. සො තත්ථ මහතිං සම්පත්තිං අනුභවන්තො දෙවකුමාරො විය පටිවසති.
දිවි ඇතිතාක් පින් දහම් කළ හෙතෙම දෙව්මිනිස් දෙගතියේ සැරිසරමින් අවුත්; කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි පසුව, අපගේ බුදුහු පහළවීමට පෙර දී බරණැස සිටු ගෙයක උපන්නේය. නුවණැති බවට පත් ඔහු ගඟක් අසබඩ පන්සලක් සාදවා එහා පසේ බුදුවරයකු වඩා හිඳුවා සිවුපසයෙන් ඇප උපස්ථාන කළේය. විසූ වස් ඇති, පිරිපුන් පිරිකර ඇති පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධමාදන පර්වතයටම වැඩිසේක. ඒ සිටුපුතු ද දිවිතාක් තව තවත් පින්දහම් සිදුකර ඉන් චුතව කාමසුගතීන් හි සැප විඳිමින් සසර සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී චම්පා නුවර උසභ සිටුහුගේ ගෙයි ඉපදුනේය. ඒ දරුවා පිළිසිඳගත් මොහොතේ සිට ම සිටුවරයාගේ භව භෝග සම්පත් වැඩුනේය. ඔහු උපන් දිනයේදී මුලු නුවර වැසියන්ට මහත් සත්කාර සම්මාන ලැබිණි. උපදින අවස්ථාවේ ද පෙර අත්බවෙකදී පසේ බුදුවරයෙකුට ලක්ෂයක් අගනා රතු කම්බිලියක් පිදූ පිනින් ඉතා පිරිසිදු රන්වන් වර්ණයෙන් බබළන අතිශය සියුම් ශරීරයක් ඔහුට ලැබිණි. එනිසා කුමරුට “සෝණ” නම තබන ලදි. මහත් පිරිවරින් වැඩුණු සෝණගේ අත් පා තල බඳුවද මල් පැහැයෙන් බැබලුණි. සියක් වර පෙළු කපුපුළුන් බඳු සුව පහස් ඇති ශරීර විය. පාවල යටිපතුලේ මිණිකොඬොල් වර්ණ ඇති ලෝම හටගත්තේය. නිසිවියට එළඹි සෝණට තුන් සෘතුවට යෝග්‍ය ප්‍රාසාද තුනක් කරවා නාට්‍යාංගනාවන් සහිතව පැවරීය. ඔහු ඒ කාම සම්පත් දිව්යකුමාරයකු මෙන් විඳිමින් කල් ගෙවීය.
අථ අම්හාකං සත්ථරි සබ්බඤ්ඤුතං පත්වා පවත්තිතවරධම්මචක්කෙ රාජගහං උපනිස්සාය විහරන්තෙ බිම්බිසාරරඤ්ඤා පක්කොසාපිතො අසීතියා ගාමිකසහස්සෙහි සද්ධිං රාජගහං ආගතො, සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො මාතාපිතරො අනුජානාපෙත්වා සාසනෙ පබ්බජිත්වා ලද්ධූපසම්පදො සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා, ජනසංසග්ගපරිහරණත්ථං සීතවනෙ වසන්තො “මම සරීරං සුඛුමාලං, න ච සක්කා සුඛෙනෙව සුඛං අධිගන්තුං, කායං කිලමෙත්වා සමණධම්මං කාතුං වට්ටතී”ති ඨානචඞ්කමමෙව අධිට්ඨාය, පධානමනුයුඤ්ජන්තො පාදතලෙසු ඵොටෙසු උට්ඨහිතෙසුපි වෙදනං අජ්ඣුපෙක්ඛිත්වා දළ්හං වීරියං කරොන්තො අච්චාරද්ධවීරියතාය විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තො, “එවං වායමන්තොපි අහං මග්ගං වා ඵලං වා නිබ්බත්තෙතුං න සක්කොමි, කිං මෙ පබ්බජ්ජාය, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජිස්සාමි, පුඤ්ඤානි ච කරිස්සාමී”ති චින්තෙසි. සත්ථා තස්ස චිත්තාචාරං ඤත්වා තත්ථ ගන්ත්වා වීණූපමොවාදෙන ඔවදිත්වා වීරියසමතායොජනවිධිං දස්සෙන්තො කම්මට්ඨානං සොධෙත්වා ගිජ්ඣකූටං ගතො. සොණත්ථෙරොපි සත්ථු සම්මුඛා ඔවාදං ලභිත්වා වීරියසමතං යොජෙත්වා විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තෙ පතිට්ඨාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.5.25-53) –
මේ කාලයේදී අපගේ ශාස්තෲන් වහන්සේ සර්වඥපදවිය ලබා, පැවැත්වූ දම්සක් දෙසුම් ඇතිසේක්; රජගහ නුවර වෙසෙති. බිම්සර මහරජුගේ කැඳවීම අනුව අසූදහසක් ගම්පතීහු සමඟ රජගහ නුවරට පැමිණි සෝණ කුමරු ද, බුදුරදුන් වෙත ගොස් ධර්මශ්රවණය කළේය. සසුන පිළිබඳව පැහැදුණු සිතැති සෝණ ශ්‍රද්ධාවෙන් පැවිදිව, ලැබූ උපසපන් බව ඇතිව, ශාස්තෲන් වහන්සේගෙන්ම කමටහන් ගෙන, ජනයාගෙන් වෙන්ව සීතවනයේ වාසය කළේය. උන්වහන්සේ, “මගේ ශරීරය ඉතා සියුමැලිය සැපෙන් සැප ලැබීමට නම් නොහැකිමය. කය වෙහෙස වා කමටහන් වැඩිය යුතුය”යි සිතා සක්මනට ම සිත යොදවා වීර්යයෙන් යුතුව කෙලෙස් දුරුකිරීමෙහි යෙදුණෙුසේක. පා තල පැලී වේදනා ඇතිවුවත් දැඩිවීර්යයෙන් යුතුවම සක්මන් කළ නමුත්, “මම ආර්ය මාර්ගයක් හෝ ආර්ය ඵලයක් උපදවා ගැනීමට අසමත් වෙමි. මේ පැවිද්දෙන් කවර ප්‍රයෝජනයක් ද? ගිහිව කාම සම්පත් විඳ පින්දහම් කරගන්නෙමි”යි සිතූ උන්වහන්සේගේ එම සිත දුටු බුදුපියාණන් වහන්සේ එතැනට වැඩම කළසේක. වීණෝපමාවෙන් දහම් දෙසූ තථාගතයන් වහන්සේ වීර්ය සමතාවයට සෝණහිමියන්ගේ සිත යොමුකරවා, කමටහන ද පිරිසිදු කර දී ගිජුකුළු පවුවට වැඩිසේක. සෝණ තෙරණුවෝ ද බුදු මුවින් ලද අවවාද ඇතිව, වීර්ය සමතාවෙහි පිහිටා විදසුන් වඩා රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“අනොමදස්සිස්ස මුනිනො, ලොකජෙට්ඨස්ස තාදිනො; සුධාය ලෙපනං කත්වා, චඞ්කමං කාරයිං අහං.
“මම තාදීගුණ ඇති ලෝක ජ්‍යෙෂ්ඨ වූ අනෝම දස්සි බුදුරජාණන් වහන්සේට හුනුබදාමයෙන් ආලේප කළ සක්මන් මළුවක් පිදුවෙමි.
“නානාවණ්ණෙහි පුප්ඵෙහි, චඞ්කමං සන්ථරිං අහං; ආකාසෙ විතානං කත්වා, භොජයිං බුද්ධමුත්තමං.
නානාවර්ණ මල් සමූහයෙන් සක්මන් මළුව වැසූ මම, එය වැසෙන සේ අහසෙහි වියනක් බඳවා උතුම් බුදුපියාණන් ලවා පරිභෝග කරවූයෙමි.
“අඤ්ජලිං පග්ගහෙත්වාන, අභිවාදෙත්වාන සුබ්බතං; දීඝසාලං භගවතො, නිය්යාදෙසිමහං තදා.
මනා ව්‍රත ඇති බුදුරදුන් දෙසට ඇඳිලි බැඳගත් මම භාග්‍යවතුන් වහන්සේට දීර්ඝ ශාලාව පිළිගැන්වීමි.
“මම සඞ්කප්පමඤ්ඤාය, සත්ථා ලොකෙ අනුත්තරො; පටිග්ගහෙසි භගවා, අනුකම්පාය චක්ඛුමා.
ලොව අනුත්තර වූ භාග්‍යවත් වූ පසැස් ඇති උන්වහන්සේ මගේ සිත්දැන මේ සියලු පූජා පිළිගත්සේක.
“පටිග්ගහෙත්වාන සම්බුද්ධො, දක්ඛිණෙය්යො සදෙවකෙ; භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
සදෙව් ලොවම දක්ෂිණාවට සුදුසු වූ සර්වඥයන් වහන්සේ බික්සඟන මැද වැඩහිඳ මෙසේ වදාළසේක.”
“යො සො හට්ඨෙන චිත්තෙන, දීඝසාලං අදාසි මෙ; තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
“යමෙක් සතුටු සිතින් දීර්ඝ ශාලාවක් කරවා පූජාකළේ ද ඔහු කවරෙකුවේ ද? යි මම පවසමි. එසේ පවසන මාගේ වචන අසවු.
“ඉමස්ස මච්චුකාලම්හි, පුඤ්ඤකම්මසමඞ්ගිනො; සහස්සයුත්තස්සරථො, උපට්ඨිස්සති තාවදෙ.
මේ පින් බලයෙන් මොහුට මරණාසන්න අවස්ථාවේ දහසක් අසුන් යෙදූ අශ්වරථයක් පැමිණියේය.
“තෙන යානෙනයං පොසො, දෙවලොකං ගමිස්සති; අනුමොදිස්සරෙ දෙවා, සම්පත්තෙ කුලසම්භවෙ.
ඒ යානයෙන් දෙව්ලොව යන මෙතෙම දෙවියන් සමග තුටුවන්නේය.
“මහාරහං බ්යම්හං සෙට්ඨං, රතනමත්තිකලෙපනං; කූටාගාරවරූපෙතං, බ්යම්හං අජ්ඣාවසිස්සති.
රන් සුණු ආලේප කළ, උතුම් කුළුගෙවල් සහිත මාහැඟි, ශ්‍රේෂ්ඨ සඳලු ඇති විමානයක වාසය කරන්නේය.
“තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති; පඤ්චවීසති කප්පානි, දෙවරාජා භවිස්සති.
කල්ප තිහක් දෙව් සැප විඳින මොහු කල්ප විසිපහක්ම දිව්‍ය රාජ්‍ය කරන්නේ ය.
“සත්තසත්තතික්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති; යසොධරසනාමා තෙ, සබ්බෙපි එකනාමකා.
සක්විති රජව සැත්තෑ සත්වරක් සැපවිඳින මොහුගේ නාමය “යසෝධර” නම් වේ. ඒ සියල්ලෝම එකම නම් ඇත්තෝ වෙති.
“ද්වෙ සම්පත්තී අනුභොත්වා, වඩ්ඪෙත්වා පුඤ්ඤසඤ්චයං; අට්ඨවීසතිකප්පම්හි, චක්කවත්තී භවිස්සති.
දෙව් මිනිස් දෙසැප විඳ, තවත් පින් සිදුකරන මෙතෙම මින් කල්ප විසි අටකට පසුව ද සක්විති රජව උපදින්නේය.
“තත්රාපි බ්යම්හං පවරං, විස්සකම්මෙන මාපිතං; දසසද්දාවිවිත්තං තං, පුරමජ්ඣාවසිස්සති.
එහි විස්කම් දෙව් පුතු මැවූ උතුම් විමනකි. දශවිධ ශබ්දයෙන් පිරි එනුවර අධිපතිව සැපවිඳින්නේය.”
“අපරිමෙය්යෙ ඉතො කප්පෙ, භූමිපාලො මහිද්ධිකො; ඔක්කාකො නාම නාමෙන, රාජා රට්ඨෙ භවිස්සති.
“මීට අප්‍රමාණ කල්පයක පෘථිවිය පාලනය කරන මහත් සෘද්ධි ඇති ඔක්කාක නම් රජෙක් පහළවේ.
“සොළසිත්ථිසහස්සානං, සබ්බාසං පවරා ච සා; අභිජාතා ඛත්තියානී, නව පුත්තෙ ජනෙස්සති.
සොළොස් දහසක් ස්ත්රීන්ට නායක වූ ක්ෂත්රීය දුවණියක් හා සැපවිඳින එරජුට දූවරු පහක් ද පුතුන් හතරක් දැයි දරුවෝ නමදෙනෙකි.
“නව පුත්තෙ ජනෙත්වාන, ඛත්තියානී මරිස්සති; තරුණී ච පියා කඤ්ඤා, මහෙසිත්තං කරිස්සති.
නව දරුවන් වැදූ බිසව කළුරිය කළ පසුව නව අග මෙහෙසියක් පත්වන්නීය.
“ඔක්කාකං තොසයිත්වාන, වරං කඤ්ඤා ලභිස්සති; වරං ලද්ධාන සා කඤ්ඤා, පුත්තෙ පබ්බාජයිස්සති.
ඇය ඔක්කාක රජුගෙන් වරයක් ලද්දී, නව දරුවන් රටින් පිටුවහල් කරවන්නීය.
“පබ්බාජිතා ච තෙ සබ්බෙ, ගමිස්සන්ති නගුත්තමං; ජාතිභෙදභයා සබ්බෙ, භගිනීහි වසිස්සරෙ.
සිය නුවරින් නික්ම හිමවතට යන ඔවුහු ජාති භේද වේ යන බියෙන් සොයුරියන් සමග එක්ව විසූහ.
“එකා ච කඤ්ඤා බ්යාධීහි, භවිස්සති පරික්ඛතා; මා නො ජාති පභිජ්ජීති, නිඛණිස්සන්ති ඛත්තියා.
ඉන් එක් දුවකට කුෂ්ට ව්‍යාධියක් ඇතිවන්නේ ය. ක්ෂත්රීය කුමාරවරු ඇය “ජාති මිශ්රවීම නොකරත්වා”යි වළක දමා උඩින් වසති.
“ඛත්තියො නීහරිත්වාන, තාය සද්ධිං වසිස්සති; භවිස්සති තදා භෙදො, ඔක්කාකකුලසම්භවො.
රාම නම් රජෙක් ඇය වළෙන් ගොඩ ගෙන එක්ව විසීමෙන් ඔක්කාක කුලයේ ජාතිමිශ්රවීම සිදුවේ.
“තෙසං පජා භවිස්සන්ති, කොළියා නාම ජාතියා; තත්ථ මානුසකං භොගං, අනුභොස්සතිනප්පකං.
ඔවුන්ගේ දරුමුණුබුරු පරපුර කෝලිය නම් වෙති. ඔවුහු අප්‍රමාණ සැප සම්පත් අනුභව කරති.
“තම්හා කායා චවිත්වාන, දෙවලොකං ගමිස්සති; තත්රාපි පවරං බ්යම්හං, ලභිස්සති මනොරමං.
එයින් ද චුතවන මෙතෙම දෙව්ලොව ඉපිද, මනහර දෙව් විමනක දෙව් සැප විඳින්නේය.
“දෙවලොකා චවිත්වාන, සුක්කමූලෙන චොදිතො; ආගන්ත්වාන මනුස්සත්තං, සොණො නාම භවිස්සති.
නැවත පින් මහිමයෙන් මිනිසත් බව ලැබ සෝණ නමින් ප්‍රකටවන මෙතෙම, බුදුසසුනේ පටන්ගත් වීර්ය ඇති, නිවණට මෙහෙයූ සිත් ඇතිව වෙර වඩා සියලු ආශ්‍රව සිඳ දමා රහත්ව පිරිනිවන් පාන්නේ ය.
“ආරද්ධවීරියො පහිතත්තො, පදහං සත්ථු සාසනෙ; සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
“අනන්තදස්සී භගවා, ගොතමො සක්යපුඞ්ගවො; විසෙසඤ්ඤූ මහාවීරො, අග්ගට්ඨානෙ ඨපෙස්සති.
අනන්ත නය දක්නාවූ ශාක්‍ය කුල ජ්‍යෙෂ්ඨ වූ සියල්ල විශේෂයෙන් දත්තා වූ ගෞතම බුදුහු මෙතෙම අග්‍රස්ථානයේ තබති.”
අපදාන පාළියේ නොඑන මේ ගාථාව ථෙරගාථාට්ඨ කථාවේ පමණක් ඇත්තකි.
“වුට්ඨම්හි දෙවෙ චතුරඞ්ගුලම්හි, තිණෙ අනිලෙරිතඅඞ්ගණම්හි; ඨත්වාන යොගස්ස පයුත්තතාදිනො, තතොත්තරිං පාරමතා න විජ්ජති.
“වට්ටම්හි දෙවෙ චතුරඞ්ගුලෙ පතිතෙ අනිලෙරිතා පාදපසම්පඝුට්ඨෙ, ඣානෙ රතස්සප්පසුතස්ස තාදිනො තතො රතී පරමතරා න විජ්ජතී”
එම ගාථාවේ උචිත බවක් නොපෙනේ.
“උත්තමෙ දමථෙ දන්තො, චිත්තං මෙ සුපණීහිතං; භාරො මෙ ඔහිතො සබ්බො, නිබ්බුතොම්හි අනාසවො.
“දැන් මම උතුම් දමනයෙන් දැමුනෙමි. මා සිත මනාව පිහිටුවා ගත්තෙමි. සියලු බර බහා තැබූ මම ආශ්‍රව රහිතව පිරිනිවුනෙමි.
“අඞ්ගීරසො මහානාගො, අභිජාතොව කෙසරී; භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, එතදග්ගෙ ඨපෙසි මං.
අංගීරස නම් වූ මහානාග නම් වූ ශ්‍රේෂ්ඨ ජන්ම ඇති කේශර සිංහයකු වැනි බුදුහු භික්ෂු සංඝයා මැද වැඩහිඳ මා අග්‍රස්ථානයේ තැබූ සේක.
“පටිසම්භිදා චතස්සො…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන අඤ්ඤාබ්යාකරණවසෙන ච –
රහත්බවට පත් සෝණ හිමියෝ තම පිළිවෙත් මඟ සිහිකර, ප්‍රීතිය පහළ කිරීම් වශයෙන් සිය රහත් බව මේ ගාථාවලින් පැවසූහ.
“යාහු රට්ඨෙ සමුක්කට්ඨො, රඤ්ඤො අඞ්ගස්ස පද්ධගූ; ස්වාජ්ජ ධම්මෙසු උක්කට්ඨො, සොණො දුක්ඛස්ස පාරගූ.
“යාහු රට්ඨෙ සමක්කට්ඨො රඤ්ඤො අඞ්ගස්ස පද්ධගු, ස්වාජ්ජ ධම්මෙසු උක්කට්ඨො සොණො දුක්ඛස්ස පාරගූ”
“පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ, පඤ්ච චුත්තරි භාවයෙ; පඤ්චසඞ්ගාතිගො භික්ඛු, ඔඝතිණ්ණොති වුච්චති.
“පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ පඤ්ච වුත්තරි භාවයෙ, පඤ්ච සංගාතිගො භික්ඛූ ඔඝතිණ්ණොති වුච්ච ති”
“උන්නළස්ස පමත්තස්ස, බාහිරාසස්ස භික්ඛුනො; සීලං සමාධි පඤ්ඤා ච, පාරිපූරිං න ගච්ඡති.
“උන්නළස්ස පමත්තස්ස බාහිරාසස්ස භික්ඛුනො, සීලං සමාධි පඤ්ඤා ච පාරිපූරිං න ගච්ඡති”
“යඤ්හි කිච්චං අපවිද්ධං, අකිච්චං පන කරීයති; උන්නළානං පමත්තානං, තෙසං වඩ්ඪන්ති ආසවා.
“යං හි කිච්චං තදපවිද්ධං, අකිච්චං පන කයිරති, උන්නළානං පමත්තානං, තෙසං වඩ්ඪන්ති ආසවා”
“යෙසඤ්ච සුසමාරද්ධා, නිච්චං කායගතා සති; අකිච්චං තෙ න සෙවන්ති, කිච්චෙ සාතච්චකාරිනො; සතානං සම්පජානානං, අත්ථං ගච්ඡන්ති ආසවා.
“යෙසඤ්ච සුසමාරද්ධා නිච්චං කායගතා සති, අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චකාරිනෙ, සතාතං සම්පජානානං අත්ථං ගච්ඡන්ති ආසවා”
“උජුමග්ගම්හි අක්ඛාතෙ, ගච්ඡථ මා නිවත්තථ; අත්තනා චොදයත්තානං, නිබ්බානමභිහාරයෙ.
“උජුමග්ගම්හි අක්ඛාතෙ ගච්ඡථ මා නිවත්තථ, අත්තනා චොදයත්තානං නිබ්බාණමභිහාරයෙ”
“අච්චාරද්ධම්හි වීරියම්හි, සත්ථා ලොකෙ අනුත්තරො; වීණොපමං කරිත්වා මෙ, ධම්මං දෙසෙති චක්ඛුමා; තස්සාහං වචනං සුත්වා, විහාසිං සාසනෙ රතො.
“අච්චාරද්ධම්හි විරියම්හි සත්ථා ලොකෙ අනුත්තරො, වීණොපමං කරිත්වා මෙ ධම්මං දෙසෙසි චක්ඛුමා, තස්සාහං වචනං සුත්වා විහාසිං සාසනෙ රතො”
“සමථං පටිපාදෙසිං, උත්තමත්ථස්ස පත්තියා; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
“සමතං පටිපාදෙසිං උත්තමත්ථස්ස පත්තියා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතම්බුද්ධස්ස සාසනං”
“නෙක්ඛම්මෙ අධිමුත්තස්ස, පවිවෙකඤ්ච චෙතසො; අබ්යාබජ්ඣාධිමුත්තස්ස, උපාදානක්ඛයස්ස ච.
“නෙක්ඛම්මෙ අධිමුත්තස්ස පවිවෙකඤ්ච චෙතසො, අබ්යාපජ්ඣාධිමුත්තස්ස උපාදානක්ඛයස්ස ච”
“තණ්හක්ඛයාධිමුත්තස්ස, අසම්මොහඤ්ච චෙතසො; දිස්වා ආයතනුප්පාදං, සම්මා චිත්තං විමුච්චති.
“තණ්හක්ඛයාධිමුත්තස්ස අසම්මොහඤ්ච චෙතසො, දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති”
“තස්ස සම්මා විමුත්තස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො; කතස්ස පතිචයො නත්ථි, කරණීයං න විජ්ජති.
“තස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, කතස්ස පතිචයො නත්ථි කරණීයං ත විජ්ජති”
“සෙලො යථා එකඝනො, වාතෙන න සමීරති; එවං රූපා රසා සද්දා, ගන්ධා ඵස්සා ච කෙවලා.
“සෙලො යථා එකඝනො වාතෙන න සමීරති, එවං රූපං රසා සද්ද ගන්ධා ඵස්සාච කෙවලා”
“ඉට්ඨා ධම්මා අනිට්ඨා ච, නප්පවෙධෙන්ති තාදිනො; ඨිතං චිත්තං විසඤ්ඤුත්තං, වයඤ්චස්සානුපස්සතී”ති. – ඉමා ගාථා අභාසි;
“ඉට්ඨා ධම්මා අනිට්ඨාච නප්පවෙධන්ති තාදිනො, ඨිතං චිත්තං විසංයුත්තං වයං චස්සානුපස්සති” තී.
තත්ථ යාහු රට්ඨෙ සමුක්කට්ඨොති යො අහු අහොසි අඞ්ගරට්ඨෙ අසීතියා ගාමිකසහස්සෙහි භොගසම්පත්තියා ඉස්සරියසම්පත්තියා ච සම්මා අතිවිය උක්කට්ඨො සෙට්ඨො. රඤ්ඤො අඞ්ගස්ස පද්ධගූති චතූහි සඞ්ගහවත්ථූහි පරිසාය රඤ්ජනට්ඨෙන රඤ්ඤො අඞ්ගාධිපතිනො බිම්බිසාරස්ස පරිවාරභූතො ගහපතිවිසෙසො තස්ස රට්ඨෙ කුටුම්බිකො අහූති යොජෙතබ්බං. ස්වාජ්ජ ධම්මෙසු උක්කට්ඨොති සො සොණො අජ්ජෙතරහි ලොකුත්තරධම්මෙසු උක්කට්ඨො ජාතො, ගිහිකාලෙපි කෙහිචි උක්කට්ඨොයෙව හුත්වා ඉදානි පබ්බජිතකාලෙපි උක්කට්ඨොයෙව හොතීති අත්තානමෙව පරං විය දස්සෙති. දුක්ඛස්ස පාරගූති සකලස්ස වට්ටදුක්ඛස්ස පාරං පරියන්තං ගතො, එතෙන ධම්මෙසු උක්කට්ඨොති අවිසෙසෙන වුත්තං උක්කට්ඨභාවං විසෙසෙති අරහත්තාධිගමදීපනතො.
එහි “යාහු රට්ඨෙ සමුක්කට්ඨො” යමෙක් රටේ අසූ දහසක් ගම්පතීන් අතුරින් ඉසුරුමත් බවින් ඉතා උතුම් බවට, උත්කෘෂ්ඨ බවට, උසස් බවට පැමිණියේ ද (ඒ සෝණ) “රඤ්ඤො අංගස්ස පද්ධගූ” සතර සංග්‍රහ වස්තුවෙන් ජනතාව සතුටුකරන, රඤ්ඡනය කරන බැවින් “රජු” නම් වූ අංගාධිපති බිම්බිසාර මහරජුගේ පිරිවරට අයත් වූ, උපතින් ම ඒ රටේ සුවිශේෂී කෙළෙඹියෙක් වූ “ස්වාජ්ජ ධම්මෙසු උක්කට්ඨො” ඒ සෝණ අද ලෝකෝත්තර ධර්මයෙහි උත්කෘෂ්ඨ බවට පත්ව සිටියි. ගිහි කාලයේ ලෞකික ධර්මයන් හි උත්කෘෂ්ඨ බවට ද පැවිදි වූ මේ අවස්ථාවෙහි ලෝකෝත්තර ධර්මයේ උත්කෘෂ්ඨ බවට ද පැමිණියේය. තමාම අනිකකු මෙන් දක්වයි. “දුක්ඛස්ස පාරගූ” සියලු සංසාරික දුකෙහි පරතෙරට, අවසානයට ගියේය. මෙහිදී “ධම්මෙසු උක්කට්ඨො” යැයි විශේෂයක් නැතිව කියන ලදි. උත්කෘෂ්ඨ භාවය නම් විශේෂයෙන්ම අර්හත් මාර්ගාවබෝධයයි.
ඉදානි යාය පටිපත්තියා දුක්ඛපාරගූ ජාතො, අඤ්ඤාපදෙසෙන තං දස්සෙන්තො “පඤ්ච ඡින්දෙ”ති ගාථමාහ. තස්සත්ථො – අපායකාමසුගතිසම්පාපකානි පඤ්චොරම්භාගියානි සංයොජනානි පුරිසො සත්ථෙන පාදෙ බද්ධරජ්ජුකං විය හෙට්ඨිමෙන මග්ගත්තයෙන ඡින්දෙය්ය, රූපාරූපභවසම්පාපකානි පඤ්ච උද්ධම්භාගියානි සංයොජනානි පුරිසො ගීවාය බද්ධරජ්ජුකං විය අග්ගමග්ගෙන ජහෙය්ය, ඡින්දෙය්ය, තෙසං පන උද්ධම්භාගියසංයොජනානං පහානාය පඤ්ච සද්ධාදීනි ඉන්ද්රියානි උත්තරි භාවයෙ භාවෙය්ය. එවංභූතො පන භික්ඛු රාගසඞ්ගො දොසමොහමානදිට්ඨිසඞ්ගොති පඤ්චන්නං සඞ්ගානං අතික්කමනෙන පඤ්චසඞ්ගාතිගො හුත්වා, කාමොඝො, භවොඝො, දිට්ඨොඝො, අවිජ්ජොඝොති චතුන්නං ඔඝානං තිණ්ණත්තා ඔඝතිණ්ණොති වුච්චති.
අනතුරුව යම් පිළිවෙතකින් දුකෙහි කෙළවර දුටුවේද, රහත්බව ප්‍රකාශ කරමින් එය දක්වනු සඳහා, “පඤ්ච ඡින්දෙ” ගාථාව දක්වයි. එහි අර්ථය මෙසේය. අපාය කාම සුගතීන්ට සත්ත්වයා පමුණුවන ඕරම්භාගිය සංයෝජන පස පයෙහි බැඳි රැහැනක් මෙන්, නුවණැත්තා විසින් යටම වූ මාර්ග තුන (සෝවාන්, සකෘදාගාමි, අනාගාමි) නම් සැතින් සිඳිය යුතුයි. රුපා රූප භවයන්ට සත්ත්වයා පමුණුවන උද්ධම්භාගිය සංයෝජන පස, නුවණැත්තා විසින් බෙල්ලේ බැඳි රැහැනක් මෙන් අර්හත් වූ අග්‍ර මාර්ගයෙන් සිඳිය යුතුය. ඒ අතුරින් උද්ධම්භාගිය සංයෝජන ප්රහාණය කිරීමට ශ්‍රද්ධාදී පසක් වූ ඉන්ද්රියයන් වැඩිය යුතුයි. මෙසේ වූ භික්ෂුව රාග, දෝස, මෝහ, මාන හා දිට්ඨි යන සංග පස ඉක්මවා, මැඬපැවැත්වීමෙන් “පඤ්ච සංගාතිගො” ඕඝයන් තරණය කළ බැවින් ඒ භික්ෂුව “ඕඝතිණ්ණ” නම් වේ.
අයඤ්ච ඔඝතරණපටිපත්තිසීලාදීනං පාරිපූරියාව හොති, සීලාදයො ච මානාදිප්පහානෙන පාරිපූරිං ගච්ඡන්ති, න අඤ්ඤථාති දස්සෙන්තො “උන්නළස්සා”ති ගාථමාහ. තත්ථ උන්නළස්සාති උග්ගතතුච්ඡමානස්ස. මානො හි උන්නමනාකාරවුත්තියා තුච්ඡභාවෙන නළො වියාති “නළො”ති වුච්චති. පමත්තස්සාති සතිවොස්සග්ගෙන පමාදං ආපන්නස්ස. බාහිරාසස්සාති බාහිරෙසු ආයතනෙසු ආසාවතො, කාමෙසු අවීතරාගස්සාති අත්ථො. සීලං සමාධි පඤ්ඤා ච, පාරිපූරිං න ගච්ඡතීති තස්ස සීලාදීනං පටිපක්ඛසෙවිනො ලොකියොපි තාව සීලාදිගුණො පාරිපූරිං න ගච්ඡති, පගෙව ලොකුත්තරො.
මෙසේ ඕඝතරණ ප්‍රතිපත්තිය ද සීලාධීන්ගේ සම්පූර්ණත්ත්වයද දක්වා, සීලාදී ගුණදහම් මානාදිය ප්‍රහාණයට උපකාරීවනු දැක්වීමට “උන්නළස්ස” යන ගාථාව දක්වන ලදි. එහි “උන්නළස්ස” යනු උස්ව නැඟුණු හිස් වූ මාන ඇති, මානය උඩුකුරු වූ පැවතුම් ඇති හිස් වූවක් බැවින් බට ගසක් බඳුය. “නළ” යනු බට ගසයි. “පමත්තස්ස” සිහිය නොමැතිව, සිහිමූර්ඡාවීමෙන් ප්‍රමාදයට පැමිණි. “බාහිරස්ස” බාහිර ආයතනයන්හි ආශාව ඇති, කාමයන්හි රාගය දුරු නොවූ කාමාශක්ත “සීලං සමාධි පඤ්ඤා ච පාරිපූරිං න ගච්ඡති” ඒ භික්ෂුවට සීලාදියට විරුද්ධ වූ හැසිරීම් ඇති හෙයින් ලෞකික වූ ද ශීලාදී ගුණදහම් නොපිරේ. ලෝකෝත්තර ගුණධර්ම නොපිරේ යැයි කිවයුතු නොවේ.
තත්ථ කාරණමාහ “යඤ්හි කිච්ච”න්තිආදිනා. භික්ඛුනො හි පබ්බජිතකාලතො පට්ඨාය අපරිමාණසීලක්ඛන්ධගොපනං අරඤ්ඤවාසො ධුතඞ්ගපරිහරණං භාවනාරාමතාති එවමාදි කිච්චං නාම. යෙහි පන ඉදං යථාවුත්තං අත්තනො කිච්චං, තං අපවිද්ධං අකරණෙන ඡඩ්ඩිතං. අකිච්චන්ති පත්තමණ්ඩනං චීවරකායබන්ධනඅංසබද්ධඡත්තුපාහනතාලවණ්ටධම්මකරණමණ්ඩනන්ති එවමාදි පරික්ඛාරමණ්ඩනං පච්චයබාහුලියන්ති එවමාදි භික්ඛුනො අකිච්චං නාම, තං කයිරති, තෙසං මානනළං උක්ඛිපිත්වා චරණෙන උන්නළානං සතිවොස්සග්ගෙන පමත්තානං චත්තාරොපි ආසවා වඩ්ඪන්ති.
ඊට හේතු දක්වමින් “යංහි කිච්චං” ගාථාව වදාළහ. යම් භික්ෂුවක් පැවිදි වූදා පටන් අප්‍රමාණ වූ සීල ස්කන්ධය ආරක්ෂා කිරීම, අරණ්‍යවාසීව ධූතංග සමාදන්ව භාවනාවෙහි ඇලී විසීම ආදිය “කිච්චං” කටයුතු නම් වේ. මෙසේ පැවිදි වූවහු විසින් කළයුතු, තමාට අයත් කටයුතු බැහැරලා, දුරු කර, ඉවතලා පාත්‍ර සැරසීම, චීවර, කායබන්ධන, අංසකඩය, කුඩය, පාවහන්, කුඩා තැටිය, පෙරහන්කඩ යනාදී පිරිකර සැරසීම, සිවුපසය රැස්කිරීම ආදී භික්ෂුව විසින් නොකළ යුතු “අකිච්චං” කටයුතු කරයි. ඒ භික්ෂූන්ගේ මානය වර්ධනය වී උස්වගිය මන්ඇතිව, ප්රමාදීව, සතර ආශ්‍රව වර්ධනය වේ.
යෙසං පන පඤ්ඤාදිගුණො වඩ්ඪති, තෙ දස්සෙතුං “යෙස”න්තිආදි වුත්තං. තත්ථ සුසමාරද්ධාති සුට්ඨු පග්ගහිතා. කායගතා සතීති, කායානුපස්සනාභාවනා. අකිච්චං තෙති තෙ එතං පත්තමණ්ඩනාදිඅකිච්චං. න සෙවන්තීති න කරොන්ති. කිච්චෙති, පබ්බජිතකාලතො පට්ඨාය කත්තබ්බෙ අපරිමාණසීලක්ඛන්ධගොපනාදිකෙ. සාතච්චකාරිනොති සතතකාරිනො තෙසං සතියා අවිප්පවාසෙන සතානං සාත්ථකසම්පජඤ්ඤං, සප්පායසම්පජඤ්ඤං, ගොචරසම්පජඤ්ඤං, අසම්මොහසම්පජඤ්ඤන්ති චතූහි සම්පජඤ්ඤෙහි සම්පජානානං, චත්තාරොපි ආසවා අත්ථං ගච්ඡන්ති පරික්ඛයං අභාවං ගච්ඡන්තීති අත්ථො.
යමෙකුට ප්‍රඥාදී ගුණ වර්ධනය වේද ඒ පිළිවෙත් දැක්වීමට “යෙසං” යන ගාථාව දැක්විණි. එහි “සුසමාරද්ධා” මනාව පිළිගන්නා ලද, මනාව ඇරඹූ “කායගතාසති” කායානුපස්සනා භාවනාව “අකිච්චං තෙ” ඔවුහු පාත්‍රා සැරසීම් ආදිය, නො කරති. “න සෙවන්ති’, “කිච්චෙ” පැවිදි වූ අවස්ථාවේ සිට කළයුතු අප්‍රමාණ සීල ස්කන්ධය ආරක්ෂා කිරීමෙහි නොනැවතී ක්‍රියා කරන, “සාතච්චකාරිනො” සිහියෙන් නොවන්ව, නිතරම සිහි ඇතිව, “සතානං” සාත්ථක, සප්පාය, ගෝචර, අසම්මෝහ යන සිවුවැදෑරුම් විමසන නුවණින් “සම්පාජානානං” සම්ප්රජඤ්ඤයන්ගෙන් යුතු වූවන්ගේ” “ආසවා” සිවු ආශ්‍රව ධර්මයෝ “අත්ථං ගච්ඡන්ති” ගෙවීමට, ක්ෂයවීමට යති.
ඉදානි අත්තනො සන්තිකෙ ඨිතභික්ඛූනං ඔවාදං දෙන්තො “උජුමග්ගම්හී”ති ගාථමාහ. තත්ථ උජුමග්ගම්හි අක්ඛාතෙති අන්තද්වයපරිවජ්ජනෙන කායවඞ්කාදිප්පහානෙන ච උජුකෙ මජ්ඣිමපටිපදාභූතෙ අරියමග්ගෙ සත්ථාරා භාසිතෙ. ගච්ඡථාති පටිපජ්ජථ. මා නිවත්තථාති අන්තරා වොසානං මාපජ්ජථ. අත්තනා චොදයත්තානන්ති ඉධ අත්ථකාමො කුලපුත්තො අපායභයපච්චවෙක්ඛණාදිනා අත්තනාව අත්තානං චොදෙන්තො. නිබ්බානමභිහාරයෙති, අත්තානං නිබ්බානං අභිහරෙය්ය උපනෙය්‍ය, යථා නං සච්ඡිකරොති, තථා පටිපජ්ජෙය්යාති අත්ථො.
දැන් සෝණ හිමියෝ තමන් වහන්සේ සමීපයේ සිටින භික්ෂූන්ට අවවාද කරමින් “උජුමග්ගම්හි” යන ගාථාව දේශනා කරති. එහි “උජුමග්ගම්හි අක්ඛාතෙ” අන්ත දෙක දුරුකර, කාය වංකාදිය බැහැර කර, සෘජුවූ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණි, ශාස්තෲන් වහන්සේ පෙන්වාදුන් ආර්ය මාර්ගයේ යවු, එය පිළිපදිවු, නොනවති වූ, අතරමඟ නතර නොකරවු. “අත්තානා චොදයත්තානං” මෙලොව තමාට හිතවැඩ කැමති පුද්ගලයා අපායේ බියජනක බව සිහිකිරීම් ආදියෙන් තමා ම තමාට චෝදනා කරගනිමින්, “නිබ්බාණමභිහාරයෙ” තමාම නිවණට පමුණුවන්නේ ය, ගෙනයන්නේ ය, යම්සේ නිවන් සාක්ෂාත් කරගන්නේ ද එසේ පිළිපදින්නේ ය.
ඉදානි මයාපි එවමෙව පටිපන්නන්ති, අත්තනො පටිපත්තිං දස්සෙතුං “අච්චාරද්ධම්හී”තිආදි වුත්තං. අච්චාරද්ධම්හි වීරියම්හීති විපස්සනං භාවෙන්තෙන මයා සමාධිනා වීරියං සමරසං අකත්වා අතිවිය වීරියෙ පග්ගහිතෙ. අච්චාරද්ධවීරියතා චස්ස හෙට්ඨා වුත්තායෙව. වීණොපමං කරිත්වා මෙති ආයස්මතො සොණස්ස “යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද්ධවීරියා විහරන්ති. අහං තෙසං අඤ්ඤතරො, අථ ච පන මෙ නානුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති, තස්මාහං විබ්භමිස්සාමී”ති චිත්තෙ උප්පන්නෙ සත්ථා ඉද්ධියා තස්ස සම්මුඛෙ අත්තානං දස්සෙත්වා “කස්මා ත්වං, සොණ, ‘විබ්භමිස්සාමී’ති චිත්තං උප්පාදෙසි, කුසලො ත්වං පුබ්බෙ අගාරියභූතො වීණාය තන්තිස්සරෙ”ති පුච්ඡිත්වා තෙන “එවං, භන්තෙ”ති වුත්තෙ “තං කිං මඤ්ඤසි, සොණ? යදා තෙ වීණාය තන්තියො අච්චායතා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වාති? නො හෙතං, භන්තෙ! තං කිං මඤ්ඤසි, සොණ, යදා තෙ වීණාය තන්තියො අතිසිථිලා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වාති? නො හෙතං, භන්තෙ. තං කිං මඤ්ඤසි, සොණ, යදා පන තෙ වීණාය තන්තියො නෙව අච්චායතා හොන්ති, නාතිසිථිලා සමෙ ගුණෙ පතිට්ඨිතා, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වාති? එවං, භන්තෙ. එවමෙව ඛො, සොණ, අච්චාරද්ධවීරියං උද්ධච්චාය සංවත්තති, අතිලීනවීරියං කොසජ්ජාය සංවත්තති, තස්මාතිහ ත්වං, සොණ, වීරියසමතං අධිට්ඨහ, ඉන්ද්රියානඤ්ච සමතං පටිවිජ්ඣා”ති එවං වීණං උපමං කත්වා පවත්තිතෙන වීණොපමොවාදෙන මය්හං ධම්මං දෙසෙසි. තස්සාහං වචනං සුත්වාති තස්ස භගවතො වචනං වීණොපමොවාදං සුත්වා අන්තරා උප්පන්නං විබ්භමිතුකාමතං පහාය සත්ථු සාසනෙ රතො අභිරතො විහරිං.
අනතුරුව මවිසින් ද එසේම පිළිපදින ලදැයි තමාගේ පිළිවෙත් මඟ දැක්වීමට “අච්චාරද්ධම්හි” යනාදිය කියන ලදි. “අච්චාරද්ධම්හි විරියම්හි” විදසුන් වඩන්නාවූ මවිසින් සමාධියෙන් සමානව නොකර, ඉතා දැඩිව වීර්ය උපදවාගෙන, පමණ ඉක්මවූ වීර්ය ඇතිව සෝණ හිමි ක්‍රියා කළ අයුරු ඉහතින් දැක්විණි. “වීණෝපමං කරිත්වා මෙ” ආයුෂ්මත් සෝණට, “ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝ අරඹන ලද වීර්ය ඇතිව වාසය කරති. ඔවුන් අතුරින් මම එක් ශ්‍රාවකයෙක්මි. නමුත් මගෙ සිත තවම අශ්වයන්ගෙන් නොමිදුණේය. එනිසා මම සිවුරු හැර යන්නෙමි” යි යන සිත උපන් කල්හි, ශාස්තෲන් වහන්සේ සෘද්ධියෙන් උන්වහන්සේ ඉදිරියට වැඩමවා, “සෝණ කුමක් නිසා නුඹ සිවුරු හැර යන්නෙමි යන සිත ඉපදවූයෙහිද?” විචාරා, “නුඹ පෙර ගිහිව සිටිය දී වීණාවාදනයට දක්ෂවූයෙහි ද?” විමසූසේක. එවිට සෝණ හිමි “එසේය ස්වාමීනි”යි පැවසීය. “සෝණය, නුඹ කුමක් සිතන්නේ ද? යම් අවස්ථාවක නුඹ වීණාවෙහි තත් තදින් අදින ලද විට තදින් පිරිමදින ලද විට, නුඹගේ වීණාවේ මිහිරි හඬක් ඇති වී ද? “වීණාගායනාවට එය සුදුසුවූයේ ද?”, “එසේ නො වේමය. ස්වාමීනි, “සෝණ, නුඹ කුමක් සිතන්නෙහි ද? යම් අවස්ථාවක නුඹගේ වීණාවේ තත් ඉතා තද නොවී, ඉතා ලිහිල් නොවී සමගුණයේ පිහිටා පිරිමදිනුයේ ද කිම එකල්හි නුඹගේ වීණාවේ මිහිරි හඬ ඇතිවේ ද? වීණා ගායනාවට සුදුසු ද?” යි ඇසූ කල්හි සෝණ හිමියෝ “එසේය, ස්වාමීනි” යි පිළිතුරු දුන්හ. “සෝණ, එලෙසින් ම දැඩිව ගත් වීර්යය උඩඟු බව පිණිස පවතියි. හැකිළුණු, ලිහිල් වූ වීර්යය කුසීතබව පිණිස පවතියි. සෝණ, එනිසා නුඹ වීර්යයේ සම බව ඉටා ගනුව. ඉඳුරන්ගේ සමබව දැන ගනුව. එහි නිමිති ගනුව.” යි බුදුහු මෙසේ වීණාව උපමා කරගෙන පැවැත් වූ වීණෝපමාවවාදයෙන් මට දහම් දෙසූහ. “තස්සාහං වචනං සුත්වා”, ඒ භාග්‍යවතුන් වහන්සේගේ වීණෝපමාවාදය අසා, භාවනාව අතරමඟ උපන් සිවුරු හැර යෑමේ අදහස ඉවතලා බුදුසසුනේ ඇලී දැඩිව ඇලී විසුවෙමි.
විහරන්තො ච සමථං පටිපාදෙසිං වීරියසමතං යොජෙන්තො සද්ධාපඤ්ඤානං විය සමාධිවීරියානං සමරසතං උප්පාදෙන්තො ඣානාධිට්ඨානං විපස්සනාසමාධිං සම්පාදෙසිං විපස්සනං උස්සුක්කාපෙසිං. තත්ථ පයොජනං ආහ “උත්තමත්ථස්ස පත්තියා”ති. උත්තමත්ථස්ස පත්තියාති අරහත්තාධිගමායාති අත්ථො. ඉදානි යථා පටිපන්නස්ස සමථවිපස්සනා සම්පජ්ජිංසු, තං අඤ්ඤාපදෙසෙන දස්සෙන්තො “නෙක්ඛම්මෙ”තිආදිමාහ. තත්ථ නෙක්ඛම්මෙති පබ්බජ්ජාදිකෙ කාමනිස්සරණෙ. අධිමුත්තස්සාති තත්ථ නින්නපොණපබ්භාරභාවෙන යුත්තප්පයුත්තස්ස, පඨමං තාව පබ්බජ්ජාභිමුඛො හුත්වා කාමෙ පහාය පබ්බජිත්වා ච සීලවිසොධනං අරඤ්ඤවාසො ධුතඞ්ගපරිහරණං භාවනාභියොගොති එවමාදීසු අනවජ්ජධම්මෙසු යුත්තප්පයුත්තස්සාති අත්ථො. පවිවෙකඤ්ච චෙතසොති චෙතසො පවිවෙකඤ්ච අධිමුත්තස්ස එවං නෙක්ඛම්මාධිමුත්තස්ස සතො චතුක්කපඤ්චකජ්ඣානානං නිබ්බත්තනෙන විවෙකෙ යුත්තස්ස පයුත්තස්ස. අබ්යාබජ්ඣාධිමුත්තස්සාති අබ්යාබජ්ඣෙ නිදුක්ඛතාය අධිමුත්තස්ස ඣානසමාපත්තියො නිබ්බත්තෙත්වා සමථසුඛෙ යුත්තප්පයුත්තස්ස. උපාදානක්ඛයස්ස චාති චතුන්නම්පි උපාදානානං ඛයන්තෙ අරහත්තෙ අධිමුත්තස්ස. භුම්මත්ථෙ හි එතං සාමිවචනං. තං යථාධිගතං ඣානං පාදකං කත්වා අරහත්තාධිගමාය විපස්සනං අනුයුඤ්ජන්තස්සාති අත්ථො. තණ්හක්ඛයාධිමුත්තස්සාති තණ්හා ඛීයති එත්ථාති තණ්හක්ඛයො, නිබ්බානං, තස්මිං අධිමුත්තස්ස උපාදිං භයතො, අනුපාදිඤ්ච ඛෙමතො දස්සනෙන නිරොධෙ නින්නපොණපබ්භාරස්ස. අසම්මොහඤ්ච චෙතසොති අසම්මොහසම්පජඤ්ඤවසෙන චිත්තස්ස අසම්මොහපවත්තිං සම්මොහසමුච්ඡින්දනෙන වා චිත්තස්ස අසම්මොහභූතං අරියමග්ගං අධිමුත්තස්ස. දිස්වා ආයතනුප්පාදන්ති චක්ඛාදීනං ආයතනානං යථාසකපච්චයෙහි ඛණෙ ඛණෙ උප්පාදං, තප්පටිපක්ඛතො නිරොධඤ්ච විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය දිස්වා දස්සනහෙතු සම්මා චිත්තං විමුච්චතීති සම්මා හෙතුනා ඤායෙන මග්ගපටිපාටියා සබ්බාසවතො චිත්තං විමුච්චති.
වාසය කරමින් ම “සමථං පටිපාදෙසං” වීර්ය සමතාවෙහි යෙදීම පිණිස, ශ්‍රද්ධා ප්‍රඥාවන්ගේ ද සමාධි වීර්යයන්ගේ ද යුද්ධ සීයක් උපදවා ධ්යානාධිෂ්ඨානයෙන් විදර්ශනා සමාධිය උපදවා ගත්තෙමි. විදර්ශනා වැඩුවෙමි. එහි ප්‍රයෝජන අනතුරුව දැක්වේ. “උත්තමත්ථස්ස පත්තියා” අර්හත්වය අවබෝධ කර ගැනීම සඳහා අනතුරුව පිළිපදින ලද සමථ විදර්ශනා සමවැදීම් පිළිබඳව සිය රහත්බව ප්‍රකාශ කරමින් “නෙක්ඛම්මෙ” යනාදිය දැක්විණි. එහි “නෙක්ඛම්මෙ” කාමයෙන් වෙන්ව පැවිදිවීමෙහි, “අධිමුත්තස්ස” ඒ කෙරෙහි නැමුණු, ඇලුණු, යෙදුණු සිතින් පළමුව පැවිදිවීමේ ආශාවෙන් යුතුව කාමයන් හැර දමා පැවිදිවූයෙමි. පැවිදිව සීල පිරිසිදු කිරීම්, අරණ්යවාස, ධූතංගසමාදන ආදියෙන් නිරවද්‍ය ධර්මයන් හි යෙදෙමින් “විවෙකඤ්ච චෙතසො” සිතේ ප්රකර්ශ විවේකයෙහි නෛෂ්ක්‍රම්‍ය අධිමුක්තියෙහි සිවුවන, පස්වන ධ්‍යානයන් ඉපදීමෙන් විවේකයෙහි යෙදුණු “අබ්යාපජ්ඣාධිමුත්තස්ස” නිදුක් නීරෝගීභාවයේ යෙදුණු, ඒ කෙරෙහි නැමුණු ධ්‍යාන සමාපත්ති උපදවා සමථ භාවනාවේ හි නියුක්ත වූවහුට, “උපාදානක්ඛයස්ස ච” සිවුවැදෑරුම් උපාදානයන් ගේ ක්ෂයවීමෙන් අර්හත්වයට නැමුණු. මෙය සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්ති පදයකි. මෙසේ තමා අවබෝධ කරගත්, උපදවාගත් ධ්‍යානය පාදක කරගෙන අර්හත්වාවබෝධය සඳහා විදර්ශනාවෙහි යෙදුණු පුද්ගලයාට “තණ්හක්ඛයාධිමුත්තස්ස” තණ්හාව ක්ෂය වේ. නැතිවේ යනු “තණ්හක්ඛය” නම් වේ. එනම් නිවණයි. භය වශයෙන් උපාදාදිය ද ක්ෂේම වශයෙන් අනුපාදාදිය ද දැක්වීමෙන් නිවණට යොමු වූ නැමුණු තැනැත්තාට, “අසම්මොහඤ්ච චෙතසො” ආර්ය මාර්ගයෙහි විමසන නුවණින් යුතුව, සිතේ නොමුලාව පැවැත්ම, මුලාව - මෝඩකම මුලිනුපුටා දැමීමෙන් සිත නොමුලාවූ, ආර්ය මාර්ගයට නැමුණු, “දිස්වා ආයතනුප්පාදං” ඇස්කන් ආදී ආයතනයන්ගේ සිය ප්රත්යයන්ගෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින, නිරෝධයට ප්රතිපක්ෂ වූ ද විදර්ශනා ප්‍රඥා සහිත වූ ද මාර්ග ප්‍රඥාවෙන් දැකීමෙන්, දැකීම නිසා, “සම්මා චිත්තං විමුච්චතී” යහපත් ව මනාව ආර්ය මාර්ගයේ පිළිවෙලින් ගමන් කිරීමෙන් සියලු ආශ්රවයන්ගෙන් සිත මිදෙයි.
“තස්ස සම්මා විමුත්තස්සා”තිආදීසු අයං සඞ්ඛෙපත්ථො – තස්ස වුත්තනයෙන සම්මදෙව සබ්බසංකිලෙසතො විමුත්තස්ස, තතො එව අච්චන්තුපසමෙන සන්තචිත්තස්ස ඛීණාසවභික්ඛුනො කතස්ස කුසලස්ස අකුසලස්ස වා උපචයො නත්ථි මග්ගෙනෙව සමුග්ඝාතිතත්තා, පරිඤ්ඤාදිභෙදං කරණීයං න විජ්ජති කතකිච්චත්තා. එවං භූතස්ස යථා එකඝනො සෙලො පබ්බතො පකතිවාතෙන න සමීරති න සංකම්පති, එවං ඉට්ඨා ච අනිට්ඨා ච රූපාදයො ආරම්මණධම්මා තාදිනො තාදිභාවප්පත්තස්ස ඨිතං අනෙජං පහීනසබ්බසොකතාය විසංයුත්තං චිත්තං නප්පවෙධන්ති න චාලෙන්ති. අස්ස ච ආරම්මණධම්මස්ස කාලෙන කාලං ඵලසමාපත්තිං සමාපජ්ජිත්වා විපස්සන්තො වයං නිරොධං ඛණෙ ඛණෙ භිජ්ජනසභාවං අනුපස්සතීති අඤ්ඤං බ්යාකාසි.
“තස්ස සම්මා විමුත්තස්ස” යනාදියේ මේ සංක්ෂිප්තාර්ථ යයි. මෙසේ ඉහතින් පැවසූ ලෙසම මනාව සියලුම කිලිටි බව ඇතිකරන කෙලෙසුන්ගෙන් මිදුණු තැනැත්තාට, එසේ ම අතිශයින් ම සන්සිඳුණු සන්සුන් සිත් ඇති ක්ෂීණාශ්රව භික්ෂුවට, කරන ලද කුසලා කුසලයන්ට රැස්කිරීම් නැත. කළයුතු කටයුතු නිමවූ බැවින්, ආර්යමාර්ගයෙන් ම කෙලෙස් මුලිනුපුටා දැමූ බැවින්, විශේෂ දැනීම් ආදී ප්‍රභේද ඇති බැවින් කළයුත්තක් නැත. මෙසේ කටයුතු සිදු කරගත් රහතන් වහන්සේ, ඒකඝන පර්වතයක් සාමාන්‍ය සුළඟින් නොසැලී, අකම්පිතව පවතින්නාක් මෙන්, ඉෂ්ටානිෂ්ට රූපාදී අරමුණු නිසා ස්ථිර වූ ස්ථිර ව පිහිටි, තෘෂ්ණා රහිත වූ, සියලු සංයෝග ප්‍රහීණ කළ, කෙලෙසුන්ගෙන් වෙන් වූ සිත, නොසැලේ, කම්පා නොවේ. ඒ ආර්‍ය්‍යයන් වහන්සේ තමාට පැමිණෙන අරමුණු ධර්මයන්ගේ කලින් කලට ඵල සමවතට සමවැදීමෙන් යථාතත්ත්වය අවබෝධ කරගෙන, අරමුණුවල ව්යයවීම, නිරෝධය, ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳීයෑම බලති.
සොණකොළිවිසත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සෝණ කෝලිවිස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
තෙරසනිපාතවණ්ණනා නිට්ඨිතා.
දහතුන්වන නිපාතයේ ගාථා අර්ථවර්ණනාව සමාප්තයි.