යෙදුමෙන් කියවන්න

ඛදිරවනියරෙවතත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ඛදිරවනියරෙවතත්‍ථෙරගාථාවණ‍්ණනා

ඛදිරවනියරේවත ස්ථවිරගාථා වර්ණනාව

චුද‍්දසකනිපාතෙ යදා අහන‍්තිආදිකා ආයස‍්මතො ඛදිරවනියරෙවතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? කාමඤ‍්චිමස‍්ස ථෙරස‍්ස ගාථා හෙට‍්ඨා එකකනිපාතෙ (ථෙරගා· අට‍්ඨ· 1. ඛදිරවනියත්‍ථෙරගාථාවණ‍්ණනා) ආගතා. තත්‍ථ පනස‍්ස අත‍්තනො භාගිනෙය්‍යෙසු සතිජනනමත‍්තං දස‍්සිතන‍්ති තස‍්සා එකකනිපාතෙ සඞ‍්ගහො කතො. ඉමා පන ථෙරස‍්ස පබ‍්බජිතකාලතො පට‍්ඨාය යාව පරිනිබ‍්බානා පටිපත‍්තිපකාසිතා ගාථා ඉමස‍්මිං චුද‍්දසකනිපාතෙ සඞ‍්ගහං ආරොපිතා. තත්‍ථ අට‍්ඨුප‍්පත‍්ති හෙට‍්ඨා වුත‍්තායෙව. අයං පන විසෙසො – ථෙරො කිර අරහත‍්තං පත්‍වා කාලෙන කාලං සත්‍ථු ධම‍්මසෙනාපතිප‍්පභූතීනං මහාථෙරානඤ‍්ච උපට‍්ඨානං ගන‍්ත්‍වා කතිපාහමෙව තත්‍ථ වසිත්‍වා ඛදිරවනමෙව පච‍්චාගන‍්ත්‍වා ඵලසමාපත‍්තිසුඛෙන බ්‍රහ‍්මවිහාරෙහි ච වීතිනාමෙති. එවං ගච‍්ඡන‍්තෙ කාලෙ ජිණ‍්ණො වුඩ‍්ඪො වයො අනුප‍්පත‍්තො අහොසි. සො එකදිවසං බුද‍්ධුපට‍්ඨානං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ සාවත්‍ථියා අවිදූරෙ අරඤ‍්ඤෙ වසි. තෙන ච සමයෙන චොරා නගරෙ කතකම‍්මා ආරක‍්ඛමනුස‍්සෙහි අනුබන්‍ධා පලායන‍්තා ථෙරස‍්ස සමීපෙ ගහිතභණ‍්ඩං ඡඩ‍්ඩෙත්‍වා පලායිංසු. මනුස‍්සා අනුධාවන‍්තා ථෙරස‍්ස සමීපෙ භණ‍්ඩං දිස‍්වා ථෙරං බන්‍ධිත්‍වා “චොරො”ති සඤ‍්ඤාය ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං, “අයං, දෙව, චොරො”ති. රාජා ථෙරං මුඤ‍්චාපෙත්‍වා, “කිං, භන‍්තෙ, තුම‍්හෙහි ඉදං චොරිකකම‍්මං කතං වා, නො වා”ති පුච‍්ඡි. ථෙරො කිඤ‍්චාපි ජාතිතො පට‍්ඨාය අත‍්තනා තාදිසං න කතපුබ‍්බං, තං පබ‍්බජිතතො පට‍්ඨාය පන අකතභාවස‍්ස, සබ‍්බසො කිලෙසානං සමුච‍්ඡින‍්නත‍්තා තාදිසස‍්ස කරණෙ අභබ‍්බතාය පකාසනත්‍ථං සමීපෙ ඨිතානං භික‍්ඛූනං රඤ‍්ඤො ච ධම‍්මං දෙසෙන‍්තො –

දාහතරවන නිපාතයේ “යදා අහං” යනු ආයුෂ්මත් ඛදිරවණිය රේවත තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? මේ තෙරුන් වහන්සේගේ ගාථාවක් ඉහත ඒකක නිපාතයේ දැක්විණි. එහිදී උන්වහන්සේ සිය බෑණාවරුන් වූ සාමණේරයන්ට සිහිය ඉපිදවීම සඳහා ඒ ගාථාව දේශනා කළසේක. එනිසා එම ගාථාව ඒකක නිපාතයේ සංග්‍රහ කර දැක්විණි. මෙහි වනාහි තෙරුන් පැවිදි වූ තැන් පටන් පිරිනිවණ දක්වා වූ ප්‍රතිපත්ති මාර්ගය දක්වන ගාථා දාහතරක් ඇතුළත්ය. එනිසා එය චුද්දස නිපාතයේ සංග්‍රහ කරන ලදි. එහි අර්ථෝත්පත්තිය ඉහතින් පැවසූ ලෙසම දතයුතුයි. මෙහි ඇති විශේෂත්‍වය පහත දැක්වේ. රේවත තෙරුන් වහන්සේ රහත් බවට පත්ව, කලින් කලට ශාස්තෲන්වහන්සේ, ධර්මසේනාපති ප්‍රමුඛ මහතෙරුන් වහන්සේලාට උපස්ථාන කරමින් දින කිහිපයක් නගරයේ වාසය කර, පසුව කිහිරි වනයට ම වැඩමවා ඵලසමවත් සුවයෙන් ද බ්‍රහ්මවිහරණයෙන් ද කල්යැවූ සේක. මෙසේ කල්ගත කරන උන්වහන්සේ, වෘද්ධභාවයට, මහලු භාවයට පත්වූහ. එක් දිනක් බුද්ධෝපස්ථානයට වැඩම කළ රේවත හිමියෝ අතරමඟ සැවැතට නුදුරු අරණ්‍යයක විසූහ. එදින සොරු නගරයෙන් බඩු සොරාගෙන, ආරක්‍ෂක පුරුෂයන් ලුහුබැඳ එන හෙයින් පලායන්නාහු, ගත් බඩු තෙරුන් සමීපයේ දමා සැඟවී ගියහ. සොරු ලුහුබැඳ පැමිණි මිනිස්සු තෙරුන් වහන්සේ සමීපයේ දමා තිබූ සිය භාණ්ඩ දැක, තෙරුන් බැඳගෙන “සොරෙකි” යි යන හැඟීමෙන් රජුට දැක්වූහ. “රජතුමනි, මේ සොරෙකි” යි පැවසුවත් රජු තෙරුන්ගේ බැඳුම් මුදා, “ස්වාමීනි, ඔබවහන්සේ මේ සොරකම කළේ ද?”යි විමසීය. තෙරණුවෝ, “මම වනාහි උපතේ සිට ම සොරකමක් නොකළෙමි. සියලු කෙලෙසුන් නැසූ බැවින් පැවිදි වූ අවස්ථාවේ සිට එවැනි සොරකම් කිරීමක් කෙසේවත් සිදුනොවේ.” එබඳු දෙයක් සිදුවීමට නොහැකි බව ප්‍රකාශ කරමින් සමීපයේ සිටින භික්‍ෂූන්ට ද රජුට ද දහම් දෙසමින් මේ ගාථා වදාළහ.

“යදා අහං පබ‍්බජිතො, අගාරස‍්මානගාරියං; නාභිජානාමි සඞ‍්කප‍්පං, අනරියං දොසසංහිතං.

“යදා අහං පබ්බජිතො අගාරස්මා අනගාරියං, නාභිජානාමි සංකප්පං අනරියං දොසසංහිතං.”

“‘ඉමෙ හඤ‍්ඤන‍්තු වජ‍්ඣන‍්තු, දුක‍්ඛං පප‍්පොන‍්තු පාණිනො’; සඞ‍්කප‍්පං නාභිජානාමි, ඉමස‍්මිං දීඝමන‍්තරෙ.

“ඉමෙ හඤ්ඤන්තු වජ්ඣන්තු දුක්ඛං පප්පොන්තු පාණිනො, සංකප්පං නාභිජානාමි ඉමස්මිං දීඝමන්තරෙ.”

“මෙත‍්තඤ‍්ච අභිජානාමි, අප‍්පමාණං සුභාවිතං; අනුපුබ‍්බං පරිචිතං, යථා බුද‍්ධෙන දෙසිතං.

“මෙත්තඤ්ච අභිජානාමි අප්පමානං සුභාවිතං, අනුපුබ්බං පරිචිතං යථා බුද්ධෙන දෙසිතං”

“සබ‍්බමිත‍්තො සබ‍්බසඛො, සබ‍්බභූතානුකම‍්පකො; මෙත‍්තචිත‍්තඤ‍්ච භාවෙමි, අබ්‍යාපජ‍්ජරතො සදා.

“සබ්බමිත්තො සබ්බසඛො සබ්බභූතානු කම්පකො, මෙත්තං චිත්තඤ්ච භාවෙමි අබ්‍යාපජ්ඣරතො සදා”

“අසංහීරං අසංකුප‍්පං, චිත‍්තං ආමොදයාමහං; බ්‍රහ‍්මවිහාරං භාවෙමි, අකාපුරිසසෙවිතං.

“අසංහීරං අසංකුප්පං චිත්තං ආමොදයාමහං, බ්‍රහ්මවිහාරං භාවෙමි අකාපුරිසසෙවිතං.”

“අවිතක‍්කං සමාපන‍්නො, සම‍්මාසම‍්බුද‍්ධසාවකො; අරියෙන තුණ‍්හීභාවෙන, උපෙතො හොති තාවදෙ.

“අවිතක්කං සමාපන්නො සම්මා සම්බුද්ධසාවකො, අරියෙන තුණ්හීභාවෙන උපෙතා හොති තාවදෙ.”

“යථාපි පබ‍්බතො සෙලො, අචලො සුප‍්පතිට‍්ඨිතො; එවං මොහක‍්ඛයා භික‍්ඛු, පබ‍්බතොව න වෙධති.

“යථා පි පබ්බතො සෙලො අචලො සුප්පතිට්ඨිතො, එවං මොහක්ඛයා භික්‍ඛු පබ්බතොව න වෙධතී”

“අනඞ‍්ගණස‍්ස පොසස‍්ස, නිච‍්චං සුචිගවෙසිනො; වාලග‍්ගමත‍්තං පාපස‍්ස, අබ‍්භමත‍්තංව ඛායති.

“අනංගනස්ස පොසස්ස නිච්චං සුචිගවෙසිනො, වාළග්ගමත්තං පාපස්ස අබ්භමත්තං ව ඛායති.”

“නගරං යථා පච‍්චන‍්තං, ගුත‍්තං සන‍්තරබාහිරං; එවං ගොපෙථ අත‍්තානං, ඛණො වො මා උපච‍්චගා.

“නගරං යථා පච්චන්තං ගුත්තං සන්තරබාහිරං, එවං ගොපෙථ අත්තානං ඛණො වො මා උපච්චගා.”

“නාභිනන්‍දාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං; කාලඤ‍්ච පටිකඞ‍්ඛාමි, නිබ‍්බිසං භතකො යථා.

“නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, කාලඤ්ච පටිකංඛාමි නිබ්බිසම්හතකො යථා.”

“නාභිනන්‍දාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං; කාලඤ‍්ච පටිකඞ‍්ඛාමි, සම‍්පජානො පතිස‍්සතො.

“නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, කාලඤ්ච පටිකංඛාමි සම්පජානො පතිස්සතො.”

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත‍්ති සමූහතා.

“පරිචිණ්ණො මයා සත්‍ථා කතම්බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.”

“යස‍්ස චත්‍ථාය පබ‍්බජිතො, අගාරස‍්මානගාරියං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සබ‍්බසංයොජනක‍්ඛයො.

“යස්සත්‍ථාය පබ්බජිතො අගාරස්මා අනගාරියං, සො මෙ අත්‍ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.”

“සම‍්පාදෙථප‍්පමාදෙන, එසා මෙ අනුසාසනී; හන්‍දාහං පරිනිබ‍්බිස‍්සං විප‍්පමුත‍්තොම‍්හි සබ‍්බධී”ති. – ඉමා ගාථා අභාසි;

“සම්පා දෙථප්පමාදෙන එසා මෙ අනුසාසනී, හන්‍දාහං පරිනිබ්බිස්සං විප්පමුත්තාම්හි සබ්බධී” තී.

මේ ගාථාවන්ගේ අනුපූර්ව පදවර්ණනාව මෙසේය.

තත්‍ථායං අපුබ‍්බපදවණ‍්ණනා ඉමස‍්මිං දීඝමන‍්තරෙති, යදා අහං පබ‍්බජිතොම‍්හි, තතො පට‍්ඨාය අයඤ‍්ච මෙ චරිමකාලො, එතස‍්මිං දීඝමන‍්තරෙ කාලෙ “ඉදං මය‍්හං හොතූ”ති අභිජ‍්ඣාවසෙන වා, “ඉමෙ සත‍්තා හඤ‍්ඤන‍්තූ”තිආදිනා බ්‍යාපාදවසෙන වා අනරියං දොසසංහිතං සඞ‍්කප‍්පං නාභිජානාමීති යොජනා.

“ඉමස්මිං දීඝමන්තරෙ” යම් දිනක මම පැවිදි වූයෙම් ද එදින සිට මේ ජීවිතයේ අවසාන කාලය දක්වාම, මේ දීර්ඝ කාලය තුල “මෙ මාහට වේවා”යි දැඩිලෝභයෙන් හෝ “මේ සත්ත්‍වයෝ නැසෙත්වා”යි තරහ සිතින් හෝ අනාර්ය වූ ද්වේෂ සහිත සිතක්, සංකල්පයක් නූපදුවෙමි. ඉපදුණු බවක් නොදනිමි.

මෙත‍්තඤ‍්ච අභිජානාමීති, මිජ‍්ජති සිනිය‍්හති එතායාති මෙත‍්තා, අබ්‍යාපාදො. මෙත‍්තා එතිස‍්සා අත්‍ථීති මෙත‍්තා, මෙත‍්තාභාවනා මෙත‍්තාබ්‍රහ‍්මවිහාරො, තං මෙත‍්තං. ච-සද‍්දෙන කරුණං මුදිතං උපෙක‍්ඛඤ‍්චාති ඉතරබ්‍රහ‍්මවිහාරෙ සඞ‍්ගණ‍්හාති. අභිජානාමීති, අභිමුඛතො ජානාමි. අධිගතඤ‍්හි ඣානං පච‍්චවෙක‍්ඛතො පච‍්චවෙක‍්ඛණඤාණස‍්ස අභිමුඛං හොති. කීදිසන‍්ති ආහ “අප‍්පමාණ”න‍්තිආදි. තඤ‍්හි යථා බුද‍්ධෙන භගවතා දෙසිතං, තථා අනොදිස‍්සකඵරණවසෙන අපරිමාණසත‍්තාරම‍්මණතාය අප‍්පමාණං. පගුණබලවභාවාපාදනෙන සුට‍්ඨු භාවිතත‍්තා සුභාවිතං. පඨමං මෙත‍්තා, තතො කරුණා, තතො මුදිතා, පච‍්ඡා උපෙක‍්ඛාති එවං අනුපුබ‍්බං අනුක‍්කමෙන පරිචිතං ආසෙවිතං, බහුලීකතං අභිජානාමීති යොජනා.

“මෙත්තං ච අභිජානාමී” මෘදුවේ, සිනිඳුවේ අරුතින් “මෙත්තා” නම් වේ. මෙත්තා භාවනාව, මෙත්තා බ්‍රහ්මවිහාර යයි “ච” වදනින් ඉතිරි බ්‍රහ්ම විහාර වූ කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සිත් ද අදහස් වේ. “අභිජානාමි” ඉදිරියේ සිට දනිමි. අවබෝධ කරගත් ධ්‍යානය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්, ප්‍රත්‍යවේක්‍ෂා කරන ඤාණයට අභිමුඛ වේ. ඒ කෙසේ ද? “අප්පමාණං” යම්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද්දේ ද එලෙසින් ම කිසිවකු උදෙසා, වෙන් කර නොගෙන අප්‍රමාණ සත්ත්‍වයන් අරමුණු කරගෙන, අප්‍රමාණ වූ ප්‍රගුණ බලවත්භාවයන් ඉපදවීමෙන් මනාව වැඩූ බැවින් “සුභාවිතං” පළමුව මෙත් සිත ද දෙවනුව කරුණාව ද ඉන්පසු මුදුතාව ද අවසන උපේක්‍ෂාව ද යන මේ අනුපිළිවෙලින්, අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කළ, සේවන කළ, බොහෝ කොට කඑන ලද බව දනිමි.

සබ‍්බෙසං සත‍්තානං මිත‍්තො, සබ‍්බෙ වා තෙ මය‍්හං මිත‍්තාති සබ‍්බමිත‍්තො. මෙත‍්තඤ‍්හි භාවෙන‍්තො සත‍්තානං පියො හොති. සබ‍්බසඛොති, එත්‍ථාපි එසෙව නයො. සබ‍්බභූතානුකම‍්පකොති, සබ‍්බසත‍්තානං අනුග‍්ගණ‍්හනකො. මෙත‍්තචිත‍්තඤ‍්ච භාවෙමීති, මෙත‍්තාය සහිතං සම‍්පයුත‍්තං චිත‍්තං විසෙසතො භාවෙමි, වඩ‍්ඪෙමි, පකාසෙමි වා අකථෙන‍්තෙපි භාවනාය උක‍්කංසගතභාවතො. “මෙත‍්තං චිත‍්තඤ‍්ච භාවෙමී”ති වා පාඨො. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තනයොව. අබ්‍යාපජ‍්ජරතොති, අබ්‍යාපජ‍්ජෙ සත‍්තානං හිතූපසංහාරෙ අභිරතො. සදාති, සබ‍්බකාලං, තෙන තත්‍ථ සාතච‍්චකිරියං දස‍්සෙති.

සියලු සත්ත්‍වයන්ට ම මිත්‍රයෙකි. ඒ සියලු දෙන මාගේ මිත්‍රයෝ ය යන අර්ථ දෙකින් ම “සබ්බමිත්තො” හැමට මිතුරුව. මෙත් සිත වැඩීමෙන් සත්ත්‍වයන්ට ප්‍රියවේ. “සබ්බසඛො” සැමට යහළුව මෙහිද පළමු න්‍යායමයි. “සබ්බභූතානුකම්පකො” සියලු සත්ත්‍වයන්ට ම අනුග්‍රහකිරීම් වශයෙන්, “මෙත් සිත වඩමි”, මෙත් සහිත, මෛත්‍රී සම්ප්‍රයුක්ත සිත විශේෂයෙන් වඩමි, දියුණු කරමි, ප්‍රකාශ කරමි, වචනයෙන් ප්‍රකාශ නොකළත් වැඩීමෙන් ඉතා උසස් බවට, ඉතා උඩට පැමිණෙන බැවිනි. “මෙත්තං චිත්තඤ්ච භාවෙමී” යන පාඨය ද යෙදේ. එහි අර්ථ ඉහතින් පවසන ලදි. “අබ්‍යාපජ්ඣරතො” අව්‍යාපාදයේ, සත්ත්‍වයන්ගේ හිත වැඩෙහි, යහපතෙහි විශේෂයෙන් ඇලුනෙම් “සදා” සැමදාම ඉන් උන්වහන්සේගේ සෑම ක්‍රියාවක් ම දක්වයි.

අසංහීරන‍්ති න සංහීරං, ආසන‍්නපච‍්චත්‍ථිකෙන රාගෙන අනාකඩ‍්ඪනියං. අසංකුප‍්පන‍්ති න කුප‍්පං, දූරපච‍්චත්‍ථිකෙන බ්‍යාපාදෙන අකොපියං, එවංභූතං කත්‍වා මම මෙත‍්තචිත‍්තං ආමොදයාමි අභිප‍්පමොදයාමි බ්‍රහ‍්මවිහාරං භාවෙමි. අකාපුරිසසෙවිතන‍්ති, කාපුරිසෙහි නීචජනෙහි අසෙවිතං, අකාපුරිසෙහි වා අරියෙහි බුද‍්ධාදීහි සෙවිතං බ්‍රහ‍්මං සෙට‍්ඨං නිද‍්දොසං මෙත‍්තාදිවිහාරං භාවෙමි වඩ‍්ඪෙමීති අත්‍ථො.

“අසංහීරං” ආකර්ෂණ රහිත වූවක් අසන්න සතුරා වූ රාගයෙන් නො අඳිනු ලබන්නේ, “අසංකුප්පං” කෝප නොවී, සතුරාගෙන් දුරුවීමෙන් ව්‍යාපාදයෙන් කෝපනොවන, අකෝප්‍ය වූ මෙසේ කටයුතු කර, මගේ මෙත් සිත සතුටු කරමි. ඉතා සතුටුවෙමි. බ්‍රහ්ම විහාර වඩමි. “අකා පුරිස සෙවිතං” ළාමක, නීචයන් විසින් සේවන නොකළ කාපුරුෂ, නින්දිත, පුරුෂයන් නොවූ බුද්ධාදී ආර්යයන්, උතුමන් විසින් සේවනය කරන බ්‍රහ්ම, ශ්‍රේෂ්ඨ, නිර්දෝෂ, මෙත්තා විහාරය වඩමි.

එවං අත‍්තුද‍්දෙසවසෙන පඤ‍්චහි ගාථාහි අත‍්තනො පටිපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි තං අඤ‍්ඤාපදෙසෙන දස‍්සෙන‍්තො “අවිතක‍්ක”න‍්තිආදිනා චතස‍්සො ගාථා අභාසි. තත්‍ථ අවිතක‍්කං සමාපන‍්නොති, විතක‍්කවිරහිතං දුතියාදිඣානං සමාපන‍්නො, එතෙන ථෙරො බ්‍රහ‍්මවිහාරභාවනාය අඤ‍්ඤාපදෙසෙන අත‍්තනා දුතියාදිඣානාධිගමමාහ. යස‍්මා පනායං ථෙරො තමෙව ඣානං පාදකං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා එකාසනෙනෙව අරහත‍්තං ගණ‍්හි, තස‍්මා තමත්‍ථං අඤ‍්ඤාපදෙසෙනෙව දස‍්සෙන‍්තො “අවිතක‍්කං සමාපන‍්නො”ති වත්‍වා “සම‍්මාසම‍්බුද‍්ධසාවකො. අරියෙන තුණ‍්හීභාවෙන, උපෙතො හොති තාවදෙ”ති ආහ. තත්‍ථ වචීසඞ‍්ඛාරාභාවතො අවිතක‍්කාවිචාරා සමාපත‍්ති “අරියො තුණ‍්හීභාවො”ති වදන‍්ති. “සන‍්නිපතිතානං වො, භික‍්ඛවෙ, ද‍්වයං කරණීයං ධම‍්මී වා කථා අරියො වා තුණ‍්හීභාවො”ති (ම· නි· 1.273) පන වචනතො යා කාචි සමාපත‍්ති අරියො තුණ‍්හීභාවො නාම. ඉධ පන චතුත්‍ථජ‍්ඣානිකා අග‍්ගඵලසමාපත‍්ති අධිප‍්පෙතා.

මෙසේ ගාථා පහකින් තමා උදෙසා, තමාගේ පිළිවෙත් මග (ප්‍රතිපත්තිය) දක්වා දැන් එය රහත්බව ප්‍රකාශ කරමින් “අවිතක්කං” යන ගාථා සතර වදාළහ. එහි “අවිතක්කං සමාපන්නො” විතර්ක රහිත දුතිය ධ්‍යානයට සමවැද, මෙයින් තෙරුන් වහන්සේගේ ද්විතීයධ්‍යානාධිගමය පැවසූහ. යම් හෙයකින්, තෙරණුවෝ එම ධ්‍යානයම පාදක කරගෙන විදසුන් වඩා එක් අසුනෙහි ම රහත් වූ සේක් ද එනිසා එම අදහස රහත්බව ප්‍රකාශ කිරීම් වශයෙන් දක්වමින්, “අවිතක්කං සමාපන්නො” යි කියා “එකෙණෙහිම සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා ආර්ය වූ තුෂ්ණිම්භාවයෙන් යුක්ත වේ” යැයි පැවසූහ. එහි වචීසංඛාරයන් නොමැති හෙයින් විතර්ක විචාර නැති සමාධිය “තුෂ්ණිම්භාවය” යැයි කියති. “මහණෙනි, නුඹලා රැස්වූ විට කළයුතු කාර්ය දෙකකි. දැහැමිකථා කිරීම හෝ ආර්ය වූ තුෂ්ණිම්භාවයයි. මෙහි චතුර්ථධ්‍යාන වූ අග්‍රඵල සමාපත්තිය අදහස් වේ.

ඉදානි තස‍්සාධිගතත‍්තා ලොකධම‍්මෙහි අකම‍්පනීයතං උපමාය පකාසෙන‍්තො “යථාපි පබ‍්බතො”ති ගාථමාහ. තත්‍ථ යථාපි පබ‍්බතො සෙලොති, යථා සිලාමයො එකඝනසෙලො පබ‍්බතො, න පංසුපබ‍්බතො න මිස‍්සකපබ‍්බතොති අත්‍ථො. අචලො සුප‍්පතිට‍්ඨිතොති, සුට‍්ඨු පතිට‍්ඨිතමූලො පකතිවාතෙහි අචලො අකම‍්පනීයො හොති, තස‍්මා අරහත‍්තං නිබ‍්බානඤ‍්ච එවං මොහක‍්ඛයා භික‍්ඛු, පබ‍්බතොව න වෙධතීති මොහස‍්ස අනවසෙසප‍්පහානා, මොහමූලකත‍්තා ච සබ‍්බාකුසලානං පහීනසබ‍්බාකුසලො භික‍්ඛු යථා සො පබ‍්බතො පකතිවාතෙහි, එවං ලොකධම‍්මෙහි න වෙධති න කම‍්පති, මොහක‍්ඛයොති වා යස‍්මා අරහත‍්තං නිබ‍්බානඤ‍්ච වුච‍්චති , තස‍්මා මොහක‍්ඛයාති මොහක‍්ඛයස‍්ස හෙතු නිබ‍්බානස‍්ස අරහත‍්තස‍්ස ච අධිගතත‍්තා චතූසු අරියසච‍්චෙසු සුප‍්පතිට‍්ඨිතො අසමාපන‍්නකාලෙපි පබ‍්බතො විය න වෙධති, පගෙව සමාපන‍්නකාලෙති අධිප‍්පායො.

අනතුරුව ඒ සමාධියට සමවැදුණු බැවින් ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන බව උපමාවකින් පවසමින්, “යථාපි පබ්බතො” යන ගාථාව දක්වන ලදි. “යථාපි පබ්බතො සෙලො” ශිලාමය ඒකඝන ගල්පර්වතයක් මෙන්, එය පස් පර්වතයක් හෝ ගල්, පස් මිශ්‍ර පර්වතයක් හෝ නො වේ. “අචලො සුප්පතිට්ඨිතො” මනාව පිහිටි මුල් ඇති බැවින් ප්‍රකෘති වාතයෙන් (ස්වාභාවික සුළඟින්) නොසැලේ. කම්පා නො වේ, එලෙසින් ම මෝහන ක්‍ෂය කළ භික්‍ෂුව නම් පර්වතය ද “න වෙධති” නොසැලේ. මෝහය මුලිනුපුටා දමා, ප්‍රහීණ කළ හෙයින් මෝහය මුල් කරගත් සියලු අකුසල් ප්‍රහීණ විය. සියලු අකුසල් ප්‍රහීණකළ භික්‍ෂුව ස්වාභාවික සුළඟින් නො සැලෙන ගල් පර්වතයක් මෙන් අෂ්ට ලෝක ධර්මයන්ගෙන් නොසැලේ. කම්පා නොවේ. “මොහක්ඛය” යැයි රහත්බවට ද නිර්වාණයට ද අර්හත්‍වයට ද පැමිණෙන හෙයින් චතුරාර්ය සත්‍යයන් හි මනාව පිහිටයි. සමාපත්තියට සමනොවැදුණු විට ගල් පර්වතයක් මෙන් නොසැලේ. සමාපත්තීන් සමවැදුණු විට නොසැලී සිටීම පිළිබඳව කියනු කිම?

ඉදානි පාපං නාමෙතං අසුචිසීලො එව සමාචරති, න ච සුචිසීලො, සුචිසීලස‍්ස පන තං අණුමත‍්තම‍්පි භාරියං හුත්‍වා උපට‍්ඨාතීති දස‍්සෙන‍්තො “අනඞ‍්ගණස‍්සා”තිආදිගාථමාහ . තස‍්සත්‍ථො – රාගාදිඅඞ‍්ගණාභාවතො අනඞ‍්ගණස‍්ස සබ‍්බකාලං සුචිඅනවජ‍්ජධම‍්මෙ එව ගවෙසන‍්තස‍්ස සප‍්පුරිසස‍්ස වාලග‍්ගමත‍්තං කෙසග‍්ගමත‍්තං පාපස‍්ස ලෙසමත‍්තම‍්පි සකලං ලොකධාතුං ඵරිත්‍වා ඨිතං අබ‍්භමත‍්තං හුත්‍වා උපට‍්ඨාති, තස‍්මා න එවරූපෙ කම‍්මෙ මාදිසා ආසඞ‍්කිතබ‍්බාති අධිප‍්පායො.

අනතුරුව පාපය නම් අශූචියකි. එනිසා පාපයේ නොහැසිරෙයි. සීලය පිරිසිදුවූවකි. පිරිසිදු වූවහුට අණුවක් වුවත් පිරුණු දෙයක් මෙන් වැටහෙන බව දක්වනු සඳහා “අනංගනස්ස” ගාථාව වදාළහ. එහි අර්ථ මෙසේය - රාගාදී අංගණ රහිත වූ, කිලිටි රහිත වූ, සැමකල්හිම පිරිසිදු වූ නිරවද්‍ය දහම් පමණක්ම සොයන්නා වූ සත්පුරුෂයාට වල්ගක් පමණ වූ හෝ කෙසඟක් පමණ වූ හෝ පාපය, කිලුට ඉතා ස්වල්පයක් වුවත් මුලු ලෝකධාතුවේම පැතිර සිටි වළාකුලක් මෙන් වැටහේ. එනිසා “මෙම සොරකම සම්බන්‍ධව මා වැන්නවුන් පිළිබඳව සැක නොකළ යුතුයි.” යන අර්ථයයි;

යස‍්මා නික‍්කිලෙසෙසුපි අන්‍ධබාලා එවරූපෙ අපවාදෙ සමුට‍්ඨාපෙන‍්ති, තස‍්මා අත්‍ථකාමෙහි සක‍්කච‍්චං අත‍්තා රක‍්ඛිතබ‍්බොති ඔවාදං දෙන‍්තො “නගරං යථා”තිආදිගාථමාහ. තස‍්සත්‍ථො – යථා පන පච‍්චන‍්තනගරවාසීහි මනුස‍්සෙහි පච‍්චන‍්තං නගරං ද‍්වාරපාකාරාදීනි ථිරානි කරොන‍්තෙහි සඅන‍්තරං, උද‍්දාපපරිඛාදීනි ථිරානි කරොන‍්තෙහි සබාහිරන‍්ති සන‍්තරබාහිරං ගුත‍්තං කරීයති, එවං තුම‍්හෙහිපි සතිං උපට‍්ඨපෙත්‍වා අජ‍්ඣත‍්තිකානි ඡ ද‍්වාරානි පිදහිත්‍වා ද‍්වාරරක‍්ඛිතං සතිං අවිස‍්සජ‍්ජෙත්‍වා යථා ගය‍්හමානානි බාහිරානි ඡ ආයතනානි අජ‍්ඣත‍්තිකානි උපඝාතාය සංවත‍්තන‍්ති, තථා අග‍්ගහණෙන තානිපි ථිරානි කත්‍වා තෙසං අප‍්පවෙසාය ද‍්වාරරක‍්ඛිතං සතිං අප‍්පහාය විචරන‍්තා අත‍්තානං ගොපෙථ. කස‍්මා? ඛණො වො මා උපච‍්චගා. යො හි එවං අත‍්තානං න ගොපෙති, තං පුග‍්ගලං බුද‍්ධුප‍්පාදක‍්ඛණො, මනුස‍්සත‍්තභාවක‍්ඛණො, මජ‍්ඣිමදෙසෙ උප‍්පත‍්තික‍්ඛණො, සම‍්මාදිට‍්ඨියා පටිලද‍්ධක‍්ඛණො, ඡන‍්නං ආයතනානං අවෙකල‍්ලක‍්ඛණොති සබ‍්බොපි අයං ඛණො අතික‍්කමති, සො ඛණො තුම‍්හෙ මා අතික‍්කමතූති.

“නික්ලේශි රහතුන්ට වුවත් අන්‍ධබාලයෝ මෙබඳු අපවාද උපදවති.” එනිසා තමාට හිත වැඩ කැමති පුද්ගලයා විසින් සකසා, මනාව තමා සුරැකිව යුතුයැයි අවවාද දෙමින් “නගරං යථා” යන ගාථාව වදාළහ. එහි අර්ථය මෙසේය. යම් සේ ප්‍රත්‍යන්ත නගරවාසී මිනිස්සු; ප්‍රත්‍යන්ත නගර ද්වාරප්‍රාකාර ආදිය ස්ථිර කරත් ද, නුවරින් ඇතුලත දිය අගල් ආදිය ස්ථිර කරත් ද, සර්ව ප්‍රකාරයෙන්ම නගරය ඇතුලත බාහිර දෙකින්ම ආරක්‍ෂා සංවිධාන ඇතිකරයි ද, එලෙසින් නුඹලා ද සිහිය පිහිටුවා, ආධ්‍යාත්මික දොරටු සය වසා ඉන්‍ද්‍රාදි ද්වාරයන් රැකිය යුතුයි. සිහිය නොවිසුරුවා ගනිමින් බාහිරායතන සයෙන් ගනුලබන අරමුණ අධයාත්මය වැනසීමට හේතුවේ නම් එබඳු අරමුණු නොගෙන, එම ඉන්‍ද්‍රිය ද්වාරයන් ස්ථිරව තබාගෙන ඒ විෂ, දූෂිත අරමුණ නොපිළිසෙන සේ ඉඳුරන් ආරක්ෂ කරගත යුතුයි. සිහිය පිහිටුවාගෙන හැසිරෙමින් තමා මැනවින් රැකගනිවු. කුමක් හෙයින් ද? “ඛණො වො මා උපච්චගා” ක්‍ෂණය නුඹලා ඉක්ම නොයවා යමෙක් මෙසේ තමා නොකරයි ද ඒ පුද්ගලයා බුද්ධෝත්පාද ක්‍ෂණය, මනුෂ්‍යාත්ම භාවක්‍ෂණය, මජ්ඣිම දේශයේ උප්පත්තික්‍ෂණය, සම්මා දිට්ඨිය ලැබීමේ ක්‍ෂණය හා ආයතන සය විකල් නොවී පැවතීමේ ක්‍ෂණය යනාදී මේ සියලු ක්‍ෂණ සම්පත් නො ඉක්මවයි. “ඒ ක්‍ෂණ සම්පත්තිය ඉක්මවා නොයන්න” යැයි -

එවං ථෙරො ඉමාය ගාථාය සරාජිකං පරිසං භික‍්ඛූ ච ඔවදිත්‍වා පුන මරණෙ ජීවිතෙ ච අත‍්තනො සමචිත‍්තතං කතකිච‍්චතඤ‍්ච පකාසෙන‍්තො “නාභිනන්‍දාමි මරණ”න‍්තිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව (ථෙරගා· අට‍්ඨ· 2.607).

තෙරණුවෝ මේ ගාථාවෙන් රජු සහිත පිරිසට ද භික්‍ෂූන්ට ද අවවාද දී; අනතුරුව මරණයේ හා ජීවිතයේ තමාගේ සම සිත් ඇති බවද කළ කටයුතු ඇති බවද ප්‍රකාශ කරමින් “නාභිනන්‍දාමි මරණං” යන ගාථාව වදාළහ. එහි අර්ථ ඉහතදී පැවසූ පරිදිම දත යුතුයි.

එවං පන වත්‍වා අත‍්තනො පරිනිබ‍්බානකාලං උපට‍්ඨිතං දිස‍්වා සඞ‍්ඛෙපෙනෙව නෙසං ඔවාදං දත්‍වා පරිනිබ‍්බානං පවෙදෙන‍්තො ඔසානගාථමාහ. තත්‍ථ සම‍්පාදෙථප‍්පමාදෙනාති සම‍්පාදෙතබ‍්බං දානසීලාදිං අප‍්පමාදෙන සම‍්පාදෙථ, දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපභෙදෙ ගහට‍්ඨවත‍්තෙ සීලානුරක‍්ඛණෙ සමථඅනුයොගෙ විපස‍්සනාභාවනාය ච අප‍්පමත‍්තා හොථ. එසා මෙ අනුසාසනීති දානසීලාදීසු න පමජ‍්ජථාති එසා මම අනුසිට‍්ඨි ඔවාදො. එවං සිඛාපත‍්තං පරහිතපටිපත‍්තිං දීපෙත්‍වා අත‍්තහිතපටිපත‍්තියාපි මත්‍ථකං ගණ‍්හන‍්තො “හන්‍දාහං පරිනිබ‍්බිස‍්සං, විප‍්පමුත‍්තොම‍්හි සබ‍්බධී”ති ආහ. තත්‍ථ විප‍්පමුත‍්තොම‍්හි සබ‍්බධීති සබ‍්බසො කිලෙසෙහි භවෙහි ච විප‍්පමුත‍්තො අම‍්හි, තස‍්මා එකංසෙන පරිනිබ‍්බායිස‍්සාමීති.

මෙසේ වදාළ තෙරුන් වහන්සේ, තම පිරිනිවන් පාන කාලය පැමිණි බව දැක ඉතා සංක්‍ෂිප්තව ඔවුන්ට අවවාද කරමින් පිරිනිවණ පිළිබඳව පවසමින් මේ අවසාන ගාථාව දෙසූහ. එහි “සම්පදාථෙ ප්පමාදෙන” යනු සම්පාදනය කරගත යුතු දාන සීලාදිය අප්‍රමාදීව සම්පාදනය කරවු. මෙලෝ පරලෝ ප්‍රභේද ඇති ගිහි පැවිදි කටයුතු වලද සිල් රැකීමෙහි ද සමථ හා විදසුන් භාවනා වැඩීමෙහි ද අප්‍රමාදීවවු. “එසා මෙ අනුසාසතී”, “දාන සීලාදියෙහි අප්‍රමාදීව යෙදෙවු”, යන මාගේ අවවාදයේ ස්ථිරව පිහිටා හික්මෙන්නාවූ නුඹලා මා මෙන් ගිනි සිළුවක් මෙන් පරාර්ථ චර්යාවේ නියැලී ලොව බබුළුවා, ආත්මාර්ථ ප්‍රතිපත්තියේ ද මස්තකප්‍රාප්තවවු, යි පවසනු සඳහා “මම ඒකාන්තයෙන් පිරිනිවෙන්නෙමි. මම සියලු භවයන් කෙරෙන් මිදුනෙමි”යි වදාළහ. සර්වප්‍රකාරයෙන්ම කෙලෙසුන් ගෙන් ද භවයන්ගෙන් ද මිදුනෙමි. එනිසා ඒකාන්තයෙන්ම පිරිනිවන් පාන්නෙමි.

එවං පන වත්‍වා ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසින‍්නො තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා පජ‍්ජලන‍්තො අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි.

මෙසේ වදාළ තෙරුන් වහන්සේ, අහසේ පළක් බැඳගත් සේක. තේජෝ ධාතුවට සමවැද දිළිසෙමින් අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළසේක.

ඛදිරවනියරෙවතත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඛදිරවණීය රේවත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.