යෙදුමෙන් කියවන්න

ගොදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ගොදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

ගෝදත්ත ස්ථවිරගාථා වර්ණනාව

යථාපි භද‍්දොතිආදිකා ආයස‍්මතො ගොදත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං සත්‍ථවාහකුලෙ නිබ‍්බත‍්තො. ගොදත‍්තොති නාමෙන වයප‍්පත‍්තො පිතරි කාලඞ‍්කතෙ කුටුම‍්බං සණ‍්ඨපෙන‍්තො පඤ‍්චහි සකටසතෙහි භණ‍්ඩං ආදාය අපරාපරං සඤ‍්චරිත්‍වා වාණිජ‍්ජෙන ජීවිකං කප‍්පෙති යථාවිභවං පුඤ‍්ඤානිපි කරොති. සො එකදිවසං අන‍්තරාමග‍්ගෙ ධුරෙ යුත‍්තගොණෙ වහිතුං අසක‍්කොන‍්තෙ පතිතෙ මනුස‍්සෙසු තං වුට‍්ඨාපෙතුං අසක‍්කොන‍්තෙසු සයමෙව ගන‍්ත්‍වා තං නඞ‍්ගුට‍්ඨෙ ගාළ‍්හං විජ‍්ඣි. ගොණො “අයං අසප‍්පුරිසො මම බලාබලං අජානන‍්තො ගාළ‍්හං විජ‍්ඣතී”ති කුද‍්ධො මනුස‍්සවාචාය, “භො ගොදත‍්ත, අහං එත‍්තකං කාලං අත‍්තනො බලං අනිගුහන‍්තො තුය‍්හං භාරං වහිං, අජ‍්ජ පන අසමත්‍ථභාවෙන පතිතං මං අතිවිය බාධසි, හොතු, ඉතො චවිත්‍වා නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ තං බාධෙතුං සමත්‍ථො පටිසත‍්තු භවෙය්‍ය”න‍්ති පත්‍ථනානුරූපෙන අක‍්කොසි. තං සුත්‍වා ගොදත‍්තො “එවං නාම සත‍්තෙ බාධෙත්‍වා කිං ඉමාය ජීවිකායා”ති සංවෙගජාතො සබ‍්බං විභවං පහාය අඤ‍්ඤතරස‍්ස මහාථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පත්‍වා සමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තො එකදිවසං අත‍්තනො සන‍්තිකං උපගතානං ගහට‍්ඨපබ‍්බජිතානං අරියගණානං ලොකධම‍්මෙ ආරබ‍්භ ධම‍්මං කථෙන‍්තො –

“යථාපි භද්දෙ” යනු ආයුෂ්මත් ගෝදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් දහම් රැස්කරමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණිය. හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර සත්ත්‍වාහක කුලයේ ඉපිද “ගෝදත්ත” නමින් වැඩිවියට පත්විය. පියා කළුරිය කළ කල්හි, පවුල ආරක්‍ෂා කරමින් පන්සීයයක් ගැල්වලින් බඩු රැගෙන ඒ ඒ තැන හැසිර වෙළඳාමෙන් දිවිගෙවූ ගෝදත්ත පොහොසත්කම අනුව පින් ද කළේය. දිනක් අතරමඟදී ගැලේ වියෙහි යෙදූ ගොනෙකු, එය ඉසිලීමට අසමත් ව වැටුණේය. මිනිස්සු උත්සාහ කළත් ඌ නැගිටුවීම ඉතා අපහසු විය. එතැනට ගිය ගෝදත්ත ගොනාගේ වලිගය අල්ලා දැඩිසේ විද්දේය. ගොනා “මේ අසත්පුරුෂයා මගේ බල දුබලතා නොදැන දැඩිව හිංසා කළේය”යි කිපී මිනිස් බසින් “එම්බා ගෝදත්තය, මම මෙපමණ කලක් තමාගේ බලය නොපිරිහවාගෙන නුඹගේ බර ඉසුලුවෙමි. අද අසමර්ථ බව නිසා වැටුනෙමි. ඒ මට නුඹ දැඩිසේ හිංසා කළෙහිය. වේවා, මෙයින් මම මැරීගොස් උපනුපන් ආත්ම භාවයේදී නුඹට පීඩා කිරීමට සමත් සතුරෙක් වේවා”යි ප්‍රාර්ථනා කරන ලෙසින් කෑගෑවේය. එය ඇසූ “ගෝදත්ත මෙබඳුවූ සත්ත්‍වයෙකුට හිංසා කළ මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද?” යි සංවේගයට පත්ව, සියලු සම්පත් හැරදමා එක්තරා මහතෙර නමක් සමීපයේ පැවිදිව විදසුන් කමටහන වඩා නොබෝ දිනකින්ම අරහත් ඵලය ලැබ සමවත් සුවයෙන් කල්යැවීය. දිනක් ගෝදත්ත තෙරණුවෝ තමා සමීපයට පැමිණි ගිහි පැවිදි පිරිසට ලෝක ස්වභාව ධර්මයෙන් අරභයා දහම් දෙසමින් මේ ගාථා වදාළසේක.

“යථාපි භද‍්දො ආජඤ‍්ඤො, ධුරෙ යුත‍්තො ධුරස‍්සහො; මථිතො අතිභාරෙන, සංයුගං නාතිවත‍්තති.

“යථාපි භද්දො ආජඤ්ඤො ධුරෙ යුත්තො ධුරාසහො, මථිතො අතිභාරෙන සංයුගං නාතිවත්තති,”

“එවං පඤ‍්ඤාය යෙ තිත‍්තා, සමුද‍්දො වාරිනා යථා; න පරෙ අතිමඤ‍්ඤන‍්ති, අරියධම‍්මොව පාණිනං.

“එවං පඤ්ඤාය යෙ තිත්තා සමුද්දො වාරිනා යථා, න පරෙ අති මඤ්ඤන්ති, අරියධම්මොව පාණිනං”

“කාලෙ කාලවසං පත‍්තා, භවාභවවසං ගතා; නරා දුක‍්ඛං නිගච‍්ඡන‍්ති, තෙධ සොචන‍්ති මාණවා.

“කාලෙ කාලවසං පත්තා භවාභවවසං ගතා, නරා දුක්ඛං නිගච්ඡන්ති, තෙධ සොචන්ති මානවා”

“උන‍්නතා සුඛධම‍්මෙන, දුක‍්ඛධම‍්මෙන චොනතා; ද‍්වයෙන බාලා හඤ‍්ඤන‍්ති, යථාභූතං අදස‍්සිනො.

“උන්නතා සුඛධම්මෙන දුක්ඛධම්මෙන වොනතා, ද්වයෙන බාලා හඤ්ඤන්ති යථාභූතං අදස්සිනො”

“යෙ ච දුක‍්ඛෙ සුඛස‍්මිඤ‍්ච, මජ‍්ඣෙ සිබ‍්බිනිමච‍්චගූ; ඨිතා තෙ ඉන්‍දඛීලොව, න තෙ උන‍්නතඔනතා.

“යෙච දුක්ඛෙ සුඛස්මිඤ්ච මජ්ඣෙ සිබ්බනිමච්චගූ, ඨීතා තෙ ඉන්‍ද්‍රඛීලොව, න තෙ උන්නතඔනතා”

“න හෙව ලාභෙ නාලාභෙ, න යසෙ න ච කිත‍්තියා; න නින්‍දායං පසංසාය, න තෙ දුක‍්ඛෙ සුඛම‍්හි ච.

“නහෙව ලාභෙ නාලාභෙ අයසෙ න ච කිත්තියා, න නින්‍දායං පසංසාය නතෙ දුක්ඛෙ සුඛම්හි ච”

“සබ‍්බත්‍ථ තෙ න ලිම‍්පන‍්ති, උදබින්‍දුව පොක‍්ඛරෙ; සබ‍්බත්‍ථ සුඛිතා ධීරා, සබ‍්බත්‍ථ අපරාජිතා.

“සබ්බත්‍ථ තෙ න ලිප්පන්ති උදබින්‍දුව පොක්ඛරෙ, සබ්බත්‍ථ සුඛිතා වීරා සබ්බත්‍ථ අපරාජිතා”

“ධම‍්මෙන ච අලාභො යො, යො ච ලාභො අධම‍්මිකො; අලාභො ධම‍්මිකො සෙය්‍යො, යඤ‍්චෙ ලාභො අධම‍්මිකො.

“ධම්මෙනච අලාභො යො යො ච ලාභො අධම්මිකො, අලාභො ධම්මිකො සෙය්‍යො යං චෙ ලාභො අධම්මිකො”

“යසො ච අප‍්පබුද‍්ධීනං, විඤ‍්ඤූනං අයසො ච යො; අයසොව සෙය්‍යො විඤ‍්ඤූනං, න යසො අප‍්පබුද‍්ධිනං.

“යසො ච අප්පබුද්ධීනං විඤ්ඤූනං අයසො ච යො, අයසොච සෙය්‍යො විඤ්ඤූනං න යසො අප්පබුද්ධීනං”

“දුම‍්මෙධෙහි පසංසා ච, විඤ‍්ඤූහි ගරහා ච යා; ගරහාව සෙය්‍යො විඤ‍්ඤූහි, යඤ‍්චෙ බාලප‍්පසංසනා.

“දුම්මෙධෙහි පසංසා ච විඤ්ඤූහි ගරහා ච යා, ගරහාව සෙය්‍යො විඤ්ඤූහි යං චෙ බාලප්පසංසනා”

“සුඛඤ‍්ච කාමමයිකං, දුක‍්ඛඤ‍්ච පවිවෙකියං; පවිවෙකදුක‍්ඛං සෙය්‍යො, යඤ‍්චෙ කාමමයං සුඛං.

“සුඛඤ්ච කාමමයිකං දුක්ඛඤ්ච පවිවෙකියං, පවිවෙකියං දුක්ඛං සෙය්‍යා යඤ්චෙ කාමමයං සුඛං”

“ජීවිතඤ‍්ච අධම‍්මෙන, ධම‍්මෙන මරණඤ‍්ච යං; මරණං ධම‍්මිකං සෙය්‍යො, යඤ‍්චෙ ජීවෙ අධම‍්මිකං.

“ජීවිතඤ්ච අධම්මෙන ධම්මෙන මරණං ච යං, මරණං ධම්මිකං සෙය්‍යො යඤ්චෙ ජීවෙ අධම්මිකං”

“කාමකොපප‍්පහීනා යෙ, සන‍්තචිත‍්තා භවාභවෙ; චරන‍්ති ලොකෙ අසිතා, නත්‍ථි තෙසං පියාපියං.

“කාමකොපපහීණා යෙ සන්තචිත්තා භවාභවෙ, චරන්ති ලොකෙ අසිතා, නත්‍ථි තෙසං පියාප්පියං”

“භාවයිත්‍වාන බොජ‍්ඣඞ‍්ගෙ, ඉන්‍ද්‍රියානි බලානි ච; පප‍්පුය්‍ය පරමං සන‍්තිං, පරිනිබ‍්බන‍්තිනාසවා”ති. – ඉමා ගාථා අභාසි;

“භාවයිත්‍වාන බොජ්ඣඞ්ගෙ ඉන්‍ද්‍රියානි බලානි ච, පප්පුය්‍ය පරමං සන්තිං පරිනිබ්බන්ති අනාසවා” තී.

තත්‍ථ ආජඤ‍්ඤොති, උසභාජානීයො. ධුරෙ යුත‍්තොති, සකටධුරෙ යොජිතො. ධුරස‍්සහොති, ධුරවාහො. ගාථාසුඛත්‍ථඤ‍්චෙත්‍ථ ද‍්විසකාරතො නිද‍්දෙසො කතො, සකටභාරං වහිතුං සමත්‍ථොති අත්‍ථො. මථිතො අතිභාරෙනාති, අතිභාරෙන ගරුභාරෙන පීළිතො. “මද‍්දිතො”තිපි පාළි, සො එවත්‍ථො. සංයුගන‍්ති, අත‍්තනො ඛන්‍ධෙ ඨපිතං යුගං නාතිවත‍්තති න අතික‍්කාමෙති, සම‍්මා යො උද‍්ධරිත්‍වා ධුරං ඡඩ‍්ඩෙත්‍වා න තිට‍්ඨති. එවන‍්ති යථා සො ධොරය‍්හො අත‍්තනො භද්‍රාජානීයතාය අත‍්තනො ධීරවීරතාය අත‍්තනො භාරං නාතිවත‍්තති න පරිච‍්චජති, එවං යෙ වාරිනා විය මහාසමුද‍්දො ලොකියලොකුත‍්තරාය පඤ‍්ඤාය තිත‍්තා ධාතා පරිපුණ‍්ණා, තෙ පරෙ නිහීනපඤ‍්ඤෙ න අතිමඤ‍්ඤන‍්ති, න පරිභවන‍්ති. තත්‍ථ කාරණමාහ “අරියධම‍්මොව පාණින”න‍්ති, පාණිනං සත‍්තෙසු අයං අරියානං ධම‍්මො යදිදං තෙසං පඤ‍්ඤාය පාරිපූරිං ගතත‍්තා ලාභාදිනා අත‍්තානුක‍්කංසනං විය අලාභාදිනා පරෙසං අවම‍්භනං.

එහි “ආජඤ්ඤො” යනු ආජානෙය්‍ය වෘෂභයා “ධුරෙ යුත්තො” ගැලෙහි වියදණ්ඩෙහි යොදනලද “ධුරාසහො” රියබර උසුලන, ගාථාව සුඛෝච්චාරණය කරනු පිණිස මෙහි ඊ කාරය දීර්ඝ කර යොදන ලදි. කරත්ත බර ඉසිලීමට සමත් යන අර්ථයයි. “මථිතො අතිභාරෙන” මහාබරින්, ගරුභාවයෙන් මැඬී, “මද්දිතො” යන පාඨය ද යෙදේ. එහි ද එම අර්ථය මය. “සංයුගං” තමාගේ කඳෙහි, යෙදූ ස්ථානයෙහි සිටින වියදණ්ඩ නොඉක්මවන, කෑ තණ වමාරා කමින් වියදණ්ඩ හැරදමා නොසිටියි. “එවං” ඒ වියදණ්ඩෙහි යෙදූ ගවයා; තමා භද්‍රවූ ආජානෙය්‍ය වෘෂභයකු බැවින් ද, තමාගේ ධීරවීරතාවයෙන් ද තමාගේ බර නො ඉක්මවා අත් නොහැර සිටින්නාක් මෙන්, යමෙක් මහමුහුද ජලය ලැබීමෙන් තෘප්තිමත් වන්නාක් මෙන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන් සතුටුවෙමින්, එය දරමින්, ඉන් පිරිපුන් වූවාහු ද; ඔවුහු හීන වූ ප්‍රඥා ඇති නිහීනයන් ඉක්මවා නොසිතති. පරිභව නොකරති. “ඊට හේතු මෙසේ දක්වයි. “අරියධම්මො ච පාණිනං” මේ සත්ත්‍වයන් අතර ඇති ආර්ය ධර්මයකි. ඒ ප්‍රඥාවේ පරතෙරට ගිය බැවින් ලාභලෝභාදියෙන් තමා උසස් කර, නොලැබීම් ආදියෙන් අනුන්ට අවමන් නොකරයි ද එය ආර්ය ධර්මයකි.

එවං පඤ‍්ඤාපාරිපූරියා අරියානං සුඛවිහාරං දස‍්සෙත්‍වා තදභාවතො අනරියානං දුක‍්ඛවිහාරං දස‍්සෙතුං “කාලෙ”තිආදි වුත‍්තං. තත්‍ථ කාලෙති ලාභාලාභාදිනා සමඞ‍්ගීභූතකාලෙ. කාලවසං පත‍්තාති ලාභාදිකාලස‍්ස ච වසං උපගතා, ලාභාදිනා සොමනස‍්සිතා අලාභාදිනා ච දොමනස‍්සිතාති අත්‍ථො. භවාභවවසං ගතාති භවස‍්ස අභවස‍්ස ච වසං උපගතා වුද‍්ධිහානියො අනුවත‍්තන‍්තා තෙ. නරා දුක‍්ඛං නිගච‍්ඡන‍්ති, තෙධ සොචන‍්ති මාණවාති තෙ නරා “මාණවා”ති ලද‍්ධනාමා සත‍්තා ලාභාලාභාදිවසෙන වුද‍්ධිහානිවසෙන අනුරොධපටිවිරොධං ආපන‍්නා ඉධලොකෙ සොචන‍්ති, පරලොකෙ ච නිරයාදිදුක‍්ඛං ගච‍්ඡන‍්ති පාපුණන‍්තීති අත්‍ථො.

මෙසේ ප්‍රඥාවේ පරතෙරට පත්, ආර්ය සුඛවිහරණ ය දක්වා අනතුරුව, ඉන් බැහැර වූ අනාර්ය දුක්ඛ විහරණය පිළිබඳව දැක්වීමට “කාලෙ” යන ගාථාව පැවසූහ. එහි “කාලෙ” ලාභ, අලාභයන්ගෙන් යුක්ත කාලයෙහි. “කාලවසං පත්තා” ලාභාදිය ලැබෙන කාලයේ මරු වසඟයට ගොස් ලාභාදියෙන් සොම්නස් වේ. අලාභාදියෙන් දොම්නස් වේ. “භවාභව වසංගතා” ඔවුහු වීම්, නොවීම් වසඟයට ගියාහු, වෘද්ධි හානියට පැමිණියාහු වෙති. “නරා දුක්ඛං නිගච්ඡන්ති, තෙධ සොචන්ති මානවා” ඒ මිනිස්සු, නරයෝ මානවයෝ යැයි නම් ලද සත්ත්‍වයෝ; ලාභ අලාභ ආදී වශයෙන්ද වෘද්ධි පරිහානි වශයෙන් ද අනුකූලත්‍වයට ද විරෝධයට ද පැමිණියා හු මෙලොවදීත් පරලොවදීත් නිරයාදියෙහිත් දුකට යති, පැමිණෙති. යන අර්ථයයි.

“උන‍්නතා”තිආදිනාපි ලොකධම‍්මවසෙන සත‍්තානං අනත්‍ථප‍්පත‍්තිමෙව දස‍්සෙති. තත්‍ථ උන‍්නතා සුඛධම‍්මෙනාති සුඛහෙතුනා සුඛපච‍්චයෙන භොගසම‍්පත‍්තිආදිනා උන‍්නතිං ගතා, භොගමදාදිනා මත‍්තාති අත්‍ථො. දුක‍්ඛධම‍්මෙන චොනතාති දුක‍්ඛහෙතුනා දුක‍්ඛපච‍්චයෙන භොගවිපත‍්තිආදිනා නිහීනතං ගතා දාලිද‍්දියාදිනා කාපඤ‍්ඤතං පත‍්තා. ද‍්වයෙනාති යථාවුත‍්තෙන උන‍්නතිඔනතිද‍්වයෙන ලාභාලාභාදිද‍්වයෙන වා බාලපුථුජ‍්ජනා හඤ‍්ඤන‍්ති, අනුරොධපටිවිරොධවසෙන විබාධීයන‍්ති පීළියන‍්ති. කස‍්මා? යථාභූතං අදස‍්සිනො යස‍්මා තෙ ධම‍්මසභාවං යාථාවතො නබ‍්භඤ‍්ඤංසු, පරිඤ‍්ඤාතක‍්ඛන්‍ධා පහීනකිලෙසා ච න හොන‍්ති, තස‍්මාති අත්‍ථො. “යථාභූතං අදස‍්සනා”තිපි පඨන‍්ති, අදස‍්සනහෙතූති අත්‍ථො. යෙ ච දුක‍්ඛෙ සුඛස‍්මිඤ‍්ච, මජ‍්ඣෙ සිබ‍්බිනිමච‍්චගූති යෙ පන අරියා දුක‍්ඛවෙදනාය සුඛවෙදනාය මජ‍්ඣත‍්තතාවෙදනාය ච තප‍්පටිබද‍්ධං ඡන්‍දරාගභූතං සිබ‍්බිනිං තණ‍්හං අග‍්ගමග‍්ගාධිගමෙන අච‍්චගූ අතික‍්කමිංසු, තෙ ඉන්‍දඛීලො විය වාතෙහි ලොකධම‍්මෙහි අසම‍්පකම‍්පියා ඨිතා, න තෙ උන‍්නතඔනතා, කදාචිපි උන‍්නතා වා ඔනතා වා න හොන‍්ති සබ‍්බසො අනුනයපටිඝාභාවතො.

“උන්නතා” යන ගාථාවෙන් ද ලෝකධර්ම වශයෙන් සත්ත්‍වයන්ගේ අනර්ථයට පැමිණීමම දක්වයි. එහි “උන්නතා සුඛධම්මෙනා” සැප හේතුවෙන්, සුඛ ප්‍රත්‍යයෙන් භවභෝග සම්පත් ආදියෙන් උන්නතියට, මානයට ගියාහු; “භෝගම දාදියෙන් මත්වූවාහු” යන අර්ථයයි. “දුක්‍ඛධම්මෙන චොනතා” දුක් හේතුවෙන්, දුක් ප්‍රත්‍යයෙන්, භෝගවිපත්ති ආදියෙන් නිහීන බවට ගියාහු. දිළිඳුවීමෙන් නින්දිත, පිරිහෙන තත්ත්‍වයට පැමිණියාහු. “ද්වයෙන” ඉහතින් දැක්වූ පරිදි ඉහළ නැගීම්, පහත වැටීම් වශයෙන් ද ලාභ අලාභ වශයෙන් ද බාල පුහුදුන් මෝඩ පුද්ගලයෝ නැසෙති. අනුකූලත්‍ව, විරෝධ දැක්වීම් ආදියෙන් බාධාවෙති. පෙළෙති. කුමක් නිසාද? තත්ත්‍වාකාරයෙන් ලෝකස්වභාවය නොදකින බැවිනි. ඔවුහු ධර්ම ස්වභාවය තත්ත්‍වාකාරයෙන් අවබෝධ කර නොගන්නා තාක්, පිරිසිඳ දතයුතු බව හෙවත් පරිඤ්ඤාත ස්කන්‍ධය ද කෙලෙස් ප්‍රහීණ කිරීම ද නොලබන හෙයිනි. “යථාභූතං අදස්සනා” යන පාඨය ද යෙදේ. “නොදකින හෙයින්” යන අර්ථයයි. “යෙ ච දුක්ඛෙ සුඛස්මිඤ්ච මජ්ඣෙ සිබ්බනිමච්චගූ” ආර්ය පුද්ගලයෝ දුක්වේදනාවෙහිත්, සැප වේදනාවෙහිත්, මැදහත් වේදනාවෙහිත්; ඒ වේදනාව සමග ප්‍රතිබද්ධ වූ ආශාව, තණ්හාව යන මුල හේතුව ආර්ය මාර්ගාධිගමයෙන් ඉක්මවූහ. නැති කළහ. එනිසා ඔවුහු සුළඟින් නො සැලී සිටින ඉන්‍ද්‍රඛීලයන් මෙන් ලෝක ධර්මයන්ගෙන් නොසැලී, අකම්පිතව සිටිති. ඔවුහු උඩඟු උන්නත බවට ද හීන අවනතියට ද කිසිකලෙකත් නොපැමිණෙති. සර්වප්‍රකාරයෙන් ම මිත්‍ර බව තරහ නැතිකළ බැවිනි.

එවං වෙදනාධිට‍්ඨානං අරහතො අනුපලෙපං දස‍්සෙත්‍වා ඉදානි ලොකධම‍්මෙ විභජිත්‍වා සබ‍්බත්‍ථකමෙවස‍්ස අනුපලෙපං දස‍්සෙන‍්තො “න හෙවා”තිආදිමාහ. තත්‍ථ ලාභෙති චීවරාදීනං පච‍්චයානං පටිලාභෙ. අලාභෙති තෙසංයෙව අප‍්පටිලාභෙ අපගමෙ. න යසෙති පරිවාරහානියං අකිත‍්තියඤ‍්ච. කිත‍්තියාති පරම‍්මුඛා කිත‍්තනෙ පත්‍ථටයසතායං. නින්‍දායන‍්ති සම‍්මුඛා ගරහායං. පසංසායන‍්ති, පච‍්චක‍්ඛතො ගුණාභිත්‍ථවනෙ. දුක‍්ඛෙති දුක‍්ඛෙ උප‍්පන‍්නෙ. සුඛෙති එත්‍ථාපි එසෙව නයො.

මෙසේ වේදනාධිෂ්ඨානයෙන් රහතන් වහන්සේගේ නො ඇලීම දක්වා, අනතුරුව ලෝකධර්මයන් බෙදා දක්වමින්, ඒ සෑම තැනක ම නොඇලෙන බව දක්වමින්, “නහෙව” යන ගාථාව වදාළ. එහි “ලාභෙ” චීවරාදී සිවුපසය ලැබීමෙහි. “අලාභෙ” ඒ සිවුපස ආදිය නොලැබීමෙහි, “අයසෙ” පිරිවර හානිවීම, “කිත්තියා” ඉදිරියේ සිට ගුණ පැවසීම් වශයෙන් පැතිරුණු කීර්ති ඇති, “නින්‍දායං” ඉදිරියේ සිට ගැරහීම, “පසංසාය” ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ම ඇති ගුණ වර්ණනා කිරීම, “දුක්ඛෙ” දුක උපන් කල්හි, “සුඛෙ” මෙහි ද මෙම න්‍යායමයි.

සබ‍්බත්‍ථාති සබ‍්බස‍්මිං යථාවුත‍්තෙ අට‍්ඨවිධෙපි ලොකධම‍්මෙ, සබ‍්බත්‍ථ වා රූපාදිකෙ විසයෙ තෙ ඛීණාසවා න ලිම‍්පන‍්ති සබ‍්බසො පහීනකිලෙසත‍්තා. යථා කිං? උදබින්‍දුව පොක‍්ඛරෙ යථා කමලදලෙ ජලබින්‍දු අල‍්ලීයිත්‍වා ඨිතම‍්පි තෙන න ලිම‍්පති, ජලබින්‍දුනා ච කමලදලං, අඤ‍්ඤදත්‍ථු විසංසට‍්ඨමෙව, එවමෙතෙපි උපට‍්ඨිතෙ ලාභාදිකෙ, ආපාථගතෙ රූපාදිආරම‍්මණෙ ච විසංසට‍්ඨා එවං. තතො එව ධීරා පණ‍්ඩිතා සබ‍්බත්‍ථ ලාභාදීසු ඤාණමුඛෙන පියනිමිත‍්තානං සොකාදීනඤ‍්ච අභාවතො සුඛිතා ලාභාදීහි ච අනභිභවනීයතො සබ‍්බත්‍ථ අපරාජිතාව හොන‍්ති.

සෑමතැනකම ඉහත දැක්වූ අට වැදෑරුම් ලෝක ධර්මයන් හි හෝ රූපාදී පංචාරම්මණයන් හි ඒ රහතන් වහන්සේලා නො ඇලෙති. සර්වප්‍රකාරයෙන් ම සෑම ක්ලේශයක් ම සිඳදැමූ බැවිනි. ඒ කෙසේ ද? නෙළුම් පතෙහි දිය මෙනි. නෙළුම් කොළයේ ජල බිඳු නො ඇලී සිටින්නාක් මෙන් රහත්හු කාම ලෝක සම්පත්වල නො ඇලී සිටිති. නෙළුම් පතේ දිය මෙන් ඒකාන්තයෙන් සැප සම්පත්වලින් වෙන් ව සිටිති. මෙසේ රහතන් වහන්සේලාට ද ලාභාලාභ ආදී අටලෝදහම් පැමිණි විට ද රූපශබ්දා දී පංචාරම්මණ සිතට යොමු වූ විට ද ඉන් වෙන් ව සිටිති. එනිසා ම ඒ නුවණැති ධීරයෝ සෑමතැන්හි ලාභාදියෙහි ඤාණ සුඛයෙන් ද ප්‍රිය නිමිතිවල ශෝකාදිය නොමැතිවීමෙන් ද සුවපත් වූ සැපවිඳින්නෝ වෙති. ඔවුහු අභිභවනය, මැඬලිය නොහැකි හෙයින් සෑමතැන්හිම අපරාජිතයෝ ම වෙති.

ඉදානි ලාභාලාභාදීසු සෙය්‍යං නිද‍්ධාරෙත්‍වා දස‍්සෙන‍්තො “ධම‍්මෙනා”තිආදිමාහ. තත්‍ථ ධම‍්මෙන ච අලාභො යොති යො ධම‍්මං රක‍්ඛන‍්තස‍්ස තංනිමිත‍්තං අලාභො ලාභාභාවො, ලාභහානි. යො ච ලාභො අධම‍්මිකො අධම‍්මෙන අඤ‍්ඤායෙන බුද‍්ධපටිකුට‍්ඨෙන විධිනා උප‍්පන‍්නො, තෙසු ද‍්වීසු අලාභො ධම‍්මිකො ධම‍්මාවහො සෙය්‍යො, යාදිසං ලාභං පරිවජ‍්ජන‍්තස‍්ස අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, තාදිසො අලාභො පාසංසතරො අත්‍ථාවහො. යඤ‍්චෙ ලාභො අධම‍්මිකොති යො ලාභො අධම‍්මෙන උප‍්පන‍්නො, සො න සෙය්‍යොති අධිප‍්පායො.

දැන් ලාභාලාභාදියෙහි ශ්‍රේෂ්ඨ බව වෙන්කර දක්වමින් “ධම්මෙන” යනාදිය පවසති. එහි “ධම්මෙනච අලාභො යො” නුවණින් කල්පනා කර දහම් රක්‍ෂා කරන්නාට, ඒ නිමිති කරගෙන අලාභයක්, ලාභයන්ගේ අභාවයක්, ලාභයන්ගේ පිරිහීමක් වේද, එය අධාර්මිකව, අදැහැමිව, නුසුදුසු බුදුරදුන් අගය නොකළ අයුරකින් උපන්නා වූ යම් ලාභයක් වේද, එයට වඩා ධාර්මිකව, යහපත්ව, සිදු වූ අලාභය ඉතා උතුම්ය. යම් ලාභයක් දුරුකරන්නාගේ, වර්ජනය කරන්නාගේ අකුසල දහම් පිරිහී, කුසල් දහම් වැඩේ ද එබඳු දෙයකින් සිදුවන අලාභය යහපත ගෙන දේ. නුවණැත්තෝ පසසති. අර්ථවත්ය. “යඤ්චෙ ලාභො අධම්මිකො” යම් ලාභයක් අධාර්මිකව උපන්නේ නම් එය ශ්‍රේෂ්ඨ නොවේ යන අදහසයි.

යසො ච අප‍්පබුද‍්ධීනං, විඤ‍්ඤූනං අයසො ච යොති යො අප‍්පබුද‍්ධීනං දුප‍්පඤ‍්ඤානං වසෙන පුග‍්ගලස‍්ස යසො ලබ‍්භති, යො ච විඤ‍්ඤූනං පණ‍්ඩිතානං වසෙන අයසො යසහානි. ඉමෙසු ද‍්වීසු අයසොව සෙය්‍යො විඤ‍්ඤූනං. තෙ හිස‍්ස යථා අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවං යසහානිං ඉච‍්ඡෙය්‍යුං, තථා ච භබ‍්බජාතිකො තං අගුණං පහාය ගුණෙ පතිට‍්ඨෙය්‍ය. න යසො අප‍්පබුද‍්ධීනන‍්ති දුප‍්පඤ‍්ඤානං වසෙන යසො සෙය්‍යො හොති, තෙ හි අභූතගුණාභිබ්‍යාහාරවසෙනාපි නං උප‍්පාදෙය්‍යුං, සො චස‍්ස ඉධ චෙව විඤ‍්ඤූගරහාදිනා සම‍්පරායෙ ච දුග‍්ගතියං දුක‍්ඛපරික‍්කිලෙසාදිනා අනත්‍ථාවහො. තෙනාහ භගවා – “ලාභො සිලොකො සක‍්කාරො, මිච‍්ඡාලද‍්ධො ච යො යසො”ති (සු· නි· 440) “සක‍්කාරො කාපුරිසං හන‍්තී”ති (චූළව· 335; අ· නි· 4.68) ච.

“යසො ච අප්පබුද්ධීනං විඤ්ඤූනං අයසො ච යො” යම් අල්ප බුද්ධියමත්, දුෂ්ප්‍රාඥ මෝඩයන්ගේ කීර්තියක්, යසසක් වේ ද; නුවණැති පඬිවරුන්ගේ අපකීර්තියක් අයසක් වේ; මේ දෙකින් නුවණැත්තන්ගේ අයස ලැබීම ම ශ්‍රේෂ්ඨ වේ. යමෙකුගේ සිතේ අකුසල් දහම් පිරිහී කුසල් දහම් වර්ධනය වේද එබඳු වූ යසහානිය හෙවත් අයස වුවත් කැමතිවිය යුතුයි. නුවණැති පුද්ගලයා ඒ අගුණ දුරුකර ගුණයෙහි පිහිටන්නේය. “න යසො අප්පබුද්ධීනං” මෝඩ, අනුවණයන්ගේ යසස උතුම් නොවේ. ඒ මෝඩ, අසත්පුරුෂයන් විසින් තමාතුළ නොමැති (අභූත) ගුණ ප්‍රකට කිරීම් වශයෙන් උපදවා ගන්නා කීර්තිය (යසස), මෙලොවදීම නුවණැත්තන්ගේ ගැරහීමෙන් දුකට ද පරලොවදී දුගතිගාමීවීමෙන් දුක්, පිරිතැවීම්වලට ද පත්වන හෙයින් අනර්ථවත්ය. අවැඩ දායකය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේ එහෙයිනි. – “ලාභ කීර්ති ප්‍රශංසා සත්කාර ආදිය වැරදි ආකාරයෙන් ලබාගත් යමෙක් වේද ඒ නින්දිත පුරුෂයා කීර්ති සත්කාර ආදියෙන්ම නැසේ.”

දුම‍්මෙධෙහීති, නිප‍්පඤ‍්ඤෙහි. යඤ‍්චෙ බාලප‍්පසංසනාති බාලෙහි අවිද‍්දසූහි යා නාම පසංසනා.

“දුම්මෙධෙහී” මෝඩයන්, ප්‍රඥාව නැත්තන් විසින් “යඤ්චෙ බාලප්පසංසනා” බාල, අනුවණයන් විසින් කරන ප්‍රශංසාව.

කාමමයිකන‍්ති වත්‍ථුකාමමයං, කාමගුණෙ පටිච‍්ච උප‍්පන‍්නං. දුක‍්ඛඤ‍්ච පවිවෙකියන‍්ති පවිවෙකතො නිබ‍්බත‍්තං කායකිලමථවසෙන පවත‍්තං විසමාසනුපතාපාදිහෙතුකං කායිකං දුක‍්ඛං, තං පන නිරාමිසවිවට‍්ටූපනිස‍්සයතාය විඤ‍්ඤූනං පාසංසා. තෙන වුත‍්තං “පවිවෙකදුක‍්ඛං සෙය්‍යො”ති.

“කාම්මයිකං” වස්තුකාමමය වූ කාමගුණ නිසා උපදින “දුක්ඛඤ්ච පවිවෙකිය” ප්‍රකාර්ශ විවේකයෙන් හටගත් කය වෙහෙසවීම්, ක්ලාන්තවීම් වශයෙන් පවතින, විෂම ආහාරපානාදිය ගැනීමෙන් වන කායික දුක් ද නුවණැත්තෝ පසසන, අගයන් දුක්ඛයන් වේ. නිරාමිෂ වූ සසරින් මිදීම සඳහාම වූ දුක් බැවිණි. එනිසා “පවිවෙකියං දුක්ඛං සෙය්‍යො” යි කියන ලදි.

ජීවිතඤ‍්ච අධම‍්මෙනාති අධම‍්මෙන ජීවිකකප‍්පනං ජීවිතහෙතු අධම‍්මචරණං. ධම‍්මෙන මරණං නාම “ඉමං නාම පාපං අකරොන‍්තං තං මාරෙස‍්සාමී”ති කෙනචි වුත‍්තෙ මාරෙන‍්තෙපි තස‍්මිං පාපං අකත්‍වා ධම‍්මං අවිකොපෙන‍්තස‍්ස ධම‍්මහෙතුමරණං ධම‍්මිකං සෙය්‍යොති තාදිසං මරණං ධම‍්මතො අනපෙතත‍්තා ධම‍්මිකං සග‍්ගසම‍්පාපනතො නිබ‍්බානුපනිස‍්සයතො ච විඤ‍්ඤූනං පාසංසතරං. තථා හි වුත‍්තං –

“ජීවිතඤ්ච අධම්මෙන” අධාර්මිකව ජීවිතය ගෙනයාම, ජීවත්වීමට අධාර්මික කටයුතු කිරීම. “ධම්මෙන මරණං”, දැහැමින් මැරීම නම් මෙවැනි පව්කම් කරමින් ජීවත්වීමට වඩා මැරෙන්නෙමි. දැහැමින් මැරීමයි. කිසිවකු ගේ නියමයෙන් තමා මරණයට පත්වුවත් පව්කම් නොකර, ධර්මය විකෘති නොකර, දහම් නොනසා, ධර්ම හේතුවෙන් මරණයට පත්වීම ශ්‍රේෂ්ඨ වේ. එබඳු මරණය ධර්මයෙන් තොර නොවූ බැවින්, ධර්මයෙන් දිව්‍ය ලෝකයට පමුණුවන බැවින්, නිවණ උපකාරීවන බැවින් නුවණැත්තෝ අතිශයින් පසසති. ඒ සඳහා කියන ලදි.

“චජෙ ධනං අඞ‍්ගවරස‍්ස හෙතු, අඞ‍්ගං චජෙ ජීවිතං රක‍්ඛමානො; අඞ‍්ගං ධනං ජීවිතඤ‍්චාපි සබ‍්බං, චජෙ නරො ධම‍්මමනුස‍්සරන‍්තො”ති. (ජා· 2.21.470);

“ධනංඤ්චජෙ යො පන අංගහේතු, අංගං චජෙ ජීවිතං රක්ඛමානො, අංගං ධනං ජීවිතං චාපි සබ්බං, චජෙ නරො ධම්මමනුස්සරන්තො”

යමෙක් ශරීරයේ අංග ප්‍රත්‍යංග රැකගැනීමට ධනය අත්හරින්නේය. ශරීරාංග හැරදමා ජීවිතය රැකගන්නේ ය. ධර්මය සිහිකරන පුද්ගලයා ඒ ධර්ම නිසා සිය ධනය, අංග, ජීවිතය යන සියල්ලම අත්හරින්නේය.

යඤ‍්චෙ ජීවෙ අධම‍්මිකන‍්ති පුරිසො යං ධම‍්මතො අපෙතං ජීවිකං ජීවෙය්‍ය, තං න සෙවෙය්‍ය විඤ‍්ඤූහි ගරහිතත‍්තා අපායසම‍්පාපනතො චාති අධිප‍්පායො.

“යඤ්චෙ ජීවෙ අධම්මියං”, යම් පුරුෂයෙක් ධර්මයෙන් වෙන්ව ජීවිතය ගෙනයන්නේ නම් ඔහු ඇසුරු නොකරන්න. නුවණැත්තන්ගේ ගැරහීම ද අපායට පැමිණීම ද සිදුවන බැවිනි.

ඉදානි යථාවුත‍්තං ඛීණාසවානං අනුපලෙපං කාරණතො දස‍්සෙන‍්තො “කාමකොපපහීනා”තිආදිගාථමාහ.

දැන් ඉහත දැක්වූ පරිදි රහතන් වහන්සේලාගේ නො ඇල්මට හේතු දක්වමින් “කාමකොපපහීණා” යන ගාථාව වදාළහ.

තත්‍ථ කාමකොපපහීනාති අරියමග‍්ගෙන සබ‍්බසොව පහීනා අනුරොධපටිවිරොධා. සන‍්තචිත‍්තා භවාභවෙති ඛුද‍්දකෙ චෙව මහන‍්තෙ ච භවෙ අනවසෙසපහීනකිලෙසපරිළාහතාය වූපසන‍්තචිත‍්තා. ලොකෙති ඛන්‍ධාදිලොකෙ. අසිතාති තණ‍්හාදිට‍්ඨිනිස‍්සයවසෙන අනිස‍්සිතා. නත්‍ථි තෙසං පියාපියන‍්ති තෙසං ඛීණාසවානං කත්‍ථචි ලාභාදිකෙ රූපාදිවිසයෙ ච පියං වා අපියං වා නත්‍ථි, තංනිමිත‍්තානං කිලෙසානං සබ‍්බසො සමුච‍්ඡින‍්නත‍්තා.

එහි “කාමකොප පහීණා” යනු ආර්ය මාර්ගයෙන් සර්වප්‍රකාරයෙන් ම ප්‍රහීණ කළ ඇලීම්, ගැටීම් ඇති, ශාන්ත වූ සිත් ඇති “භවාභවෙ” ඉතා කුඩා වූ ද ඉතා මහත් වූ ද භව ප්‍රහීණ කරන ලද, කෙලෙස් පිරිනැවීමේ දාහයන් නොමැති හෙයින් සන්සුන් සිතැති “ලොකෙ” ස්කන්‍ධා දී ලෝකයෙහි “අසිතා” තණ්හා, දෘෂ්ටි ආශ්‍රය නොකරන හෙයින් අනිශ්‍රිත වූ. “නත්‍ථි තෙසං පියා ප්පියං” ඒ රහතන් වහන්සේලාගේ සිත්වල කිසිදු ලාභා දී දහමක හෝ රූපාදී අරමුණක හෝ ප්‍රිය, අප්‍රියභාවයට හේතුව කෙලෙස් ධර්ම සර්වප්‍රකාරයෙන් ම මුලිනුපුටා දැමූ බැවිනි.

ඉදානි යාය භාවනාය තෙ එවරූපා ජාතා, තං දස‍්සෙත්‍වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා දෙසනාය කූටං ගණ‍්හන‍්තො “භාවයිත්‍වානා”ති ඔසානගාථමාහ. තත්‍ථ පප‍්පුය්‍යාති, පාපුණිත්‍වා. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව. ඉමා එව ච ගාථා ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණාපි අහෙසුං.

මෙසේ “යම් භාවනාවකින්, යමක් වැඩීමෙන් ඒ ආර්යයෝ මෙබඳු ස්වරූප ඇත්තෝ වූහ”යි දක්වා, අනතුරුව දේශනාවේ කූට ප්‍රාප්තිය ගනිමින් අනුපාදිසේස නිර්වාණ ධාතුව විදහා දක්වමින් “භාවයිත්‍වාන” යන අවසන් ගාථාව වදාළහ. එහි “පප්පුය්‍ය” පැමිණ සෙසු පදයන්ගේ අර්ථ ඉහතින් විස්තර කළ පරිදිම දත යුතුයි. මෙම ගාථාවෙන් ම ගෝදත්ත තෙරුන් වහන්සේගේ රහත්බව ප්‍රකාශ කරන ගාථා ද විය.

ගොදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ගෝදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

චුද‍්දසකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

දහ හතරවෙනි නිපාතයේ ගාථා අර්ථ වර්ණනාව සමාප්තයි.