යෙදුමෙන් කියවන්න

ගොදත‍්තත්‍ථෙරගාථා

14. 1. 2.

14. 1. 2.

659. යථා’පි භද‍්දො ආජඤ‍්ඤො ධුරෙ යුත‍්තො ධුරාසහො, මථිතො අතිභාරෙන සංයුගං නාතිවත‍්තති.

659. ධුරයෙහි (වියෙහි) යොදනලද රියබර උසුලනු සමත් වූ අතිහාරයෙන් මඩනාලද භද්‍ර වූ වෘෂභරාජයෙක් යම්සේ තමාගේ වියදඬ නො ඉක්ම සිටී ද,

660. එවං පඤ‍්ඤාය යෙ තිත‍්තා සමුද‍්දො වාරිනා යථා, න පරෙ අතිමඤ‍්ඤන‍්ති අරියධම‍්මො’ව පාණිනං.

660. එපරිද්දෙන් යම් කෙනෙක් ජලයෙන් සමුද්‍රය සෙයින් ප්‍රඥායෙන් තෘප්ත වූවහු ද ඔහු අන්‍යයන්ට අවමන් නො කරත්. (මේ) සත්ත්‍වයන්ගේ ආර්‍ය්‍යධර්‍මයෙක් මැ යි.

661. කාලෙ කාලවසං පත‍්තා භවාභවවසං ගතා, නරා දුක‍්ඛං නිගච‍්ඡන‍්ති තෙධ සොචන‍්ති මානවා.

661.මිනිස්සු (ලාභාලාභාදි) කාලයෙහි කාලයාගේ වශයට පැමිණියාහු වෘද්ධිහානි වශයට ගියාහු දුකට පැමිණෙත්. ඒ මිනිස්සු මෙලෙව්හි ශෝක කරත්.

662. උන‍්නතා සුඛධම‍්මෙන දුක‍්ඛධම‍්මෙන චොනතා, ද‍්වයෙන බාලා හඤ‍්ඤන‍්ති යථාභූතං අදස‍්සිනො.

662. සුඛ හේතුයෙන් උන්නත වූ, යළි දුඃඛහේතුයෙන් අවනත වූ, ඇති සැටියෙන් නො දක්නාසුලු බාලයෝ දෙකරුණින් පෙළෙත්.

663. යෙ ච දුක‍්ඛෙ සුඛස‍්මිං ච මජ‍්ඣසිබ‍්බනිමච‍්චගූ ඨිතා තෙ ඉන්‍දඛීලො’ව න තෙ උන‍්නතඔනතා.

663. තවද යම් කෙනෙක් දුකෙහිත් සැපෙහිත් මධ්‍යස්ථයෙහිත් තෘෂ්ණාව ඉක්මගියාහු නම් ඔහු ඉන්‍ද්‍රඛීලය මෙන් නිශ්චලයහ. ඔහු උන්නතාවනත නො වෙත්.

664. නහෙව ලාභෙ නාලාභෙ අයසෙ න ච කිත‍්තියා, න නින්‍දායං පසංසාය න තෙ දුක‍්ඛෙ සුඛම‍්හි ච.

664. ඔහු ලාභයෙහි, අලාභයෙහි, අයසෙහි, කීර්තියෙහි, නින්‍දායෙහි, ප්‍රශංසායෙහි, දුකෙහි හා සුවයෙහි නො ඇලෙත් මැ යි.

665. සබ‍්බත්‍ථ තෙ න ලිප‍්පන‍්ති උදබින්‍දූව පොක‍්ඛරෙ, සබ‍්බත්‍ථ සුඛිතා ධීරා සබ‍්බත්‍ථ අපරාජිතා.

665. ඔහු පොකුරුපතැ දියබිඳු මෙන් කිසිතැනෙක නො ඇලෙත්. ප්‍රාඥයෝ හැම තැන්හි සුඛිතයහ, හැම තැන්හි අපරාජිතයහ.

666. ධම‍්මෙන ච අලාභො යො යො ච ලාභො අධම‍්මිකො, අලාභො ධම‍්මිකො සෙය්‍යො යං වෙ ලාභො අධම‍්මිකො.

666. දැහැමින් වන යම් අලාභයෙකුත් වේ නම් අන්නෑයෙන් වන යම් ලාභයෙකුත් වේ නම් (මෙදෙක අතුරින්) ඉදින් අන්නෑයෙන් වන ලාභය යමක් නම් එයට වඩා දැහැමින් වන අලාභය උතුමි.

667. යසො ච අප‍්පබුද‍්ධීනං විඤ‍්ඤූනං අයසො ච යො, අයසො’ව සෙය්‍යො විඤ‍්ඤූනං න යසො අප‍්පබුද‍්ධිනං.

667. නුවණ නැතියන්ගේ යම් යසසකුත් නුවණැතියන්ගේ යම් අයසකුත් වේ නම් (ඔවුනතුරෙහි) නුවණැතියන් ගේ අයස මැ උතුමි. නුවණ නැතියන්ගේ යසස උතුම් නො වේ.

668. දුම‍්මෙධෙහි පසංසා ච විඤ‍්ඤූහි ගරහා ච යා, ගරහා’ව සෙය්‍යො විඤ‍්ඤූහි යං චෙ බාලපසංසනා.

668. මූඪයන් විසින් කරන යම් ප්‍රශංසාවකුත් නුවණැතියන් විසින් කරන යම් ගර්‍හාවකුත් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් බාලයන් විසින් කරන ප්‍රශංසාව යමක් නම් එයට වඩා නුවණැතියන් විසින් කරන ගර්‍හාව මැ උතුමි.

669. සුඛං ච කාමමයිකං දුක‍්ඛං ච පවිවෙකියං, පවිවෙකදුක‍්ඛං සෙය්‍යො යං චෙ කාමමයං සුඛං.

669. කාමප්‍රකෘතික සුඛයෙකුත් පවිවේකයෙන් හටගත් දුඃඛයෙකුත් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් කාමප්‍රකෘතික සුඛය යමක් නම් එයට වඩා පවිවේකයෙන් හටගත් දුඃඛය උතුමි.

670. ජීවිතං ච අධම‍්මෙන ධම‍්මෙන මරණං ච යං, මරණං ධම‍්මිකං සෙය්‍යො යං චෙ ජීවෙ අධම‍්මිකං.

670. අන්නෑයෙන් දිවිරැක්ම ද දැහැමින් මරණය ද යන යමෙක් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් අන්නෑයෙන් දිවිරක්නේ යැ යන යමෙක් ඇත් ද (එයට වඩා) දැහැමින් මරණය ශ්‍රේෂ්ඨ යි.

671. කාමකොපප‍්පහීනා යෙ සන‍්තචිත‍්තා භවාභවෙ, චරන‍්ති ලොකෙ අසිතා නත්‍ථි තෙසං පියාප‍්පියං.

671. කාමකෝප ප්‍රහීණ වූ යම් කෙනෙක් කුදුමහත් භවයෙහි සන්හුන් සිත් ඇති වැ ලෝකයෙහි අනිශ්‍රිත වැ හැසිරෙත් නම් ඔවුන්ට ප්‍රියාප්‍රිය දැයෙක් නැති.

672. භාවයිත්‍වාන බොජ‍්ඣඞ‍්ගෙ ඉන්‍ද්‍රියානි බලානි ච, පප‍්පුය්‍ය පරමං සන‍්තිං පරිනිබ‍්බන‍්ත්‍යනාසවා’ති.

672. බෝධ්‍යඞ්ගයන් ද ඉන්‍ද්‍රියයන් ද බලධර්‍මයන් ද වඩා පරමශාන්තියට පැමිණ රහත්හු පිරිනිවෙති’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගොදත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් ගෝදත්ත ස්ථවිරයන් වහන්සේ ...

ගොදත‍්තත්‍ථෙරගාථා.

ගෝදත්ත ස්ථවිරගාථා යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

රෙවතො චෙව ගොදත‍්තො ථෙරා ද‍්වෙ තෙ මහිද‍්ධිකා, චුද‍්දසම‍්හි නිපාතම‍්හි ගාථායො අට‍්ඨවීසතී’ති.

තුදුස් වැනි නිපාතයෙහි ‘රේවත’ ද ‘ගෝදත්ත’ දැ යි ඒ මහත් ඍද්ධි ඇති තෙරවරු දෙදෙනෙකි. ගාථා අටවිස්සෙකි.

චුද‍්දසනිපාතො නිට‍්ඨිතො.

චුද්දසනිපාතය නිමි.