යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤාකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරගාථා

16. 1. 1.

16. 1. 1.

673. එස භිය්‍යො පසීදාමි සුත්‍වා ධම‍්මං මහාරසං, විරාගො දෙසිතො ධම‍්මො අනුපාදාය සබ‍්බසො.

673. ඒ මම (ඔබගේ) ඉතා රසවත් ධර්‍මය අසා බෙහෙවින් පහදිමි. සර්‍වප්‍රකාරයෙන් උපාදාන රහිත වැ විරාගධර්‍මය දෙසනලද්දේ යැ.

674. බහූනි ලොකෙ චිත්‍රානි අස‍්මිං පඨවිමණ‍්ඩලෙ, මථෙන‍්ති මඤ‍්ඤෙ සඞ‍්කප‍්පං සුභං රාගූපසංහිතං.

674. ලෝකයෙහි විසිතුරු වූ අරමුණු බොහෝ වෙත්. (ඔහු) මේ මිනිස්ලො වැ රාගයෙන් යුක්ත වූ මිථ්‍යාසංකල්පය අලළතී හඟිමි.

675. රජමුහතං ච වාතෙන යථා මෙඝොපසම‍්මයෙ, එවං සම‍්මන‍්ති සඞ‍්කප‍්පා යදා පඤ‍්ඤාය පස‍්සති,

675. මේඝය වායුව විසින් නඟනලද ධූලි යම්සේ සන්හිඳුවා ද එසේ යම් කලෙකැ (ආර්‍ය්‍යශ්‍රාවක තෙම විසිතුරු අරමුණ) විදර්‍ශනා ප්‍රඥායෙන් දකී නම්, එකල්හි සංකල්පයෝ සන්හිඳෙත්.

676. සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති යදා පඤ‍්ඤාය පස‍්සති, අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ එස මග‍්ගො විසුද‍්ධියා.

676. ‘සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි යම්කලෙකැ (ආර්‍ය්‍යශ්‍රාවක තෙම) විදර්‍ශනා ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද (ඥානදර්‍ශන) විසුඬියට මේ මාර්‍ගය වේ.

677. සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති යදා පඤ‍්ඤාය පස‍්සති, අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ එස මග‍්ගො විසුද‍්ධියා.

677. ‘සියලු සංස්කාරයෝ දුඃඛයහ’යි යම් කලෙකැ ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද මේ විසුඬියට මාර්‍ගය යි.

678. සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති යදා පඤ‍්ඤාය පස‍්සති, අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ එස මග‍්ගො විසුද‍්ධියා.

678. ‘සියලු (ත්‍රෛභූමක) ධර්‍මයෝ අනාත්මයහ’යි යම් කලෙකැ ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද මේ විසුද්ධියට මාර්‍ගය යි.

679. බුද‍්ධානුබුද‍්ධො යො ථෙරො කොණ‍්ඩඤ‍්ඤො තිබ‍්බනික‍්කමො, පහීනජාතිමරණො බ්‍රහ‍්මචරියස‍්ස කෙවලී.

679. යමෙක් බුද්ධානුබුද්ධ වූයේ ද ස්ථිර ගුණ ඇත්තේ ද, කෞණ්ඩින්‍ය නම් වූයේ ද දෘඪවීර්‍ය්‍ය ඇත්තේ ද, ප්‍රහීණ වූ ජාතිමරණ ඇත්තේ ද පිරිපුන් මඟබඹසර ඇත්තේ ද නොහොත් මඟ - ඵල නුවණ ඇත්තේ ද,

680. ඔඝපාසො දළ‍්හඛිලො පබ‍්බතො දුප‍්පදාලියො, ඡෙත්‍වා ඛිලං ච පාසං ච සෙලං භෙත්‍වාන දුබ‍්භිදං, තිණ‍්ණො පාරඞ‍්ගතො ඣායී මුත‍්තො සො මාරබන්‍ධනා.

680. ඕඝපාශ ඇති ස්ථිර වූ චේතෝඛීල ඇති පැළීමට දුෂ්කර වූ අවිද්‍යා පර්‍වතයක් ඇති හෙතෙම ඛිලයත් පාශයත් සිඳැ බිඳීමට දුෂ්කර වූ පර්‍වතය බිඳැ ඕඝතරණය කෙළේ පරතෙරට (නිවනට) ගියේ ධ්‍යාන කරන සුලු වූයේ මාරබන්‍ධනයෙන් මිදුණේ යි.

681. උද‍්ධතො චපලො භික‍්ඛු මිත‍්තෙ ආගම‍්ම පාපකෙ, සංසීදති මහොඝස‍්මිං ඌමියා පටිකුජ‍්ජිතො.

681. උඩඟු (නො සන්හුන්) වූ චපල වූ මහණ තෙම පාපමිත්‍රයන් ලැබැ ක්‍රෝධ උපායාස නැමැති රළ විසින් යට කොට ගන්නාලද්දේ (කාමාදි) මහොඝයෙහි ගැලෙයි.

682. අනුද‍්ධතො අචපලො නිපකො සංවුතින්‍ද්‍රියො, කල්‍යාණමිත‍්තො මෙධාවී දුක‍්ඛස‍්සන‍්තකරො සියා.

682. උඩඟු නො වූ චපල නො වූ (ආත්මාර්‍ත්‍ථ පරාර්‍ත්‍ථයන්හි) නිපුණ වූ සංවරණය කරන ලද ඉඳුරන් ඇති කලණමිතුරන් ඇති නුවණැත්තේ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යි.

683. කාලපබ‍්බඞ‍්ගසඞ‍්කාසො කිසො ධමනිසන්‍ථතො, මත‍්තඤ‍්ඤූ අන‍්නපානස‍්මිං අදීනමානසො නරො.

683. කළුවැල්පුරුක් බඳු අවයව ඇති, කෘශ වූ, ඉපිලගිය නහරවැල් ඇති ආහාරපානයෙහි පමණ දන්නා වූ, නො මැලි සිත් ඇති පුරුෂ තෙම-

684. ඵුට‍්ඨො ඩංසෙහි මකසෙහි අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ, නාගො සඞ‍්ගාමසීසෙ’ව සතො තත්‍රාධිවාසයෙ.

684. අරණ්‍යයෙහි මහවනයෙහි මැසි මදුරුවන් විසින් විදුනාලද්දේ රණබිම්හි ඇතකු සෙයින් එහි සිහි ඇති වැ ඉවසන්නේ යි.

685. නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, කාලං ච පතිකඞ‍්ඛාමි නිබ‍්බිසං භතකො යථා.

685. මරණය නො කැමැත්තෙමි. ජීවිතය නො කැමැත්තෙමි. මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්‍ෂා කරන සේ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.

686. නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, කාලං ච පතිකඞ‍්ඛාමි සම‍්පජානො පතිස‍්සතො.

686. මරණය නො කැමැත්තෙමි. ජීවිතය නො කැමැත්තෙමි. සම්‍යක් ප්‍රඥා ඇති වැ සිහි ඇති වැ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.

687. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා.

687. මා විසින් ශාස්තෲන් වහන්සේ ආශ්‍රිතයහ. බුදුරදුන්ගේ අනුශාසනය කරනලද යැ. ගුරු වූ බර බහාතබනලද යැ. තෘෂ්ණා සඞ්ඛ්‍යාත භවනෙත්තිය නසනලදු.

688. යස‍්සත්‍ථාය පබ‍්බජිතො අගාරස‍්මානගාරියං, සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො කිං මෙ සද‍්ධිවිහාරිනා’ති.

688. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යැ. මට සද්ධිවිහාරිකයකුගෙන් කවර අර්‍ත්‍ථයක් දැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අඤ‍්ඤාකොණ‍්ඩඤ‍්ඤො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...

අඤ‍්ඤාකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරගාථා.

අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා යි.