අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරගාථාවණ්ණනා
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා වර්ණනාව
සොළසකනිපාතෙ එස භිය්යොතිආදිකා ආයස්මතො අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ ගහපතිමහාසාලකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං අත්තනො සාසනෙ පඨමං පටිවිද්ධධම්මරත්තඤ්ඤූනං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයම්පි තං ඨානන්තරං පත්ථෙන්තො සතසහස්සභික්ඛුපරිවාරස්ස සත්ථුනො සත්තාහං මහාදානං පවත්තෙත්වා පණිධානං අකාසි. සත්ථාපිස්ස අනන්තරායතං දිස්වා භාවිනිං සම්පත්තිං බ්යාකාසි. සො යාවජීවං පුඤ්ඤානි කත්වා සත්ථරි පරිනිබ්බුතෙ චෙතියෙ පතිට්ඨාපියමානෙ අන්තොචෙතියෙ රතනඝරං කාරෙසි, චෙතියං පරිවාරෙත්වා සහස්සරතනග්ඝියානි ච කාරෙසි.
සොළස නිපාතයෙහි “එසභීය්යො” ආදී වූ ආයුෂ්මත් අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පියුමතුරා (පදුමුත්තර) බුදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි ගෘහපති මහාසාල කුලයෙහි ඉපිද බුද්ධියෙන් මුහුකුරා ගියේ එක් දවසක් බුදුන් සමීපයෙහි බණ අසන්නාවූ එක්තරා භික්ෂුවක් තමන්ගේ ශාසනයෙහි පළමුවෙන් ධර්මය අවබෝධ කර ගන්නවුන් අතරින් අග්‍රස්ථානයෙහි තබනු දැක තමා ද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නට (සතසහශ්‍රයක්) ලක්ෂයක් භික්ෂූන් පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේ දවස් හතක් මහදන් පවත්වා උතුම් ප්‍රාර්ථනය කළේය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුගේ වාසනා සම්පත්තිය බලා පැතු සම්පත්තිය සඳහා විවරණ දුන් සේක. ඔහු දිවි ඇතිතෙක් පිංකොට ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි චෛත්‍යයන් පිහිටුවන්නේ ඇතුල් චෛත්‍යයෙහි රුවන් ගෙයක් කරවීය. චෛත්‍ය පිරිවරා දහසක් රුවන් ඇගෑ කරවීය.
සො එවං පුඤ්ඤානි කත්වා, තතො චවිත්වා, දෙවමනුස්සෙසු සංසරන්තො විපස්සිස්ස භගවතො කාලෙ මහාකාලො නාම කුටුම්බිකො හුත්වා අට්ඨකරීසමත්තෙ ඛෙත්තෙ සාලිගබ්භං ඵාලෙත්වා, ගහිතසාලිතණ්ඩුලෙහි අසම්භින්නඛීරපායාසං සම්පාදෙත්වා, තත්ථ මධුසප්පිසක්කරාදයො පක්ඛිපිත්වා, බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස අදාසි. සාලිගබ්භං ඵාලෙත්වා ගහිතගහිතට්ඨානං පුන පූරති, පුථුකකාලෙ පුථුකග්ගං නාම අදාසි. ලායනෙ ලායනග්ගං, වෙණිකරණෙ වෙණග්ගං, කලාපාදිකරණෙ කලාපග්ගං, ඛලග්ගං, භණ්ඩග්ගං, මිනග්ගං, කොට්ඨග්ගන්ති; එවං එකසස්සෙ නව වාරෙ අග්ගදානං නාම අදාසි. තම්පි සස්සං අතිරෙකතරං සම්පන්නං අහොසි.
මෙසේ පිංකොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ විපස්සී බුදුන්ගේ කාලයෙහි ‘මහාකාල’ නම් වූ කෙළෙඹි පුත්රයෙක්ව ඉපිද අට නැලියක් පමණ කුඹුරෙහි හැල්බඩ පලා ලබාගත් ඇල්හාලින් නොමුසු කිරිබතක් පිළියෙල කර එහි මී ගිතෙල් සකුරු ආදිය දමා බුදුන් ප්රමුඛ සංඝයාට දන් දුන්නේය. හැල්බඩ පලාගත් තැන නැවත පිරෙයි. ගොයම් මෝරණ විට පුථුකග්ග නම් අග්‍ර ශස්‍ය දානයක් දුන්නේය. ගොයම් කපන කාලයේ ලායනග්ග නම් අග්‍ර ශස්‍ය දානයක් දුන්නේය. ගොයම් අකුලන වාරයේ වෙණිකරණ නම් අග්‍ර ශස්‍ය දානයක් දුන්නේය. මිටි බඳින දවසේ කලාපග්ග නම් අග්‍ර ශස්යදානය දුන්නේය. වී පාහින දවසේ බටග්ග නම් අග දානයක් දුන්නේය. ගබඩා කරන දවසේ භාණඩග්ග නම් අග්‍ර ශස්‍ය දානයක් ද මණින දවසේ මිනග්ග නම් අග්‍ර ශස්‍ය දානයක්ද ගබඩාවල තැන්පත් කරන විට කොට්ඨග්ග නම් දානයක් ද දුන්නේය. මෙසේ එක ශස්‍ය වාරයක දී නවවරක් අග්‍රශස්‍ය දානය දුන්නේය. ඒ ශස්‍යය ද ප්‍රමාණයටත් වඩා වැඩිවිය.
එවං යාවජීවං පුඤ්ඤානි කත්වා, තතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්වා දෙවෙසු ච මනුස්සෙසු ච සංසරන්තො, අම්හාකං භගවතො උප්පත්තිතො පුරෙතරමෙව කපිලවත්ථුනගරස්ස අවිදූරෙ දොණවත්ථුනාමකෙ බ්රාහ්මණගාමෙ බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති. තස්ස කොණ්ඩඤ්ඤොති ගොත්තතො ආගතං නාමං අහොසි.
මෙසේ දිවි ඇතිතෙක් පිංකොට එයින් චුතව දෙව්ලොව ඉපිද දෙවියන් අතරද මිනිසුන් අතරද සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පළමුව කපිලවස්තු නගරයට නුදුරින් “ද්‍රෝණවත්ථු” නම් ගමෙහි බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන්නේය. ඔහුට පරපුරෙන් ආ කොණ්ඩඤ්ඤ යන නම ලැබින.
සො වයප්පත්තො තයො වෙදෙ උග්ගහෙත්වා ලක්ඛණමන්තෙසු ච පාරං අගමාසි. තෙන සමයෙන අම්හාකං බොධිසත්තො තුසිතපුරතො චවිත්වා කපිලවත්ථුපුරෙ සුද්ධොදනමහාරාජස්ස ගෙහෙ නිබ්බත්ති. තස්ස නාමග්ගහණදිවසෙ අට්ඨුත්තරසතෙසු බ්රාහ්මණෙසු උපනීතෙසු යෙ අට්ඨ බ්රාහ්මණා ලක්ඛණපරිග්ගහණත්ථං මහාතලං උපනීතා. සො තෙසු සබ්බනවකො හුත්වා, මහාපුරිසස්ස ලක්ඛණනිප්ඵත්තිං දිස්වා, “එකංසෙන අයං බුද්ධො භවිස්සතී”ති නිට්ඨං ගන්ත්වා මහාසත්තස්ස අභිනික්ඛමනං උදික්ඛන්තො විචරති.
ඔහු වැඩිවියට පත්ව ත්රිවේදය ඉගෙන අංග ලක්ෂණ මන්ත්රයන්හිද පරතෙරට ගියේය. අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ තුසිත පුරයෙන් චුතව කපිල පුරයෙහි සුද්ධෝදන මහරජුගේ නිවසේ ඉපිද නම් තබන දවසේ ආරාධිත එකසිය අටක් බමුණන් අතරින් අටදෙනෙක් අංග ලක්ෂණ විමසා බැලීම සඳහා ආරාධනා ලැබූහ. ඔවුනතරින් සියල්ලන්ටම වඩා නවකයෙක් වූ මේ බමුණා (කොණ්ඩඤ්ඤ) බෝසතුන්ගේ අංග ලක්ෂණ පරීක්ෂාකර ඒකාන්තයෙන් මොහු බුදුවන්නේ යැයි නිගමනය කර මහ බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය බලාපොරොත්තුවෙන් හැසිරුණේය.
බොධිසත්තොපි ඛො මහතා පරිවාරෙන වඩ්ඪමානො අනුක්කමෙන වුද්ධිප්පත්තො ඤාණපරිපාකං ගන්ත්වා එකූනතිංසතිමෙ වස්සෙ මහාභිනික්ඛමනං නික්ඛමන්තො අනොමානදීතීරෙ පබ්බජිත්වා අනුක්කමෙන උරුවෙලං ගන්ත්වා පධානං පදහි. තදා කොණ්ඩඤ්ඤො මාණවො මහාසත්තස්ස පබ්බජිතභාවං සුත්වා, ලක්ඛණපරිග්ගාහකබ්රාහ්මණානං පුත්තෙහි වප්පමාණවාදීහි සද්ධිං අත්තපඤ්චමො පබ්බජිත්වා, අනුක්කමෙන බොධිසත්තස්ස සන්තිකං උපසඞ්කමිත්වා, ඡබ්බස්සානි තං උපට්ඨහන්තො තස්ස ඔළාරිකාහාරපරිභොගෙන නිබ්බින්නො අපක්කමිත්වා ඉසිපතනං අගමාසි. අථ ඛො බොධිසත්තො ඔළාරිකාහාරපරිභොගෙන ලද්ධකායබලො වෙසාඛපුණ්ණමායං බොධිරුක්ඛමූලෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා, අභිසම්බුද්ධො හුත්වා, සත්තසත්තාහං බොධිමණ්ඩෙයෙව වීතිනාමෙත්වා, පඤ්චවග්ගියානං ඤාණපරිපාකං ඤත්වා, ආසාළ්හීපුණ්ණමායං ඉසිපතනං ගන්ත්වා, තෙසං ධම්මචක්කපවත්තනසුත්තන්තං (මහාව· 13 ආදයො; සං· නි· 5.1081) දෙසෙසි. දෙසනාපරියොසානෙ කොණ්ඩඤ්ඤත්ථෙරො අට්ඨාරසහි බ්රහ්මකොටීහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. අථ පඤ්චමියං පක්ඛස්ස අනත්තලක්ඛණසුත්තන්තදෙසනාය (මහාව· 20; සං· නි· 3.59) අරහත්තං සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.1.596-612) –
බෝසතාණන් වහන්සේද මහත් පිරිවර සහිතව වැඩෙන්නේ පිළිවෙළින් වයසින් මුහුකුරා ගියේ එකුන්තිස්වන වියෙහිදී මහාභිෂ්ක්රමණය කොට අනෝමා ගංතෙරදී පැවිදිවී පිළිවෙළින් උරුවේලාවට ගොස් ප්‍රධන් වීර්ය වැඩීය. ඒ කාලයේ කොණ්ඩඤ්ඤ මානවකයා බෝසතුන් පැවිදි වූ බව අසා ශරීර ලක්ෂණ බැලීමට ආ බමුණන්ගේ පුත්‍රයන් වූ ‘වප්ප’ ආදී තමන් පස්වෙනි කොට පස් දෙනෙක් සමඟ පැවිදිව පිළිවෙළින් බෝසතුන් සමීපයට පැමිණ වර්ෂ හයක් ඔහුට උපස්ථාන කරන්නේ ඔහුගේ ඕලාරික ආහාර ගැණීම ගැන කලකිරී එතනින් නික්ම ඉසිපතනයට ගියේය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ ඕලාරික ආහාර අනුභවයෙන් ලබන ලද කායබල ඇත්තේ වෙසක්මස පුන් පොහෝදින ඇසතු බෝමුල අපරාජිත පර්යංකයෙහි වැඩසිටියේ මාරයින් තුන්දෙනා පරාජය කර බුදු වී සති හතක්ම බෝමැඩ ගතකොට පස්වග මහණුන්ගේ නුවණ මුහුකුරා ගිය බව දැන ඇසළ පුන්පොහෝදින ඉසිපතනයට ගොස් දම්සක් පැවතුම් සුත්‍රාන්තය දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ දහඅට කෝටියක් බ්‍රහ්මයන් සමඟ සෝතාපත්ති ඵලයෙහි පිහිටියේය. ඉක්බිති පස්වනි පක්ෂයෙහි අනාත්ම ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව අසා රහත්බවට පත්විය. අපදාන පාලියෙහි මෙසේ කියා ඇත.
“පදුමුත්තරසම්බුද්ධං, ලොකජෙට්ඨං විනායකං; බුද්ධභූමිමනුප්පත්තං, පඨමං අද්දසං අහං.
ලෝකයට ශ්‍රේෂ්ඨ වූ විනායක වූ බුද්ධත්වයට පත් වූ පදුමුත්තර බුදුන් වහන්සේම මම පළමුවෙන් දුටුවෙමි.
“යාවතා බොධියා මූලෙ, යක්ඛා සබ්බෙ සමාගතා; සම්බුද්ධං පරිවාරෙත්වා, වන්දන්ති පඤ්ජලීකතා.
බෝමුලට රැස් වූ සියලු යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන ඇඳිලි බැඳ වඳිති.
“සබ්බෙ දෙවා තුට්ඨමනා, ආකාසෙ සඤ්චරන්ති තෙ; බුද්ධො අයං අනුප්පත්තො, අන්ධකාරතමොනුදො.
සතුටු සිත් ඇති ඒ සියලු දෙවිවරු අහසේ හැසිරෙත්. උන් වහන්සේ අඳුර දුරුකරන්නා වූ බුද්ධත්වයට පත් වූහ.
“තෙසං හාසපරෙතානං, මහානාදො අවත්තථ; කිලෙසෙ ඣාපයිස්සාම, සම්මාසම්බුද්ධසාසනෙ.
ප්‍රීතියෙන් උදම් වූ ඔවුන් අතර මහා නාදයක් පැතිර ගියේය. සම්මා සම්බුද්ධ ශාසනයෙහි කෙලෙස් නසන්නෙමු.
“දෙවානං ගිරමඤ්ඤාය, වාචාසභිමුදීරිහං; හට්ඨො හට්ඨෙන චිත්තෙන, ආදිභික්ඛමදාසහං.
දෙවියන් විසින් කියන ලද මේ වචන දැනගෙන සතුටු වුයේ සතුටු සිතින් මම මුල්ම භික්ෂාව දුන්නෙමි.
“මම සඞ්කප්පමඤ්ඤාය, සත්ථා ලොකෙ අනුත්තරො; දෙවසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
ලෝකයට උතුම් වූ ශාස්තෲන් වහන්සේ මගේ ප්‍රාර්ථනය දැනගෙන දෙවියන් මැද වැඩ සිටිමින් මේ ගාථාව වදාළහ.
“සත්තාහං අභිනික්ඛම්ම, බොධිං අජ්ඣගමං අහං; ඉදං මෙ පඨමං භත්තං, බ්රහ්මචාරිස්ස යාපනං.
මම දවස් හතක් බෝමැඩ ගත කෙළෙමි. තුසිත දෙව්ලොවින් මෙහි අවුත් යම් ඒ කෙනෙක් බ්‍රහ්මචාරි මාගේ යැපීමට මේ පළමු දානය පිළිගැන්වීද ඔහු ගැන මම ප්‍රශංසා කරමි. මගේ වචනයට සවන් දෙන්න.
“තුසිතා හි ඉධාගන්ත්වා, යො මෙ භික්ඛං උපානයි; තමහං කිත්තයිස්සාමි, සුණොථ මම භාසතො.
“තිංසකප්පසහස්සානි, දෙවරජ්ජං කරිස්සති; සබ්බෙ දෙවෙ අභිභොත්වා, තිදිවං ආවසිස්සති.
කල්ප තිස් දහසක් දේව රාජ්‍යය කරන්නේය. සියලු දෙවියන් පරදා දෙව්ලොව වැඩ වසන්නේය.
“දෙවලොකා චවිත්වාන, මනුස්සත්තං ගමිස්සති; සහස්සධා චක්කවත්තී, තත්ථ රජ්ජං කරිස්සති.
දෙව්ලොවින් චුතව මිනිසත් බවක් ලබන්නේය. එහි චක්‍රවර්ති රාජ්‍යය කරන්නේය.
“කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
කල්ප ශත සහශ්‍රයක් ගිය තැන ඔක්කාක කුලයෙහි ඉපිද ගෝත්‍රයෙන් ගොතම නමින් ලෝකයෙහි ශාස්තෲන් වහන්සේ වන්නේය.
“තිදසා සො චවිත්වාන, මනුස්සත්තං ගමිස්සති; අගාරා පබ්බජිත්වාන, ඡබ්බස්සානි වසිස්සති.
ඔහු දෙව්ලොවින් චුතව මිනිස් ලොවට යන්නේය. ගිහිගෙයින් නික්ම පැවිදිව සය අවුරුද්දක් වසන්නේය.
“තතො සත්තමකෙ වස්සෙ, බුද්ධො සච්චං කථෙස්සති; කොණ්ඩඤ්ඤො නාම නාමෙන, පඨමං සච්ඡිකාහිති.
එයින් සත්වන වර්ෂයෙහි බුදුරජාණන් වහන්සේ සත්‍යය දේශනා කරන්නේය. කොණ්ඩඤ්ඤ යන නමින් පළමුව ධර්මය අවබෝධ කරන්නේය.
“නික්ඛන්තෙනානුපබ්බජිං, පධානං සුකතං මයා; කිලෙසෙ ඣාපනත්ථාය, පබ්බජිං, අනගාරියං.
ගිහිගෙයින් නික්මුණා වූ මම ප්‍රධන් වීර්යය කෙළෙමි. කෙලෙස් නැසීම සඳහා අනගාරික වූ සසුනෙහි පැවිදි වූයෙමි.
“අභිගන්ත්වාන සබ්බඤ්ඤූ, බුද්ධො ලොකෙ සදෙවකෙ; ඉසිනාමෙ මිගාරඤ්ඤෙ, අමතභෙරිමාහනි.
දෙවියන් සහිත ලෝකයෙහි සම්මා සම්බුද්ධයන් වහන්සේ මිගදායට වැඩ මට මේ අමා බෙරය නාද කරන්නේය.
“සො දානි පත්තො අමතං, සන්තිපදමනුත්තරං; සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
ඔහු දැන් ශාන්ත වූ අමා පදවියට පත්වූයේ සියලු ආස්‍රවයන් ප්‍රහීන කර නිකෙලෙස්ව වාසය කරයි.
“පටිසම්භිදා චතස්සො…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මගේ සියලු කෙලෙස් නැසුනාහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරන ලද්දෙමි.
අථ නං සත්ථා අපරභාගෙ ජෙතවනමහාවිහාරෙ භික්ඛුසඞ්ඝමජ්ඣෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො පඨමං පටිවිද්ධධම්මභාවං දීපෙන්තො, “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං රත්තඤ්ඤූනං යදිදං අඤ්ඤාසිකොණ්ඩඤ්ඤො”ති (අ· නි· 1.188) එතදග්ගෙ ඨපෙසි. සො ද්වීහි අග්ගසාවකෙහි අත්තනි කරීයමානං පරමනිපච්චකාරං ගාමන්තසෙනාසනෙ ආකිණ්ණවිහාරඤ්ච පරිහරිතුකාමො, විවෙකාභිරතියා විහරිතුකාමො ච අත්තනො සන්තිකං උපගතානං ගහට්ඨපබ්බජිතානං පටිසන්ථාරකරණම්පි පපඤ්චං මඤ්ඤමානො සත්ථාරං ආපුච්ඡිත්වා හිමවන්තං පවිසිත්වා ඡද්දන්තෙහි නාගෙහි උපට්ඨියමානො ඡද්දන්තදහතීරෙ ද්වාදස වස්සානි වසි. එවං තත්ථ වසන්තං ථෙරං එකදිවසං සක්කො දෙවරාජා උපසඞ්කමිත්වා වන්දිත්වා ඨිතො එවමාහ – “සාධු මෙ, භන්තෙ, අය්යො ධම්මං දෙසෙතූ”ති. ථෙරො තස්ස චතුසච්චගබ්භං තිලක්ඛණාහතං සුඤ්ඤතපටිසංයුත්තං නානානයවිචිත්තං අමතොගධං බුද්ධලීලාය ධම්මං දෙසෙසි. තං සුත්වා සක්කො අත්තනො පසාදං පවෙදෙන්තො –
ඉක්බිති පසුකලකදී බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයේ දී භික්ෂු සංඝයා මැද පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩසිටින්නේ අවබෝධකර ගත්තා වූ ධර්මයාගේ ස්වභාවය පෙන්වමින් මහණෙනි මගේ ශ්‍රාවකයන් අතරින් අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරුන් නිර්වාණ ධර්මය අවබෝධකර ගත්තවුන් අතර අග්‍රස්ථානයෙහි තබමියි දේශනා කළ සේක. උන්වහන්සේ තමන් කෙරෙහි අග්‍රශ්‍රාවක දෙනම දක්වන උසස් ගරු භාවයද ශ්‍රාමන්ත සේනාසනයෙහි ඇති කලබලකාරී ස්වභාවයෙන්ද මිදෙනු කැමැත්තේ විවේකයෙන් කල් යවනු කැමැත්තේද තමන්ගේ සමීපයට පැමිණි ගෘහස්ත හා පැවිද්දන්ගේ පිළිසඳර කථාවද බාධාවක් ලෙස සලකන්නේ බුදුරජාණන් වහන්සේට සැළකර ඡද්දන්ත හස්තීන් විසින් උපස්ථාන කරනු ලබන ඡද්දන්ත විල්තෙර වර්ෂ දොළහක් වාසය කළේය. මෙසේ එහි වසන තෙරුන් වෙතට එක් දිනක් ශ්‍රකයා පැමිණ වැඳ එකත්පස්ව සිටියේ මෙසේ කීය. ස්වාමීනි ධර්මය දේශනා කරන්නේ නම් මැනැවි. තෙරුන් වහන්සේ ඔහුට චතුරාර්ය සත්‍යය අඩංගු ත්රිලක්ෂණය මුල්කරගත් ශුන්‍යතාවය හා එක්වූ විවිධ ක්රමයන්ගෙන් යුක්ත අමා ගඟක් බඳුව බුද්ධ ලීලාවෙන් ධර්මය දේශනා කළහ. ඒ ධර්මය අසා ශක්‍ර දේවෙන්ද්‍රයා තමන්ගේ පැහැදීම ප්‍රකාශ කරන්නේ
“එස භිය්යො පසීදාමි, සුත්වා ධම්මං මහාරසං; විරාගො දෙසිතො ධම්මො, අනුපාදාය සබ්බසො”ති. – පඨමං ගාථමාහ;
එස හිය්යො පසීදාමි සුත්වා ධම්මං මහාරසං විරාගො දෙසිතො ධම්මො අනුපාදාය සබ්බසො’ති - යන ප්‍රථම ගාථාව ප්‍රකාශ කළේය.
තත්ථ එස භිය්යො පසීදාමි, සුත්වා ධම්මං මහාරසන්ති යදිපි අනෙකවාරං සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා තත්ථ අභිප්පසන්නො. ඉදානි පන තුම්හෙහි කථිතං නානානයවිචිත්තතාය අසෙචනකතාය ච මහාරසං ධම්මං සුත්වා එසො අහං තතො භිය්යො පසීදාමි. විරාගො දෙසිතො ධම්මො, අනුපාදාය සබ්බසොති සබ්බසංකිලෙසතො සබ්බසඞ්ඛාරතො ච විරජ්ජනතො විරාගජනනතො විරාගො. තතො එව රූපාදීසු කඤ්චි ධම්මං අනුපාදාය අග්ගහෙත්වා විමුත්තිසාධනවසෙන පවත්තත්තා සබ්බසො අනුපාදාය දෙසිතො.
එහි “එස හිය්යො පසීදාමි සුත්වා ධම්මං මහා රසං” යනු ඉදින් අනේක වාරයක් බුදුන් සමීපයෙහි බණ අසා එහි අතිශයින් ප්‍රසාදයට පත්වූ නමුත් දැන් වනාහි ඔබ වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් විචිත්‍ර වූ නිරවුල් වූත් උතුම් රසයෙන් යුත් බණ අසා තවත් බොහෝ කොට පැහැදුනෙමි. විරාගො දෙසිතො ධම්මො අනුපාදාය සබ්බසො යනු සියලු කෙලෙස්වලින් සියළු සංස්කාරවලින් නොඇලෙන බැවින් විරාගය ඇතිකරන බැවින් විරාගො නම් වේ. මෙසේ රූප ආදී වූ කිසි ධර්මයක් ප්‍රධාන ලෙස නොගෙන විමුක්තිය සාක්ෂාත් කරන අරමුණින් හැම කරුණක්ම අදාළ වන සේ දේශනා කරන ලදී. මෙසේ ශක්‍ර දේවේන්ද්‍රයා තෙරුන් වහන්සේගේ ධර්ම දේශනයට ප්‍රශංසාකර වැඳ තමන්ගේ වාස භවනයටම ගියේය.
එවං සක්කො දෙවරාජා ථෙරස්ස දෙසනං ථොමෙත්වා ථෙරං අභිවාදෙත්වා සකට්ඨානමෙව ගතො. අථෙකදිවසං ථෙරො මිච්ඡාවිතක්කෙහි අභිභුය්යමානානං එකච්චානං පුථුජ්ජනානං චිත්තාචාරං දිස්වා තප්පටිපක්ඛභූතඤ්චස්ස අනුක්කමං අනුස්සරිත්වා, අත්තනො ච සබ්බසො තතො විනිවත්තිතමානසතං ආවජ්ජෙත්වා තදත්ථං දීපෙත්වා –
ඉක්බිති එක් දිනක් තෙරුන් වහන්සේ වැරදි විතර්කවලින් යුත් චිත්ත සන්තානය ඇති එක්තරා පෘථග්ජන සමූහයකගේ සිත් හසර දැක එයට විරුද්ධ පිළිවෙලද සිහිපත්කොට තමාගේද සර්වප්රකාරයෙන් එයින් මිදීම ආවර්ජනා කරමින් ඒ අර්ථය දක්වන්නේ
“බහූනි ලොකෙ චිත්‍රානි, අස්මිං පථවිමණ්ඩලෙ; මථෙන්ති මඤ්ඤෙ සඞ්කප්පං, සුභං රාගූපසංහිතං.
බහූනි ලෝකේ විචිත්රානි අස්මිං පඨවි මණ්ඩලෙ මථෙන්ති මඤ්ඤෙ සඞ්කප්පං සුභං රාගුපසංහිතං
“රජමුහතඤ්ච වාතෙන, යථා මෙඝොපසම්මයෙ; එවං සම්මන්ති සඞ්කප්පා, යදා පඤ්ඤාය පස්සතී”ති. –
රජමුහතඤ්ච වාතෙන යථා මෙඝොපසම්මයෙ එවං සම්මන්ති සඞ්කප්පා යදා පඤ්ඤාය පස්සතී’ති -
ද්වෙ ගාථා අභාසි;
යන ගාථා දෙක ප්‍රකාශ කළේය.
තත්ථ බහූනි ලොකෙ චිත්‍රානීති රූපාදිවසෙන තත්ථාපි නීලපීතාදිවසෙන ඉත්ථිපුරිසාදිවසෙන ච අනෙකානි ලොකෙ චිත්තවිචිත්තානි ආරම්මණජාතානි. අස්මිං පථවිමණ්ඩලෙති පච්චක්ඛභූතං මනුස්සලොකං සන්ධාය වදති. මථෙන්ති මඤ්ඤෙ සඞ්කප්පන්ති තජ්ජං පුරිසවායාමසහිතං අරණිසහිතං විය අග්ගිං අයොනිසොමනසිකාරාභිසඞ්ඛාතානි මිච්ඡාසඞ්කප්පානි මථෙන්ති මඤ්ඤෙ මථෙන්තානි විය තිට්ඨන්ති. කීදිසං? සුභං රාගූපසංහිතං, කාමවිතක්කන්ති අත්ථො. සො හි සුභාකාරග්ගහණෙන “සුභො”ති වොහරීයති.
එහි බහූනි ලොකෙ විචිත්රානි යනු රූපාදි වශයෙන් එසේ නිල්, කහ ආදි වශයෙනුත් ස්ත්‍රී පුරුෂ වශයෙනුත් ලෝකයෙහි අනේක වූ සිත් පිනවන අරමුණු වේ. අස්මිං පඨවි මණ්ඩලෙ යන්න ප්රත්යක්ෂ වශයෙන් පෙනෙන මනුෂ්‍ය ලෝකය සඳහා කියයි. මථෙන්ති මඤ්ඤෙ සඞ්කප්පන්ති යනු යම් කෙනෙකුගේ උත්සාහය ඇති දර සහිත ගින්නක් මෙන් අයොනිසො මනසිකාරයෙන් සකස් කරන ලද වැරදි මත මර්දනය කරත් යයි හැඟේ. මර්දනය කරන්නාක් මෙන් සිටිති. කෙබඳුද? සුභං රාගුපසංහිතං යනු කාම විතර්කයන් යන අර්ථයි. එයද සුභ වශයෙන් ගැනීම කරණකොට ගෙන සුභ යනුවෙන් ව්‍යවහාර කෙරේ.
රජමුහතඤ්ච වාතෙනාති ච-ඉති නිපාතමත්තං. යථා ගිම්හානං පච්ඡිමෙ මාසෙ වාතෙන ඌහතං උට්ඨිතං රජං මහාමෙඝො වස්සන්තො උපසම්මයෙ, වූපසමෙය්ය. එවං සම්මන්ති සඞ්කප්පා, යදා පඤ්ඤාය පස්සතීති යදා අරියසාවකො තානි ලොකචිත්රානි සමුදයතො, අස්සාදතො, ආදීනවතො, නිස්සරණතො ච යථාභූතං පඤ්ඤාය පස්සති, අථ යථා තං රජං උහතං මෙඝෙන, එවං සම්මන්ති පඤ්ඤාය සබ්බෙපි මිච්ඡාසඞ්කප්පා. න හි උප්පන්නාය සම්මාදිට්ඨියා මිච්ඡාසඞ්කප්පා පතිට්ඨං ලභන්ති. යථා පන පඤ්ඤාය පස්සති, තං දස්සෙන්තො –
රජමුහතඤ්ච වාතෙන යන්නෙහි ‘ච’ යනු නිපාත මාත්‍රයකි. යම්සේ ග්‍රීෂ්ම කාලයට පසු මාසයෙහි වාතයෙන් උඩට ඔසවන ලද දූවිල්ල මහා වර්ෂාව වසින්නේ සංසිඳෙන්නේය. එවං සම්මන්ති සඞ්කප්පා යදා පඤ්ඤාය පස්සති යනු යම් දවසක ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ඒ ලෝකයේ විසිතුරු යයි දැක්වූ දේවල් සමුදය වශයෙන් විඳගැනීම් වශයෙන් ආදීනව වශයෙන් කළකිරීම් වශයෙන් ඇති තතු යම්විටක ප්‍රඥාවෙන් දකීද ඉක්බිති යම්සේ උඩට නැගුණු දූවිල්ල මේඝයෙන් සංසිඳෙන්නේ ද එමෙන් සියළුම මිථ්‍යා කල්පනාවන් ප්‍රඥාවෙන් සංසිඳෙන්නේය. උපන්නා වූ සම්‍යක් දෘෂ්ටියෙන් කිසිවිටකත් මිථ්‍යා සංකල්පයෝ පිහිටක් නොලබත්. යම්සේ වනාහි ප්‍රඥාවෙන් දකීද එය ගෙනහැර දක්වමින් -
“සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති; අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා.
“සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”
“සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති…පෙ… එස මග්ගො විසුද්ධියා.
“සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”
“සබ්බෙ ධම්මා අනත්තාති, යදා පඤ්ඤාය පස්සති; අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”ති. –
“සබ්බෙ ධම්මා අනත්තානි යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”
තිස්සො ගාථා අභාසි.
යන ගාථා තුන ප්‍රකාශ කළහ.
තත්ථ සබ්බෙ සඞ්ඛාරාති ඡළාරම්මණසඞ්ගහා සබ්බෙ තෙභූමකා පඤ්චක්ඛන්ධා. අනිච්චාති “ආදිමජ්ඣඅන්තවන්තතො, අනිච්චන්තිකතො, තාවකාලිකතො, තත්ථ තත්ථ භිජ්ජනතො න නිච්චා”ති යදා විපස්සනාපඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙති අථ ඉමස්මිං වට්ටදුක්ඛෙ නිබ්බින්දති, නිබ්බින්දන්තො දුක්ඛපරිජානනාදිවිධිනා සච්චානි පටිවිජ්ඣති. එස මග්ගො විසුද්ධියාති එස යථාවුත්තො විපස්සනාවිධි ඤාණදස්සනවිසුද්ධියා, අච්චන්තවිසුද්ධියා ච මග්ගො අධිගමුපායො.
එහි සබ්බෙ සංඛාරා යන්නෙන් අරමුණු හයට අඩංගු සියළු ත්‍රෛභූමික පඤ්චස්කන්ධ ගැනේ. අනිච්චා යනු ආදි මධ්‍ය අවසාන වශයෙන්ද අනිත්‍යභාවය අන්තකොට ඇති බැවින්ද තාවකාලික බැවින්ද ඒ ඒ තැන්හි බිඳෙන බැවින් නිත්‍ය නැතැයි යම්විටක විදර්ශනා ප්‍රඥාවෙන් දනියි. අථ නිබ්බින්දති දුක්ඛෙ ඉක්බිති මේ සසර දුකෙහි කළකිරෙයි. කළකිරෙන්නේ දුක වටහා ගැනීම් වශයෙන් සත්‍යයන් අවබෝධ කරගනී. එස මග්ගො විසුද්ධියා යනු මෙහි කියූ පරිදි විදර්ශනා ඥාන දර්ශන විශුද්ධියෙන් අතිශයින්ම විශුද්ධි භාවයෙන් මාර්ගය අවබෝධ කරගැනීමේ උපායයි.
දුක්ඛාති සප්පටිභයතො, උදයබ්බයසම්පටිපීළනතො, දුක්ඛමතො, සුඛපටික්ඛෙපතො ච දුක්ඛා. සෙසං වුත්තනයමෙව.
දුක්ඛා ති ඒ සමාන භයකින් ද ඇතිවීම නැතිවීම සමග ඇතිවන පීඩාව දුක් නිසාත් සැපය ප්‍රතික්ෂේප කිරීම නිසාත් දුකය. ඉතිරිය පෙර කියන ලද පරිදිය.
සබ්බෙ ධම්මා අනත්තාති සබ්බෙපි චතුභූමකා ධම්මා අනත්තා. ඉධ පන තෙභූමකධම්මාව ගහෙතබ්බා. තෙ හි අසාරතො, අවසවත්තනතො, සුඤ්ඤතො, අත්තපටික්ඛෙපතො ච අනත්තාති විපස්සිතබ්බා. සෙසං පුරිමසදිසමෙව.
සබ්බෙ ධම්මා අනත්තා යනු සියළුම චාතුර්භූමික ධර්මයෝ අනාත්මයහ. මෙහි වනාහි ත්‍රෛභූමික ධර්මයන් ගත යුතුයි. ඒවා අසාර ලෙස තමන් වසඟයේ නොපවත්නා හෙයින් ශුන්‍ය වූ ආත්මය ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් අනාත්ම යැයි දැකිය යුතුයි. ඉතිරිය පෙර කියූ පරිදිය.
එවං විපස්සනාවිධිං දස්සෙත්වා තෙන විධිනා කතකිච්චං අත්තානං අඤ්ඤං විය කත්වා දස්සෙන්තො –
මෙසේ විදර්ශනා විධිය දක්වා ඒ ක්‍රමයෙන් කළ කිස ඇති කථා අනිකකු මෙන් කොට දක්වන්නේ,
“බුද්ධානුබුද්ධො යො ථෙරො, කොණ්ඩඤ්ඤො තිබ්බනික්කමො; පහීනජාතිමරණො, බ්රහ්මචරියස්ස කෙවලී.
“බුද්ධානුබුද්ධො යො ථෙරො කොණ්ඩඤ්ඤො තිබ්බනික්ඛමො, පහීනජාතිමරණො බ්රහ්මචරියස්ස කෙවලී”
“ඔඝපාසො දළ්හඛිලො, පබ්බතො දුප්පදාලයො; ඡෙත්වා ඛිලඤ්ච පාසඤ්ච, සෙලං භෙත්වාන දුබ්භිදං; තිණ්ණො පාරඞ්ගතො ඣායී, මුත්තො සො මාරබන්ධනා”ති. –
“ඔඝපාසො දළ්හඛීලො පබ්බතොදුප්ප දාලයො, ජෙත්වා ඛීලඤ්ච පාසඤ්ච සෙලං භෙත්වාන දුබ්හිදං, තිණ්ණො පාරංගතො ඣායී මුත්තො සො මාරබන්ධනා”
ගාථාද්වයමාහ.
යන ගාථා දෙක ප්‍රකාශ කළේය.
තත්ථ බුද්ධානුබුද්ධොති බුද්ධානං අනුබුද්ධො, සම්මාසම්බුද්ධෙහි බුජ්ඣිතානි සච්චානි තෙසං දෙසනානුසාරෙන බුජ්ඣතීති අත්ථො. ථිරෙහි අසෙක්ඛෙහි සීලසාරාදීහි සමන්නාගතොති, ථෙරො. කොණ්ඩඤ්ඤොති ගොත්තකිත්තනං. තිබ්බනික්කමොති දළ්හවීරියො, ථිරපරක්කමො. ජාතිමරණානං පහීනකාරණත්තා පහීනජාතිමරණො. බ්රහ්මචරියස්ස කෙවලීති මග්ගබ්රහ්මචරියස්ස අනවසෙසං, අනවසෙසතො වා මග්ගබ්රහ්මචරියස්ස පාරිපූරකො, අථ වා කෙවලී නාම කිලෙසෙහි අසම්මිස්සතාය මග්ගඤාණං ඵලඤාණඤ්ච, තං ඉමස්මිං අත්ථීති කෙවලී. යස්මා පන තදුභයම්පි මග්ගබ්රහ්මචරියස්ස වසෙන හොති න අඤ්ඤථා, තස්මා “බ්රහ්මචරියස්ස කෙවලී”ති වුත්තං.
එහි බුද්ධානුබුද්ධො යනු බුදුන්ගේ අනුබුදු, සම්මා සම්බුදුවරයන් වහන්සේලා විසින් වටහා ගන්නා ලද සත්‍යයන්, ඒවා දේශනා ක්රමයන් වටහා ගනියි යන අර්ථයි. ස්ථිර වූ නැවත ප්‍රගුණ කළ යුතු නැති සීලාදී සාරයෙන් යුක්ත වූයේ ථෙරි නම් වේ. කොණ්ඩඤ්ඤො යනු ගෝත්‍ර නාමයෙන් ඇමතීමයි. තිබ්බනික්කමො යනු දැඩි වීර්ය ඇති ස්ථිර පරාක්‍රමයෙන් යුක්ත ජාති ජරා මරණයන්ගෙන් තොර වූ බැවින් නැතිකළ ජාති ජරා මරණ ඇති බ්රහ්මචරියස්ස කෙවලී යනු මාර්ග බ්‍රහ්මචරියාව ඉතිරියක් නැතිව, මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්නා වූ තවද කෙවලී නම් වූ කෙලෙස්වලින් සම්මිශ්‍රණය නොවූ මාර්ග ඥානයද ඵල ඥානය ද මොහු කෙරෙහි ඇත්තේනුයි කේවලී නම් වේ. යම්හෙයකින් වනාහි ඒ දෙකම මාර්ග බ්‍රහ්ම චර්යාව වශයෙන් පවතී. වෙනත් අයුරකින් නොවේ. ඒ නිසා බ්‍රහ්මචරියාවට කේවලී’ යැයි කියන ලදී.
ඔඝපාසොති “කාමොඝො, භවොඝො, දිට්ඨොඝො, අවිජ්ජොඝො”ති (ධ· ස· 1156; විභ· 938) එවං වුත්තා චත්තාරො ඔඝා – “අන්තලික්ඛචරො පාසො, ය්වායං චරති මානසො”ති (මහාව· 33; සං· නි· 1.151) එවං වුත්තො රාගපාසො ච. දළ්හඛිලොති “සත්ථරි කඞ්ඛති, ධම්මෙ කඞ්ඛති, සඞ්ඝෙ කඞ්ඛති, සික්ඛාය කඞ්ඛති, සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො”ති (ම· නි· 1.185; අ· නි· 5.205) එවං වුත්තො දළ්හො ථිරො පඤ්චවිධො චෙතොඛිලො ච. පචුරජනෙහි පදාලෙතුං අසක්කුණෙය්යතාය දුප්පදාලයො. තතො එව පබ්බතසදිසතාය පබ්බතොති ච සඞ්ඛං ගතො. “දුක්ඛෙ අඤ්ඤාණ”න්තිආදිනා (විභ· 226; සං· නි· 2.2) වා නයෙන වුත්තො අඤ්ඤාණප්පභෙදො ච. ඉති එතං සබ්බං ඡෙත්වා ඛිලඤ්ච පාසඤ්චාති එතෙසු චතුබ්බිධෙසු සංකිලෙසධම්මෙසු යො ඛිලඤ්ච පාසඤ්ච අරියමග්ගඤාණාසිනා ඡින්දිත්වා. සෙලං භෙත්වාන දුබ්භිදන්ති යෙන කෙනචි ඤාණෙන ඡින්දිතුං අසක්කුණෙය්යං අඤ්ඤාණසෙලං වජිරූපමඤාණෙන ඡින්දිත්වා, චත්තාරොපි ඔඝෙ තරිත්වා, තෙසං පරතීරෙ නිබ්බානෙ ඨිතත්තා තිණ්ණො පාරඞ්ගතො. ආරම්මණූපනිජ්ඣානලක්ඛණෙන ලක්ඛණූපනිජ්ඣානලක්ඛණෙනාති දුවිධෙනපි ඣායී; මුත්තො සො මාරබන්ධනාති සො එවරූපො ඛීණාසවො සබ්බස්මාපි කිලෙසමාරබන්ධනා මුත්තො විප්පමුත්තො විසංයුත්තොති. අත්තානමෙව සන්ධාය ථෙරො වදති.
ඔඝපාසො යනු කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ යැයි කියන ලද සතර වැදෑරුම් ඕඝයෝය. මෙසඔ කියූ සතර වැදෑරුම් ඕඝයන් අතර ‘අන්තලික්ඛචරො පාසො යවායං චරති මානසො’ (අහසෙහි හැසිරෙන ඒ පාසය මානස සම්බන්ධව හැසිරෙයි). රාග පාසයද මෙසේ දක්වා ඇත. ‘දළ්හඛීලො’ යනු බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සැක කරයි. සංඝයා කෙරෙහි සැක කරයි. ශික්ෂාපද ගැන සැක කරයි. සබ්‍රහ්මචාරින් කෙරෙහි කිපුනේ වෙයි. නොසතුටු සිත් ඇත්තේ, වේදනාවට පත් සිත් ඇත්තේ ‘ඛීලජාතො’ නම් වේයැයි කියන ලද දැඩි ස්ථිර, පස්වැදෑරුම් චෙතොඛීලයන් ද බොහෝදෙනා විසින් බිඳ දමන්නට නොහැකි බැවින් ‘දුප්පදාලයො’ නම් වේ. ඒ නිසාම පර්වතයකට සමාන බැවින් පර්වතයෙකැයි සැකයක් ඇතිවිය. දුක්ඛෙ අඤ්ඤාණං ආදියෙන් කියන ලද අඤ්ඤාණ ප්‍රභේද ද යන මේ සියල්ල සිඳ දමා ඛිලඤ්ච-පාසඤ්ච යනුවෙන් මෙහිදී සතර වැදෑරුම් ක්ලේශ ධර්මයන්හි යම් මානසික අවහිරතාවයක් හා බැම්මක් වේද එය ආර්ය මාර්ග නමැති කඩුවෙන් සිඳ ‘සෙලං හෙත්‍වාන දුබ්භිදං’ යනු යම්කිසි නොදන්නාකමකින් බිඳ දමන්ට නොහැකි නොදත් බව නමැති පර්වතය (අඤ්ඤාණසෙලං) වජ්රයක් හා සමාන වූ නුවණින් බිඳ දමා සතර වැදෑරුම් ඕඝයන්ගෙන් එතරව එයින් එතෙර පිහිටි නිර්වාණයෙහි සිටි බැවින් එතර වූයේ, පරතෙරට ගියේ වෙයි. අරමුණ අනුව භාවනා කිරීම හා චරිත ලක්ෂණය අනුව භාවනා කිරීම යන ක්‍රම දෙකින්ම ධ්‍යාන වැඩීය. මුත්තො සො මාරබන්ධනා යනු ඒ මෙබඳු ලක්ෂණ ඇති රහතන් වහන්සේ සියළුම කෙලෙස් මාර බන්ධනවලින් මිදුනේ වෙන්වූයේ තමන් අරමුණු කරගෙනම තෙරණුවෝ පවසති.
අථෙකදිවසං ථෙරො, අත්තනො සද්ධිවිහාරිකං එකං භික්ඛුං අකල්යාණමිත්තසංසග්ගෙන කුසීතං හීනවීරියං උද්ධතං උන්නළං විහරන්තං දිස්වා, ඉද්ධියා තත්ථ ගන්ත්වා, තං “මා, ආවුසො, එවං කරි, අකල්යාණමිත්තෙ පහාය කල්යාණමිත්තෙ සෙවන්තො සමණධම්මං කරොහී”ති ඔවදි. සො ථෙරස්ස වචනං නාදියි. ථෙරො තස්ස අනාදියනෙන ධම්මසංවෙගප්පත්තො පුග්ගලාධිට්ඨානාය කථාය මිච්ඡාපටිපත්තිං ගරහන්තො සම්මාපටිපත්තිං විවෙකවාසඤ්ච පසංසන්තො –
ඉක්බිති එක්දිනක් තෙරුන් වහන්සේ තමාගේ සද්ධිවිහාරික එක් භික්ෂුවක් කල්‍යාණ නොවූ මිත්‍ර සංසර්ගයෙන් යුක්ත වූයේ කම්මැලිව හීන වූ වීර්ය ඇතිව නොසන්සුන් සිත් ඇතිව අහංකාරව වාසය කරනු දැක ඍද්ධියෙන් එහි ගොස් ඔහුට ඇවැත්නි, මෙසේ නොකරන්න. කල්‍යාණ නොවූ මිත්‍රයන් අත්හැර කල්‍යාණ මිත්‍රයන් සේවනය කරමින් ශ්‍රමණ ධර්මයන් ආරක්ෂා කරන්න යැයි අවවාද කළේය. ඔහු තෙරුන්ගේ වචනය පිළිගත්තේ නැත. තෙරුන් වහන්සේ ඔහුගේ මේ නොපිළිගැනීමෙන් ධර්ම සංවේගයට පත්වූයේ පුද්ගලයන් අරමුණු කරගෙන කරන්නා වූ කථාවෙන් මිථ්‍යා ප්‍රතිපත්ති ගැරහීමට ලක් කරන්නේ විවේක වාසය පසසන්නේ,
“උද්ධතො චපලො භික්ඛු, මිත්තෙ ආගම්ම පාපකෙ; සංසීදති මහොඝස්මිං, ඌමියා පටිකුජ්ජිතො.
“උද්ධතො චපලො භික්ඛු මිත්තෙ ආගම්ම පාපකෙ, සංසීදති මහොසස්මිං ඌමියා පටිකුජ්ජිතො”
“අනුද්ධතො අචපලො, නිපකො සංවුතින්ද්රියො; කල්යාණමිත්තො මෙධාවී, දුක්ඛස්සන්තකරො සියා.
“අනුද්ධතො අචපලො නිපකො සංවුතින්ද්රියො, කල්‍යාණ මිත්තො මෙධාවී දුක්ඛස්සන්තකරො සියා”
“කාලපබ්බඞ්ගසඞ්කාසො, කිසො ධමනිසන්ථතො; මත්තඤ්ඤූ අන්නපානස්මිං, අදීනමනසො නරො.
“කාලපබ්බඞ්ග සංකාසො කිසො ධමනිසන්ථතො, මත්තඤ්ඤු අන්නපානස්මිං අදීනමානසො නරො”
“ඵුට්ඨො ඩංසෙහි මකසෙහි, අරඤ්ඤස්මිං බ්රහාවනෙ; නාගො සඞ්ගාමසීසෙව, සතො තත්රාධිවාසයෙ.
“ඵුට්ඨො ඩංසෙහි මකසෙහි අරඤ්ඤස්මිං බ්රහාවනෙ, නාගො සංගාමසීසෙව සතො තත්රාධිවාසයෙ”
“නාභිනන්දාමි මරණං…පෙ… සම්පජානො පතිස්සතො.
“නාභිනන්දාමි මරණං -පෙ- පරිචිණ්ණො මයාසත්ථා -පෙ-”
“පරිචිණ්ණො මයා සත්ථා…පෙ… භවනෙත්ති සමූහතා.
“යස්ස චත්ථාය පබ්බජිතො, අගාරස්මානගාරියං; සො මෙ අත්ථො අනුප්පත්තො, කිං මෙ සද්ධිවිහාරිනා”ති. –
“යස්සත්ථාය පබ්බජිතො අගාරස්මා නගාරියං, සො මෙ අත්ථො අනුප්පත්තො කිං මෙ සද්ධිවිහාරිනා ති”
ඉමා ගාථා අභාසි.
මේ ගාථා ප්‍රකාශ කළේය.
තත්ථ උද්ධතොති උද්ධච්චයුත්තො අසමාහිතො වික්ඛිත්තචිත්තො. චපලොති පත්තචීවරමණ්ඩනාදිනා චාපල්යෙන සමන්නාගතො ලොලපකතිකො. මිත්තෙ ආගම්ම පාපකෙති අකල්යාණමිත්තෙ නිස්සාය සමණධම්මං අකරොන්තො. සංසීදති මහොඝස්මිං, ඌමියා පටිකුජ්ජිතොති යථා මහාසමුද්දෙ පතිතපුරිසො සමුද්දවීචීහි ඔත්ථටො සීසං උක්ඛිපිතුං අලභන්තො තත්ථෙව සංසීදති, එවං සංසාරමහොඝස්මිං පරිබ්භමන්තො කොධුපායාසඌමියා පටිකුජ්ජිතො ඔත්ථටො විපස්සනාවසෙන පඤ්ඤාසීසං උක්ඛිපිතුං අලභන්තො තත්ථෙව සංසීදති.
එහි උද්ධතො යනු නොසන්සුන්තාවයෙන් යුත් විසිරීගිය සිත් ඇති යන අර්ථයි. චපලො යනු පාසිවුරු සැරසීම් ආදී චපල බැවින් යුක්ත වූ ලොල් බව ස්වභාවකොට ඇති යන අර්ථයි. මිත්තෙ ආගම්ම පාපකෙ යනු කල්‍යාණ මිත්‍රයන් නොවූවන් නිසා ශ්‍රමණ ධර්මයන් නොකරන්නේ. සංසීදති මහොසස්මිං ඌමියා පටිකුජ්ජිතො යනු යම්සේ මහ මුහුදෙහි වැටුනා වූ තැනැත්තා මුහුදු රැල්ලෙන් ඔසවන ලද්දේ හිස ඔසවන්නට නොහැකි වූයේ එහිම ගිලෙයි. මෙසේ සංසාර නමැති මහා සැඩ පහරෙහි කරකැවෙන්නේ ක්‍රෝධ නමැති රළ පහරින් යටකරන ලද්දේ ඔසවන ලද්දේ විදර්ශනා වශයෙන් ප්‍රඥා නමැති හිස ඔසවන්නට නොහැකි වන්නේ එහිම කිඳා බසී.
නිපකොති නිපුණො, අත්තත්ථපරත්ථෙසු කුසලො. සංවුතින්ද්රියොති මනච්ඡට්ඨානං ඉන්ද්රියානං සංවරණෙන පිහිතින්ද්රියො. කල්යාණමිත්තොති කල්යාණෙහි මිත්තෙහි සමන්නාගතො. මෙධාවීති ධම්මොජපඤ්ඤාය සමඞ්ගීභූතො. දුක්ඛස්සන්තකරො සියාති සො තාදිසො සකලස්සාපි වට්ටදුක්ඛස්ස අන්තකරො භවෙය්ය.
නිපකො යනු දක්ෂ ආත්මාර්ථයෙහි හා පරාර්ථයෙහි දක්ෂ. සංවුතින්ද්රියො යනු මනස සයවැනි කොට ඇති ඉන්ද්රියයන් සංවර කරගැනීමෙන් වසන ලද ඉඳුරන් ඇති යන අර්ථයි. කල්‍යාණ මිත්තො යනු යහපත් වූ මිත්‍රයන්ගෙන් යුක්ත වූ. මෙධාවී යනු ධර්මෝජ ප්‍රඥාවෙන් යුක්ත වූයේ. දුක්ඛස්සන්තකරො සියා යනු එබඳු වූ ඔහු සියළුම සසර දුක් අවසන් කරන්නෙක් වන්නේය.
කාලපබ්බඞ්ගසඞ්කාසොතිආදි විවෙකාභිරතිකිත්තනං. නාභිනන්දාමීතිආදි පන කතකිච්චභාවදස්සනං. තං සබ්බං හෙට්ඨා (ථෙරගා· අට්ඨ· 2.607) වුත්තත්ථමෙව. ඔසානෙ පන කිං මෙ සද්ධිවිහාරිනාති අත්තනො සද්ධිවිහාරිකං සන්ධාය වුත්තං. තස්මා එදිසෙන දුබ්බචෙන අනාදරෙන සද්ධිවිහාරිනා කිං මෙ පයොජනං එකවිහාරොයෙව මය්හං රුච්චතීති අත්ථො.
කාලපබ්බංගසංඛාසො යන්නෙන් කලින් කියූ පරිදි විවේකයෙහි ඇලුම්බව වර්ණනා කිරීමයි. නාභිනන්දාමි ආදිය වනාහි කරන ලද කෘත්‍ය ඇති බව පිළිබඳ සියල්ල පහත කියන ලද අර්ථයටය. අවසානයෙහිදී වනාහි කිං මෙ සද්ධිවිහාරිකා යනුවෙන් තමන්ගේ සද්ධිවිහාරිකයා අරභයා කියන ලදී. ඒ නිසා මෙවැනි අකීකරු හිතෛශීභාවයක් නැති සද්ධිවිහාරිකයකුගෙන් මට කුමන ප්‍රයෝජනයක්ද? හුදෙකලා ජීවත්වීමම මට රුචි වන්නේය යන අර්ථයි.
එවං පන වත්වා ඡද්දන්තදහමෙව ගතො. තත්ථ ද්වාදස වස්සානි වසිත්වා උපකට්ඨෙ පරිනිබ්බානෙ සත්ථාරං උපසඞ්කමිත්වා පරිනිබ්බානං අනුජානාපෙත්වා තත්ථෙව ගන්ත්වා පරිනිබ්බායි.
මෙසේ කියා ඡද්දන්ත විලටම ගියේ එහි දොළොස් අවුරුද්දක් වාසය කර පිරිනිවන් පෑමට ආසන්න කාලයෙහි බුදුන් වෙත පැමිණ පිරිනිවන් පෑමට අවසරය ලබාගෙන එහිම ගොස් පිරිනිවන්පෑ සේක.
අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථේර ගාථා වර්ණනාව නිමියේය.