උදායිත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
උදායිත්ථෙරගාථාවණ්ණනා
උදායී ස්ථවිරගාථා වර්ණනාව
මනුස්සභූතන්තිආදිකා ආයස්මතො උදායිත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනිත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කපිලවත්ථුස්මිං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා උදායීති ලද්ධනාමො වයප්පත්තො සත්ථු ඤාතිසමාගමෙ බුද්ධානුභාවං දිස්වා, පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තයො හි ඉමෙ උදායිත්ථෙරා අමච්චපුත්තො පුබ්බෙ ආගතො කාළුදායී, කොවරියපුත්තො ලාලුදායී, අයං බ්රාහ්මණපුත්තො මහාඋදායීති. ස්වායං එකදිවසං සත්ථාරා සෙතවාරණං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං මහාජනෙන පසංසියමානං අට්ඨුප්පත්තිං කත්වා නාගොපමසුත්තන්තෙ (අ· නි· 6.43) දෙසිතෙ දෙසනාපරියොසානෙ අත්තනො ඤාණබලානුරූපං සත්ථු ගුණෙ අනුස්සරිත්වා, බුද්ධාරම්මණාය පීතියා සමුස්සාහිතමානසො “අයං මහාජනො ඉමං තිරච්ඡානගතං නාගං පසංසති, න බුද්ධමහානාගං. හන්දාහං බුද්ධමහාගන්ධහත්ථිනො ගුණෙ පාකටෙ කරිස්සාමී”ති සත්ථාරං ථොමෙන්තො –
මනුස්සභූතං යන ආදිය ආයුෂ්මත් උදායි තෙරුන්ගේ ගාථාවන්ය. මොහු ද පෙර බුදුවරුන් වෙත දී කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ ආත්මභාවවලදී සසරට පිහිට වන පින් රැස්කර දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත්ථුස්මිං යනු බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද උදායී. උදායියැයි ලබන ලද නම් ඇත්තේ වැඩිවිය පත්වූයේ බුදුන්ගේ නෑ සමාගමයෙහි බුදුන්ගේ ආනුභාව දැක හටගත් ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වී විදර්ශනා සඳහා උත්සාහ ගන්නේ නොබෝ කලකින් රහත්බවට පත්විය. උදායි තෙරුන් තුන් නමකි. පළමු පැමිණි අමාත්‍ය පුත්‍රයා කාළුදායි. කොවරියපුත්ර ලාලුදායි. මෙහි කියන ලද බ්‍රාහ්මණ පුත්‍රයා මහාඋදායි නම් වේ. ඒ ඔහු එක්දිනක් භාග්‍යවතුන් වහන්සේ, මහජනයා විසින් ප්‍රශංසා කරනු ලබන සියළු අලංකාරයෙන් යුත් සුදු ඇතෙකු අරමුණු කරගෙන නාගොපම සූත්‍රාන්තය දේශනා කරන ලද කල්හි දේශනා අවසානයෙහි තමන්ගේ ඥාන බලයට අනුරූප ලෙස බුදු ගුණ සිහිපත්කොට බුද්ධාරම්මණ ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇත්තේ මේ මහජනයා මේ තිරිසන්ගත හස්තියකු වර්ණනා කරති. බඳු බුදුන් මහා හස්තියකු බඳු බුදුන්වහන්සේට ප්‍රශංසා නොකරති. ඒ නිසා මම ඒ බුද්ධ මහා හස්තිරාජයාගේ ගුණයන් ප්‍රකට කරන්නෙමියි බුද්ධගුණ ගයන්නේ
“මනුස්සභූතං සම්බුද්ධං, අත්තදන්තං සමාහිතං; ඉරියමානං බ්රහ්මපථෙ, චිත්තස්සූපසමෙ රතං.
මනුස්සභූතං සම්බුද්ධං අත්තදන්තං සමාහිතං, ඉරිමානං බ්රහ්මපථෙ චිත්තස්සූපසමෙ රතං.
“යං මනුස්සා නමස්සන්ති, සබ්බධම්මාන පාරගුං; දෙවාපි තං නමස්සන්ති, ඉති මෙ අරහතො සුතං.
යං මනුස්සා නමස්සන්ති සබ්බධම්මානපාරගුං, දෙවාපි තං නමස්සන්ති ඉතිමෙ අරහතො සුතං.
“සබ්බසංයොජනාතීතං , වනා නිබ්බනමාගතං; කාමෙහි නෙක්ඛම්මරතං, මුත්තං සෙලාව කඤ්චනං.
සබ්බසංයොජනාතීතං වනා නිබ්බානමාගතං, කාමෙහි නෙක්ඛම්මරතං මුත්තං සෙලාව කඤ්චනං.
“ස වෙ අච්චරුචි නාගො, හිමවාවඤ්ඤෙ සිලුච්චයෙ; සබ්බෙසං නාගනාමානං, සච්චනාමො අනුත්තරො.
සචෙ අච්චනතරුචී නාගො හිමවාවඤ්ඤෙ සිලුච්චයෙ, සබ්බෙසං නාගනාමානං සච්චනාමො අනුත්තරො.
“නාගං වො කිත්තයිස්සාමි, න හි ආගුං කරොති සො; සොරච්චං අවිහිංසා ච, පාදා නාගස්ස තෙ දුවෙ.
නාගං වො කිත්තයිස්සාමි නහි ආගුං කරොති සො, සොරච්චං අවිහිංසා ච පාදා නාගස්ස තෙ දුවෙ.
“සති ච සම්පජඤ්ඤඤ්ච, චරණා නාගස්ස තෙපරෙ; සද්ධාහත්ථො මහානාගො, උපෙක්ඛාසෙතදන්තවා.
සතිච සම්පජඤ්ඤඤ්ච චරණා නාගස්ස තෙපරෙ, සද්ධානාහත්ථො මහානාගො උපෙක්ඛා සෙතදන්තවා.
“සති ගීවා සිරො පඤ්ඤා, වීමංසා ධම්මචින්තනා; ධම්මකුච්ඡිසමාවාසො, විවෙකො තස්ස වාලධි.
සතිගීවා සිරොපඤ්ඤා වීමංසා ධම්මචින්තනා, ධම්මකුච්ඡි සමාවාසො විවෙකො තස්සවාලධී.
“සො ඣායී අස්සාසරතො, අජ්ඣත්තං සුසමාහිතො; ගච්ඡං සමාහිතො නාගො, ඨිතො නාගො සමාහිතො.
සො ඣායී අස්සාසරතො අජ්ඣත්තං සුසමාහිතො, ගච්ඡං සමාහිතො නාගො ඨිතො නාගො සමාහිතො.
“සයං සමාහිතො නාගො, නිසින්නොපි සමාහිතො; සබ්බත්ථ සංවුතො නාගො, එසා නාගස්ස සම්පදා.
සයං සමාහිතො නාගො නිසින්නොපි සමාහිතො, සබ්බත්ථ සංවුතො නාගො එසා නාගස්ස සම්පදා.
“භුඤ්ජති අනවජ්ජානි, සාවජ්ජානි න භුඤ්ජති; ඝාසමච්ඡාදනං ලද්ධා, සන්නිධිං පරිවජ්ජයං.
භුඤ්ජති අනවජ්ජානි සාවජ්ජානි න භුඤ්ජති, සාසං අච්ඡාදනං ලද්ධා සන්නිධිං පරිවජ්ජයෙ.
“සංයොජනං අණුං ථූලං, සබ්බං ඡෙත්වාන බන්ධනං; යෙන යෙනෙව ගච්ඡති, අනපෙක්ඛොව ගච්ඡති.
සංයොජනං අණුංථූලං සබ්බං ජෙත්වාන බන්ධනං, යෙ යෙනෙව ගච්ඡති අනපෙක්ඛොව ගච්ඡති.
“යථාපි උදකෙ ජාතං, පුණ්ඩරීකං පවඩ්ඪති; නොපලිප්පති තොයෙන, සුචිගන්ධං මනොරමං.
යථාපි උදකෙ ජාතං පුණ්ඩරීකං පවඩ්ඪති, නොපලිම්පති තොයෙන සුචි ගන්ධං මනොරමං.
“තථෙව ච ලොකෙ ජාතො, බුද්ධො ලොකෙ විහරති; නොපලිප්පති ලොකෙන, තොයෙන පදුමං යථා.
තථෙව ච ලොකෙ ජාතො බුද්ධො ලොකෙ විහරති, නොපලිම්පති ලොකෙන තොයෙන පදුමං යථා.
“මහාගිනි පජ්ජලිතො, අනාහාරොපසම්මති; අඞ්ගාරෙසු ච සන්තෙසු, නිබ්බුතොති පවුච්චති.
මහාගිනි පජ්ජලිතො අනාහාරොපසම්මති, අංගාරෙසු වසන්තෙසු නිබ්බුතොති පවුච්චති.
“අත්ථස්සායං විඤ්ඤාපනී, උපමා විඤ්ඤූහි දෙසිතා; විඤ්ඤිස්සන්ති මහානාගා, නාගං නාගෙන දෙසිතං.
අත්ථස්සායං විඤ්ඤාපනී උපමා විඤ්ඤූහි දෙසිතා, විඤ්ඤිස්සන්ති මහානාගා නාගං නාගෙන දෙසිතං.
“වීතරාගො වීතදොසො, වීතමොහො අනාසවො; සරීරං විජහං නාගො, පරිනිබ්බිස්සත්යනාසවො”ති. –
වීතරාගො වීතදොසො වීතමොහො අනාසවො, සරීරං විජහං නාගො පරිනිබ්බිස්සත්යනාසවො’ති.
ඉමා ගාථා අභාසි;
මේ ගාථා ප්‍රකාශ කළේය.
තත්ථ මනුස්සභූතන්ති මනුස්සෙසු භූතං, නිබ්බත්තං; මනුස්සත්තභාවං වා පත්තං. සත්ථා හි ආසවක්ඛයඤාණාධිගමෙන සබ්බගතිවිමුත්තොපි චරිමත්තභාවෙ ගහිතපටිසන්ධිවසෙන “මනුස්සො”ත්වෙව වොහරීයතීති. ගුණවසෙන පන දෙවානං අතිදෙවො, බ්රහ්මානං අතිබ්රහ්මා. සම්බුද්ධන්ති සයමෙව බුජ්ඣිතබ්බබුද්ධවන්තං. අත්තදන්තන්ති අත්තනායෙව දන්තං. භගවා හි අත්තනායෙව උප්පාදිතෙන අරියමග්ගෙන චක්ඛුතොපි…පෙ… මනතොපි උත්තමෙන දමථෙන දන්තො. සමාහිතන්ති අට්ඨවිධෙන සමාධිනා මග්ගඵලසමාධිනා ච සමාහිතං. ඉරියමානං බ්රහ්මපථෙති චතුබ්බිධෙපි බ්රහ්මවිහාරපථෙ, බ්රහ්මෙ වා සෙට්ඨෙ ඵලසමාපත්තිපථෙ සමාපජ්ජනවසෙන පවත්තමානං. කිඤ්චාපි භගවා න සබ්බකාලං යථාවුත්තෙ බ්රහ්මපථෙ ඉරියති, තත්ථ ඉරියසාමත්ථියං පන තන්නින්නතඤ්ච උපාදාය “ඉරියමාන”න්ති වුත්තං. චිත්තස්සූපසමෙ රතන්ති චිත්තස්ස උපසමහෙතුභූතෙ සබ්බසඞ්ඛාරසමථෙ, නිබ්බානෙ, අභිරතං. යං මනුස්සා නමස්සන්ති, සබ්බධම්මාන පාරගුන්ති යං සම්මාසම්බුද්ධං සබ්බෙසං ඛන්ධායතනාදිධම්මානං අභිඤ්ඤාපාරගූ, පරිඤ්ඤාපාරගූ, පහානපාරගූ, භාවනාපාරගූ, සච්ඡිකිරියපාරගූ, සමාපත්තිපාරගූති ඡධා පාරගුං පරමුක්කංසගතසම්පත්තිං ඛත්තියපණ්ඩිතාදයො මනුස්සා නමස්සන්ති. ධම්මානුධම්මපටිපත්තියා පූජෙන්තා කායෙන වාචාය මනසා ච තන්නින්නා තප්පොණා තප්පබ්භාරා හොන්ති. දෙවාපි තං නමස්සන්තීති න කෙවලං මනුස්සා එව, අථ ඛො අපරිමාණාසු ලොකධාතූසු දෙවාපි තං නමස්සන්ති. ඉති මෙ අරහතො සුතන්ති එවං මයා ආරකත්තාදීහි කාරණෙහි අරහතො, භගවතො, ධම්මසෙනාපතිආදීනඤ්ච “සත්ථා දෙවමනුස්සාන”න්තිආදිකං වදන්තානං සන්තිකෙ එවං සුතන්ති දස්සෙති.
එහි මනුස්සභූතං යනු මනුෂ්‍යයන් අතර වූ, මිනිසුන් අතර උපන්නා වූ, ශාස්තෲන් වහන්සේ වනාහි ආශ්‍රව ක්ෂය කර ඥානය අවබෝධ කර ගැනීම නිසා සියළු ගතිවලින් මිදුනේ නමුත් අවසාන ආත්ම භාවයේදී ගන්නා ලද ප්රතිසන්ධි වශයෙන් මනුෂ්යයැයි ව්‍යවහාර කරනු ලැබේ. ගුණ වශයෙන් වනාහි දෙවියන්ට අතිදේව වූ බ්‍රහ්මයන්ට අතිබ්‍රහ්ම වූයේය. සම්බුද්ධං යනු තමා විසින්ම අවබෝධ කරගත් බුදුබව. අත්තදන්තං යනු තමා විසින් දමනය කරන ලද. භාග්‍යවතුන් වහන්සේ වනාහි තමා විසින්ම උපදවා ගත් ආර්ය මාර්ගයෙන් ඇසින්, මනසින් ආදී වශයෙන් උතුම් දමනයෙන් දැමුණු බවට පත්වූයේ. සමාහිතං යනු අටවැදෑරුම් සමාධියෙන් හා මාර්ගඵල සමාධියෙන් යුක්ත වූ. ඉරිමානං චක්ඛුපථෙහි යනු සතරවැදෑරුම් බ්‍රහ්මවිහාර මාර්ගයෙහි. බ්‍රහ්මයා කෙරෙහි හෝ උතුම් වූ ඵලසමාපත්ති මාර්ගයෙහි සමවැදීම් වශයෙන් පවත්නා වූ, කෙසේ වෙතත් භාග්‍යවතුන් වහන්සේ සැමකල්හිම ඉහත කියූ බ්‍රහ්ම මාර්ගයේ හැසිරෙන්නේ නැත. සතර බඹ විහරණ මාර්ග සඵලත්වය හා එයට නැඹුරු වූ බව අරමුණු කරගෙන ඉරිමානං යැයි කියන ලදී. චිත්තස්සූපසමෙ රතං යනු සිත සංසිඳීමට හේතුභූත වූ සියළු සංස්කාරයන් දමනය කරනු ලබන නිර්වාණයෙහි ඇළුණු සිත් ඇත්තේ. යං මනුස්සා නමස්සන්ති සබ්බධම්මානපාරගු යනු යම් බුදුවරයාණන් කෙනෙක් සියළුම ඛන්ධ, ආයතන ආදී ධර්මයන් පිළිබඳ අභිඤ්ඤාපාරගු පරිඤ්ඤාපාරගු පහාන පාරගු භාවනා පාරගු සච්ඡිකිරියා පාරගු සමාපත්ති පාරගු යන සයවැදෑරුම් පාරගු යනු එතර වූ - ඉක්මවා ගිය යන අර්ථයි. අභිඤ්ඤා - විශේෂ ඥානය, පරිඤ්ඤා සම්පූර්ණ අවබෝධය, පහාන - සියළු කෙලෙස් ප්‍රහීණ කිරීම, භාවනා - භාවනාව, සච්ඡිකිරියා ප්රත්යක්ෂ කරගැනීම, සමාපත්ති - සමාපත්තිය යන සය වැදෑරුම් පරතෙරට ගිය අවබෝධය අන් අයට වඩා උසස් තත්ත්වයට පත් පරම අවබෝධ ගුණය ක්ෂත්රිය පණ්ඩිත ආදී මනුෂ්‍යයෝ නමස්කාර කරත්. ධර්මානුධර්ම ප්රතිපත්තිවලින් පුදන්නාහු කයින්, වචනයෙන්, සිතින් (උන්වහන්සේට) අවනත වූවාහු වෙත්. දෙවාපිතං නමස්සන්ති හුදෙක් මිනිසුන් පමණක් නොවේ. ඉක්බිති අප්‍රමාණ වූ ලෝකධාතූන්හි දෙවිවරු උන්වහන්සේ නමස්කාර කරත්. ඉති මෙ අරහතො සුතං යනු මෙසේ මා විසින් අරකත්වය ආදී කරුණුවලින් (ආරක යනු කෙලෙසුන් කෙරෙන් ඈත් වූ යන අරුතින් රහතන් වහන්සේට පමණක් යොදන විශේෂණයක්) අර්හත් වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම සේනාපති හිමියන් ආදීන් ද ‘සත්ථා දේවමනුස්සානං’ යනාදිය ප්‍රකාශ කරන්නවුන්ගේ සමීපයෙන්ද මෙසේ අසන ලදී යනුවෙන් දක්වයි.
සබ්බසංයොජනාතීතන්ති සබ්බානි දසපි සංයොජනානි යථාරහං චතූහි මග්ගෙහි සහ වාසනාය අතික්කන්තං. වනා නිබ්බනමාගතන්ති කිලෙසවනතො තබ්බිරහිතං නිබ්බනං උපගතං. කාමෙහි නෙක්ඛම්මරතන්ති සබ්බසො කාමෙහි නික්ඛමිත්වා පබ්බජ්ජාඣානවිපස්සනාදිභෙදෙ නෙක්ඛම්මෙ අභිරතං. මුත්තං සෙලාව කඤ්චනන්ති අසාරතො නිස්සටසාරසභාවත්තා සෙලතො නිස්සටකඤ්චනසදිසං දෙවාපි තං නමස්සන්තීති යොජනා.
සබ්බසංයොජනාතීතන්ති යනු සියළුම දස සංයෝජනයන් සුදුසු පරිදි සෝවාන් ආදී සිව් මගින් සවාසනා ගුණයෙන් ඈත් වූ. වනානිබ්බානමාගතන්ති කෙලෙස් නමැති වනයෙන් උපද්‍රව රහිත නිර්වාණයට පැමිණි. කාමෙහි නික්ඛම්මරතන්ති යනු සර්වප්රකාරයෙන් කාමයන්ගෙන් නික්ම පැවිද්ද-ධ්‍යාන-විදර්ශනා ආදි ප්‍රභේදයන්ගෙන් යුත් නෛෂ්ක්‍රම්‍යයෙහි ඇළුණු සිත් ඇති. මුත්තං සෙලාවකඤ්චනන්ති යනු අසාර වශයෙන්, සාරවත් බවෙන් තොර, දෙවාපිතං නමස්සන්තීති යනු යෙදීමය.
ස වෙ අච්චරුචි නාගොති සො එකංසතො ආගුං න කරොති, පුනබ්භවං න ගච්ඡති; නාගො විය බලවාති. “නාගො”ති ලද්ධනාමො සම්මාසම්බුද්ධො, අච්චරුචීති අත්තනො කායරුචියා ඤාණරුචියා ච සදෙවකං ලොකං අතික්කමිත්වා රුචි, සොභි. යථා කිං? හිමවාවඤ්ඤෙ සිලුච්චයෙ, යථා හි හිමවා පබ්බතරාජා අත්තනො ථිරගරුමහාසාරභාවාදීහි ගුණෙහි අඤ්ඤෙ පබ්බතෙ අතිරොචති, එවං අතිරොචතීති අත්ථො. සබ්බෙසං නාගනාමානන්ති අහිනාගහත්ථිනාගපුරිසනාගානං, සෙඛාසෙඛපච්චෙකබුද්ධනාගානං වා. සච්චනාමොති සච්චෙනෙව නාගනාමො. තං පන සච්චනාමතං “න හි ආගුං කරොතී”තිආදිනා සයමෙව වක්ඛති.
සචෙ අච්චන්ත රුචිනාගො යනු ඔහු නිශ්චිත වශයෙන්ම වරදක් (පාපයක්) නොකරයි. පුනර්භවයකට නොයයි. හස්තියෙක් මෙන් බලවත්ය යන අර්ථයෙන් ‘නාගො’ යන නම ලබන ලද සම්බුදුරජාණන් වහන්සේ අතිශයින් ප්‍රියබව ඇත්තේ තමන්ගේ ශරීර ප්‍රසන්නතාවයෙන් හා බුද්ධි ප්‍රසන්නතාවයෙන් දෙවියන් සහිත ලෝකය ඉක්මවා සෝභමාන විය. ඒ කෙසේද? හිමවාවඤ්ඤෙ සිලුච්චයෙ යනු යම්සේ වනාහි හිමාලය පර්වත රාජයා තම ස්ථිරසාරභාවය ආදී ගුණයන්ගෙන් අනිත් පර්වත අභිබවා බබලයි. මෙසේ බබලන්නේයැයි අර්ථ ගත යුතුයි. සබ්බෙසං නාග නාවානන්ති යනු සර්ප නාග, හස්ති නාග, පුරිස නාගයන්ට සේඛ අසේඛ පසේබුදු-නාගයන්ට හෝ සච්චනාමො ති යනු ඇත්තටම නාග යන නමින් යුත් එය වනාහි සත්‍ය නාමයක් ඇති බව නහි ආගුං කරොති (පව් නොකරන්නේය) ආදියෙන් තමාම කියයි.
ඉදානි බුද්ධනාගං අවයවතො ච දස්සෙන්තො නාමතො තාව දස්සෙතුං “න හි ආගුං කරොති සො”ති ආහ. යස්මා ආගුං, පාපං, සබ්බෙන සබ්බං න කරොති, තස්මා නාගොති අත්ථො. සොරච්චන්ති සීලං. අවිහිංසාති කරුණා. තදුභයං සබ්බස්සපි ගුණරාසිස්ස පුබ්බඞ්ගමන්ති, කත්වා බුද්ධනාගස්ස පුරිමපාදභාවො තස්ස යුත්තොති ආහ “පාදා නාගස්ස තෙ දුවෙ”ති.
දැන් බුද්ධ නාගයන්ව අවයව වශයෙන්ද දක්වන්නේ පළමුව නම් වශයෙන් දැක්වීමට න හි ආගුං කරොති සො යැයි කීය. යම්හෙයකින් වරදක් පාපයක් කිසිම අයුරකින් නොකරයි. ඒ නිසා නාගො යන අර්ථය පැවසේ. සොරච්චං යනු සීලයයි. අවිහිංසා යනු කරුණාවයි. මේ දෙක සියළු ගුණ සමූහයන්ට පෙරටුකොට යන අර්ථයෙන් බුද්ධ නාගයාගේ ඉදිරිපා දෙකින් යුක්තයැයි කීය. පාදා නාගස්ස තෙ දුවෙ ති යනුවෙනි.
අපරපාදභාවෙන වදන්තො “සති ච සම්පජඤ්ඤඤ්ච, චරණා නාගස්ස තෙපරෙ”ති ආහ. “ත්යාපරෙ”ති වා පාඨො. තෙ අපරෙත්වෙව පදවිභාගො. අනවජ්ජධම්මානං ආදානෙ සද්ධා හත්ථො එතස්සාති, සද්ධාහත්ථො. සුපරිසුද්ධවෙදනා ඤාණප්පභෙදා උපෙක්ඛා සෙතදන්තා තෙ එතස්ස අත්ථීති, උපෙක්ඛාසෙතදන්තවා.
පසුපස පා දෙක ගැන දක්වමින් සතිච සම්පජඤ්ඤඤ්ච චරණානාගස්ස තෙපරෙ සිහියද මනා අවධානයද ඇතාගේ අනිත් පා දෙකයි යැයි කීය. ත්යාපරෙතිවා යැයිද පාඨයක් ඇත. තෙ අපරෙ යනුවෙන් පදවිභාග දතයුතුයි. නිවැරදි ධර්මයන්ගේ ගැනීමේදී ශ්‍රද්ධා නමැති අත යමෙකුටද හේ ‘සද්ධාහත්ථො’ නම් වේ. අති පරිශුද්ධ වේදනා ඤාණ ප්‍රභේද වශයෙන් උපෙක්ෂාව නමැති සුදු දන්තයන් මොහුට ඇත්තේනුයි උපෙක්ඛා සෙතදන්තා යැයි කීහ.
උත්තමඞ්ගං පඤ්ඤා, තස්සා අධිට්ඨානං සතීති ආහ “සති ගීවා සිරො පඤ්ඤා”ති. වීමංසා ධම්මචින්තනාති යථා ඛාදිතබ්බාඛාදිතබ්බස්ස සොණ්ඩාය පරාමසනං ඝායනඤ්ච හත්ථිනාගස්ස වීමංසා නාම හොති, එවං බුද්ධනාගස්ස කුසලාදිධම්මචින්තනා වීමංසා. සමා වසන්ති එත්ථාති, සමාවාසො, භාජනං කුච්ඡි එව සමාවාසො, අභිඤ්ඤාසමථානං ආධානභාවතො සමථවිපස්සනාසඞ්ඛාතො ධම්මො කුච්ඡිසමාවාසො එතස්සාති ධම්මකුච්ඡිසමාවාසො. විවෙකොති උපධිවිවෙකො. තස්සාති බුද්ධනාගස්ස. වාලධි, පරියොසානඞ්ගභාවතො.
සිරස ප්රඥාවයි. එහි අධිෂ්ඨානය සිහියයි යන්න සතිගීවාසිරො පඤ්ඤා යැයි කීහ. විමංසා ධම්මචින්තනා යනු යම්සේ අනුභව කළයුතු දෙය සොඬෙන් පිරිමැදීම හා ඉවකර බැලීමද හස්ති නාගයාගේ වීමංසාවයි. මෙසේ බුද්ධ නාගයාගේ කුසල ආදිය පිළිබඳ චින්තනය වීමංසාවයි. සමාවසන්ති එත්ථ මෙහි වසන්නේනුයි සමාවාසො කුසෙහි වාසය - අභිඤ්ඤා සමථ ආදිය දැඩිව ගැනීමෙන් සමථ විපස්සනා සංඛ්‍යාත ධර්මයන් කුසෙහි වසන්නේ මොහුගේනුයි ධම්මකුච්ඡි සමාවාස නම් වේ. විවෙකොති. විවෙකො යනු උපධි විවේකයයි. තස්සාති තස්ස යනු බුද්ධ නාගයාගේ වල්ගය අවසානය දක්වා පැවැති බැවින්,
ඣායීති ආරම්මණූපනිජ්ඣානෙන ච ඣායනසීලො. අස්සාසරතොති පරමස්සාසභූතෙ නිබ්බානෙ රතො. අජ්ඣත්තං සුසමාහිතොති විසයජ්ඣත්තෙ ඵලසමාපත්තියං සුට්ඨු සමාහිතො තදිදං සමාධානං සුට්ඨු සබ්බකාලිකන්ති දස්සෙතුං “ගච්ඡං සමාහිතො නාගො”තිආදි වුත්තං. භගවා හි සවාසනස්ස උද්ධච්චස්ස පහීනත්තා වික්ඛෙපාභාවතො නිච්චං සමාහිතොව. තස්මා යං යං ඉරියාපථං කප්පෙති, තං තං සමාහිතොව කප්පෙසීති.
ඣායී යනු අරමුණු හා ලක්ෂණ පිළිබඳවම ධ්‍යාන වඩන ස්වභාවය ඇති. අස්සාරතො යනු උතුම් වූ ආස්වාදයක් ඇති නිර්වාණයෙහි ඇලුණු සිතැත්තේ. අජ්ඣත්තං සුසමාහිතො යනු අධ්‍යාත්මික ඵල සමාපත්තියෙහි මනාව පිහිටි සිතැත්තේ, මේ යහපත් වූ සමාධිය සර්වකාලීන යැයි දක්වන්නට ගච්ඡං සමාහිතො නාගො (යන්නා වූ මනාව හික්මුනා වූ නාගයා) යනාදිය ප්‍රකාශ කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ වනාහි සවාසන සකල ක්ලේශයන් හා උද්ධච්චය ප්‍රහීණ කළ බැවින් වික්ෂෙපයක් නොමැති බැවින් නිරන්තරයෙන් තැන්පත් වූ සිත් ඇති බැවින් යම් යම් ඉරියාපථයක් සුදුසු වන්නේද එයට සමාධිගතව ගතකරන්නේය.
සබ්බත්ථාති, සබ්බස්මිං ගොචරෙ, සබ්බස්මිඤ්ච ද්වාරෙ සබ්බසො පිහිතවුත්ති. තෙනාහ – “සබ්බං කායකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්ත”න්තිආදි (නෙත්ති· 15). එසා නාගස්ස සම්පදාති එසා “න හි ආගුං කරොති සො”තිආදිනා “සම්බුද්ධ”න්තිආදිනා එව වා යථාවුත්තා වක්ඛමානා ච බුද්ධගන්ධහත්ථිනො සම්පත්ති ගුණපරිපුණ්ණා.
සබ්බත්ථා’ති යනු සියළුම ගොදුරුවන දෙයෙහි, සියළුම ද්වාරයන්හි සර්වප්‍රකාරයෙන්ම වසන ලද පැවැත්ම ඇති. ඒ නිසා මෙසේ කියන ලදී. සබ්බං කායකම්මං ඤාණපුබ්බංගමං ඤාණානුපරිවත්තං (සියළුම කාය කර්මයන් ඤාණය පෙරටුකොට පවත්නා). එසනාගස්ස සම්පදා යනුවෙන් ඔහු වරදක් නොකරයි. ආදී ලෙස සම්බුද්ධං යනාදි විධියෙන්ම කියන ලද පරිදි බුද්ධ නමැති ගන්ධ හස්තිරාජයාගේ සම්පත් ගුණයෝ පරිපූර්ණ වූහ.
භුඤ්ජති අනවජ්ජානීති සම්මාජීවස්ස උක්කංසපාරමිප්පත්තියා භුඤ්ජති අගරහිතබ්බානි, මිච්ඡාජීවස්ස සබ්බසො සවාසනානඤ්ච පහීනත්තා සාවජ්ජානි ගරහිතබ්බානි න භුඤ්ජති අනවජ්ජානි භුඤ්ජන්තො ච සන්නිධිං පරිවජ්ජයං භුඤ්ජතීති යොජනා.
භුඤ්ජති අනවජ්ජානි යනු සම්මා ආජීවයේ උසස්ම තත්ත්වයට පත් බැවින් නින්දා කළ නොහැකි දේ පරිභෝජනය කරයි. මිච්ඡාජීවය සවාසනා සහිතව ප්‍රහීණ කළ බැවින් සාවද්‍ය වූ නින්දා කටයුතු වූ දේ පරිභෝජනය නොකරයි. අනවජ්ජානි භුඤ්ජන්තොව සන්නිධිං පරිවජ්ජයං භුඤ්ජති යනුවෙන් යෙදිය යුතුයි.
සංයොජනන්ති වට්ටදුක්ඛෙන සද්ධිං සන්තානං සංයොජනතො වට්ටෙ ඔසීදාපනසමත්ථං දසවිධම්පි සංයොජනං. අණුං ථූලන්ති ඛුද්දකඤ්චෙව මහන්තඤ්ච. සබ්බං ඡෙත්වාන බන්ධනන්ති මග්ගඤාණෙන අනවසෙසං කිලෙසබන්ධනං ඡින්දිත්වා. යෙන යෙනාති යෙන යෙන දිසාභාගෙන.
සංයෝජනං යනු සසර දුක සමග සසරෙහි ගිල්වනු හැකි දසවැදෑරුම් සංයෝජනයන්. අණුංථූලං යනු කුඩා හා විශාලය. පබ්බ ජෙත්වාන බන්ධනං යනු මාර්ග ඤාණයෙන් සියළු කෙලෙස් බැඳීම් සිඳ දමා. යෙනයෙන යනු යම් යම් දිශාවකින්,
යථා හි උදකෙ ජාතං පුණ්ඩරීකං උදකෙ පවඩ්ඪති නොපලිප්පති තොයෙන, අනුපලෙපසභාවත්තා, තථෙව ලොකෙ ජාතො බුද්ධො ලොකෙ විහරති, නොපලිප්පති ලොකෙන තණ්හාදිට්ඨිමානලෙපාභාවතොති යොජනා.
යම්සේ ජලයේ හටගත් නෙලුම ජලයෙහි වැඩෙයි. ජලය ස්පර්ශ නොකරයි. ස්පර්ශ නොවීම් වශයෙන් එසේම ලොව උපන්නා වූ භාග්‍යවතුන් වහන්සේ තණ්හා දිට්ඨි මාන වශයෙන් ලෝකය සමග ස්පර්ශවීම නැතිව ජීවත් වෙයි.
ගිනීති අග්ගි. අනාහාරොති අනින්ධනො.
ගිනි යනු ගින්දරයි. අනාහාරො යනු ඉන්ධන රහිත.
අත්ථස්සායං විඤ්ඤාපනීති සත්ථු ගුණසඞ්ඛාතස්ස උපමෙය්යත්ථස්ස විඤ්ඤාපනී, පකාසනී අයං නාගූපමා. විඤ්ඤූහීති සත්ථු පටිවිද්ධචතුසච්චධම්මං පරිජානන්තෙහි අත්තානං සන්ධාය වදති. විඤ්ඤිස්සන්තීතිආදි කාරණවචනං, යස්මා නාගෙන මයා දෙසිතං නාගං තථාගතගන්ධහත්ථිං මහානාගා ඛීණාසවා අත්තනො විසයෙ ඨත්වා විජානිස්සන්ති, තස්මා අඤ්ඤෙසං පුථුජ්ජනානං ඤාපනත්ථං අයං උපමා අම්හෙහි භාසිතාති අධිප්පායො.
අත්ථස්සායං විඤ්ඤාපනී යනු ශාස්තෲන් වහන්සේගේ ගුණසංඛ්යාත වූ උපමෙය දක්වනු කැමැති, ප්‍රකාශ කරනු කැමැති මේ නාග උපමාවයි. විඤ්ඤුහි යනු ශාස්තෲන් වහන්සේ විසින් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය දන්නවුන් විසින්, තමා පිළිබඳව කියයි. විඤ්ඤිස්සන්ති යනු හේතුකාරණායි. යම්හෙයකින් නාග වූ මා විසින් දේශනා කරන ලද නාගයා වනාහි තථාගත ගන්ධ හස්තියාය. මහානාග වූ රහතන් වහන්සේලා තමන්ගේ විෂයයෙහි පිහිටා දැනගනිත්. ඒ නිසා අනික් පෘථග්ජනයන්ට දැනගැනීම පිණිස මේ උපමාව අප විසින් කියන ලදී යන බලාපොරොත්තුවයි.
සරීරං විජහං නාගො, පරිනිබ්බිස්සත්යනාසවොති බොධිමූලෙ සඋපාදිසෙසපරිනිබ්බානෙන අනාසවො සම්මාසම්බුද්ධනාගො, ඉදානි සරීරං අත්තභාවං විජහන්තො ඛන්ධපරිනිබ්බානෙන පරිනිබ්බායිස්සතීති.
සරීරං විජහං නාගො පරිනිබ්බිස්සත්යනාසවො යනු සම්මා සම්බුදු හස්ති රාජයාණෝ බෝධි මූලයේදී සඋපාදිසේස පරිනිර්වාණයෙන් ආශ්රවයන්ගෙන් මිදුනේ දැන් ආත්මභාවය අත්හරින්නේ ස්ඛන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්නේය යනුවෙන්,
එවං චුද්දසහි උපමාහි මණ්ඩෙත්වා, සොළසහි ගාථාහි, චතුසට්ඨියා පාදෙහි සත්ථු ගුණෙ වණ්ණෙන්තො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා දෙසනං නිට්ඨාපෙසි.
මෙසේ උපමා චතුර්දශයකින් සකසා ගාථා සොළසකින් හා පද හැටහතරකින් බුදුගුණ වර්ණනා කරන්නේ අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් දේශනාව නිමකළහ.
උදායිත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
උදායි ථේර ගාථා වර්ණනාව නිමියේය.
සොළසකනිපාතවණ්ණනා නිට්ඨිතා.
සොළොස්වන නිපාත වර්ණනාව සමාප්තය.