අධිමුත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අධිමුත්තත්ථෙරගාථාවණ්ණනා
අධිමුත්ත ස්ථවිරගාථා වර්ණනාව
වීසතිනිපාතෙ යඤ්ඤත්ථං වාතිආදිකා ආයස්මතො අපරස්ස අධිමුත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො සත්ථරි පරිනිබ්බුතෙ භික්ඛුසඞ්ඝං උපට්ඨහන්තො මහාදානානි පවත්තෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ ආයස්මතො සංකිච්චත්ථෙරස්ස භගිනියා කුච්ඡිම්හි නිබ්බත්ති, අධිමුත්තොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො මාතුලත්ථෙරස්ස සන්තිකෙ පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො සාමණෙරභූමියංයෙව ඨිතො අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.4.84-88) –
විසිවන නිපාතයෙහි යඤ්ඤත්ථං යනාදී වූ ආයුෂ්මත් අධිමුත්ත තෙරුන්ගේ ගාථාවන්ය. උන්වහන්සේද පෙර බුදුවරයන් සමීපයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ භවවල පින් රැස් කරන්නේ අත්ථදස්සී බුදුන් කල පොහොසත් කුලයක ඉපිද ව්‍යක්ත බවට පත්ව බුදුන් පිරිනිවන්පෑ කල්හි භික්ෂු සංඝයාට උපස්ථාන කරන්නේ මහදන් පැවැත්වීය. ඔහු ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පත්ති කාලයෙහි ආයුෂ්මත් සංකිච්ච තෙරුන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. අධිමුත්ත යැයි මොහුට නම් ලැබිණ. ඔහු වැඩිවිය පත්වූයේ තම මාමා වූ තෙරුන්වහන්සේ ලඟ පැවිදිව විදර්ශනා වඩන්නේ සාමණේර අවස්ථාවේදීම රහත් බවට පත්විය. එබැවින් අපදානයෙහි මෙසේ කියන ලදී.
“නිබ්බුතෙ ලොකනාථම්හි, අත්ථදස්සීනරුත්තමෙ; උපට්ඨහිං භික්ඛුසඞ්ඝං, විප්පසන්නෙන චෙතසා.
ලෝකයට පිහිට වූ උතුම් අත්ථදස්සී බුදුන්වහන්සේ පිරිනිවන්පෑ කල්හි පහන් සිතින් භික්ෂු සංඝයාට උපස්ථාන කළේය.
“නිමන්තෙත්වා භික්ඛුසඞ්ඝං, උජුභූතං සමාහිතං; උච්ඡුනා මණ්ඩපං කත්වා, භොජෙසිං සඞ්ඝමුත්තමං.
ඍජු ගුණෝපේත වූ සමාහිත වූ සිත් ඇති සංඝරත්නයට ආරාධනාකොට මණ්ඩපයක් සාදවා උතුම් සංඝරත්නයට උක්ගස් වැළඳවීය.
“යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථමානුසං; සබ්බෙ සත්තෙ අභිභොමි, පුඤ්ඤකම්මස්සිදං ඵලං.
යම් යම් දේව ආත්මයක හෝ මනුෂ්‍ය ආත්මයක උපදින්නෙම්ද මේ පින් බලයෙන්, සියළු සත්ත්වයන් පරදවා ඉදිරියෙන් සිටින්නෙමි.
“අට්ඨාරසෙ කප්පසතෙ, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, උච්ඡුදානස්සිදං ඵලං.
එකල්හි කල්ප දහඅටක් යම් දානයක් දුන්නෙම්ද, දුගතියක නූපදින්නෙමි. ඒ මේ උක්ගස් දානයේ ඵලවිපාකයයි.
“පටිසම්භිදා චතස්සො…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් තවන ලදී. බුදුන්ගේ අවවාදය ඉටු කළෙමි.
අරහත්තං පන පත්වා සමාපත්තිසුඛෙන වීතිනාමෙන්තො උපසම්පජ්ජිතුකාමො “මාතරං ආපුච්ඡිස්සාමී”ති මාතු සන්තිකං ගච්ඡන්තො අන්තරාමග්ගෙ දෙවතාය බලිකම්මකරණත්ථං මංසපරියෙසනං චරන්තෙහි පඤ්චසතෙහි චොරෙහි සමාගච්ඡි. චොරා ච තං අග්ගහෙසුං “දෙවතාය බලි භවිස්සතී”ති. සො චොරෙහි ගහිතොපි අභීතො අච්ඡම්භී විප්පසන්නමුඛොව අට්ඨාසි. තං දිස්වා චොරගාමණිඅච්ඡරියබ්භුතචිත්තජාතො පසංසන්තො –
රහත්බවට පැමිණ සමාපත්ති සුවයෙන් කල්ගෙවන්නේ උපසපන් වනු කැමැත්තේ මවගෙන් විමසන්නෙමියි මව් සමීපයට යන්නේ අතරමගදී දේවතාවියකට බිලිපූජාවක් කිරීම සඳහා මස් සොයමින් ඇවිදින්නා වූ සොරුන් පන්සියයකට මුනගැසිණ. දේවතාවියට බිල්ලක් වේවායි ඔහුවද සොරු අල්ලා ගත්හ. සොරුන් විසින් අල්ලාගන්නා ලද නමුත් භය නැතිව තැති ගැන්මකින් තොරව ප්‍රසන්න මුහුණින් යුතුව සිටියේය. ඔහුව දැක පුදුමයට පත් සිත් ඇති සොරදෙටුවා ඔහුට ප්‍රශංසා වශයෙන්.
“යඤ්ඤත්ථං වා ධනත්ථං වා, යෙ හනාම මයං පුරෙ; අවසෙසං භයං හොති, වෙධන්ති විලපන්ති ච.
යඤ්ඤත්ථං වා ධනත්ථං වා යෙ හනාම මයං පුරෙ, අවසෙ තං භයං හොති වෙධන්ති විලපන්ති ච.
“තස්ස තෙ නත්ථි භීතත්තං, භිය්යො වණ්ණො පසීදති; කස්මා න පරිදෙවෙසි, එවරූපෙ මහබ්භයෙ”ති. – ද්වෙ ගාථා අභාසි;
තස්ස තෙ නත්ථි භිතත්තං භීය්‍යො වණ්ණො පසීදති, කස්මා න පරිදෙවෙසි එවරූපෙ මහබ්භයෙ.
තත්ථ යඤ්ඤත්ථන්ති යජනත්ථං දෙවතානං බලිකම්මකරණත්ථං වා. වා-සද්දො විකප්පනත්ථො. ධනත්ථන්ති සාපතෙය්යහරණත්ථං. යෙ හනාම මයං පුරෙති යෙ සත්තෙ මයං පුබ්බෙ හනිම්හ. අතීතත්ථෙ හි ඉදං වත්තමානවචනං. අවසෙති අවසෙ අසෙරිකෙ කත්වා. තන්ති තෙසං. “අවසෙසන්ති”පි පඨන්ති. අම්හෙහි ගහිතෙසු තං එකං ඨපෙත්වා අවසෙසානං; අයමෙව වා පාඨො. භයං හොතීති මරණභයං හොති. යෙන තෙ වෙධන්ති විලපන්ති,චිත්තුත්රාසෙන වෙධන්ති , “සාමි, තුම්හාකං ඉදඤ්චිදඤ්ච දස්සාම, දාසා භවිස්සාමා”තිආදිකං වදන්තා විලපන්ති.
යනුවෙන් ගාථා දෙකක් පැවසීය. එහි යඤ්ඤත්ථං යනු යාගය පිණිස දෙවියන්ට බලි පූජාවක් කිරීම සඳහා යන අර්ථයි. ‘වා’ ශබ්දය විකල්ප අර්ථය සඳහාය. ධනත්ථං යනු සන්තක සියළු දේ පැහැරගැනීම සඳහාය. යෙ හනාම මයං පුරෙ සියළු දේ පැහැරගැනීම සඳහා. යෙ හනාම මයං පුරෙ යනු අපි පෙර යම් යම් සත්ත්වයන් ඝාතනය කෙළෙමුද යනුවෙන් අතීත අර්ථයෙහි වර්තමාන ක්‍රියාපදය යෙදීය. අවසෙ යනු ඉතිරි නොකොට, තං යනු ඔවුන්ගේ අවසෙස යැයිද පාඨයක් ඇත. අප විසින් අල්ලාගත් පසු එකකු හැර ඉතිරි අයට, අයං එව වා යනුවෙන් ද පාඨයක් ඇත. භයං හොති යනු මරණ භයයි. යම්හෙයකින් ඔව්හු කම්පාවෙත්ද, වැළපෙත්ද, සිතෙහි බිය නිසා කම්පාවෙත්ද ස්වාමීනි! නුඹලාට මේ මේ දේ දෙන්නෙමු. දාසබවට පත්වන්නෙමු ආදිය කියමින් වැළපෙත්.
තස්ස තෙති යො ත්වං අම්හෙහි දෙවතාය බලිකම්මත්ථං ජීවිතා වොරොපෙතුකාමෙහි උක්ඛිත්තාසිකෙහි සන්තජ්ජිතො, තස්ස තෙ. භීතත්තන්ති භීතභාවො, භයන්ති අත්ථො. භිය්යො වණ්ණො පසීදතීති පකතිවණ්ණතො උපරිපි තෙ මුඛවණ්ණො විප්පසීදති. ථෙරස්ස කිර තදා “සචෙ ඉමෙ මාරෙස්සන්ති, ඉදානෙවාහං අනුපාදාය පරිනිබ්බායිස්සාමි, දුක්ඛභාරො විගච්ඡිස්සතී”ති උළාරං පීතිසොමනස්සං උප්පජ්ජි. එවරූපෙ මහබ්භයෙති එදිසෙ මහති මරණභයෙ උපට්ඨිතෙ. හෙතුඅත්ථෙ වා එතං භුම්මවචනං.
තස්සතෙ යනු යම් ඒ නුඹ වනාහි අප විසින් දේවතාවියට බිලිදීම සඳහා මරණයට පත්කිරීමට ඔසවන ලද කඩු දැක බියට පත්වූයේ තැති ගනී. භීතං යනු බියසුළු බව. භයවෙත් යනු අර්ථයි. භීය්යොවණ්ණො පසීදති යනු ප්‍රකෘති වර්ණයටත් වඩා වැඩියෙන් තාගේ මුහුණෙහි පැහැය බබලයි. ඉදින් මොවුන් මා දැන්ම මරන්නේ නම් උපාදාන රහිතව පිරිනිවන් පාන්නෙමි. දුක් සමූහය බැහැර යන්නේ යැයි විශාල සොම්නසක් ඒ තෙරුන්ට ඇතිවිය. එවරූපෙ මහබ්භයෙ යනු මෙබඳු මහත් වූ මරණ බියක් එළඹි කල්හි හේත්වර්ථයෙහි මේ ආධාර වචනයයි.
ඉදානි ථෙරො චොරගාමණිස්ස පටිවචනදානමුඛෙන ධම්මං දෙසෙන්තො –
දැන් තෙරුන් වහන්සේ සොරදෙටුවාට පිළිතුරු දීමේ ස්වරූපයෙන් බණ කියන්නේ.
“නත්ථි චෙතසිකං දුක්ඛං, අනපෙක්ඛස්ස ගාමණි; අතික්කන්තා භයා සබ්බෙ, ඛීණසංයොජනස්ස වෙ.
නත්ථි චෙතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමණී, අතික්කන්තං භයා සබ්බෙ ඛීන සංයොජනස්ස චෙ.
“ඛීණාය භවනෙත්තියා, දිට්ඨෙ ධම්මෙ යථාතථෙ; න භයං මරණෙ හොති, භාරනික්ඛෙපනෙ යථා.
ඛීණාය භවනෙත්තියා දිට්ඨෙධම්මෙ යථා තථෙ, නභයං මරණෙ හොති භාරනික්ඛෙපණෙ යථා.
“සුචිණ්ණං බ්රහ්මචරියං මෙ, මග්ගො චාපි සුභාවිතො; මරණෙ මෙ භයං නත්ථි, රොගානමිව සඞ්ඛයෙ.
සුචිණ්ණං බ්රහ්මචරියං මෙ මග්ගෙචාපි සුභාවිනො, මරණෙ මෙ භයං නත්ථි රොගනමිව සංඛයෙ.
“සුචිණ්ණං බ්රහ්මචරියං මෙ, මග්ගො චාපි සුභාවිතො; නිරස්සාදා භවා දිට්ඨා, විසං පිත්වාව ඡඩ්ඩිතං.
සුචිණ්ණං බ්රහ්මචරියං මෙ මග්ගෙචාපි සුභාවිනො, නිරස්සාදා භවා දිට්ඨා විසං පීත්වාව ඡඩ්ඩිතං.
“පාරගූ අනුපාදානො, කතකිච්චො අනාසවො; තුට්ඨො ආයුක්ඛයා හොති, මුත්තො ආඝාතනා යථා.
පාරගු අනුපාදානො කත කිච්චො අනාසවො, තුට්ඨො ආයුක්ඛයා හොති මුත්තො ආඝාතනා යථා.
“උත්තමං ධම්මතං පත්තො, සබ්බලොකෙ අනත්ථිකො; ආදිත්තාව ඝරා මුත්තො, මරණස්මිං න සොචති.
උත්තමං ධම්මතං පත්තො සබ්බලොකෙ අනත්ථිකො, අදිත්තාච ඝරාමුත්තො මරණස්මිං න සොචති.
“යදත්ථි සඞ්ගතං කිඤ්චි, භවො වා යත්ථ ලබ්භති; සබ්බං අනිස්සරං එතං, ඉති වුත්තං මහෙසිනා.
යදත්ථි සංගතං කිඤ්චි භවො වා යත්ථ ලබ්භති, සබ්බං අනිස්සරං එතං ඉතිවුත්තං මහෙසිනා.
“යො තං තථා පජානාති, යථා බුද්ධෙන දෙසිතං; න ගණ්හාති භවං කිඤ්චි, සුතත්තංව අයොගුළං.
යො තං තථා පජානාති යථා බුද්ධෙන දෙසිතං, න ගණ්හාති භවං කිඤ්චි සුත්තතංච අයොගුලං.
“න මෙ හොති ‘අහොසි’න්ති, ‘භවිස්ස’න්ති න හොති මෙ; සඞ්ඛාරා විගමිස්සන්ති, තත්ථ කා පරිදෙවනා.
න මෙ හොති අහොසින්ති භවිස්සන්ති න හොතිමෙ, සංඛාරා විගමිස්සන්ති තත්ථ කා පරිදෙවනා.
“සුද්ධං ධම්මසමුප්පාදං, සුද්ධං සඞ්ඛාරසන්තතිං; පස්සන්තස්ස යථාභූතං, න භයං හොති ගාමණි.
සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සන්තතිං, පස්සන්තස්ස යථාභූතං නභයං හොති ගාමණී.
“තිණකට්ඨසමං ලොකං, යදා පඤ්ඤාය පස්සති; මමත්තං සො අසංවින්දං, ‘නත්ථි මෙ’ති න සොචති.
තිණකට්ඨසමං ලොකං යදා පඤ්ඤාය පස්සති, මමත්තං සො අසංවින්දං නත්ථි මෙති න සොචති.
“උක්කණ්ඨාමි සරීරෙන, භවෙනම්හි අනත්ථිකො; සොයං භිජ්ජිස්සති කායො, අඤ්ඤො ච න භවිස්සති.
උක්කණ්ඨාමි සරීරෙන භවෙනාම්හි අනත්ථිකො, සොයං භිජ්ජස්සති කායො අඤ්ඤොච න භවිස්සති.
“යං වො කිච්චං සරීරෙන, තං කරොථ යදිච්ඡථ; න මෙ තප්පච්චයා තත්ථ, දොසො පෙමඤ්ච හෙහිතී”ති. –
යං වො කිච්චං සරීරෙන තං කරොථ යදිච්ඡථ, න මෙ තප්පච්චයා තත්ථ දොසො පෙමඤ්ච හෙහිතී ති.
ඉමා ගාථා අභාසි.
මේ ගාථා ප්‍රකාශ කරන ලදී.
“තස්ස තං වචනං සුත්වා, අබ්භුතං ලොමහංසනං; සත්ථානි නික්ඛිපිත්වාන, මාණවා එතදබ්රවු”න්ති. –
ඔහුගේ පුදුම සහගත ලොමුදැහැගන්වන වචනය අසා ආයුධ පසෙක දමා ඒ මානවකයෝ මෙය කීවාහ.
අයං සඞ්ගීතිකාරෙහි වුත්තගාථා. ඉතො අපරා තිස්සො චොරානං, ථෙරස්ස ච වචනපටිවචනගාථා –
මෙය සංගායනා කාරක තෙරවරුන් විසින් කියන ලද ගාථාය. ඉන්පසුව එන ගාථා තුන සොරුන්ගේත් තෙරුන්ගේත් ප්‍රකාශන හා එයට පිළිතුරු ගාථාවන්ය.
“කිං භදන්තෙ කරිත්වාන, කො වා ආචරියො තව; කස්ස සාසනමාගම්ම, ලබ්භතෙ තං අසොකතා.
ස්වාමීනි, කවරනම් තපසක් කොට කවරනම් ගුරුවරයෙක් ඇතිව, කවරකුගේ ශාසනයට ඇතුළත්ව ඒ අසෝකී බව ලබනේද?
“සබ්බඤ්ඤූ සබ්බදස්සාවී, ජිනො ආචරියො මම; මහාකාරුණිකො සත්ථා, සබ්බලොකතිකිච්ඡකො.
සර්වඥ වූ සියල්ල දකින්නා වූ ජිනවරයන් වහන්සේ මගේ ගුරුවරයාය. මහා කාරුණික වූ ශාස්තෲන් වහන්සේ මුළු ලෝකයටම වෛද්‍යවරයෙකි.
“තෙනායං දෙසිතො ධම්මො, ඛයගාමී අනුත්තරො; තස්ස සාසනමාගම්ම, ලබ්භතෙ තං අසොකතා.
උන්වහන්සේ විසින් ක්‍ෂයගාමී වූ මේ ධර්මය දේශනා කරන ලදී. උන්වහන්සේගේ ශාසනයට ඇතුළත්ව ඒ අසෝකී බව ලබන්නේද?
“සුත්වාන චොරා ඉසිනො සුභාසිතං, නික්ඛිප්ප සත්ථානි ච ආවුධානි ච; තම්හා ච කම්මා විරමිංසු එකෙ, එකෙ ච පබ්බජ්ජමරොචයිංසු.
සොරු සාෂිවරයන් වහන්සේගේ සුභාෂිත වචනය අසා අවිආයුධ පසෙක දමා අයෙක් ඒ ක්‍රියාවන්ගෙන් ඉවත් වූහ. සමහර කෙනෙක් පැවිදිවීම රුචි කළහ.
“තෙ පබ්බජිත්වා සුගතස්ස සාසනෙ, භාවෙත්ව බොජ්ඣඞ්ගබලානි පණ්ඩිතා; උදග්ගචිත්තා සුමනා කතින්ද්රියා, ඵුසිංසු නිබ්බානපදං අසඞ්ඛත”න්ති. –
ඔව්හු සුගතයන් වහන්සේගේ සසුනෙහි පැවිදිව සෑම අයුරකින්ම බොජ්ඣංගබල වඩා ප්‍රීතිමත් සිතැත්තාහු යහපත් මනසක් ඇත්තාහු අසංඛත සංඛ්‍යාත වූ නිර්වාණ පදය ස්පර්ශ කළහ.
ඉමාපි සඞ්ගීතිකාරෙහි වුත්තගාථා.
තත්ථ නත්ථි චෙතසිකං දුක්ඛං, අනපෙක්ඛස්ස, ගාමණීති ගාමණි, අපෙක්ඛාය, තණ්හාය, අභාවෙන අනපෙක්ඛස්ස මාදිසස්ස, ලොහිතසභාවො පුබ්බො විය, චෙතසිකං දුක්ඛං දොමනස්සං නත්ථි, දොමනස්සාභාවාපදෙසෙන භයාභාවං වදති. තෙනාහ “අතික්කන්තා භයා සබ්බෙ”ති. අතික්කන්තා භයා සබ්බෙති ඛීණසංයොජනස්ස අරහතො පඤ්චවීසති මහාභයා, අඤ්ඤෙ ච සබ්බෙපි භයා එකංසෙන අතික්කන්තා අතීතා, අපගතාති අත්ථො.
එහි නත්ථි චෙතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමණී යනු දෙටුව, බලාපොරොත්තු සහිත තණ්හාව නැති මා වැන්නකුට තැතිගැන්මක් හෝ පෙර මෙන් චෛතසික දුකක්, දොම්නසක් නැත. දොම්නසක් නැති බව පැවසීමෙන් භයක් නැති බව කියයි. ඒ නිසා කියන ලදී. සියළු බිය ඉක්මවන ලදී. අතික්කන්තා භයා සබ්බෙ යනු ක්ෂය වූ සංයෝජන ඇති රහතන් වහන්සේගේ විසිපස් වැදෑරුම් මහා භයද අනිකුත් සියළු භයද ඒකාන්ත වශයෙන් ඉවත්ව ගිය, පහව ගිය, නැතිව ගිය යන අර්ථයි.
දිට්ඨෙ ධම්මෙ යථාතථෙති චතුසච්චධම්මෙ පරිඤ්ඤාපහානසච්ඡිකිරියභාවනාවසෙන මග්ගපඤ්ඤාය යථාභූතං දිට්ඨෙ. මරණෙති මරණහෙතු. භාරනික්ඛෙපනෙ යථාති යථා කොචි පුරිසො සීසෙ ඨිතෙන මහතා ගරුභාරෙන සංසීදන්තො තස්ස නික්ඛෙපනෙ, අපනයනෙ න භායති, එවං සම්පදමිදන්ති අත්ථො. වුත්තඤ්හෙතං භගවතා –
දිට්ඨෙ ධම්මෙ යථා තථෙති යනු චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කරගැනීමෙන්, කෙලෙස් ප්රහාණය සාක්ෂාත් කරගැනීමෙන් හා භාවනා වශයෙන් මාර්ග ප්‍රඥාවෙන් ඇති තතු දුටුකල්හි මරණෙ යනු මරණ හේතුවයි. හාරනික්ඛෙපණෙ යථා යනු යම්සේ කිසියම් පුරුෂයෙක් හිසෙහි තබාගෙන සිටිය විශාල බරකින් නිදහස් වන්නේ එය බිම තැබීමෙහි බියක් ඇතිකර නොගනී. මෙබඳු තත්ත්වයක් ලැබීම යනු අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී.
“භාරා හවෙ පඤ්චක්ඛන්ධා, භාරහාරො ච පුග්ගලො; භාරාදානං දුඛං ලොකෙ, භාරනික‍්ඛෙපනං සුඛ”න්ති. (සං· නි· 3.22);
භාරා භවෙ පඤ්චක්ඛන්ධො භාරහාරොච පුග්ගලො, භාරාදානං දුඛං ලොකෙ භාර නික්ඛෙපණං සුඛං.
(බර උසුලන්නා වූ පුද්ගලයාට ඒකාන්ත වශයෙන් පඤ්චස්කන්ධයෝ බර වෙත්. මේ බර උසුලා ගැනීම ලෝකයේ දුකයි. බර බිම තැබීම සැපය.)
සුචිණ්ණන්ති සුට්ඨු චරිතං. බ්රහ්මචරියන්ති, සික්ඛත්තයසඞ්ගහං සාසනබ්රහ්මචරියං. තතො එව මග්ගො චාපි සුභාවිතො අට්ඨඞ්ගිකො අරියමග්ගොපි සම්මදෙව භාවිතො. රොගානමිව සඞ්ඛයෙති යථා බහූහි රොගෙහි අභිභූතස්ස ආතුරස්ස රොගානං සඞ්ඛයෙ පීතිසොමනස්සමෙව හොති, එවං ඛන්ධරොගසඞ්ඛයෙ මරණෙ මාදිසස්ස භයං නත්ථි.
සුචිණ්ණන්ති මනා චරිතය. බ්රහ්මචරියං යනු ශික්ෂාත්රය අඩංගු ශාසන බ්‍රහ්මචරියයි. එයින්ම මාර්ගය මනාව වඩන ලද්දේ ආර්ය අෂ්ඨාංගික මාර්ගගයද මනාව වඩනා ලද්දේ. රොගානමිව සංඛයෙ යනු බොහෝ රෝගයන්ගෙන් මඩිනා ලද්දා වූ රෝගියාගේ අසනීප අඩුවීගෙන යනවිට ප්‍රීතියත් සතුටක්ම ඇතිවෙයි. එපරිද්දෙන් ස්කන්ධ රෝග සංඛ්‍යාත මරණයෙහි මා වැන්නකුට බියක් නැත.
නිරස්සාදා භවා දිට්ඨාති තීහි දුක්ඛතාහි අභිභූතා, එකාදසහි අග්ගීහි ආදිත්තා, තයො භවා නිරස්සාදා, අස්සාදරහිතා, මයා දිට්ඨා. විසං පිත්වාව ඡඩ්ඩිතන්ති පමාදවසෙන විසං පිවිත්වා තාදිසෙන පයොගෙන ඡඩ්ඩිතං විය මරණෙ මෙ භයං නත්ථීති අත්ථො.
නිරස්සාදා භවාදිට්ඨා යනු තුන්වැදෑරුම් දුක්වලින් මඩනා ලද එකොලොස් ගින්නකින් දැවෙන්නා වූ භවත්‍රය ආශ්වාද රහිත බව මා විසින් දකින ලදී. වීසං පීත්වාජඩ්ඪිතං යනු ප්‍රමාද වශයෙන් විස පානය කර එලෙසම ඉවත දමන්නාක් මෙන් මට මරණය පිළිබඳව බියක් නැත යන අර්ථයි.
මුත්තො ආඝාතනා යථාති යථා චොරෙහි මාරණත්ථං ආඝාතනං නීතො කෙනචි උපායෙන තතො මුත්තො හට්ඨතුට්ඨො හොති, එවං සංසාරපාරං, නිබ්බානං, ගතත්තා පාරගූ, චතූහිපි උපාදානෙහි අනුපාදානො, පරිඤ්ඤාදීනං සොළසන්නං කිච්චානං කතත්තා කතකිච්චො කාමාසවාදීහි අනාසවො, ආයුක්ඛයා ආයුක්ඛයහෙතු තුට්ඨො සොමනස්සිකො හොති.
මුත්තො ආඝාතනායථා යනු යම්සේ සොරුන් විසින් මැරීම සඳහා ගෙනයන ලද්දේ කිසියම් උපායකින් එයින් මිදුනේ තුටු පහටු වූයේ වෙයි. එසේ සසර පරතෙරට ගිය බැවින් උපාදාන සතරින් නිදහස් වූයේ පරිඤ්ඤ ආදී සොළොස් කෘත්‍යයන් කළ බැවින් කතකිච්ච නම් වේ. කාමාසව ආදියෙන් තොර වූයේ ආයුක්ෂය හේතුවෙන් සතුටු වූයේ සොම්නස් වූයේ වෙයි.
උත්තමන්ති සෙට්ඨං. ධම්මතන්ති, ධම්මසභාවං. අරහත්තෙ සිද්ධෙ සිජ්ඣනහෙතු ඉට්ඨාදීසු තාදිභාවං. සබ්බලොකෙති සබ්බලොකස්මිම්පි, දීඝායුකසුඛබහුලතාදිවසෙන සංයුත්තෙපි ලොකෙ. අනත්ථිකොති, අනපෙක්ඛො. ආදිත්තාව ඝරා මුත්තොති යථා කොචි පුරිසො සමන්තතො ආදිත්තතො පජ්ජලිතතො ගෙහතො නිස්සටො, තතො නිස්සරණනිමිත්තං න සොචති, එවං ඛීණාසවො මරණනිමිත්තං න සොචති.
උත්තමං යනු ශ්‍රේෂ්ඨයි. ධම්මතන්ති යනු ධර්ම ස්වභාවයයි. රහත් බව සිද්ධ වූ කල්හි එය සඵලවීමේ හේතුවෙන් ප්‍රීතියට පත්වූ සබ්බලොකෙ යනු මුළු ලෝකයෙහි දීර්ඝායුෂ ආදී සැප බහුල බව ආදී වශයෙන් ලෝකයෙහි අනත්ථිකො යනු අපේක්ෂාවක් නැති. ආදිත්තාව ඝරා මුත්තා යනු යම්සේ යම් පුරුෂයෙක් හාත්පසින්ම ගින්නෙන් ගිනිගෙන දිලිසෙන ගෙයකින් නික්මගියේ එයින් පිටවීම නිමිති කරගෙන ශෝක නොකරයි. මෙසේ ක්ෂීණාශ්රවයන් වහන්සේ මරණය නිමිති කරගෙන ශෝක නොකරයි.
යදත්ථි සඞ්ගතං කිඤ්චීති යංකිඤ්චි ඉමස්මිං ලොකෙ අත්ථි, විජ්ජති, උපලබ්භති සඞ්ගතං, සත්තෙහි සඞ්ඛාරෙහි වා සමාගමො, සමොධානං. “සඞ්ඛත”න්තිපි පාඨො, තස්ස යංකිඤ්චි පච්චයෙහි සමච්ච සම්භුය්ය කතං, පටිච්චසමුප්පන්නන්ති අත්ථො. භවො වා යත්ථ ලබ්භතීති යස්මිං සත්තනිකායෙ යො උපපත්තිභවො ලබ්භති. සබ්බං අනිස්සරං එතන්ති සබ්බමෙතං ඉස්සරරහිතං, න එත්ථ කෙනචි “එවං හොතූ”ති ඉස්සරියං වත්තෙතුං සක්කා. ඉති වුත්තං මහෙසිනාති “සබ්බෙ ධම්මා අනත්තා”ති එවං වුත්තං මහෙසිනා සම්මාසම්බුද්ධෙන. තස්මා “අනිස්සරං එත”න්ති පජානන්තො මරණස්මිං න සොචතීති යොජනා.
යදත්ථිසංගතං කිඤ්චි යනු මේ ලෝකයෙහි යම්කිසි දෙයක් තිබේද විද්‍යමාන වෙයිද ලබයිද සත්ත්වයන් විසින් රැස්කරන ලදද සංඛාරයන් සමග එක්වීමක් වේද ඒ ඒකරාශී වීමයි. සංඛතං යන පාඨයන්ද ඇත. එයට යම්කිසි හේතුප්‍රත්‍යයන් එක්ව කරන ලද හේතුවක් නිසා උපන්නා වූ යන අර්ථයි. භවොවායත්ථ ලබ්භතී යනු යම් ඒ සප්ත යෝනිවල යමෙක් උපත ලබයි යන අර්ථයි. සබ්බං අහිස්සිරං එතං යනු මේ සියල්ල බලරහිතය. මෙහිදී කිසිවකු විසින් මෙසේ විය යුතුයයි බලයක් පතුරුවන්නට නොහැකි වෙයි. ඉතිවුත්තං මහෙසිනා යනු සියළු ධර්මයෝ අනාත්මයහ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී. ඒ නිසා මෙය බලයක් නැති බව දැනගන්නා ඇත්තා මරණයේදී ශෝක නොකරයි යන යෙදුමයි.
න ගණ්හාති භවං කිඤ්චීති යො අරියසාවකො “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”තිආදිනා (ධ· ප· 277) යථා බුද්ධෙන භගවතා දෙසිතං, තථා තං භවත්තයං විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය පජානාති. සො යථා කොචි පුරිසො සුඛකාමො දිවසං සන්තත්තං අයොගුළං හත්ථෙන න ගණ්හාති, එවං කිඤ්චි ඛුද්දකං වා මහන්තං වා භවං න ගණ්හාති, න තත්ථ තණ්හං කරොතීති අත්ථො.
න ගණහාති භවං කිඤ්චි යනු යම් ආර්ය ශ්‍රාවකයෙක් සියළු සංස්කාරයෝ අනිත්‍යය යනාදි ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදද එසේම ඒ භවත්‍රය විදර්ශනා ප්‍රඥා සහිත මාර්ග ඥානයෙන් වටහා ගනීද ඒ කිසියම් පුරුෂයෙක් සැප කැමැත්තේ දිනක් රත්වූ යකඩ ගුලියක් අතින් අල්ලා නොගනීද එසේ යම්කිසි කුඩා හෝ මහත් වූ හෝ භවයක් නොගනීද එහි ආශාවක් නොකරයි යන අර්ථයි.
න මෙ හොති “අහොසි”න්ති “අතීතමද්ධානං අහං ඊදිසො අහොසි”න්ති අත්තදිට්ඨිවසෙන න මෙ චිත්තප්පවත්ති අත්ථි දිට්ඨියා සම්මදෙව උග්ඝාටිතත්තා, ධම්මසභාවස්ස ච සුදිට්ඨත්තා. “භවිස්ස”න්ති න හොති මෙති තතො එව “අනාගතමද්ධානං අහං එදිසො කථං නු ඛො භවිස්සං භවෙය්ය”න්ති එවම්පි මෙ න හොති. සඞ්ඛාරා විගමිස්සන්තීති එවං පන හොති “යථාපච්චයං පවත්තමානා සඞ්ඛාරාව, න එත්ථ කොචි අත්තා වා අත්තනියං වා, තෙ ච ඛො විගමිස්සන්ති , විනස්සිස්සන්ති, ඛණෙ ඛණෙ භිජ්ජිස්සන්තී”ති. තත්ථ කා පරිදෙවනාති එවං පස්සන්තස්ස මාදිසස්ස තත්ථ සඞ්ඛාරගතෙ කා නාම පරිදෙවනා.
නමෙ හොති අහොසිං යනු අතීතයෙහි මම මෙබඳු වූයෙමි යනුවෙන් ආත්ම දෘෂ්ටි වශයෙන් මගේ සිතෙහි පැවැත්මක් නැත. දෘෂ්ටියෙන් මනාව මිදුණු බැවින් ධර්ම ස්වභාවය මනාව දුටු බැවින්, භවිස්සන්ති න හොතිමෙ එයින්ම අනාගත කාලයෙහි මට මෙබඳු වූ කවරෙක් වන්නේද මෙසේද මට නොවන්නේය. සංඛාරා විගම්ස්සන්ති යනු මෙසේ වනාහි වෙයි. ප්රත්යනුරූපව පවත්නා වූ සංස්කාර මිස මෙහි කිසියම් ආත්මයක් හෝ ආත්මීය වූවක් නැත. ඒවාද නැතිව යන්නේය. විනාශ වන්නේය. මොහොතක් පාසා බිඳී යන්නේය. තත්ථ කා පරිදෙවනා යනු මෙසේ බලන්නා වූ මා වැන්නකුට එහි සංස්කාරයන්ගේ නැතිව යාමේ කවරනම් වැලපීමක්ද?
සුද්ධන්ති කෙවලං, අත්තසාරෙන අසම්මිස්සං. ධම්මසමුප්පාදන්ති පච්චයපච්චයුප්පන්නධම්මසමුප්පත්තිං අවිජ්ජාදිපච්චයෙහි සඞ්ඛාරාදිධම්මමත්තප්පවත්තිං. සඞ්ඛාරසන්තතින්ති කිලෙසකම්මවිපාකප්පභෙදසඞ්ඛාරපබන්ධං. පස්සන්තස්ස යථාභූතන්ති සහ විපස්සනාය මග්ගපඤ්ඤාය යාථාවතො ජානන්තස්ස.
සුද්ධං යනු හුදෙක් පිරිසිදු, ආත්ම සාරයෙන් මිශ්‍ර නොවූ ධම්ම සමුප්පාදං යනු ප්‍රත්‍යය හා ප්‍රත්‍ය හේතුවෙන් උපන් ධර්ම සමූහය, අවිද්‍යා ආදී හේතූන් නිසා සංස්කාර ආදී ස්වභාවයන්ගේ පැවැත්ම, සංඛාරසන්තතිං යනු ක්ලේශ කර්ම විපාක ප්‍රභේද සංඛ්‍යාත සංස්කාර සමූහය පස්සන්තස්ස යථාභූතං යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් ඇති පරිදි දැනගන්නහුගේ,
තිණකට්ඨසමං ලොකන්ති යථා අරඤ්ඤෙ අපරිග්ගහෙ තිණකට්ඨෙ කෙනචි ගය්හමානෙ අපරස්ස “මය්හං සන්තකං අයං ගණ්හතී”ති න හොති, එවං සො අසාමිකතාය තිණකට්ඨසමං සඞ්ඛාරලොකං යදා පඤ්ඤාය පස්සති, සො තත්ථ මමත්තං අසංවින්දං අසංවින්දන්තො අලභන්තො අකරොන්තො. නත්ථි මෙති “අහු වත සොහං, තං මෙ නත්ථී”ති න සොචති.
තිණකට්ඨසමං ලොකං යනු යම්සේ වනයෙහි කාටවත් අයත් නැති තණ පඳුරක් යම්කිසි කෙනෙක් ගැනීමට සූදානම් වනවිට කෙනෙක් මා සතු මෙය ගන්න කියා කීමක් සිදුනොවන්නේය. මෙසේ ඔහු අයිතිකාරයෙක් නැති තණ පඳුරකට සමාන වූ සංස්කාර ලෝකය යම්දිනක ප්‍රඥාවෙන් දකීද ඔහු එහි මමත්වයක් නොදකින්නේ නොලබන්නේය. නොකරන්නේය. නත්ථිමෙ යනු ඒ මම එය මට නැත්තේ යැයි ශෝක නොකරයි.
උක්කණ්ඨාමි සරීරෙනාති අසාරකෙන අභිනුදෙන දුක්ඛෙන අකතඤ්ඤුනා අසුචිදුග්ගන්ධජෙගුච්ඡපටික්කූලසභාවෙන ඉමිනා කායෙන උක්කණ්ඨාමි ඉමං කායං නිබ්බින්දන්තො එවං තිට්ඨාමි. භවෙනම්හි අනත්ථිකොති සබ්බෙනපි භවෙන අනත්ථිකො අම්හි, න කිඤ්චි භවං පත්ථෙමි. සොයං භිජ්ජිස්සති කායොති අයං මම කායො ඉදානි තුම්හාකං පයොගෙන අඤ්ඤථා වා අඤ්ඤත්ථ භිජ්ජිස්සති. අඤ්ඤො ච න භවිස්සතීති අඤ්ඤො කායො මය්හං ආයතිං න භවිස්සති, පුනබ්භවාභාවතො.
උක්කණ්ඨාමි සරීරෙන යනු අසාර වූ හටගත්තා වූ අකෘතඥ බවෙන් අසූචි දුගඳ හමන ජුගුප්සාජනක පිළිකුල් ස්වභාවයෙන් මේ ශරීරය පිළිබඳව කළකිරෙමි. මේ ශරීරය පිළිබඳව කළකිරෙන්නේ මෙසේ සිටිමි. භවෙ නාම්හි අනත්ථිකො යනු සියළුම භවයන්ගෙන් නැත්තෙක් වෙමි. කිසිම භවයක් නොපතමි. සොයං භිජ්ජිස්සති කායො යනු මේ මගේ ශරීරය දැන් ඔබගේ ප්‍රයෝගයෙන් වෙනස් අයුරකින් හෝ වෙනස් තැනක හෝ බිඳී යන්නේය. අඤ්ඤො ච න භවිස්සති යනු වෙනත් ශරිරයක් ඉදිරියේදී මට නැත. පුනර්භවයක් නැති බැවිනි.
යං වො කිච්චං සරීරෙනාති යං තුම්හාකං ඉමිනා සරීරෙන පයොජනං, තං කරොථ යදිච්ඡථ, ඉච්ඡථ චෙ. න මෙ තප්පච්චයාති, තං නිමිත්තං ඉමස්ස සරීරස්ස තුම්හෙහි යථිච්ඡිතකිච්චස්ස කරණහෙතු. තත්ථාති තෙසු කරොන්තෙසු ච අකරොන්තෙසු ච. දොසො පෙමඤ්ච හෙහිතීති යථාක්කමං පටිඝො අනුනයො න භවිස්සති, අත්තනො භවෙ අපෙක්ඛාය සබ්බසො පහීනත්තාති අධිප්පායො. අඤ්ඤපච්චයා අඤ්ඤත්ථ ච පටිඝානුනයෙසු අසන්තෙසුපි තප්පච්චයා, “තත්ථා”ති වචනං යථාධිගතවසෙන වුත්තං.
යං වො කිච්චංසරීරෙන යනු නුඹලාට මේ ශරීරයෙන් ප්‍රයෝජනයක් තිබේද එය කරන්න. ඉදින් කැමැත්තේ නම් කැමැති වන්න. නමෙ තප්පච්චයා යනු ඒ නිමිත්ත මේ ශරීරයට නුඹලා විසින් කැමැති වූ කටයුතු කිරීම හේතුවයි. තත්ථ යනු ඒවා කරන හෝ නොකරන කල්හි. දොසො පෙමඤ්ච හෙහිතී පිළිවෙලින් ක්‍රෝධය වෛරය ඇති නොවන්නේය. තමාගේ භව ආශාව සර්වප්රකාරයෙන් ප්‍රහීණ බැවින් යන අර්ථයි. වෙනත් හේතුවක් නිසා හෝ වෙන තැනක හෝ පටිඝයට හේතුකාරකයන් නොමැති කල්හිද තප්පච්චයා එයට හේතුව යැයි කියති. තත්ථ (එහි) යන වචන හේතුකාරක වශයෙන් කියන ලදී.
තස්සාති අධිමුත්තත්ථෙරස්ස. තං වචනන්ති “නත්ථි චෙතසිකං දුක්ඛ”න්තිආදිකං මරණෙ භයාභාවාදිදීපකං, තතො එව අබ්භුතං ලොමහංසනං වචනං සුත්වා. මාණවාති චොරා. චොරා හි “මාණවා”ති වුච්චන්ති “මාණවෙහි සහ ගච්ඡන්ති කතකම්මෙහි අකතකම්මෙහිපී”තිආදීසු (ම· නි· 2.149) විය.
තස්ස යනු අධිමුත්ත තෙරුන්ගේ තංවචනං යනු නත්ථි චෙතසිකං දුක්ඛං (චෛතසික දුකක් නැත) ආදිය මරණයෙහි බියක් නැති බව දක්වන ලදී. එයින්ම පුදුම සහගත ලොමුදැහැගන්වන වචනයක් අසා මාණවා යනු සොරු. සොරුන්ට මාණව යැයි කියති. මාණවෙහි පි සමාගච්ඡන්ති කතකම්මෙහිපි අකතකම්මෙහි (කළ නොකළ කර්මයන් නිසා සොරුන් එක්තැන් වෙත්) ආදියෙහි මෙනි.
කිං භදන්තෙ කරිත්වානාති, භන්තෙ, කිං නාම තපොකම්මං කත්වා. කො වා තව ආචරියො කස්ස සාසනං, ඔවාදං නිස්සාය අයං අසොකතා මරණකාලෙ සොකාභාවො ලබ්භතීති එතං අත්ථං අබ්රවුං, පුච්ඡාවසෙන කථෙසුං, භාසිංසු.
කිං භදන්තෙ කරිත්වාන යනු කවරනම් තපස් කර්මයක් කොට ඔබගේ ගුරුවරයා කවරෙක්ද? කවරකුගේ ඉගැන්වීමක් අවවාදයක් නිසා මේ නිශ්ශෝකී බව, මරණ අවස්ථාවේ සෝකයක් ඇති නොවේ යන අර්ථය කීවාහ. විමසීම් වශයෙන් ප්‍රකාශ කළහ.
තං සුත්වා ථෙරො තෙසං පටිවචනං දෙන්තො “සබ්බඤ්ඤූ”තිආදිමාහ. තත්ථ සබ්බඤ්ඤූති පරොපදෙසෙන විනා සබ්බපකාරෙන සබ්බධම්මාවබොධනසමත්ථස්ස ආකඞ්ඛාපටිබද්ධවුත්තිනො අනාවරණඤාණස්ස අධිගමෙන අතීතාදිභෙදං සබ්බං ජානාතීති, සබ්බඤ්ඤූ. තෙනෙව සමන්තචක්ඛුනා සබ්බස්ස දස්සනතො සබ්බදස්සාවී. යම්හි අනාවරණඤාණං, තදෙව සබ්බඤ්ඤුතඤ්ඤාණං, නත්ථෙව අසාධාරණඤාණපාළියා විරොධො විසයුප්පත්තිමුඛෙන අඤ්ඤෙහි අසාධාරණභාවදස්සනත්ථං එකස්සෙව ඤාණස්ස ද්විධා වුත්තත්තා. යං පනෙත්ථ වත්තබ්බං, තං ඉතිවුත්තකවණ්ණනායං (ඉතිවු· අට්ඨ· 38) විත්ථාරතො වුත්තමෙවාති තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. පඤ්චන්නම්පි මාරානං විජයතො ජිනො, හීනාදිවිභාගභින්නෙ සබ්බස්මිං සත්තනිකායෙ අධිමුත්තවුත්තිතාය මහතියා කරුණාය සමන්නාගතත්තා මහාකාරුණිකො, දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි යථාරහං වෙනෙය්යානං අනුසාසනතො සත්ථා, තතො එව සබ්බලොකස්ස කිලෙසරොගතිකිච්ඡනතො සබ්බලොකතිකිච්ඡකො, සම්මාසම්බුද්ධො ආචරියො මමාති යොජනා. ඛයගාමීති නිබ්බානගාමී.
ඒ අසා තෙරුන් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙන්නේ ‘සබ්බඤ්ඤු’ ආදිය කීහ. එහි සබ්බඤ්ඤූ යනු අනුන්ගේ අවවාදයෙන් තොරව සර්වප්රකාරයෙන් සියළු ධර්මය වටහා ගැනීමට සමත් බලාපොරොත්තු සහිත බැවින් උනන්දු කරවන පැවැත්ම ඇති අනාවරණ ඥානයාගේ අවබෝධයෙන් අතීත ආදී ප්‍රභේද ඇති සියල්ල දන්නේය යන අර්ථයෙන් සබ්බඤ්ඤු නම් වේ. එම සියල්ල දක්නා ඇසින් සියල්ල දන්නේනුයි සබ්බදස්සාවී නම් වෙයි. යම් ඒ මෙහිදී කිවයුතු දේ වේද එය ඉතිවුත්තකපාලි වර්ණනාවේදී විස්තර වශයෙන් කියන ලද්දේමය. එහිදී කියන ලද ක්‍රමයෙන්ම දැනගත යුතුයි. පස්මරුන් පරාජය කළ නිසා ජින නම් වේ. හීන ආදී වශයෙන් ප්‍රභේදයක් නැතිව සියළුම සත්ත්ව වර්ගයා කෙරෙහි පවත්නා වූ මහත් වූ කරුණාවෙන් යුක්ත වූයේ මහාකාරුණික නම් වේ. දිට්ඨධම්ම වශයෙන් හා පරලෝක වශයෙන් සුදුසු පරිදි හික්මවන බැවින් අනුශාසනා කරන බැවින් සත්ථා නම් වේ. එයින්ම සියළු ලෝකයා කෙලෙස් නමැති රෝගවලට බෙහෙත් කරන බැවින් සියළු ලෝකයාට වෛද්‍යවරයෙක් වූ සම්මා සම්බුදු වූ මාගේ ආචාර්ය වූ යනුයි. ඛයගාමී යනු නිවනට යන්නා වූ.
එවං ථෙරෙන සත්ථු සාසනස්ස ච ගුණෙ පකාසිතෙ පටිලද්ධසද්ධා එකච්චෙ චොරා පබ්බජිංසු, එකච්චෙ උපාසකත්තං පවෙදෙසුං. තමත්ථං දීපෙන්තො ධම්මසඞ්ගාහකා “සුත්වාන චොරා”තිආදිනා ද්වෙ ගාථා අභාසිංසු. තත්ථ ඉසිනොති අධිසීලසික්ඛාදීනං එසනට්ඨෙන ඉසිනො, අධිමුත්තත්ථෙරස්ස. නික්ඛිප්පාති පහාය. සත්ථානි ච ආවුධානි චාති අසිආදිසත්ථානි චෙව ධනුකලාපාදිආවුධානි ච. තම්හා ච කම්මාති තතො චොරකම්මතො.
මෙසේ තෙරුන් විසින් ශාස්තෲ ශාසනයේ ද ගුණ ප්‍රකාශ කළ කල්හි හටගත්තා වූ ශ්‍රද්ධා ඇති සමහර සොරු පැවිදි බවට පත්වූහ. සමහරු උපාසක බවට පත්වන බව දැන්වූහ. එම අර්ථය දක්වන්නේ සුත්වාන චොරා... යනාදී ගාථා දෙක කීහ. එහි ඉසිනො යනු අධිශීල ශික්ෂාදිය සොයන බැවින් යන අර්ථයෙන් ඍෂිවරයන් වහන්සේගේ, අධිමුත්ත තෙරුන්ගේ නික්ඛිප්ප යනු අත්හැර. සත්ථානිච ආවුධානි ච යනු කඩු ආදී ශස්ත්‍ර ද දුන්න, ඊතල ආදි ආවුධ ද තම්හා ච කම්මා යනු ඒ සොරකම් කිරීමේ කටයුත්තෙන්,
තෙ පබ්බජිත්වා සුගතස්ස සාසනෙති තෙ චොරා සොභනගමනතාදීහි සුගතස්ස භගවතො සාසනෙ පබ්බජ්ජං උපගන්ත්වා. භාවනාවිසෙසාධිගතාය ඔදග්යලක්ඛණාය පීතියා සමන්නාගමෙන උදග්ගචිත්තා. සුමනාති සොමනස්සප්පත්තා. කතින්ද්රියාති භාවිතින්ද්රියා. ඵුසිංසූති අග්ගමග්ගාධිගමෙන අසඞ්ඛතං නිබ්බානං අධිගච්ඡිංසු. අධිමුත්තො කිර චොරෙ නිබ්බිසෙවනෙ කත්වා, තෙ තත්ථෙව ඨපෙත්වා, මාතු සන්තිකං ගන්ත්වා, මාතරං ආපුච්ඡිත්වා, පච්චාගන්ත්වා තෙහි සද්ධිං උපජ්ඣායස්ස සන්තිකං ගන්ත්වා, පබ්බාජෙත්වා උපසම්පදං අකාසි. අථ තෙසං කම්මට්ඨානං ආචික්ඛි , තෙ නචිරස්සෙව අරහත්තෙ පතිට්ඨහිංසු. තෙන වුත්තං “පබ්බජිත්වා…පෙ… අසඞ්ඛත”න්ති.
තෙ පබ්බජිත්වා සුගතස්ස සාසනෙ යනු ඒ සොරු යහපත් වූ ගමන් ආදියෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත්ව භාවනා විශේෂ අධිගමයෙන් ඇති වූ සතුටින් හා ප්‍රීතියෙන් යුක්තවීමෙන් යන අර්ථය සඳහා උදග්ගචිත්තා යැයි කීහ. සුමනා යනු සොම්නසට පැමිණි. කතින්ද්රියා යනු වඩන ලද ඉඳුරන් ඇති. ඵුසිංසු යනු අග්‍ර වූ මාර්ගධිගමයෙන් අසංඛත වූ නිර්වාණය අවබෝධ කරගත්හ. අධිමුත්තො යනු සොරුන් හික්මවා ඔවුන් එහිම රඳවා මව සමීපයට ගොස් මවගෙන් විචාරා ආපසු ඇවිත් ඔවුන් සමග උපාධ්‍යායයන් වහන්සේ සමීපයට ගොස් පැවිදි කරවා උපසම්පදා කළේය. ඉක්බිති ඔවුන්ට කමටහන් විචාළේය. ඔව්හු නොබෝකලකින් රහත් බවට පත්වූහ. ඒ නිසා කියන ලදී. තෙ පබ්බජිත්වා -පෙ- අසංඛත ආදිය.
අධිමුත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අධිමුත්ත ථේර ගාථා වර්ණනාව නිමියේය.