යෙදුමෙන් කියවන්න

අධිමුත‍්තත්‍ථෙරගාථා

20. 1. 1.

20. 1. 1.

705. යඤ‍්ඤත්‍ථං වා ධනත්‍ථං වා යෙ හනාම මයං පුරෙ, අවසෙ තං භයං හොති වෙධන‍්ති විලපන‍්ති ච.

705. පෙර අපි බිලියම් පිණිස හෝ ධනය පිණිස හෝ යම් කෙනකුන් අවස කොට නැසූවමෝ නම් ඔවුනට බිය උපන. එහෙයින් ඔහු වෙවුළූහ. වැලපුණහ.

706. තස‍්ස තෙ නත්‍ථි භීතත‍්තං භිය්‍යො වණ‍්ණො පසීදති, කස‍්මා න පරිදෙවෙසි එවරූපෙ මහබ‍්භයෙ.

706. ඒ තොපට බිය බවෙක් නැත. සිරුරු පැහැය බෙහෙවින් පැහැපත් යැ. මෙබඳු මහබිය ඇති කල්හි කවර හෙයින් නො වැලපෙහි ද?

707. නත්‍ථි චෙතසිකං දුක‍්ඛං අනපෙක‍්ඛස‍්ස ගාමණි, අතික‍්කන‍්තා භයා සබ‍්බෙ ඛීණසංයොජනස‍්ස වෙ.

707. ගාමණිය, අපේක්‍ෂා රහිතයාහට මානසික දුඃඛයෙක් නැත. ක්‍ෂය වූ සංයෝජන ඇතියහු විසින් ඒකාන්තයෙන් සියලු භය ඉක්මවනලදහ.

708. ඛීණාය භවනෙත‍්තියා දිට‍්ඨෙ ධම‍්මෙ යථාතථෙ, න භයං මරණෙ හොති භාරනික‍්ඛෙපනෙ යථා.

708. ක්‍ෂීණ වූ භවනෙත්තිය (තෘෂ්ණාව) ඇති කල්හි ඇති සැටියෙන් දක්නාලද සිව්සස්දම් ඇති කල්හි බර බහා තැබූ කල්හි යම්සේ ද එසේ මරණයෙහි බිය නූපදී.

709. සුචිණ‍්ණං බ්‍රහ‍්මචරියං මෙ මග‍්ගො චාපි සුභාවිතො, මරණෙ මෙ භයං නත්‍ථි රොගානමිව සඞ‍්ඛයෙ.

709. මා විසින් බඹසර මොනවට හසළේ යැ. මාර්‍ගය ද මොනවට වඩනලද යැ, රෝගයන්ගේ ක්‍ෂයයෙහි මෙන් මට මරණයෙහි බියෙක් නැති.

710. සුචිණ‍්ණං බ්‍රහ‍්මචරියං මෙ මග‍්ගො චාපි සුභාවිතො, නිරස‍්සාදා භවා දිට‍්ඨා විසං පීත්‍වාව ඡඩ‍්ඩිතං.

710. මා විසින් බඹසර මොනවට හසළේ යැ, මාර්‍ගය ද මොනවට වඩනලද යැ. ආස්වාද රහිත භවයෝ දක්නාලදහ. (මේ මරණය) විෂ පානය කොට වමාළා වැන්න.

711. පාරගූ අනුපාදානො කතකිච‍්චො අනාසවො, තුට‍්ඨො ආයුක‍්ඛයා හොති මුත‍්තො ආඝාතනා යථා.

711. (සසර) පරතෙරට ගියා වූ, උපාදාන රහිත වූ, කළ කිස ඇති, නිරාස්‍රව (රහත්) තෙමේ දම්ගෙඩියෙන් මිදුණකු මෙන් ආයුඃක්‍ෂය හේතුයෙන් තුටු වේ.

712. උත‍්තමං ධම‍්මතං පත‍්තො සබ‍්බලොකෙ අනත්‍ථිකො, ආදිත‍්තාව ඝරා මුත‍්තො මරණස‍්මිං න සොචති.

712. උත්තමධර්‍මස්වභාවයට (රහත් බවට) පැමිණියේ මුළු ලොව අපේක්‍ෂා රහිත වැ ගිනිගත් ගෙයින් මිදුණකු සෙයින් මරණයෙහි ශෝක නො කෙරේ.

713. යදත්‍ථි සඞ‍්ගතං කිඤ‍්චි භවො වා යත්‍ථ ලබ‍්භති, සබ‍්බං අනිස‍්සරං එතං ඉති වුත‍්තං මහෙසිනා.

713. යම්කිසි ප්‍රතිත්‍යසමුත්පන්නයෙක් ඇත් ද, යම් තැනෙකැ භවයෙක් හෝ ලැබේ ද, තෙල සියල්ල අනීශ්වර යැ යි මහර්ෂීහු (බුදුන්) විසින් දෙසන ලදි.

714. යො තං තථා පජානාති යථා බුද‍්ධෙන දෙසිතං, න ගණ‍්හාති භවං කිඤ‍්චි සුතත‍්තංව අයොගුළං.

714. බුදුන් විසින් දෙසනලද පරිදි යමෙක් ඒ භවත්‍රය දනී නම් හෙතෙම මැනැවින් තවනලද යවටක් සෙයින් කිසිභවයක් නො ගනී.

715. න මෙ හොති අහොසින‍්ති භවිස‍්සන‍්ති න හොති මෙ, සඞ‍්ඛාරා විගමිස‍්සන‍්ති තත්‍ථ කා පරිදෙවනා.

715. (පෙර) ‘වූයෙමි’ සිතෙක් මට නැත, (මතු) ‘වන්නෙමි’ සිතෙක් මට නැති, සංස්කාරයෝ පහව යෙත්, එහි කවර නම් වැලැපුමෙක් ද?

716. සුද‍්ධං ධම‍්මසමුප‍්පාදං සුද‍්ධං සඞ‍්ඛරසන‍්තතිං, පස‍්සන‍්තස‍්ස යථාභූතං න භයං හොති ගාමණි.

716. ගාමිණිය, හුදු ධර්‍මසමුත්පාදය හුදු සංස්කාර ප්‍රබන්‍ධය ඇති සැටියෙන් දක්නාහට බියෙක් නූපදී.

717. තිණකට‍්ඨසමං ලොකං යදා පඤ‍්ඤාය පස‍්සති, මමත‍්තං සො අසංවින්‍දං ‘නත්‍ථි මෙ’ති න සොචති.

717. යමෙක් යම් කලෙකැ තෘණකාෂ්ටසම වූ (සංස්කාර) ලෝකය ප්‍රඥායෙන් දකී ද හෙතෙම මමත්‍වය නො ලබන්නේ ‘මට නැතැ’ යි නො සොවී.

718. උක‍්කණ‍්ඨාමි සරීරෙන භවෙනම‍්හි අනත්‍ථිකො, සො’යං භිජ‍්ජිස‍්සති කායො අඤ‍්ඤො ච න භවිස‍්සති.

718. (මම) සිරුරින් උකටලී වෙමි, භවයෙන් අර්‍ත්‍ථයක් නැතියෙමි. මේ කය බිඳෙයි. අනෙක් කයෙක් නො වන්නේ යි.

719. යං වො කිච‍්චං සරීරෙන තං කරොථ යදිච‍්ඡථ, න මෙ තප‍්පච‍්චයා තත්‍ථ දොසො පෙමං ච හොහිති.

719. සිරුරින් තොපට යම් කිසෙක් ඇත් ද ඉදින් කැමැත්තහු නම් එය කරවු, ඒ හේතුයෙන් මට එහි ද්වේෂයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නො වන්නේ යි.

720. තස‍්ස තං වචනං සුත්‍වා අබ‍්භුතං ලොමහංසනං, සත්‍ථානි නික‍්ඛිපිත්‍වාන මාණවා එතදබ්‍රවුං.

720. උන්වහන්සේගේ ඒ අද්භූත වූ ලොමුදහගන්වන වචනය අසා සොරු ආයුධ බහා තබා මෙය කීහු,

721. කිං භද‍්දන‍්තෙ කරිත්‍වාන කො වා ආචරියො තව, කස‍්ස සාසනමාගම‍්ම ලබ‍්භතෙ තං අසොකතා.

721. වහන්ස, ඔබ ගේ ආචාර්‍ය්‍ය තෙමේ කවරෙක් හෝ වේ ද කුමක් හෝ කොට කවරකු ගේ හෝ අවවාද ලැබැ ඒ අශෝකත්‍වය ලැබේ දැ? යි

722. සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවී ජිනො ආචරියො මම, මහාකාරුණිකො සත්‍ථා සබ‍්බලොකතිකිච‍්ඡකො.

722. සර්‍වඥ වූ සර්‍වදර්ශී වූ මහා කාරුණික වූ ශාස්තෘ වූ ජගද්වෛද්‍ය වූ ජින තෙමේ මාගේ ආචාර්‍ය්‍ය තෙමේ යි.

723. තෙනායං දෙසිතො ධම‍්මො ඛයගාමී අනුත‍්තරො, කස‍්ස සාසනමාගම‍්ම ලබ‍්භතෙ තං අසොකතා.

723. උන්වහන්සේ විසින් මේ නිර්‍වාණගාමී වූ නිරුත්තර වූ ධර්‍මය දේශිත යැ, උන් වහන්සේගේ අවවාදය ලැබැ ඒ අශෝකත්‍වය ලැබේ’යි. (කීහ.)

724. සුත්‍වාන චොරා ඉසිනො සුභාසිතං, නික‍්ඛිප‍්ප සත්‍ථානි ච ආවුධානි ච තම‍්හා ච කම‍්මා විරමිංසු එකෙ එකෙ පබ‍්බජ‍්ජ මරොචයිංසු.

724. සොරු ඍෂිහුගේ සුභාෂිතය අසා ශස්ත්‍රයන් ද ආයුධයන් ද බහා තබා ඇතැම් කෙනෙක් ඒ සොරකමින් වැළකුණහ. ඇතැම් කෙනෙක් පැවිද්ද බැබැළවූහ (පැවිදි වූහ).

725. තෙ පබ‍්බජිත්‍වා සුගතස‍්ස සාසනෙ භාවෙත්‍ව බොජ‍්ඣඞ‍්ගබලානි පණ‍්ඩිතා උදග‍්ගචිත‍්තා සුමනා කතින්‍ද්‍රියා ඵුසිංසු නිබ‍්බානපදං අසඞ‍්ඛත’න‍්ති.

725. ඔහු සුගත් සසුන්හි පැවිදි වැ නුවණැති වැ බෝධ්‍යඞ්ග - බල ධර්‍මයන් වඩා ඔද වැඩිසිත් ඇති වැ සොම්නස් වැ වඩනලද ඉන්‍ද්‍රියයන් ඇති වැ අසංස්කෘත වූ නිර්‍වාණපදය පැහැසැ ගත්හ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අධිමුත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ ...

අධිමුත‍්තත්‍ථෙරගාථා.

අධිමුත්ත ස්ථවිරගාථා යි.