පාරාසරියත්‍ථෙරගාථා
20. 1. 2.
20. 1. 2.
726. සමණස‍්ස අහු චින‍්තා පාරාසරියස‍්ස භික‍්ඛුනො, එකකස‍්ස නිසින‍්නස‍්ස පවිවිත‍්තස‍්ස ඣායිනො.
726. එකලා වැ හුන්නා වූ පවිවේකය ඇති ධ්‍යාන කරනසුලු වූ ශ්‍රමණ වූ පාරාපරිය නම් වූ භික්‍ෂූහට සිතිවිල්ලෙක් උපනි.
727. කිමානුපුබ‍්බං පුරිසො කිං වතං කිං සමාචරං, අත‍්තනො කිච‍්චකිරිස‍්ස න ච කිඤ‍්චි විහෙඨයෙ.
727. මිනිසා කවර පිළිවෙතක් කවර ශීලයක් ඇසුරු කරන්නේ තමා ගේ කටයුතු කරනසුලු වන්නේ ද කිසිවකු නො පෙළන්නේත් වේ දැ?යි.
728. ඉන්‍ද්‍රියානි මනුස‍්සානං හිතාය අහිතාය ච, අරක‍්ඛිතානි අහිතාය රක‍්ඛිතානි හිතාය ච.
728. ඉන්‍ද්‍රියයෝ මිනිසුන්ට හිත පිණිස ද අහිත පිණිස ද පවතිත්, නොරක්නාලදහු අහිත පිණිසත් රක්නාලදහු හිත පිණිසත් පවතිත්.
729. ඉන්‍ද්‍රියානෙවං සාරක‍්ඛං ඉන්‍ද්‍රියානි ච ගොපයං, අත‍්තනො කිච‍්චකාරිස‍්ස න ච කිඤ‍්චි විහෙඨයෙ.
729. ඉන්‍ද්‍රියයන් මැ මැනැවින් රක්නේත් ඉන්‍ද්‍රියයන් මැ ගෝපනය කරන්නේත් තමාගේ කටයුතු කරනසුලු වෙයි, හෙතෙම කිසිවකු නො පෙළන්නේත් වේ.
730. චක‍්ඛුන්‍ද්‍රියං චෙ රූපෙසු ගච‍්ඡන‍්තං අනිවාරයං, අනාදීනවදස‍්සාවී සො දුක‍්ඛා න හි මුච‍්චති.
730. ඉදින් (යමෙක්) රූ අරමුණු කරා යන්නා වූ චක්‍ෂුරින්‍ද්‍රියය නො වළකන්නේ ආදීනව නො දක්නාසුලු වේ නම් හෙතෙම දුකින් නො මැ මිදේ.
731. සොතින්‍ද්‍රියං චෙ සද‍්දෙසු ගච‍්ඡන‍්තං අනිවාරයං, අනාදීනවදස‍්සාවී සො මුක‍්ඛා න හි මුච‍්චති.
731. ඉදින් සද අරමුණු කෙරෙහි යන්නා වූ ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය නො වළකන්නේ ආදීනව නො දක්නාසුලු වේ නම් හෙතෙම දුකින් නො මැ මිදේ.
732. අනිස‍්සරණදස‍්සාවී ගන්‍ධෙ චෙ පටිසෙවති, න සො මුච‍්චති දුක‍්ඛම‍්හා ගන්‍ධෙසු අධිමුච‍්ඡිතො.
732. ඉදින් නිස්සරණය නො දක්නාසුලු වැ ගන්‍ධාරම්මණය සෙවුනේ නම් ගන්‍ධාරම්මණයෙහි මුසපත් වූ හෙතෙම දුකින් නො මිදේ.
733. අම‍්බිලං මධුරග‍්ගං ච තිත‍්තකග‍්ගමනුස‍්සරං, රසතණ‍්හාය ගධිතො හදයං නාවබුජ‍්ඣති.
733. ඇඹුල යැ මිහිර යැ තිත්ත යැ යන රසයන් සිහි කෙරෙමින් රසතෘෂ්ණායෙහි ගිජු වූයේ (පැවිද්දෙහි උපන්) සිත අවබෝධ නො කෙරේ.
734. සුභාන්‍යප‍්පටිකූලානි ඵොට‍්ඨබ‍්බානි අනුස‍්සරං, රත‍්තො රගාධිකරණං විවිධං වින්‍දතෙ දුඛං.
734. අනුකූල වූ ශුභස්පර්‍ශයන් සිහි කෙරෙමින් (එහි) ඇලුණේ රාග හේතු වූ නොයෙක් දුක් විඳී.
735. මනං චෙතෙහි ධම‍්මෙහි යො න සක‍්කොති රක‍්ඛිතුං, තතො නං දුක‍්ඛමන්‍වෙති සබ‍්බහෙතෙහි පඤ‍්චහි.
735. ඉදින් යමෙක් මේ (රූපාදි) අරමුණු කෙරෙන් සිත රක්නට නො සමත් වේ නම් එහෙයින් මේ සියලු පඤ්චාරම්මණයන් කරණ කොට ගෙන දුක ඔහු ලුහුබඳී.
736. පුබ‍්බලොහිතසම‍්පුණ‍්ණං බහුස‍්ස කුණපස‍්ස ච, නරවීරකතං වග‍්ගුං සමුග‍්ගමිව චිත‍්තිතං.
736. සමර්‍ත්‍ථශිල්පියකු විසින් සාදනලද, විසිතුරු කරනලද, පූයා හා ලෙහෙයෙන් පිරුණු බොහෝ කුණපයෙන් ද පිරුණු මනරම් සුමුගක් (බඳුනක්) වැනි වූ,
737. කටුකං මධුරස‍්සාදං පියනිබන්‍ධනං දුඛං, ඛුරංව මධුනා ලිත‍්තං උල‍්ලිහං නාවබුජ‍්ඣති.
737. කටුක වූ (එහෙත්) මධුරාස්වාද ඇත්තා වූ, දුක් වූ (එහෙත්) ප්‍රිය ස්වරූප ඇත්තා වූ මිහියෙන් තවරනලද කරයක් ලොවිනා එකකු සෙයින් (සිරුර පහසනුයේ දුක) අවබෝධ නො කෙරේ.
738. ඉත්‍ථිරූපෙ ඉත්‍ථිසරෙ ඵොට‍්ඨබ‍්බෙ’පි ඉත්‍ථියා, ඉත්‍ථිගන්‍ධෙසු සාරත‍්තො විවිධං වින්‍දතෙ දුඛං.
738. මාගම්රූහි ද මාගම්සදෙහි ද මාගමගේ පහසෙහි ද මාගම් ගඳෙහි ද ඇලුණේ නොයෙක් දුක් විඳී.
739. ඉත්‍ථිසොතානි සබ‍්බානි සන්‍දන‍්ති පඤ‍්ච පඤ‍්චසු, තෙසමාවරණං කාතුං සො සක‍්කොති විරියවා.
739. මාගමගේ (රූපාරම්මණාදි) පස්වැදෑරුම් වූ සියලු ශ්‍රෝතස්හු (නදීහු) (පුරුෂයාගේ) පඤ්චද්වාරයෙහි ගලා යත්, ඔවුන් අවුරන්නට වීර්‍ය්‍ය ඇති යමෙක් සමර්‍ත්‍ථ වේ නම්,
740. සො අත්‍ථවා සො ධම‍්මට‍්ඨො සො දුක‍්ඛො සො විචක‍්ඛණො, කරෙය්‍ය රමමානො පි කිච‍්චං ධම‍්මත්‍ථසංහිතං.
740. හෙතෙම අර්‍ත්‍ථවත් යැ, හෙතෙම ධර්‍මස්ථ යැ, හෙතෙම දක්‍ෂ යැ, හෙතෙම විචක්‍ෂණ යැ, හෙතෙම (ගෘහරතියෙන්) රමණය කරන්නේ නමුදු ධර්‍මාර්‍ත්‍ථයෙන් යුත් කෘත්‍යයක් මැ කරන්නේ යි.
741. අථො සීදති සඤ‍්ඤුත‍්තං වජ‍්ජෙ කිච‍්චං නිරත්‍ථකං, න තං කිච‍්චන‍්ති මඤ‍්ඤිත්‍වා අප‍්පමත‍්තො විචක‍්ඛණො.
741. වැළිත් (ඓහිකාර්‍ත්‍ථයෙන්) යුක්ත වූ (පාරත්‍රිකාර්‍ත්‍ථ රහිත බැවින්) නිරර්‍ත්‍ථක වූ කෘත්‍යය නො කරයි, අප්‍රමාද (ස්මෘතිමත්) වූ නුවණැත්තේ ‘එය නො කටයුතු යැ යි දැනැ හරනේ යි.
742. යං ච අත්‍ථෙන සඤ‍්ඤුන‍්තං යා ච ධම‍්මගතා රති, තං සමාදාය වත‍්තෙථ සා හි උත‍්තමා රති.
742. අර්‍ත්‍ථසංහිත වූ යම් කෘත්‍යයෙකුත් වේ ද අධිකුශලධර්‍මගත වූ යම් රතියකුත් වේ ද එය සමාදන් වැ (මැනැවින් ගෙන) පවත්නේ යැ, එකත්නෙන් ඒ උතුම් රතිය යි.
743. උච‍්චාවචෙහුපායෙහි පරෙසමභිජිගීසති, හන‍්ත්‍වා වධිත්‍වා අථ සොචයිත්‍වා, ආලොපති සාහසා යො පරෙසං.
743. යමෙක් කුදුමහත් උපායයන් ගෙන් අන්සතු දැය දිනනු කැමැති වේ ද හෙතෙම (අනුන්) නසා, පෙළා නොහොත් ශෝක කරවා සැහැසි කමින් අන්සතු දැය වොලොගනි (පැහැරැගනී).
744. තච‍්ඡන‍්තො ආණියා ආණිං නිහන‍්ති බලවා යථා, ඉන්‍ද්‍රියානින්‍ද්‍රෙයෙහෙව නිහන‍්ති කුසලො තථා.
744. යම්සේ (කයින් නුවණින්) සවි ඇති වඩුවෙක් ඇණයෙන් කොටමින් (දැවයෙහි සිටි) ඇණය බැහැර කෙරේ නම් එපරිද්දෙන් සමත් මහණ තෙම ඉඳුරන් කරණ කොට ගෙන මැ ඉඳුරන් බැහැර කෙරේ.
745. සද‍්ධං විරියං සමාධිං ච සතිං පඤ‍්ඤඤ‍්ච භාවයං, පඤ‍්ච පඤ‍්චහි හන‍්ත්‍වාන අනීඝො යාති බ්‍රාහ‍්මණො.
745. ශ්‍රද්ධාවත් වීර්‍ය්‍යයත් සමාධියත් ස්මෘතියත් ප්‍රඥාවත් වඩන්නා වූ (බාහිත පාපී) බ්‍රාහ්මණ තෙම පසිඳුරන්ගෙන් පසිඳුරන් නසා නිදුක් වැ (නිවනට) යේ.
746. සො අත්‍ථවා සො ධම‍්මට‍්ඨො කත්‍වා වාක්‍යානුසාසනිං, සබ‍්බෙන සබ‍්බං බුද‍්ධස‍්ස සො නරො සුඛමෙධතී’ති.
746. හෙතෙම තමහට වැඩ ඇත්තේ යැ, හෙතෙම බුදුන්ගේ අවවාද වාක්‍යය සියල්ලෙන් සියල්ල කොට (පිළිපැද) ධර්‍මයෙහි සිටියේ යැ, එ (උතුම්) පුරුෂ තෙම (නිවන් සුව) වඩා’ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා පාරාසරියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් ‘පාරාසරිය’ ස්ථවිරයන් වහන්සේ ...