යෙදුමෙන් කියවන්න

පාරාසරියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පාරාසරියත්‍ථෙරගාථාවණ‍්ණනා

පාරාසරිය ස්ථවිරගාථා වර්ණනාව

සමණස‍්ස අහු චින‍්තාතිආදිකා ආයස‍්මතො පාරාපරියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණමහාසාලස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස වයප‍්පත‍්තස‍්ස ගොත‍්තවසෙන පාරාපරියොත්‍වෙව සමඤ‍්ඤා අහොසි. සො තයො වෙදෙ උග‍්ගහෙත්‍වා බ්‍රාහ‍්මණසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො. එකදිවසං සත්‍ථු ධම‍්මදෙසනාකාලෙ ජෙතවනවිහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ නිසීදි. සත්‍ථා තස‍්ස අජ‍්ඣාසයං ඔලොකෙත්‍වා ඉන්‍ද්‍රියභාවනාසුත‍්තං (ම· නි· 3.453) දෙසෙසි. සො තං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජි. තං සුත‍්තං උග‍්ගහෙත්‍වා තදත්‍ථමනුචින‍්තෙසි. යථා පන අනුචින‍්තෙසි, ස‍්වායමත්‍ථො ගාථාසු එව ආවි භවිස‍්සති. සො තථා අනුවිචින‍්තෙන‍්තො ආයතනමුඛෙන විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පත‍්තො. අපරභාගෙ අත‍්තනා චින‍්තිතාකාරං පකාසෙන‍්තො –

සමණාස්ස අහුචින්තා යනාදිය ආයුෂ්මත් පාරාපරිය තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුවරුන් සමීපයෙහි කරණ ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ භවයෙහි සසරට පිහිට වන්නා වූ කුසල් රැස්කොට සුගතිවල සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක්තරා බ්‍රාහ්මණ මහාසාර කුලයක පුත්‍රයෙක්ව උපන්නේය. වැඩිවියට පත් ඔහුට ගෝත්‍ර නාම වශයෙන් පාරාපරිය යන නම ලැබිණ. ඔහු ත්‍රිවේදය ඉගෙන බ්‍රාහ්මණ ශිල්පයන්හි පරම්පෙරට ගියේ එදිනක් ශාස්තෝන් වහන්සේ ධර්ම දේශනා කරන කල්හි දෙව්රම් විහාරයට ගොස් පිරිස කෙළවර හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිතිවිලි විමසා බලා ඉන්‍ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කළ සේක. ඔහු එය අසා හටගත් ශ්‍රද්ධා ඇත්තේ පැවිදි විය. ඒ සූත්‍රය ඉගෙනගෙන එහි අර්ථය පිළිබඳව කල්පනා කළේය. යම්සේ වනාහි ගාථාවන්හි අර්ථය තමාම කල්පනා කළේද ඔහු එපරිද්දෙන් කල්පනා කරන්නේ ආයතන ස්වරූපයෙන් විදර්ශනාව පිහිටුවා නොබෝ කලකින්ම රහත් බවට පත්වූයේ පසුකලක තමා විසින් සිතූ ආකාරය ප්‍රකාශ කරන්නේ

“සමණස‍්ස අහු චින‍්තා, පාරාපරියස‍්ස භික‍්ඛුනො; එකකස‍්ස නිසින‍්නස‍්ස, පවිවිත‍්තස‍්ස ඣායිනො.

සමණස්ස අහුචින්තා පාරාපරියස්ස භික්‍ඛුනො, එකකස්ස නිසින්නස්ස පවිචිත්තස්ස ඣායිනො.

“කිමානුපුබ‍්බං පුරිසො, කිං වතං කිං සමාචාරං; අත‍්තනො කිච‍්චකාරීස‍්ස, න ච කඤ‍්චි විහෙඨයෙ.

කිමානුපුබ්බං පුරිසො කං වතං කිං සමාචරං, අත්තනො කිච්චකාරිස්ස නචකිඤ්චි විහෙඨයෙ.

“ඉන්‍ද්‍රියානි මනුස‍්සානං, හිතාය අහිතාය ච; අරක‍්ඛිතානි අහිතාය, රක‍්ඛිතානි හිතාය ච.

ඉන්‍ද්‍රියානි මනුස්සානං හිතාය අහිතායච, අරක්‍ඛිතානි අහිතාය රක්‍ඛිතානි හිතාය ච.

“ඉන්‍ද්‍රියානෙව සාරක‍්ඛං, ඉන්‍ද්‍රියානි ච ගොපයං; අත‍්තනො කිච‍්චකාරීස‍්ස, න ච කඤ‍්චි විහෙඨයෙ.

ඉන්‍ද්‍රියානෙව සාරක්‍ඛං ඉන්‍ද්‍රියානිච ගොපයං, අත්තනො කිච්චකාරිස්ස නචකිඤ්චි විහෙඨයෙ.

“චක‍්ඛුන්‍ද්‍රියං චෙ රූපෙසු, ගච‍්ඡන‍්තං අනිවාරයං; අනාදීනවදස‍්සාවී, සො දුක‍්ඛා න හි මුච‍්චති.

චක්‍ඛුන්‍ද්‍රියං චෙ රූපෙසු ගච්ඡන්තං අනිවාරයං, අනාදීනව දස්සාවී සො දුක්‍ඛා නහි මුච්චති.

“සොතින්‍ද්‍රියං චෙ සද‍්දෙසු, ගච‍්ඡන‍්තං අනිවාරයං; අනාදීනවදස‍්සාවී, සො දුක‍්ඛා න හි මුච‍්චති.

සොතින්‍ද්‍රියං චෙ සද්දෙසු ගච්ඡන්තං අනිවාරියං, අනාදීනව දස්සාවී සො දුක්‍ඛ න හි මුච්චති.

“අනිස‍්සරණදස‍්සාවී, ගන්‍ධෙ චෙ පටිසෙවති; න සො මුච‍්චති දුක‍්ඛම‍්හා, ගන්‍ධෙසු අධිමුච‍්ඡිතො.

අනිස්සරණ දස්සාවී ගන්‍ධෙ ච පටිසෙවති, න සො මුච්චති දුක්‍ඛම්හා ගන්‍ධෙසු අධිමුච්ඡිතො.

“අම‍්බිලං මධුරග‍්ගඤ‍්ච, තිත‍්තකග‍්ගමනුස‍්සරං; රසතණ‍්හාය ගධිතො, හදයං නාවබුජ‍්ඣති.

අම්බිලං මධුරග්ගඤ්ච තිත්තකග්ග මනුස්සරං, රස තණ්හාය ගන්‍ථිතො හදයං නාවබුජ්ඣති.

“සුභාන්‍යප‍්පටිකූලානි , ඵොට‍්ඨබ‍්බානි අනුස‍්සරං; රත‍්තො රාගාධිකරණං, විවිධං වින්‍දතෙ දුඛං.

සුභාන්‍යප්පටිකූලානි ඵොට්ඨබ්බානි අනුස්සරං, රත්තො රාගාධිකරණං විවිධං වින්‍දතෙ දුඛං.

“මනං චෙතෙහි ධම‍්මෙහි, යො න සක‍්කොති රක‍්ඛිතුං; තතො නං දුක‍්ඛමන්‍වෙති, සබ‍්බෙහෙතෙහි පඤ‍්චහි.

මනං චෙ තෙහි ධම්මෙහි යො නසක්කොති රක්‍ඛිතුං, නතොනං දුක්‍ඛමන්‍වෙති සබ්බෙනෙතෙහි පඤ්චහි.

“පුබ‍්බලොහිතසම‍්පුණ‍්ණං, බහුස‍්ස කුණපස‍්ස ච; නරවීරකතං වග‍්ගුං, සමුග‍්ගමිව චිත‍්තිතං.

පුබ්බලොහිත සම්පුණ්ණං බහුස්ස කුණපස්සච, නරවීරකතං වග්ගු සමුග්ගමිව චිත්තිතං.

“කටුකං මධුරස‍්සාදං, පියනිබන්‍ධනං දුඛං; ඛුරංව මධුනා ලිත‍්තං, උල‍්ලිහං නාවබුජ‍්ඣති.

කටුකං මධුරස්සාදං පියනිබන්‍ධනං දුඛං, ඛුරංව මධුනාලිත්තං උල්ලිහං නාව බුජ්ඣෙති.

“ඉත්‍ථිරූපෙ ඉත්‍ථිසරෙ, ඵොට‍්ඨබ‍්බෙපි ච ඉත්‍ථියා; ඉත්‍ථිගන්‍ධෙසු සාරත‍්තො, විවිධං වින්‍දතෙ දුඛං.

ඉත්‍ථිරූපෙ ඉත්‍ථිසරෙ ඵොට්ඨබ්බෙපි ච ඉත්‍ථියා, ඉත්‍ථිගන්‍ධෙසු සාරත්තො විවිධං වින්‍දතෙ දුඛං.

“ඉත්‍ථිසොතානි සබ‍්බානි, සන්‍දන‍්ති පඤ‍්ච පඤ‍්චසු; තෙසමාවරණං කාතුං, යො සක‍්කොති වීරියවා.

ඉත්‍ථිසොතානි සබ්බානි සන්‍දන්ති පඤ්ච පඤ්චසු, තෙසමාවරණං කාතුං යො සක්කොති වීරියවා.

“සො අත්‍ථවා සො ධම‍්මට‍්ඨො, සො දක‍්ඛො සො විචක‍්ඛණො; කරෙය්‍ය රමමානොපි, කිච‍්චං ධම‍්මත්‍ථසංහිතං.

සො අත්‍ථවා සො ධම්මට්ඨො සො දක්‍ඛො සො විචක්‍ඛණො, කරෙය්‍ය රම්මානොපි කිච්චං ධම්මත්‍ථසංහිතං.

“අථො සීදති සඤ‍්ඤුත‍්තං, වජ‍්ජෙ කිච‍්චං නිරත්‍ථකං; න තං කිච‍්චන‍්ති මඤ‍්ඤිත්‍වා, අප‍්පමත‍්තො විචක‍්ඛණො.

අථො සීදති සංයුත්තං වජ්ජෙකිච්චං නිරත්‍ථකං, නතං කිච්චන්ති මඤ්ඤිත්‍වා අප්පමත්තො විචක්‍ඛණො.

“යඤ‍්ච අත්‍ථෙන සඤ‍්ඤුත‍්තං, යා ච ධම‍්මගතා රති; තං සමාදාය වත‍්තෙථ, සා හි වෙ උත‍්තමා රති.

යඤ්ච අත්‍ථෙන සංයුත්තං යාච ධම්මගතා රති, තං සමාදාය වත්ත්‍ථෙ සාහි වෙ උත්තමා රති.

“උච‍්චාවචෙහුපායෙහි, පරෙසමභිජිගීසති; හන‍්ත්‍වා වධිත්‍වා අථ සොචයිත්‍වා, ආලොපති සාහසා යො පරෙසං.

උච්චාව චෙහුපායෙහි පරෙසමභිජිගීසති, හනත්‍වා වධිත්‍වා අථ සොචයිත්‍වා ආලොපත සාහසා යො පරෙසං.

“තච‍්ඡන‍්තො ආණියා ආණිං, නිහන‍්ති බලවා යථා; ඉන්‍ද්‍රියානින්‍ද්‍රියෙහෙව, නිහන‍්ති කුසලො තථා.

තච්ඡන්තො ආණියා ආණිං නිහන්ති බලවා යථා, ඉන්‍ද්‍රියානි ඉන්‍ද්‍රියෙ හෙව නිහන්ති කුසලො තථා.

“සද‍්ධං වීරියං සමාධිඤ‍්ච, සතිපඤ‍්ඤඤ‍්ච භාවයං; පඤ‍්ච පඤ‍්චහි හන‍්ත්‍වාන, අනීඝො යාති බ්‍රාහ‍්මණො.

සද්ධං විරියං සමාධිඤ්ච සතිං පඤ්ඤඤ්ච භාවයං, පඤ්ච පඤ්චහි හනත්‍වාන අනීසො යාති බ්‍රාහ්මණො.

“සො අත්‍ථවා සො ධම‍්මට‍්ඨො, කත්‍වා වාක්‍යානුසාසනිං; සබ‍්බෙන සබ‍්බං බුද‍්ධස‍්ස, සො නරො සුඛමෙධතී”ති. –

සො අත්‍ථවා සො ධම්මට්ඨො කත්‍වා වාක්‍යානුසාසනිං, සබ්බෙන සබ්බං බුද්ධස්ස සො නරො සුඛමෙධතී ති.

ඉමා ගාථා අභාසි;

යන ගාථා ප්‍රකාශ කෙළේය.

තත්‍ථ සමණස‍්සාති පබ‍්බජිතස‍්ස. අහූති අහොසි. චින‍්තාති ධම‍්මචින‍්තා ධම‍්මවිචාරණා. පාරාපරියස‍්සාති පාරාපරගොත‍්තස‍්ස. “පාරාචරියස‍්සා”තිපි පඨන‍්ති. භික‍්ඛුනොති සංසාරෙ භයං ඉක‍්ඛනසීලස‍්ස. එකකස‍්සාති අසහායස‍්ස, එතෙන කායවිවෙකං දස‍්සෙති. පවිවිත‍්තස‍්සාති පවිවෙකහෙතුනා කිලෙසානං වික‍්ඛම‍්භනෙන විවෙකං ආරද‍්ධස‍්ස, එතෙන චිත‍්තවිවෙකං දස‍්සෙති. තෙනාහ “ඣායිනො”ති. ඣායිනොති ඣායනසීලස‍්ස, යොනිසොමනසිකාරෙසු යුත‍්තස‍්සාති අත්‍ථො. සබ‍්බමෙතං ථෙරො අත‍්තානං පරං විය කත්‍වා වදති.

එහි සමණස්ස යනු පැවිද්දාගේ යන අර්ථයි. අහූ යනු විය යන අර්ථයි. චින්තා යනු ධර්මය පිළිබඳ සිතුවිලි, ධර්මය පිළිබඳ අවධානය යොමුකිරිම. පාරිපරියස්ස යනු පරාපරගොත්‍රයෙහි පාරාසරියස්ස යනුද පාඨයකි. භික්‍ඛුනො යනු සසරෙහි බය දකින ස්වභාවය ඇත්තහුට එකකස්ස යු අසහාය තැනැත්තාගේ, මෙයින් කාය විවේකය දක්වයි. පවිවිත්තස්ස යනු හුදකලා බව හේතුවෙන් කෙලෙසුන් නැති කිරීමෙන් විවේකය පටන් ගන්නා ලද්දාහුට, මෙයින් චිත්ත විවේකය දක්වයි. එයින් කීහ. ඣායිනො යනු ධ්‍යාන වැඩීම ස්වභාවකොට ඇත්තහුගේ සිහිකල්පනාවෙන් යුක්ත වූවහුගේ යන අර්ථයි. තෙරුන් වහන්සේ තමන් අනුන් මෙන් කොට කියයි. කිමානුපුබ්බං යන ආදියෙන් ඒ සිතිවිල්ල දක්වයි.

“කිමානුපුබ‍්බ”න‍්තිආදිනා තං චින‍්තනං දස‍්සෙති. තත්‍ථ පඨමගාථායං තාව කිමානුපුබ‍්බන‍්ති අනුපුබ‍්බං අනුක‍්කමො, අනුපුබ‍්බමෙව වක‍්ඛමානෙසු වතසමාචාරෙසු කො අනුක‍්කමො, කෙන අනුක‍්කමෙන තෙ පටිපජ‍්ජිතබ‍්බාති අත්‍ථො. පුරිසො කිං වතං කිං සමාචාරන‍්ති අත්‍ථකාමො පුරිසො සමාදියිතබ‍්බට‍්ඨෙන “වත”න‍්ති ලද‍්ධනාමං, කීදිසං සීලං සමාචාරං, සමාචරන‍්තො, අත‍්තනො කිච‍්චකාරී කත‍්තබ‍්බකාරී අස‍්ස, කඤ‍්චි සත‍්තං න ච විහෙඨයෙ, න බාධෙය්‍යාති අත්‍ථො. අත‍්තනො කිච‍්චං නාම සමණධම‍්මො, සඞ‍්ඛෙපතො සීලසමාධිපඤ‍්ඤා, තං සම‍්පාදෙන‍්තස‍්ස පරවිහෙඨනාය ලෙසොපි නත්‍ථි තාය සති සමණභාවස‍්සෙව අභාවතො.යථාහ භගවා – “න හි පබ‍්බජිතො පරූපඝාතී, න සමණො හොති පරං විහෙඨයන‍්තො”ති (ධ· ප· 184).

එහි පළමු ගාථාවෙහි කිමානුපුබ්බං යන්නෙහි අනුපුබ්බං යනු අනුපිළිවෙලයි. අනුපිළිවෙල කියනකල්හි වත් සමාදාන ආදියෙහි යම් ඒ පිළිවෙලක් වේද ඒ අනුපිළිවෙලින් පිළිපැදිය යුතුයි යන අර්ථයි. පුරිසො කිං වතං කිං සමාචාරං යනු යහපතක් කැමැති පුරුෂයා සමාදන් වියයුතු යන අරුතින් වත යනුවෙන් ලබන ලද නම් ඇති කෙබඳු වූ සීලයක් රකින්නේ තමන්ගේ කටයුතු කරන්නේ කළයුතු දෙය කරන්නේ වන්නෝය. කිසි සත්ත්වයකුට හිංසා නොකරන්නේය. බාධා නොකරන්නේය යන අර්ථයි. තමන්ගේ කටයුතු යනු ශ්‍රමණ ධර්මයයි. කෙටියෙන් සීල, සමාධි, පඤ්ඤා එය සම්පාදනය කරන්නහුට අනුන්ට හිංසා කිරීම සඳහා උපක්‍රමයක්ද නැත. එබන්දක් ඇති කල්හි ශ්‍රමණ භාවයද නැති බැවින් යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පැවිද්දා අනුන් නසන්නෙක් හෝ හිංසා කරන්නෙක් නොවන්නේය. අනුන්ට හිංසා කරන්නා ශ්‍රමණයෙක් නොවේයැයි වදාරා ඇත.

එත්‍ථ ච වතග‍්ගහණෙන වාරිත‍්තසීලං ගහිතං, සමාචාරග‍්ගහණෙන සමාචරිතබ‍්බතො චාරිත‍්තසීලෙන සද‍්ධිං ඣානවිපස‍්සනාදි, තස‍්මා වාරිත‍්තසීලං පධානං. තත්‍ථාපි ච යස‍්මා ඉන්‍ද්‍රියසංවරෙ සිද‍්ධෙ සබ‍්බං සීලං සුරක‍්ඛිතං, සුගොපිතමෙව හොති, තස‍්මා ඉන්‍ද්‍රියසංවරසීලං තාව දස‍්සෙතුකාමො ඉන්‍ද්‍රියානං අරක‍්ඛණෙ රක‍්ඛණෙ ච ආදීනවානිසංසෙ විභාවෙන‍්තො “ඉන්‍ද්‍රියානි මනුස‍්සාන”න‍්තිආදිමාහ. තත්‍ථ ඉන්‍ද්‍රියානීති රක‍්ඛිතබ‍්බධම‍්මනිදස‍්සනං, තස‍්මා චක‍්ඛාදීනි ඡ ඉන්‍ද්‍රියානීති වුත‍්තං හොති. මනුස‍්සානන‍්ති රක‍්ඛණයොග්‍යපුග‍්ගලනිදස‍්සනං. හිතායාති අත්‍ථාය. අහිතායාති අනත්‍ථාය. හොන‍්තීති වචනසෙසො. කථං පන තානියෙව හිතාය ච අහිතාය හොන‍්තීති ආහ “රක‍්ඛිතානී”තිආදි. තස‍්සත්‍ථො – යස‍්ස චක‍්ඛාදීනි ඉන්‍ද්‍රියානි සතිකවාටෙන අපිහිතානි, තස‍්ස රූපාදීසු අභිජ‍්ඣාදිපාපධම‍්මපවත‍්තියා ද‍්වාරභාවතො අනත්‍ථාය පිහිතානි, තදභාවතො අත්‍ථාය සංවත‍්තන‍්තීති.

මෙහිද ව්‍රතයක් සමාදන් වීමෙන් වාරිත්ත සීලය ගැණින. සමාචාර වශයෙන් ගැනීමෙන් හැසිරිය යුතු බැවින් චාරිත්‍ර සීලය සමග ධ්‍යාන විදර්ශනා ආදිය ගැනේ. එබැවින් වාරිත්ත සීලය ප්‍රධානය. එහිදී ද යම්හෙයකින් ඉන්‍ද්‍රිය සංවරය සිදුවන කල්හි සියළු ශීලය රැක්කා වන්නේය. මනාව රකින ලද්දේ වෙයි. ඒ නිසා ඉන්‍ද්‍රිය සංවර ශීලය පළමුව දක්වනු කැමැත්තේ ඉඳුරන් රැකීමෙහි ආදීනව ආනිසංස දක්වන්නේ ඉන්‍ද්‍රියානි මනුස්සානං ආදිය කීහ. එහි ඉන්‍ද්‍රියානි යනු රැකිය යුතු ධර්මයන් දැක්වීමයි. ඒ නිසා ඇස ආදී ඉඳුරන් සය අදහස් කරන ලදී. මනුස්සානං ආරක්‍ෂා කිරීමට සුදුසු පුද්ගලයන් දැක්වීමයි. හිතාය යනු යහපත සඳහා. අහිතාය යනු අයහපත සඳහා වන්නේය යන අර්ථයි. කෙසේනම් ඒවා හිත හා අහිත පිණිස වන්නේද යන්න රක්‍ඛිතානි යනාදියෙන් කියන ලදී. එහි අර්ථය නම් යමෙකුගේ ඇස ආදී ඉන්‍ද්‍රියයන් සිහිය නමැති පියනින් වසන ලද්දේ නොවේද ඔහුට රූපාදියෙහි අභිජ්ඣා ආදී පාප සිතුවිලිවල පැවැත්මෙන් දොරක් නැති බැවින් අනර්ථය පිණිසත්, වසන ලද්දේ පාප සිතුවිලි නැති බැවින් යහපත සඳහාත් පවත්නේය.

ඉන්‍ද්‍රියානෙව සාරක‍්ඛන‍්ති යස‍්මා ඉන්‍ද්‍රියසංවරො පරිපුණ‍්ණො සීලසම‍්පදං පරිපූරෙති, සීලසම‍්පදා පරිපුණ‍්ණා සමාධිසම‍්පදං පරිපූරෙති, සමාධිසම‍්පදා පරිපුණ‍්ණා පඤ‍්ඤාසම‍්පදං පරිපූරෙති, තස‍්මා ඉන්‍ද්‍රියාරක‍්ඛා අත‍්තහිතපටිපත‍්තියාව මූලන‍්ති දස‍්සෙන‍්තො ආහ “ඉන්‍ද්‍රියානෙව සාරක‍්ඛ”න‍්ති. සතිපුබ‍්බඞ‍්ගමෙන ආරක‍්ඛෙන සංරක‍්ඛන‍්තො යොනිසොමනසිකාරෙන ඉන්‍ද්‍රියානි එව තාව සම‍්මදෙව රක‍්ඛන‍්තො, යථා අකුසලචොරා තෙහි තෙහි ද‍්වාරෙහි පවිසිත්‍වා චිත‍්තසන‍්තානෙ කුසලං භණ‍්ඩං න විලුම‍්පන‍්ති, තථා තානි පිදහන‍්තොති අත්‍ථො. සාරක‍්ඛන‍්ති ච සං-සද‍්දස‍්ස සාභාවං කත්‍වා වුත‍්තං, “සාරාගො”තිආදීසු විය. “සංරක‍්ඛ”න‍්ති ච පාඨො. ඉන්‍ද්‍රියානි ච ගොපයන‍්ති තස‍්සෙව පරියායවචනං, පරියායවචනෙ පයොජනං නෙත‍්තිඅට‍්ඨකථායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. “අත‍්තනො කිච‍්චකාරීස‍්සා”ති ඉමිනා අත‍්තහිතපටිපත‍්තිං දස‍්සෙති, “න ච කඤ‍්චි විහෙඨයෙ”ති ඉමිනා පරහිතපටිපත‍්තිං, උභයෙනාපි වා අත‍්තහිතපටිපත‍්තිමෙව දස‍්සෙති පරාවිහෙඨනස‍්සාපි අත‍්තහිතපටිපත‍්තිභාවතො. අථ වා පදද‍්වයෙනපි අත‍්තහිතපටිපත‍්තිං දස‍්සෙති පුථුජ‍්ජනස‍්ස සෙක‍්ඛස‍්ස ච පරහිතපටිපත‍්තියාපි අත‍්තහිතපටිපත‍්තිභාවතො.

ඉන්‍ද්‍රියානෙව සාරක්‍ඛං යනු යම්හෙයකින් ඉන්‍ද්‍රිය සංවරය සම්පූර්ණද සීල සම්පදාව පුරයිද, සීල සම්පදාව පිරීමෙන් සමාධි සම්පදාව පුරයිද සමාධි සම්පදාව පිරීමෙන් ප්‍රඥා සම්පදාව පුරයි. ඒ නිසා ඉඳුරන් රැකීමෙන් තමාගේ හිතසුව පිණිස හේතුවන්නා වූ මූලික වන්නා වූ කරුණයයි දක්වන්නේ මෙසේ කීය. ඉන්‍ද්‍රියානෙව සාරක්‍ඛං යනු සිහිය (සති) පෙරටුකොට යාමෙන් ආරක්‍ෂා කරන්නේ යොනිසො මනසිකාරයෙන් ඉන්‍ද්‍රියයන් මනාව රකින්නේ යම්සේ අකුසල් නමැති සොරු ඒ ඒ දොරටුවලින් පිවිස සිත තුල ඇති කුසල් නමැති බඩු පැහැර නොගනිත්ද එසේ ඒවා වසන ලද්දේය යන අර්ථයි. සාරක්‍ඛං යනු ‘සං’ ශබ්දයෙන් ‘සා’ යන කොටස සහිතව කියන ලදී. සාරාගො ආදියෙහි මෙනි. සංරක්‍ඛන්ති යනුද පාඨයකි. ඉන්‍ද්‍රියානි ච ගොපයන්ති යනු එයටම සමාන වචනයකි. පරියාය වචනය යෙදීම නෙත්ති අටුවාවේ කියන ලද ආකාරයෙන් දැනගත යුතුයි. අත්තනො කිච්චකාරිස්ස යනු මෙයින් තමන්ගේ යහපතට හේතුවන ප්‍රතිපත්තිය දක්වයි. න ච කිඤ්චි විහෙඨයෙ මෙයින් අනුන්ගේ යහපතට හේතුකාරක ප්‍රතිපත්තියද දෙකෙන්ම තමාගේ යහපතට හේතුවන ප්‍රතිපත්තියට දක්වයි. අනුන්ට හිංසා නොකිරීමෙන්, තමන්ගේ යහපතට හේතුවන ප්‍රතිපත්ති බැවින් මෙසේ රකින ලද ඉඳුරන් යහපත සඳහා වෙයි.

එවං රක‍්ඛිතානි ඉන්‍ද්‍රියානි හිතාය හොන‍්තීති වොදානපක‍්ඛං සඞ‍්ඛෙපෙනෙව දස‍්සෙත්‍වා, අරක‍්ඛිතානි අහිතාය හොන‍්තීති සංකිලෙසපක‍්ඛං පන විභජිත්‍වා දස‍්සෙන‍්තො “චක‍්ඛුන්‍ද්‍රියං චෙ”තිආදිමාහ. තත්‍ථ චක‍්ඛුන්‍ද්‍රියං චෙ රූපෙසු, ගච‍්ඡන‍්තං අනිවාරයං. අනාදීනවදස‍්සාවීති යො නීලපීතාදිභෙදෙසු ඉට‍්ඨානිට‍්ඨෙසු රූපායතනෙසු ගච‍්ඡන‍්තං යථාරුචි පවත‍්තන‍්තං චක‍්ඛුන්‍ද්‍රියං අනිවාරයං, අනිවාරයන‍්තො අප‍්පටිබාහන‍්තො තථාපවත‍්තියං ආදීනවදස‍්සාවී න හොති චෙ, දිට‍්ඨධම‍්මිකං සම‍්පරායිකඤ‍්ච ආදීනවං දොසං න පස‍්සති චෙ . “ගච‍්ඡන‍්තං නිවාරයෙ අනිස‍්සරණදස‍්සාවී”ති ච පාඨො. තත්‍ථ යො “දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං භවිස‍්සතී”ති (සං· නි· 4.95) වුත‍්තවිධිනා දිට‍්ඨමත‍්තෙයෙව ඨත්‍වා සතිසම‍්පජඤ‍්ඤවසෙන රූපායතනෙ පවත‍්තමානො තත්‍ථ නිස‍්සරණදස‍්සාවී නාම. වුත‍්තවිපරියායෙන අනිස‍්සරණදස‍්සාවී දට‍්ඨබ‍්බො. සො දුක‍්ඛා න හි මුච‍්චතීති සො එවරූපො පුග‍්ගලො වට‍්ටදුක‍්ඛතො න මුච‍්චතෙව. එත්‍ථ ච චක‍්ඛුන්‍ද්‍රියස‍්ස අනිවාරණං නාම යථා තෙන ද‍්වාරෙන අභිජ‍්ඣාදයො පාපධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තථා පවත‍්තනං, තං පන අත්‍ථතො සතිසම‍්පජඤ‍්ඤස‍්ස අනුට‍්ඨාපනං දට‍්ඨබ‍්බං. සෙසින්‍ද්‍රියෙසුපි එසෙව නයො. අධිමුච‍්ඡිතොති අධිමුත‍්තතණ‍්හාය මුච‍්ඡං ආපන‍්නො. අම‍්බිලන‍්ති අම‍්බිලරසං. මධුරග‍්ගන‍්ති මධුරරසකොට‍්ඨාසං. තථා තිත‍්තකග‍්ගං. අනුස‍්සරන‍්ති අස‍්සාදවසෙන තං තං රසං අනුවිචින‍්තෙන‍්තො. ගන්‍ථිතොති රසතණ‍්හාය තස‍්මිං තස‍්මිං රසෙ ගන්‍ථිතො බන්‍ධො. “ගධිතො”ති ච පඨන‍්ති, ගෙධං ආපන‍්නොති අත්‍ථො. හදයං නාවබුජ‍්ඣතීති “දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සාමී”ති පබ‍්බජ‍්ජාදික‍්ඛණෙ උප‍්පන‍්නං චිත‍්තං න ජානාති න සල‍්ලක‍්ඛෙති , සාසනස‍්ස හදයං අබ‍්භන‍්තරං අනවජ‍්ජධම‍්මානං සම‍්මද‍්දනරසතණ‍්හාය ගධිතො නාවබුජ‍්ඣති න ජානාති, න පටිපජ‍්ජතීති අත්‍ථො.

සිතෙහි පිරිසිදු බව කෙටියෙන්ම දක්වා ආරක්‍ෂා නොකළ ඉන්‍ද්‍රියයන් අහිත පිණිස වන්නේය යනුවෙන් කිලුටු පැත්ත වනාහි වෙන්කර දක්වන්නේ චක්‍ඛුන්‍ද්‍රියං ච ආදිය කීහ. එහි චක්‍ඛුන්‍ද්‍රියං චෙ රූපෙසු ගච්ඡන්තං අනිවාරයං අනාදීනව දස්සාවී යනු යමෙක් නීල පීත ආදී ප්‍රභේද ඇති ඉටු අනිටු රූපායතනවල ගමන් කරන්නා වූ අභිමත පරිදි පවත්නා වූ පැවැත්මෙහි ආදීනව දක්නේ නොවේද ඉදින් මෙලොවදී හෝ පරලොවදී වන්නා වූ ආදිනව හා දොස් නොදකින්නේද ගච්ඡන්තං අනිවාරයෙ අභිස්සරණ දස්සාවී යනුද පාඨයකි. එහිදී යමෙක් දුටු දෙයෙහි දුටුබව පමණක් වන්නේය යනුවෙන් කියූ ආකාරයට දැකීම් මාත්‍රයෙහි පිහිටා සිහිය පිහිටුවීම් වශයෙන් රූපායතනයෙහි පවත්නේ හෙතෙම එහි නිස්සරණ දස්සාවී - කලකිරීම දකින්නා වූ නම් වේ. කියන ලද විපර්යාසයෙන් කලකිරිම නොදකින්නා වූ යන අර්ථය දතයුතුයි. සො නහි දුක්‍ඛා මුච්චති යනු මෙබඳු පුද්ගලයා සසර දුකෙන් නොමිදේමය. මෙහිද චක්‍ෂු ඉන්‍ද්‍රියයාගේ නොවැලැක්වීම යනු යම්සේ ඒ දොරටුවෙන් අභිජ්ජා ආදී පාප ධර්මයන් අභ්‍යන්තරයට ගලා ඒද එසේ පැවැත්ම යන අර්ථයෙන් වනාහි සිහිය පිහිටුවීම දතයුතුය. ඉතිරි ඉන්‍ද්‍රියයන් පිළිබඳවද මේ ක්‍රමයමය. අධිමුච්ඡිතො යනු අධික තණ්හාවෙන් මුලාවට පත්වූ අම්බිලං යනු ඇඹුල් රස. මධුරග්ගං යනු මිහිරි රස කොටස්, එසේම තිත්ත රසය. අනුස්සරං යනු ආස්වාද වශයෙන් ඒ ඒ රසය පිළිබඳව සිතන්නේ, ගන්‍ථිතො යනු රස තණ්හාවෙන් ඒ ඒ රසයෙහි ගිජු වූයේ, බැඳුනේ ගධිතො කියාද පාඨයක් ඇත. ගිජු බවට පත්වූයේ යනු එහි අර්ථයි. හදයං නාවබුජ්ඣති යනු දුක් කෙළවර කරන්නෙමියි පැවිදි බව ලබන මොහොතේ උපන් සිතිවිල්ල නොදනියි. නොසළකා හරියි. සසුනේ හදවත, අභ්‍යන්තරය හා නිවැරදි ධර්මයන්, රස තණ්හාවෙන් මඩිනා ලද්දේ අවබෝධ නොවෙයි. නොදනියි. පිළිනොපදී යන අර්ථයි.

සුභානීති සුන්‍දරානි. අප‍්පටිකූලානීති මනොරමානි, ඉට‍්ඨානි. ඵොට‍්ඨබ‍්බානීති උපාදිණ‍්ණානුපාදිණ‍්ණප‍්පභෙදෙ ඵස‍්සෙ. රත‍්තොති රජ‍්ජනසභාවෙන රාගෙන රත‍්තො. රාගාධිකරණන‍්ති රාගහෙතු. විවිධං වින්‍දතෙ දුඛන‍්ති රාගපරිළාහාදිවසෙන දිට‍්ඨධම‍්මිකඤ‍්ච නිරයසන‍්තාපාදිවසෙන අභිසම‍්පරායඤ‍්ච නානප‍්පකාරං දුක‍්ඛං පටිලභති.

සුභානී යනු සුන්දර. අප්පටිකූලානි යනු මනරම් වූ අරමුණු. ඵොට්ඨබ්බානි යනු තදින් ඇලෙන හා නොඇලෙන යන ද්විප්‍රකාර ස්පර්ශය. රත්තො යනු ඇලීම් ස්වභාවයෙන් රාගයෙන් ඇළුනේ. රාගාධිකරණං යනු රාගයට හේතුවයි. විවිධං වින්‍දතෙ දුක්‍ඛං යනු රාගය නිසා ඇතිවන වැලපීම ආදී වශයෙන් දිට්ඨධම්මික වූද නිරයෙහි තැවීම ආදී වශයෙන් පරලෝකයේද නන්වැදෑරුම් දුක් ලබත්.

මනං චෙතෙහීති මනඤ‍්ච එතෙහි රූපාරම‍්මණාදීහි ධම‍්මාරම‍්මණප‍්පභෙදෙහි ච. නන‍්ති පුග‍්ගලං. සබ‍්බෙහීති සබ‍්බෙහි පඤ‍්චහිපි. ඉදං වුත‍්තං හොති – යො පුග‍්ගලො මනං, මනොද‍්වාරං, එතෙහි යථාවුත‍්තෙහි රූපාදීහි පඤ‍්චහි ධම‍්මෙහි ධම‍්මාරම‍්මණප‍්පභෙදතො ච. තත්‍ථ පවත‍්තනකපාපකම‍්මනිවාරණෙන රක‍්ඛිතුං, ගොපිතුං න සක‍්කොති, තතො තස‍්ස අරක‍්ඛණතො නං පුග‍්ගලං තංනිමිත‍්තං දුක‍්ඛං අන්‍වෙති, අනුගච‍්ඡති, අනුගච‍්ඡන‍්තඤ‍්ච එතෙහි පඤ‍්චහිපි රූපාරම‍්මණාදීහි ඡට‍්ඨාරම‍්මණෙන සද‍්ධිං සබ‍්බෙහිපි ආරම‍්මණප‍්පච‍්චයභූතෙහි අනුගච‍්ඡතීති. එත්‍ථ චක‍්ඛුන්‍ද්‍රියං, සොතින්‍ද්‍රියඤ‍්ච අසම‍්පත‍්තග‍්ගාහිභාවතො “ගච‍්ඡන‍්තං අනිවාරය”න‍්ති වුත‍්තං ඉතරං සම‍්පත‍්තග‍්ගාහීති “ගන්‍ධෙ චෙ පටිසෙවතී”තිආදිනා වුත‍්තං. තත්‍ථාපි ච රසතණ‍්හා ච ඵොට‍්ඨබ‍්බතණ‍්හා ච සත‍්තානං විසෙසතො බලවතීති “රසතණ‍්හාය ගධිතො, ඵොට‍්ඨබ‍්බානි අනුස‍්සරන‍්තොති” වුත‍්තන‍්ති දට‍්ඨබ‍්බං.

මනං චෙතෙහි යනු සිතද මේ රූප ආරම්මණ ආදියෙන්ද ධම්මාරම්මණ ප්‍රභේදවලින්ද තං යනු පුද්ගලයායි. සබ්බෙහි යනු පසිඳුරන්ගෙන්. මෙසේ කියා ඇත. යම් පුද්ගලයෙක් මනස හා මනෝද්වාරය ඉහත කියන ලද මේ රූප ආදී කරුණු පහෙන් ද ධර්මාරම්මණ ප්‍රභේද වශයෙන්ද එහි පවත්නා වූ පව්කම් නමැති නීවරණවලින් රකින්නට ආරක්‍ෂා කරන්නට නොහැකිවෙයි ද එයින් ඔහු ආරක්‍ෂා නොවීම හේතුවෙන් ඒ පුද්ගලයාව එය නිමිති කොටගෙන දුක පසුපස එයි. අනුව යන්නේද මේ රූප ආදී අරමුණු සය සමග සියළුම අරමුණුවලට හේතු වූ කරුණු සමග අනුව යයි යනුයි. මෙහි චක්‍ඛු ඉන්‍ද්‍රිය හා සොත ඉන්‍ද්‍රිය නොපැමිණි දෙය ගැනීමේ හේතුවෙන් යන්නහු නොවළක්වයි කියන ලදී. අනික සපැමිණි දේ ගන්නේයැයි ගන්ධය ඇසුරු කරන්නේය ආදිය කියන ලදී. එහිදී ද රස තණ්හාවත් ස්පර්ශ තණ්හාවත් සත්ත්වයන්ට විශේෂ වශයෙන් බලවත් වන්නේය යනාදී ලෙස රස තණ්හාය ගධිතො (රස තණ්හාවෙන් ගිජු වූයේ, පොට්ඨබ්බානි අනුස්සරන්තො (ස්පර්ශය සිහිපත් කරන්නේ) යනාදිය කියන ලදැයි දතයුතුයි.

එවං අගුත‍්තද‍්වාරස‍්ස පුග‍්ගලස‍්ස ඡහි ද‍්වාරෙහි ඡසුපි ආරම‍්මණෙසු අසංවරනිමිත‍්තං උප‍්පජ‍්ජනකදුක‍්ඛං දස‍්සෙත්‍වා ස‍්වායමසංවරො යස‍්මා සරීරසභාවානවබොධෙන හොති, තස‍්මා සරීරසභාවං විචිනන‍්තො “පුබ‍්බලොහිතසම‍්පුණ‍්ණ”න‍්තිආදිනා ගාථාද‍්වයමාහ. තස‍්සත්‍ථො – සරීරං නාමෙතං පුබ‍්බෙන ලොහිතෙන ච සම‍්පුණ‍්ණං භරිතං අඤ‍්ඤෙන ච පිත‍්තසෙම‍්හාදිනා බහුනා කුණපෙන, තයිදං නරවීරෙන නරෙසු ඡෙකෙන සිප‍්පාචරියෙන කතං වග‍්ගු මට‍්ඨං ලාඛාපරිකම‍්මාදිනා චිත‍්තිතං, අන‍්තො පන ගූථාදිඅසුචිභරිතං සමුග‍්ගං විය ඡවිමත‍්තමනොහරං බාලජනසම‍්මොහං දුක‍්ඛසභාවතාය නිරයාදිදුක‍්ඛතාපනතො ච කටුකං, පරිකප‍්පසම‍්භවෙන අමූලකෙන අස‍්සාදමත‍්තෙන මධුරතාය මධුරස‍්සාදං, තතො එව පියභාවනිබන්‍ධනෙන පියනිබන්‍ධනං, දුස‍්සහතාය අප‍්පතීතතාය ච දුඛං, ඊදිසෙ සරීරෙ අස‍්සාදලොභෙන මහාදුක‍්ඛං පච‍්චනුභුය්‍යමානං අනවබුජ‍්ඣන‍්තො ලොකො මධුරගිද‍්ධො ඛුරධාරාලෙහකපුරිසො විය දට‍්ඨබ‍්බොති.

මෙසේ අනාරක්‍ෂිත දොරටු ඇති පුද්ගලයාගේ දොරටු සයෙන් අරමුණු සයෙහි සංවර නොවීම නිමිතිකොට ඇතිවන්නා වූ දුක දක්වා යම් ඒ අසංවරය ශරීර ස්වභාවය අවබෝධ නොවීම හේතුවෙන් වෙයි. ඒ නිසා ශරීර ස්වභාවය ගැන සිතන්නේ (පුබ්බලෝහිත සම්පුණ්ණං) ආදී ගාථා දෙක කියන ලදී. එහි අර්ථය නම් මේ ශරීරය වනාහි සැරව හා ලේවලින් පිරී ඇති අතර අනිකුත් පිත්, සෙම් ආදී බොහෝ කුණපවලින්ද බරවී ඇත. ඒ මේ කුණු ශරීරය දක්‍ෂ ශිල්පාචාරියවරයෙකු විසින් මනාව ඔපමට්ටම් කරන ලද ලාකඩ ආදියෙන් පිටත අලංකාර කරන ලද ඇතුළත අසූචි ආදියෙන් පිරුණු කරඬුවක් මෙන් පිටත සමින් පමණක් සිත්කලුය. නූගත් ජනයා මුලාවට පත් කරන්නේය. දුක් ස්වභාව වශයෙන් නිරයාදී දුක් පමුණුවන බැවින් කටුකය. සැරසිලි කර තිබීමෙන් ආශ්වාද මාත්‍රයෙන් ඇතිවන මිහිර බැවින් මිහිරි වූ ආශ්වාද ඇත්තේය. එයින්ම ප්‍රිය බව ඇතිවීමෙන් ප්‍රිය වූ බැඳීම් ඇතිවන්නේය. දුක් සහිත බැවින්ද තෘප්තියකට පත් නොවන බැවින්ද දුක්ය. මෙබඳු වූ ශරීරයෙහි ආශ්වාදයට ඇති ආශාව නිසා මහා දුකක් විඳින බව අවබෝධ කර නොගන්නා තැනැත්තා මිහිරෙහි ගිජු වූයේ දැළිපිහි තලය ලෙවකන තැනැත්තෙක් වැනි යයි දතයුතුයි.

ඉදානි එතෙ චක‍්ඛාදීනං ගොචරභූතා රූපාදයො වුත‍්තා, තෙ විසෙසතො පුරිසස‍්ස ඉත්‍ථිපටිබද‍්ධා කමනීයාති තත්‍ථ සංවරො කාතබ‍්බොති දස‍්සෙන‍්තො “ඉත්‍ථිරූපෙ”තිආදිමාහ. තත්‍ථ ඉත්‍ථිරූපෙති ඉත්‍ථියා චතුසමුට‍්ඨානිකරූපායතනසඞ‍්ඛාතෙ වණ‍්ණෙ. අපි ච යො කොචි ඉත්‍ථියා නිවත්‍ථස‍්ස අලඞ‍්කාරස‍්ස වා ගන්‍ධවණ‍්ණකාදීනං වා පිළන්‍ධනමාලානං වා කායපටිබද‍්ධො වණ‍්ණො පුරිසස‍්ස චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණභාවාය උපකප‍්පති, සබ‍්බමෙතං “ඉත්‍ථිරූප”න‍්ත්‍වෙව වෙදිතබ‍්බං. ඉත්‍ථිසරෙති ඉත්‍ථියා ගීතලපිතහසිතරුදිතසද‍්දෙ. අපි ච ඉත්‍ථියා නිවත්‍ථවත්‍ථස‍්සපි අලඞ‍්කතඅලඞ‍්කාරස‍්සපි ඉත්‍ථිපයොගනිප‍්ඵාදිතා වෙණුවීණාසඞ‍්ඛපණවාදීනම‍්පි සද‍්දා ඉධ ඉත්‍ථිසරග‍්ගහණෙන ගහිතාති වෙදිතබ‍්බා. සබ‍්බොපෙසො පුරිසස‍්ස චිත‍්තං ආකඩ‍්ඪතීති. “ඉත්‍ථිරසෙ”ති පන පාළියා චතුසමුට‍්ඨානිකරසායතනවසෙන වුත‍්තං. ඉත්‍ථියා කිංකාරපටිස‍්සාවිතාදිවසෙන අස‍්සවරසො චෙව පරිභොගරසො ච ඉත්‍ථිරසොති එකෙ. යො පන ඉත්‍ථියා ඔට‍්ඨමංසසම‍්මක‍්ඛිතඛෙළාදිරසො, යො ච තාය පුරිසස‍්ස දින‍්නයාගුභත‍්තාදීනං රසො, සබ‍්බොපෙසො “ඉත්‍ථිරසො”ත්‍වෙව වෙදිතබ‍්බො. ඵොට‍්ඨබ‍්බෙපි ච ඉත්‍ථියා කායසම‍්ඵස‍්සො, ඉත්‍ථිසරීරාරූළ‍්හානං වත්‍ථාලඞ‍්කාරමාලාදීනං ඵස‍්සො “ඉත්‍ථිඵොට‍්ඨබ‍්බො”ත්‍වෙව වෙදිතබ‍්බො. එත්‍ථ ච යෙසං ඉත්‍ථිරූපෙ ඉත්‍ථිසරෙති පාළි, තෙසං අපි-සද‍්දෙන ඉත්‍ථිරසසඞ‍්ගහො දට‍්ඨබ‍්බො. ඉත්‍ථිගන්‍ධෙසූති ඉත්‍ථියා චතුසමුට‍්ඨානිකගන්‍ධායතනෙසු. ඉත්‍ථියා සරීරගන්‍ධො නාම දුග‍්ගන්‍ධො. එකච‍්චා හි ඉත්‍ථී අස‍්සගන්‍ධිනී හොති, එකච‍්චා මෙණ‍්ඩගන්‍ධිනී, එකච‍්චා සෙදගන්‍ධිනී, එකච‍්චා සොණිතගන්‍ධිනී, තථාපි තාසු අන්‍ධබාලො රජ‍්ජතෙව. චක‍්කවත‍්තිනො පන ඉත්‍ථිරතනස‍්ස කායතො චන්‍දනගන්‍ධො වායති, මුඛතො උප‍්පලගන්‍ධො, අයං න සබ‍්බාසං හොතීති, ඉත්‍ථියා සරීරෙ ආරූළ‍්හො ආගන‍්තුකො අනුලිම‍්පනාදිගන්‍ධො “ඉත්‍ථිගන්‍ධො”ති වෙදිතබ‍්බො. සාරත‍්තොති සුට‍්ඨු රත‍්තො ගධිතො මුච‍්ඡිතො, ඉදං පන පදං “ඉත්‍ථිරූපෙ”තිආදීසුපි යොජෙතබ‍්බං. විවිධං වින්‍දතෙ දුඛන‍්ති ඉත්‍ථිරූපාදීසු සරාගනිමිත‍්තං දිට‍්ඨධම‍්මිකං වධබන්‍ධනාදිවසෙන සම‍්පරායිකං පඤ‍්චවිධබන්‍ධනාදිවසෙන නානප‍්පකාරං දුක‍්ඛං පටිලභති.

දැන් මේ චක්‍ඛු ආදියට ගෝචර වන රූපාදිය ගැන කියන ලදී. ඔවුනතුරෙන් විශේෂයෙන් පුරුෂයාට සක්‍රීය හා බැඳුනු ආදිය මගින් එහිදී සංවරය ඇති කළ යුතුයයි දක්වන්නේ ඉත්‍ථිරූපෙ (ස්ත්‍රී රූපයෙහි) ආදී ගාථාව කියන ලදී. එහි ඉත්‍ථිරූපෙ යනු ස්ත්‍රියගේ හටගත්තා වූ රූපායතන ආදී වර්ණයෙහි - තවද යම්කෙනෙක් ස්ත්‍රියගේ ඇඳපැළඳ ඇති දෙයෙහි අලංකාරයේ හෝ සුවඳ හා වර්ණ ආදියේ හෝ පැළඳගෙන සිටින මල්මාලාවල හෝ සිරුර හා බැඳී පවත්නා වර්ණය හෝ පුරුෂයාගේ චක්‍ඛු විඤ්ඤාණයට අරමුණු වශයෙන් යොමුවේ. මේ සියල්ල ඉත්‍ථිරූපං යන්නෙන් දත යුතුයි. ඉත්‍ථිසරෙ යනු ස්ත්‍රියගේ ගායනා කළ, කතාබහ කරන ලද සිනහවෙන ලද අඬන ලද ශබ්දයන්ය. තවද ස්ත්‍රියගේ අඳින ලද වස්ත්‍රයෙහිද අලංකාර කරන ලද සැරසිල්ලෙහිද ස්ත්‍රී රූපය යෙදීමෙන් නිෂ්පාදනය කළ උනනළා, වීණා, හක්ගෙඩි ආදියේ ශබ්දයන්ද මෙහිදී ඉත්‍ථිසර (ස්ත්‍රියගේ හඬ) යන්නේ ගැනීමට අඩංගු වන්නේයැයි දතයුතුයි. මේ සියල්ලට පුරුෂයාගේ සිත ඇදගනී යනුයි. ඉත්‍ථිරසෙ (ස්ත්‍රී රසයෙහි) යන පෙළෙහි සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ රස ආයතන කියන ලදී. ස්ත්‍රියගේ මෙහෙකාරකම, කීකරුබව ආදී ඇසුර නිසා ඇතිවන ආස්වාදය පරිභෝග රසය ඉත්‍ථි රසය යැයි සමහරු කියති. යමෙක් වනාහි ස්ත්‍රියගේ තොල්වල ගෑවුණු කෙල ආදියෙහි රසයද යමෙක් ඇය විසින් පුරුෂයාට දෙන ලද කැඳ බත් ආදියෙහි රසයද යන මේ සියළුම රසයන් ඉත්‍ථිරසය නමින් ගතයුතුයි. පොට්ඨබ්බය - ස්පර්ශය යනු ස්ත්‍රී ශරීරයෙහි ඇඳපැළඳ ඇති වස්ත්‍ර ආභරණ මල්මාලා ආදියෙහි ස්පර්ශයද ස්ත්‍රී ස්පර්ශය ලෙස ගතයුතුයි. මෙහිද යමෙකුට ස්ත්‍රී රූපයෙහි, ස්ත්‍රී ස්වරයෙහි ආදී ලෙසද පෙළෙහි ඇත. ඒ වචනවලින්ද ඉත්‍ථිරස යන්න අඩංගුවන බව දතයුතුයි. ඉත්‍ථිගන්‍ධෙසු යනු ස්ත්‍රියගේ සතරමහාභූතයන් නිසා හටගත්තා වූ සිව්වැදෑරුම් ගන්‍ධ ආයතනවල ස්ත්‍රියගේ ශරීරය වනාහි දුගඳයි. ඇතැම් ස්ත්‍රීහු අශ්වයන්ගේ ගඳ ඇත්තියෝය. ඇතැම්හු බැටළු ගඳය. ඇතැම්හු ප්‍රේත ගඳය. ඇතැම්හු සැරව ගඳය. එසේ නමුත් අඳබාලයා ඔවුන් කෙරෙහි ඇළෙයි. සක්විති රජුගේ වනාහි ස්ත්‍රී රත්නයේ සිරුරෙන් සඳුන් සුවඳ හමයි. මුඛයෙන් උපුමල් සුවඳ හමයි. මෙය සියල්ලන්ටම නොවෙයි. ස්ත්‍රී ශරීරයෙහි ආලේප කරන ලද ආගන්තුක වූ සුවඳ විලවුන් ආදියද ස්ත්‍රී ගන්‍ධයැයි දතයුතුයි. සාරත්තො යනු මනාව ඇලුණු ඇලුණේ වෙයි. එයින් මුළා වූයේ වෙයි. මෙය ඉත්‍ථිරූපෙ (ස්ත්‍රී රූපයෙහි) ආදියේ මෙන් යෙදිය යුතුයි. විවිධං වින්‍දතෙ දුඛං යනු ස්ත්‍රීරූපාදියෙහි සරාගී නිමිත්තෙන් මේ ලෝක වශයෙන් වධ බන්‍ධනාදි වශයෙනුත් පරලෝක වශයෙන් පස්වැදෑරුම් වධබන්‍ධන ආදි නොයෙක් ආකාර දුක් ලබයි.

ඉත්‍ථිසොතානි සබ‍්බානීති ඉත්‍ථියා රූපාදිආරම‍්මණානි සබ‍්බානි අනවසෙසානි පඤ‍්ච තණ‍්හාසොතානි සන්‍දන‍්ති. පඤ‍්චසූති පුරිසස‍්ස පඤ‍්චසු ද‍්වාරෙසු. තෙසන‍්ති තෙසං පඤ‍්චන‍්නං සොතානං. ආවරණන‍්ති සංවරණං, යථා අසංවරො න උප‍්පජ‍්ජති, එවං සතිසම‍්පජඤ‍්ඤං පච‍්චුපට‍්ඨපෙත්‍වා සංවරං පවත‍්තෙතුං යො සක‍්කොති, සො වීරියවා ආරද‍්ධවීරියො අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදායාති අත්‍ථො.

ඉත්‍ථිසොතානි සබ්බානි යනු ස්ත්‍රියගේ රූප ආදී සියළු අරමුණු ද ඉතිරි පස්වැදෑරුම් තණ්හා ගංගාවෝ ගලා බසිත්. පඤ්චසු යනු පුරුෂයාගේ පස්දොරටුවෙහි, තෙසං යනු ඒ පස්වැදෑරුම් ශ්‍රෝතස්වල, ආවරණං යනු වසා දැමීමයි. යම්සේ අසංවරයක් නූපදීද එසේ සිහිය පිහිටුවා සිහිය පවත්වා ගැනීමට යමෙක් සමත්වෙයිද ඔහු වීර්යවන්තයෙකි. අරඹන ලද වීර්ය ඇත්තේය. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමටත්, කුසල් රැස්කිරීමටත් යන අර්ථයි.

එවං රූපාදිගොචරෙ පබ‍්බජිතස‍්ස පටිපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි ගහට‍්ඨස‍්ස දස‍්සෙතුං “සො අත්‍ථවා”තිආදි වුත‍්තං. තත්‍ථ සො අත්‍ථවා සො ධම‍්මට‍්ඨො, සො දක‍්ඛො සො විචක‍්ඛණොති සො පුග‍්ගලො ඉමස‍්මිං ලොකෙ අත්‍ථවා, බුද‍්ධිමා, ධම‍්මෙ ඨිතො, ධම‍්මෙ දක‍්ඛො, ධම‍්මෙ ඡෙකො, අනලසො වා විචක‍්ඛණො ඉති කත‍්තබ‍්බතාසු කුසලො නාම. කරෙය්‍ය රමමානොපි, කිච‍්චං ධම‍්මත්‍ථසංහිතන‍්ති ගෙහරතියා රමමානොපි ධම‍්මත්‍ථසංහිතං ධම‍්මතො අත්‍ථතො ච අනපෙතමෙව තං තං කත‍්තබ‍්බං. අනුප‍්පන‍්නානං භොගානං උප‍්පාදනං, උප‍්පන‍්නානං පරිපාලනං, පරිභොගඤ‍්ච කරෙය්‍ය, අඤ‍්ඤමඤ‍්ඤං, අවිරොධෙන, අඤ‍්ඤමඤ‍්ඤං, අබාධනෙන, තිවග‍්ගත්‍ථං අනුයුඤ‍්ජෙය්‍යාති අධිප‍්පායො . අයඤ‍්ච නයො යෙසං සම‍්මාපටිපත‍්තිඅවිරොධෙන තිවග‍්ගත්‍ථස‍්ස වසෙන වත‍්තති බිම‍්බිසාරමහාරාජාදීනං විය, තෙසං වසෙන වුත‍්තො. න යෙසං කෙසඤ‍්චි වසෙනාති දට‍්ඨබ‍්බං.

මෙසේ රූප ආදී ගොදුරු කෙරෙහි පැවිද්දාගේ පැවැත්ම දක්වා දැන් ගිහියාගේ ස්වභාවය දක්වන්නට සො අත්‍ථවා යනාදිය කීය. එහි සො අත්‍ථවා සො ධම්මිට්ඨො සො දක්‍ඛො සො විචක්‍ඛණො යනු ඒ පුද්ගලයා මේ ලෝකයෙහි සඵල වූ ජීවිත ඇත්තේ බුද්ධිමත් වූයේ දහම්හි පිහිටියේ දක්‍ෂ වූයේ ධර්මයෙහි විශාරදයෙක් වූයේ කම්මැලි නොවූයේ විචක්‍ෂණ බුද්ධියෙන් යුක්ත වූයේ කළයුතු දෙයෙහි දක්‍ෂයෙක් වෙයි. කරෙය්‍ය රම මානොපි කිච්චං ධම්මත්‍ථසංහිතං යනු කාම වස්තූන් කෙරෙහි ඇති ආශාවෙන් ප්‍රීති වන්නේ ධර්ම හා අර්ථ දෙකින් යුක්තව ධර්ම වශයෙන් හා අර්ථ වශයෙන්ද මෙය තොර නොවූයේ යැයි නූපන් භෝගයන්ගේ උත්පාදනයත්, උපන් භෝගයන්ගේ පරිපාලනයද ඒවා පරිභෝග කිරීමද කරන්නේය. ඔවුනොවුන් විරුද්ධයක් නැතිව ඔවුනොවුන් බාධා නොකිරීමෙන් තුන්වැදෑරුම් ප්‍රයෝජන සඳහා යොදන්නේය යන අර්ථයි. මෙයද එක් ක්‍රමයකි. යමෙකුගේ ප්‍රතිපත්ති විරෝධතාවකින් තොරව තුන්වැදෑරුම් අර්ථයන් සඳහා පවතීද බිම්බිසාර රජුට ආදී ක්‍රමයෙන් කියන ලදී. යම්කිසි වෙනත් විදියකින් වටහාගත යුතු නැත.

අථො සීදති සඤ‍්ඤුත‍්තන‍්ති යදි ඉධලොකෙ සුපසංහිතං දිට‍්ඨධම‍්මිකං අත්‍ථං පරිග‍්ගහෙත්‍වා ඨිතං. වජ‍්ජෙ කිච‍්චං නිරත්‍ථකන‍්ති සම‍්පරායිකත්‍ථරහිතං අනත්‍ථුපසංහිතං කිච‍්චං සචෙපි විස‍්සජ‍්ජෙය්‍ය පරිච‍්චජෙය්‍ය. න තං කිච‍්චන‍්ති මඤ‍්ඤිත්‍වා, අප‍්පමත‍්තො විචක‍්ඛණොති සතිඅවිප‍්පවාසෙන අප‍්පමත‍්තො විචාරණපඤ‍්ඤාසම‍්භවෙන විචක‍්ඛණො අනත්‍ථුපසංහිතං, තං කිච‍්චං මයා න කාතබ‍්බන‍්ති මඤ‍්ඤිත්‍වා විවජ‍්ජෙය්‍ය.

අත්‍ථො සීදති සංයුත්තං යනුවෙන් මේ ලෝකයෙහි දිට්ඨධම්මික අර්ථය හා එක්වූ අර්ථය ගැනේ. වජ්ජෙ කිච්චං නිරත්‍ථකං යනු පරලෝක වශයෙන් අර්ථයක් නැති අනර්ථය හා සම්බන්ධ කටයුතු ඉදින් අත්හරින්නේද, දුරුකරන්නේද න තං කිච්චන්ති මඤ්ඤිත්‍වා අප්පමත්තො විචක්‍ඛණො සිහිය පිහිටා තිබීමෙන් අප්‍රමාදී වූයේ විමසා දැකීමේ ප්‍රඥාව ඇතිවීමෙන් විචක්‍ෂණ වූ තැනැත්තේ අනර්ථයට හේතුවන ඒ කාර්යය මා විසින් නොකටයුතුයැයි දැනගෙන තොර කරන්නේය.

විවජ‍්ජෙත්‍වා පන යඤ‍්ච අත්‍ථෙන සඤ‍්ඤුත‍්තං, යා ච ධම‍්මගතා රති. තං සමාදාය වත‍්තෙථාති යංකිඤ‍්චි දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකප‍්පභෙදෙන අත්‍ථෙන හිතෙන සංයුත‍්තං තදුභයහිතාවහං, යා ච අධිකුසලධම‍්මගතා සමථවිපස‍්සනාසහිතා රති, තදුභයං සම‍්මා ආදියිත්‍වා පරිග‍්ගහං කත්‍වා වත‍්තෙය්‍ය. “සබ‍්බං රතිං ධම‍්මරති ජිනාතී”ති (ධ· ප· 354) වචනතො සා හි එකංසෙන උත‍්තමත්‍ථස‍්ස පාපනතො උත‍්තමා රති නාම.

තොරතොට වනාහි යමක් අර්ථයෙන් යුක්තද යම් ඒ ධර්මය කෙරෙහි යොමු වූ ඇල්මක් වේද එය පිළිපැද පවතී යැයි යම්කිසි දිට්ඨධම්ම හා සම්පරායික යන භේදයෙන් හිතසුව පිණිස පවතින ඒ උභය දියුණුවම ලඟාකරන යම් ඒ අධිකුසල ස්වභාවයට අයත් සමථ විදර්ශනා යන දෙකෙහි මනා ඇල්ම ඇතිව එය පිහිටකොට පවත්නේය. සියළුම රතීන් පරදවා ධර්මරතිය දිනයි යන වචනයෙන් එය වනාහි ඒකාන්ත වශයෙන් උතුම් අර්ථයට පත්වන බැවින් උත්තමා රති නම් වේ.

යං පන කාමරතිසංයුත‍්තං කිච‍්චං නිරත්‍ථකන‍්ති වුත‍්තං, තස‍්සා අනත්‍ථුපසංහිතභාවං දස‍්සෙතුං “උච‍්චාවචෙහී”තිආදි වුත‍්තං. තත්‍ථ උච‍්චාවචෙහීති මහන‍්තෙහි චෙව ඛුද‍්දකෙහි ච. උපායෙහීති නයෙහි. පරෙසමභිජිගීසතීති පරෙසං සන‍්තකං ආහරිතුං ඉච‍්ඡති, පරෙ වා සබ‍්බථා හාපෙති, ජිනාපෙති පරං හන‍්ත්‍වා, වධිත්‍වා අථ සොචයිත්‍වා, ආලොපති සාහසා යො පරෙසං. ඉදං වුත‍්තං හොති – යො පුග‍්ගලො කාමහෙතු පරෙ හනන‍්තො, ඝාතෙන‍්තො, සොචෙන‍්තො සන්‍ධිච‍්ඡෙදසන්‍ධිරුහනපසය‍්හාවහාරාදීහි නානුපායෙහි පරෙසං සන‍්තකං හරිතුං වායමන‍්තො සාහසාකාරං කරොති, ආලොපති, ජිගීසති සාපතෙය්‍යවසෙන පරෙ හාපෙති, තස‍්ස තං කිච‍්චං කාමරතිසන‍්නිස‍්සිතං අනත්‍ථුපසංහිතං එකන‍්තනිහීනන‍්ති. එතෙන තප‍්පටිපක‍්ඛතො ධම‍්මගතාය රතියා එකංසතො උත‍්තමභාවංයෙව විභාවෙති.

යම් ඒ කාමරය හා එක්වූ කටයුත්ත නිරර්ථකයැයි කියන ලද ද එහි අනර්ථයෙන් යුක්ත බව දක්වන්නට උච්චාවචෙහි යනාදිය කියන ලදී. එහි උච්චාවචෙහි යනු විශාල වූත් කුඩා වූත් දෙයින්, උපායෙහි යනු ක්‍රමවලින්, පරෙසමභිජගීසති යනු අනුන් සන්තක දෙය ලබාගැනීමට කැමති වෙයි. අනුන් හෝ සම්පූර්ණයෙන් නසයි. දිනවයි. අනුන් හනත්‍වා වධිත්‍වා අථ සොචයිත්‍වා ආලොපති සාහසා යො පරෙසං යන්න කියන ලදී. යම් පුද්ගලයෙක් කාමය හේතුවෙන් අනුන් නසන්නේ, ඝාතනය කරන්නේ ශෝක කරන්නේ සන්ධි කැඩීම, තුවාල කිරීම ආදී නොයෙක් උපාය මගින් අනුන් සන්තක දෙය ලබාගැනීමට උත්සාහ කරන්නේ සැහැසි දේ කරයි. යටපත් කරයි. දිනයි. අනුන් සතු දේ පැහැර ගැනීමේ චේතනාවෙන් අනුන් නසයි. ඔහුගේ ඒ ක්‍රියාව කාමරතිය හා එක්වූ අනර්ථය හා එක්වූ ඒකාන්ත නිහීනය යන මෙයින් එයට විරුද්ධ ධර්මය හා යෙදුනු ඒකාන්ත උතුම් ස්වභාවයම නුවණින් වටහා ගනී.

ඉදානි යං “තෙසමාවරණං කාතුං යො සක‍්කොතී”ති ඉන්‍ද්‍රියානං ආවරණං වුත‍්තං, තං උපායෙන සහ විභාවෙන‍්තො “තච‍්ඡන‍්තො ආණියා ආණිං , නිහන‍්ති බලවා යථා”ති ආහ. යථා බලවා කායබලෙන, ඤාණබලෙන ච සමන‍්නාගතො තච‍්ඡකො රුක‍්ඛදණ‍්ඩගතං ආණිං නීහරිතුකාමො තතො බලවතිං ආණිං කොටෙන‍්තො තතො නීහරති, තථා කුසලො භික‍්ඛු චක‍්ඛාදීනි ඉන්‍ද්‍රියානි විපස‍්සනාබලෙන නිහන‍්තුකාමො ඉන්‍ද්‍රියෙහි එව නිහන‍්ති.

දැන් යමෙක් ඒවා ආවරණය කරන්නට සමත් වේද, එයින් ඉන්‍ද්‍රියයන් ආවරණය කිරීම කියන ලදී. ඒ උපාය සමග වඩන්නේ තච්ඡන්තො ආණියා ආණිං නිහන්ති බලවා යථා යැයි කීය. යම්සේ බලවත් කාය බලයෙන් ද ඤාණ බලයෙන්ද යුක්ත වූ ලී වඩුවා ලීයෙහි ඇති ඇදබව නැති කරන්නට කැමැත්තේ එයින් ලොකු ඇදයට කොටන්නේ ඒ ඇදය නැතිකර දමයි. එමෙන් දක්‍ෂ භික්‍ෂුව චක්‍ඛු ආදී ඉඳුරන් විදර්ශනා බලයෙන් නසනු කැමැත්තේ ඉන්‍ද්‍රියයන්ගෙන්ම නසයි.

කතමෙහි පනාති ආහ “සද‍්ධ”න‍්තිආදි. තස‍්සත්‍ථො – අධිමොක‍්ඛලක‍්ඛණං සද‍්ධං, පග‍්ගහලක‍්ඛණං වීරියං, අවික‍්ඛෙපලක‍්ඛණං සමාධිං, උපට‍්ඨානලක‍්ඛණං සතිං, දස‍්සනලක‍්ඛණං පඤ‍්ඤන‍්ති ඉමානිපි විමුත‍්තිපරිපාචකානි පඤ‍්චින්‍ද්‍රියානි භාවෙන‍්තො වඩ‍්ඪෙන‍්තො එතෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි චක‍්ඛාදීනි පඤ‍්චින්‍ද්‍රියානි අනුනයපටිඝාදිකිලෙසුප‍්පත‍්තියා ද‍්වාරභාවවිහනෙන හන‍්ත්‍වා, අරියමග‍්ගෙන තදුපනිස‍්සයෙ කිලෙසෙ සමුච‍්ඡින්‍දිත්‍වා, තතො එව අනීඝො නිද‍්දුක‍්ඛො බ්‍රාහ‍්මණො අනුපාදිසෙසපරිනිබ‍්බානමෙව යාති උපගච‍්ඡතීති.

කෙසේද යත්, සද්ධං ආදිය කියන ලදී. එහි අර්ථය - අධිමොක්‍ෂය ලක්‍ෂණ කොට ඇති ශ්‍රද්ධාව ශක්තිය බලය ලක්‍ෂණකොට ඇති වීර්යය විසිරි නොගිය ස්වභාවය ඇති සමාධිය, එක්තැන පිහිටුවීම ලක්‍ෂණ කොට ඇති සිහිය දැකීම ලක්‍ෂණකොට ඇති ප්‍රඥාව යන මේ විමුක්තිය මුහුකුරා යාමට යෝග්‍ය සේ පංච ඉන්‍ද්‍රියයන් වඩන්නේ මේ පසිඳුරන්ගෙන් චක්‍ඛු ආදී පසිඳුරන්ගේ ඇලීම, ගැටීම ආදී කෙලෙසුන් හටගැනීමේ දොරටු ආවරණය කිරීමෙන් නසා ආර්ය මාර්ගයෙන් එයට උපනිශ්‍රය වූ කෙලෙසුන් මුලිනුපුටා එයින්ම දුකක් වේදනාවක් නැති බ්‍රාහ්මණ තෙමේ අනුපාදිසෙස පරිනිර්වාණයට පත්වෙයි යනුයි.

සො අත්‍ථවාති සො යථාවුත‍්තො බ්‍රාහ‍්මණො උත‍්තමත්‍ථෙන සමන‍්නාගතත‍්තා අත්‍ථවා, තං සම‍්පාපකෙ ධම‍්මෙ ඨිතත‍්තා ධම‍්මට‍්ඨො. සබ‍්බෙන සබ‍්බං අනවසෙසෙන විධිනා අනවසෙසං බුද‍්ධස‍්ස භගවතො වාක්‍යභූතං අනුසාසනිං කත්‍වා යථානුසිට‍්ඨං පටිපජ‍්ජිත්‍වා ඨිතො. තතො එව සො නරො උත‍්තමපුරිසො නිබ‍්බානසුඛඤ‍්ච එධති, බ්‍රූහෙති, වඩ‍්ඪෙතීති.

සො අත්‍ථවා යනු ඒ කියූ පරිදි බ්‍රාහ්මණ තෙමේ උතුම් අර්ථයෙන් යුක්ත වූ බැවින් අත්‍ථවා නම් වෙයි. ඒ පාපී නොවූ ධර්මයන්හි පිහිටි හෙයින් ‘ධම්මට්ඨ’ නම් වෙයි. සියල්ල අනවශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ වාක්‍ය බවට පත්ව ඇති අනුශාසනාව කොට අනුශාසනා කර ඇති පරිදි පිළිපැද සිටියේ එයින්ම ඒ මනුෂ්‍යයා උත්තම පුරුෂයෙක් වන්නේ නිවන් සුවය ලඟාකර ගන්නේ එය වැඩිදියුණු කරගන්නේ වඩා ගන්නේ වෙයි.

එවං ථෙරෙන අත‍්තනො චින‍්තිතාකාරවිභාවනාවසෙන පටිපත‍්තියා පකාසිතත‍්තා ඉදමෙව චස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණං දට‍්ඨබ‍්බං.

මෙසේ තෙරුන් වහන්සේ විසින් තමන්ගේ සිතු ආකාරය පැහැදිලි කිරීම් වශයෙන් ප්‍රතිපත්තිය ප්‍රකාශ කළ බැවින් මෙයද ඔහුගේ අනික් විවරණයක් ලෙස දතයුතුයි.

පාරාපරියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පාරාපරිය ථේර ගාථා වර්ණනාව නිමියේය.