තෙලකානිත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
තෙලකානිත්ථෙරගාථාවණ්ණනා
තේලකානි ස්ථවිරගාථා වර්ණනාව
චිරරත්තං වතාතාපීතිආදිකා ආයස්මතො තෙලකානිත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සත්ථු අභිජාතිතො පුරෙතරංයෙව සාවත්ථියං අඤ්ඤතරස්මිං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා තෙලකානීති ලද්ධනාමො වයප්පත්තො හෙතුසම්පන්නතාය කාමෙ ජිගුච්ඡන්තො ඝරාවාසං පහාය පරිබ්බාජකපබ්බජ්ජං පබ්බජිත්වා විවට්ටජ්ඣාසයො “කො සො පාරඞ්ගතො ලොකෙ”තිආදිනා විමොක්ඛපරියෙසනං චරමානො තෙ තෙ සමණබ්රාහ්මණෙ උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡති, තෙ න සම්පායන්ති. සො තෙන අනාරාධිතචිත්තො විචරති. අථ අම්හාකං භගවති ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කෙ ලොකහිතං කරොන්තෙ එකදිවසං සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව අරහත්තෙ පතිට්ඨාති. සො එකදිවසං භික්ඛූහි සද්ධිං නිසින්නො අත්තනා අධිගතවිසෙසං පච්චවෙක්ඛිත්වා තදනුසාරෙන අත්තනො පටිපත්තිං අනුස්සරිත්වා තං සබ්බං භික්ඛූනං ආචික්ඛන්තො –
චිරරත්තංවතාතාපි ආදිය ආයුෂ්මත් තෙලකානිත්ථෙරස්ස තෙලකානි තෙරුන්ගේ ගාථාවන්ය. මොහු ද පෙර බුදුන් දවස කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ භවයෙහි සසරට පිහිට වන්නා වූ කුසල් රැස්කර මේ බුද්ධෝත්පාද කාලයෙහි බුදුන් පහළවීමට පෙරාතුවම සාවත්ථියං සැවැත් නුවර එක්තරා බ්‍රාහ්මණ කුලයක ඉපිද තෙලකානී තෙලකානි යැයි ලබන ලද නම් ඇත්තේ වියපත් වූයේ වාසනා සම්පත් ඇති බැවින් කම් සැපෙහි පිළිකුල් ඇත්තේ ගිහිගෙය අත්හැර පරිබ්‍රාජක පැවිද්දෙන් පැවිදිව ලෝකෝත්තර පක්ෂය කෙරෙහි ඇදීගිය සිත් ඇත්තේ කො සො පාරංගතො ලොකෙ යනාදි ගාථාවන්ගෙන් දක්වන පරිදි මෝක්ෂය සොයමින් ඇවිදින්නේ ඒ ඒ මහණ බමුණන් වෙත පැමිණ ප්‍රශ්න විචාරයි. නමුත් ඔවුහු ඒ ප්‍රශ්නවලට උත්තර දීමට අසමත් වූහ. එයින් අසතුටු සිත් ඇතිව හැසිරෙයි. ඉක්බිති අපගේ තථාගතයන් වහන්සේ ලොව පහළව පවත්වන ලද උතුම් දම්සක් පවත්වා ලොවට වැඩ කරන කල්හි එක්දිනක් බුදුන් වෙත පැමිණ බණ අසා ඇතිකරගත් ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ වැඩිකල් නොගොස්ම රහත්බවට පත්විය. ඔහු එක්දිනක් භික්ෂූන් සමග හුන්නේ තමා විසින් අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කර ඒ අනුව තමන්ගේ ප්‍රතිපත්ති සිහිපත්කොට ඒ සියල්ල භික්ෂූන්ට ප්‍රකාශ කරන්නේ
“චිරරත්තං වතාතාපී, ධම්මං අනුවිචින්තයං; සමං චිත්තස්ස නාලත්ථං, පුච්ඡං සමණබ්රාහ්මණෙ.
චිර රත්තං වතාතාපී ධම්මං අනුවිචින්තයං, සමං චිත්තස්ස නා ලත්ථං පුච්ඡං සමණ බ්රාහ්මණො.
“කො සො පාරඞ්ගතො ලොකෙ, කො පත්තො අමතොගධං; කස්ස ධම්මං පටිච්ඡාමි, පරමත්ථවිජානනං.
කො සො පාරංගතො ලොකෙ කොපත්තො අමතොගධං, කස්ස ධම්මං පටිච්ඡාමි පරමත්ථවිජානනං.
“අන්තොවඞ්කගතො ආසි, මච්ඡොව ඝසමාමිසං; බද්ධො මහින්දපාසෙන, වෙපචිත්යසුරො යථා.
අන්තො වංකගතො ආසි මච්ඡොව ඝසමාමිසං, බන්ධො මහින්දපාසෙන වෙපචිත්යසුරො යථා.
“අඤ්ඡාමි නං න මුඤ්චාමි, අස්මා සොකපරිද්දවා; කො මෙ බන්ධං මුඤ්චං ලොකෙ, සම්බොධිං වෙදයිස්සති.
අඤ්ජාමි නං නමුඤ්චාමි අස්මාසොක පරිද්දවා, කො මෙ බන්ධං මුඤ්චිං ලොකෙ සම්බොධිං වෙදයිස්සති.
“සමණං බ්රාහ්මණං වා කං, ආදිසන්තං පභඞ්ගුනං; කස්ස ධම්මං පටිච්ඡාමි, ජරාමච්චුපවාහනං.
සමණං බ්රාහ්මණං වාකං ආදිසන්තං පභංගුනං, කස්ස ධම්මං පටිච්ඡාමි ජරාමච්චූපවාහනං.
“විචිකිච්ඡාකඞ්ඛාගන්ථිතං, සාරම්භබලසඤ්ඤුතං; කොධප්පත්තමනත්ථද්ධං, අභිජප්පප්පදාරණං.
විචිකිච්ඡා කංඛා ගන්ථිතං සාරම්භබලසඤ්ඤුතං, කොධප්පත්ත මනත්ථද්ධං අභිජප්පප්පදාරණං.
“තණ්හාධනුසමුට්ඨානං, ද්වෙ ච පන්නරසායුතං; පස්ස ඔරසිකං බාළ්හං, භෙත්වාන යදි තිට්ඨති.
තණ්හා ධනු සමුට්ඨානං ද්වෙච පන්නරසායුතං, පස්ස ඔරසිකං බාළ්හං භෙත්වාන යදි තිට්ඨති.
“අනුදිට්ඨීනං අප්පහානං, සඞ්කප්පපරතෙජිතං; තෙන විද්ධො පවෙධාමි, පත්තංව මාලුතෙරිතං.
අනුදිට්ඨිනං අප්පහානං සංකප්පපරතො ජිතං, තෙන විද්ධො පවෙධාමි පත්තංව මාලු තෙරිතං.
“අජ්ඣත්තං මෙ සමුට්ඨාය, ඛිප්පං පච්චති මාමකං; ඡඵස්සායතනී කායො, යත්ථ සරති සබ්බදා.
අජ්ඣත්තං මෙ සමුට්ඨාය ඛිප්පං පච්චති මාමකං, ජඵස්සායතන කායො යත්ථ සරති සබ්බදා.
“තං න පස්සාමි තෙකිච්ඡං, යො මෙතං සල්ලමුද්ධරෙ; නානාරජ්ජෙන සත්ථෙන, නාඤ්ඤෙන විචිකිච්ඡිතං.
තං න පස්සාමි තෙ කිච්චං යො මෙතං සල්ල මුද්ධරෙ, නානා රජ්ජෙන සත්ථෙන නාඤ්ඤෙන විචිකිච්ඡිතං.
“කො මෙ අසත්ථො අවණො, සල්ලමබ්භන්තරපස්සයං; අහිංසං සබ්බගත්තානි, සල්ලං මෙ උද්ධරිස්සති.
කො මෙ අසත්ථො අවණො සල්ලමබ්භන්තර පස්සයං, අහිංසං සබ්බගත්තානි සල්ලං මෙ උද්ධරිස්සති.
“ධම්මප්පති හි සො සෙට්ඨො, විසදොසප්පවාහකො; ගම්භීරෙ පතිතස්ස මෙ, ථලං පාණිඤ්ච දස්සයෙ.
ධම්මප්පති හි සො සෙට්ඨො විසදො සප්පවාහකො, ගම්භීරෙ පතිතස්ස මෙ ඵලං පාණිඤ්ච දස්සයෙ.
“රහදෙහමස්මි ඔගාළ්හො, අහාරියරජමත්තිකෙ; මායාඋසූයසාරම්භ, ථිනමිද්ධමපත්ථටෙ.
රහදෙහමස්මි ඔගාළ්හො අහාරියරජමත්තිකෙ, මායා උසූය සාරම්භථිනමිද්ධ මපත්ථටෙ.
“උද්ධච්චමෙඝථනිතං, සංයොජනවලාහකං; වාහා වහන්ති කුද්දිට්ඨිං, සඞ්කප්පා රාගනිස්සිතා.
උද්ධච්ච මෙසථනිතං සංයොජන වලාහකං, වාහා වහන්ති කුද්දිට්ඨිං සංකප්පාරාගනිස්සිතා.
“සවන්ති සබ්බධි සොතා, ලතා උබ්භිජ්ජ තිට්ඨති; තෙ සොතෙ කො නිවාරෙය්ය, තං ලතං කො හි ඡෙච්ඡති.
සවන්ති සබ්බධිසොතා ලතා උබ්භිජ්ජතිට්ඨති, තෙ සොතෙ කො නිවාරෙය්ය තං ලතං කොහි ඡෙච්ඡති.
“වෙලං කරොථ භද්දන්තෙ, සොතානං සන්නිවාරණං; මා තෙ මනොමයො සොතා, රුක්ඛංව සහසා ලුවෙ.
වෙලං කරොථ භද්දන්තෙ සොතානං සන්නිවාරණං, මා තෙ මනොමයො සොතො රුක්ඛං ව සහසා ලුවෙ.
“එවං මෙ භයජාතස්ස, අපාරා පාරමෙසතො; තාණො පඤ්ඤාවුධො සත්ථා, ඉසිසඞ්ඝනිසෙවිතො.
එවං මෙ භයජාතස්ස අපාරාපාරමෙසතො, තාණො පඤ්ඤාවුධො සත්ථා ඉසිසංඝනිසෙවිතො.
“සොපානං සුගතං සුද්ධං, ධම්මසාරමයං දළ්හං; පාදාසි වුය්හමානස්ස, මා භායීති ච මබ්රවි.
සොපානං සුකතං සුද්ධං ධම්මසාරමයං දළං, පාදාසි වුය්හමානස්ස මාභායීතිච අබ්‍රවි.
“සතිපට්ඨානපාසාදං, ආරුය්හ පච්චවෙක්ඛිසං; යං තං පුබ්බෙ අමඤ්ඤිස්සං, සක්කායාභිරතං පජං.
සතිපට්ඨාන පාසාදං ආරූය්හ පච්චවෙක්ඛිසං, යන්තං පුබ්බෙ අමඤ්ඤිස්සං සක්කායාභිරතං පජං.
“යදා ච මග්ගමද්දක්ඛිං, නාවාය අභිරූහනං; අනධිට්ඨාය අත්තානං, තිත්ථමද්දක්ඛිමුත්තමං.
යදාච මග්ගමද්දක්ඛිං නාවාය අභිරූහනං, අනධිට්ඨාය අත්තානං තිත්ථමද්දක්ඛි මුත්තමං.
“සල්ලං අත්තසමුට්ඨානං, භවනෙත්තිප්පභාවිතං; එතෙසං අප්පවත්තාය, දෙසෙසි මග්ගමුත්තමං.
සල්ලං අත්තසමුට්ඨානං භවෙ නෙත්තිපභාවිතං, එතෙසං අප්පවත්තාය දෙසෙසි මග්ගමුත්තමං.
“දීඝරත්තානුසයිතං , චිරරත්තමධිට්ඨිතං; බුද්ධො මෙපානුදී ගන්ථං, විසදොසප්පවාහනො”ති. –
දීඝරත්තානුසයිතං චිරරත්තමධිට්ඨිතං, බුද්ධො මෙපානුදිගන්ථං විසදොසං පවාහනො ති.
ඉමා ගාථා අභාසි;
යන ගාථා ප්‍රකාශ කළේය.
තත්ථ චිරරත්තං වතාති චිරකාලං වත. ආතාපීති වීරියවා විමොක්ඛධම්මපරියෙසනෙ ආරද්ධවීරියො. ධම්මං අනුවිචින්තයන්ති “කීදිසො නු ඛො විමොක්ඛධම්මො, කථං වා අධිගන්තබ්බො”ති විමුත්තිධම්මං අනුවිචිනන්තො ගවෙසන්තො. සමං චිත්තස්ස නාලත්ථං, පුච්ඡං සමණබ්රාහ්මණෙති තෙ තෙ නානාතිත්ථියෙ සමණබ්රාහ්මණෙ විමුත්තිධම්මං පුච්ඡන්තො පකතියා අනුපසන්තසභාවස්ස චිත්තස්ස සමං වූපසමභූතං වට්ටදුක්ඛවිස්සරණං අරියධම්මං නාලත්ථං නාධිගච්ඡන්ති අත්ථො.
එහි චිරරත්තං වත යනු බොහෝ කාලයක් වනාහි. ආතාපී යනු වීර්යවන්තව මෝක්ෂ ධර්මය සෙවීමෙහි පටන්ගන්නා ලද වීර්ය ඇති ධම්මං අනුවිචින්තයන්ති යනු මෝක්ෂ ධර්මය කෙබඳු එකක්ද? කෙසේනම් අවබෝධ කළයුතුද ආදී ලෙස විමුක්ති ධර්මය සොයන්නේ, ගවේෂණය කරන්නේ. සමං චිත්තස්ස නාලත්ථං පුච්ඡං සමණ බ්රාහ්මණෙ යනු ඒ ඒ නොයෙක් තීර්ථකයන්ගෙන් හා සමණ බ්‍රාහ්මණයන්ගෙන් විමුක්ති ධර්මය ගැන විමසන්නේ ප්‍රකෘතියෙන් තැන්පත් නොවූ ස්වභාව ඇති සිතෙහි සංසිඳීමක් ඇතිකරන සසර දුක නැතිකරන ආර්ය ධර්මයක් නොලැබීය. අවබෝධ නොවීය යන අර්ථයි.
කො සො පාරඞ්ගතොතිආදි පුච්ඡිතාකාරදස්සනං. තත්ථ කො සො පාරඞ්ගතො ලොකෙති ඉමස්මිං ලොකෙ තිත්ථකාරපටිඤ්ඤෙසු සමණබ්රාහ්මණෙසු කො නු ඛො සො සංසාරස්ස පාරං නිබ්බානං උපගතො. කො පත්තො අමතොගධන්ති නිබ්බානපතිට්ඨං විමොක්ඛමග්ගං කො පත්තො අධිගතොති අත්ථො. කස්ස ධම්මං පටිච්ඡාමීති කස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා ඔවාදධම්මං පටිග්ගණ්හාමි පටිපජ්ජාමි. පරමත්ථවිජානනන්ති පරමත්ථස්ස විජානනං, අවිපරීතප්පවත්තිනිවත්තියො පවෙදෙන්තන්ති අත්ථො.
කොසො පාරංගතො ආදිය විමසූ ආකාරය දක්වයි. එහි කො සො පාරංගතො ලොකෙ යනු මේ ලෝකයෙහි විවිධ තීර්ථක නිකායන්හි බැඳීම් ඇති සමණ බ්‍රාහ්මණයන් කෙරෙහි කවරෙක් නම් සසරින් එතරවන නිර්වාණයක් ලඟාකර ගනීද? කො පත්තො අමතොගධං යනු නිවන පිහිටකොට ඇති විමොක්ෂ මාර්ගයකට කවරෙක් නම් පත්වූයේද? අවබෝධ කරගත්තේද යන අර්ථයි. කස්ස ධම්මං පටිච්ඡාමි යනු කවර නම් ශ්රමණයකුගේ හෝ බ්‍රාහ්මණයකුගේ අවවාදය පිළිගනිම්ද? පරමත්ථවිජානනං යනු උතුම් අර්ථයාගේ අවබෝධය විපරීත නොවූ ධර්මයන්ගේ පැවැත්ම හා නැවැත්ම ප්‍රකාශ කරන්නේය යන අර්ථයි.
අන්තොවඞ්කගතො ආසීති වඞ්කං වුච්චති දිට්ඨිගතං මනොවඞ්කභාවතො, සබ්බෙපි වා කිලෙසා, අන්තොති පන හදයවඞ්කස්ස අන්තො, හදයබ්භන්තරගතකිලෙසවඞ්කො වා අහොසීති අත්ථො. මච්ඡොව ඝසමාමිසන්ති ආමිසං ඝසන්තො ඛාදන්තො මච්ඡො විය, ගිලබළිසො මච්ඡො වියාති අධිප්පායො. බද්ධො මහින්දපාසෙන, වෙපචිත්යසුරො යථාති මහින්දස්ස සක්කස්ස පාසෙන බද්ධො යථා වෙපචිත්ති අසුරින්දො අසෙරිවිහාරී මහාදුක්ඛප්පත්තො, එවමහං පුබ්බෙ කිලෙසපාසෙන බද්ධො ආසිං, අසෙරිවිහාරී මහාදුක්ඛප්පත්තොති අධිප්පායො.
අන්තො වංකගතො ආසී යනු වංකං යනු දෘෂ්ටි වශයෙන් සිතෙහි ඇතිවන වංකභාවයෙන් සියළුම කෙලෙස් අභ්‍යන්තරය යනුද හෘදයෙහි වංකබව යනු හෘදය අභ්‍යන්තරයෙහි ඇති කෙලෙසුන්ගේ වංකබව විය යනුයි. මච්ඡොව සසමාමිසං යනු ගොදුර ඩැහැගන්නා වූ කන්නා වූ මාලුවකු මෙන් ගිලින ලද බිලීකටුව ඇති යන අදහස ගැනේ. බන්ධො මහින්දපාසෙන වෙපචිත්යසුරො යථා යනු ශක්‍ර දේවේන්ද්රයාගේ මලපුඩුවට අසුවූ වේපචිත්ති අසුරෙන්ද්රයා යටත්ව මහා දුකට පත්විය. එමෙන් පෙර කෙලෙස් මලපුඩුවෙන් බඳිනා ලද්දේ යටත්ව මහා දුකට පත්වූයේ වෙමි යන අර්ථය අදහස් කෙරේ.
අඤ්ඡාමීති ආකඩ්ඪාමි. නන්ති කිලෙසපාසං. න මුඤ්චාමීති න මොචෙමි. අස්මා සොකපරිද්දවාති ඉමස්මා සොකපරිදෙවවට්ටතො. ඉදං වුත්තං හොති – යථාපාසෙන බද්ධො මිගො සූකරො වා මොචනුපායං අජානන්තො පරිප්ඵන්දමානො තං ආවිඤ්ඡන්තො බන්ධනං දළ්හං කරොති, එවං අහං පුබ්බෙ කිලෙසපාසෙන පටිමුක්කො මොචනුපායං අජානන්තො කායසඤ්චෙතනාදිවසෙන පරිප්ඵන්දමානො තං න මොචෙසිං, අඤ්ඤදත්ථු තං දළ්හං කරොන්තො සොකාදිනා පරං කිලෙසං එව පාපුණින්ති. කො මෙ බන්ධං මුඤ්චං ලොකෙ, සම්බොධිං වෙදයිස්සතීති ඉමස්මිං ලොකෙ එතං කිලෙසබන්ධනෙන බන්ධං මුඤ්චන්තො සම්බුජ්ඣති එතෙනාති “සම්බොධී”ති ලද්ධනාමං විමොක්ඛමග්ගං කො මෙ වෙදයිස්සති ආචික්ඛිස්සතීති අත්ථො. “බන්ධමුඤ්ච”න්තිපි පඨන්ති, බන්ධා, බන්ධස්ස වා මොචකං සම්බොධින්ති යොජනා.
අඤ්ජාමි යනු අදිමි. නං යනු ඒ කෙලෙස් පාසය, නමුඤ්චාමි යනු නොමුදමි. අස්මාසොකපරිද්දවා මේ ශෝකය, වැලපීම ඇති සසරින් යයි කියන ලදී. යම්සේ මරඋගුලට අසු වූ මුවෙක් හෝ ඌරෙක් හෝ මිදෙන උපක්‍රමයක් නොදන්නේ ශාරිරික වශයෙන් දඟලන්නේ ඒ පාසය අදින්නේ බැම්ම තවත් තද වෙයි. මෙසේ මෙම පෙර කෙලෙස් වාසයෙන් බැඳුනේ ඉන් මිදෙන උපායක් නොදන්නේ කාය සංචේතනාදී වශයෙන් වෙවුලන්නේ එය නොමිදුවෙමි. ස්ථිරවම එය දැඩි කරන්නේ සෝකාදි කෙලෙස්වලට පත්විය. කො මෙ බන්ධං මුඤ්චං ලොකෙ සම්බොධි වෙදයිස්සති යනු මේ ලෝකයෙහි කෙලෙස් බැම්මෙන් බැඳුනා වූ මොහුව මුදන්නේ, මොහු විසින් අවබෝධකර ගත්තේය යන අර්ථයෙන් සම්බොධි යනුවෙන් ලබන ලද නම් ඇති කවරෙක් නම් මට මෝක්ෂ මාර්ගය අවබෝධ කරදෙන්නේද, ප්‍රකාශ කරන්නේද යන අර්ථයි. බන්ධමුඤ්චන්ති යනුවෙන්ද ඇතැම්හු කියවත්. බැම්මෙන් බැඳුනහුව එයින් මුදාගන්නා වූ සම්බෝධිය යනුද යෙදේ.
ආදිසන්තන්ති දෙසෙන්තං. පභඞ්ගුනන්ති පභඤ්ජනං කිලෙසානං විද්ධංසනං , පභඞ්ගුනං වා ධම්මප්පවත්තිං ආදිසන්තං කථෙන්තං ජරාය මච්චුනො ච පවාහනං කස්ස ධම්මං පටිච්ඡාමි. “පටිපජ්ජාමී”ති වා පාඨො, සො එවත්ථො. විචිකිච්ඡාකඞ්ඛාගන්ථිතන්ති “අහොසිං නු ඛො අහමතීතමද්ධාන”න්තිආදිනයප්පවත්තාය (ම· නි· 1.18; සං· නි· 2.20) විචිකිච්ඡාය ආසප්පනපරිසප්පනාකාරවුත්තියා කඞ්ඛාය ච ගන්ථිතං. සාරම්භබලසඤ්ඤුතන්ති කරණුත්තරියකරණලක්ඛණෙන බලප්පත්තෙන සාරම්භෙන යුත්තං. කොධප්පත්තමනත්ථද්ධන්ති සබ්බත්ථ කොධෙන යුත්තමනසා ථද්ධභාවං ගතං අභිජප්පප්පදාරණං. ඉච්ඡිතාලාභාදිවසෙන හි තණ්හා සත්තානං චිත්තං පදාලෙන්තී විය පවත්තති. දූරෙ ඨිතස්සාපි විජ්ඣනුපායතාය තණ්හාව ධනු සමුපතිට්ඨති උප්පජ්ජති එතස්මාති තණ්හාධනුසමුට්ඨානං, දිට්ඨිසල්ලං. තං පන යස්මා වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨීති තිංසප්පභෙදං, තස්මා වුත්තං “ද්වෙ ච පන්නරසායුත”න්ති, ද්වික්ඛත්තුං පන්නරසභෙදවන්තන්ති අත්ථො. පස්ස ඔරසිකං බාළ්හං, භෙත්වාන යදි තිට්ඨතීති යං උරසම්බන්ධනීයතාය ඔරසිකං බාළ්හං බලවතරං භෙත්වාන හදයං විනිවිජ්ඣිත්වා තස්මිංයෙව හදයෙ තිට්ඨති, තං පස්සාති අත්තානමෙව ආලපති.
ආදිසන්තං යනු දේශනා කරන්නා වූ පභංගුනං යනු කෙලෙසුන් විනාශ කිරීම, නැතිකිරීම කරන්නා වූ ධර්මය කියන්නා වූ, ජරාවෙන් මරණයෙන් මිදෙන්නා වූ කවරකුගේ ධර්මය පටිච්ඡාමි පිළිපදින්නෙම්ද යන පාඨයද ගැනේ. එහිද අර්ථය මෙයයි. විචිකිච්ඡා කංඛා ගත්ථිතං යනු මම අතීතයෙහි සිටියෙම්ද යනාදී ක්‍රමයෙන් ඇතිවන්නා වූ සැකයෙන් වෙලුනා වූ සාරම්භබල සඤ්ඤුතං යනු තමාට වඩා බලයෙන් ඉහළ කෙනෙක් නැත යන ලක්ෂණයෙන් බලයට පත් හිතුවක්කාර ස්වභාවයෙන් යුත්, කොධප්පත්තමනත්ථද්ධං යනු හැමතන්හි ක්‍රෝධයෙන් යුක්ත මනසින් තදබවට පත්වූ, අභිජප්පදාරණං යනු පැතු දෙය නොලැබීමාදි වශයෙන් තණ්හාව සත්ත්වයන්ගේ සිත සිදුරුකරන්නාක් මෙන් පවතී. දුරක සිටියහුට පවා විඳීමේ උපායෙන් තණ්හාව නමැති දුන්න එල්ල වී ඇත. මෙයින් හටගනීනුයි තණ්හාධනුසමුට්ඨානං (තණ්හා නමැති දුන්නෙන් හටගන්නා) යැයි කී දෘෂ්ටි නමැති ඊය. එයද යම්හෙයකින් විසිවැදෑරුම් සක්කාය දිට්ඨියත් දසවස්තුක මිච්ඡා දිට්ඨියත් තිස්වැදෑරුම් වෙයි. ඒ නිසා “චෙවපන්නරසායුතං” යැයි කියන ලදී (දෙවරක් බැගින් පසලොස් ප්‍රභේදයක්) යන අර්ථයි. පස්සඔරසිකං බාළ්හං හෙත්‍වාන යදතිට්ඨතී යනු යමක් පපුවට සම්බන්ධතාවය නිසා ඔරසික නම් වේ. එය දැඩිව බලවත් සේ බිඳදමා හදවත විනිවිද ගොස් ඒ හදවතෙහිම පිහිටයි. තං පස්ස යනුවෙන් තමාටම අමතයි.
අනුදිට්ඨීනං අප්පහානන්ති අනුදිට්ඨිභූතානං සෙසදිට්ඨීනං අප්පහානකාරණං. යාව හි සක්කායදිට්ඨි සන්තානතො න විගච්ඡති, තාව සස්සතදිට්ඨිආදීනං අප්පහානමෙවාති. සඞ්කප්පපරතෙජිතන්ති සඞ්කප්පෙන මිච්ඡාවිතක්කෙන පරෙ පරජනෙ නිස්සයලක්ඛණං පතිපතිතෙ තෙජිතං උස්සාහිතං. තෙන විද්ධො පවෙධාමීති තෙන දිට්ඨිසල්ලෙන යථා හදයං ආහච්ච තිට්ඨති, එවං විද්ධො පවෙධාමි සඞ්කප්පාමි සස්සතුච්ඡෙදාදිවසෙන ඉතො චිතො ච පරිවට්ටාමි. පත්තංව මාලුතෙරිතන්ති මාලුතෙන වායුනා එරිතං වණ්ටතො මුත්තං දුමපත්තං විය.
අනුදිට්ඨිනං අප්පහාතං යනු අප්‍රධාන සෙසු දෘෂ්ටින් බැහැර නොකිරීම. යම්තාක් සක්කායදිට්ඨිය හදවතින් බැහැර නොවීද ඒ තාක් ශාස්වත ආදී දෘෂ්ටීන් පහනොවූයේමය. සංකප්පපරතෙජිතං යනු කල්පනාවෙන්, මිථ්‍යා විතර්කයෙන් අන් ජනයා තුළ බලාපොරොත්තු ඇතිකරන ලද තෙන විද්ධො පවෙධාවී යනු ඒ මිථ්‍යාදෘෂ්ටි නමැති උලෙන් යම්සේ හදවතට පහරදී සිටීද මෙසේ විදින ලද්දේ එයින් තැතිගත්තේ වෙවුලන්නෙමි. අදහස් කරමි. ශාස්වත උච්ඡෙද වශයෙන් මෙයින් චුත වූයේද එහෙ මෙහෙ කරකැවෙමි. පකතංව මාලුතෙජිතං යනු වායුවෙන් කම්පා වූ නටුවෙන් ගැලවුණු කොලයක් මෙන්,
අජ්ඣත්තං මෙ සමුට්ඨායාති යථා ලොකෙ සල්ලං නාම බාහිරතො උට්ඨාය අජ්ඣත්තං නිම්මථෙත්වා බාධති, න එවමිදං. ඉදං පන අජ්ඣත්තං මෙ මම අත්තභාවෙ සමුට්ඨාය සො අත්තභාවසඤ්ඤිතො ඡඵස්සායතනකායො යථා ඛිප්පං සීඝං පච්චති, ඩය්හති. යථා කිං? අග්ගි විය සනිස්සයඩාහකො තංයෙව මාමකං මම සන්තකං අත්තභාවං ඩහන්තො යත්ථ උප්පන්නො, තත්ථෙව සරති පවත්තති.
අජ්ඣත්තං මෙ සමුට්ඨාය යම්සේ ලෝකයෙහි උල වනාහි පිටින් මතුවී අභ්‍යන්තරය මැඩගෙන වේදනා ඇතිකරයි. මෙය එසේ නොවෙයි. මෙය වනාහි මාගේ අධ්‍යාත්මයෙන් හටගෙන එය ආත්මභාවය නමින් හඳුන්වන සයවැදෑරුම් ස්පර්ශ ආයතනවලින් සමන්විත කය යම්සේ වහා පැසෙයි. දැවෙයි. ඒ කෙසේද? ගින්න මෙන් ආධාරකය ඇතුළු සියල්ල දවන්නාක් මෙන් එයම. මාමකං යනු මා සතු ආත්මභාවය දවමින්. යත්ථ යනු යම්තැනක උපන්නේද එතැන. සරති යනු පවතී.
තං න පස්සාමි තෙකිච්ඡන්ති තාදිසාය තිකිච්ඡාය නියුත්තතාය තෙකිච්ඡං සල්ලකත්තං භිසක්කං තං න පස්සාමි. යො මෙතං සල්ලමුද්ධරෙති යො භිසක්කො එතං දිට්ඨිසල්ලං කිලෙසසල්ලඤ්ච උද්ධරෙය්ය, උද්ධරන්තො ච නානාරජ්ජෙන රජ්ජුසදිසසඞ්ඛාතාය එසනිසලාකාය පවෙසෙත්වාන සත්ථෙන කන්තිත්වා නාඤ්ඤෙන මන්තාගදප්පයොගෙන විචිකිච්ඡිතං සල්ලං තිකිච්ඡිතුං සක්කාති ආහරිත්වා යොජෙතබ්බං. විචිකිච්ඡිතන්ති, ච නිදස්සනමත්තමෙතං. සබ්බස්සපි කිලෙසසල්ලස්ස වසෙන අත්ථො වෙදිතබ්බො.
තං න පස්සාමි තෙකිච්ඡං එබඳු වූ ප්‍රතිකර්මයක් හෝ වෛද්‍යවරයෙක් නොදකිමි. යොමෙතං සල්ලමුද්ධරෙ යනුවෙන් යම් වෛද්‍යවරයෙක් මාගේ මේ දෘෂ්ටි නමැති උලද කෙලෙස් නමැති උලද උදුරන්නේද. උදුරන්නේ නානා රජ්ජෙන රැහැනක් සමාන වූ කටුවක් යවා ආයුධයකින් සිදුරු නොකොට අනිකුත් මන්ත්‍ර, බෙහෙත් ආදියක් නොයොදා විචිකිච්ඡිතං යනු හුල බැහැර කරන්නට සමත් යැයි මෙහිලා යොදාගත යුතුයි. විචිකිච්ඡිතං යනු නිදර්ශන මාත්‍රයෙන් මෙය සියළුම කෙලෙස් නමැති හුල්වලට යනාදී වශයෙන් අර්ථ ගතයුතුයි.
අසත්ථොති සත්ථරහිතො. අවණොති වණෙන විනා. අබ්භන්තරපස්සයන්ති අබ්භන්තරසඞ්ඛාතං හදයං නිස්සාය ඨිතං. අහිංසන්ති අපීළෙන්තො. “අහිංසා”ති ච පාඨො, අහිංසාය අපීළනෙනාති අත්ථො. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – කො නු ඛො කිඤ්චි සත්ථං අග්ගහෙත්වා වණඤ්ච අකරොන්තො තතො එව සබ්බගත්තානි අබාධෙන්තො මම හදයබ්භන්තරගතං පීළාජනනතො අන්තො තුදනතො අන්තො රුද්ධනතො ච පරමත්ථෙනෙව සල්ලභූතං කිලෙසසල්ලං උද්ධරිස්සතීති.
අසත්ථො යනු ආයුධ රහිත අවණො යනු තුවාලයක් නැතිව. අබ්භන්තරපස්සයං යනු අභ්‍යන්තර සංඛ්‍යාත වූ හෘදය ඇසුරුකොට සිටියා වූ. අහිංසං යනු පීඩා නොකරන්නේ අහිංසා කියාද පාඨයක් ඇත. හිංසා කිරීමෙන් හා පීඩාවට පත් නොකිරීමෙන් යන අර්ථයි. මේ වනාහි එහි කෙටි අර්ථයයි. “කවරෙක් නම් වනාහි කිසියම් ආයුධයක් නොගෙන තුවාලයක්ද නොකර එයින්ම මුළු සිරුරටම බාධාවක් නොකර මාගේ හදවත ඇතුළට ගිය පීඩා ඇතිකිරීම් වශයෙන් ඇතුළත රිදීම් ඇතිකිරීම් කරන්නා වූ පරමාර්ථය වශයෙන් ආයුධයක් වූ කෙලෙස් නම් වූ ආයුධය උගුළුවා දමන්නේය.
එවං දසහි ගාථාහි පුබ්බෙ අත්තනා චින්තිතාකාරං දස්සෙත්වා පුනපි තං පකාරන්තරෙන දස්සෙතුං “ධම්මප්පති හි සො සෙට්ඨො”තිආදිමාහ. තත්ථ ධම්මප්පතීති ධම්මනිමිත්තං ධම්මහෙතු. හීති නිපාතමත්තං. සො සෙට්ඨොති සො පුග්ගලො උත්තමො. විසදොසප්පවාහකොති යො මය්හං රාගාදිකිලෙසස්ස පවාහකො උච්ඡින්නකො. ගම්භීරෙ පතිතස්ස මෙ, ථලං පාණිඤ්ච දස්සයෙති කො නු ඛො අතිගම්භීරෙ සංසාරමහොඝෙ පතිතස්ස මය්හං “මා භායී”ති අස්සාසෙන්තො නිබ්බානථලං තංසම්පාපකං අරියමග්ගහත්ථඤ්ච දස්සෙය්‍ය.
මෙසේ ගාථා දහයකින් පෙර තමා විසින් සිතන ලද ආකාරය දක්වා නැවතද එය වෙනත් අයුරකින් දන්වන්නට ධම්මප්පති හි සො සෙට්ඨො ආදිය කීහ. එහි ධම්මප්පති යනු ධර්මයට නිමිත්ත, ධර්මයට හේතුව. හී යනු නිපාත මාත්‍රයකි. සොසෙට්ඨො යනු ඒ පුද්ගලයා උතුම්ය. විසදො සප්පවාහකො යනු මාගේ රාගාධි කෙලෙස් ප්‍රවාහය සිඳ දමන්නා වූ. ගම්භීරෙ පතිතස්ස මෙ ථලං පාණිඤ්චදස්සයෙ යනු කවරෙක් නම් වනාහී අතිශයින් ගැඹුරු සංසාර නමැති මහා ජලකඳෙහි වැටුනා වූ මම ‘බයවෙන්න එපා’ යැයි අස්වසමින් නිර්වාණය නමැති ගොඩබිමද එයට ලඟාකරවන ආර්ය මාර්ගය නමැති හස්තයද දක්වන්නේය.
රහදෙහමස්මි ඔගාළ්හොති මහති සංසාරරහදෙ අහමස්මි සසීසං නිමුජ්ජනවසෙන ඔතිණ්ණො අනුපවිට්ඨො. අහාරියරජමත්තිකෙති අපනෙතුං අසක්කුණෙය්යො රාගාදිරජො මත්තිකා කද්දමො එතස්සාති අහාරියරජමත්තිකො, රහදො. තස්මිං රහදස්මිං. “අහාරියරජමන්තිකෙ”ති වා පාඨො, අන්තිකෙ ඨිතරාගාදීසු දුන්නීහරණීයරාගාදිරජෙති අත්ථො. සන්තදොසපටිච්ඡාදනලක්ඛණා මායා, පරසම්පත්තිඅසහනලක්ඛණා උසූයා, කරණුත්තරියකරණලක්ඛණො සාරම්භො, චිත්තාලසියලක්ඛණං ථිනං, කායාලසියලක්ඛණං මිද්ධන්ති ඉමෙ පාපධම්මා පත්ථටා යං රහදං, තස්මිං මායාඋසූයසාරම්භථිනමිද්ධමපත්ථටෙ, මකාරො චෙත්ථ පදසන්ධිකරො වුත්තො. යථාවුත්තෙහි ඉමෙහි පාපධම්මෙහි පත්ථටෙති අත්ථො.
රහදෙහමස්මි ඔගාළ්හො යනු විශාල වූ සංසාර නමැති ජලාශයෙහි මම කිමිදීම් වශයෙන් බැසගත්තේ වෙමි. පිවිසියේ වෙමි. අහාරිය රජමත්තිකෙ යනු බැහැර කරන්නට අසමත් වන්නේ රාග ආදී වූ රජස් ඇත්තේ, පස් මඩ ඇත්තේ මොහුටනුයි අගාරියරජමත්තිකො නම් වූ විලාශය, එහි, ඒ විලෙහි, අහාරියරජමන්තිකෙ යැයි ද පාඨයකි. අවසානයේ සිටියා වූ රාජ ආදී ඉවත් කිරීමට අපහසු රාග ආදී රජස් යන අර්ථයි. වෙහෙස ගතිය වසන්නා වූ ලක්ෂණ ඇති මායාවක් වූ අනුන්ගේ සම්පත නොඉවසන ලක්ෂණ ඇති ඊර්ෂ්‍යා කරන ඊට ඉහළින් වැඩකිරීම යන ලක්ෂණ ඇති ක්‍රෝධයද සිතෙහි අලස බව ලක්ෂණ කොට ඇති ථීනයද (කම්මැලිකම) කයෙහි අලසබව ඇතිකරන මිද්ධයද (තදගතිය) යන මේ පාපධර්මයන් පැතිරී ඇති, යම් විලක් වේද එහි මායා උසූය සාරම්භ ථිනමිද්ධමපත්ථටෙ මෙහි ‘ම’ කාරය පද සන්ධි කිරීම සඳහා යෙදී ඇත. කියන ලද පරිදි මේ පාපධර්මයන්ගෙන් පැතිරි පවත්නා යන අර්ථයි.
උද්ධච්චමෙඝථනිතං, සංයොජනවලාහකන්ති වචනවිපල්ලාසෙන වුත්තං, භන්තසභාවං උද්ධච්චං මෙඝථනිතං මෙඝගජ්ජිතං එතෙසන්ති උද්ධච්චමෙඝථනිතා. දසවිධා සංයොජනා එව වලාහකා එතෙසන්ති සංයොජනවලාහකා. වාහා මහාඋදකවාහසදිසා රාගනිස්සිතා මිච්ඡාසඞ්කප්පා අසුභාදීසු ඨිතා කුද්දිට්ඨිං මං වහන්ති අපායසමුද්දමෙව උද්දිස්ස කඩ්ඪන්තීති අත්ථො.
උද්ධච්චමෙඝථනිතං සංයොජන වලාහකං යනු වචන විපරීත වීමෙන් කියන ලදී. භ්‍රාන්ත ස්වභාවය ඇති උද්ධච්චය නම් වූ ගෙරවීම් ඇති මේඝ ගර්ජනා ඇති මොවුන්ටනුයි උද්ධච්චමෙසථනිතා යන්නෙන් කියවෙන්නේ, දස සංයෝජනම වැසි වලාවන්ය. එය ඇත්තේ මොවුන්ටනුයි සංයෝජන වලාහකා යනුයි. වාහා යනු විශාල ජලප්රවාහයන් සමාන වූ රාගනිස්සිතා යනු වැරදි සංකල්පනා ආදී අසුභයන්හි පිහිටියා වූ කුද්දිට්ඨිං මං වහන්ති යනු අපාය නමැති සාගරය වෙතටම අදින්නේය යන අර්ථයි.
සවන්ති සබ්බධි සොතාති තණ්හාසොතො, දිට්ඨිසොතො, මානසොතො, අවිජ්ජාසොතො, කිලෙසසොතොති ඉමෙ පඤ්චපිසොතා චක්ඛුද්වාරාදීනං වසෙන සබ්බෙසු රූපාදීසු ආරම්මණෙසු සවනතො “රූපතණ්හා…පෙ… ධම්මතණ්හා”තිආදිනා (විභ· 204, 232) සබ්බභාගෙහි වා සවනතො සබ්බධි සවන්ති. ලතාති පලිවෙඨනට්ඨෙන සංසිබ්බනට්ඨෙන ලතා වියාති ලතා, තණ්හා. උබ්භිජ්ජ තිට්ඨතීති ඡහි ද්වාරෙහි උබ්භිජ්ජිත්වා රූපාදීසු ආරම්මණෙසු තිට්ඨති. තෙ සොතෙති තණ්හාදිකෙ සොතෙ මම සන්තානෙ සන්දන්තෙ මග්ගසෙතුබන්ධනෙන කො පුරිසවිසෙසො නිවාරෙය්ය, තං ලතන්ති තණ්හාලතං, මග්ගසත්ථෙන කො ඡෙච්ඡති ඡින්දිස්සති.
සවන්ති සබ්බධි සොතා යනු තෘෂ්ණාව නමැති සැඩපහර දිට්ඨි නමැති සැඩපහර මාන නමැති සැඩපහර, අවිජ්ජා නමැති සැඩපහර, ක්ලේස නමැති සැඩපහර යන මේ සැඩපහරවල් පහකි. චක්ෂු ද්වාරදි වශයෙන් සියළු රූපාදී අරමුණුවල ගලායාම් වශයෙන් සැමතන්හි ගලා යත්. ලතා යනු වෙලාගැනීම යන අර්ථයෙන් වැලක්මෙන්නුයි තණ්හා නමැති වැල. උබ්භිජ්ජ තිට්ඨති යනු දොරටු සයකින් පැන නැගී රූපාදී අරමුණුවල පිහිටා සිටියි. තෙ සොතෙ යනු තණ්හා ආදී වූ ජලපාරවල්, මගේ හදවතෙහි ගලන කල්හි මාර්ගය හරහා දැමූ පාලමක් බැඳීමෙන් කවරනම් පුරිස විශේෂයක් වලක්වන්නේද? තං ලතං යනු තෘෂ්ණා නමැති ලතාවයි. ආර්යමාර්ග නමැති ආයුධයෙන් කවරෙක් ජෙච්ඡති සිඳින්නේද?
වෙලං කරොථාති තෙසං සොතානං වෙලං සෙතුං කරොථ සන්නිවාරණං. භද්දන්තෙති ආලපනාකාරදස්සනං. මා තෙ මනොමයො සොතොති උදකසොතො ඔළාරිකො, තස්ස බාලමහාජනෙනපි සෙතුං කත්වා නිවාරණං සක්කා. අයං පන මනොමයො සොතො සුඛුමො දුන්නිවාරණො. සො යථා උදකසොතො වඩ්ඪන්තො කූලෙ ඨිතං රුක්ඛං පාතෙත්වාව නාසෙති, එවං තුම්හෙ අපායතීරෙ ඨිතෙ තත්ථ සහසා පාතෙත්වා අපායසමුද්දං පාපෙන්තො මා ලුවෙ මා විනාසෙය්ය මා අනයබ්යසනං පාපෙය්යාති අත්ථො.
වෙලං කරොථ යනු ඒ ජලපහරවල ඉවුර පාලමක් කරව්. සන්නිවාරණං භද්දන්තෙ යනු ඇමතීම් ආකාරයක් දක්වයි. මා තෙ මනොමයො සො තො යනු ජලපහර ඕළාරිකයි. කුඩා ළමයින්ට වුවත් වේල්ලක් බැඳ ජලපහර වැලැක්විය හැකිය. මේ වනාහි මනෝමය සැඩපහර ඉතා සියුම්ය. හරස් කිරීම අමාරුය. එය යම්සේ ජලපහර වැඩිවීමෙන් ඉවුරෙහි තිබෙන්නා වූ රුක්ඛං ගස හෙලා විනාශ කරයි. මෙසේ තෙපි අපාය නම් වූ ඉවුරෙහි සිටියවුන් එහි සහසා වහා හෙළා අපාය නමැති සාගරයට පමුණුවයි. මාලුවෙ යනු විනාශ කරන්න එපා. විපතකට පත්කරන්න එපා යන අර්ථයි.
එවං අයං ථෙරො පුරිමත්තභාවෙ පරිමද්දිතසඞ්ඛාරත්තා ඤාණපරිපාකං ගතත්තා පවත්තිදුක්ඛං උපධාරෙන්තො යථා විචිකිච්ඡාදිකෙ සංකිලෙසධම්මෙ පරිග්ගණ්හි, තමාකාරං දස්සෙත්වා ඉදානි ජාතසංවෙගො කිංකුසලගවෙසී සත්ථු සන්තිකං ගතො යං විසෙසං අධිමුච්චි, තං දස්සෙන්තො “එවං මෙ භයජාතස්සා”තිආදිමාහ. තත්ථ එවං මෙ භයජාතස්සාති එවං වුත්තප්පකාරෙන සංසාරෙ ජාතභයස්ස අපාරා ඔරිමතීරතො සප්පටිභයතො සංසාරවට්ටතො “කථං නු ඛො මුඤ්චෙය්ය”න්ති පාරං නිබ්බානං, එසතො ගවෙසතො, තාණො සදෙවකස්ස ලොකස්ස තාණභූතො කිලෙසසමුච්ඡෙදනී පඤ්ඤා ආවුධො එතස්සාති පඤ්ඤාවුධො. දිට්ඨධම්මිකාදිඅත්ථෙන සත්තානං යථාරහං අනුසාසනතො සත්ථා, ඉසිසඞ්ඝෙන අග්ගසාවකාදිඅරියපුග්ගලසමූහෙන නිසෙවිතො පයිරුපාසිතො ඉසිසඞ්ඝනිසෙවිතො, සොපානන්ති දෙසනාඤාණෙන සුට්ඨු කතත්තා අභිසඞ්ඛතත්තා සුකතං, උපක්කිලෙසවිරහිතතො සුද්ධං, සද්ධාපඤ්ඤාදිසාරභූතං ධම්මසාරමයං පටිපක්ඛෙහි අචලනීයතො දළ්හං, විපස්සනාසඞ්ඛාතං සොපානං මහොඝෙන වුය්හමානස්ස මය්හං සත්ථා පාදාසි, දදන්තො ච “ඉමිනා තෙ සොත්ථි භවිස්සතී”ති සමස්සාසෙන්තො මා භායීති ච අබ්‍රවි, කථෙසි.
මෙසේ මෙ තෙරුන් වහන්සේ කලින් ආත්මභාවයෙහි මඩින ලද සංස්කාර ඇති බැවින් නුවණ මෝරා ගිය බැවින් පැවැති දුක ගැන සිතන්නේ යම්සේ විචිකිච්ඡා ආදී කිලුටු ධර්මයන්ගෙන් අල්ලා ගන්නා ලදී. ඒ ආකාරය දක්වා දැන් හටගත් කලකිරීම් ඇත්තේ යහපත් දෙය සොයා යන්නේ බුදුන් සමීපයට ගොස් යම් විශේෂයක් අවබෝධ කරගත්තේද එය දක්වන්නේ එවං මෙ භය ජාතස්ස යනාදිය කීහ. එහි එවං භය ජාතස්ස යනු මෙසේ කියූ ආකාරයෙන් සසරෙහි හටගත් බයට අපාරා මේ පැත්තේ ඉවුරෙන් හටගත් බිය ඇති බැවින් සසරින් කෙසේනම් මිදෙන්නේද? පාරං යනු නිර්වාණය සොයන්නහුට, තාණො යනු දෙවියන් සහිත ලෝකයාට පිහිට වූ කෙලෙසුන් මුලිනුපුටා දමන ප්‍රඥා නමැති ආයුධය ඇත්තේ මොහුට යනුයි. පඤ්ඤාවුධො යනු දිට්ඨධම්මික ආදී අර්ථයෙන් සත්ත්වයන්ට යෝග්‍ය පරිදි අනුශාසනා කරන බැවින් සත්ථා යනු සංඝයා විසින් ද අග්‍රශ්‍රාවකාදී ආර්ය පුද්ගල සමූහයෙන් සෙව්නා ලද, ඇසුරු කරන ලද ඉසිසංඝනිසෙවිතො සොපානං යනු දේශනා ඤාණයෙන් මනාව කරන ලද බැවින්, මනාව සකස් කරන ලද බැවින්. සුකතං යනු උපක්ලෙස විරහිත බැවින්, සුද්ධං යනු ශ්‍රද්ධා, ප්රඥාදිසාරයෙන් යුක්ත වූ, ධම්මසාරමයං යනු විරුද්ධ දෙයින් නොසෙල්වෙන ස්වභාව ඇති බැවින්, දළං යනු විදර්ශනා නම් වූ පඩිපෙළ, මහා ගංවතුරෙන් වුය්හිමානස්ස ගසාගෙන යන්නහුට, මගේ ශාස්තෲන් වහන්සේ පාදාසි යනු දෙන්නේ. මෙයින් ඔබට යහපතක් වන්නේ යයි අස්වසන්නේ භයවෙන්න එපායැයි අබ්‍රවි කීවේය.
සතිපට්ඨානපාසාදන්ති තෙන විපස්සනාසොපානෙන කායානුපස්සනාදිනා ලද්ධබ්බචතුබ්බිධසාමඤ්ඤඵලවිසෙසෙන චතුභූමිසම්පන්නං සතිපට්ඨානපාසාදං ආරුහිත්වා පච්චවෙක්ඛිසං චතුසච්චධම්මං මග්ගඤාණෙන පතිඅවෙක්ඛිං පටිවිජ්ඣිං. යං තං පුබ්බෙ අමඤ්ඤිස්සං, සක්කායාභිරතං පජන්ති එවං පටිවිද්ධසච්චො යං සක්කායෙ “අහං මමා”ති අභිරතං පජං තිත්ථියජනං තෙන පරිකප්පිතඅත්තානඤ්ච පුබ්බෙ සාරතො අමඤ්ඤිස්සං. යදා ච මග්ගමද්දක්ඛිං, නාවාය අභිරූහනන්ති අරියමග්ගනාවාය අභිරුහනූපායභූතං යදා විපස්සනාමග්ගං යාථාවතො අද්දක්ඛිං. තතො පට්ඨාය තං තිත්ථියජනං අත්තානඤ්ච අනධිට්ඨාය චිත්තෙ අට්ඨපෙත්වා අග්ගහෙත්වා තිත්ථං නිබ්බානසඞ්ඛාතස්ස අමතමහාපාරස්ස තිත්ථභූතං අරියමග්ගදස්සනං සබ්බෙහි මග්ගෙහි සබ්බෙහි කුසලධම්මෙහි උක්කට්ඨං අද්දක්ඛිං, යාථාවතො අපස්සින්ති අත්ථො.
සතිපට්ඨානපාසාදං යනු ඒ විදර්ශනා පඩිපෙළින් ගොස් කායානුපස්සනා ආදියෙන් ලැබිය යුතු සතර වැදෑරුම් ශ්‍රමණ ඵලයන්ගෙන් යුත් සිව්මහල් සතිපට්ඨාන ප්‍රාසාදයට නැගී පච්චවෙක්ඛිසං යනු චතුරාර්ය සත්‍ය ධර්මය මාර්ග ඥානයෙන් දැක්කෙමි. අවබෝධ කෙළෙමි. යං තං පුබ්බෙ අමඤ්ඤිස්සං සක්කායාභිරතං පජං යනු මෙසේ අවබෝධ කරගත් සත්‍යය යමක් තම කයෙහි මමය මාගේය යන මතයෙහි ඇලුනු ජනයා හා තීර්ථක ජනයා එයින් පරිකල්පනය කරන ලද ආත්මයද පෙර සාර වශයෙන් සිතුවෙමි. යදාච මග්ග මද්දක්ඛිං නාවාය අභිරූහනං යනු ආර්ය මාර්ගය නමැති නැවට නැගීමේ උපාය මාර්ගය වූ යම්විටක විදර්ශනා මාර්ගය ඇති පරිදි දැක්කෙම්ද එතැන් පටන් ඒ තීර්ථක ජනයාව අත්තානඤ්ච අනධිට්ඨාය යනු සිතෙහි තබා නොගෙන, භාර නොගෙන, තිත්ථං යනු නිර්වාණ සංඛ්‍යාත වූ අමෘතමහා පරතීරයට තොටුපලක් වූ ආර්යමාර්ග දර්ශනය සියළු මාර්ගයන්ගෙන් සියළු කුසල ධර්මයන්ගෙන් උක්කට්ඨං අද්දක්ඛිං යනු ඇති තතු දුටුවෙමි යන්නයි.
එවං අත්තනො අනුත්තරං මග්ගාධිගමං පකාසෙත්වා ඉදානි තස්ස දෙසකං සම්මාසම්බුද්ධං ථොමෙන්තො “සල්ලං අත්තසමුට්ඨාන”න්තිආදිමාහ. තත්ථ සල්ලන්ති දිට්ඨිමානාදිකිලෙසසල්ලං. අත්තසමුට්ඨානන්ති “අහ”න්ති මානට්ඨානතාය “අත්තා”ති ච ලද්ධනාමෙ අත්තභාවෙ සම්භූතං. භවනෙත්තිප්පභාවිතන්ති භවතණ්හාසමුට්ඨිතං භවතණ්හාසන්නිස්සයං. සා හි දිට්ඨිමානාදීනං සම්භවො. එතෙසං අප්පවත්තායාති යථාවුත්තානං පාපධම්මානං අප්පවත්තියා අනුප්පාදාය. දෙසෙසි මග්ගමුත්තමන්ති උත්තමං සෙට්ඨං අරියං අට්ඨඞ්ගිකං මග්ගං, තදුපායඤ්ච විපස්සනාමග්ගං කථෙසි.
මෙසේ තමාගේ උතුම් වූ මාර්ගවබෝධය ප්‍රකාශකොට දැන් ඒ මාර්ගය දේශනා කළ සම්මා සම්බුද්ධයන් වහන්සේ ප්‍රශංසා කරන්නේ සල්ලං අත්තසමුට්ඨානං යනාදිය ප්‍රකාශ කළේය. එහි සල්ලං යනු දිට්ඨි, මාන, කිලෙස ආදී ඊය. අත්තසමුට්ඨානං යනු මමය කියා මනින බැවින් ‘අත්තා’ යන නමක් ලැබූ ආත්මභාවයෙහි හටගත්තා වූ භවෙනත්ති පභාවිතං යනු භව තණ්හාවෙන් හටගත් භව තණ්හාව හා සම්බන්ධ වූ ඒ වනාහි දිට්ඨි මාන ආදීන්ගේ හටගැනීමයි. එතෙසං අප්පවත්තාය යනු කියූ පරිදි පාප ධර්මයන්ගේ නොපැවැත්ම සඳහා, නූපදීම සඳහා, දෙසෙසි මග්ගමුත්තමං යනු උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ, ආර්ය අෂ්ටාංගික මාර්ගයද එයට හේතුකාරක වන විදර්ශනා මාර්ගය ද ප්‍රකාශ කළේය.
දීඝරත්තානුසයිතන්ති අනමතග්ගෙ සංසාරෙ චිරකාලං සන්තානෙ අනු අනු සයිතං කාරණලාභෙන උප්පජ්ජනාරහභාවෙන ථාමගතං, තතො ච චිරරත්තං අධිට්ඨිතං සන්තානං අජ්ඣාරුය්හ ඨිතං. ගන්ථන්ති අභිජ්ඣාකායගන්ථාදිං මම සන්තානෙ ගන්ථභූතං කිලෙසවිසදොසං පවාහනො බුද්ධො භගවා අත්තනො දෙසනානුභාවෙන අපානුදී පරිජහාපෙසි, ගන්ථෙසු හි අනවසෙසතො පහීනෙසු අප්පහීනො නාම කිලෙසො නත්ථීති.
දීඝරත්තානුසයිතං යනු අසීමිත සසරේ බොහෝ කාලයක් හදවතෙහි පැළපදියම් වී තිබුණු හේතුවෙන් නැවත ඉපදීම් හේතුවෙන් ප්‍රබල වූ, එයින්ද චිරරත්තං අධිට්ඨිතං හදවතට කිඳා බැස සිටියා වූ ගන්ථං යනු අභිජ්ජා ආදී බැඳීම් මගේ හදවතෙහි තදබවට පත්වූ කෙලෙස් නමැති විස දෝස ඇති පවාහනො බුදුරජාණන් වහන්සේ තමන්ගේ දේශනා බලයෙන් අපානුදි යනු ඉවත් කළේය. බැඳීම් සම්පුර්ණයෙන් ප්‍රහීණ වූ කල්හි ප්‍රහිණ නොවුවා වූ ක්ලේශයක් නම් නැත.
තෙලකානිත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
තෙලකානි ථේර ගාථා වර්ණනාව නිමියේය.