තෙලකානිත්ථෙරගාථා
20. 1. 3.
20. 1. 3.
747. චිරරත්තං වතාතාපී ධම්මං අනුවිචින්තයං, සමං චිත්තස්ස නාලත්ථං පුච්ඡං සමණබ්රාහ්මණෙ.
747. දිගුකලක් මුළුල්ලෙහි වීර්‍ය්‍ය ඇත්තෙම් විමෝක්ෂධර්මය සොයන්නෙම්, මහණ බමුණන් විචාරන්නෙම් චිත්තයාගේ ව්‍යුපශමය වූ ආර්ය්යධර්මය නො ලදිමි.
748. කො සො පාරඞ්ගතො ලොකෙ කො පත්තො අමතොගධං, කස්ස ධම්මං පටිච්ඡාමි පරමත්ථවිජානනං.
748. යමෙක් ලොවැ පරතෙරට ගියේ නම් හේ කවරේ ද? කවරෙක් නිර්වාණ නැමැති ප්‍රතිෂ්ඨාවට පැමිණියේ ද? කවරක්හුගේ පරමාර්ත්ථාවබෝධන ධර්මය පිළිගනිම් ද?
749. අන්තොවඞ්කගතො ආසි මච්ඡොව ඝසමාමිසං, බද්ධො මහින්දපාසෙන වෙපචිත්ත්යසුරො යථා.
749. බිලිය ගිලි මසකු මෙන් ඇතුළත (හෘදයයෙහි) වඞ්කගතයෙක් වීමි. මහේන්ද්‍ර (ශක්‍ර) පාශයෙන් ‘වේපචිත්ති’ අසුරයා මෙන් (මම) ක්ලෙෂපාශයෙන් බැඳුණෙමි.
750. අඤ්ඡාමි නං න මුඤ්චාමි අස්මා සොකපරිද්දවා, කො මෙ බන්ධං මුඤ්චං ලොකෙ සම්බොධිං වෙදයිස්සති.
750. (මම) එය (ක්ලේශපාශය) අදිමි. (එතෙකුදුවත්) මේ ශෝකපරිදේවයෙන් නො මිදෙමි. ලෝකයෙහි කවරෙක් බන්ධනය මුදමින් මට විමොක්ෂමාර්ගය ප්‍රකාශ කරන්නේ ද?
751. සමණං බ්රාහ්මණං වා කං ආදිසන්තං පභඞ්ගුනං, කස්ස ධම්මං පටිච්ඡාමි ජරාමච්චුපවාහනං.
751. කෙලෙසුන් නසන්නා වූ දහම් දෙසන කවර මහණකු හෝ බමුණකු හෝ පිණිස්සෙම් (ගිවිස්නෙම්) ද, ජරාමරණ උල්පවා හරනා වූ කවරකුගේ දහම් පිණිස්නෙම් ද?
752. විචිකිච්ඡාකඞ්ඛාගථිතං සාරම්භබලසඤ්ඤුතං, කොධප්පත්තමනත්ථද්ධං අභිජප්පප්පදාරණං.
752. විචිකිච්ඡායෙන් හා සැකයෙන් ගෙතුණු (කරණොත්තරීය කරණ ලක්ෂණ) සාරම්භබලයෙන් මොනවට බඳනාලද ක්‍රෝධයට පැමිණි සිත් විසින් දැඩි වූ ප්‍රාර්‍ත්‍ථනා නැමැති විදාරණය ඇති,
753. තණ්හාධනුසමුට්ඨානං ද්වෙ ච පන්නරසායුතං, පස්ස ඔරසිකං බාළ්හං භෙත්වා යදි තිට්ඨති.
753. තෘෂ්ණා නැමැති දුන්නෙන් නැඟෙන්නා වූ, (විංශද්වස්තුක සත්කායදෘෂ්ටි දශවස්තුක මිථ්‍යාදෘෂ්ටි විසින්) තිසක් පමණ වූ දෘෂ්ටිශල්‍යය ළය දැඩි වැ පළාගෙන ළයෙහි මැ සිටී. (එය) බලව.
754. අනුදිට්ඨීනං අප්පහානං සඞ්කප්පපරතෙජිතං, තෙන විද්ධො පවෙධාමි පත්තං’ව මාලුතෙරිතං.
754. සෙසු දෘෂ්ටීන්ගේ අප්රහාණ කාරණය වූ මිථ්‍යා විතර්ක විසින් අන්‍යයන් උත්සාහවත් කරනලද්දා වූ (යම් සත්කායදෘෂ්ටිශල්යයෙක් ඇද්ද) එයින් විදුනාලද්දෙම් පවනින් සොලවනලද පත්‍රයක් මෙන් අතිශයින් වෙවුළමි.
755. අජ්ඣත්තං මෙ සමුට්ඨාය ඛිප්පං පච්චති මාමකං, ඡඵස්සායතනී කායො යත්ථ සරති සබ්බදා.
755. සවැදෑරුම් ස්පර්‍ශායතනය මාගේ ආත්මභාවයෙහි නැඟී මා සතු ආත්මභාවය යුහු වැ දවයි, හේ යම් තැනෙක උපන්නේ නම් එහි හැම කල්හි හැසිරේ (පවතී).
756. තං න පස්සාමි තෙකිච්ඡං යො මෙතං සල්ලමුද්ධරෙ, නානාරජ්ජෙන සත්ථෙන නාඤ්ඤෙන විචිකිච්ඡිතං.
756. යමෙක් ඒෂණිසලාකායෙන් හෝ සැතින් හෝ අන්‍ය මන්ත්රාගදයකින් හෝ පිළියම් නො කළහැකි මාගේ ඒ ශල්‍යය උදුරා නම් ඒ සැත් වෙදහු නො දක්මි.
757. කො මෙ අසත්ථො අවණො සල්ලමබ්භන්තරපස්සයං, අහිංසං සබ්බගත්තානි සල්ලං මෙ උද්ධරිස්සති.
757. කවරෙක් සැත් නැති වැ වණ රහිත වැ කිසි අවයවයක් නො පෙළමින් මාගේ හෘදය ඇසිරි කොට ඇති (දෘෂ්ටි-ක්ලේශ) ශල්‍යය උදුරන්නේ ද?
758. ධම්මප්පති හි සො සෙට්ඨො විසදොසප්පවාහකො, ගම්භීරෙ පතිතස්ස මෙ ථලං පාණිං ච දස්සයෙ.
758. (යමෙක්) ගැඹුරෙහි වැටුණු මට නිර්වාණ ස්ථලයත් මාර්ග හස්තයත් ඇරැපව් නම් ධර්මහේතුවින් විෂදෝෂයන් සිඳුනා වූ හෙතෙම ශ්‍රේෂ්ඨ යි.
759. රහදෙ’හමස්මි ඔගාළ්හො අහාරියරජමත්තිකෙ, මායාඋසූයසාරම්භ ථීනමිද්ධමපත්ථටෙ.
759. මම ඉවත් කළ නො හැකි වූ රාගාදි රජස් මැටි ඇති මායා උසූයා, සාරම්භ, ථීනමිද්ධ යන මොවුන් පැතිර ඇති ජලාශයෙකැ ගිලුණෙම් වෙමි.
760. උද්ධච්චමෙඝථනිතං සඤ්ඤොජනවලාහකං, වාහා වහන්ති දුද්දිට්ඨිං සඞ්කප්පා රාගනිස්සිතා.
760. ඖද්ධත්‍ය නැමැති මේඝගර්ජනා ඇති සංයෝජන නැමැති වලාහක ඇති රාගනිශ්ශ්රිත සංකල්ප නැමැති ප්‍රවාහයෝ මිසදිටු මා අපාය නැමැති සමුද්‍රයට ගෙනයත්.
761. සවන්ති සබ්බධි සොතා ලතා උබ්භිජ්ජ තිට්ඨති, තෙ සොතෙ කො නිවාරෙය්ය තං ලතං කො හි ඡෙච්ඡති.
761. තෘෂ්ණාදි ශ්‍රෝතස්හු රූපාරම්මණාදි සියලු තැන්හි ගලා යෙත්. තෘෂ්ණා ලතාව හැප්සැ සිටී, ඒ ශ්‍රෝතසුන් කවරෙක් වළහන්නේ ද? ඒ ලතාව කවරෙක් සිඳලන්නේ ද?
762. වෙලං කරොථ භද්දන්තෙ සොතානං සන්නිවාරණං, මා තෙ මනොමයො සොතො රුක්ඛං’ව සහසා ලුවෙ.
762. වහන්ස, ශ්‍රෝතසුන් අවුරන හෙයක් (වේල්ලක්) කරවු, තොපගේ මනෝමය ශ්‍රෝතය රුකක් මෙන් (තොප) ලාහෙළා නො සිඳීවා (නො හෙළාවා:)
763. එවං මෙ භයජාතස්ස අපාරා පාරමෙසතො, තාණො පඤ්ඤාවුධො සත්ථා ඉසිසඞ්ඝනිසෙවිතො.
763. මෙසේ හටගත් බිය ඇත්තා වූ මෙතෙරින් (සසරින්) එතෙර (නිවන) සොයන්නා වූ මට ආරක්ෂක වූ ඍෂිසමූහයා විසින් සෙවුනා ලද, ප්‍රඥා නැමැති ආයුධ ඇති ශාස්තෲන් වහන්සේ,
764. සොපාණං සුකතං සුද්ධං ධම්මසාරමයං දළං, පාදාසි වුය්හමානස්ස ‘මා භායී’ති ච අබ්රවී.
764. මොනවට කරනලද ශුද්ධ වූ ධර්මසාරමය වූ දෘඪ වූ සෝපාණයක් දුන්හ, (දියෙහි) පාවී යන්නා වූ මට ‘නහමක් බව’යි ද වදාළහ.
765. සතිපට්ඨානපාසාදං ආරුය්හ පච්චවෙක්ඛිසං, යං තං පුබ්බෙ අමඤ්ඤිස්සං සක්කායාභිරතං පජං.
765. සීවටන් පහයට නැඟැ ප්රත්යවේක්ෂා කෙළෙමි. සත්කායයෙහි ඇලුණු යම් ඒ ප්‍රජාවක් පෙර (අඥාන බැවින් සාරත්වයෙන්) සිතුයෙම් නම්,
766. යදා ච මග්ගමද්දක්ඛිං නාවාය අභිරූහනං, අනධිට්ඨාය අත්තානං තිත්ථමද්දක්ඛිමුත්තමං.
766. (ඒ මම) වැළිදු යම් කලෙකැ නැවට නැඟෙන මඟ දුටුයෙම් නම්, එකල්හි ආත්මයෙහි නො සිට උත්කෘෂ්ට වූ තීර්ත්ථය දිටිමි.
767. සල්ලං අත්තසමුට්ඨානං භවනෙත්තිපභාවිතං, එතෙසං අප්පවත්තාය දෙසෙසි මග්ගමුත්තමං.
767. ක්ලේශ ශල්‍යය සන්තානයෙහි නැඟුණේ යැ, භවතෘෂ්ණාව විසින් පහළ කරනලද්දේ යැ, මොවුන්ගේ නො පැවැත්ම පිණිස උතුම් මඟ (ශාස්තෲන් වහන්සේ) දෙසූහ.
768. දීඝරත්තානුසයිතං චිරරත්තමධිට්ඨිතං, බුද්ධො මෙ පානුදී ගන්ථං විසදොසප්පවාහනො’ති.
768. ක්ලේශවිෂදෝෂයන් සිඳුනා සර්වඥ තෙම දිගුකලක් අනුශය වැ පැවැති, බොහෝ කලක් සන්තානාරූඪ වැ සිටි, මාගේ (අභිධ්යාකායග්රන්ථාදි) ග්‍රන්ථය පහ කෙළේ යි.
ඉත්ථං සුදං ආයස්මා තෙලකානි ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් තේලකානි ස්ථවිරයන් වහන්සේ ...