යෙදුමෙන් කියවන්න

රට‍්ඨපාලත්‍ථෙරගාථා

20. 1. 4.

20. 1. 4.

769. පස‍්ස චිත‍්තකතං බිම‍්බං අරුකායං සමුස‍්සිතං, ආතුරං බහුසඞ‍්කප‍්පං යස‍්ස නත්‍ථි ධුවං ඨිති.

769. යම් ශරීරයක්හුගේ ධ්‍රැව (නිත්‍ය) ස්ථිතිභාවයක් නැද් ද, වණ වූ ඇටසැකිල්ල විසින් හුවනලද්දා වූ, ගිලන් වූ, බාල ජනයන් විසින් නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ, විසිතුරු කරනලද්දා වූ ඒ සිරුර බලව.

770. පස‍්ස චිත‍්තකතං රූපං මණිනා කුණ‍්ඩලෙන ච, අට‍්ඨිං තචෙන ඔනද‍්ධං සහ වත්‍ථෙහි සොභති.

770. සමින් වෙළනලද (තුන්සියක්) ඇට ඇති, මිණියෙනුදු කෙඬොලිනු ද විසිතුරු කරනලද රූපය බලව, වස්ත්‍ර සහිත වැ මැ හොබී.

771. අලත‍්තකකතා පාදා මුඛං චුණ‍්ණකමක‍්ඛිතං, අලං බාලස‍්ස මොහාය නො ච පාරගවෙසිනො.

771. ලාරසින් රඳනා ලද පාදයෝ, සුවඳ සුන්නෙන් තවරනලද මුව, බාලයා ගේ සම්මෝහයට පමණැ, පාරගවෙෂිහු ගේ මෝහයට නො ද පමණි.

772. අට‍්ඨපාදකතා කෙසා නෙත‍්තා අඤ‍්ජනමක‍්ඛිතා, අලං බාලස‍්ස මොහාය නො ච පාරගවෙසිනො.

772. කියඹුවැල් ද අඳුන් ඇඳි නෙත් ද බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහු ගේ මෝහයට නො ද පමණි.

773. අඤ‍්ජනීව නවා චිත‍්තා පූතිකායො අලඞ‍්කතො, අලං බාලස‍්ස මොහාය නො ච පාරගවෙසිනො.

773. සිතියම් කළ අළුත් අඳුන් කොපුවක් මෙන් සරසනලද කුණුකය බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.

774. ඔදහි මිගවො පාසං නාසදා වාගුරං මිගො, භුත්‍වා නිවාපං ගච‍්ඡාම කන්‍දන‍්තෙ මිගබන්‍ධකෙ.

774. මුවවැදි තෙම මලපුඩුව දමාලී යැ, මුවා පාශය නො පැහැසී (නො ගැටී) යැ, මුවවැද්දා හඬද්දී (ඇපි) ගොදුරු කා යම්හ.

775. ඡින‍්නො පාසො මිගවස‍්ස නාසදා වාගුරං මිගො, භුත්‍වා නිවාපං ගච‍්ඡාම සොචන‍්තෙ මිගලුද‍්දකෙ.

775. මුවවැද්දාගේ මලපුඬුව සිඳුණේ යැ, මුවා පාශය නො පැහැසී යැ, මුවවැද්දා සොවිද්දී (ඇපි) ගොදුරු කා යම්හ.

776. පස‍්සාමි ලොකෙ සධනෙ මනුස‍්සෙ ලද‍්ධාන විත‍්තං න දදන‍්ති මොහා, ලුද‍්ධා ධනං සන‍්නිචයං කරොන‍්ති භිය්‍යො ව කාමෙ අභිපත්‍ථයන‍්ති.

776. ලෝකයෙහි ධනවත් මිනිසුන් දක්මි, ඔහු ධනය ලැබැ මෝහ හේතුවින් නො දෙත්, ලුබ්ධයෝ ධනය රැස් කෙරෙත්, මතුයෙහි බෙහෙවින් මැ කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.

777. රාජා පසය‍්හ පඨවිං විජෙත්‍වා සසාගරන‍්තං මහිමාවසන‍්තො, ඔරං සමුද‍්දස‍්ස අතිත‍්තරූපො පාරං සමුද‍්දස‍්ස’පි පත්‍ථයෙථ.

777. රජ තෙම බලාත්කාරයෙන් පෘථිවිය දිනාගෙන සයුරු හිම කොට ඇති පොළොවැ රජය කරන්නේ මුහුදින් මෙතෙරට නො තිත් සැහැවි ඇතියා වැ මුහුදින් එතෙර ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ යි.

778. රාජා ච අඤ‍්ඤෙ ච බහූ මනුස‍්සා අවීතතණ‍්හා මරණං උපෙන‍්ති, ඌනාව හුත්‍වාන ජහන‍්ති දෙහං කාමෙහි ලොකම‍්හි න හත්‍ථි තිත‍්ති.

778. රජ තෙමේ ද අනිත් බොහෝ මිනිස්සු ද නො පහ වූ තෘෂ්ණා ඇති වැ මරණයට පැමිණෙත්, නුපුන් මනදොළ මැ ඇති වැ සිරුර හැරැදමත්, ලෝකයෙහි කාම හේතුවින් තෘප්තියක් නැත් මැ යි.

779. කන්‍දන‍්ති නං ඤාති පකිරිය කෙසෙ අහො වතා නො අමරාති චාහු, වත්‍ථෙන නං පාරුතං නීහරිත්‍වා චිතං සමොධාය තතො ඩහන‍්ති.

779. ඥාතීහු කෙහෙවලු විසුරුවාගෙන ඔහු ගැන හඬත්, ‘අහෝ එකත්නෙන් අප නෑයෝ අමර වෙත්ව’යි ද කියත්, ඉක්බිති කඩින් පොරෝනාලද ඔහු ගෙන ගොස් සෑය නගා දවත්.

780. සො ඩය‍්හති සූලෙහි තුජ‍්ජමානො එකෙන වත්‍ථෙන පහාය භොගෙ, න මීයමානස‍්ස භවන‍්ති තාණා ඤාතී ච මිත‍්තා අථවා සහායා.

780. හෙතෙම භෝගයන් හැරැ එක්වතින් යුතු වැ හුලින් පෙළනු ලැබෙමින් දැවෙයි, මැරෙන්නහුට ඥාතීහූ ද මිත්‍රයෝ ද නොහොත් සහායකයෝ ද ආරක්‍ෂක නො වෙත්.

781. දායාදකා තස‍්ස ධනං හරන‍්ති සත‍්තො පන ගච‍්ඡති යෙන කම‍්මං, න මීයමානං ධනමන්‍වෙති කිඤ‍්චි පුත‍්තා ච දාරා ච ධනං ච රට‍්ඨං.

781. දායාදයෝ ඔහුගේ ධනය ගෙන යෙත්. සත්ත්‍ව තෙම කර්‍මානුරූපවැ යේ, අඹුදරුවෝ යැ ධනය යැ රට යැ යන කිසිවක් මැරෙන්නහු අනු වැ නො ඒ.

782. න දීඝමායුං ලභතෙ ධනෙන න චා’පි විත‍්තෙන ජරං විහන‍්ති, අප‍්පං හි තං ජීවිතමාහු ධීරා අසස‍්සතං විප‍්පරිණාමධම‍්මං.

782. ධන හේතුවින් දීර්‍ඝායුෂ නො ලැබෙයි. භෝග හේතුවින් ජරාව නො නැසෙයි, ‘ජීවිතය අල්ප යැ, අශාශ්වත යැ, විපරිණාම ස්වභාව ඇත්තේ යැ’යි ප්‍රාඥයෝ කීහු මැ යි.

783. අඩ‍්ඪා දළිද‍්දා ච ඵුසන‍්ති ඵස‍්සං බාලො ච ධීරො ච තථෙව ඵුට‍්ඨො, බාලො හි බාල්‍යා වධිතො’ව සෙති ධීරො ච නො වෙධති ඵස‍්සඵුට‍්ඨො.

783. ධනවත්තු ද දිළින්දෝ ද පහස පහසිත් (ස්පර්‍ශය ලැබෙත්,) නුවණ මඳ වූයේ ද නුවණැත්තේ ද එසේ මැ පැහැසුණේ (ස්පර්‍ශ ලද්දේ) වෙයි, බාල තෙම බාල බැවින් පෙළුණේ මැ හො වී. පහසින් පැහැසුණු නුවණැත්තේ මැ නො සැලේ.

784. තස‍්මා හි පඤ‍්ඤා’ව ධනෙන සෙය්‍යා යාය වොසානමිධාධිගච‍්ඡති, අබ්‍යොසිතත‍්තා හි භවාභවෙසු, පාපානි කම‍්මානි කරොති මොහා.

784. එහෙයින් මැ යමෙකින් මෙලොවැ කෙළවරට යේ නම් ඒ ප්‍රඥාව මැ ධනයට වඩා ශ්‍රේෂ්ඨ යැ, නිෂ්ඨාවට නො පැමිණියේ කුදුමහ භවයන්හි මෝහ හේතුවින් පව්කම් කෙරේ.

785. උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං සංසාරමාපජ‍්ජ පරම‍්පරාය, තස‍්සප‍්පඤ‍්චො අභිසද‍්දහන‍්තො උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං.

785. පුනපුනා සසරට පැමිණ ගැබටත් පරලොවටත් එළැඹෙයි, ඔහුගේ පාපක්‍රියා හදහන මඳනුවණැත්තේ ද ගැබටත් පරලොවටත් එළැඹේ.

786. චොරො යථා සන්‍ධිමුඛෙ ගහීතො සකම‍්මුනා හඤ‍්ඤති පාපධම‍්මො, එවං පජා පච‍්ච පරම‍්හි ලොකෙ සකම‍්මුනා හඤ‍්ඤති පාපධම‍්මා.

786. ලාමකගති ඇති සොර තෙම සන්‍ධිමුඛයෙහි (උමංබිඳුමෙහි) දී බැඳැ ගන්නාලද්දේ සියකැමින් යම්සේ පෙළනුලැබේ ද එසේ මැ පාපධර්‍ම ඇති ප්‍රජාව පරලොවට පැමිණ ස්වකීය කර්‍මය විසින් පෙළනුලබ.

787. කාමා හි චිත්‍රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන‍්ති චිත‍්තං, ආදීනවං කාමගුණෙසු දිස‍්වා තස‍්මා අහං පබ‍්බජිතොම‍්හි රාජ.

787. නරපතිය, යම්හෙයෙකින් කාමයෝ විසිතුරු ද මිහිරි ද මනරම් ද විවිධරූප ස්වභාවයෙන් සිත් අලළත් ද, එහෙයින් මැ මම කාමගුණයෙහි ආදීනව දැකැ පැවිදි වූයෙමි.

788. දුමප‍්ඵලානීව පතන‍්ති මානවා දහරා ච වුද‍්ධා ච සරීරභෙදා, එතම‍්පි දිස‍්වා පබ‍්බජිතොම‍්හි රාජ අපණ‍්ණකං සාමඤ‍්ඤමෙව සෙය්‍යො,

788. තරුණ වූ ද මහලු වූ ද මිනිස්සු ශරීරභේද හෙයින් ද්‍රැමඵලයන් (ගස්ගෙඩි) මෙන් ඇද වැටෙත්, මහරජ තෙල කරුණ ද දැකැ පැවිදි වීමි, නිවැරැදි ශ්‍රමණභාවය මැ උත්තරීතර යි.

789. සද‍්ධායාහං පබ‍්බජිතො උපෙතො ජිනසාසනෙ, අවඤ‍්ඣා මය‍්හං පබ‍්බජ‍්ජා අනණො භුඤ‍්ජාමි භොජනං.

789. මම සැදැහැයෙන් පැවිදි වීමි, ශාස්තෘශාසනයෙහි පිළිවෙතට එළැඹියෙමි, මා ගේ පැවිද්ද නො වඳ යැ, ණය නැත්තෙම් අහර වළඳමි.

790. කාමෙ ආදිත‍්තතො දිස‍්වා ජාතරූපානි සත්‍ථතො, ගබ‍්භවොක‍්කන‍්තිතො දුක‍්ඛං නිරයෙසු මහබ‍්භයං.

790. කාමයන් ඇවිළගත්තවුන් ලෙසින්, ස්වර්‍ණවිකෘතීන් ආයුධයන් ලෙසින් දැකැ ගර්‍භාචක්‍රාන්තියෙහි පටන් දුක් යැ, නිරයෙහි මහත් භය යැ යන,

791. එතමාදීනවං ඤත්‍වා සංවෙගං අලභිං තදා, සො’හං විද‍්ධො තදා සන‍්තො සම‍්පත‍්තො ආසවක‍්ඛයං.

791. තෙල ආදීනව දැනැ එදා සංවේගය ලදිමි, මම එදා (ගිහිකල්හි රාගාදිශල්‍යයෙන්) විදුනාලද්දෙම් මැ ආස්‍රවක්‍ෂයට පැමිණියෙමි.

792. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා.

792. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ අවවාදය කරනලදි, ගුරුබර බහා තබනලද්දේ යැ, තෘෂ්ණාව උදුරනලදු.

793. යස‍්සත්‍ථාය පබ‍්බජිතො අගාරස‍්මානගාරියං, සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසංයොජනක‍්ඛයො’ති.

793. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා රට‍්ඨපාලො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහයි.

රට‍්ඨපාලත්‍ථෙරගාථා.

රට්ඨපාල ස්ථවිරගාථා යි.