යෙදුමෙන් කියවන්න

මාලුඞ‍්ක්‍යපුත‍්තත්‍ථෙරගාථා

20. 1. 5.

20. 1. 5.

794. රූපං දිස‍්වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසිකරොතො, සාරත‍්තචිත‍්තො වෙදෙති තං ච අජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

794. රූපය දැකැ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ (එය) විඳී, යළි එහි වැදැගෙන සිටී.

795. තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා රූපසම‍්භවා, අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති, එවමාචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

795. ඔහු ගේ නොයෙක් වේදනාවෝ රූපයෙන් හටගත්තාහු වැඩෙත්. අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනු ලැබේ.

796. සද‍්දං සුත්‍වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසිකරොතො, සාරත‍්තචිත‍්තො වෙදෙති තං ච අජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

796. ශබ්දය අසා ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.

797. තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා සද‍්දසම‍්භවා, අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති, එවමාචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

797. ඔහුගේ නොයෙක් වේදනාවෝ ශබ්දාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනුලැබේ.

798. ගන්‍ධං ඝත්‍වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසිකරොතො, සාරත‍්තචිත‍්තො වෙදෙති තං ච අජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

798. ගන්‍ධාඝ්‍රාණය කොට ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.

799. තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා ගන්‍ධසම‍්භවා, අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති, එවමාචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

799. ඔහුගේ නොයෙක් වේදනාවෝ ගන්‍ධාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.

800. රසං භොත්‍වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසිකරොතො, සාරත‍්තචිත‍්තො වෙදෙති තං ච අජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

800. රසය අනුභව කොට ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.

801. තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා රසසම‍්භවා, අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති, එවමාචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

801. ඔහු ගේ නොයෙක් වේදනාවෝ රසාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ. මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.

802. ඵස‍්සං ඵුස‍්ස සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසි කරොතො, සාරත‍්තචිත‍්තො වෙදෙති තං ච අජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

802. ස්පර්‍ශය විඳ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.

803. තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා ඵස‍්සසම‍්භවා, අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති, එවමාචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

803. ඔහුගේ නොයෙක් වේදනාවෝ ස්පර්‍ශාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.

804. ධම‍්මං ඤත්‍වා සති මුට‍්ඨා පියං නිමිත‍්තං මනසිකරොතො, සාරත‍්තචිත‍්තො වෙදෙති තං ච අජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

804. ධර්‍මාරම්මණය දැනැ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.

805. තස‍්ස වඩ‍්ඪන‍්ති වෙදනා අනෙකා ධම‍්මසම‍්භවා, අභිජ‍්ඣා ච විහෙසා ච චිත‍්තමස‍්සූපහඤ‍්ඤති, එවමාචිනතො දුක‍්ඛං ආරා නිබ‍්බානං වුච‍්චති.

805. ඔහුගේ නොයෙක් වේදනාවෝ ධර්‍මාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනුලැබේ.

806. න සො රජ‍්ජති රූපෙසු රූපං දිස‍්වා පතිස‍්සතො, විරත‍්තචිත‍්තො වෙදෙති තං ච නාජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

806. යමෙක් රූ අරමුණ දැකැ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම රූපයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.

807. යථාස‍්ස පස‍්සතො රූපං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

807. යම්සේ රූපය දක්නා වූ ද (එය අරමුණු කොට උපන්) වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ ද රැස් නො වේ ද හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.

808. න සො රජ‍්ජති සද‍්දෙසු සද‍්දං සුත්‍වා පතිස‍්සතො, විරත‍්තචිත‍්තො වෙදෙති තං ච නාජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

808. යමෙක් ශබ්දය අසා එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ශබ්දයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.

809. යථාස‍්ස සුණතො සද‍්දං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

809. යම්සේ ශබ්දය ශ්‍රවණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.

810. න සො රජ‍්ජති ගන්‍ධෙසු ගන්‍ධං ඝත්‍වා පතිස‍්සතො, විරත‍්තචිත‍්තො වෙදෙති තං ච නාජ‍්ඣොස‍්ස තිට‍්ඨතී’ති.

810. යමෙක් ගන්‍ධාඝ්‍රාණය කොට එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ගන්‍ධාරම්මණයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.

811. යථාස‍්ස ඝායතො ගන්‍ධං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

811. යම්සේ ගන්‍ධාඝ්‍රාණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ. මෙසේ දුක් පහ කරන්නහු ගේ නිවන ළඟ යැ යි කියනුලැබේ.

812. න සො රජ‍්ජති රසෙසු රසං භොත්‍වා පතිස‍්සතො, විරත‍්තචිත‍්තො වෙදෙති තං ච නාජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

812. යමෙක් රසානුභවය කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම රසයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.

813. යථාස‍්ස සායතො රසං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

813. යම්සේ රසාස්වාදය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.

814. න සො රජ‍්ජති ඵස‍්සෙසු ඵස‍්සං ඵුස‍්ස පතිස‍්සතො, විරත‍්තචිත‍්තො වෙදෙති තං ච නාජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

814. යමෙක් පහස විඳ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ස්පර්‍ශාලම්බනයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.

815. යථාස‍්ස ඵුසතො ඵස‍්සං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සති, එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චති.

815. යම්සේ පහස විඳුනා වූ ද වේදානාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.

816. න සො රජ‍්ජති ධම‍්මෙසු ධම‍්මං ඤත්‍වා පතිස‍්සතො, විරත‍්තචිත‍්තො වෙදෙති තං ච නාජ‍්ඣොස‍්ස තිට‍්ඨති.

816. යමෙක් දහම්අරමුණ පසක් කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම දහම්අරමුණෙහි නො ඇලෙයි, විරාගසිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.

817. යථාස‍්ස විජානතො ධම‍්මං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක‍්ඛං සන‍්තිකෙ නිබ‍්බානං වුච‍්චතී’ති.

817. යම්සේ දහම්අරමුණ පසක් කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.

මාලුඞ‍්ක්‍යපුත‍්තත්‍ථෙරගාථා.

මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරගාථා යි.