මාලුඞ‍්ක්‍යපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා
මාලුඞ‍්ක්‍යපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා
මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
රූපං දිස්වා සති මුට‍්ඨාතිආදිකා ආයස‍්මතො මාලුක්‍යපුත‍්තස‍්ස ගාථා. ඉමස‍්ස ආයස‍්මතො වත්‍ථු හෙට‍්ඨා ඡක‍්කනිපාතෙ (ථෙරගා· 399 ආදයො) වුත‍්තමෙව. තා පන ගාථා ථෙරෙන අරහත‍්තෙ පතිට‍්ඨිතෙන ඤාතීනං ධම‍්මදෙසනාවසෙන භාසිතා. ඉධ පන පුථුජ‍්ජනකාලෙ “සාධු මෙ, භන‍්තෙ, භගවා සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතූ”ති යාචිතෙන සත්‍ථාරා “තං කිං මඤ‍්ඤසි, මාලුක්‍යපුත‍්ත, යෙ තෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා අදිට‍්ඨා අදිට‍්ඨපුබ‍්බා, න ච පස‍්සසි, න ච තෙ හොති පස‍්සෙය්‍යන‍්ති, අත්‍ථි තෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වා”ති? “නො හෙතං, භන‍්තෙ”. “යෙ තෙ සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා…පෙ… ඝාන…ජිව‍්හා…කාය…මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා අවිඤ‍්ඤාතා අවිඤ‍්ඤාතපුබ‍්බා, න ච විජානාසි, න ච තෙ හොති විජානෙය්‍යන‍්ති, අත්‍ථි තෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වා”ති? “නො හෙතං, භන‍්තෙ”. “එත්‍ථ ච තෙ, මාලුක්‍යපුත‍්ත, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං භවිස‍්සති, සුතෙ සුතමත‍්තං, මුතෙ මුතමත‍්තං, විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තං භවිස‍්සති. යතො ඛො තෙ, මාලුක්‍යපුත‍්ත, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං, සුතෙ සුතමත‍්තං, මුතෙ මුතමත‍්තං, විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තං භවිස‍්සති, තතො ත්‍වං, මාලුක්‍යපුත‍්ත, න තෙන. යතො ත්‍වං, මාලුක්‍යපුත‍්ත, න තෙන, තතො ත්‍වං, මාලුක්‍යපුත‍්ත, න තත්‍ථ. යතො ත්‍වං, මාලුක්‍යපුත‍්ත, න තත්‍ථ, තතො ත්‍වං, මාලුක්‍යපුත‍්ත, නෙවිධ න හුරං න උභයමන‍්තරෙන, එසෙවන‍්තො දුක‍්ඛස‍්සා”ති (සං· නි· 4.95). සංඛිත‍්තෙන ධම‍්මෙ දෙසිතෙ තස‍්ස ධම‍්මස‍්ස සාධුකං උග‍්ගහිතභාවං පකාසෙන‍්තෙන –
රූපං දිස්වා සති මුට්ඨා යනාදියෙන් ආයුෂ්මත් මාලුක්‍යපුත්ත තෙරුන්ගේ ගාථාවන්ය. මේ තෙරුන් වහන්සේගේ කථා වස්තුව හයවන නිපාතයෙහි කියන ලද්දේමය. මේ ගාථාවන් වනාහි එහිදී රහත්බවට පත් තෙරුන් වහන්සේ විසින් නෑයන්ට ධර්මදේශනා වශයෙන් ප්‍රකාශ කරන ලදී. මෙහි වනාහි පෘථග්ජන කාලයෙහි, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මදේශනා කරන සේක්වායි ඉල්ලා සිටිය බැවින් භාග්‍යවතුන් වහන්සේ මාලුක්‍යපුත්‍රය! කිම යම් ඒ චක්‍ඛුවිඤ්ඤෙය්‍ය වූ රූපයන් නොදැක, නොදුටුවිරූද, නොදකින්නෙහිද, ඔබට ඒ රූපයෙහි ඇල්මක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේදැයි ඇසීය. නැත ස්වාමීනි’යි (කීය) යම් ඒ කණෙන් දැනගන්නා වූ ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ හා දිවට, කයට, මනසට දැනෙන්නා වූ ස්වභාවයන් දන්නේ නැත. නොදන්නාවිරූය. නොහඳුනයි. නොහඳුනන්නේය. ඔබට ඒ ධර්මයන්හි ආසාවක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් තිබේද? නැත ස්වාමීනි. මාලුක්‍යපුත්‍රය මෙහිදී ද දකින ලද අසන ලද නාසයට දැනෙන ලද, මනසට දැනෙන ස්වභාවයන්හි, දුටු දෙයෙහි දුටු බව පමණකි. ඇසූ දෙයෙහි ඇසූ මාත්‍රය පමණි. ආඝ්‍රාණය කළ දෙයෙහි ආඝ්‍රාණය කිරීම පමණකි. සිතට දැනුන දෙයෙහි දැනුනු බව පමණක් වන්නේය. එයින් ඔබ මාලුක්‍ය පුත්‍රය! නැත. යමකින් ඔබ මාලුක්‍යපුත්‍රය නැත. එයින් ඔබ මාලුක්‍යපුත්‍රය! එහි නැත. යමකින් ඔබ මාලුක්‍යපුත්‍රය මේ ලෝකයේ නැත. පරලොව! මේ දෙක අතර දුකෙහි අවසානයක් නොපෙනේ. කෙටියෙන් ධර්මය දේශනා කළ කල්හි ඒ ධර්මය මනාලෙස ඉගෙනගත් බව ප්‍රකාශ කරන්නේ,
“රූපං දිස්වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො; සාරත‍්තචිත‍්තො වෙදෙති, තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති.
රූපං දිස්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
“තස‍්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා රූපසම‍්භවා; අභිජ‍්ඣා ච විහෙසා ච, චිත‍්තමස‍්සූපහඤ‍්ඤති; එවමාචිනතො දුක්ඛං, ආරා නිබ්බාන වුච‍්චති.
තස්ස වඩ්ඩන්ති වෙදාන අනෙකාරූප සම්භවා, අභිජ්ඣා ච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්‍ඛං ආරනිබ්බාන වුච්චති.
“සද‍්දං සුත්‍වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො; සාරත‍්තචිත‍්තො වෙදෙති, තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති.
සද්දං සුත්‍වා සතිමුට්ඨා පියං නිමත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
“තස‍්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා සද‍්දසම‍්භවා; අභිජ‍්ඣා ච විහෙසා ච, චිත‍්තමස‍්සූපහඤ‍්ඤති; එවමාචිනතො දුක්ඛං, ආරා නිබ්බාන වුච‍්චති.
තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකාසද්ද සම්භවා, අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
“ගන්‍ධං ඝත්‍වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො; සාරත‍්තචිත‍්තො වෙදෙති, තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති.
ගන්‍ධං සත්‍වා සතිමුට්ඨා පියං නිමත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣාස්ස තිට්ඨති.
“තස‍්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා ගන්‍ධසම‍්භවා; අභිජ‍්ඣා ච විහෙසා ච, චිත‍්තමස‍්සූපහඤ‍්ඤති; එවමාචිනතො දුක්ඛං, ආරා නිබ්බාන වුච‍්චති.
තස්සවඩ්ඪන්ති වෙදනා අනෙකා ගන්‍ධසම්භවා, අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
“රසං භොත්‍වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො; සාරත‍්තචිත‍්තො වෙදෙති, තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති.
රසං භොත්‍වා සතිමුට්ඨා පියං නිමත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
“තස‍්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා රසසම‍්භවා; අභිජ‍්ඣා ච විහෙසා ච, චිත‍්තමස‍්සූපහඤ‍්ඤති; එවමාචිනතො දුක්ඛං, ආරා නිබ්බාන වුච‍්චති.
තස්ස වඩ්ඪන්ති වෙදාන අකොරස සම්භවා, අභිජ්ඣාච විහෙසාච චිත්තවස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
“ඵස‍්සං ඵුස‍්ස සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො; සාරත‍්තචිත‍්තො වෙදෙති, තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති.
ඵස්සං ඵුස්ස සතිමුට්ඨා පියං නිමත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
“තස‍්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා ඵස‍්සසම‍්භවා; අභිජ‍්ඣා ච විහෙසා ච, චිත‍්තමස‍්සූපහඤ‍්ඤති; එවමාචිනතො දුක්ඛං, ආරා නිබ්බාන වුච‍්චති.
තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ඵස්ස සම්භවා, අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූ පහඤ්ඤති, එවමාචිතකො දුක්‍ඛං ආරා නිබ්බාන වුච්චති.
“ධම‍්මං ඤත්‍වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො; සාරත‍්තචිත‍්තො වෙදෙති, තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති.
ධම්මං ඤත්‍වා සතිමුට්ඨා පිය නිමිත්තං මනසිකරොතො, සාරත්ත චිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
“තස‍්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා ධම‍්මසම‍්භවා; අභිජ‍්ඣා ච විහෙසා ච, චිත‍්තමස‍්සූපහඤ‍්ඤති; එවමාචිනතො දුක්ඛං, ආරා නිබ්බාන වුච‍්චති.
තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ධම්ම සම්භවා, අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූප හඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති,
“න සො රජ‍්ජති රූපෙසු, රූපං දිස්වා පටිස‍්සතො; විරත්තචිත්තො වෙදෙති, තඤ‍්ච නාජ‍්ඣොස තිට‍්ඨති.
නසො රජ්ජති රූපෙසු රූපං දිස්වා පටිස්සතො, චිරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
“යථාස‍්ස පස්සතො රූපං, සෙවතො චාපි වෙදනං; ඛීයති නොපචීයති, එවං සො චරතී සතො; එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බාන වුච‍්චති.
යථාස්ස ඵස්සතො රූපං සෙවතොචාපි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බාන වුච්චති.
“න සො රජ්ජති සද්දෙසු, සද්දං සුත්‍වා පටිස‍්සතො; විරත්තචිත්තො වෙදෙති, තඤ‍්ච නාජ‍්ඣොස තිට‍්ඨති.
තතො රජ්ජති සද්දෙසු සද්දං සුත්‍වා පටිස්සතො, චිරත්ත චිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
“යථාස‍්ස සුණතො සද්දං, සෙවතො චාපි වෙදනං; ඛීයති නොපචීයති, එවං සො චරතී සතො; එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බාන වුච‍්චති.
යථාස්ස සුණතො සද්දං සෙවතො චාපි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බාන වුච්චති.
“න සො රජ‍්ජති ගන්‍ධෙසු, ගන්‍ධං ඝත්‍වා පටිස‍්සතො; විරත්තචිත්තො වෙදෙති, තඤ‍්ච නාජ‍්ඣොස තිට‍්ඨති.
නසො රජ්ජති ගන්‍ධෙසු ගන්‍ධං සත්‍වා පටිස්සතො, චිරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
“යථාස‍්ස ඝායතො ගන්‍ධං, සෙවතො චාපි වෙදනං; ඛීයති නොපචීයති, එවං සො චරතී සතො; එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බාන වුච‍්චති.
යථාස්ස සායතො ගන්‍ධං සෙවතොචාපි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරති සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බාන වුච්චති.
“න සො රජ‍්ජති රසෙසු, රසං භොත්‍වා පටිස‍්සතො; විරත්තචිත්තො වෙදෙති, තඤ‍්ච නාජ‍්ඣොස තිට‍්ඨති.
නසො රජ්ජති රසෙසු රසං භූත්‍වා පටිස්සතො, විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
“යථාස‍්ස සායතො රසං, සෙවතො චාපි වෙදනං; ඛීයති නොපචීයති, එවං සො චරතී සතො; එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බාන වුච‍්චති.
යථාස්ස සායතො රසං සෙවතොචාපි වෙදනා, ඛීයති නොපචීයති එවං සො චරති සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බාන වුච්චති.
“න සො රජ‍්ජති ඵස්සෙසු, ඵස්සං ඵුස්ස පටිස්සතො; විරත්තචිත්තො වෙදෙති, තඤ‍්ච නාජ‍්ඣොස තිට‍්ඨති.
නසො රජ්ජති ඵස්සෙසු ඵස්සං ඵුස්ස පටිස්සතො, විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
“යථාස‍්ස ඵුසතො ඵස‍්සං, සෙවතො චාපි වෙදනං; ඛීයති නොපචීයති, එවං සො චරතී සතො; එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බාන වුච‍්චති.
යථාස්ස ඵුසතො ඵස්සං සෙවතොචාපි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරති සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බාන වුච්චති.
“න සො රජ‍්ජති ධම්මෙසු, ධම්මං ඤත්‍වා පටිස්සතො; විරත්තචිත්තො වෙදෙති, තඤ‍්ච නාජ‍්ඣොස තිට‍්ඨති.
නසො රජ්ජති ධම්මෙසු ධම්මං ඤත්‍වා පටිස්සතො, විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
“යථාස‍්ස විජානතො ධම‍්මං, සෙවතො චාපි වෙදනං; ඛීයති නොපචීයති, එවං සො චරතී සතො; එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ‍්බාන වුච‍්චතී”ති. –
යථාස්ස ජානතො ධම්මං සෙවතොචාපි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරති සතො, එවං අපචින්තො දුක්‍ඛං සන්තිකෙ නිබ්බාන වුච්චති.
ඉමා ගාථා අභාසි.
මේ ගාථාවන් ප්‍රකාශ කළේය.
තත්‍ථ රූපං දිස‍්වාති චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං චක‍්ඛුද‍්වාරෙන උපලභිත්‍වා. සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතොති තස‍්මිං රූපෙ දිට‍්ඨමත‍්තෙ එව අට‍්ඨත්‍වා සුභනිමිත‍්තං මනසි කරොතො සුභාකාරග‍්ගහණවසෙන අයොනිසො මනසි කරොතො සති මුට‍්ඨා හොති. තථා ච සති සාරත‍්තචිත‍්තො වෙදෙති තං රූපාරම‍්මණං රත‍්තො, ගිද‍්ධො, ගධිතො හුත්‍වා අනුභවති, අස‍්සාදෙති, අභිනන්‍දති. තථාභූතො ච තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨතීති තඤ‍්ච රූපාරම‍්මණං අජ‍්ඣොසාය “සුඛං සුඛ”න‍්ති අභිනිවිස‍්ස ගිලිත්‍වා පරිනිට‍්ඨාපෙත්‍වා තිට‍්ඨති.
එහි රූපං දිස්වා යනු ඇසෙන් දැනගත යුතු රූපය ඇස නමැති දොරටුවෙන් ලබාගෙන, සති මුට්ඨා පියං නිමිත්තං මනසි කරොතො යනු ඒ රූපය දුටු පමණින්ම නොසිට සුබ නිමිත්ත මෙනෙහි කරන්නා වූ රූපය සුභ ලෙස ගෙන නුවණින් තොරව මෙනෙහි කරන්නහුගේ සිහිය මුලා වූවා වෙයි. එසේ ඇතිකල්හි සාරත්තචිත්තො වෙදෙති යනු ඒ රූප අරමුණ කෙරෙහි ඇලුනේ, එහි ගිජුවූයේ, ගිලුනේ වී එයින් ආශ්වාදය ලබයි. සතුටු වෙයි. භුක්ති විඳියි. එසේ වූ තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති යනු ඒ රූපාරම්මණයේ ඇලී ගැලී සැපයි සැපයි කියමින් එය ගිලදමා සිටියි.
තස‍්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා රූපසම‍්භවාති තස‍්ස එවරූපස‍්ස පුග‍්ගලස‍්ස රූපසම‍්භවා රූපාරම‍්මණා සුඛාදිභෙදෙන අනෙකා වෙදනා කිලෙසුප‍්පත‍්තිහෙතුභූතා වඩ‍්ඪන‍්ති. අභිජ‍්ඣා ච විහෙසා ච, චිත‍්තමස‍්සූපහඤ‍්ඤතීති පියරූපෙ සාරජ‍්ජනවසෙන උප‍්පජ‍්ජමානාය අභිජ‍්ඣාය, අපියරූපෙ බ්‍යාපජ‍්ජනවසෙන පියරූපස‍්සෙව විපරිණාමඤ‍්ඤථාභාවාය උප‍්පජ‍්ජමානාය සොකාදිලක‍්ඛණාය විහෙසාය ච අස‍්ස පුග‍්ගලස‍්ස චිත‍්තං උපහඤ‍්ඤති බාධීයති. එවමාචිනතො දුක‍්ඛන‍්ති වුත‍්තාකාරෙන තං තං වෙදනස‍්සාදවසෙන භවාභිසඞ‍්ඛාරං ආචිනතො වට‍්ටදුක‍්ඛං පවත‍්තති. තෙනාහ භගවා – “වෙදනාපච‍්චයා තණ‍්හා…පෙ… දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී”ති (විභ· 225; සං· නි· 2.1). තථාභූතස‍්ස ආරා ආරකා දූරෙ නිබ‍්බානං වුච‍්චති, තස‍්ස තං දුල‍්ලභන‍්ති අත්‍ථො. සද‍්දං සුත්‍වාතිආදිගාථාසුපි වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. තත්‍ථ ඝත්‍වාති ඝායිත්‍වා. භොත්‍වාති සායිත්‍වා. ඵුස‍්සාති ඵුසිත්‍වා. ධම‍්මං ඤත්‍වාති ධම‍්මාරම‍්මණං විජානිත්‍වා.
තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා රූප සම්භවා යනු මෙබඳු ස්වරූප ඇති පුද්ගලයාගේ රූපය නිසා හටගත්තා වූ, රූපය අරමුණු කරගෙන සුඛාදී වශයෙන් නොයෙක් කෙලෙස් හටගැනීමට හේතු වූ වේදනාවන් වැඩේ. අභිජ්ඣා ච විහෙසාච චිත්තමස්සූප හඤ්ඤති යනු ප්‍රියජනක රූපයක ඇලීම් වශයෙන් උපදින්නා වූ අභිජ්ජාව නිසාද අප්‍රිය රූපයෙහි ව්‍යාපාද වශයෙන් ද ප්‍රිය රූපයාගේම වෙනස්වීම නිසා ඇතිවන ශෝකාදි ලක්‍ෂණවලින් පීඩා වීමෙන්ද මේ පුද්ගලයාගේ සිතට බාධා, පීඩා ඇතිවෙයි. එවමාචිනතො දුක්‍ඛං යනු කියන ලද ආකාරයෙන් ඇතිවන්නා වූ වින්දනයන් ආශ්වාදනය කිරීමෙන් භවයට හේතුවන සංස්කාරයන් රැස් කිරිම නිසා සසර දුක පවතී. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඇත. වේදනාව හේතුවෙන් තණ්හාවද -පෙ- දුක් සමුදායක් පහල වෙයි. එබඳු වූවහුට ආරා දුරය. නිබ්බානං වුච්චති ඔහුට එය දුර්ලභය යන අර්ථයි. සද්දං සුත්‍වා යනු පළමු කී ගාථාවල කියන ලද ආකාරයෙන් අර්ථය දැනගත්තේය. එහි ඝත්‍වා යනු ආඝ්‍රාණය කොට, භොත්‍වා යනු අනුභවකොට, ඵුස්ස යනු ස්පර්ශකොට, ධම්මං ඤත්‍වා යනු ධර්මාරම්මණය දැනගෙන,
එවං ඡද‍්වාරගොචරෙ සාරජ‍්ජන‍්තස‍්ස වට‍්ටං දස‍්සෙත්‍වා ඉදානි තත්‍ථ විරජ‍්ජන‍්තස‍්ස විවට‍්ටං දස‍්සෙන‍්තො “න සො රජ‍්ජති රූපෙසූ”තිආදිමාහ. තත්‍ථ න සො රජ‍්ජති රූපෙසු, රූපං දිස‍්වා පටිස‍්සතොති යො පුග‍්ගලො රූපං දිස‍්වා ආපාථගතං රූපාරම‍්මණං චක‍්ඛුද‍්වාරිකෙන විඤ‍්ඤාණසන‍්තානෙන ගහෙත්‍වා චතුසම‍්පජඤ‍්ඤවසෙන සම‍්පජානකාරිතාය පටිස‍්සතො හොති, සො රූපාරම‍්මණෙසු න රජ‍්ජති රාගං න ජනෙති, අඤ‍්ඤදත්‍ථු විරත‍්තචිත‍්තො වෙදෙති, රූපාරම‍්මණම‍්හි සමුදයාදිතො යථාභූතං පජානන‍්තො නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දන‍්තො තං තත්‍ථුප‍්පන‍්නවෙදනඤ‍්ච විරත‍්තචිත‍්තො වෙදෙති, තථාභූතො ච තඤ‍්ච නජ‍්ඣොස තිට‍්ඨතීති තං රූපාරම‍්මණං සම‍්මදෙව විරත‍්තචිත‍්තතාය අජ‍්ඣොසාය න තිට‍්ඨති “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති තණ‍්හාමානදිට‍්ඨිවසෙන නාභිනිවිසති.
මෙසේ දොරටු සයට වූ ගොදුරුවල ඇලෙන්නහුගේ පැවැත්ම දක්වා දැන් එහි නොඇලෙන්නහුගේ නොපැවැත්ම දක්වන්නේ ‘ඔහු රූපයන්හි නොඇලෙයි’ ආදිය කීහ. එහි නසො රජ්ජති රූපෙසු රූපං දිස්වා පටිස්සතො යනු යම් පුද්ගලයෙක් රූපයක් දැක ඉලක්ක වූ රූප අරමුණ චක්‍ෂුද්වාරයට සම්බන්ධ විඤ්ඤාණයෙන් ලබාගෙන සතර වැදෑරුම් අවබෝධතා වශයෙන් සිහිපත් කරයි. ඔහු රූපාරම්මණවල නොඇලෙයි. ඇල්මක් ඇතිකර නොගනී. රාගයක් නොඋපදවයි. සම්පූර්ණයෙන් නොඇලුණු සිතැත්තේ අවබෝධ කරගනී. රූපාරම්මණයෙහි හටගැනීමේ පටන් ඇති පරිදි දැනගත්තේ කලකිරෙයි. කලකිරුණේ එහි හටගත් වේදනාවද විරත්තචිත්තො වෙදෙති යනු එබඳු ස්වරූපයකට පත්වූයේ තං ච නාජ්ඣොස්ස තිට්ඨති යනු ඒ රූපාරම්මණය මනාව කලකිරුණු ස්වභාවය ඇති බැවින් මෙබඳු සිතිවිල්ලක් සිතෙහි කිඳා බැස නැත. ‘මේ මම. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි. තණ්හා, දිට්ඨි, මාන වශයෙන් නොඇලෙයි.
යථාස‍්ස පස‍්සතො රූපන‍්ති අස‍්ස යොගිනො යථා තත්‍ථ අභිජ‍්ඣාදයො නප‍්පවත‍්තන‍්ති, එවං අනිච‍්චාදිතො රූපං පස‍්සන‍්තස‍්ස. සෙවතො චාපි වෙදනන‍්ති තං ආරබ‍්භ උප‍්පන‍්නං වෙදනං තංසම‍්පයුත‍්තධම‍්මෙ ච ගොචරසෙවනාය සෙවතො චාපි. ඛීයතීති සබ‍්බං කිලෙසවට‍්ටං පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡති. නොපචීයතීති න උපචියති න ආචයං ගච‍්ඡති. එවං සො චරතී සතොති එවං කිලෙසාපනයනපටිපත‍්තියා සතො සම‍්පජානො හුත්‍වා චරති, විහරති. එවං අපචිනතො දුක‍්ඛන‍්ති වුත‍්තනයෙන අපචයගාමිනියා මග‍්ගපඤ‍්ඤාය සකලං වට‍්ටදුක‍්ඛං අපචිනන‍්තස‍්ස. සන‍්තිකෙ නිබ‍්බාන වුච‍්චතීති සඋපාදිසෙසඅනුපාදිසෙසනිබ‍්බානධාතුසමීපෙ එවාති වුච‍්චති අසඞ‍්ඛතාය ධාතුයා සච‍්ඡිකතත‍්තා. න සො රජ‍්ජති සද‍්දෙසූතිආදීසුපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො.
යථාස්ස පස්සතො රූපං යනු මේ යෝගියාගේ යම්සේ එහි අභිජ්ජා ආදිය නොපවතීද මෙසේ අනිත්‍යතා වශයෙන් රූපය දකින්නහුට සෙවතොචාපි වෙදනං යනු එය අරමුණු කරගෙන හටගත්තා වූ වේදනාව ඒ හා යෙදුණු ධර්මයෙහි ගොදුරුවන දෙය ඇසුරු කරන්නහුගේද ඛීයති යනු සියලු කෙලෙස් සමූහය අභාවයට යයි. නොපචීයති යනු රැස් නොකරයි. එවං සො චරතිසතො මෙසේ කෙලෙස් තුරන් කිරීමේ ප්‍රතිපත්තියෙහි සිහි ඇතිව දැනුම ඇතිව හැසිරෙයි. එවං අපචිනතො දුක්‍ඛං යනු කියූ ක්‍රමයෙන් කර්ම රැස් නොකරන්නා වූ මාර්ග ප්‍රඥාවෙන් සියළු සසර දුක බැහැර කරන්නහුගේ සන්තිකෙ නිබ්බාන වුච්චති යනු සඋපාදිසෙස හෝ අනුපාදිසෙස නිර්වාණ ධාතුව ලඟට යැයි කියනු ලැබේ. අසංඛත ධාතුව අවබෝධ කරගත් නිසාය. න සො රජ්ජති සද්දෙසු යනාදියෙහිද මේ ක්‍රමයෙන්ම අර්ථ වටහාගත යුතුයි.
එවං ථෙරො ඉමාහි ගාථාහි සත්‍ථු ඔවාදස‍්ස අත‍්තනා උපධාරිතභාවං පවෙදෙත්‍වා උට‍්ඨායාසනා සත්‍ථාරං වන්‍දිත්‍වා ගතො නචිරස‍්සෙව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණීති.
මෙසේ තෙරුන්වහන්සේ මේ ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය නියම අයුරින් පිළිපැද්ද බව ප්‍රකාශකොට අසුනින් නැගිට බුදුන් වැඳ පිටත්ව ගියේ වැඩිකල් නොගොස්ම විදර්ශනා වඩා රහත්බවට පැමිණියේය.
මාලුක්‍යපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
මාලුක්‍යපුත්ත ථේර ගාථා වර්ණනාව නිමියේය.