යෙදුමෙන් කියවන්න

රට‍්ඨපාලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

රට‍්ඨපාලත්‍ථෙරගාථාවණ‍්ණනා

රට්ඨපාල ස්ථවිරගාථා වර්ණනාව

පස‍්ස චිත‍්තකතන‍්තිආදිකා ආයස‍්මතො රට‍්ඨපාලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව හංසවතීනගරෙ ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො පිතු අච‍්චයෙන ඝරාවාසෙ පතිට‍්ඨිතො රතනකොට‍්ඨාගාරකම‍්මිකෙන දස‍්සිතං අපරිමාණං කුලවංසානුගතං ධනං දිස‍්වා “ඉමං එත‍්තකං ධනරාසිං මය‍්හං පිතුඅය්‍යකපය්‍යකාදයො අත‍්තනා සද‍්ධිං ගහෙත්‍වා ගන‍්තුං නාසක‍්ඛිංසු, මයා පන ගහෙත්‍වා ගන‍්තුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා කපණද‍්ධිකාදීනං මහාදානං අදාසි. සො අභිඤ‍්ඤාලාභිං එකං තාපසං උපට‍්ඨහන‍්තො තෙන දෙවලොකාධිපච‍්චෙ නියොජිතො යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තො තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චුතො මනුස‍්සලොකෙ භින‍්නං රට‍්ඨං සන්‍ධාරෙතුං සමත්‍ථස‍්ස කුලස‍්ස එකපුත‍්තකො හුත්‍වා නිබ‍්බත‍්ති.

පස්සචිත්තීකතං යනාදී ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ගාථාවන්ය. මොහු වනාහි පදුමුත්තරස්ස පියුමතුරා බුදුන්ගේ පහළවීමට පෙරාතුවම හංසවතී නම් නගරයෙහි ගෘහපති මහාසාර කුලයක ඉපිද වැඩිවියට පත්ව පියාගේ ඇවෑමෙන් ගිහිගෙයි වසන්නේ, මාණික්‍ය ආදී වටිනා වස්තු ඇති භාණ්ඩාගාර පාලකයා විසින් පෙන්වන ලද ප්‍රමාණ රහිත වූ කුලවංසයෙන් පැවැත ආවා වූ ධනය දැක “මෙපමණ වූ මේ විශාල ධන රාශිය මගේ සීයා, මීමුත්තා ආදීහු පරලොව යන්නාහු අරගෙන නොගියාහ. මා විසින් වනාහි ඒවා රැගෙන යායුතුයැයි” සිතා දුගීමගී යාචකාදීන්ට මහදන් දුන්නේය. හෙතෙම අභිඤ්ඤාලාභී එක් තවුසකුට උපස්ථාන කළේ එයින් දෙව්ලොව යන මගට යොමු වූයේ දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙවියෙක්ව උපන්නේය. ඔහු ඒ දිව්‍යලෝකයෙහි දේවරාජ්‍යය කරවූයේ ආයු ඇතිතෙක් සිට එයින් චුතව බිඳුනු රටක් එක්තැන් කරන්නට සමත් වූ කුලගෙදරක එකම පුතාව උපන්නේය.

තෙන ච සමයෙන පදුමුත‍්තරො භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො වෙනෙය්‍යසත‍්තෙ නිබ‍්බානමහානගරසඞ‍්ඛාතං ඛෙමන‍්තභූමිං සම‍්පාපෙසි. අථ සො කුලපුත‍්තො අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං උපාසකෙහි සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං ධම‍්මං දෙසෙන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො පරිසපරියන‍්තෙ නිසීදි. තෙන ඛො පන සමයෙන සත්‍ථා එකං භික‍්ඛුං සද‍්ධාපබ‍්බජිතානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. තං දිස‍්වා සො පසන‍්නමානසො තදත්‍ථාය චිත‍්තං ඨපෙත්‍වා සතසහස‍්සභික‍්ඛුපරිවුතස‍්ස භගවතො මහතා සක‍්කාරෙන සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා පණිධානං අකාසි. සත්‍ථා තස‍්ස අනන‍්තරායෙන ඉජ‍්ඣනභාවං දිස‍්වා “අනාගතෙ ගොතමස‍්ස නාම සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනෙ සද‍්ධාපබ‍්බජිතානං අග‍්ගො භවිස‍්සතී”ති බ්‍යාකාසි. සො සත්‍ථාරං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච වන්‍දිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. සො තත්‍ථ යාවතායුකං පුඤ‍්ඤානි කත්‍වා තතො චවිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉතො ද‍්වෙනවුතෙ කප‍්පෙ ඵුස‍්සස‍්ස භගවතො කාලෙ සත්‍ථු වෙමාතිකභාතිකෙසු තීසු රාජපුත‍්තෙසු සත්‍ථාරං උපට‍්ඨහන‍්තෙසු තෙසං පුඤ‍්ඤකිරියාය කිච‍්චං අකාසි.

ඒ කාලයෙහි පදුමුත්තර බුදුන්වහන්සේ ලොව ඉපිද පවත්වන ලද උතුම් දසක් පැවතුම් ඇත්තේ හික්මවිය යුතු සත්ත්වයන් නිර්වාණ නමැති මහා නගරය නම් වූ ආරක්‍ෂිත භූමියකට පත්කළේය. ඉක්බිති ඒ කුලපුත්‍රයා පිළිවෙලින් උගත්බවට පත්වූයේ එක් දිනක් උපාසකයන් සමග විහාරයට ගියේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරනු දැක පහන්සිත් ඇත්තේ පිරිස් කෙළවර සිටියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක් භික්‍ෂුවක් ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතර අගතැන්හි තැබුවේය. ඒ දැක හෙතෙම පහන් සිත් ඇත්තේ ඒ සඳහා ඇදීගිය සිත් ඇත්තේ දසදහසක් භික්‍ෂූන් පිරිවරා වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මහත් ගරුසත්කාරයෙන් සත්දවසක් මහදන් පවත්වා ප්‍රාර්ථනා තැබීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනය ඉටුවන බව දැක අනාගතයෙහි ගොතමස්ස ගෝතම නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතර අගතැන්පත් වන්නේයැයි විවරණ දුන් සේක. ඔහු බුදුරජාණන් වහන්සේටත් භික්‍ෂු සංඝයාටත් නමස්කාර කර අසුනින් නැගිට නික්ම ගියේය. ඔහු එහි දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ මෙයින් දෙයානූවන කල්පයෙහි ඵුස්සස්ස ඵුස්ස බුදුන්ගේ කාලයෙහි රාජපුත්‍රයන් තුන්දෙනෙක් බුදුන්වහන්සේ උපස්ථාන කරන කල්හි ඔවුන්ගේ පිංකම්වලට සහාය විය.

එවං තත්‍ථ තත්‍ථ භවෙ තං තං බහුං කුසලං උපචිනිත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුරුරට‍්ඨෙ ථුල‍්ලකොට‍්ඨිකනිගමෙ රට‍්ඨපාලසෙට‍්ඨිනො ගෙහෙ නිබ‍්බත‍්ති, තස‍්ස භින‍්නං රට‍්ඨං සන්‍ධාරෙතුං සමත්‍ථෙ කුලෙ නිබ‍්බත‍්තත‍්තා රට‍්ඨපාලොති වංසානුගතමෙව නාමං අහොසි. සො මහතා පරිවාරෙන වඩ‍්ඪන‍්තො අනුක‍්කමෙන යොබ‍්බනපත‍්තො මාතාපිතූහි පතිරූපෙන දාරෙන සංයොජිතො මහන‍්තෙ ච යසෙ පතිට‍්ඨාපිතො දිබ‍්බසම‍්පත‍්තිසදිසං සම‍්පත‍්තිං පච‍්චනුභොති. අථ භගවා කුරුරට‍්ඨෙ ජනපදචාරිකං චරන‍්තො ථුල‍්ලකොට‍්ඨිකං අනුපාපුණි. තං සුත්‍වා රට‍්ඨපාලො කුලපුත‍්තො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිතුකාමො සත‍්තාහං භත‍්තච‍්ඡෙදං කත්‍වා කිච‍්ඡෙන කසිරෙන මාතාපිතරො අනුජානාපෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා සත්‍ථු ආණත‍්තියා අඤ‍්ඤතරස‍්ස ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා යොනිසොමනසිකාරෙන කම‍්මං කරොන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.2.97-111) –

මෙසේ ඒ ඒ භවයෙහි ඒ ඒ බොහෝ කුසල් රැස්කොට සුගතිවලම උපදින්නේ මේ බුදුන්ගේ කාලයේ කුරු රට්ඨෙ ථුල්ලකොට්ඨිත කුරුරට ථුල්ලකොට්ඨිත නම් නියම්ගමෙහි රට්ඨපාල සිටුවරයාගේ ගෙදර උපන්නේ රට්ඨපාල යයි පරම්පරා නාමයෙන් නම් තැබීය. ඔහු බොහෝ සැපසම්පතින් වැඩෙන්නේ පිළිවෙලින් තරුණ වියට පත්වූයේ මව්පියන් විසින් සුදුසු භාර්යාවක් ලබාදී බොහෝ වූ යසඉසුරෙහි පිහිටුවූයේ දෙව්සැප හා සමාන සැප අනුභව කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුරු රට්ඨෙ කුරු රටෙහි ජනපද චාරිකාවේ වඩින්නේ ථුල්ලකොට්ඨිතං ථුල්ලකොට්ඨිත ජනපදයට වැඩියේය. ඒ බව ඇසූ රට්ඨපාලො රට්ඨපාල කුලපුත්‍රයා බුදුන් වෙත පැමිණ බණ අසා ඇතිකරගත් ශ්‍රද්ධා ඇත්තේ දවස් හතක් ආහාර නොගෙන සිට ඉතා අමාරුවෙන් දෙමාපියන්ගේ අනුදැනුම ලබාගෙන බුදුන් වෙත පැමිණ බුදුන්ගේ අනුදැනීමෙන් වෙනත් තෙරනමක් ලඟ පැවිදිව යොනිසො මනසිකාරයෙන් කටයුතු කරන්නේ විදර්ශනා වඩා රහත්බවට පැමිණියේය. එබැවින් අපදාන පාලියෙහි මෙසේ කියා ඇත.

“පදුමුත‍්තරස‍්ස භගවතො, ලොකජෙට‍්ඨස‍්ස තාදිනො; වරනාගො මයා දින‍්නො, ඊසාදන‍්තො උරූළ‍්හවා.

තාදී ගුණ ඇති ලෝකයට ශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුන්ට නගුලක් වැනි දළ ඇති හොඳට වැඩුණු උතුම් හස්තියෙකු මා විසින් දන් දෙන ලදී.

“සෙතච‍්ඡත‍්තො පසොභිතො, සකප‍්පනො සහත්‍ථිපො; අග‍්ඝාපෙත්‍වාන තං සබ‍්බං, සඞ‍්ඝාරාමං අකාරයිං.

ස්වේතඡත්‍රය සහිත ඒ හස්තිරාජයා ඇතුළු සියල්ල මිලකොට සංඝාරාමයක් කරවූයෙමි.

“චතුපඤ‍්ඤාසසහස‍්සානි, පාසාදෙ කාරයිං අහං; මහොඝදානං කරිත්‍වාන, නිය්‍යාදෙසිං මහෙසිනො.

මම පනස්හතර දාහක් වටිනා ප්‍රාසාදයක් කරවීමි. ඒවා භාග්‍යවතුන් වහන්සේට පූජා කළෙමි.

“අනුමොදි මහාවීරො, සයම‍්භූ අග‍්ගපුග‍්ගලො; සබ‍්බෙ ජනෙ හාසයන‍්තො, දෙසෙසි අමතං පදං.

අග්ග පුද්ගල වූ මහාවීර වූ ස්වයංභූ වූ භාග්‍යවතුන් වහන්සේ සියළු ජනයා සතුටු කරවමින් ධර්මය දේශනා කළේය. පින් අනුමෝදන් කරවීය.

“තං මෙ බුද‍්ධො වියාකාසි, ජලජුත‍්තරනාමකො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, ඉමා ගාථා අභාසථ.

පදුමුත්තර නම් වූ ඒ බුදුන්වහන්සේ මට ඒ විවරණය දුන් සේක. භික්‍ෂු සංඝයා මැද සිට මේ ගාථාවන් වදාළහ. මම පනස් හතර දහසක් ප්‍රාසාද කරවීමි. එහි අනුසස් කියන්නෙමි. මා කියන්නක් අසන්න.

“චතුපඤ‍්ඤාසසහස‍්සානි, පාසාදෙ කාරයී අයං; කථයිස‍්සාමි විපාකං, සුණොථ මම භාසතො.

දහඅට දහසක් කුළුගෙවල් වන්නේය. පහළ වූවා වූ ඒ සියල්ල ස්වර්ණමය වන්නේය.

“අට‍්ඨාරසසහස‍්සානි, කූටාගාරා භවිස‍්සරෙ; බ්‍යම‍්හුත‍්තමම‍්හි නිබ‍්බත‍්තා, සබ‍්බසොණ‍්ණමයා ච තෙ.

පනස්හතර දහසක් ප්‍රාසාදයන් මොහු විසින් කරවන ලදී. එහි විපාක ප්‍රකාශ කරන්නෙමි. ඒ වචනය අසව්.

“පඤ‍්ඤාසක‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජං කරිස‍්සති; අට‍්ඨපඤ‍්ඤාසක‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී භවිස‍්සති.

පනස් වතාවක් ශක්‍ර දෙවෙන්‍ද්‍රව දේව රාජ්‍යය කරන්නේය. පනස් අට වතාවක් සක්විති රජ ද වන්නේය.

“කප‍්පසතසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

කල්ප ශතසහස්‍රයක් ගිය තැන ඔක්කාක කුලයෙහි පහළ වූ ගෞතම යන නමින් ශාස්තෲන් වහන්සේ නමක් ලොව පහල වන්නේය.

“දෙවලොකා චවිත්‍වාන, සුක‍්කමූලෙන චොදිතො; අඩ‍්ඪෙ කුලෙ මහාභොගෙ, නිබ‍්බත‍්තිස‍්සති තාවදෙ.

දෙව්ලොවින් චුතව මහා සැප සම්පත් ඇති උත්පත්තියෙන්ම පිරිසිදු වූ ධනවත් කුලයක පළමුව උපදින්නේය.

“සො පච‍්ඡා පබ‍්බජිත්‍වාන, සුක‍්කමූලෙන චොදිතො; රට‍්ඨපාලොති නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

ඔහු පසුව ශාස්තෲ ශාසනයෙහි පැවිදිව රට්ඨපාල යන නමින් ප්‍රකට වන්නේය.

“පධානපහිතත‍්තො සො, උපසන‍්තො නිරූපධි; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, නිබ‍්බායිස‍්සතිනාසවො.

හෙතෙම උපශාන්ත වූයේ ප්‍රධන් වීර්යයෙන් යුක්ත වූයේ සියළු ආසවයන් ප්‍රහාණය කර රහත්බවට පත්වන්නේය.

“උට‍්ඨාය අභිනික‍්ඛම‍්ම, ජහිතා භොගසම‍්පදා; ඛෙළපිණ‍්ඩෙව භොගම‍්හි, පෙමං මය‍්හං න විජ‍්ජති.

සියළුම සැපසම්පත් අත්හැර දමා අභිනිෂ්ක්‍රමණය කළා වූ මට භවභෝග වස්තූන් කෙරෙහි කෙළපිඩක් මෙන් කිසිදු ආසාවක් නැත.

“වීරියං මෙ ධුරධොරය‍්හං, යොගක‍්ඛෙමාධිවාහනං; ධාරෙමි අන‍්තිමං දෙහං, සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

සම්මා සම්බුද්ධ ශාසනයෙහි නිර්වාණ මාර්ග නමැති වාහනයේ වියගහ මාගේ වීර්යයයි. අවසාන දේහය දරමි. (නැවත ඉපදීමක් නැත)

“පටිසම‍්භිදා චතස‍්සො, විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මාගේ සියළු කෙලෙස්හු නැසුනාහ. බුද්ධ අනුශාසනාව කරන ලදී.

අරහත‍්තං පන පත්‍වා සත්‍ථාරං අනුජානාපෙත්‍වා මාතාපිතරො පස‍්සිතුං ථුල‍්ලකොට‍්ඨිකං ගන‍්ත්‍වා, තත්‍ථ සපදානං පිණ‍්ඩාය චරන‍්තො පිතු නිවෙසනෙ ආභිදොසිකං කුම‍්මාසං ලභිත්‍වා තං අමතං විය පරිභුඤ‍්ජන‍්තො, පිතරා නිමන‍්තිතො ස‍්වාතනාය අධිවාසෙත්‍වා, දුතියදිවසෙ පිතු නිවෙසනෙ පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා අලඞ‍්කතපටියත‍්තෙ ඉත්‍ථාගාරජනෙ උපගන‍්ත්‍වා “කීදිසා නාම තා, අය්‍යපුත‍්ත, අච‍්ඡරායො, යාසං ත්‍වං හෙතු බ්‍රහ‍්මචරියං චරසී”තිආදීනි (ම· නි· 2.301) වත්‍වා, පලොභනකම‍්මං කාතුං ආරද‍්ධෙ තස‍්ස අධිප‍්පායං පරිවත‍්තෙත්‍වා අනිච‍්චතාදිපටිසංයුත‍්තං ධම‍්මං කථෙන‍්තො –

රහත් බවට පැමිණ බුදුන්ගෙන් අවසර ලබාගෙන මව්පියන් දකින්නට ථුල්ලකොට්ඨිත ගමට ගොස් එහි ගෙපිළිවෙලින් පිඬුසිඟා ගොස් පියාගේ ගේ ලඟින් උදෑසන ආහාරය ලැබ අමාවක් මෙන් අනුභව කරන්නේ පියා විසින් ආරාධනා කරනු ලබන්නේ හෙට සඳහා කළ ආරාධනය භාරගෙන දෙවන දවසෙහි පියාගේ නිවසෙහි පිණ්ඩපාතය වළඳා අලංකාර ලෙස සකස්කරන ලද අන්තඃපුර අබියසට ගොස්, කිම ආර්යපුත්‍රය, ඔබ නිසා මේ දෙවඟනන් බඳු කතුන් බඹසර හැසිරෙයි ආදිය කියා නැවත පොළඹවා ගැනීමට කටයුතු කරන්නට පටන්ගත් කල්හි ඔහුගේ බලාපොරොත්තුව වෙනතකට යොමුකර අනිත්‍යතාව හා සම්බන්ධ බණ දේශනා කරන්නේ.

“පස‍්ස චිත‍්තකතං බිම‍්බං, අරුකායං සමුස‍්සිතං; ආතුරං බහුසඞ‍්කප‍්පං, යස‍්ස නත්‍ථි ධුවං ඨිති.

‘පස්ස චිත්තීකතං බිම්බං’ ආදී ගාථාවන් ප්‍රකාශ කළහ.

“පස‍්ස චිත‍්තකතං රූපං, මණිනා කුණ‍්ඩලෙන ච; අට‍්ඨිං තචෙන ඔනද‍්ධං, සහ වත්‍ථෙහි සොභති.

“අලත‍්තකකතා පාදා, මුඛං චුණ‍්ණකමක‍්ඛිතං; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

“අට‍්ඨාපදකතා කෙසා, නෙත‍්තා අඤ‍්ජනමක‍්ඛිතා; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

“අඤ‍්ජනීව නවා චිත‍්තා, පූතිකායො අලඞ‍්කතො; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

“ඔදහි මිගවො පාසං, නාසදා වාගුරං මිගො; භුත්‍වා නිවාපං ගච‍්ඡාම, කන්‍දන‍්තෙ මිගබන්‍ධකෙ.

“ඡින‍්නො පාසො මිගවස‍්ස, නාසදා වාගුරං මිගො; භුත්‍වා නිවාපං ගච‍්ඡාම, සොචන‍්තෙ මිගලුද‍්දකෙ”ති. – ඉමා ගාථා අභාසි;

තත්‍ථ චිත‍්තකතන‍්ති චිත‍්තං කතං චිත‍්තකතං, වත්‍ථාභරණමාලාදීහි විචිත‍්තං කතන‍්ති අත්‍ථො. බිම‍්බන‍්ති දීඝාදිභාවෙන යුත‍්තට‍්ඨානෙසු දීඝාදීහි අඞ‍්ගපච‍්චඞ‍්ගෙහි මණ‍්ඩිතං අත‍්තභාවං. අරුකායන‍්ති නවන‍්නං වණමුඛානං ලොමකූපානඤ‍්ච වසෙන විස‍්සන්‍දමානඅසුචිං, සබ‍්බසො ච අරුභූතං වණභූතං අරූනං වා කායං. සමුස‍්සිතන‍්ති තීහි අට‍්ඨිසතෙහි සමුස‍්සිතං. ආතුරන‍්ති සබ‍්බකාලං ඉරියාපථන‍්තරාදීහි පරිහරිතබ‍්බතාය නිච‍්චං ගිලානං. බහුසඞ‍්කප‍්පන‍්ති බාලජනෙන අභූතං ආරොපෙත්‍වා බහුධා සඞ‍්කප‍්පිතබ‍්බං. යස‍්ස නත්‍ථි ධුවං ඨිතීති යස‍්ස කායස‍්ස ධුවභාවො ඨිතිසභාවො නත්‍ථි, එකංසතො භෙදනවිකිරණවිද‍්ධංසනධම‍්මොයෙව. තං පස‍්සාති සමීපෙ ඨිතං ජනං, අත‍්තානමෙව වා සන්‍ධාය වදති.

එහි චිත්තීකතං යනු විසිතුරු කරන ලද, වස්ත්‍රාභරණ, මල්මාලා ආදියෙන් විසිතුරු කරන ලද්දේය යන අර්ථයි. බිම්බං යනු දිග්බව ආදී සුදුසු තැන්වලට යෝග්‍ය දිග ආදී අගපසඟින් සැදුම්ලත් ආත්මභාවය. අරුකායං යනු තුවාලමුඛ නවයකින්ද රෝමකූපවලින්ද යන වශයෙන් වැගිරෙන අසූචි ඇති සෑම අතකින්ම තුවාලයක් වූ ශරීරය, සමුස්සිතං යනු ඇට තුන්සියයකින් යුක්ත. ආතුරං යනු සැමවිටම ඉරියව් ආදියෙන් පරිහරණය කළයුතු බැවින් නිතර ගිලන් වූ බහුසංකප්පං යනු බාලජනයා විසින් නැති දෙයක් ආරෝපණය කර බොහෝසෙයින් කල්පනා කරන, යස්සනත්‍ථිධුවං ඨිති යනු යමකුගේ ශරීරයෙහි ස්ථිර බවක් නැත්තේද ඒකාන්ත වශයෙන් භේදභින්න වී විසිරි යන ස්වභාව ඇත්තේය. තං පස්ස යනු ලඟ සිටි ජනයා තමා සඳහාම හෝ කියයි.

රූපන‍්ති සරීරං. සරීරම‍්පි හි “අට‍්ඨිඤ‍්ච පටිච‍්ච, න‍්හාරුඤ‍්ච පටිච‍්ච, මංසඤ‍්ච පටිච‍්ච, චම‍්මඤ‍්ච පටිච‍්ච, ආකාසො පරිවාරිතො ‘රූපන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡතී”තිආදීසු (ම· නි· 1.306) රූපන‍්ති වුච‍්චති. මණිනා කුණ‍්ඩලෙන චාති සීසූපගාදිආභරණගතෙන මණිනා කුණ‍්ඩලෙන චිත‍්තකතං. අට‍්ඨිං තචෙන ඔනද‍්ධන‍්ති අල‍්ලචම‍්මෙන පරියොනද‍්ධං අතිරෙකතිසතපභෙදං අට‍්ඨිං පස‍්සාති යොජනා. කුණ‍්ඩලෙන චාති ච-සද‍්දෙන සෙසාභරණාලඞ‍්කාරෙ සඞ‍්ගණ‍්හාති. සහ වත්‍ථෙහි සොභතීති තයිදං රූපං මණිනා චිත‍්තකතම‍්පි වත්‍ථෙහි පටිච‍්ඡාදිතමෙව සොභති, න අපටිච‍්ඡාදිතන‍්ති අත්‍ථො. යෙ පන “අට‍්ඨිතචෙනා”ති පඨන‍්ති, තෙසං අට‍්ඨිතචෙනං ඔනද‍්ධං සොභති, ඔනද‍්ධත‍්තා අට‍්ඨිතචෙනාති අත්‍ථො.

රූපං යනු ශරීරයයි. ශරීරයෙහි වනාහි ඇට හේතුවෙන් නහර හේතුවෙන් මස් හේතුවෙන් සම හේතුවෙන් අවකාසය විසින් හාත්පසින් එක්තැන් කරන ලද මෙය රූපය යයි සළකයි. රූපයයයි කියති. වර්ණනා තුණ්ඩලෙන ච යනු හිසෙහි පළන් ආභරණවල මැණික්වලින් කුණ්ඩලාභරණවලින්. චිත්තීකතං අට්ඨිං තචෙන ඔනද්ධං යනු තෙත සමින් ආවරණය කරන ලද අමතර තුන්සියයක් පමණ ඇට. පස්ස යනු යෙදවීමයි. කුණ්ඩලෙනච යන තැන ‘ච’ ශබ්දයෙන් සෙසු ආභරණ අලංකාර ආදිය ගණන් ගැනේ. සහවත්‍ථෙහි සොභති යනු ඒ මේ රූපය මැණික් ආදියෙන් විසිතුරු කරන ලද්දේ නමුත් වස්ත්‍රවලින් වසා ඇතිවිට පැහැපත්ය. වසා නැතිවිට යන අර්ථය නොවේ. යමෙක් වනාහි අට්ඨිතචෙන යනුවෙන් කියත්ද එහි ඇට සමෙන් වසන ලද්දේ හොබනේය.

අලත‍්තකකතාති අලත‍්තකෙන කතරඤ‍්ජනා ලාඛාය සංරඤ‍්ජිතා. පාදාති චරණා. මුඛං චුණ‍්ණකමක‍්ඛිතන‍්ති මුඛං චුණ‍්ණකෙන මක‍්ඛිතං, යං මණ‍්ඩනමනුයුත‍්තා සාසපකක‍්කෙන මුඛපීළකාදීනි හරිත්‍වා ලොණමත‍්තිකාය දුට‍්ඨලොහිතං හරිත්‍වා මුඛචුණ‍්ණකවිලෙපනං කරොන‍්ති, තං සන්‍ධාය වුත‍්තං. අලන‍්ති බාලස‍්ස අන්‍ධපුථුජ‍්ජනස‍්ස නො ච පාරගවෙසිනො වට‍්ටාභිරතස‍්ස මොහාය සම‍්මොහනාය සමත්‍ථං තස‍්ස චිත‍්තං මොහෙතුං පරියත‍්තං, පාරගවෙසිනො පන විවට‍්ටාභිරතස‍්ස නො අලං න පරියත‍්තං.

අලත්තකතා යනු ලාකඩවලින් කළ පාටකිරීම් ඇති, ලාකඩවලින් පාටකරන ලද, පාදා යනු පාද. මුඛ චුණ්ණක මක්‍ඛිතං යනු මුහුණ සුණුවලින් ආලේප කරන ලද යමක් සරසනවිට අබ ඇඹරූ කුඩුවලින් කුරුලෑ ආදිය ඉවත්කර ලුණු සහිත මැටිවලින් නරක ලේ ඉවත්කර මුහුණෙහි සුවඳකුඩු ආලේප කරත්. ඒ පිළිබඳව මෙය කියන ලදී. අලං යනු බාලස්ස නූගත් බාල ජනයාගේ. නො ච පාරගවෙසිනො සසරට ඇලුම් කරන්නහුට. මොහාය මුලා කිරීමට සමත් වූ ඔහුගේ සිත මුලා කිරීමට, පරතෙරට යන මාර්ගය සොයන්නහුගේ වනාහි නැතහොත් සසරට ඇලුම් නොකරන්නහුගේ,

අට‍්ඨාපදකතාති අට‍්ඨපදාකාරෙන කතා සඤ‍්චිතා පුරිමභාගෙ කෙසෙ කප‍්පෙත්‍වා නලාටස‍්ස පටිච‍්ඡාදනවසෙන කතා කෙසරචනා අට‍්ඨපදං නාම, යං “අලක”න‍්තිපි වුච‍්චති. නෙත‍්තා අඤ‍්ජනමක‍්ඛිතාති උභොපි නයනානි අන‍්තො ද‍්වීසු අන‍්තෙසු ච යථා අඤ‍්ජනච‍්ඡායා දිස‍්සති, එවං අඤ‍්ජිතඤ‍්ජනානි.

අට්ඨපදකතා යනු අටපද අයුරින් කරන ලද, එක්තැන් කරන ලද ඉදිරිපස කෙස් කපා නළල වැසෙන සේ කරන ලද කෙස් සැකසුම ‘අට්ඨපද’ නමින් හැඳින්වේ. අලකං යැයිද කියති. නෙත්තාඅඤ්ජනමක්‍ඛිතා යනු දෙඇස්වල ඇතුලත දෙකෙළවර යම්සේ අඳුට දිස්වේද එසේ ගල්වන ලද ඇස්වල අඳුන් ඇති.

අඤ‍්ජනීව නවා චිත‍්තා, පූතිකායො අලඞ‍්කතොති යථා අඤ‍්ජනී අඤ‍්ජනනාළිකා නවා අභිනවා මාලාකම‍්මමකරදන‍්තාදිවසෙන චිත‍්තා බහි මට‍්ඨා උජ‍්ජලා දස‍්සනීයා, අන‍්තො පන න දස‍්සනීයා හොති, එවමෙව තාසං කායො න‍්හානබ‍්භඤ‍්ජනවත්‍ථාලඞ‍්කාරෙහි අලඞ‍්කතො බහි උජ‍්ජලො, අන‍්තො පන පූති නානප‍්පකාරඅසුචීහි භරිතො තිට‍්ඨතීති අත්‍ථො.

අඤ්ජනිව නවා චිත්තා පූතිකායො අලංකතො යනු යම්සේ සැරසිලි උපකරණ අඩංගු පෙට්ටිය අළුත්ද, පින්සලය අලුත්ද මල්කැටයම්, මකරන්ද ආදි වශයෙන් සිතුවම් කරන ලද්දේ ද පිටත මට්ටද, දිලිසෙන්නී ද දර්ශනීයද ඇතුළත වනාහි දර්ශනීය නොවේ. මෙසේ මොවුන්ගේ ශරීර ස්නානය, අඳුන් ගැල්වීම, ඇඳුම් අලංකාර ආදියෙන් සරසන ලද්දේ පිටත බබලන්නේ ඇතුළත වනාහි සැරව හා නොයෙක් ආකාර අපවිත්‍ර දෙයින් පිරී සිටියේ වෙයි යන අර්ථයි.

ඔදහීති ඔඩ‍්ඩෙසි. මිගවොති, මිගලුද‍්දකො. පාසන‍්ති, දණ‍්ඩවාගුරං. නාසදාති න සඞ‍්ඝට‍්ටෙසි. වාගුරන‍්ති පාසං. නිවාපන‍්ති මිගානං ඛාදනත්‍ථාය ඛිත‍්තං තිණාදිඝාසං. උපමා ඛො අයං ථෙරෙන කතා අත්‍ථස‍්ස විඤ‍්ඤාපනාය. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – යථා මිගානං මාරණත්‍ථාය දණ‍්ඩවාගුරං ඔඩ‍්ඩෙත්‍වා තත්‍ථ නිවාපං විකිරිය මිගලුද‍්දකෙ නිලීනෙ ඨිතෙ තත්‍ථෙකො ජවපරක‍්කමසම‍්පන‍්නො ඡෙකො මිගො පාසං අඵුසන‍්තො එව යථාසුඛං නිවාපං ඛාදිත්‍වා, “වඤ‍්චෙසි වත මිගො”ති මිගලුද‍්දකෙ විරවන‍්තෙ එව ගච‍්ඡති. අපරො මිගො බලවා ඡෙකො ජවසම‍්පන‍්නොව තත්‍ථ ගන‍්ත්‍වා නිවාපං ඛාදිත්‍වා තත්‍ථ තත්‍ථ පාසං ඡින්‍දිත්‍වා, “වඤ‍්චෙසි වත මිගො, පාසො ඡින‍්නො”ති මිගලුද‍්දකෙ සොචන‍්තෙ එව ගච‍්ඡති, එවං මයම‍්පි පුබ‍්බෙ පුථුජ‍්ජනකාලෙ මාතාපිතූහි ආසජ‍්ජනත්‍ථාය නිය්‍යාදිතෙ භොගෙ භුඤ‍්ජිත්‍වා තත්‍ථ තත්‍ථ අසජ‍්ජමානා නික‍්ඛන‍්තා. ඉදානි පන සබ‍්බසො ඡින‍්නකිලෙසා අපාසා හුත්‍වා ඨිතා, තෙහි දින‍්නභොජනං භුඤ‍්ජිත්‍වා තෙසු සොචන‍්තෙසු එව ගච‍්ඡාමාති.

ඔදහෙසි යනු බිම හෙළීය යනුයි. මිගවො යනු මුව වැද්දා පාසං යනු දඬුමුගුරු නාසදා යනු ගැටුනේ නැත. වාගුරං යනු උගුල. නිවාපං යනු මුවන්ට කෑම සඳහා දමන ලද තණකොළ ආදී කෑම වර්ග, මේ උපමාව තෙරුන් විසින් කරන ලද අර්ථය හඳුන්වාදීම සඳහාය. මේ වනාහි මෙහි අර්ථයයි. යම්සේ මුවන් මැරීම සඳහා දඬුමුගුරු හා උගුල් අටවා යම්තැනක කෑම ආදිය විසුරුවා මුවවැද්දා සැගවී සිටින්නේ, එහි එක් ජවපරාක්‍රමයෙන් යුක්ත දක්‍ෂ මුවෙක් මරඋගුල ස්පර්ශ නොකොටම සුවසේ ගොදුරු කා ‘මුවා රැවැට්ටුවා’ යැයි මිගබන්‍ධකෙ මුවන් බඳින්නා කෑගසමින් යයි. තවත් මුවෙක් ප්‍රබල වූයේ දක්‍ෂ වූයේ ජවසම්පන්න වූයේ එහි ගොම ගොදුර කා ඒ ඒ තැන මලපුඩුව කඩා ‘මුවා රැවැට්ටුවා, මුවා මලපුඩුව කැඩුවා’ යැයි මුව වැද්දෝ කණගාටු වෙමින්ම යති. මෙසේ අපිද පෙර පෘථග්ජන කාලයෙහි මව්පියන් විසින් යොමුකිරීම හේතුවෙන් පෙන්වන ලද කෑම අනුභවකොට ඒ ඒ තැන දැවටෙමින් නික්මුනාහ. දැන් වනාහි හැම අයුරකින්ම සිඳින ලද කෙලෙස් ඇති බැඳීම් නැති ඔවුන් විසින් දෙන ලද ආහාර අනුභවකොට ඔවුන් ශෝක වෙද්දීම ගච්ඡාම යමු.

එවං ථෙරො මිගලුද‍්දකං විය මාතාපිතරො, හිරඤ‍්ඤසුවණ‍්ණං ඉත්‍ථාගාරඤ‍්ච වාගුරජාලං විය, අත‍්තනා පුබ‍්බෙ භුත‍්තභොගෙ ච ඉදානි භුත‍්තභොජනඤ‍්ච නිවාපතිණං විය, අත‍්තානං මහාමිගං විය ච කත්‍වා දස‍්සෙති. ඉමා ගාථා වත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා රඤ‍්ඤො කොරබ්‍යස‍්ස මිගාජිනඋය්‍යානෙ මඞ‍්ගලසිලාපට‍්ටෙ නිසීදි. ථෙරස‍්ස කිර පිතා සත‍්තසු ද‍්වාරකොට‍්ඨකෙසු අග‍්ගළං දාපෙත්‍වා මල‍්ලෙ ආණාපෙසි “නික‍්ඛමිතුං මා දෙථ, කාසායානි අපනෙත්‍වා සෙතකානි නිවාසෙථා”ති, තස‍්මා ථෙරො ආකාසෙන අගමාසි. අථ රාජා කොරබ්‍යො ථෙරස‍්ස තත්‍ථ නිසින‍්නභාවං සුත්‍වා තං උපසඞ‍්කමිත්‍වා සම‍්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්‍වා “ඉධ, භො රට‍්ඨපාල, පබ‍්බජන‍්තො බ්‍යාධිපාරිජුඤ‍්ඤං වා ජරාභොගඤාතිපාරිජුඤ‍්ඤං වා පත‍්තො පබ‍්බජති. ත්‍වං පන කිඤ‍්චිපි පාරිජුඤ‍්ඤං අනුපගතො එව කස‍්මා පබ‍්බජිතො”ති පුච‍්ඡි. අථස‍්ස ථෙරො, “උපනිය්‍යති ලොකො අද‍්ධුවො, අතාණො ලොකො අනභිස‍්සරො, අස‍්සකො ලොකො සබ‍්බං පහාය ගමනීයං, ඌනො ලොකො අතිත‍්තො තණ‍්හාදාසො”ති (ම· නි· 2.305) ඉමෙසං චතුන‍්නං ධම‍්මුද‍්දෙසානං අත‍්තානං විවිත‍්තභාවං කථෙත්‍වා තස‍්සා දෙසනාය අනුගීතිං කථෙන‍්තො –

මෙසේ තෙරුන් වහන්සේ මුවවැද්දාව මෙන් මව්පියන්, රන්රුවන් හා අන්තඃපුරයද දැලක් මෙන්ද තමා විසින් පෙර අනුභව කරන ලද භවභෝග සම්පත් ද දැන් අනුභව කරන භවභෝගයන්ද ඇමක් ලෙස දමන ලද තණකොල මෙන්ද තමා මහා මුවෙක් ලෙසද කොට දක්වයි. මේ ගාථාවන් කියා අහසට පැන නැගී කොරබ්‍යස්ස කෝරව්‍ය රජුගේ අඳුන්මුව උයනෙහි මංගල ගල්තලාවෙහි හිඳගත්තේය. තෙරුන් වහන්සේගේ පියා වනාහි දොරටු හතක අගුල් දම්මවා පුරුෂයන්ට අණ කළේය. ‘පිටවෙන්නට ඉඩ දෙන්න එපා. සිවුරු ඉවත්කර සුදු ඇඳුම් අන්දවව්.’ ඒ නිසා තෙරුන් වහන්සේ අහසින් ගියේය. ඉක්බිති කොරව්‍ය රජු තෙරුන් වහන්සේ එහි සිටින බව අසා ඔහු වෙත පැමිණ සතුටු සාමීචි කථාකොට “පින්වත් රට්ඨපාල! පැවිදිවන අය ජරාවට පත්වීමෙන් හෝ අසනීප, භවභෝග සම්පත් ඤාතීන් පිරිහීමෙන් පැවිදි වෙති. නුඹ වනාහි මේ කිසිවකින් පරිහානියට පත්නොවූයේ කුමක්නිසා පැවිදි වූයෙහිද? කියා විචාළේය. ඉක්බිති තෙරුන් වහන්සේ ඔහුට මෙසේ කීය. ලෝකය ස්ථිර නැත. මේ ලෝකය පිහිටකින් තොරය. ලොව තමා සතු කිසිදෙයක් නැත. ආරක්‍ෂකයෙක් නැත. සියල්ල අත්හැර දමා යා යුතුය. ලෝකය ඌන වූවකි. ලෝකය අතෘප්තිකරය. තණ්හාවට දාසය. මේ සතරවැදෑරුම් ධර්මතාවන්ට තමන්ගේ බැඳීමක් නැති බව කියා ඒ දේශනාවගේ අනුපිළිවෙල ප්‍රකාශ කරමින් -

“පස‍්සාමි ලොකෙ සධනෙ මනුස‍්සෙ, ලද‍්ධාන විත‍්තං න දදන‍්ති මොහා; ලුද‍්ධා ධනං සන‍්නිචයං කරොන‍්ති, භිය්‍යොව කාමෙ අභිපත්‍ථයන‍්ති.

පසසාමි ලොකෙ සධනෙ මනුස්සෙ, ලද්ධාන විත්තං නද්දදන්ති මොහං, ලුදධාධනං සන්නිචයං කරොන්ති, භිය්‍යොව කාමෙ අභිපත්‍ථයන්ති.

“රාජා පසය‍්හප‍්පථවිං විජෙත්‍වා, සසාගරන‍්තං මහිමාවසන‍්තො; ඔරං සමුද‍්දස‍්ස අතිත‍්තරූපො, පාරං සමුද‍්දස‍්සපි පත්‍ථයෙථ.

රාජා පසය්හප්පඨවිං විජෙත්‍වා, සසාගරන්තං මහිමාවසන්තො, ඔරං සමුද්දස්ස අතිත්තරූපො, පාරං සමුද්දස්සපි පත්‍ථයෙථ.

“රාජා ච අඤ‍්ඤෙ ච බහූ මනුස‍්සා, අවීතතණ‍්හා මරණං උපෙන‍්ති; ඌනාව හුත්‍වාන ජහන‍්ති දෙහං, කාමෙහි ලොකම‍්හි න හත්‍ථි තිත‍්ති.

රාජා ච අඤ්ඤෙ ච බහුමනුස්සා, අවීත තණ්හා මරණං උපෙන්ති, ඌනාව හුත්‍වාන ජහන්තිදෙහං, කාමෙහි ලොකම්හි නහත්‍ථි තිත්ති.

“කන්‍දන‍්ති නං ඤාතී පකිරිය කෙසෙ, ‘අහො වතා නො අමරා’ති චාහු; වත්‍ථෙන නං පාරුතං නීහරිත්‍වා, චිතං සමොධාය තතො ඩහන‍්ති.

කන්‍දන්ති නං ඤාතිපකිරිය කෙසෙ, අහොවතා නො අමරාති චා හු, වත්‍ථෙන නං පාරුතං නීහරිත්‍වා, චිතං සමොධාය තතො දහන්ති.

“සො ඩය‍්හති සූලෙහි තුජ‍්ජමානො, එකෙන වත්‍ථෙන පහාය භොගෙ; න මීයමානස‍්ස භවන‍්ති තාණා, ඤාතී ච මිත‍්තා අථ වා සහායා.

සො ඩය්හිති සූලෙහි තුජ්ජමානො, එකෙන වත්‍ථෙන පහාය භොගෙ, නමීය මානස්ස භවන්ති තාණා, ඤාතී ච මිත්තා අථ වා සහායා.

“දායාදකා තස‍්ස ධනං හරන‍්ති, සත‍්තො පන ගච‍්ඡති යෙනකම‍්මං; න මීයමානං ධනමන්‍වෙති කිඤ‍්චි, පුත‍්තා ච දාරා ච ධනඤ‍්ච රට‍්ඨං.

දායාදකා තස්ස ධනං හරන්ති, සත්තො පන ගච්ඡතියෙන කම්මං, නමිය්‍යමානං ධනවන්‍ථෙති කිඤ්චි, පුත්තා ච දාරා ච ධනඤ්ච රට්ඨං.

“න දීඝමායුං ලභතෙ ධනෙන, න චාපි විත‍්තෙන ජරං විහන‍්ති; අප‍්පං හිදං ජීවිතමාහු ධීරා, අසස‍්සතං විප‍්පරිණාමධම‍්මං.

නදීසමායුං ලභතෙ ධනෙන, නචාපි විත්තෙන ජරං විහන්ති, අප්පඤ්හි තං ජීවිතමාහු ධීරා, අසස්සතං විප්පරිණාම ධම්මං.

“අඩ‍්ඪා දලිද‍්දා ච ඵුසන‍්ති ඵස‍්සං, බාලො ච ධීරො ච තථෙව ඵුට‍්ඨො; බාලො හි බාල්‍යා වධිතොව සෙති, ධීරො ච නො වෙධති ඵස‍්සඵුට‍්ඨො.

අඩ්ඪා දළිද්දාච ඵුසන්ති ඵස්සං, බාලොච ධීරොච තථෙව ඵුට්ඨො, බාලොහි බාල්‍යාවධිතොව සෙති, ධීරොව න වෙධති ඵස්සඵුට්ඨො.

“තස‍්මා හි පඤ‍්ඤාව ධනෙන සෙය්‍යා, යාය වොසානමිධාධිගච‍්ඡති; අබ්‍යොසිතත‍්තා හි භවාභවෙසු, පාපානි කම‍්මානි කරොති මොහා.

තස්මාහි පඤ්ඤාව ධනෙන සෙය්‍යා, යාය වොසානමිධාධි ගච්ඡති, අබ්‍යොසිතත්තාහි භවාභවෙසු, පාපානි කම්මානි කරොති මොහා.

“උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං, සංසාරමාපජ‍්ජ පරම‍්පරාය; තස‍්සප‍්පපඤ‍්ඤො අභිසද‍්දහන‍්තො, උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං.

උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං, සංසාර මාපජ්ජ පරම්පරාය, තස්සප්පඤ්ඤො අභිසද්දහන්තො, උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං.

“චොරො යථා සන්‍ධිමුඛෙ ගහීතො, සකම‍්මුනා හඤ‍්ඤති පාපධම‍්මො; එවං පජා පෙච‍්ච පරම‍්හි ලොකෙ, සකම‍්මුනා හඤ‍්ඤති පාපධම‍්මො.

චොරො යථා සන්‍ධිමුඛෙ ගහීතො, සකම්මුනා හඤ්ඤති පාපධම්මො, එවං පජා පච්ච පරම්හි ලොකෙ, සකම්මුනා හඤ්ඤති පාප ධම්මා.

“කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන‍්ති චිත‍්තං; ආදීනවං කාමගුණෙසු දිස‍්වා, තස‍්මා අහං පබ‍්බජිතොම‍්හි රාජ.

කාමාහි චිත්‍රා මධුරා මනොරමා, විරූප රූපෙන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා, තස්මා අහං පබ්බජිතොම්හි රාජ.

“දුමප‍්ඵලානීව පතන‍්ති මාණවා, දහරා ච වුඩ‍්ඪා ච සරීරභෙදා; එතම‍්පි දිස‍්වා පබ‍්බජිතොම‍්හි රාජ, අපණ‍්ණකං සාමඤ‍්ඤමෙව සෙය්‍යො.

දුමප්ඵලානෙව පතන්ති මානවා, දහරාච වුඩ්ඪා ච සරීරභෙදා, එතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ, අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්‍යො.

“සද‍්ධායාහං පබ‍්බජිතො, උපෙතො ජිනසාසනෙ; අවඤ‍්ඣා මය‍්හං පබ‍්බජ‍්ජා, අනණො භුඤ‍්ජාමි භොජනං.

සද්ධායාහං පබ්බජිතො උපෙතො ජිනසාසනෙ, අවඤ්ඣා මය්හං පබ්බජ්ජා අනණො භුජ්ඣාමි භොජනං.

“කාමෙ ආදිත‍්තතො දිස‍්වා, ජාතරූපානි සත්‍ථතො; ගබ‍්භවොක‍්කන‍්තිතො දුක‍්ඛං, නිරයෙසු මහබ‍්භයං.

කාමෙ ආදිත්තතො දිස්වා ජාතරූපානි සත්‍ථතො, ගබ්භවොක්කන්තිතො දුක්‍ඛං නිරයෙසු මහබ්භයං.

“එතමාදීනවං ඤත්‍වා, සංවෙගං අලභිං තදා; සොහං විද‍්ධො තදා සන‍්තො, සම‍්පත‍්තො ආසවක‍්ඛයං.

එතමාදීනවං ඤත්‍වා සංවෙගං අලභිං තදා, සොහං විද්ධො තදා සන්තො සම්පත්තො ආසවක්‍ඛයං.

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත‍්ති සමූහතා.

පරිචිණ්ණො මයා සත්‍ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.

“යස‍්සත්‍ථාය පබ‍්බජිතො, අගාරස‍්මානගාරියං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සබ‍්බසංයොජනක‍්ඛයො”ති. –

යස්සත්‍ථාය පබ්බජිතො අගාරස්මා නගාරියං, සො මෙ අත්‍ථො අනුප්පත්තො සබ්බ සංයොජනක්‍ඛයො.

ඉමා ගාථා අවොච;

යන ගාථා කීවේය.

තත්‍ථ පස‍්සාමි ලොකෙති අහං, මහාරාජ, ඉමස‍්මිං ලොකෙ සධනෙ ධනසම‍්පන‍්නෙ අඩ‍්ඪෙ මනුස‍්සෙ පස‍්සාමි, තෙ පන ලද‍්ධාන විත‍්තං ධනං ලභිත්‍වා භොගසම‍්පත‍්තියං ඨිතා සමණබ්‍රාහ‍්මණාදීසු කස‍්සචි කිඤ‍්චිපි න දදන‍්ති. කස‍්මා? මොහා කම‍්මස‍්සකතාපඤ‍්ඤාය අභාවතො. ලුද‍්ධා ලොභාභිභූතා යථාලද‍්ධං ධනං සන‍්නිචයං සබ‍්බසො නිචෙතබ‍්බං නිධෙතබ‍්බං කරොන‍්ති. භිය්‍යොව යථාධිගතකාමතො උපරි කාමෙ කාමගුණෙ “තථාහං එදිසෙ ච භොගෙ පටිලභෙය්‍ය”න‍්ති අභිපත්‍ථයන‍්ති පච‍්චාසීසන‍්ති තජ‍්ජඤ‍්ච වායාමං කරොන‍්ති.

එහි පස්සාමි ලොකෙ යනු මහරජ, මම මේ ලෝකයෙහි සධනෙ ධනවත් ආඪ්‍ය වූ මනුස්සෙ මිනිසුන් දකිමි. ඔව්හු වනාහි ලද්ධාන විත්තං ධනය ලැබ භවභෝග සම්පත්තීන්හි පිහිටියාහු ශ්‍රමණ බ්‍රාහ්මණාදී කිසි කෙනෙකුට කිසිවක් නදදන්ති නොදෙත්, කුමක් නිසාද? මොහා යනු කර්මය වටහා ගැනීමේ ප්‍රඥාව නොමැතිකමින්, ලුද්ධා යනු ලෝභයෙන් මැඩගත්තවුන් ලද පරිදි ධනං සන්නිචයං සර්වප්‍රකාරයෙන් බහා තැබිය යුතුයි. කරොන්ති භීය්‍යොව යනු අවබෝධ කරගනු කැමැත්තෙන් මතු කාමෙ කාමගුණයන් මෙසේ මට මෙබඳු වූ භවභෝග සම්පත් ලබන්නේය යනුයි. අභිපත්‍ථයන්ති යනු බලාපොරොත්තු වෙති. මෙබඳු උත්සාහයක් කරත්.

භිය්‍යො කාමපත්‍ථනාය උදාහරණං දස‍්සෙන‍්තො “රාජා”තිආදිමාහ. තත්‍ථ පසය‍්හප‍්පථවිං විජෙත්‍වාති අත‍්තනො වංසානුගතං පථවිං බලක‍්කාරෙන අභිවිජිය. ආවසන‍්තොති පසාසෙන‍්තො. ඔරං සමුද‍්දස‍්සාති අනවසෙසං සමුද‍්දස‍්ස ඔරභාගං ලභිත්‍වාපි තෙන අතිත‍්තරූපො පාරං සමුද‍්දස‍්ස දීපන‍්තරම‍්පි පත්‍ථයෙය්‍ය.

බොහෝකොට වස්තුන් පැතීම සඳහා උදාහරණ දක්වන්නේ රාජා ආදිය කීහ. එහි පසය්හ පඨවිං විජෙත්‍වා යනු තම පරපුරෙන් පැවත ආ පොළව බලහත්කාරයෙන් ජයගෙන ආවසන්තො යනු වසන්නේ ඔරං සමුද්දස්ස යනු මුහුදෙන් එහා පැත්ත ලැබුනත් එයින් තෙන අතිත්තරූපො පාරං යනු මුහුදෙන් එහා දීපාන්තරද පතන්නේය.

අවීතතණ‍්හාති අවිගතතණ‍්හා. ඌනාවාති අපරිපුණ‍්ණමනොරථාව. කාමෙහි ලොකම‍්හි න හත්‍ථි තිත‍්තීති තණ‍්හාවිපන‍්නානං ඉමස‍්මිං ලොකෙ වත්‍ථුකාමෙහි තිත‍්ති නාම නත්‍ථි.

අවීත තණ්හා යනු පහ නොවූ තෘෂ්ණාව, ඌනාවා යනු නොපිරුණු මනදොල ඇත්තේමය. කාමෙහි ලොකුම්හි නහත්‍ථි තිත්ති යනු තෘෂ්ණාවෙන් මැඩගත්තා වූ අයට මේ ලෝකයෙහි වස්තු කාමයන්හි තෘප්තියක් නම් නැත.

කන්‍දන‍්ති නන‍්ති මතපුරිසං උද‍්දිස‍්ස තස‍්ස ගුණෙ කිත‍්තෙන‍්තා කන්‍දනං කරොන‍්ති. අහො වතා නො අමරාති චාහූති අහො වත අම‍්හාකං ඤාතී අමරා සියුන‍්ති ච කථෙන‍්ති, ගාථාසුඛත්‍ථඤ‍්හෙත්‍ථ වතා-ඉති දීඝං කත්‍වා වුත‍්තං.

කන්‍දන්ති යනු මළ තැනැත්තා වෙනුවෙන් ඔහුගේ ගුණ වර්ණනා කරමින් වැලපෙත්. අහො වතා නො අමරාති චාහු යනු අනේ! අපගේ ඤාතිවරයා මළේ නැත යයිද කියත්. ගාථාවේ උච්චාරණ පහසුව සඳහා මෙහි වතා යැයි දීර්ඝ කර කියන ලදී.

සො ඩය‍්හති සූලෙහි තුජ‍්ජමානොති සො මතසත‍්තො ඡවඩාහකෙහි සම‍්මා ඣාපෙතුං සූලෙහි තුජ‍්ජමානො. තාණාති පරිත‍්තාණකරා.

සො ඩය්හති සූලෙහි තුජ්ජමානො යනු ඒ මල පුද්ගලයාව දවන්නන් විසින් මනාව දැවීම පිණිස උල්වලින් ඇන සිදුරු කරන්නේ තාණා යනු ආරක්‍ෂා කරන්නා වූ,

යෙනකම‍්මන‍්ති යථාකම‍්මං. ධනන‍්ති ධනායිතබ‍්බං යංකිඤ‍්චි වත්‍ථු. පුන ධනන‍්ති හිරඤ‍්ඤසුවණ‍්ණං සන්‍ධාය වදති.

යෙන කම්මං යනු කම්වූ පරිදි ධනං යනු ධනය ලැබෙන්නා වූ යම්කිසි වස්තුවක්. පුනධනං යනු රත්‍රං හා මුදල් ගැන කියයි.

“න දීඝමායු”න‍්තිආදිනා කාමගුණස‍්ස ජරාය ච පටිකාරාභාවං වත්‍වා පුන තස‍්ස එකන‍්තිකභාවං දස‍්සෙතුං “අප‍්පං හී”තිආදි වුත‍්තං. ඵුසන‍්තීති අනිට‍්ඨඵස‍්සං ඵුසන‍්ති පාපුණන‍්ති, තත්‍ථ අඩ‍්ඪදලිද‍්දතා අකාරණන‍්ති දස‍්සෙති. ඵස‍්සං බාලො ච ධීරො ච තථෙව ඵුට‍්ඨොති යථා බාලො ඉට‍්ඨානිට‍්ඨසම‍්ඵස‍්සං ඵුට‍්ඨො, තථෙව ධීරො ඉට‍්ඨානිට‍්ඨඵස‍්සං ඵුට‍්ඨො හොති, න එත්‍ථ බාලපණ‍්ඩිතානං කොචි විසෙසො. අයං පන විසෙසො, බාලො හි බාල්‍යා වධිතොව සෙතීති බාලපුග‍්ගලො කෙනචි දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨො සොචන‍්තො කිලමන‍්තො උරත‍්තාළිං කන්‍දන‍්තො බාලභාවෙන වධිතො පීළිතොව හුත්‍වා සෙති සයති. ඉතො චිතො ච ආවට‍්ටන‍්තො විවට‍්ටන‍්තො විරොධෙන‍්තො වෙධති ඵස‍්සඵුට‍්ඨොති ධීරො පන පණ‍්ඩිතො දුක‍්ඛසම‍්ඵස‍්සෙන සම‍්ඵුට‍්ඨො න වෙධති කම‍්පනමත‍්තම‍්පි තස‍්ස න හොතීති.

නදීසමායුං යනාදියෙන් කාමගුණයන්ගේ ජරාවට පත්වීම පිළිබඳ ප්‍රතිකාරයක් නොමැති බව කියා එහි ඒකාන්ත බව දක්වන්නට අප්පඤ්හී යනාදිය කියන ලදී. ඵුසන්ති යනු අනිටු පැත්ත ස්පර්ශ කරයි. එහිදී දුප්පත්, පොහොසත් බව හේතුවක් නොවේයැයි දක්වයි. ඵස්සං බාලො ච ධීරොච තථෙව පුට්ඨො යනු යම්සේ බාලයා ඉටු අනිටු දෙයක් ස්පර්ශ කරයි. එසේම පණ්ඩිතයා ද ඉටුඅනිටු ස්පර්ශය ලබයි. මෙහි බාල බවේ හෝ පණ්ඩිත බවේ කිසි විශේෂයක් නැත. මෙය වනාහි විශේෂයයි. බාලොහි බාල්‍යාවධිතොවසෙති යනු බාල පුද්ගලයා කිසියම් දුක් සහිත දෙයකින් පීඩාවට පත්වූයේ දුක්වන්නේ ක්ලාන්ත බවට පත්වූයේ පපුවේ අත් ගසාගෙන අඬන්නේ බාල බව නිසා වදයට පීඩාවට පත්වන්නේ හොවී. එහෙ මෙහෙ ඇඹරෙන්නේ කම්පා වෙයි. ඵස්සඵුට්ඨො යනු පණ්ඩිතයා වනාහි දුක් සහිත දෙයකින් ස්පර්ශ වන්නේ කම්පා නොවෙයි. කම්පාවීම් පමණකුත් ඇති නොවේ.

තස‍්මාති යස‍්මා බාලපණ‍්ඩිතානං ලොකධම‍්මෙ එදිසී පවත‍්ති, තස‍්මා හි පඤ‍්ඤාව ධනෙන සෙය්‍යා, යාය වොසානමිධාධිගච‍්ඡතීති පඤ‍්ඤාව ධනතො පාසංසතරා, යාය පඤ‍්ඤාය වොසානං භවස‍්ස පරියොසානභූතං නිබ‍්බානං අධිගච‍්ඡති. අබ්‍යොසිතත‍්තා හීති අනධිගතනිට‍්ඨත‍්තා. භවාභවෙසූති මහන‍්තාමහන‍්තෙසු භවෙසු.

තස්මා යනු බාල පණ්ඩිත දෙපක්‍ෂයටම ලෝක ධර්මයෙහි පැවැත්ම මෙසේය. තස්මාහි පඤ්ඤාව ධනෙන සෙය්‍යො යාය වොසානමිධාධිගච්ඡති යනු ප්‍රඥාවම ධනයට වඩා ප්‍රශංසනීයයි. යම් ඒ ප්‍රඥාවෙන් භවය අවසන් කිරීම නම් වූ නිර්වාණය අවබෝධ කරගනී. අබ්‍යොසිතත්තාහි යනු නිෂ්ටාවක් අවබෝධ කර නොගත් නිසා, භවා භවෙසු යනු ලොකු කුඩා භවයන්හි.

උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං, සංසාරමාපජ‍්ජ පරම‍්පරායාති යො පාපානි කත්‍වා අපරාපරං සංසරණමාපජ‍්ජිත්‍වා උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං ගබ‍්භසෙය්‍යාය පරලොකුප‍්පත‍්තියා ච න මුච‍්චති, තස‍්ස පාපකම‍්මකාරිනො පුග‍්ගලස‍්ස කිරියං අභිසද‍්දහන‍්තො “අත‍්තා ච මෙ හොතී”ති පත‍්තියායන‍්තො අඤ‍්ඤොපි අප‍්පපඤ‍්ඤො බාලො යථා පටිපජ‍්ජිත්‍වා උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං, න තතො පරිමුච‍්චති.

උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං සංසාරමාපජ්ජ පරම්පරාය යනු යමෙක් පව්කර වරින්වර සසරට පැමිණ උපත ලබයි. පරලොව උපත ලබයි. එයින් මිදුනේ නොවෙයි. තස්ස පව්කම් කරන්නා වූ පුද්ගලයාගේ ක්‍රියාමාර්ගය, අභිසද්දහන්තො යනු මාගේ ආත්මය වෙයි යනාදි ලෙස පතන්නේ අන්‍ය වූ අප්පඤ්ඤො යනු බාලයා එසේ පිළිපැද උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං යනු නැවත උපදියි. එයින් නොමිදෙයි.

චොරො යථාති යථා චොරො පාපධම‍්මො ඝරසන්‍ධිං ඡින්‍දන‍්තො සන්‍ධිමුඛෙ ආරක‍්ඛකපුරිසෙහි ගහිතො සකම‍්මුනා තෙන අත‍්තනො සන්‍ධිච‍්ඡෙදකම‍්මුනා කාරණභූතෙන කසාදීහි තාළනාදිවසෙන හඤ‍්ඤති රාජපුරිසෙහි බාධිය්‍යති බජ‍්ඣති ච. එවං පජාති එවමයං සත‍්තලොකො ඉධ පාපානි කරිත්‍වා පෙච‍්ච පත්‍වා තෙන කම‍්මුනා පරම‍්හි ලොකෙ නිරයාදීසු හඤ‍්ඤති, පඤ‍්චවිධබන්‍ධනකම‍්මකාරණාදිවසෙන බාධිය්‍යති.

චොරො යථා යනු යම්සේ සොරා පාපධම්මො යනු ගෘහයක යතුරු බැම්ම බිඳින්නේ සන්‍ධිමුඛෙ යනු ආරක්‍ෂක පුරුෂයන් විසින්. ගහිතො සකම්මුනා යනු එයින් තමාගේ සන්‍ධි කැඩීම ආදියට හේතු කාරණා වූ කස ආදියෙන් තැළීම් වශයෙන් හඤ්ඤති යනු රාජපුරුෂයන් විසින් අල්ලා ගනියි. එවං පජා යනු මෙසේ මහාසත්ත්ව ලෝකයා මෙහි පව්කොට පච්ච පැමිණ. ඒ කර්මයෙන් පරම්හි ලොකෙ යනු නිරය ආදියෙහි පීඩා විඳියි. පස්වැදෑරුම් වදබන්‍ධන කිරීම් වශයෙන් හිංසා කරයි.

එවමෙතාහි එකාදසහි ගාථාහි යථාරහං චත‍්තාරො ධම‍්මුද‍්දෙසෙ පකාසෙත්‍වා ඉදානි කාමෙසු සංසාරෙ ච ආදීනවං දිස‍්වා සද‍්ධාය අත‍්තනො පබ‍්බජිතභාවං පබ‍්බජිතකිච‍්චස‍්ස ච මත්‍ථකප‍්පත‍්තිං විභාවෙන‍්තො “කාමා හී”තිආදිමාහ. තත්‍ථ කාමාති වත්‍ථුකාමා මනාපියා රූපාදයො ධම‍්මා, කිලෙසකාමා සබ‍්බෙපි රාගප‍්පභෙදා. ඉධ පන වත්‍ථුකාමා වෙදිතබ‍්බා. තෙ හි රූපාදිවසෙන අනෙකප‍්පකාරතාය චිත්‍රා. ලොකස‍්සාදවසෙන ඉට‍්ඨාකාරතාය මධුරා. බාලපුථුජ‍්ජනානං මනං රමෙන‍්තීති මනොරමා. විරූපරූපෙනාති විවිධරූපෙන, අනෙකවිධසභාවෙනාති අත්‍ථො. තෙ හි රූපාදිවසෙන චිත්‍රා, නීලාදිවසෙන විවිධරූපා. එවං තෙන විරූපරූපෙන තථා තථා අස‍්සාදං දස‍්සෙත්‍වා මථෙන‍්ති චිත‍්තං පබ‍්බජ‍්ජාය අභිරමිතුං න දෙන‍්තීති ඉමිනා අප‍්පස‍්සාදබහුදුක‍්ඛතාදිනා ආදීනවං කාමගුණෙසු දිස‍්වා තස‍්මා තංනිමිත‍්තං අහං පබ‍්බජිතො අම‍්හි. දුමප‍්ඵලානි පක‍්කකාලෙ අපරිපක‍්කකාලෙ ච යත්‍ථ කත්‍ථචි පරූපක‍්කමතො සරසතො වා පතන‍්ති, එවං සත‍්තා දහරා ච වුඩ‍්ඪා ච සරීරස‍්ස භෙදා පතන‍්තියෙව. එතම‍්පි දිස‍්වාති එවං අනිච‍්චතම‍්පි පඤ‍්ඤාචක‍්ඛුනා දිස‍්වා, න කෙවලං අප‍්පස‍්සාදතාදිතාය ආදීනවමෙවාති අධිප‍්පායො. අපණ‍්ණකන‍්ති අවිරද‍්ධනකං සාමඤ‍්ඤමෙව සමණභාවොව සෙය්‍යො උත‍්තරිතරො.

මෙසේ මේ ගාථා එකොළසකින් සුදුසු පරිදි සතර ධර්මෝපදේසයන් ප්‍රකාශකර දැන් කාමයන්හිද සසරෙහිද ආදීනව දැක ශ්‍රද්ධාවෙන් තමාගේ පැවිදි බවද පැවිදි වීමේ කාර්යය මුදුන්පත් බව සලකන්නේ කාමාහි ආදිය කීහ. එහි කාමා යනු වස්තු කාමයෝය. මනාප වූ රූපාදිය කිලෙස කාමයෝය. සියල්ලට රාග ප්‍රභේදකොට ඇත්තාහ. මෙහිදී වනාහි වස්තු කාමයන් සැලකිය යුත්තේය. ඒවා ද රූපාදී වශයෙන් අනේකප්‍රකාර ඇති බැවින් චිත්‍රා යනු ලෝකාස්වාද වශයෙන් යහපත් බැවින් මධුරා මිහිරි වේ. බාල පුහුදුන් අයගේ සිත සතුටු කරන්නේනුයි මනොරමා මනරම්ය. විරූපරූපෙන යනු විවිධාකාර රූපවලින්. නොයෙක් ආකාර ස්වරූපයන්ගෙන් යනු අර්ථයි. ඒවා වනාහි රූපාදී වශයෙන් විසිතුරුය. නීල ආදී වූ ස්වභාවයෙන් විවිධය. මෙසේ ඒ විරූප රූපවලින් ඒ ඒ ආකාරයෙන් ලබන ආශ්වාදය දක්වා මථෙන්ති චිත්තං යනු පැවිද්ද සඳහා ඇලෙන්නට ඉඩ නොදෙන්නේනුයි මේ අල්ප ආශ්වාද බොහෝ දුක් බවෙන්. ආදීනවං කාම ගුණෙසු දිස්මා තස්මා යනු ඒ නිමිත්ත අහං පබ්බජිතොම්හි දුමප්ඵලානි යනු ගෙඩි ඇති කාලයෙහි, නොපැසුණු කාලයෙහි යම් ඒ තැනක වෙන කෙනෙකු නිසා හෝ උණුසුම නිසා හෝ පතන්ති වැටෙත්. මෙසේ සත්ත්වයෝ දහරා ච වුඩ්ඪාච සරීරස්ස භෙදා යනු බාලයෝ ද මහල්ලෝ ද යන භේද වශයෙන් වැටෙත්මය. එතම්පිදිස්වා යනු මේ අනිත්‍යතාවය ප්‍රඥා නමැති ඇසින් දැක හුදෙක් අල්ප ආස්වාද ඇති බවෙහි ආදීනව පමණක් අදහස් කළා නොවේ. අපණ්ණකං යනු ස්ථිරසාර, නියම, සාමඤ්ඤමෙව ශ්‍රමණ බවම. සෙය්‍යො යනු උත්තරීතරය.

සද‍්ධායාති කම‍්මං කම‍්මඵලං බුද‍්ධසුබුද‍්ධතං ධම‍්මසුධම‍්මතං සඞ‍්ඝසුප‍්පටිපත‍්තිඤ‍්ච සද‍්දහිත්‍වා. උපෙතො ජිනසාසනෙති සත්‍ථු සාසනෙ සම‍්මාපටිපත‍්තිං උපගතො. අවඤ‍්ඣා මය‍්හං පබ‍්බජ‍්ජා අරහත‍්තස‍්ස අධිගතත‍්තා. තතො එව අනණො භුඤ‍්ජාමි භොජනං නික‍්කිලෙසවසෙන සාමිභාවතො සාමිපරිභොගෙන පරිභුඤ‍්ජනතො.

සද්ධාය යනු කර්මය, කර්මඵලය, අවබෝධය, මනා අවබෝධය, ධර්මය, මනා ධර්මතාවය, සංඝයා, මනා ප්‍රතිපත්තිය යන මේවා විශ්වාසකොට උපෙතො ජිනසාසනෙ ශාස්තෲ ශාසනයෙහි මනා ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ. අවඤ්ඣා මග්ගං පබ්බජ්ජා රහත් බව අවබෝධ කරගත් බැවින් එයින්ම. අනණො භූඤ්ජාමි භොජනං නිකෙලෙස් වශයෙන් ස්වාමිත්වයෙන්, හිමියා ලෙස පරිභෝජනය කරමින්.

කාමෙ ආදිත‍්තතො දිස‍්වාති වත්‍ථුකාමෙ කිලෙසකාමෙ ච එකාදසහි අග‍්ගීහි ආදිත‍්තභාවතො දිස‍්වා. ජාතරූපානි සත්‍ථතොති කතාකතප‍්පභෙදා සබ‍්බසුවණ‍්ණවිකතියො අනත්‍ථාවහතාය නිසිතසත්‍ථතො. ගබ‍්භවොක‍්කන‍්තිතො දුක‍්ඛන‍්ති ගබ‍්භවොක‍්කන‍්තිතො පට‍්ඨාය සබ‍්බසංසාරපවත‍්තිදුක‍්ඛං. නිරයෙසු මහබ‍්භයන‍්ති සඋස‍්සදෙසු අට‍්ඨසු මහානිරයෙසු ලබ‍්භමානං මහාභයඤ‍්ච සබ‍්බත්‍ථ දිස‍්වාති යොජනා.

කාමෙ ආදිත්තතො දිස්වා යනු වස්තු කාමයන්හිද ක්ලේශ කාමයන්හිද ගිනි එකොළසකින් දැවෙන බව දැක ජාතරූපාති සත්‍ථතො යනු කළ නොකළ ප්‍රභේද ඇති සියළුම රුවන්මය විකෘතීන් අනර්ථය ලගාකරන බැවින් මුවහත් ආයුධයකින් ගබ්භවොක්කන්තිතො දුක්‍ඛං යනු ගැබ පිළිසිඳ ගැනීමේ පටන් සියළුම සසර පැවැත්මේදී ඇතිවන දුක. නිරයෙසු මහබ්භයං යනු උස්සද ඇතුළු අටමහා නිරයන්හි ලැබෙන්නා වූ මහා බියද හැමතන්හි දිස්වා යැයි දැක යැයි යෙදීමයි.

එතමාදීනවං ඤත්‍වාති එතං කාමානං ආදිත‍්තතාදිං සංසාරෙ ආදීනවං දොසං ඤත්‍වා. සංවෙගං අලභිං තදාති තස‍්මිං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මස‍්ස සුතකාලෙ භවාදිකෙ සංවෙගං අලත්‍ථං. විද‍්ධො තදා සන‍්තොති තස‍්මිං ගහට‍්ඨකාලෙ රාගසල‍්ලාදීහි විද‍්ධො සමානො ඉදානි සත්‍ථු සාසනං ආගම‍්ම සම‍්පත‍්තො ආසවක‍්ඛයං, විද‍්ධො වා චත‍්තාරි සච‍්චානි, පටිවිද‍්ධොති අත්‍ථො. සෙසං අන‍්තරන‍්තරාදීසු වුත‍්තත‍්තා සුවිඤ‍්ඤෙය්‍යමෙව.

එතමාදීනවං ඤත්‍වා යනු මේ කාමයන්ගේ දැවීම ආදිකොට ඇති දොස් දැක සංවෙගං අලභිං තදා යනු ඒ බුදුන් සමීපයෙහි බණ අසන කල්හි භවාදිය කෙරෙහි කලකිරීම ලැබුවෙමි. විද්ධො තදා සන්තො යනු එහි ගිහි කාලයෙහි රාගාදී උල්වලින් විදින ලද්දේ දැන් ශාස්තෲ ශාසනයට ඇතුළත්ව සම්පත්තො ආසවක්‍ඛයං යනු චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරන ලද්දේ යන අර්ථයි. ඉතිරිය අතරින් පතර කියන ලද බැවින් මනාව තේරුම් ගත යුතුමය.

එවං ථෙරො රඤ‍්ඤො කොරබ්‍යස‍්ස ධම‍්මං දෙසෙත්‍වා සත්‍ථු සන‍්තිකමෙව ගතො. සත්‍ථා ච අපරභාගෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො ථෙරං සද‍්ධාපබ‍්බජිතානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

මෙසේ තෙරුන් වහන්සේ කෝරව්‍ය රජුට ධර්මදේශනා කොට බුදුන් සමීපයටම ගියේය. ශාස්තෲන් වහන්සේ ද පසුකලක මහා සංඝයා මැද හුන්නේ තෙරුන් වහන්සේව ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතර අග්‍රස්ථානයෙහි තැබීය.

රට‍්ඨපාලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

රට්ඨපාල ථේර ගාථා වර්ණනාව නිමියේය.