යෙදුමෙන් කියවන්න

සෙලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සෙලත්‍ථෙරගාථාවණ‍්ණනා

සේල ස්ථවිරගාථා වර්ණනාව

පරිපුණ‍්ණකායොතිආදිකා ආයස‍්මතො සෙලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරභගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො ගණපාමොක‍්ඛො හුත්‍වා තීණි පුරිසසතානි සමාදපෙත්‍වා තෙහි සද‍්ධිං සත්‍ථු ගන්‍ධකුටිං කාරෙත්‍වා කතපරියොසිතාය ගන්‍ධකුටියා සභික‍්ඛුසඞ‍්ඝස‍්ස භගවතො මහාදානං පවත‍්තෙත්‍වා සත්‍ථාරං භික‍්ඛූ ච තිචීවරෙන අච‍්ඡාදෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන එකං බුද‍්ධන‍්තරං දෙවලොකෙ එව වසිත්‍වා තතො චුතො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අඞ‍්ගුත‍්තරාපෙසු ආපණෙ නාම බ්‍රාහ‍්මණගාමෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සෙලොති ලද‍්ධනාමො අහොසි. සො වයප‍්පත‍්තො තීසු වෙදෙසු, බ්‍රාහ‍්මණසිප‍්පෙසු ච නිප‍්ඵත‍්තිං ගන‍්ත්‍වා තීණි මාණවකසතානි මන‍්තෙ වාචෙන‍්තො ආපණෙ පටිවසති. තෙන ච සමයෙන සත්‍ථා සාවත්‍ථිතො නික‍්ඛමිත්‍වා අඩ‍්ඪතෙළසහි භික‍්ඛුසතෙහි සද‍්ධිං අඞ‍්ගුත‍්තරාපෙසු චාරිකං චරන‍්තො සෙලස‍්ස, අන‍්තෙවාසිකානඤ‍්ච ඤාණපරිපාකං දිස‍්වා අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ විහරති. අථ කෙණියො නාම ජටිලො සත්‍ථු ආගමනං සුත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන සත්‍ථාරං ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා සකෙ අස‍්සමෙ පහූතං ඛාදනීයං භොජනීයං පටියාදෙති. තස‍්මිඤ‍්ච සමයෙ සෙලො බ්‍රාහ‍්මණො සද‍්ධිං තීහි මාණවකසතෙහි ජඞ‍්ඝාවිහාරං අනුවිචරන‍්තො කෙණියස‍්ස අස‍්සමං පවිසිත්‍වා ජටිලෙ කට‍්ඨඵාලනුද‍්ධනසම‍්පාදනාදිනා දානූපකරණං සජ‍්ජෙන‍්තෙ දිස‍්වා, “කිං නු ඛො තෙ, කෙණිය, මහායඤ‍්ඤො පච‍්චුපට‍්ඨිතො”තිආදිං පුච‍්ඡිත්‍වා තෙන “බුද‍්ධො භගවා මයා ස‍්වාතනාය නිමන‍්තිතො”ති වුත‍්තෙ “බුද‍්ධො”ති වචනං සුත්‍වාව හට‍්ඨො උදග‍්ගො පීතිසොමනස‍්සජාතො තාවදෙව මාණවකෙහි සද‍්ධිං සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා කතපටිසන්‍ථාරො එකමන‍්තං නිසින‍්නො භගවතො කායෙ බාත‍්තිංසමහාපුරිසලක‍්ඛණානි දිස‍්වා “ඉමෙහි ලක‍්ඛණෙහි සමන‍්නාගතො රාජා වා හොති චක‍්කවත‍්තී, බුද‍්ධො වා ලොකෙ විවට‍්ටච‍්ඡදො, අයං පන පබ‍්බජිතො, නො ච ඛො නං ජානාමි ‘බුද‍්ධො වා, නො වා’, සුතං ඛො පන මෙතං බ්‍රාහ‍්මණානං වුද‍්ධානං මහල‍්ලකානං ආචරියපාචරියානං භාසමානානං ‘යෙ තෙ භවන‍්ති අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා , තෙ සකෙ වණ‍්ණෙ භඤ‍්ඤමානෙ අත‍්තානං පාතුකරොන‍්තී’ති අසම‍්මාසම‍්බුද‍්ධො හි සම‍්මුඛෙ ඨත්‍වා බුද‍්ධගුණෙහි අභිත්‍ථවීයමානො සාරජ‍්ජති මඞ‍්කුභාවං ආපජ‍්ජති අවෙසාරජ‍්ජප‍්පත‍්තතාය අනනුයොගක‍්ඛමත‍්තා, යංනූනාහං සමණං ගොතමං සම‍්මුඛා සාරුප‍්පාහි ගාථාහි අභිත්‍ථවෙය්‍ය”න‍්ති එවං පන චින‍්තෙත්‍වා –

පරිපුණ්ණකායො ආදි ගාථාවන් ආයුෂ්මත් සෙල තෙරුන්ගේය. මොහුද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද උගත්බවට පැමිණියේ පිරිසක ප්‍රධානියා වී පුරුෂයන් තුන්සියයක් හා එක්ව ඔවුන් සමග බුදුරජාණන් වහන්සේට ගන්‍ධකුටියක් සාදවා, ගඳකිලියේ වැඩ අවසන් වූ පසු බුදුන්වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහ දන් දී ශාස්තෲන් වහන්සේද භික්‍ෂූන්ද තුන්සිවුරෙන් ඇන්දවීය. ඔහු ඒ පිණින් එක් බුද්ධාන්තරයක් දෙව්ලොවට වැස එයින් චුතව දෙව්මිනිසුන් අතර උපදිමින් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ අංගුත්තරාපෙසු ආපණො අංගුත්තරාපෙසු ආපණ නම් වූ බමුණු ගමෙහි බමුණු කුලයක ඉපිද සෙලොති සෙල යැයි නම් ලැබීය. ඔහු වැඩිවියට පත්වූයේ ත්‍රිවේදයෙහි ද බ්‍රාහ්මණ ශිල්පයන්හිද නිමාවට පත්ව මානවකයන් තුන්සියයකට මන්ත්‍ර උගන්වමින් ආපණෙ එනම් ගමෙහි වාසය කරයි. ඒ කාලයේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්ම හයසිය පනහක් භික්‍ෂූන් සමග අංගුත්තරාපෙසු යනු අංගුත්තරාප නම් දනව්වෙහි චාරිකාවේ වඩින්නේ සෙලස්ස සෙල නමැත්තාගේ හා ඔහුගේ අතවැසියන්ගේ නුවණ මුහුකුරා ගිය බව දැන එක්තරා වනලැහැබක වාසය කරන සේක. ඉක්බිති කෙනියො කෙනිය නම් වූ ජටිලයෙක් බුදුන් වැඩි බව අසා එහි ගොස් පසුදා දානය සඳහා භික්‍ෂු සංඝයා සහිත බුදුන්වහන්සේට ආරාධනා කොට තමන්ගේ අසපුවෙහි බොහෝ ආහාරපාන සූදානම් කරවීය. ඒ කාලයේ සෙලො සෙල නම් බ්‍රාහ්මණයා තුන්සියයක් මාණවකයින් සමග ඇවිදගෙන යන්නේ කෙනියස්ස කේනියගේ අසපුවට පිවිස ජටිලයන් දරපැලීම, ලිප් බැඳීම ආදියෙන් දානයට උපකරණ සූදානම් කරනු දැක කිම කේනිය, මහා යාගයක් එළඹ තිබේද? යනාදිය විචාරා ඔහු විසින් ‘අපි හෙට දානය සඳහා බුදුන් වහන්සේට ආරාධනා කළෙමු යැයි’ කී කල්හි ‘බුද්ධ’ යන වචනය අසාම සතුටු වූයේ ප්‍රීතිසොම්නස් බවට පත්වූයේ එකෙණෙහිම මාණවකයින් සමග බුදුන් ලඟට පැමිණ පිළිසඳර කථාකොට එකත්පස්ව සිටියේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයන් දැක මේ ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූයේ සක්විති රජ හෝ වන්නේය. නැතහොත් බුදුවන්නේය. මේ වනාහි පැවිද්දෙකි. බුදුකෙනෙක්ද නොවේද කියා නොදනිමි. මා විසින් මෙසේ අසා ඇත. යම් ඒ භාග්‍යවත් අර්හත් සම්බුද්ධයන් වහන්සේලා තමන් ගැන වර්ණනා කරන කල්හි තමන්ව හෙළිදරව් කරති. බුදු නොවූ ඇත්තෝ ඉදිරිපිට සිට බුදුගුණ වර්ණනා කරනවිට ලජ්ජාවට, බියට පත්වෙති. විසාරද බවට පත් නොවූ බැවින් මකුබවට පැමිණෙයි. ඉදින් මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේව සුදුසු වූ ගාථාවන්ගෙන් වර්ණනා කරමියි සිතා -

“පරිපුණ‍්ණකායො සුරුචි, සුජාතො චාරුදස‍්සනො; සුවණ‍්ණවණ‍්ණොසි භගවා, සුසුක‍්කදාඨොසි වීරියවා.

පරිපුණ්ණකායො සුරුචි සුජාතො චාරු දස්සනො, සුවණ්ණාවණ්ණෙහි භගවා සුසුක්කදාඨො විරියවා.

“නරස‍්ස හි සුජාතස‍්ස, යෙ භවන‍්ති වියඤ‍්ජනා; සබ‍්බෙ තෙ තව කායස‍්මිං, මහාපුරිසලක‍්ඛණා.

නරස්සහි සුජාතස්ස යෙ භවන්ති වියඤ්ජනා, සබ්බෙ තෙ තව කායස්මිං මහාපුරිස ලක්‍ඛණ.

“පසන‍්නනෙත‍්තො සුමුඛො, බ්‍රහා උජු පතාපවා; මජ‍්ඣෙ සමණසඞ‍්ඝස‍්ස, ආදිච‍්චොව විරොචසි.

පසන්නනෙත්තො සුමුඛො බ්‍රහා උජුපතාපවා, මජ්ඣෙ සමණ සංඝස්ස ආදිච්චො’ව විරොචසී.

“කල්‍යාණදස‍්සනො භික‍්ඛු, කඤ‍්චනසන‍්නිභත‍්තචො; කිං තෙ සමණභාවෙන, එවං උත‍්තමවණ‍්ණිනො.

කල්‍යාණ දස්සනො භික්‍ඛූ කඤ්චන සන්නිභත්තචො, කිං තෙ සමණභාවෙන එවං උත්තමවණ්ණිනො.

“රාජා අරහසි භවිතුං, චක‍්කවත‍්තී රථෙසභො; චාතුරන‍්තො විජිතාවී, ජම‍්බුසණ‍්ඩස‍්ස ඉස‍්සරො.

රාජා අරහසි භවිතුං චක්කවත්තී රථෙසභො, චාතුරෙන්තො විජිතාවී ජම්බුසණ්ඩ ඉස්සරො.

“ඛත‍්තියා භොගී රාජානො, අනුයන‍්තා භවන‍්ති තෙ; රාජාභිරාජා මනුජින්‍දො, රජ‍්ජං කාරෙහි ගොතමා”ති. –

ඛත්තියා භොගා රාජානො අනුයන්තා භවන්තිතෙ, රාජාභිනරාජා මනුජින්‍දොන රජ්ජං කාරෙහි ගොතම.

ඡහි ගාථාහි භගවන‍්තං අභිත්‍ථවි.

යන ගාථා සයකින් බුදුගුණ ගැයීය.

තත්‍ථ පරිපුණ‍්ණකායොති අභිබ්‍යත‍්තරූපානං ද‍්වත‍්තිංසාය මහාපුරිසලක‍්ඛණානං පරිපුණ‍්ණතාය අහීනඞ‍්ගපච‍්චඞ‍්ගතාය ච පරිපුණ‍්ණසරීරො. සුරුචීති සුන්‍දරසරීරප‍්පභො. සුජාතොති ආරොහපරිණාහසම‍්පත‍්තියා, සණ‍්ඨානසම‍්පත‍්තියා ච සුනිබ‍්බත‍්තො. චාරුදස‍්සනොති සුචිරම‍්පි පස‍්සන‍්තානං අතිත‍්තිජනකං අප‍්පටික‍්කූලං රමණීයං චාරු එව දස‍්සනං අස‍්සාති චාරුදස‍්සනො. කෙචි පනාහු “චාරුදස‍්සනොති සුන්‍දරනෙත‍්තො”ති. සුවණ‍්ණවණ‍්ණොති සුවණ‍්ණසදිසවණ‍්ණො. අසීති භවසි, ඉදං පදං “පරිපුණ‍්ණකායො අසී”තිආදිනා සබ‍්බපදෙහි යොජෙතබ‍්බං. සුසුක‍්කදාඨොති සුට‍්ඨු සුක‍්කදාඨො. භගවතො හි දාඨාහි චන්‍දකිරණා විය ධවලරස‍්මියො නිච‍්ඡරන‍්ති. වීරියවාති වීරියපාරමීපාරිපූරියා චතුරඞ‍්ගසමන‍්නාගතවීරියාධිට‍්ඨානතො චතුබ‍්බිධස‍්ස සම‍්මප‍්පධානස‍්ස සම‍්පත‍්තියා ච අතිසයයුත‍්තො.

එහි පරිපුණ්ණකායො යනු මනා පෞරුෂයකින් හෙබි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් සම්පූර්ණ අඩුවක් නැති අඟපසඟ ඇති පිරිපුන් සිරුර සුරුචී යනු සිරුරේ මනා පැහැය. සුජාතො යනු ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත මනා අඟපසඟ ඇති උතුම් ජන්ම ඇති චාරුදස්සනො යනු මනහර වූ දකින අයගේ අවසන් නොවන තෘප්තියක් ඇති පිළිකුල් නොවන මනහර වූ සොඳුරු දැකුමක් මොහුට ඇත්තේනුයි චාරුදස්සන නම් වේ. සමහර කෙනෙක් කීහ. චාරුදස්සනො යනු මනහර වූ ඇස් ඇත්තේ යන අර්ථය දෙති. සුවණ්ණවණ්ණො යනු රන් කහවනු සමාන වර්ණ ඇති. අසි යනු වන්නෙහිය. මේ අසී යන පදය පරිපුණ්ණකායො අසි (පිරිපුන් සිරුරක් ඇත්තෙහිය) ආදී ලෙස සියලුම පදයන් සමග යෙදිය යුතුය. සුසුක්කදාඨො යනු මනාව පිහිටි සුදුපාට දත් ඇති භාග්‍යවතුන් වහන්සේගේ දන්තයෝ වනාහි සඳකිරණ මෙන් සුදුරැස් විහිදුවත්. විරියවා යනු විරිය පාරමිතාව පිරිමෙන් අංග සතරකින් යුක්ත වීර්යයෙන්ද සතර වැදෑරුම් සම්‍යග් ප්‍රධාන වීර්යයෙන්ද යන සම්පත්තීන්ගෙන් අතිශයින් යුක්ත වූ,

නරස‍්ස හි සුජාතස‍්සාති සමතිංසාය පාරමීනං, අරියස‍්ස වා චක‍්කවත‍්තීවත‍්තස‍්ස පරිපූරිතත‍්තා සුට‍්ඨු සම‍්මදෙව ජාතස‍්ස නරස‍්ස, මහාපුරිසස‍්සාති අත්‍ථො. සබ‍්බෙ තෙති යෙ මහාපුරිසභාවං ලොකෙ අග‍්ගපුග‍්ගලභාවං බ්‍යඤ‍්ජයන‍්තීති බ්‍යඤ‍්ජනාති ලද‍්ධවොහාරසුප‍්පතිට‍්ඨිතපාදතාදිබාත‍්තිංසමහාපුරිසලක‍්ඛණසඞ‍්ඛාතා තම‍්බනඛතුඞ‍්ගනඛතාදිඅසීතිඅනුබ්‍යඤ‍්ජනසඞ‍්ඛාතා ච රූපගුණා, තෙ අනවසෙසා, තව කායස‍්මිං සන‍්තීති වචනසෙසො.

නරස්සහි සුජාතස්ස යනු සමතිස් පාරමිතාවන්, ආර්යයන් වහන්සේ හෝ චක්‍රවර්ති රාජයා හෝ මනාව සම්පූර්ණ කිරීම නිසා මනාව උපන්නා වූ මනුෂ්‍යයාට, මහා පුරිසයාණන්ට යන අරථයි. සබ්බෙ තෙ යනු යමෙක් ලෝකයේ මහා පුරිසභාවය, අග්‍රපුද්ගල භාවය සලකුණු කරන්නේය යන අර්ථයෙන් ‘බ්‍යඤ්ජන’ යනුවෙන් ලබන ලද ව්‍යවහාර ඇති මනාව පිහිටියා වූ පාද ආදි දෙතිසක් මහාපුරිස ලක්‍ෂණ සංඛ්‍යාත වූ තඹවන් නිය, උස්ව පිහිටි නිය ආදී වූ අසූවක් අප්‍රධාන ව්‍යඤ්ජන සංඛ්‍යාත රූපගුණයෝ. ඔව්හු සම්පූර්ණයෙන් තවකායස්මිං ඔබගේ සිරුරෙහි වෙත් යනාදි ලෙස ඉතිරිය අර්ථ ගතයුතුයි.

මහාපුරිසලක‍්ඛණාති පුබ‍්බෙ වුත‍්තබ්‍යඤ‍්ජනානෙව වචනන‍්තරෙන නිගමෙන‍්තො ආහ.

මහාපුරිස ලක්‍ඛණානි යනු පෙර කියන ලද ලක්‍ෂණයන්ම වචනාන්තරයකින් කීය.

ඉදානි තෙසු ලක‍්ඛණෙසු අත‍්තනා අභිරුචිතෙහි ලක‍්ඛණෙහි භගවන‍්තං ථොමෙන‍්තො “පසන‍්නනෙත‍්තො”තිආදිමාහ. භගවා හි පඤ‍්ච වණ‍්ණපසාදසම‍්පත‍්තියා පසන‍්නනෙත‍්තො. පරිපුණ‍්ණචන්‍දමණ‍්ඩලසදිසමුඛතාය සුමුඛො. ආරොහපරිණාහසම‍්පත‍්තියා බ්‍රහා. බ්‍රහ‍්මුජුගත‍්තතාය උජු. ජුතිමන‍්තතාය පතාපවා.

දැන් ඉතිරි ලක්‍ෂණ අතුරෙන් තමන්ට කැමැති ලක්‍ෂණවලින් භාග්‍යවතුන් වහන්සේව වර්ණනා කරන්නේ පසන්නනෙත්තො යනාදිය කීය. භාග්‍යවතුන් වහන්සේ වනාහි පංචවර්ණ පැහැ සම්පතින් පැහැපත් නේත්‍ර ඇති සේක. පිරිපුන් සඳමඩල වැනි මුහුණක් ඇති බැවින් සුමුඛො නම් වේ. ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත බැවින් බ්‍රහා බ්‍රහ්මයාට සමාන ඍජු සිරුරක් ඇති බැවින් උජූ නම් වේ. දීප්තිමත් බව ඇති බැවින් පතාපවා වේ.

ඉදානි තමෙව පතාපවන‍්තතං ආදිච‍්චූපමාය විභාවෙන‍්තො “මජ‍්ඣෙ සමණසඞ‍්ඝස‍්සා”තිආදිමාහ. තත්‍ථ ආදිච‍්චොව විරොචසීති යථා ආදිච‍්චො උග‍්ගච‍්ඡන‍්තො සබ‍්බං තමගතං විධමෙත්‍වා ආලොකං කරොන‍්තො විරොචති, එවං ත්‍වම‍්පි අන‍්තො චෙව බහි ච සබ‍්බං අවිජ‍්ජාතමං විද‍්ධංසෙත්‍වා ඤාණාලොකං කරොන‍්තො විරොචසි.

මෙහි ඒ දීප්තිමත් බව සූර්යා පිළිබඳ උපමාවෙන් ප්‍රකාශ කරන්නේ මජ්ඣෙ සමණසංඝස්ස ආදිය ප්‍රකාශ කළහ. එහි ආදිච්චොව විරොචසි යනු යම්සේ සූර්යා උදාවන්නේ සියළු අඳුර දුරුකොට ආලෝකමත් වන්නේ බබලයි. මෙසේ නුඹද ඇතුලතද පිටතද සියළු අවිජ්ජා නමැති අඳුර දුරුකර ඤාණාලෝකය පතුරුවමින් බබලයි.

දස‍්සනීයරූපතාය අඞ‍්ගීගතානං දස‍්සනසම‍්පත‍්තීනං ආවහනතො, කල්‍යාණෙහි පඤ‍්චහි දස‍්සනෙහි සමන‍්නාගතත‍්තා ච කල්‍යාණදස‍්සනො. උත‍්තමවණ‍්ණිනොති උත‍්තමවණ‍්ණසම‍්පන‍්නස‍්ස.

දර්ශනීය වූ රූපසම්පත්තියක් ඇති බැවින් ශරීර අංගයන්ගේ යහපත් පිහිටීම නිසා මනා දැකුම් ඇත්තේ වෙයි. උත්තම වණ්ණිනො යනු උතුම් වූ වර්ණනා සම්පත්තියෙන් යුක්ත වූවහුට,

චක‍්කවත‍්තීති චක‍්කරතනං වත‍්තෙති, චතූහි සම‍්පත‍්තිචක‍්කෙහි වත‍්තෙති, තෙහි ච පරෙ වත‍්තෙති. පරහිතාය ඉරියාපථචක‍්කානං වත‍්තො එතස‍්මිං අත්‍ථීති චක‍්කවත‍්තී. අථ වා චතූහි අච‍්ඡරියධම‍්මෙහි ච සඞ‍්ගහවත්‍ථූහි ච සමන‍්නාගමෙන පරෙහි අනභිභවනීයස‍්ස ආණාචක‍්කස‍්ස වත‍්තො එතස‍්මිං අත්‍ථීතිපි චක‍්කවත‍්තී. රථෙසභොති රථිකෙසු ආජානීයඋසභපුරිසො, මහාරථිකොති අත්‍ථො. චාතුරන‍්තොති චතුසමුද‍්දන‍්තාය පථවියා ඉස‍්සරො. විජිතාවීති විජිතවිජයො. ජම‍්බුසණ‍්ඩස‍්සාති ජම‍්බුදීපස‍්ස, පාකටෙන හි ඉස‍්සරියානි දස‍්සෙන‍්තො එවමාහ. චක‍්කවත‍්තී පන සපරිත‍්තදීපානං චතුන‍්නම‍්පි මහාදීපානං ඉස‍්සරොව.

චක්කවත්තී යනු චක්‍රරත්නය පවත්නේය. රෝද සතරකින් පවතී. ඒවාද අනුන්ගේ යහපත සඳහා පවත්නා ඉරියාපථ චක්‍රයන්ගේ පැවැත්ම මොහු කෙරෙහි ඇත්තෙනුයි චක්කවත්තී නොහොත් චතුර්විධ ආශ්චර්ය ධර්මයන් හා සතර සංග්‍රහ වස්තුවෙන් යුක්තවූයේ, අනුන් විසින් යටපත් කළ නොහැකි ආඥා චක්‍රයාගේ පැවැත්ම මෙහි ඇති නිසා චක්කවත්ති නමි. රථොසභො යනු රථිකයන් අතර ආජානීය නම් වූ උතුම් පුරුෂයෙකි. මහා රියැදුරෙකි යන අර්ථයි. චාතුරන්තො යනු සිව්මහ සයුරු අවසන්කොට ඇති මහපොළවට අධිපති. විජිතාවී යනු දිනන ලද ජයග්‍රහණ ඇත්තේ ජම්බුසණ්ඩස්ස යනු දඹදිවට. ප්‍රකටව ඇති සම්පත්තීන් දක්වමින් මෙසේ කීහ. චක්‍රවර්ති රජු වනාහි දෙදහසක් කොදෙව් දිවයින් සහිත සතරමහා දිවයින්වලට අධිපති.

ඛත‍්තියාති ජාතිඛත‍්තියා. භොගීති භොගියා. රාජානොති යෙ කෙචි රජ‍්ජං කාරෙන‍්තා. අනුයන‍්තාති අනුගාමිනො සෙවකා. රාජාභිරාජාති රාජූනං පූජනීයො රාජා හුත්‍වා, චක‍්කවත‍්තීති අධිප‍්පායො. මනුජින්‍දොති මනුස‍්සාධිපති, මනුස‍්සානං පරමිස‍්සරොති අත්‍ථො.

ඛත්තියා යනු උපතින් ක්‍ෂත්‍රිය භොගා යනු සම්පත්. රාජානො යනු යම් ඒ රාජ්‍ය කරන්නන්. අනුයනතා යනු අනුගමනය කරන්නා වූ සේවකයෝ. රාජාභිරාජා යනු රජවරුන්ට පූජනීය වූ අධිරාජයෙක්ව, සක්විති යන්න අදහස් කරයි. මනුජිනෙ යනු මිනිසුන්ට අධිපති - මනුෂ්‍යයන්ට පරම අධිපති යන අර්ථයි.

එවං සෙලෙන වුත‍්තෙ භගවා “යෙ තෙ භවන‍්ති අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙ සකෙ වණ‍්ණෙ භඤ‍්ඤමානෙ අත‍්තානං පාතුකරොන‍්තී”ති ඉමං සෙලස‍්ස මනොරථං පූරෙන‍්තො –

සෙලෙන සෙල විසින් කියන ලද භාග්‍යවතුන් වහන්සේ - යම් ඒ කෙනෙක් අර්හත් සම්මා සම්බුද්ධ වෙත්ද උන්වහන්සේලා තමන්ගේ ගුණ කියන කල්හි තමන් ප්‍රකට කරත් ආදී මෙය සෙලස්ස සෙලගේ මනදොල පුරමින්.

“රාජාහමස‍්මි සෙල, (සෙලාති භගවා) ධම‍්මරාජා අනුත‍්තරො; ධම‍්මෙන චක‍්කං වත‍්තෙමි, චක‍්කං අප‍්පටිවත‍්තිය”න‍්ති. –

රාජාහමස්මි සෙල (ති භගවා) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි චක්කං අප්පටිවත්තියං.

ඉමං ගාථමාහ;

යන ගාථාව වදාළහ. එයින් අදහස් කළ දේ මෙයයි.

තත්‍රායං අධිප‍්පායො – යං මං ත්‍වං, සෙල, යාචසි, “රාජා අරහසි භවිතුං චක‍්කවත‍්තී”ති, එත්‍ථ අප‍්පොස‍්සුක‍්කො හොහි, රාජාහමස‍්මි, සති ච රාජත‍්තෙ යථා අඤ‍්ඤො රාජා සමානොපි යොජනසතං වා අනුසාසති, ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච යොජනසතානි වා යොජනසහස‍්සං වා චක‍්කවත‍්තී හුත්‍වාපි චතුදීපපරියන‍්තමත‍්තං වා, නාහමෙවං පරිච‍්ඡින‍්නවිසයො. අහඤ‍්හි ධම‍්මරාජා අනුත‍්තරො භවග‍්ගතො අවීචිපරියන‍්තං කත්‍වා තිරියං අපරිමෙය්‍යලොකධාතුයො අනුසාසාමි. යාවතා හි අපදාදිභෙදා සත‍්තා, අහං තෙසං අග‍්ගො. න හි මෙ කොචි සීලෙන වා…පෙ… විමුත‍්තිඤාණදස‍්සනෙන වා සදිසො නත්‍ථි, කුතො භිය්‍යො. ස‍්වාහං එවං ධම‍්මරාජා අනුත‍්තරො, අනුත‍්තරෙනෙව චතුසතිපට‍්ඨානාදිභෙදබොධිපක‍්ඛියසඞ‍්ඛාතෙන ධම‍්මෙන චක‍්කං වත‍්තෙමි, “ඉදං පජහථ, ඉදං උපසම‍්පජ‍්ජ විහරථා”තිආදිනා ආණාචක‍්කං. “ඉදං ඛො පන, භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්ච”න‍්තිආදිනා (මහාව· 14; සං· නි· 5.1081) පරියත‍්තිධම‍්මෙන ධම‍්මචක‍්කමෙව වා. චක‍්කං අප‍්පටිවත‍්තියන‍්ති යං චක‍්කං අප‍්පටිවත‍්තියං හොති සමණෙන වා…පෙ… කෙනචි වා ලොකස‍්මින‍්ති.

සේලය! නුඹ මගෙන් යමක් ඉල්ලන්නේද, සක්විති රජ වන්නෙහිය කියා මෙහි අල්ප වූ උනන්දුව ඇත්තේ වන්න. රාජාහිමස්මි යනු රජබවෙහි සිටි කල්හි ද යම්සේ අන් රජෙක් සමාන නමුත් යොදුන් සියයක් හෝ තම අනසක පවත්වයි. යොදුන් දෙසියයක්, තුන්සියයක්, හාරසීයක්, පන්සියයක් හෝ යොදුන් දහසක් හෝ චක්‍රවර්තී වී සිව්සයුර අවසන්කොට අනුශාසනා කරයි. මට වනාහි මෙසේ සීමාවන් ඇත්තේ නැත. මම වනාහි ධම්මරාජා අනුත්තරො භවාග්‍රයේ පටන් අවීචි නරකය දක්වා අතරතුර අප්‍රමාණ වූ ලෝකධාතුවලට අනුශාසනා කරමි. යම්තාක් පා නොමැති ආදී ප්‍රභේද ඇති සත්ත්වයෝ වෙත්ද මම ඔවුන්ට අග්‍ර වෙමි. මට සීලයෙන් හෝ - පෙ- විමුක්ති ඥාන දර්ශනයෙන් හෝ සමාන වූවෙක් නැත. මට වඩා එයින් වැඩි කෙනෙක් කොයින්ද? ඒ මම ධර්මරාජව උතුම් වූ සතර සතිපට්ඨාන ආදී ප්‍රභේද ඇති බෝධිපාක්‍ෂික සංඛ්‍යාත ධම්මෙන චක්කං වත්තෙමි. ධර්මචක්‍රය පවත්වමි. මෙය අත්හරිව්. මෙහි යෙදී සිටිව් ආදී ලෙසින් අණසකක් මහණෙනි! මේ වනාහි දුක්ඛ ආර්ය සත්‍යයයි ආදියෙන් පර්යාප්ති ධර්මයෙන් ධර්මචක්‍රයම පවත්වමි. චක්කං අප්පටිවත්තියං යනු යම් චක්‍රයක් ලෝකයෙහි වෙන කවර හෝ ශ්‍රමණයකු විසින් හෝ ආදි -පෙ- කිසිම කෙනෙකු විසින් පැවැත්විය නොහැක -

එවං අත‍්තානමාවිකරොන‍්තං භගවන‍්තං දිස‍්වා පීතිසොමනස‍්සජාතො සෙලො පුන දළ‍්හීකරණත්‍ථං –

යනාදියෙන් තමාව තමාම එළිදරව් කරන භාග්‍යවතුන් වහන්සේ දැක හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ සෙලො සෙලො වනාහි නැවත දැඩිකරනු සඳහා -

“සම‍්බුද‍්ධො පටිජානාසි, (ඉති සෙලො බ්‍රාහ‍්මණො) ධම‍්මරාජා අනුත‍්තරො; ධම‍්මෙන චක‍්කං වත‍්තෙමි, ඉති භාසථ ගොතම.

සම්බුද්ධො පටිජානාසි (ඉතිසෙලො බ්‍රාහ්මණො), ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි ඉති භාසසි ගොතම!.

“කො නු සෙනාපති භොතො, සාවකො සත්‍ථුරන්‍වයො; කො තෙතමනුවත‍්තෙති, ධම‍්මචක‍්කං පවත‍්තිත”න‍්ති. – ගාථාද‍්වයමාහ;

කොනු සෙනාපති භොතො සාවකො සත්‍ථු අත්‍වයො, කො තෙ ඉමං අනුවත්තෙති ධම්මචක්කං පවත්තිතං.

ධර්මරාජන් වූ අනුත්තර වූ සම්බුද්ධයන් වහන්සේ දැනගත්තේය. (සෙල බ්‍රාහ්මණය) ධර්මයෙන් චක්‍රය පවත්වමි. ගෞතමයන් වහන්ස, මෙසේ කියන්න.

පින්වතුන්ගේ ශ්‍රාවක වූ ශාස්තෲන් වහන්සේගේ ආත්මයට අයත් සේනාපති කවරෙක්ද? ඔබ විසින් පවත්වන ලද මේ ධර්මචක්‍රය කවරක් නම් මෙය පවත්වාගෙන යයිද?

මේ ගාථා දෙක ප්‍රකාශ කළහ.

තත්‍ථ කො නු සෙනාපතීති ධම‍්මරඤ‍්ඤො භොතො ධම‍්මෙන පවත‍්තිතස‍්ස චක‍්කස‍්ස අනුපවත‍්තනකො සෙනාපති කො නූති පුච‍්ඡි.

එහි කොනුසෙනාපති යනු ධර්මරාජ වූ ඔබගේ ධර්මයෙන් පවත්වන ලද ඒ චක්‍රය නැවත පවත්වන්නා වූ සේනාපතියා කවරෙක්ද? කියා විචාරයි.

තෙන ච සමයෙන භගවතො දක‍්ඛිණපස‍්සෙ ආයස‍්මා සාරිපුත‍්තො නිසින‍්නො හොති, සුවණ‍්ණපුඤ‍්ජො විය සිරියා සොභමානො. තං දස‍්සෙන‍්තො භගවා –

ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණුපස ආයුෂ්මත් සැරියුත් මහතෙරුන් වහන්සේ රන්පිඩක් මෙන් ශ්‍රියාවෙන් බබලන්නේය. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේව දක්වමින් ‘භාග්‍යවතුන් වහන්සේ සෙලය! මා විසින් පවත්වන ලද උතුම් ධර්මචක්‍රය තථාගතයන් වහන්සේගේ අනුජාත සැරියුත් තෙරුන් වහන්සේ පවත්වයි.

“මයා පවත‍්තිතං චක‍්කං, (සෙලාති භගවා) ධම‍්මචක‍්කං අනුත‍්තරං; සාරිපුත‍්තො අනුවත‍්තෙති, අනුජාතො තථාගත”න‍්ති. – ගාථමාහ;

මයා පවත්තිතං චක්කං (සෙලාතිභගවා) ධම්මචක්කං අනුත්තරං, සාරිපුත්තො අනුවත්තෙති අනුජාතො තථාගතං.

තත්‍ථ අනුජාතො තථාගතන‍්ති, තථාගතං අනුජාතො, තථා ගතෙන හෙතුනා අරියාය ජාතියා ජාතොති අත්‍ථො.

එහි අනුජාතො තථාගතං යනු තථාගතයන් වහන්සේ හේතුවෙන් ආර්ය ජාතියෙහි උපන් යන අර්ථයි.

එවං “කො නු සෙනාපති භොතො”ති සෙලෙන වුත‍්තපඤ‍්හං බ්‍යාකරිත්‍වා යං සෙලො ආහ “සම‍්බුද‍්ධො පටිජානාසී”ති තත්‍ථ නං නික‍්කඞ‍්ඛං කාතුකාමො “නාහං පටිඤ‍්ඤාමත‍්තෙනෙව පටිජානාමි, අපි චාහං ඉමිනා කාරණෙන බුද‍්ධො”ති ඤාපෙතුං –

මෙසේ ඔබගේ සේනාපතියා කවරෙක්ද යනුවෙන් සෙල විසින් අසන ලද ප්‍රශ්නය විසඳා සෙල තෙම කීය. සම්බුද්ධයන් වහන්සේ දැනගත් සේක. එහිදී ඔහු සැක රහිත කරනු කැමැත්තේ - මේ මාගේ ප්‍රතිඥා මාත්‍රයක් පමණක් නොවේ. තවද මේ කාරණයෙන් මම බුදුවෙමි’යි දක්වන්නට,

“අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං, භාවෙතබ‍්බඤ‍්ච භාවිතං; පහාතබ‍්බං පහීනං මෙ, තස‍්මා බුද‍්ධොස‍්මි බ්‍රාහ‍්මණා”ති. – ගාථමාහ;

අවබෝධ කළයුතු දෙය අවබෝධ කළෙමි. වැඩිය යුතු දෙය වඩන ලදී. ප්‍රහීණ කළයුතු දේ ප්‍රහීණ කළෙමි. බ්‍රාහ්මණය! ඒ නිසා මම බුදුවෙමි.

යන ගාථා වදාළහ.

තත්‍ථ අභිඤ‍්ඤෙය්‍යන‍්ති චත‍්තාරි සච‍්චානි චත‍්තාරි අරියසච‍්චානි. චතුන‍්නඤ‍්හි සච‍්චානං අරියසච‍්චානඤ‍්ච සාමඤ‍්ඤග‍්ගහණමෙතං යදිදං අභිඤ‍්ඤෙය්‍යන‍්ති. තත්‍ථ අරියසච‍්චෙසු යං භාවෙතබ‍්බං මග‍්ගසච‍්චං, යඤ‍්ච පහාතබ‍්බං සමුදයසච‍්චං, තදුභයග‍්ගහණෙන තෙසං ඵලභූතානි නිරොධසච‍්චදුක‍්ඛසච‍්චානිපි ගහිතානෙව හොන‍්ති හෙතුග‍්ගහණෙනෙව ඵලසිද‍්ධිතො. තෙන තත්‍ථ “සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං, පරිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤාත”න‍්ති ඉදම‍්පි වුත‍්තමෙව හොති. “අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාත”න‍්ති වා ඉමිනා ච සබ‍්බස‍්සපි ඤෙය්‍යස‍්ස අභිඤ‍්ඤාතසම‍්බුද‍්ධභාවං උද‍්දෙසවසෙන පකාසෙත්‍වා තදෙකදෙසං නිද‍්දෙසවසෙන දස‍්සෙන‍්තො “භාවෙතබ‍්බඤ‍්ච භාවිත”න‍්තිආදිමාහ. අථ වා “භාවෙතබ‍්බං භාවිතං, පහාතබ‍්බං පහීන”න‍්ති ඉමිනා අත‍්තනො ඤාණපහානසම‍්පදාකිත‍්තනමුඛෙන තංමූලකත‍්තා සබ‍්බෙපි බුද‍්ධගුණා කිත‍්තිතා හොන‍්තීති ආහ “තස‍්මා බුද‍්ධොස‍්මි, බ්‍රාහ‍්මණා”ති. අභිඤ‍්ඤෙය්‍යඅභිඤ‍්ඤාතග‍්ගහණෙන හි සබ‍්බසො විජ‍්ජාවිමුත‍්තීනං ගහිතත‍්තා සඵලං චතුසච‍්චභාවං සද‍්ධිං හෙතුසම‍්පත‍්තියා දස‍්සෙන‍්තො බුජ‍්ඣිතබ‍්බං සබ‍්බං බුජ‍්ඣිත්‍වා බුද‍්ධො ජාතොස‍්මීති ඤායෙන හෙතුනා අත‍්තනො බුද‍්ධභාවං විභාවෙති.

එහි අභිඤ්ඤෙය්‍යං යනු චතුරාර්ය සත්‍යයන්ය. සත්‍යයන් සතරත් ආර්ය සත්‍යයනුත් යන මේ සාමාන්‍ය ලෙස ගැනීමෙන් අභිඤ්ඤෙය්‍ය (අවබෝධ කළයුතු) නම් වේ. එහි ආර්ය සත්‍යයන්හි යමක් භාවෙතබ්බං වැඩිය යුතුද ඒ මාර්ග සත්‍යයයි. යම් ඒ පහාතබ්බං ප්‍රහාණය කළයුතු ද ඒ සමුදය සත්‍යයයි. ඒ දෙකම ගැනීමෙන් එහි ප්‍රතිඵල වූ නිරෝධ සත්‍යය හා දුක්ඛ සත්‍යය ද එයටම අන්තර්ගත වේ. හේතුව ගැනීමෙන්ම ඵලසිද්ධිය වෙයි. ඒ නිසා එය අවබෝධ කළයුතුයි. අවබෝධ කළේය. දැනගත යුතුයි. දැනගත්තේයි යන්නද කියන ලදමැයි. අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං දැනගත යුතු, දැනගත් යන මෙයින්ම සියළුම ඤෙය්‍ය මණ්ඩලයාගේ අවබෝධ කරගත් බුද්ධභාවය උද්දෙස වශයෙන් ප්‍රකාශ කොට එහි එක් කොටසක් නිර්දේශ වශයෙන් දක්වන්නේ භාවෙතබ්බඤ්ච භාවිතං ආදිය කීහ. එසේ නැත්නම් භාවෙතබ්බඤ්ච භාවිතං පහාතබ්බං පහීනං (වැඩිය යුතු දෙය වඩන ලද/හළයුතු දෙය ප්‍රහීණ කළ) මෙයින් තමන්ගේ ඤාණ හා ප්‍රහාණ වර්ණනා කිරීම් ස්වභාවයෙන් එය මුල්කරගෙන සියළුම බුදුගුණ පසසන ලදීයැයි කීහ. තස්මා සම්බුද්ධොස්මි බ්‍රාහ්මණ යනු අවබෝධ කළයුතු, අවබෝධ කළ යන දෙකට ගැනීමෙන් සර්වප්‍රකාරයෙන්ම ත්‍රිවිද්‍යා විමුක්තීන් අදහස් කළ බැවින් චතුරාර්ය සත්‍යය සමග හේතු සම්පත්තිය දක්වන්නේ අවබෝධ කළයුතු සියල්ල අවබෝධ කරගෙන බුදු වූයෙමි, යන න්‍යායයෙන් තමන්ගේ බුදු බව ප්‍රකාශ කරයි.

එවං නිප‍්පරියායෙන අත‍්තානං පාතුකරිත්‍වා අත‍්තනි කඞ‍්ඛාවිතරණත්‍ථං බ්‍රාහ‍්මණං උස‍්සාහෙන‍්තො –

මෙසේ විස්තර කිරීමකින් තොරව තමන්ව මතුකර පෙන්වා තමා කෙරෙහි ඇති සැකය නැතිකිරීමේලා බමුණාව උනන්දු කරවන්නේ,

“විනයස‍්සු මයි කඞ‍්ඛං, අධිමුච‍්චස‍්සු බ්‍රාහ‍්මණ; දුල‍්ලභං දස‍්සනං හොති, සම‍්බුද‍්ධානං අභිණ‍්හසො.

විනයස්සු මයි කංඛං අධිමුඤ්චස්සු බ්‍රාහ්මණ, දුල්ලභං දස්සනං හොති සම්බුද්ධානං අභිණහසො.

“යෙසං වෙ දුල‍්ලභො ලොකෙ, පාතුභාවො අභිණ‍්හසො; සොහං බ්‍රාහ‍්මණ බුද‍්ධොස‍්මි, සල‍්ලකත‍්තො අනුත‍්තරො.

යෙසං වෙදුල්ලභො ලොකෙ පාතුභාවො අභිණ්හසො, සොහං බ්‍රහ්මණ සම්බුද්ධො සල්ලකත්තො අනුත්තරො.

“බ්‍රහ‍්මභූතො අතිතුලො, මාරසෙනප‍්පමද‍්දනො; සබ‍්බාමිත‍්තෙ වසෙ කත්‍වා, මොදාමි අකුතොභයො”ති. – ගාථත‍්තයමාහ;

බ්‍රහ්මභූතො අතිතුලො මාරසෙනප්ප මද්දනො, සබ්බාමිත්තෙ වසෙ කත්‍වා මොදාමි අකුතො භයො.

තත්‍ථ විනයස‍්සූති විනෙහි ඡින්‍ද. කඞ‍්ඛන‍්ති විචිකිච‍්ඡං. අධිමුච‍්චස‍්සූති අධිමොක‍්ඛං කර “සම‍්මාසම‍්බුද‍්ධො”ති සද‍්දහ. දුල‍්ලභං දස‍්සනං හොති, සම‍්බුද‍්ධානන‍්ති යතො කප‍්පානං අසඞ‍්ඛ්‍යෙය්‍යම‍්පි බුද‍්ධසුඤ‍්ඤො ලොකො හොති. සල‍්ලකත‍්තොති, රාගාදිසල‍්ලකත‍්තනො. බ්‍රහ‍්මභූතොති සෙට‍්ඨභූතො. අතිතුලොති තුලං අතීතො, නිරුපමොති අත්‍ථො. මාරසෙනප‍්පමද‍්දනොති “කාමා තෙ පඨමා සෙනා”ති (සු· නි· 438; මහානි· 28; චූළනි· නන්‍දමාණවපුච‍්ඡානිද‍්දෙස 47) එවං ආගතාය මාරසෙනාය පමද‍්දනො. සබ‍්බාමිත‍්තෙති ඛන්‍ධකිලෙසාභිසඞ‍්ඛාරමච‍්චුදෙවපුත‍්තමාරසඞ‍්ඛාතෙ සබ‍්බපච‍්චත්‍ථිකෙ . වසෙ කත්‍වාති අත‍්තනො වසෙ කත්‍වා. මොදාමි අකුතොභයොති කුතොචි නිබ‍්භයො සමාධිසුඛෙන, ඵලනිබ‍්බානසුඛෙන ච මොදාමි.

මේ ගාථා තුන කීය. එහි විනයස්සු යනු නැතිකර දමන්න. සිඳ දමන්න. කංඛං සැකය. අධිමුඤ්චස්සු යනු භාග්‍යවතුන් වහන්සේ අධිමොක්‍ෂය ලැබූ බව විශ්වාස කරන්න. දුල්ලභං දස්සනං හොති සම්බුද්ධානං යනු යම්හෙයකින් කල්ප අසංඛ්‍යයක්ව ලෝකයේ බුදුවරයෙක් නැත. සල්ලකත්තො යනු රාගාදිය උදුරාදමන ශල්‍ය වෛද්‍යවරයෙකි. බ්‍රහ්මභූතො ශ්‍රේෂ්ඨ වූ අතිතුලො සමානත්වය ඉක්මවා ගිය, උපමා කළ නොහැකි යන අර්ථයි. මාරසෙනප්පමද්දනො යනු කාමයෝ තාගේ ප්‍රථම සේනාවය යනාදි ලෙස ආවා වූ මාරසේනාව පරාජය කරන, සබ්බාමිත්තෙ යනු ස්කන්ධ, ක්ලේශ, අභිසංඛාර, මාරයා, දේවපුත්‍ර මාරයා සංඛ්‍යාත වූ සියළු සතුරන්, වසෙ කත්‍වා යනු තමන්ගේ යටතට ගෙන මොදාමි අකුතොභයො යනු භයක් කොයින්ද? සමාධි සුවයෙන් හා නිබ්බාන ඵලයෙන් සතුටු වෙමි.

එවං වුත‍්තෙ සෙලො බ්‍රාහ‍්මණො තාවදෙව භගවති සඤ‍්ජාතපසාදො පබ‍්බජ‍්ජාපෙක‍්ඛො හුත්‍වා –

මෙසේ කී කල්හි සෙලො සෙල බ්‍රාහ්මණ තෙමේ එකෙණෙහිම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හටගත් පැහැදීම් ඇත්තේ පැවිදිවනු කැමැතිව ගාථා තුනක් ප්‍රකාශ කළේය.

“ඉදං භොන‍්තො නිසාමෙථ, යථා භාසති චක‍්ඛුමා; සල‍්ලකත‍්තො මහාවීරො, සීහොව නදතී වනෙ.

මහා වනයේ නාදකරන සිංහරාජයකු මෙන් සියල්ල දත් කෙලෙසුන්ට ශල්‍ය වෛද්‍යවරයෙක් වූ මහාවීරයන් වහන්සේ දේශනා කරන දෙය පින්වතුනි, අසන්න.

“බ්‍රහ‍්මභූතං අතිතුලං, මාරසෙනප‍්පමද‍්දනං; කො දිස‍්වා නප‍්පසීදෙය්‍ය, අපි කණ‍්හාභිජාතිකො.

මාරසේනාව පරදවන උතුම් වූ අසමාන වූ උන්වහන්සේව දැක කවරෙක් නම් නොපැහැදෙන්නේද, අඳුරෙන් අඳුරට යන නීච ජාතිකයා පවා පැහැදෙයි.

“යො මං ඉච‍්ඡති අන්‍වෙතු, යො වා නිච‍්ඡති ගච‍්ඡතු; ඉධාහං පබ‍්බජිස‍්සාමි, වරපඤ‍්ඤස‍්ස සන‍්තිකෙ”ති. – ගාථත‍්තයමාහ.

යමෙක් මට කැමතිද, ඔහු මා අනුව ඒවා. යමෙක් අකමැතිද ඔහු යේවා. උතුම් ප්‍රඥාවන්ත වූ උතුමා ලඟ මෙහි මම පැවිදි වෙමි.

යථා තං පරිපාකගතාය උපනිස‍්සයසම‍්පත‍්තියා චොදියමානො. තත්‍ථ කණ‍්හාභිජාතිකොති, නීචජාතිකො, තමොතමපරායණභාවෙ ඨිතො. තතො තෙපි මාණවකා හෙතුසම‍්පන‍්නතාය තත්‍ථෙව පබ‍්බජ‍්ජාපෙක‍්ඛා හුත්‍වා –

යම්සේ මුහුකුරා ගිය උපනිශ්‍රය සම්පත්තියෙන් මෙහෙයවන ලද්දා වූ - එහි කණාභිජාතිකො යනු පහත් ජන්ම ඇති, අඳුරෙන් අඳුරට යන ස්වභාව ඇති. ඉක්බිති ඒ තරුණයෝ ද වාසනා සම්පත්තිය ඇති බැවින් එහිම පැවිද්ද අපේක්‍ෂාවෙන් සිට,

“එතං චෙ රුච‍්චති භොතො, සම‍්මාසම‍්බුද‍්ධසාසනං; මයම‍්පි පබ‍්බජිස‍්සාම, වරපඤ‍්ඤස‍්ස සන‍්තිකෙ”ති. – ගාථමාහංසු,

එතං චෙ රුච්චති භොතො සම්මා සම්බුද්ධසාසනං, මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකෙ - යන ගාථාව කීහ.

පින්වත් ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසනය රුචි වන්නේද, අපිද උතුම් ප්‍රඥාවන්ත වූ භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිදිවන්නෙමු යන ගාථාව කීහ.

යථා තං තෙන සද‍්ධිං කතාධිකාරා කුලපුත‍්තා. අථ සෙලො තෙසු මාණවකෙසු තුට‍්ඨචිත‍්තො තෙ දස‍්සෙන‍්තො පබ‍්බජ‍්ජඤ‍්ච යාචමානො –

යම්සේ ඔහු සමගම කරන ලද ප්‍රාර්ථනා ඇති කුලපුත්‍රයෝ ඉක්බිති සෙලො සෙල තෙම ඒ තරුණයන් කෙරෙහි පැහැදි සිත් ඇත්තේ ඔවුන් දක්වමින් පැවිද්ද ද ඉල්වන්නේ

“බ්‍රාහ‍්මණා තිසතා ඉමෙ, යාචන‍්ති පඤ‍්ජලීකතා; බ්‍රහ‍්මචරියං චරිස‍්සාම, භගවා තව සන‍්තිකෙ”ති. – ගාථමාහ;

බ්‍රාහ්මණ තිසතා ඉමෙ යාචන්ති පඤ්ජලීකතා, බ්‍රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකෙ.

මේ තුන්සියයක් බ්‍රාහ්මණයෝ ඇඳිලි බැඳගෙන (වැඳගෙන) ඉල්ලා සිටිත්. භාග්‍යවතුන් වහන්ස! අපි ඔබවහන්සේ ලඟ බඹසර හැසිරෙන්නෙමු. (මේ ගාථාව කීහ)

තතො භගවා යස‍්මා සෙලො හෙට‍්ඨා වුත‍්තනයෙන පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ තෙසංයෙව තිණ‍්ණං පුරිසසතානං ගණජෙට‍්ඨො හුත්‍වා රොපිතකුසලමූලො, ඉදානි පච‍්ඡිමභවෙපි තෙසංයෙව ආචරියො හුත්‍වා නිබ‍්බත‍්තො, ඤාණඤ‍්චස‍්ස තෙසඤ‍්ච පරිපක‍්කං, එහිභික‍්ඛුභාවස‍්ස ච උපනිස‍්සයො අත්‍ථි, තස‍්මා තෙ සබ‍්බෙව එහිභික‍්ඛුභාවෙන පබ‍්බජ‍්ජාය පබ‍්බාජෙන‍්තො –

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, යම්හෙයකින් සෙලො සෙල තෙමේ පහත කියන ක්‍රමයට පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි ඒ තුන්සියයක් තරුණයන්ගේ නායකයා වී වඩන ලද කුසල්මුල් ඇත්තේ දැන් අවසන් ආත්මභාවයෙහි ද ඔවුන්ගේම ගුරුවරයා වී උපන්, ඔහුගේද ඔවුන්ගේද නුවණ මෝරා ගොස්ය. එහිභික්‍ෂුභාවයට වාසනාව ඇත. ඒ නිසා සියල්ලන්ට එහි භික්‍ෂුභාවයෙන් පැවිදි කරන්නේ,

“ස‍්වාඛාතං බ්‍රහ‍්මචරියං, (සෙලාති භගවා) සන්‍දිට‍්ඨිකමකාලිකං; යත්‍ථ අමොඝා පබ‍්බජ‍්ජා, අප‍්පමත‍්තස‍්ස සික‍්ඛතො”ති. – ගාථමාහ;

ස්වාක්‍ඛාතං බ්‍රහ්මචරියං (සෙලාතිභගවා) සන්‍දිට්ඨිසමකාලිකං, යත්‍ථ අමොඝා පබ්බජ්ජා අප්පමත්තස්ස සික්‍ඛතො.

තත්‍ථ සන්‍දිට‍්ඨිකන‍්ති පච‍්චක‍්ඛං. අකාලිකන‍්ති මග‍්ගානන‍්තරඵලුප‍්පත‍්තිතො න කාලන‍්තරෙ පත‍්තබ‍්බඵලං. යත්‍ථාති යංනිමිත‍්තා . මග‍්ගබ්‍රහ‍්මචරියනිමිත‍්තා හි පබ‍්බජ‍්ජා අමොඝා අනිප‍්ඵලා, යත්‍ථාති වා යස‍්මිං සාසනෙ අප‍්පමත‍්තස‍්ස සතිවිප‍්පවාසරහිතස‍්ස තීසු සික‍්ඛාසු සික‍්ඛතො.

යන ගාථාව කීය. එහි සන්‍දිට්ඨිකං යනු ප්‍රත්‍යක්‍ෂ වශයෙන්, අකාලිකං යනු මාර්ගයට අනතුරුව ඵලය ලබාගැනීමෙන් කල්නොගොස් ලබාගත යුතු ඵලය. යත්‍ථ යනු යමක් නිමිතිකොට පබ්බජ්ජා අමොඝා පැවිද්ද හිස් නැත. යත්‍ථ යනු යම්කිසි සාසනයක. අප්පමත්තස්ස සිහිතොර බැවින් මිදුණු, ත්‍රිශික්‍ෂාවෙහි සික්‍ඛතො නික්මෙන්නහුට,

එවඤ‍්ච වත්‍වා “එථ, භික‍්ඛවො”ති භගවා අවොච. තාවදෙව තෙ සබ‍්බෙ ඉද‍්ධිමයපත‍්තචීවරධරා හුත්‍වා සට‍්ඨිවස‍්සිකත්‍ථෙරා විය භගවන‍්තං අභිවාදෙත්‍වා පරිවාරෙසුං. සො එවං පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො සත‍්තමෙ දිවසෙ සපරිසො අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.40.208-303) –

මෙසේද කියා මහණෙනි, මෙහි එව් යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එකෙණෙහිම ඒ සියලුදෙන ඍද්ධිමය පාසිවුරු දරා හැටවයස් පිරුණු තෙරවරුන් මෙන් බුදුන් වැඳ පිරිවරා සිටියහ. හෙතෙම මෙසේ පැවිදිව විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ සත්වෙනි දවසෙහි පිරිවර සහිතව රහත්බවට පත්විය. ඒ නිසා අපදානයෙහි මෙසේ කියන ලදී.

“නගරෙ හංසවතියා, වීථිසාමී අහොසහං; මම ඤාතී සමානෙත්‍වා, ඉදං වචනමබ්‍රවිං.

මම හංසවතී නගරයෙහි වීථි වාසියෙක් වීමි. මගේ නෑයන් කැඳවා මේ වචන කීවෙමි.

“බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො, පුඤ‍්ඤක‍්ඛෙත‍්තො අනුත‍්තරො; ආසි සො සබ‍්බලොකස‍්ස, ආහුතීනං පටිග‍්ගහො.

පින්කෙතක් වූ උතුම් වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළවිය. උන්වහන්සේ සියළු ලෝකයාගේ පූජාවන් පිළිගන්නේ විය.

“ඛත‍්තියා නෙගමා චෙව, මහාසාලා ච බ්‍රාහ‍්මණා; පසන‍්නචිත‍්තා සුමනා, පූගධම‍්මං අකංසු තෙ.

ක්‍ෂත්‍රියයෝද නිගම්වැසියෝද මහාසාල කුලවන්තයෝද බ්‍රාහ්මණයෝද ප්‍රසන්න සිත් ඇත්තාහු මනා සිත් ඇත්තාහු එක්තැන් වූහ.

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; පසන‍්නචිත‍්තා සුමනා, පූගධම‍්මං අකංසු තෙ.

ඇත්, අස්, රිය, පාබල යන හමුදාවල නිරතවූවෝ ප්‍රසන්න මනා සිත් ඇත්තාහු එක්තැන් වූහ.

“උග‍්ගා ච රාජපුත‍්තා ච, වෙසියානා ච බ්‍රාහ‍්මණා; පසන‍්නචිත‍්තා සුමනා, පූගධම‍්මං අකංසු තෙ.

සම්භාවනීය පුද්ගලයෝද රාජපුත්‍රයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද ප්‍රසන්න සිත් ඇත්තාහු මනා සිත් ඇත්තාහු එක්වූහ.

“ආළාරිකා කප‍්පකා ච, න‍්හාපකා මාලකාරකා; පසන‍්නචිත‍්තා සුමනා, පූගධම‍්මං අකංසු තෙ.

ආදාහන කරන්නෝ පණික්කියෝද නාවන්නෝද මාලාකාරයෝද පසන් සිත් ඇත්තාහු එක්වූහ.

“රජකා පෙසකාරා ච, චම‍්මකාරා ච න‍්හාපිතා; පසන‍්නචිත‍්තා සුමනා, පූගධම‍්මං අකංසු තෙ.

රජකයෝද රෙදි වියන්නෝද සම්වැඩ කරන්නෝද කරණවෑමියෝද යහපත් ප්‍රසන්න සිත් ඇත්තාහු එක්තැන් වූහ.

“උසුකාරා භමකාරා, චම‍්මකාරා ච තච‍්ඡකා; පසන‍්නචිත‍්තා සුමනා, පූගධම‍්මං අකංසු තෙ.

වඩුවෝද කුඹල්ලුද සම්වැඩකරුවෝද හීවඩුවෝද ප්‍රසන්න මනා සිත් ඇත්තාහුද රැස්වූහ.

“කම‍්මාරා සොණ‍්ණකාරා ච, තිපුලොහකරා තථා; පසන‍්නචිත‍්තා සුමනා, පූගධම‍්මං අකංසු තෙ.

එසේම කම්මල්කරුවෝද රන්වැඩකරුවෝද ටින්වැඩ කරුවෝද ප්‍රසන්න මනා සිත් ඇත්තාහු එක්වූහ.

“භතකා චෙටකා චෙව, දාසකම‍්මකරා බහූ; යථාසකෙන ථාමෙන, පූගධම‍්මං අකංසු තෙ.

කුලීකාරයෝද වහල්ලුද එසේම බොහෝ දාසයෝද තමන්ගේ ශක්ති පමණින් එක්වූහ.

“උදහාරා කට‍්ඨහාරා, කස‍්සකා තිණහාරකා; යථාසකෙන ථාමෙන, පූගධම‍්මං අකංසු තෙ.

ජලය ගෙනෙන්නෝද දර ගෙනෙන්නෝද ගොවියෝද තණ ගෙනෙන්නෝද තමන්ගේ ශක්ති පමණින් ඒකරාශී වූහ.

“පුප‍්ඵිකා මාලිකා චෙව, පණ‍්ණිකා ඵලහාරකා; යථාසකෙන ථාමෙන, පූගධම‍්මං අකංසු තෙ.

මල් ගෙනියන්නෝද, මාලාදාමයන් ගෙනියන්නෝද කොළ ගෙනෙන්නෝද ඵල ගෙනයන්නෝද තමන්ට හැකි පමණින් සහාය දුන්හ.

“ගණිකා කුම‍්භදාසී ච, පූවිකා මච‍්ඡිකාපි ච; යථාසකෙන ථාමෙන, පූගධම‍්මං අකංසු තෙ.

ගණිකාවෝද, දිය ගෙනෙන වහල් කාන්තාවෝද ආහාර පිසන්නියෝද මාළු අල්ලන්නෝද තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සහාය දුන්හ.

“එථ සබ‍්බෙ සමාගන‍්ත්‍වා, ගණං බන්‍ධාම එකතො; අධිකාරං කරිස‍්සාම, පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ.

එන්න අපි සියල්ලෝම එකට එක්වී කණ්ඩායමක් වෙමු. අනුත්තර වූ පින්කෙතෙහි උදව්කාරයෝ වෙමු.

“තෙ මෙ සුත්‍වාන වචනං, ගණං බන්‍ධිංසු තාවදෙ; උපට‍්ඨානසාලං සුකතං, භික‍්ඛුසඞ‍්ඝස‍්ස කාරයුං.

ඔවුහු මට යහපති. හොඳයයි කියා එකෙණෙහි රැස් වූහ. මනාකොට සකස්කළ උපස්ථාන ශාලාවක් භික්‍ෂූන්ට සූදානම් කර දුන්හ.

“නිට‍්ඨාපෙත්‍වාන තං සාලං, උදග‍්ගො තුට‍්ඨමානසො; පරෙතො තෙහි සබ‍්බෙහි, සම‍්බුද‍්ධමුපසඞ‍්කමිං.

ඔව්හු ඒ ශාලාව නිමකර මනා සතුටට පත් සිත් ඇත්තෝ සියල්ලෝම බුදුන් සමීපයට ගියාහ.

“උපසඞ‍්කම‍්ම සම‍්බුද‍්ධං, ලොකනාථං නරාසභං; වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ, ඉදං වචනමබ්‍රවිං.

බුදුන් වෙත පැමිණ ලෝකනාථ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුන්ගේ පා වැඳ මේ වචන ප්‍රකාශ කළහ.

“ඉමෙ තීණි සතා වීර, පුරිසා එකතො ගණා; උපට‍්ඨානසාලං සුකතං, නිය්‍යාදෙන‍්ති තුවං මුනි.

මුනිවරයන් වහන්ස! මේ තුන්සීයක් වීර තරුණයෝ එක්සත් වී උපස්ථාන ශාලාවක් පිළියෙල කළහ. ඔබවහන්සේට එය පිළිගන්වන්නෙමු.

“භික‍්ඛුසඞ‍්ඝස‍්ස පුරතො, සම‍්පටිච‍්ඡත්‍ව චක‍්ඛුමා; තිණ‍්ණං සතානං පුරතො, ඉමා ගාථා අභාසථ.

බුදුන්වහන්සේ භික්‍ෂු සංඝයා ඉදිරියෙහි පිළිගෙන තුන්සියයක් (තරුණයන්) ඉදිරියෙහි මේ ගාථා වදාළහ.

“තිසතාපි ච ජෙට‍්ඨො ච, අනුවත‍්තිංසු එකතො; සම‍්පත‍්තිඤ‍්හි කරිත්‍වාන, සබ‍්බෙ අනුභවිස‍්සථ.

තුන්සියයක්ද ප්‍රධානියාද එකට එකතුවී සම්පත් යොදවා මේ ශාලාව කළහ. එහි විපාක සියල්ලෝම අනුභව කරත්වා!

“පච‍්ඡිමෙ භවෙ සම‍්පත‍්තෙ, සීතිභාවමනුත‍්තරං; අජරං අමතං සන‍්තං, නිබ‍්බානං ඵස‍්සයිස‍්සථ.

භවයන් අසූවකට පසුව අන්තිම ආත්මභාවය පැමිණි කල්හි ශාන්ත වූ අජර වූ අමෘත වූ නිර්වාණය ලබන්නහුය.

“එවං බුද‍්ධො වියාකාසි, සබ‍්බඤ‍්ඤූ සමණුත‍්තරො; බුද‍්ධස‍්ස වචනං සුත්‍වා, සොමනස‍්සං පවෙදයිං.

අනුත්තර වූ සර්වඥයන් වහන්සේ මෙසේ විවරණ දුන් සේක. බුදුන්ගේ වචනය අසා සතුට ප්‍රකාශ කළෙමි.

“තිංසකප‍්පසහස‍්සානි, දෙවලොකෙ රමිං අහං; දෙවාධිපො පඤ‍්චසතං, දෙවරජ‍්ජමකාරයිං.

මම කල්ප තුන්දහසක් දෙව්ලොව සැප වින්දෙමි. දෙවියන්ට අධිපතිව පන්සියයක් දේව රාජ්‍යයන්හි රජ කළෙමි.

“සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච, චක‍්කවත‍්තී අහොසහං; දෙවරජ‍්ජං කරොන‍්තස‍්ස, මහාදෙවා අවන්‍දිසුං.

මම දහස් වාරයක් සක්විති රජ වූයෙමි. දේවරාජ්‍යය කරන මට මහා දෙවිවරු නමස්කාර කළහ.

“ඉධ මානුසකෙ රජ‍්ජං, පරිසා හොන‍්ති බන්‍ධවා; පච‍්ඡිමෙ භවෙ සම‍්පත‍්තෙ, වාසෙට‍්ඨො නාම බ්‍රාහ‍්මණො.

මේ ලෝකයේ මනුෂ්‍ය රාජ්‍යයෙහි සිටින පිරිස නෑයෝය. අවසන් ආත්මභාවයේදී වාසිට්ඨ නම් බ්‍රාහ්මණයා වෙමි.

“අසීතිකොටි නිචයො, තස‍්ස පුත‍්තො අහොසහං; සෙලො ඉති මමං නාමං, ඡළඞ‍්ගෙ පාරමිං ගතො.

අසූ කෝටියක් ධනය ඇති ඔහුට මම පුත්‍රයා වීමි. අංග හයක පරතෙරට ගිය මට සේල යන නම ලැබිණ.

“ජඞ‍්ඝාවිහාරං විචරං, සසිස‍්සෙහි පුරක‍්ඛතො; ජටාභාරිකභරිතං, කෙණියං නාම තාපසං.

ශිෂ්‍යයන් පෙරටු කොටගෙන ජටාබරින් බර වූ කේනිය නම් තවුසා වෙත ඇවිදගෙන ගියෙමි.

“පටියත‍්තාහුතිං දිස‍්වා, ඉදං වචනමබ්‍රවිං; ආවාහො වා විවාහො වා, රාජා වා තෙ නිමන‍්තිතො.

පිළියෙළ කරන ලද පුදපූජාවන් දැක මේ වචන කීවෙමි. ආවාහයක් ද විවාහයක්ද නැත්නම් රජෙකුට ආරාධනා කර තිබේද?

“ආහුතිං යිට‍්ඨුකාමොහං, බ්‍රාහ‍්මණෙ දෙවසම‍්මතෙ; න නිමන‍්තෙමි රාජානං, ආහුතී මෙ න විජ‍්ජති.

මම දේවසම්මත වූ බමුණන් කෙරෙහි පුදනු කැමැත්තෙමි. රජ කෙනෙකුට ආරාධනා නොකරමි. එයට පූජාවක් නැත.

“න චත්‍ථි මය‍්හමාවාහො, විවාහො මෙ න විජ‍්ජති; සක්‍යානං නන්‍දිජනනො, සෙට‍්ඨො ලොකෙ සදෙවකෙ.

මට ආවාහයක් හෝ විවාහයක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි ශාක්‍යයන්ගේ සතුට වඩන ශ්‍රේෂ්ඨ වූ සියළු සත්ත්වයන්ට සැපගෙන දෙන්නා වූ සියළු ලෝකයාට හිත පිණිස පවත්නා උත්තමයකුට හෙට දානය සඳහා ආරාධනා කළෙමි. මේ පිළියෙළ කිරීම උන්වහන්සේ සඳහාය.

“සබ‍්බලොකහිතත්‍ථාය , සබ‍්බසත‍්තසුඛාවහො; සො මෙ නිමන‍්තිතො අජ‍්ජ, තස‍්සෙතං පටියාදනං.

“තිම‍්බරූසකවණ‍්ණාභො, අප‍්පමෙය්‍යො අනූපමො; රූපෙනාසදිසො බුද‍්ධො, ස‍්වාතනාය නිමන‍්තිතො.

අප්‍රමාණ වූ අනුපමේය වූ උන්වහන්සේ තිඹිරි ඵලයක් වැනි වර්ණ ඇත්තේය. රූපයෙන් අසමාන වූ බුදුන් වහන්සේව හෙට සඳහා ආරාධනා කළෙමි.

“උක‍්කාමුඛපහට‍්ඨොව, ඛදිරඞ‍්ගාරසන‍්නිභො; විජ‍්ජූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

කම්මල්කරුවාගේ උදුන වැනි ප්‍රභාමත් කිහිරි අඟුරු සමාන විදුලියක් වැනි ඒ බුද්ධවීරයන් වහන්සේ හෙට සඳහා ආරාධනා කළෙමි.

“පබ‍්බතග‍්ගෙ යථා අච‍්චි, පුණ‍්ණමායෙව චන්‍දිමා; නළග‍්ගිවණ‍්ණසඞ‍්කාසො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

පර්වත කෙළවර ආලෝක ධාරාවක් වැනි පසළොස්වක චන්ද්‍රයා වැනි ගින්නට සමාන වර්ණයෙන් යුක්ත ඒ බුදුන්වහන්සේට හෙට දානය සඳහා ආරාධනා කළෙමි.

“අසම‍්භීතො භයාතීතො, භවන‍්තකරණො මුනි; සීහූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

තැති ගැන්මක් නැති බිය පහවූ භවය අවසන් කරන්නා වූ සිංහයෙක් වැනි මහාවීර වූ ඒ මුනිවරයන් වහන්සේව (හෙට සඳහා) ආරාධනා කළෙමි.

“කුසලො බුද‍්ධධම‍්මෙහි, අපසය‍්හො පරෙහි සො; නාගූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

බුද්ධ ධර්මයෙහි දක්ෂ වූ අනුන් විසින් පැරදවිය නොහැකි හස්තියකු වැනි ඒ මහාවීරයන් වහන්සේට ආරාධනා කළෙමි.

“සද‍්ධම‍්මාචාරකුසලො, බුද‍්ධනාගො අසාදිසො; උසභූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

අසදිස වූ බුද්ධනාග වූ මනා පැවතුහි දක්ෂ වූ උසභ රාජයකු හා සමාන වූ මහාවීර වූ බුදුන්වහන්සේට ආරාධනා කළෙමි.

“අනන‍්තවණ‍්ණො අමිතයසො, විචිත‍්තසබ‍්බලක‍්ඛණො; සක‍්කූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

අප්‍රමාණ වූ වර්ණවත් අසීමිත යසස් ඇති සියළු ලක්‍ෂණයන්ගෙන් විසිතුරු වූ ශක්‍රයකු වැනි වූ මහාවීරයන් වහන්සේට ආරාධනා කළෙමි.

“වසී ගණී පතාපී ච, තෙජස‍්සී ච දුරාසදො; බ්‍රහ‍්මූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

තමා කෙරෙහි පැහැදුනා වූ පිරිස් ඇති ප්‍රතාපවත් තේජවන්ත ලඟාවිය නොහැකි බ්‍රහ්මයාට සමාන වූ මහාවීරයන්ට ආරාධනා කළෙමි.

“පත‍්තධම‍්මො දසබලො, බලාතිබලපාරගො; ධරණූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

ලඟා කරගත් ධර්මය ඇති දසබලධාරී බලයෙන් පරතෙරට ගියේ මහපොළොව වැනි මහාවීරයන් වහන්සේට ආරාධනා කළෙමි.

“සීලවීචිසමාකිණ‍්ණො, ධම‍්මවිඤ‍්ඤාණඛොභිතො; උදධූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

සීල නමැති රළ ඇති ධර්මවිඥාන දෙකින් කැළඹුණා වූ මහා සමුද්‍රය වැනි මහාවීර වූ බුදුන්වහන්සේට ආරාධනා කළෙමි.

“දුරාසදො දුප‍්පසහො, අචලො උග‍්ගතො බ්‍රහා; නෙරූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

ලඟාවිය නොහැකි ඉක්මවිය නොහැකි චංචල නොවූ අනන්ත වූ ඥාන ඇති අසමසම වූ සමාන කළ නොහැකි අග්‍රස්ථානයට ගිය අහස වැනි වූ මහාවීර වූ ඒ බුදුන්වහන්සේට ආරාධනා කළෙමි.

“අනන‍්තඤාණො අසමසමො, අතුලො අග‍්ගතං ගතො; ගගනූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

“පතිට‍්ඨා භයභීතානං, තාණො සරණගාමිනං; අස‍්සාසකො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

බියෙන් තැති ගත්තවුන්ට පිහිටක් වූ සරණගිය අයට ආධාරකයක් වූ සනසන්නා වූ මහාවීර වූ බුදුන්ට ආරාධනා කළෙමි.

“ආසයො බුද‍්ධිමන‍්තානං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං සුඛෙසිනං; රතනාකරො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

බුද්ධිමතුන්ට ආශ්‍රය සමානයක් වූ සැප සොයන්නවුන්ට පින්කෙතක් වූ සාගරයක් බඳු ඒ මහාවීරයන් වහන්සේ ආරාධනා කළෙමි.

“අස‍්සාසකො වෙදකරො, සාමඤ‍්ඤඵලදායකො; මෙඝූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

සැනසිල්ල ලබාදෙන සතුට ඇතිකරන සාමඤ්ඤඵලයන් දෙන්නා වූ මේඝයක් වැනි මහාවීර වූ බුදුන් වහන්සේට ආරාධනා කළෙමි.

“ලොකචක‍්ඛු මහාතෙජො, සබ‍්බතමවිනොදනො; සූරියූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

ලොවට ඇසක් වැනි වූ මහා තේජස් ඇති සියළු අඳුර දුරලන්නා වූ සූර්යයා වැනි වූ බුදුන්ට ආරාධනා කළෙමි.

“ආරම‍්මණවිමුත‍්තීසු, සභාවදස‍්සනො මුනි; චන්‍දූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

විමුක්ති අරමුණුවල සභාවදස්සනය ඇති මුනීන්ද්‍රයන් වහන්සේ චන්ද්‍රයා බඳුය. ඒ මහාවීරයන් වහන්සේට ආරාධනා කළෙමි.

“බුද‍්ධො සමුස‍්සිතො ලොකෙ, ලක‍්ඛණෙහි අලඞ‍්කතො; අප‍්පමෙය්‍යො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

[missing trans]

“යස‍්ස ඤාණං අප‍්පමෙය්‍යං, සීලං යස‍්ස අනූපමං; විමුත‍්ති අසදිසා යස‍්ස, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

යමකුගේ නුවණ ප්‍රමාණ කළ නොහැකිද, යමකුගේ සීලය උපමාකළ නොහැකිද යමකුගේ විමුක්තිය අසදෘසද ඒ බුදුන්ට ආරාධනා කළෙමි.

“යස‍්ස ධීති අසදිසා, ථාමො යස‍්ස අචින‍්තියො; යස‍්ස පරක‍්කමො ජෙට‍්ඨො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

යමකුගේ ධෛර්යය අසදෘසද ශක්තිය අචින්ත්‍යද යමකුගේ පරාක්‍රමය ජ්‍යෙෂ්ඨද ඒ බුදුන්ට ආරාධනා කළෙමි.

“රාගො දොසො ච මොහො ච, විසා සබ‍්බෙ සමූහතා; අගදූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

රාග, දෝස, මෝහ යන සියළු විස සම්පුර්ණයෙන් නසන ලදී. ඖෂධයක් බඳු මහාවීරයන්ට ආරාධනා කළෙමි.

“ක‍්ලෙසබ්‍යාධිබහුදුක‍්ඛ-සබ‍්බතමවිනොදනො; වෙජ‍්ජූපමො මහාවීරො, සො මෙ බුද‍්ධො නිමන‍්තිතො.

කෙලෙස් නමැති රෝගයන්ද බොහෝ දුක් ගෙනදෙන්නා වූ සියළු රෝග නැතිකරන්නා වූ වෛද්‍යවරයකු හා සමානවුන්ට ආරාධනා කළෙමි.

“බුද‍්ධොති භො යං වදෙසි, ඝොසොපෙසො සුදුල‍්ලභො; බුද‍්ධො බුද‍්ධොති සුත්‍වාන, පීති මෙ උදපජ‍්ජථ.

පින්වතුනි! බුදුන් යමෙක් කියයිද, මේ ශබ්දයද ඉතා දුර්ලභයි. බුදුන්ය. බුදුන්ය යන්න අසා මට ප්‍රීතියක් ඇතිවිය.

“අබ‍්භන‍්තරං අගණ‍්හන‍්තං, පීති මෙ බහි නිච‍්ඡරෙ; සොහං පීතිමනො සන‍්තො, ඉදං වචනමබ්‍රවිං.

ඇතුළතට නොගන්නා වූ මාගේ ප්‍රීතිය බැහැර කළෙමි. ඒ මම ප්‍රීතිමත් සිත් ඇතිව ශාන්තව මේ වචන කීවෙමි.

“කහං නු ඛො සො භගවා, ලොකජෙට‍්ඨො නරාසභො; තත්‍ථ ගන‍්ත්‍වා නමස‍්සිස‍්සං, සාමඤ‍්ඤඵලදායකං.

ලෝකයට ප්‍රධාන වූ නරාසභ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කොහිද? ශ්‍රමණඵල ලබාදෙන්නා වූ උන්වහන්සේට එහි ගොස් නමස්කාර කරමි.

“පග‍්ගය‍්හ දක‍්ඛිණං බාහුං, වෙදජාතො කතඤ‍්ජලී; ආචික‍්ඛි මෙ ධම‍්මරාජං, සොකසල‍්ලවිනොදනං.

වේදය වන්නා වූ ඇඳිලි බැඳ ගත්තා වූ ඔහු දකුණු අතින් අල්ලාගෙන සෝක නමැති ඊය උදුරා දමන ධර්මරාජයන් වහන්සේ ගැන මට කීවේය.

“උදෙන‍්තංව මහාමෙඝං, නීලං අඤ‍්ජනසන‍්නිභං; සාගරං විය දිස‍්සන‍්තං, පස‍්සසෙතං මහාවනං.

මහාමේඝයක් මෙන් පැතිර පවත්නා අඳුන් හා සමාන නීල වර්ණයෙන් යුත් සාගරය මෙන් පෙනෙන මේ වනය බලව්.

“එත්‍ථ සො වසතෙ බුද‍්ධො, අදන‍්තදමකො මුනි; විනයන‍්තො ච වෙනෙය්‍යෙ, බොධෙන‍්තො බොධිපක‍්ඛියෙ.

අප්‍රමාණ ජනයාව දමනය කරන්නා වූ බුද්ධ වූ ඒ මුනිවරයන් වහන්සේ මෙහි වැඩවසයි. හික්මවිය යුත්තන් හික්මවමින් බෝධිපාක්‍ෂිකයන්ට ධර්මය අවබෝධ කරවයි.

“පිපාසිතොව උදකං, භොජනංව ජිඝච‍්ඡිතො; ගාවී යථා වච‍්ඡගිද‍්ධා, එවාහං විචිනිං ජිනං.

පිපාසිතයා ජලයක් මෙන් සාගින්න ඇත්තහු ආහාරය මෙන් වසුපැටියාට ආදරය කරන එළදෙන මෙන් මම මුනිවරයන් වහන්සේව සෙව්වෙමි.

“ආචාරඋපචාරඤ‍්ඤූ, ධම‍්මානුච‍්ඡවිසංවරං; සික‍්ඛාපෙමි සකෙ සිස‍්සෙ, ගච‍්ඡන‍්තෙ ජිනසන‍්තිකං.

[missing trans]

“දුරාසදා භගවන‍්තො, සීහාව එකචාරිනො; පදෙ පදං නික‍්ඛිපන‍්තා, ආගච‍්ඡෙය්‍යාථ මාණවා.

තනිව හැසිරෙන සිංහයෙක් මෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත ලඟාවීම අපහසුය. මාණවකයෙනි, පියවරින් පියවර තබමින් ලඟාවන්න.

“ආසීවිසො යථා ඝොරො, මිගරාජාව කෙසරී; මත‍්තොව කුඤ‍්ජරො දන‍්තී, එවං බුද‍්ධා දුරාසදා.

ආසිර්විෂ ඝෝර වූ සර්පයා මෘගරාජ වූ කේසර සිංහයා, දළ ඇති මත්ත හස්තියා මෙන්ම බුදුන් වෙතට ලඟාවීම අපහසුය.

“උක‍්කාසිතඤ‍්ච ඛිපිතං, අජ‍්ඣුපෙක‍්ඛිය මාණවා; පදෙ පදං නික‍්ඛිපන‍්තා, උපෙථ බුද‍්ධසන‍්තිකං.

උගුර පෑදීම පවා නතරකර අවධානයෙන් යුතු මාණවකයෝ පාතබමින් බුදුන් සමීපයට ලඟ වූහ.

“පටිසල‍්ලානගරුකා, අප‍්පසද‍්දා දුරාසදා; දුරූපසඞ‍්කමා බුද‍්ධා, ගරූ හොන‍්ති සදෙවකෙ.

හුදෙකලාව ගරුකරන අල්ප ශබ්ද ඇතිව ලඟාවීමට අපහසු බුදුවරු දෙවියන් සහිත ලෝකයේ ගරු කටයුත්තෝය.

“යදාහං පඤ‍්හං පුච‍්ඡාමි, පටිසම‍්මොදයාමි වා; අප‍්පසද‍්දා තදා හොථ, මුනිභූතාව තිට‍්ඨථ.

යම්විටක මම ප්‍රශ්නයක් අසම්ද සතුටු වෙම්ද එකල්හි අල්ප ශබ්ද ඇතිව කථාබහ නොකර සිටිව්.

“යං සො දෙසෙති සම‍්බුද‍්ධො, ඛෙමං නිබ‍්බානපත‍්තියා; තමෙවත්‍ථං නිසාමෙථ, සද‍්ධම‍්මසවනං සුඛං.

උන්වහන්සේ නිර්වාණයට පැමිණීම සඳහා ක්‍ෂේම වූ යම් ධර්මයක් දේශනා කරයිද, එම අර්ථයම අසව්. සද්ධරමයට සවන්දීම සැපයකි.

“උපසඞ‍්කම‍්ම සම‍්බුද‍්ධං, සම‍්මොදිං මුනිනා අහං; තං කථං වීතිසාරෙත්‍වා, ලක‍්ඛණෙ උපධාරයිං.

මම බුදුන් වෙත පැමිණ මුනිවරයන් වහන්සේ සමග සතුටු වූයෙමි. කථාබහ කොට ලක්‍ෂණයන් සළකා බැලුවෙමි.

“ලක‍්ඛණෙ ද‍්වෙ ච කඞ‍්ඛාමි, පස‍්සාමි තිංසලක‍්ඛණෙ; කොසොහිතවත්‍ථගුය‍්හං, ඉද‍්ධියා දස‍්සයී මුනි.

ලක්‍ෂණයන්හි සැක කරමි. ලක්‍ෂණ තිහක් දකිමි. මුනිවරයන් වහන්සේ කොසොහිත වත්‍ථගුය්හ බව සෘද්ධියෙන් දැක්වීය.

“ජිව‍්හං නින‍්නාමයිත්‍වාන, කණ‍්ණසොතෙ ච නාසිකෙ; පටිමසි නලාටන‍්තං, කෙවලං ඡාදයී ජිනො.

දිව නවා කණ, නාසය ස්පර්ශ කරයි. ජිනවරයන් වහන්සේ මුළු නලල් තළයම වසාගනියි.

“තස‍්සාහං ලක‍්ඛණෙ දිස‍්වා, පරිපුණ‍්ණෙ සබ්‍යඤ‍්ජනෙ; බුද‍්ධොති නිට‍්ඨං ගන‍්ත්‍වාන, සහ සිස‍්සෙහි පබ‍්බජිං.

මම උන්වහන්සේගේ පිරිපුන් ලක්‍ෂණයන් දැක බුදුවරයෙක්යැයි නිගමනය කර ශිෂ්‍යයන් සමග පැවිදිවිමි.

“සතෙහි තීහි සහිතො, පබ‍්බජිං අනගාරියං; අඩ‍්ඪමාසෙ අසම‍්පත‍්තෙ, සබ‍්බෙ පත‍්තාම‍්හ නිබ‍්බුතිං.

තුන්සියයක් සමග අනගාරික පැවිද්ද ලැබුවෙමි. අපි සියල්ලෝම මාස භාගයක් ගතවන්ට පළමු නිවනට පැමිණියෙමු.

“එකතො කම‍්මං කත්‍වාන, පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ; එකතො සංසරිත්‍වාන, එකතො විනිවත‍්තයුං.

අනුත්තර වූ පින්කෙත වෙනුවෙන් එකමුතුව වැඩකර එකට සසර හැසිර එකට පැවත ආවෙමු.

“ගොපානසියො දත්‍වාන, පූගධම‍්මෙ වසිං අහං තෙන කම‍්මෙන සුකතෙන, අට‍්ඨ හෙතූ ලභාමහං.

වහල සෑදීමට බාල්ක දී මම එකමුතුව වාසය කළෙමි. කළා වූ යහපත් කටයුත්තෙන් කාරණා අටක් ලබමි.

“දිසාසු පූජිතො හොමි, භොගා ච අමිතා මම; පතිට‍්ඨා හොමි සබ‍්බෙසං, තාසො මම න විජ‍්ජති.

සෑම දිසාවකට පිදුම් ලබමි. මාගේ භෝගයෝ ද අප්‍රමාණය. සියළු දෙනාට පිහිට වෙමි. මට බයක් නැත.

“බ්‍යාධයො මෙ න විජ‍්ජන‍්ති, දීඝායුං පාලයාමි ච; සුඛුමච‍්ඡවිකො හොමි, ආවාසෙ පත්‍ථිතෙ වසෙ.

මට රෝගයක් නැත. දීර්ඝායුෂද ලැබුවෙමි. මහා ඡවි වර්ණයක් ඇත්තේය. ආවාසයෙහිම සිටියෙමි.

“අට‍්ඨ ගොපානසී දත්‍වා, පූගධම‍්මෙ වසිං අහං; පටිසම‍්භිදාරහත‍්තඤ‍්ච, එතං මෙ අපරට‍්ඨමං.

බාල්ක අටක් දී සමගියෙන් වසමි. ඒ කළා වූ යහපත් කර්මයෙන් කාරණා අටක් ලබමි. පටිසම්භිදා සහිත රහත් බව මාගේ අමතර අටයි.

“සබ‍්බවොසිතවොසානො, කතකිච‍්චො අනාසවො; අට‍්ඨ ගොපානසී නාම, තව පුත‍්තො මහාමුනි.

මහාමුනිතුමනි! සියලුම චර්යාවන්හි හැසිරුණෙම් කළ අවසන් කෘත්‍ය ඇත්තේ ආශ්‍රව රහිත වූ ‘අට්ඨගොපානසී’ නම් වූ ඔබවහන්සේගේ පුත්‍රයා වෙමි.

“පඤ‍්ච ථම‍්භානි දත්‍වාන, පූගධම‍්මෙ වසිං අහං; තෙන කම‍්මෙන සුකතෙන, පඤ‍්ච හෙතූ ලභාමහං.

කණු පහක් දී එකමුතුව වාසය කළෙමි. ඒ කළා වූ හොඳ කර්මයෙන් හේතු පහක් ලබමි.

“අචලො හොමි මෙත‍්තාය, අනූනඞ‍්ගො භවාමහං; ආදෙය්‍යවචනො හොමි, න ධංසෙමි යථා අහං.

මම නොසෙල්වෙමි. මෛත්‍රිය සඳහා අනූන වූ ලක්‍ෂණ ඇත්තෙමි. හොඳ වචන ඇත්තේ වෙමි. අනුන්ගේ ගුණ නොනසමි.

“අභන‍්තං හොති මෙ චිත‍්තං, අඛිලො හොමි කස‍්සචි; තෙන කම‍්මෙන සුකතෙන, විමලො හොමි සාසනෙ.

මගේ සිත භ්‍රාන්ත වූයේ නැත. කිසිවකුගේත් සිත් භේද නොකරමි. කළා වූ ඒ යහපත් කර්මය නිසා සසුනෙහි නිර්මල කෙනෙක් වෙමි.

“සගාරවො සප‍්පතිස‍්සො, කතකිච‍්චො අනාසවො; සාවකො තෙ මහාවීර, භික‍්ඛු තං වන්‍දතෙ මුනි.

මහාවීරයන් වහන්ස, ගරු සහිත වූ කරන ලද කිස ඇති ආශ්‍රව නැසූ මම ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ඒ භික්‍ෂුව බුදුන් වඳියි.

“කත්‍වා සුකතපල‍්ලඞ‍්කං, සාලායං පඤ‍්ඤපෙසහං; තෙන කම‍්මෙන සුකතෙන, පඤ‍්ච හෙතූ ලභාමහං.

මම ශාලාවෙහි මනාව සකස්කළ අසුනක් සූදානම් කළෙමි. ඒ පුණ්‍යකර්මයෙන් හේතු පහක් ලබමි.

“උච‍්චෙ කුලෙ පජායිත්‍වා, මහාභොගො භවාමහං; සබ‍්බසම‍්පත‍්තිකො හොමි, මච‍්ඡෙරං මෙ න විජ‍්ජති.

මම උසස් කුලයක ඉපිද මහා භවභෝග සම්පත් ඇත්තෙක් වෙමි. සියළු සැපසම්පත් ඇත්තෙක් වෙමි. මට මසුරු බව නැත.

“ගමනෙ පත්‍ථිතෙ මය‍්හං, පල‍්ලඞ‍්කො උපතිට‍්ඨති; සහ පල‍්ලඞ‍්කසෙට‍්ඨෙන, ගච‍්ඡාමි මම පත්‍ථිතං.

ගමනක් යාමට සිතූ විට මට ආසනයක් එළඹ සිටී. ඒ පල්ලංකයෙන් මගේ ගමන යමි.

“තෙන පල‍්ලඞ‍්කදානෙන, තමං සබ‍්බං විනොදයිං; සබ‍්බාභිඤ‍්ඤාබලප‍්පත‍්තො, ථෙරො වන්‍දති තං මුනි.

ඒ සෝපානදානයෙන් සියළු අඳුර දුරුකළෙමි. අභිඤ්ඤා බලවලින් යුක්ත තෙරුන්වහන්සේ ඒ මුනිවරයන් වහන්සේට වඳියි.

“පරිකිච‍්චත‍්තකිච‍්චානි, සබ‍්බකිච‍්චානි සාධයිං; තෙන කම‍්මෙන සුකතෙන, පාවිසිං අභයං පුරං.

තමන්ගේත් අනුන්ගේත් සියළු කටයුතු ඉටුකළෙමි. ඒ කළා වූ යහපත් කර්මයෙන් අභයපුරයට (නිවනට) පැමිණියෙමි.

“පරිනිට‍්ඨිතසාලම‍්හි , පරිභොගමදාසහං; තෙන කම‍්මෙන සුකතෙන, සෙට‍්ඨත‍්තං අජ‍්ඣුපාගතො.

මම මනාව නිමකළ ශාලාවේදී පරිභෝග වස්තූන් දන් දුන්නෙමි. ඒ කළා වූ යහපත් කර්මය නිසා සිටු බවට පත්වූයෙමි.

“යෙ කෙචි දමකා ලොකෙ, හත්‍ථිඅස‍්සෙ දමෙන‍්ති යෙ; කරිත්‍වා කාරණා නානා, දාරුණෙන දමෙන‍්ති තෙ.

ලෝකයෙහි යම් දමනය කරන්නහු වෙත්ද ඔවුහු ඇතුන්, අශ්වයන් දමනය කරත්. ඔව්හු නොයෙක් දරුණු දේ කරමින් දමනය කරත්.

“න හෙවං ත්‍වං මහාවීර, දමෙසි නරනාරියො; අදණ‍්ඩෙන අසත්‍ථෙන, දමෙසි උත‍්තමෙ දමෙ.

මහාවීරයන් වහන්ස! ඔබවහන්සේ පුරුෂයන්, කාන්තාවන් එසේම දමනය නොකරන සේක. දඬුවැටකින්, ආයුධයකින් තොරව උතුම් ලෙස දමනය කරන සේක.

“දානස‍්ස වණ‍්ණෙ කිත‍්තෙන‍්තො, දෙසනාකුසලො මුනි; එකපඤ‍්හං කථෙන‍්තොව, බොධෙසි තිසතෙ මුනි.

දේශනාවේ චතුර වූ මුනිවරයන් වහන්සේ එක් ප්‍රශ්නයක් දේශනා කරමින්ම තුන්සියයක් (සසරින්) මුදවූ සේක.

“දන‍්තා මයං සාරථිනා, සුවිමුත‍්තා අනාසවා; සබ‍්බාභිඤ‍්ඤාබලපත‍්තා, නිබ‍්බුතා උපධික‍්ඛයෙ.

අපි රියදුරා විසින් දමනය කරන ලද්දෙමු. ආසවවලින් මනාව මිදුනෝ වෙමු. සියළු අභිඤ්ඤාවන් ලබා බලවත් වී උපධීන් ක්‍ෂයකොට නිවුනෝ වෙමු.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං දානමදදිං තදා; අතික‍්කන‍්තා භයා සබ‍්බෙ, සාලාදානස‍්සිදං ඵලං.

මෙයින් ශතසහශ්‍රයක් කල්පවලට කලින් යම් දානයක් දුන්නෙම්ද, ඒ ශාලා දානයේ බලයෙන් සියළු බිය දුරුවිය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

බුදුන් සමීපයට පැමිණීම යහපතක් විය. බුද්ධ අනුශාසනය මා විසින් කරන ලදී. ත්‍රිවිද්‍යාවන් ලබාගත්තෙමි. සියළු කෙලෙස් නැසුවෙමි. බුද්ධ අවවාදය කරන ලදී.

අරහත‍්තං පන පත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත්ව බුදුන් වෙත පැමිණ අනිකක් පැහැදිලි කරන්නේ,

“යං තං සරණමාගම‍්හ, ඉතො අට‍්ඨමෙ චක‍්ඛුම; සත‍්තරත‍්තෙන භගවා, දන‍්තාම‍්හ තව සාසනෙ”ති. –

යන්තං සරණ මාගම්ම ඉතො අට්ඨමි චක්‍ඛුම, සත්ත රත්තෙන භගවා දන්තාම්හ තව සාසනෙ.

ගාථමාහ.

යන ගාථාව ප්‍රකාශ කළහ.

තස‍්සත්‍ථො – පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුම භගවා යස‍්මා මයං ඉතො අතීතෙ අට‍්ඨමෙ දිවසෙ තං සරණං අගමිම‍්හ. තස‍්මා සත‍්තරත‍්තෙන තව සාසනෙ දමකෙන දන‍්තා අම‍්හ, අහො තෙ සරණගමනස‍්ස ආනුභාවොති. තතො පරං –

එහි අර්ථය, ඇස් පසක් ඇති බැවින් ‘චක්‍ඛුමා’ නම් වූ භාග්‍යවතුන් වහන්ස! යම්හෙයකින් අපි මෙයින් දවස් අටකට පෙර ඔබවහන්සේ සරණ ගියෝ වෙමු ද ඒ හේතුවෙන් රාත්‍රී සතකින් ඔබවහන්සේගේ සසුනෙහි දමනය වූවෝ වෙමු. පුදුමයි! ඔබවහන්සේ කෙරෙහි සරණ යාමේ ආනුභාවය! ඊට පසුව -

“තුවං බුද‍්ධො තුවං සත්‍ථා, තුවං මාරාභිභූ මුනි; තුවං අනුසයෙ ඡෙත්‍වා, තිණ‍්ණො තාරෙසිමං පජං.

තුවං බුද්ධො තුවං සත්‍ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ජෙත්‍වා තිණ්ණො තාරෙසි මං පජං.

(ඔබවහන්සේ බුදුවන සේක. ශාස්තෲ වන සේක. මාර පරාජය කළ මුනිවරයන් වහන්සේය. ආසයන් සිඳ දමා එතරවී මාගේ ප්‍රජාව එතර කරවීය.)

“උපධී තෙ සමතික‍්කන‍්තා, ආසවා තෙ පදාලිතා; සීහොව අනුපාදානො, පහීනභයභෙරවො”ති. –

උපධිතෙ සමතික්කන්තා ආසවා තෙ පදාලිතා, සීහොව අනුපාදානො පහීනභය භෙරවො.

සියළු උපධීන් ඉක්මගොස් සියළු ආශ්‍රවයන් කඩාදමන ලදී. සිංහයෙක් මෙන් උපාදානයන්ගෙන් තොරව භයභේරව ප්‍රහීණ කළ සේක.

ඉමාහි ද‍්වීහි ගාථාහි අභිත්‍ථවිත්‍වා ඔසානගාථාය සත්‍ථාරං වන්‍දනං යාචති –

මේ ගාථා දෙකින් ස්තුතිකොට අවසන් ගාථාවෙන් බුදුන් වඳින්නට අවසර ඉල්ලයි.

“භික‍්ඛවො තිසතා ඉමෙ, තිට‍්ඨන‍්ති පඤ‍්ජලීකතා; පාදෙ වීර පසාරෙහි, නාගා වන්‍දන‍්තු සත්‍ථුනො”ති.

භික්‍ඛවො තිසතා ඉමෙ තිට්ඨන්ති පඤ්ජලීකතා, පාදෙ වීර! පසාරෙහි නාග වන්‍දන්තු සත්‍ථුනො.

මහාවීරයන් වහන්ස, මේ තුන්සියයක් භික්‍ෂූන් වහන්සේලා ඇඟිලි බැඳගෙන සිටිත්. පා දිගු කරන්න. නාගයෝ බුදුන්වහන්සේට වඳිත්වා!

තත්‍ථ තුවං බුද‍්ධොති ත්‍වමෙව ඉමස‍්මිං ලොකෙ සබ‍්බඤ‍්ඤුබුද‍්ධො. දිට‍්ඨධම‍්මිකාදිඅත්‍ථෙන සත‍්තානං අනුසාසනතො ත්‍වමෙව සත්‍ථා. සබ‍්බෙසං මාරානං අභිභවනතො මාරාභිභූ. මුනිභාවතො මුනි. අනුසයෙ ඡෙත්‍වාති කාමරාගාදිකෙ අනුසයෙ අරියමග‍්ගසත්‍ථෙන ඡින්‍දිත්‍වා. තිණ‍්ණොති සයං සංසාරමහොඝං තිණ‍්ණො, දෙසනාහත්‍ථෙන ඉමං පජං සත‍්තකායං තාරෙසි. උපධීති ඛන්‍ධූපධිආදයො සබ‍්බෙ උපධී. අදුපාදානොති සබ‍්බසො පහීනකාමුපාදානාදිකො. එවං වත්‍වා ථෙරො සපරිසො සත්‍ථාරං අභිවන්‍දතීති.

එම ගාථාවේ ත්‍වංබුද්ධො යනු නුඹ වහන්සේ මේ ලෝකයෙහි සර්වඥ වූ සේක. බුදුවන සේක. දිට්ඨධම්මික ආදී ලෙස සත්ත්ව ලෝකයාට අනුශාසනා කරන බැවිනි. ත්‍වමෙව සත්‍ථා සියළු මාරයන් යටත්කළ බැවින් මාරාභිභූ නම් වේ. මුනි බැවින් මුනි අනුසයෙ ජෙත්‍වා යනු කාමරාගාදී අනුසයන් ආර්ය මාර්ග නමැති ආයුධයෙන් සිඳදමා තිණ්ණො යනු තමා සසර නමැති මහෝඝයෙන් එතරවීය. දේශනා හස්තයෙන් ඉමං පජං සත්ත්ව වර්ගයාව තාරෙසි උපධි ස්කන්‍ධ ආදී සියළු උපධීන් අනුපාදානො යනු සර්වප්‍රකාරයෙන්ම කාම උපාදාන ආදිය ප්‍රහීණ කළ; මෙසේ කියා තෙරුන්වහන්සේ පිරිවර සහිතව බුදුන් වඳියි.

සෙලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සේල ථේර ගාථා වර්ණනාව නිමියේය.