යෙදුමෙන් කියවන්න

භද‍්දියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

භද‍්දියත්‍ථෙරගාථාවණ‍්ණනා

භද්දිය ස්ථවිරගාථා වර්ණනාව

යාතං මෙ හත්‍ථිගීවායාතිආදිකා ආයස‍්මතො භද‍්දියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරා එකං භික‍්ඛුං උච‍්චාකුලිකානං අග‍්ගට‍්ඨානෙ ඨපියමානං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා පණිධානං අකාසි. සත්‍ථාපිස‍්ස අනන‍්තරායෙන සමිජ‍්ඣනභාවං දිස‍්වා බ්‍යාකාසි. සොපි තං බ්‍යාකරණං සුත්‍වා උච‍්චාකුලිකසංවත‍්තනිකං කම‍්මං පුච‍්ඡිත්‍වා ධම‍්මස‍්සවනස‍්ස කාරාපනං, ධම‍්මමණ‍්ඩපෙ ආසනදානං, බීජනීදානං, ධම‍්මකථිකානං පූජාසක‍්කාරකරණං, උපොසථාගාරෙ පටිස‍්සයදානන‍්ති එවමාදිං යාවජීවං බහුපුඤ‍්ඤං කත්‍වා තතො චුතො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො අපරභාගෙ අම‍්හාකං භගවතො උප‍්පත‍්තියා පුරෙතරං බාරාණසියං කුටුම‍්බියඝරෙ නිබ‍්බත‍්තො සම‍්බහුලෙ පච‍්චෙකබුද‍්ධෙ පිණ‍්ඩාය චරිත්‍වා එකස‍්මිංයෙව ඨානෙ සමාගන‍්ත්‍වා භත‍්තවිස‍්සග‍්ගං කරොන‍්තෙ දිස‍්වා තත්‍ථ පාසාණඵලකානි අත්‍ථරිත්‍වා පාදොදකාදිං උපට‍්ඨපෙන‍්තො යාවජීවං උපට‍්ඨහි.

‘යාතං මෙ හත්‍ථිගීවාය’ ආදිය ආයුෂ්මත් භද්දිය තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුවරුන් ලඟ පතන ලද ප්‍රාර්ථනා ඇත්තේ පදුමුත්තරස්ස පදුමුත්තර බුදුන් කාලයෙහි මහා සැපසම්පත් ඇති ගෙදරක ඉපිද උගත්බවට පත්වූයේ එක්දිනක් බුදුන් ලග බණ අසන්නේ භාග්‍යවතුන් වහන්සේ එක් භික්‍ෂුවක් උසස්කුල ඇත්තවුන් අතර අගතැන්හි තබනු දැක තමා ද ඒ තනතුර ප්‍රාර්ථනාකොට දවස් හතක් බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දී ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේද මොහුගේ පැතුම පසුකලක ඉටුවන බව දැක විවරණ දුන් සේක. ඔහුද ඒ විවරණය අසා උසස් කුලයක් ලැබීමට හේතුවන කර්මයන් විචරා බණ ඇසීමට ධර්ම මණ්ඩපයක්ද කරවා ආසන දානය දී විජිනිපත් දී ධර්මදේශකයන් වහන්සේලාට සත්කාර කිරිම, උපෝසථාගාර සූදානම් කරදීම ආදී බොහෝ පින්කම් දිවි ඇතිතෙක් කොට එයින් චුතව දෙවිමිනිසුන් අතර හැසිරෙන්නේ කස්සපස්ස කාශ්‍යප බුදුන්ගේ කාලයට පසුව අපේ බුදුරජාණන් වහන්සේගේ පහළවීමට පෙරාතුව බාරණසියං බරණැස් නුවර කෙළෙඹි ගෙදරක උපන්නේ, බොහෝ පසේ බුදුවරයන් වහන්සේලා පිඬු පිණිස වැඩ එකම තැනකට වී දානය බෙදාගන්නවා දැක ඒ ස්ථානයෙහි ගල්, ලෑලි ආදිය අතුරා පාදෙවීම් ආදිය කොට මුළු ජීවිත කාලයම උපස්ථාන කරයි.

සො එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුනගරෙ සාකියරාජකුලෙ නිබ‍්බත‍්ති, භද‍්දියොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො අනුරුද‍්ධාදීහි පඤ‍්චහි ඛත‍්තියෙහි සද‍්ධිං සත්‍ථරි අනුපියම‍්බවනෙ විහරන‍්තෙ සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. තං සත්‍ථා අපරභාගෙ ජෙතවනෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො උච‍්චාකුලිකානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සො ඵලසුඛෙන නිබ‍්බානසුඛෙන ච වීතිනාමෙන‍්තො අරඤ‍්ඤගතොපි රුක‍්ඛමූලගතොපි සුඤ‍්ඤාගාරගතොපි “අහො සුඛං, අහො සුඛ”න‍්ති අභික‍්ඛණං උදානං උදානෙසි. තං සුත්‍වා භික‍්ඛූ සත්‍ථු ආරොචෙසුං – “ආයස‍්මා භද‍්දියො කාළිගොධාය පුත‍්තො අභික‍්ඛණං ‘අහො සුඛං, අහො සුඛ’න‍්ති වදති, අනභිරතො මඤ‍්ඤෙ බ්‍රහ‍්මචරියං චරතී”ති. සත්‍ථා තං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං, භද‍්දිය, අභික‍්ඛණං ‘අහො සුඛං, අහො සුඛ’න‍්ති වදසී”ති පුච‍්ඡි. සො “සච‍්චං භගවා”ති පටිජානිත්‍වා “පුබ‍්බෙ මෙ, භන‍්තෙ, රජ‍්ජං කාරෙන‍්තස‍්ස සුසංවිහිතාරක‍්ඛො අහොසිං, තථාපි භීතො උබ‍්බිග‍්ගො උස‍්සඞ‍්කිතො විහාසිං. ඉදානි පන පබ‍්බජිතො අභීතො අනුබ‍්බිග‍්ගො අනුස‍්සඞ‍්කිතො විහරාමී”ති වත්‍වා –

ඔහු එක් බුද්ධාන්තරයක් දෙවි මිනිසුන් අතර ඉපිද මේ බුදුන්ගේ කාලයෙහි කපිල වත්‍ථු නගරෙ කපිලවස්තු පුරයෙහි ශාක්‍ය රාජකුලයෙහි උපන්නේය. භද්දියො යැයි ඔහුට නම් ලැබිණ. ඔහු වැඩිවියට පත්වූයේ අනුරුද්ධාදීහි අනුරුද්ධ ආදී වූ ක්‍ෂත්‍රියයන් පස්දෙනෙක් සමග, භාග්‍යවතුන් වහන්සේ අනුපියම්බවනෙ අනුපිය අඹ වනයෙහි වැඩවසන කල්හි බුදුන් සමීපයෙහි පැවිදිව රහත්බවට පත්විය. භාග්‍යවතුන් වහන්සේ පසු කලෙක දෙව්රජ වෙහෙර මහා සංඝයා මැද වැඩසිටිමින් උසස් කුලවන්ත භික්‍ෂූන් අතර ඔහුව අගතැන්හි තැබීය. ඔහු මාර්ගඵල සුවයෙනුත් නිවන් සුවයෙනුත් කල්ගෙවා අරණ්‍යයට ගියේ හෝ රුක්‍ඛමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ ‘අනේ සැපයි. අනේ සැපයි’ කියමින් නිතර උදන් ඇනීය. ඒ අසා භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැලකළහ. ආයුෂ්මත් භද්දිය කාළිගොධාය භද්දිය කාළිගොධාවගේ පුත්‍රයා නිතර නිතර අනේ සැපයි අනේ සැපයි කියයි. බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නොවේ යැයි දැන්වූහ. ශාස්තෲන් වහන්සේ ඔහු කැඳවා භද්දිය! ඔබ නිතරම අනේ සැපය අනේ සැපයි යන්න කියන්නෙහිද? එය ඇත්තද? ස්වාමීනි! එසේය කියා පිළිතුරු දී ස්වාමීනි! පෙර රජකරන්නා වූ මට මනාලෙස ආරක්‍ෂාව යොදා තිබිණ. නමුත් බයෙන්, තැතිගැන්මෙන් සැකයෙන් ජීවත්වූයෙමි. දැන් වනාහි පැවිදි වූයේ බිය නැතිව. සිතේ චංචලබවක් නැතිව සැකයෙන් තොරව ජීවත්වෙමියි කියා (මේ ගාථාවන් ප්‍රකාශ කළේය.)

“යාතං මෙ හත්‍ථිගීවාය, සුඛුමා වත්‍ථා පධාරිතා; සාලීනං ඔදනො භුත‍්තො, සුචිමංසූපසෙචනො.

ඇතා පිට යන්නා වූ මම ඉතා සියුම් වස්ත්‍ර හැන්දෙමි. රසවත් මස් ව්‍යඤ්ජන සහිත ඇල්හාල් බත් අනුභව කළෙමි.

“සොජ‍්ජ භද‍්දො සාතතිකො, උඤ‍්ඡාපත‍්තාගතෙ රතො; ඣායති අනුපාදානො, පුත‍්තො ගොධාය භද‍්දියො.

ඒ මම අද ඉතා හොඳින් ජීවත්වන්නේ පාත්‍රයට ලැබුණු දෙයින් සතුටු වීමෙහි නිරතවෙමි. කාලගෝධාභද්දියගේ පුතා උපාදානයන් රැස් නොකරන්නේ ධ්‍යාන වඩයි.

“පංසුකූලී සාතතිකො, උඤ‍්ඡාපත‍්තාගතෙ රතො; ඣායති අනුපාදානො, පුත‍්තො ගොධාය භද‍්දියො.

නිරන්තරයෙන් පංසුකූලිකව පාත්‍රයට ලැබුණු දෙයින් යැපෙන ගෝධා භද්දියගේ පුත්‍රයා උපාදානයන් රැස්නොකර ධ්‍යාන වඩයි.

“පිණ‍්ඩපාතී සාතතිකො…පෙ….

නිරන්තරයෙන් පිණ්ඩපාතිකයි. තේචීවරිකයි. ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩින (සපදානචාරී) ය. ඒකාසනීයයි.

“තෙචීවරී සාතතිකො…පෙ….

“සපදානචාරී සාතතිකො…පෙ….

“එකාසනී සාතතිකො…පෙ….

“පත‍්තපිණ‍්ඩී සාතතිකො…පෙ….

නිරන්තරයෙන් එක්පාත්‍රයකින් පමණක් වළඳමි. නිරන්තරයෙන් වෙලාවෙන් පසුව පිළිගන්වන ආහාර ප්‍රතික්‍ෂෙප කරමි.

“ඛලුපච‍්ඡාභත‍්තී සාතතිකො…පෙ….

(ඛළුපච්ඡාභත්තිකො) නිරන්තරයෙන් ආරඤ්ඤික වෙමි. නිරන්තරයෙන් රුක්‍ඛමූලික වෙමි.

“ආරඤ‍්ඤිකො සාතතිකො…පෙ….

“රුක‍්ඛමූලිකො සාතතිකො…පෙ….

“අබ‍්භොකාසී සාතතිකො…පෙ….

නිරන්තරයෙන් එළිමහනෙහි වසමි. නිරන්තරයෙන් සුසානයෙහි වසමි. වැරහැලි මත සයමි. නේසජ්ජික වෙමි. (වාඩිවී සිටීමේ ඉරියව්ව සැමවිට)

“සොසානිකො සාතතිකො…පෙ….

“යථාසන්‍ථතිකො සාතතිකො…පෙ….

“නෙසජ‍්ජිකො සාතතිකො…පෙ….

“අප‍්පිච‍්ඡො සාතතිකො…පෙ….

නිරන්තර අල්පේච්ඡ වෙමි. සතුටු වෙමි. නිරන්තර විවේකයෙන් සිටිමි. නොගැටෙමි. පටන්ගන්නා ලද වීර්ය ඇත්තෙමි.

“සන‍්තුට‍්ඨො සාතතිකො…පෙ….

“පවිවිත‍්තො සාතතිකො…පෙ….

“අසංසට‍්ඨො සාතතිකො…පෙ….

“ආරද‍්ධවීරියො සාතතිකො…පෙ….

“හිත්‍වා සතපලං කංසං, සොවණ‍්ණං සතරාජිකං; අග‍්ගහිං මත‍්තිකාපත‍්තං, ඉදං දුතියාභිසෙචනං.

පලන් සියයක් හා රාජික සියයක් බර ස්වර්ණමය පාත්‍රය අත්හැර දමා මැටිපාත්‍රය ගත්තෙමි. මේ දෙවන අභිෂේකයයි.

“උච‍්චෙ මණ‍්ඩලිපාකාරෙ, දළ‍්හමට‍්ටාලකොට‍්ඨකෙ; රක‍්ඛිතො ඛග‍්ගහත්‍ථෙහි, උත‍්තමං විහරිං පුරෙ.

උස් වූ පවුරු වළල්ලෙහි දැඩි අටලුවල කඩුගන්නා ලද අත් ඇතියවුන් විසින් ආරක්‍ෂා කරන ලදුව තැතිගැන්මෙන් යුතුව වාසය කළෙමි.

“සොජ‍්ජ භද‍්දො අනුත්‍රාසී, පහීනභයභෙරවො; ඣායති වනමොගය‍්හ, පුත‍්තො ගොධාය භද‍්දියො.

ඒ මම අද යහපත් වූයේ නැති නොගන්නේ පහවූ භයභේරව ඇත්තේ ගෝධාවගේ පුත්‍ර භද්දිය තෙම වනයට වැද ධ්‍යාන වඩයි.

“සීලක‍්ඛන්‍ධෙ පතිට‍්ඨාය, සතිං පඤ‍්ඤඤ‍්ච භාවයං; පාපුණිං අනුපුබ‍්බෙන, සබ‍්බසංයොජනක‍්ඛය”න‍්ති. –

සීලක්‍ඛන්‍ධයෙහි පිහිටා සතිය හා ප්‍රඥාව වඩන්නේ අනුපිළිවෙලින් සියළු සංයෝජනයක් නැති කළෙමි.

ඉමාහි ගාථාහි සත්‍ථු පුරතො සීහනාදං නදි.

මේ ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට සිංහනාද කළේය.

තත්‍ථ යාතං මෙ හත්‍ථිගීවායාති, භන‍්තෙ, පුබ‍්බෙ මයා ගච‍්ඡන‍්තෙනාපි හත්‍ථිගීවාය හත්‍ථික‍්ඛන්‍ධෙ නිසීදිත්‍වා යාතං චරිතං. වත්‍ථානි පරිහරන‍්තෙනාපි සුඛුමා සුඛසම‍්ඵස‍්සා කාසිකවත්‍ථවිසෙසා ධාරිතා. ඔදනං භුඤ‍්ජන‍්තෙනාපි තිවස‍්සිකානං පුරාණගන්‍ධසාලීනං ඔදනො තිත‍්තිරකපිඤ‍්ජරාදිනා සුචිනා මංසෙන උපසිත‍්තතාය සුචිමංසූපසෙචනො භුත‍්තො, තථාපි තං සුඛං න මය‍්හං චිත‍්තපරිතොසකරං අහොසි, යථා එතරහි විවෙකසුඛන‍්ති දස‍්සෙන‍්තො ආහ “සොජ‍්ජ භද‍්දො”තිආදි. එත්‍ථ ච හත්‍ථිග‍්ගහණෙනෙව අස‍්සරථයානානි, වත්‍ථග‍්ගහණෙන සබ‍්බරාජාලඞ‍්කාරා, ඔදනග‍්ගහණෙන සබ‍්බභොජනවිකති ගහිතාති වෙදිතබ‍්බං. සොජ‍්ජාති සො අජ‍්ජ එතරහි පබ‍්බජ‍්ජායං ඨිතො. භද‍්දොති සීලාදිගුණෙහි සමන‍්නාගතත‍්තා භද‍්දො. සාතතිකොති සමණධම‍්මෙ දිට‍්ඨධම‍්මසුඛවිහාරෙ සාතච‍්චයුත‍්තො. උඤ‍්ඡාපත‍්තාගතෙ රතොති උඤ‍්ඡාචරියාය පත‍්තෙ ආගතෙ පත‍්තපරියාපන‍්නෙ අභිරතො, තෙනෙව සන‍්තුට‍්ඨොති අධිප‍්පායො. ඣායතීති ඵලසමාපත‍්තිඣානෙන ඣායති. පුත‍්තො ගොධායාති කාළිගොධාය නාම ඛත‍්තියාය පුත‍්තො. භද‍්දියොති එවංනාමො අත‍්තානමෙව ථෙරො අඤ‍්ඤං විය කත්‍වා වදති.

එහි යාතං මෙ හත්‍ථි ගීවාය යනු ස්වාමීනි, පෙර මා විසින් ඇතා පිට යන කල්හි ඇතාපිට හිඳ ගමන්කරන කල්හි වස්ත්‍ර පරිහරණය කරන්නේ සුඛුමා යනු සැප ස්පර්ශ ඇති කසී වස්ත්‍රාදිය පාවිච්චි කළෙමි. බත් අනුභව කරන්නහු විසින් වර්ෂ තුනක් පැරණි සුවඳ සාලීනං ඔදනො ඇල්වීයෙන් සකස් කළ බත් වටුවන්ගේ හා කපිඤ්ජල ආදි පිරිසිදු මස්වලින් පිළියෙල කළ සුචිනමංසූපසෙවනො භුත්තො යනු පිරිසිදු මස් ව්‍යඤ්ජනයෙන් යුක්ත කොට අනුභව කළේ. එසේ නමුත් ඒ සැපය මගේ සිත සතුටු කරන්නේ නොවීය. යම්සේ දැන් වනාහි මෙබඳු වූ විවේක සැපයක් යැයි දක්වමින් මෙසේ කීය. සොජ්ජ භද්දො (අද මම හොඳයි) ආදිය. මෙහිද හත්‍ථි (ඇත්) යයි ගැනීමෙන් අශ්වරථ යානාදියද වත්‍ථ (වස්ත්‍ර) ශබ්දය ගැනීමෙන් සියළු රාජ අලංකාරයන්ද, ඔදන (බත්) ශබ්දයේ ගැනීමෙන් සියළු භෝජන විශේෂයන් අදහස් කරන ලදැයි දතයුතුයි. සොජ්ජ යනු ඔහු අද මෙබඳු පැවිද්දක සිටියේ භද්දො යනු සීලාදි ගුණයෙන් යුක්ත බැවින් භද්‍ර නම් වූ සාතතිකො යනු ශ්‍රමණ ධර්ම දිට්ඨධම්ම සුව විහරණයෙහි සතතයෙන් යෙදුණු. උඤ්ජා පත්තාගතෙ රතො යනු පාත්‍රයට ලැබුණු දෙයින් සතුටුවීමෙහි ඇලුණු - පිණ්ඩපාතය යාමෙන් පාත්‍රයට වැටුණු දේ කෙරෙහි පමණක් යැපීම් ඇති, එයින්ම සතුටට පත් වූ යන අර්ථයි. ඣායතී යනු ඵලසමාපත්ති ධ්‍යානයෙන් ධ්‍යාන වඩයි. පුත්තො ශොධාය නම් කාලිගොධාය කාලිගොධා නම් ක්‍ෂත්‍රිය කතකගේ පුත්‍රයා භද්දියො එනම් නම් ඇති. තෙරුන්වහන්සේ තමාවම අනිකකු ලෙස කොට කියයි.

ගහපතිචීවරං පටික‍්ඛිපිත්‍වා පංසුකූලිකඞ‍්ගසමාදානෙන පංසුකූලිකො. සඞ‍්ඝභත‍්තං පටික‍්ඛිපිත්‍වා පිණ‍්ඩපාතිකඞ‍්ගසමාදානෙන පිණ‍්ඩපාතිකො. අතිරෙකචීවරං පටික‍්ඛිපිත්‍වා තෙචීවරිකඞ‍්ගසමාදානෙන තෙචීවරිකො. ලොලුප‍්පචාරං පටික‍්ඛිපිත්‍වා සපදානචාරිකඞ‍්ගසමාදානෙන සපදානචාරී. නානාසනභොජනං පටික‍්ඛිපිත්‍වා එකාසනිකඞ‍්ගසමාදානෙන එකාසනිකො. දුතියකභාජනං පටික‍්ඛිපිත්‍වා පත‍්තපිණ‍්ඩිකඞ‍්ගසමාදානෙන පත‍්තපිණ‍්ඩිකො. අතිරිත‍්තභොජනං පටික‍්ඛිපිත්‍වා ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගසමාදානෙන ඛලුපච‍්ඡාභත‍්තිකො. ගාමන‍්තසෙනාසනං පටික‍්ඛිපිත්‍වා ආරඤ‍්ඤිකඞ‍්ගසමාදානෙන ආරඤ‍්ඤිකො. ඡන‍්නවාසං පටික‍්ඛිපිත්‍වා රුක‍්ඛමූලිකඞ‍්ගසමාදානෙන රුක‍්ඛමූලිකො. ඡන‍්නරුක‍්ඛමූලානි පටික‍්ඛිපිත්‍වා අබ‍්භොකාසිකඞ‍්ගසමාදානෙන අබ‍්භොකාසිකො. නසුසානං පටික‍්ඛිපිත්‍වා සොසානිකඞ‍්ගසමාදානෙන සොසානිකො. සෙනාසනලොලුප‍්පං පටික‍්ඛිපිත්‍වා යථාසන්‍ථතිකඞ‍්ගසමාදානෙන යථාසන්‍ථතිකො. සයනං පටික‍්ඛිපිත්‍වා නෙසජ‍්ජිකඞ‍්ගසමාදානෙන නෙසජ‍්ජිකො . අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පන ධුතඞ‍්ගකථා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.22 ආදයො) වුත‍්තනයෙනෙව ගහෙතබ‍්බා.

ගෘහපති චීවරය අත්හැර දමා පංශුකූලිකො පංශුකුලිකය. සංඝයාගේ දානය අත්හැර පිණ්ඩපාතික අංගය සමාදන් වීමෙන් පිණ්ඩපාතිකො පිණ්ඩපාතිකය. අතිරේක සිවුරු අතහැර තෙචීවරික අංගය සමාදන් වීමෙන් තෙචීවරිකො නම් වේ. ලොල්ව හැසිරීම අත්හැර සපදානචාරික අංගය සමාදන්ව සපදානචාරී සපදානචාරී නම් වේ. නොයෙක් ආසනවල සිට වැළඳීම අත්හැර ඒකාසනික අංගය සමාදන්ව එකාසනිකො එකාසනික නම් වේ. දෙවෙනි භාජනයත් පාවිච්චි කිරීම අත්හැර පත්තපිණ්ඩික අංගය සමාදන්ව පත්තපිණ්ඩිතො පත්තපිණ්ඩික නම් වේ. අතිරේක භෝජන ගැනීම අත්හැර ඛලුපච්ඡාභත්තික අංගය සමාදන් වීමෙන් ඛලුපච්ඡාභත්තික වේ. ගාමන්ත සේනාසනය අතහැර ආරඤ්ඤික අංගය සමාදන් වීමෙන් ආරඤ්ඤිකො ආරඤ්ඤික නම් වේ. ආවාසවල වාසය කිරීම අත්හැර රුක්‍ඛමූලික අංගය සමාදන් වීමෙන් රුක්‍ඛමූලිකො රුක්‍ඛමූලික නම් වේ. ආවරණය වූ වෘක්‍ෂමූලයන් අතහැර අබ්භොකාසික අංගය සමාදන් වීමෙන් අබ්භොකාසිකො අබ්භොකාසික නම් වේ. සොහොන් නොවන තැන් අතහැර සොසානික අංගය සමාදන්ව සොසානිකො සොසානික නම් වේ. සෙනසුන්හි ලොල්බව අත්හැර ලැබුණු ඕනෑම අසුනක් පිළිගැනීම නම් වූ යථාසන්‍ථතික නම් වේ. සයනය අත්හැර නෙසජ්ජික අංගය සමාදන් වූ බැවින් නෙසජ්ජිකො නෙසජ්ජික නම් වේ. මේ මෙහි කෙටි අදහසයි. විස්තර වශයෙන් වනාහි විශුද්ධිමග්ගයෙහි ධුතං විස්තර කියන ලද පරිද්දෙන් දතයුතුයි.

උච‍්චෙති උච‍්චාදිට‍්ඨානෙ, උපරිපාසාදතාය වා උච‍්චෙ. මණ‍්ඩලිපාකාරෙති මණ‍්ඩලාකාරෙන පාකාරපරික‍්ඛිත‍්තෙ. දළ‍්හමට‍්ටාලකොට‍්ඨකෙති ථිරෙහි අට‍්ටාලෙහි ද‍්වාරකොට‍්ඨකෙහි ච සමන‍්නාගතෙ, නගරෙති අත්‍ථො.

උච්චෙ යනු උස තාප්පවලින් වට වූ. දළ්හවට්ටාලකොට්ඨකෙ යනු ස්ථිර සෑදවූ අට්ටාල දොරටුවලින් යුක්ත නගරයෙහි යන අර්ථයි.

සතිං පඤ‍්ඤඤ‍්චාති එත්‍ථ සතිසීසෙන සමාධිං වදති. ඵලසමාපත‍්තිනිරොධසමාපත‍්තියො සන්‍ධාය “සතිං පඤ‍්ඤඤ‍්ච භාවය”න‍්ති වුත‍්තො. සෙසං තත්‍ථ තත්‍ථ වුත‍්තනයත‍්තා උත‍්තානමෙව.

සතිං පඤ්ඤඤ්ච යනුවෙන් මෙහිදී සති (සිහිය) යන ශීර්ෂයෙන් සමාධිය කියයි. ඵල සමාපත්ති නිරොධ සමාපත්ති සඳහා සතියද ප්‍රඥාවද වඩන්නේයැයි කියත්. ඒ ඒ තැන්වල කියන ලද අයුරින්ම දතයුතුයි.

එවං ථෙරො සත්‍ථු සම‍්මුඛා සීහනාදං නදි. තං සුත්‍වා භික‍්ඛූ අභිප‍්පසන‍්නා අහෙසුං.

මෙසේ තෙරුන් වහන්සේ බුදුන් ඉදිරියේ සිංහනාද කළේය. ඒ අසා භික්‍ෂූහු අතිශයින් සතුටු වූහ.

කාළිගොධාපුත‍්තභද‍්දියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

භද්දිය ථේර ගාථා වර්ණනාව නිමියේය.