සෙලත්ථෙරගාථා
20. 1. 6.
20. 1. 6.
818. පරිපුණ්ණකායො සුරුචි සුජාතො චාරුදස්සනො, සුවණ්ණවණ්ණොසි භගවා සුසුක්කදාඨො විරියවා.
818. පිරිපුන්සිරුරු ඇත්තෙහි, මනා සිරුරුකැලුම් ඇත්තෙහි, අභිජාතයෙහි, රමණී දැකුම් ඇත්තෙහි, රන්වන් වෙහි, භගවත්හි, සුදෝසුදු දත්පෙළ ඇතියෙහි, වීර්‍ය්‍ය ඇත්තෙහි යැ.
819. නරස්ස හි සුජාතස්ස යෙ භවන්ති වියඤ්ජනා, සබ්බෙ තෙ තව කායස්මිං මහාපුරිසලක්ඛණා.
819. අභිජාතපුරුෂයක්හුගේ යම් ලක්ෂණ කෙනෙක් වෙත් ද, ඒ සියලු මහාපුරුෂලක්‍ෂණයෝ ඔබගේ සිරුරෙහි වෙත්.
820. පසන්නනෙත්තො සුමුඛො බ්රහ්මා උජු පතාපවා, මජ්ඣෙ සමණසඞ්ඝස්ස ආදිච්චො’ව විරොචසි.
820. පස්පෑ දිස්නා නෙත් ඇත්තෙහි, මනා මුව ඇතියෙහි, ආරෝහපරිණාහසම්පන්නයෙහි, ඍජුගාත්‍ර ඇතියෙහි, ප්රතාපවත් වූයෙහි, මහණගණ මැද සූර්‍ය්‍යයා මෙන් බබළන්නෙහි යැ.
821. කල්යාණදස්සනො භික්ඛු කඤ්චනසන්නිභත්තචො, කිං තෙ සමණභාවෙන එවං උත්තමවණ්ණිනො.
821. කලණදැකුම් ඇතියෙහි, කසුන් පැහැසිවි ඇතියෙහි යැ, මහණ, මෙසේ උත්තමස්වරූප ඇති තොපට ශ්‍රමණභාවයෙන් කිම?
822. රාජා අරහසි භවිතුං චක්කවත්තී රථෙසභො, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස ඉස්සරො.
822. මහාරථික වූ සිව්සයුරු හිම් කොට ඇති පොළොවට අධිපති වූ කළ දික් විජය ඇති ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නට සුදුස්සෙහි යැ.
823. ඛත්තියා භොගා රාජානො අනුයන්තා භවන්ති තෙ, රාජාධිරාජා මනුජින්දො රජ්ජං කාරෙහි ගොතම.
823. භෝග ඇති ක්ෂත්රිය රජවරු තොපගේ අනුගාමීහු වෙත්, ගෞතමය, රාජාධිරාජ වූ මනුජේන්ද්රයක් වැ රාජ්‍යය කරව.
බුදුහු:-
824. රාජාහමස්මි සෙල (සෙලාති භගවා) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන වක්කං වත්තෙමි චක්කං අප්පතිවත්තියං.
824. සේල! මම රජයෙමි. නිරුත්තර වූ ධර්මරාජ වූයෙම් දැහැමින් අණසක පවත්වමි, අණසක (අනෙකකු විසින්) පෙරළිය නො හැක්කෙකි’යි.
සෙල බ්‍රාහ්මණ:-
825. සම්බුද්ධො පටිජානාසි (ඉති සෙලො බ්රාහ්මණො) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි ඉති භාසසි ගොතම.
825. ‘නිරුත්තර ධර්මරාජන් වූ සම්බුද්ධයෙමි’යි ප්‍රතිඥා කරව, ගෞතමය, දැහැමින් අණසක පවත්වමී කියව.
826. කො නු සෙනාපති භොතො සාවකො සත්ථු අන්වයො, කො තෙ මං අනුවත්තෙති ධම්මචක්කං පවත්තිතං.
826. භවත්හුගේ සෙන්පති කවරෙ යැ? ශ්‍රාවක වූ ශාස්තෘ අන්වය ඇති කවරෙක් තොප විසින් පවත්වනලද මේ දහම්සක අනුවර්තතනය කෙරේ ද?
බුදුහු:-
827. මයා පවත්තිතං චක්කං (සෙලාති භගවා) ධම්මචක්කං අනුත්තරං, සාරිපුත්තො අනුවත්තෙති අනුජාතො තථාගතං.
827. සේල! මා විසින් පවත්වනලද නිරුත්තර වූ ධර්මචක්රය තථාගත අනුජාත වූ ශාරිපුත්‍ර තෙමේ අනුවර්තනය කෙරේ.
828. අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං භාවෙතබ්බං ච භාවිතං, පහාතබ්බං පහීනං මෙ තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.
828. මා විසින් දතයුතු දැය දන්නාලද යැ, භාවිත කළ යුත්ත භාවිත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, එහෙයින් බමුණ! මම බුද්ධයෙමි,
829. විනයස්සු මයි කඞ්ඛං අධිමුච්චස්සු බ්‍රාහ්මණ, දුල්ලභං දස්සනං හොති සම්බුද්ධානං අභිණ්හසො.
829. බමුණ, මා කෙරෙහි සැක දුරුකරව, මා හදහව, සම්බුද්ධයන්ගේ එක්වන් දැක්ම දුර්ලභ වේ.
830. යෙසං වෙ දුල්ලභො ලොකෙ පාතුභාවො අභිණ්හසො, සො’හං බ්‍රාහ්මණ සම්බුද්ධො සල්ලකත්තො අනුත්තරො.
830. ලෝකයෙහි යම් කෙනකුන්ගේ එක්වන් පහළ වීම ඒකාන්තයෙන් දුර්ලභ වේ ද, බමුණ! ඒ මම නිරුත්තර ශල්‍යවෛද්‍ය වූ සම්බුද්ධයෙමි.
831. බ්රහ්මභූතො අතිතුලො මාරසෙනප්පමද්දනො, සබ්බාමිත්තෙ වසෙ කත්වා මොදාමි අකුතොභයො.
831. බ්‍රහ්ම (ශ්‍රේෂ්ඨ) වූයෙම් නිරුපම වූයෙම් මරසෙන් මඬනසුලු වූයෙම් සියලු සතුරන් වසඟ කොට කිසිවෙකින් බිය නැත්තෙම් සතුටු වෙමි.
832. ඉදං භොන්තො නිසාමෙථ යථා භාසති චක්ඛුමා, සල්ලකත්තො මහාවීරො සීහො’ව නදතී වනෙ.
832. භවත්නි! පසැස් ඇත්තේ යම්සේ කියා ද, එසේ මෙය අසවු, (රාගාදි ශල්‍යයන් උදුරන බැවින්) සල්ලකත්ත වූ මහාවීර තෙම වනයෙහි සිංහයකු මෙන් ගර්ජනා කෙරේ.
833. බ්රහ්මභූතං අතිතුලං මාරසෙනප්පමද්දනං, කො දිස්වා නප්පසීදෙය්ය අපි කණ්හාභිජාතිකො.
833. බ්‍රහ්ම වූ තුලනාතික්රාන්ති වූ මරසෙන් මඬනාසුල්ලහු දැකැ (තමපරායණ බැවින්) නීචජාතික වූ කවරෙක් නො පහදින්නේ ද?
834. යො මං ඉච්ඡති අන්වෙතු යො වා නිච්ඡති ගච්ඡතු, ඉධාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකෙ.
834. යමෙක් කැමැති වේ ද (හෙ) මා අනුව ඒවා, නොහොත්, යමෙක් නො කැමැති වේ ද (හෙතෙම) යේවා, මම මෙහි උතුම් නුවණැත්තහු වෙත පැවිදි වන්නෙමි.
835. එතං චෙ රුච්චති භොතො සම්මාසම්බුද්ධසාසනං, මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකෙ.
835. ඉදින් භවත්හට තෙල සම්‍යක් සම්බුද්ධශාසනය රුචි වේ නම්, අපිදු උතුම් නුවණැත්තහු වෙත පැවිදි වම්හ.
836. බ්රාහ්මණා තිසතා ඉමෙ යාචන්ති පඤ්ජලීකතා, බ්රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකෙ.
836. භාග්‍යවතුන් වහන්ස! මේ තුන්සියක් බ්‍රාහ්මණයෝ ඇඳිලි බැන්දාහු බඹසර යදිත්, (ඒ අපි) ඔබ වෙත බඹසර රක්නෙමු.
බුදුහු:-
837. ස්වාක්ඛාතං බ්රහ්මචරියං (සෙලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං, යත්ථ අමොඝා පබ්බජ්ජා අප්පමත්තස්ස සික්ඛතො.
837. සේල! යම් සසුනෙකැ අප්‍රමාද වැ හික්මෙනුවහට පැවිද්ද අමෝඝ (නොසිස්) වේ ද එහි මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය ස්වාඛ්‍යාත යැ, සාංදෘෂ්ටික යැ, අකාලික යි.
838. යං තං සරණමාගම්ම ඉතො අට්ඨමෙ චක්ඛුම, සත්තරත්තෙන භගවා දන්තාම්හ තව සාසනෙ.
838. ඇසැතියාණෙනි! යම් හෙයෙකින් මින් අටවැනි දිනයෙහි ඔබ සරණයට පැමිණියමෝ ද, එහෙයින් භාග්‍යවතුන් වහන්ස! සත් රැයින් ඔබ සසුන්හි දැමුණම්හ.
839. තුවං බුද්ධො තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ඡෙත්වා තිණ්ණො තාරෙසිමං පජං.
839. බුදු වූවහු මුඹ යැ, ශාස්තෘ වූවාහු මුඹ යැ, මාරාභිභූමුනි වූවහු මුඹ යැ, මුඹ වහන්සේ අනුශය සිඳැ පාරගත වූවහු මේ ප්‍රජාව තරණය කරවූහු යැ.
840. උපධී තෙ සමතික්කන්තා ආසවා තෙ පදාලිතා, සීහො’ව අනුපාදානො පහීනභයභෙරවො.
840. ඔබ විසින් උපධීහු ඉක්මවනලදහ, ඔබ විසින් ආස්‍රවයෝ විදාරණය කරනලදහ, උපාදාන රහිත වූවහු, සිංහයකු මෙන් පහ වූ භය භේරව ඇත්තහු යැ.
841. භික්ඛවො තිසතා ඉමෙ තිට්ඨන්ති පඤ්ජලීකතා, පාදෙ වීර පසාරෙහි නාගා වන්දන්තු සත්ථුනො’ති.
841. මේ තුන්සියක් භික්ෂූහු ඇඳිලි බැඳැගෙන සිටිත්. වීරයන් වහන්ස, පා සඟළ දිගු කළ මැනවැ. පුරුෂනාගයෝ ශාස්තෘහුගේ පා සඟළ වඳිත්වා! යි.
ඉත්ථං සුදං ආයස්මා සෙලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් සේල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.