යෙදුමෙන් කියවන්න

13. තෙරසනිපාතො

13. තෙරසනිපාතො.

13. තෙරස නිපාතය

13. 1. 1.

13. 1. 1.

632. යාහු රට‍්ඨෙ සමුක‍්කට‍්ඨො රඤ‍්ඤො අඞ‍්ගස‍්ස පද‍්ධගූ, ස‍්වාජ‍්ජ ධම‍්මෙසු උක‍්කට‍්ඨො සොණො දුක‍්ඛස‍්ස පාරගූ.

632. අඟුරජහුගේ පිරිවරෙහි (රටවැසි) වූ යමෙක් අඟුරටෙහි අත්‍යුත්කෘෂ්ට වූයේ නම් ඒ ‘සෝණ’ තෙමේ අද ධර්‍මයෙහි උත්කෘෂ්ට වැ දුඃඛයා ගේ පරතෙරට ගියේ යි.

633. පඤ‍්ච ඡින්‍දෙ පඤ‍්ච ජහෙ පඤ‍්ච චුත‍්තරි භාවයෙ, පඤ‍්ච සඞ‍්ගාතිගො භික‍්ඛු ඔඝතිණ‍්ණො’ති වුච‍්චති.

633. (ඕරම්භාගිය සංයෝජන) පස සිඳින්නේ යැ, (උද්ධම්භාගියසංයෝජන) පස ප්‍රහාණය කරන්නේ යැ. මත්තෙහි (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය) පස වඩන්නේයැ, (රාග, දොස, මෝහ, මාන, දිට්ඨි යන) පඤ්චසඞ්ගයන් ඉක්ම ගිය මහණ තෙම ඕඝතිණ්ණ යැ යි කියනුලැබේ.

634. උන‍්නළස‍්ස පමත‍්තස‍්ස බාහිරාසස‍්ස භික‍්ඛුනො, සීලං සමාධි පඤ‍්ඤා ච පාරිපූරිං න ගච‍්ඡති.

634. උස් වැ ගිය මාන ඇති, ප්‍රමාදයට පැමිණි, බාහිරායතනයන්හි ආශා ඇති මහණහුගේ ශීලයත් සමාධියත් ප්‍රඥාවත් පරිපූර්‍ණ බවට නො යේ.

635. යං හි කිච‍්චං තදපවිද‍්ධං අකිච‍්චං පන කයිරති, උන‍්නළානං පමත‍්තානං තෙසං වඩ‍්ඪන‍්ති ආසවා.

635. උස්වගිය මානනළ ඇති ප්‍රමත්තයන් විසින් කළයුතු යමක් ඇත්නම් ඒ හැරදමනලදී. නො කළයුත්ත වැළිත් කරනුලැබේ. ඔවුන් ගේ ආස්‍රවයෝ වැඩෙත්.

636. යෙසං ච සුසමාරද‍්ධා නිච‍්චං කායගතා සති, අකිච‍්චං තෙ න සෙවන‍්ති කිච‍්චෙ සාතච‍්චකාරිනො, සතානං සම‍්පජානානං අත්‍ථං ගච‍්ඡන‍්ති ආසවා.

636. තවද යම් කෙනකුන් විසින් නිතොර වැ කාගියාසී දැඩි වැ ගන්නාලද ද කළයුත්තෙහි සාතත්‍යකාරී වූ ඔහු නො කළයුත්ත නො කරත්, සිහි ඇතියන්ගේ, සම්‍යක්ප්‍රඥා ඇතියන්ගේ ආස්‍රවයෝ අස්තයට යෙත් (ක්‍ෂය වෙත්).

637. උජුමග‍්ගම‍්හි අක‍්ඛාතෙ ගච‍්ඡථ මා නිවත‍්තථ, අත‍්තනා චොදයත‍්තානං නිබ‍්බානමභිහාරයෙ.

637. ශාස්තෲන් වහන්සේ වදාළ ඍජුමාර්‍ගයෙහි යවු, නො නවතිවූ. තමා තමාට චෝදනා කළ මැනවැ, (තමා) නිවනට පමුණුවන්නේ යි.

638. අච‍්චාරද‍්ධම‍්හි විරියම‍්හි සත්‍ථා ලොකෙ අනුත‍්තරො, වීණොපමං කිරිත්‍වා මෙ ධම‍්මං දෙසෙසි චක‍්ඛුමා.

638. පමණ ඉක්ම පටන් ගත් වීර්‍ය්‍ය ඇති කල්හි ලෝකයෙහි නිරුත්තර වූ ඇස් ඇති ශාස්තෲන් වහන්සේ ‘වීණොපමා’ කොට මට දහම් දෙසූහ.

639. තස‍්සාහං වචනං සුත්‍වා විහාසිං සාසනෙ රතො, සමථං පටිපාදෙසිං උත‍්තමත්‍ථස‍්ස පත‍්තියා, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

639. මම උන් වහන්සේගේ වචනය අසා සසුන්හි ඇලුණෙම් කල් යැවීමි. අර්‍හත්ත්‍වයට පැමිණෙනු පිණිස (ඉන්‍ද්‍රිය සමතාව) සම්පාදනය කෙළෙමි. (මා විසින්) ත්‍රිවිද්‍යාව ලබනලද යැ, බුදුන්ගේ අවවාදය කරනලදි.

640. නෙක‍්ඛම‍්මෙ අධිමුත‍්තස‍්ස පවිවෙකං ච චෙතසො, අබ්‍යාපජ‍්ඣාධිමුත‍්තස‍්ස උපාදානක‍්ඛයස‍්ස ච.

640. නෛෂ්ක්‍රම්‍යයෙහි නිම්න (නැඹුරු) වූ චිත්තයාගේ පවිවේකයෙහි නිම්න වූ නිදුක්බැව්හි නිම්න වූ අර්‍හත්ත්‍වයෙහි නිම්නවූ -

641. තණ‍්හක‍්ඛයාධිමුත‍්තස‍්ස අසම‍්මොහං ච චෙතසො, දිස‍්වා ආයතනුප‍්පාදං සම‍්මා චිත‍්තං විමුච‍්චති.

641. නිර්‍වාණයෙහි නිම්න වූ චිත්තයාගේ අසම්මෝහයෙහි (ආර්‍ය්‍යමාර්‍ගයෙහි) නිම්න වූ තැනැත්තහුගේ සිත (චක්‍ෂුරාදි) ආයතනෝත්පාදය දැක (ආස්‍රවයන් කෙරෙන්) මොනවට මිදෙයි.

642. තස‍්ස සම‍්මා විමුත‍්තස‍්ස සන‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො, කතස‍්ස පතිචයො නත්‍ථි කරණීයං න විජ‍්ජති.

642. (කෙලෙසුන් කෙරෙන්) මොනවට මිදුණු එහෙයින් මැ සන්හුන් සිත් ඇති ඒ මහණහු විසින් කරනලද කර්‍මයාගේ උපචයෙක් නැති. (ඔහු විසින්) කළයුත්තෙක් (කෘතකෘත්‍ය බැවින්) නො පැනේ.

643. සෙලො යථා එකඝනො වාතෙන න සමීරති, එවං රූපා රසා සද‍්දා ගන්‍ධා ඵස‍්සා ච කෙවලා.

643. යම්සේ ඒකඝනපර්‍වතයක් සුළඟට නො සැලේ නම්, එපරිද්දෙන් රූප යැ රස යැ ශබ්ද යැ ගන්‍ධ යැ ස්පර්‍ශ යැ යන සියලු -

644. ඉට‍්ඨා ධම‍්මා අනිට‍්ඨා ච නප‍්පවෙධෙන‍්ති තාදිනො, ඨිතං චිත‍්තං විසඤ‍්ඤුත‍්තං වයඤ‍්චස‍්සාතුපස‍්සතී’ති.

644. ඉෂ්ටධර්‍මයෝ ද අනිෂ්ටධර්‍මයෝ ද අකම්ප්‍ය වූ සංයොග රහිත වූ තාදිහු ගේ සිත කම්පා නො කරත්. (හෙතෙම) ඒ ආරම්මණයාගේ නිරෝධය ද දකී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සොණො කොළිවීසො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් ‘කොළිවීස සෝණ’ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

සොණත්‍ථෙරගාථා.

‘සෝණ’ ස්ථවිරගාථා යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

සොණො කොළිවිසො ථෙරො එකොයෙව මහිද‍්ධිකො, තෙරසම‍්හි නිපාතම‍්හි ගාථායො චෙත්‍ථ තෙරසා’ති.

තෙළෙස් වැනි නිපාතයෙහි එක් මැ මහත් ඍද්ධි ඇති කොළිවීස සෝණ ස්ථවිරයන් වහන්සේ යැ, මෙහි ගාථාවෝ ද තෙ ළෙසෙකි.

තෙරසනිපාතො නිට‍්ඨිතො.

තෙරසනිපාතය නිමි.