40. චත‍්තාලීසනිපාතො
40. චත‍්තාලීසනිපාතො.
40. චත්තාලීසනිපාතය
40. 1. 1.
40. 1. 1.
1056. න ගණෙන පුරක‍්ඛතො චරෙ විමනො හොති සමාධි දුල‍්ලභො, නානා ජනසඞ‍්ගහො දුඛො ඉති දිස‍්වාන ගණං න රොචයෙ.
1056. ගණයා විසින් පිරිවරනලද්දක් වැ නො හැසිරෙන්නේ යැ, (ගණපිරිවර ඇත්තේ) විකෘතිසිත් ඇත්තෙක් වෙයි, සමාධි දුර්‍ලභයෙක් වෙයි, නොයෙක් දෙනාට සඞ්ග්‍රහ කිරීම දුකෙකි, මෙසේ ආදීනව දැක ගණවාසය නුරුස්නේ යි.
1057. න කුලානි උපබ‍්බජෙ මුනි විමනො හොති සමාධි දුල‍්ලභො, සො උස‍්සුක‍්කො රසානුගිද‍්ධො අත්‍ථං රිඤ‍්චති යො සුඛාවහො.
1057. මුනි තෙම කුලයන් කරා නො එළඹෙන්නේ යැ, (කුලුපගතෙම) විකෘති සිත් ඇත්තෙක් වෙයි, සමාධි දුර්‍ලභයෙක් වෙයි. හෙතෙම (කුලෝපගමනයෙහි) උත්සුක වැ රසයෙහි ගිජු වැ යම් අර්‍ත්‍ථයෙක් තමහට සුව එළවා නම් ඒ (ශීල විශුඬි ආදි) අර්‍ත්‍ථය වමාරයි (හැරැ දමයි.)
1058. පඞ‍්කොති හි නං පවෙදයුං යායං වන්‍දනපූජනා කුලෙසු, සුඛුමං සල‍්ලං දුරුබ‍්බහං සක‍්කාරො කාපුරිසෙන දුජ‍්ජහො.
1058. යම් මේ කුලයන්හි වැඳීමෙක් පිදීමෙක් වේ නම් එය පඞ්කයෙකැ (මඬෙකැ) යි ද දුකසේ උපුළ යුතු සූක්‍ෂම ශල්‍යයෙකැයි ද ප්‍රකාශ කළහ. සත්කාරය අසත්පුරුෂයා විසින් හැරැ දමනු දුෂ්කර යි.
1059. සෙනාසනම‍්හා ඔරුය‍්හ නගරං පිණ‍්ඩාය පාවිසිං, භුඤ‍්ජන‍්තං පුරිසං කුට‍්ඨිං සක‍්කච‍්චං තං උපට‍්ඨහිං.
1059. සෙනස්නෙන් බැසැ පිඬු පිණිස නගරයට පිවිසියෙමි, ඒ වළඳනා කුෂ්ටී පුරුෂයා කරා ආදරයෙන් එළඹ සිටියෙමි.
1060. සො මෙ පක‍්කෙන හත්‍ථෙන ආලොපං උපනාමයි, ආලොපං පක‍්ඛිපන‍්තස‍්ස අඞ‍්ගුලීපෙත්‍ථ ඡිජ‍්ජථ.
1060. හෙතෙම (රොවින්) පැසීගිය අතින් ඒ අහරපිඬුව (මට) පිරිනැමී යැ, පිඬුව බහා ලන්නහුගේ ඇඟිල්ල ද මේ පාත්‍රයෙහි ගිලිහිණි.
1061. කුඩ‍්ඩමූලං ච නිස‍්සාය ආලොපං තං අභුඤ‍්ජිසං, භුඤ‍්ජමානෙ ව භුත‍්තෙ වා ජෙගුච‍්ඡං මෙ න විජ‍්ජති.
1061. ඉක්බිති ගෙබිතක් සමීපයෙහි හිඳ ඒ බත්පිඬුව වැළඳීමී, වළඳනා කල්හි හෝ වැළැඳූ කල්හි හෝ පිළිකුලෙක් මට නො පැනේ.
1062. උත‍්තිට‍්ඨපිණ‍්ඩො ආහාරො පූතිමුත‍්තං ච ඔසධං, සෙනාසනං රුක‍්ඛමූලං පංසුකූලං ච චීවරං, යස‍්සෙතෙ අභිසම‍්භූත්‍වා ස වෙ චාතුද‍්දිසො නරො.
1062. සිඟා ලද පිඬු අහර යැ, පූතිමූත්‍ර බෙහෙද යැ, රුක්මුල සෙනසුන යැ පසුල සිවුර යි. යමෙක් මේ සිව්පසය වළඳන්නේ නම් හෙතෙම එකත්නෙන් සිව්දිගට යෝග්‍ය පුරුෂයෙකි, (ඔහුට කොතැනත් දිවිරැක්ක හැකි යැ යි සේ යි)
1063. යත්‍ථ එකෙ විහඤ‍්ඤන‍්ති ආරුහන‍්තා සිලුච‍්චයං, තත්‍ථ බුද‍්ධස‍්ස දායාදො සම‍්පජානො පතිස‍්සතො, ඉද‍්ධිබලෙනුපත්‍ථද‍්ධො කස‍්සපො අභිරූහති.
1063. සමහර කෙනෙක් පර්‍වතය නැගෙන්නාහු යම් බඳු වියෙක දී ක්ලාන්ත වෙත් නම් බුදුන්ගේ දායාදයෙක් වූ කාශ්‍යප තෙම ඒ මහලුවියෙහි සම්‍යක් ප්‍රඥා ඇති වැ එළඹසිහි ඇති වැ ඍද්ධිබලයෙන් කරනලද උපත්‍ථම්භ ඇති වැ පර්‍වතයට නඟී.
1064. පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සෙලමාරුය‍්හ කස‍්සපො, ඣායති අනුපාදානො පහීනභයභෙරවො.
1064. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ පහ වූ භයහිංසන ඇති වැ ධ්‍යාන කෙරේ.
1065. පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සෙලමාරුය‍්හ කස‍්සපො, ඣායති අනුපාදානො ඩය‍්හමානෙසු නිබ‍්බුතො.
1065. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ ධ්‍යාන කෙරේ. (රාගාදි ගින්නෙන්) දැවෙන්නන් අතුරෙහි නිවියේ යි.
1066. පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සෙලමාරුය‍්හ කස‍්සපො, ඣායති අනුපාදානො කතකිච‍්චො අනාසවො.
1066. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ කළ (පැවිදි) කිස ඇති වැ නිරාස්‍රව වැ ධ්‍යාන කෙරේ.
1067. කරෙරිමාලාවිතතා භූමිභාගා මනොරමා, කුඤ‍්ජරාභිරුදා රම‍්මා තෙ සෙලා රමයන‍්ති මං.
1067. ලුනුවරණ රුක්පෙතින් පැතිරැගිය සිත්කලු වූ භූමිභාග ඇති ඇතුන්ගේ ගර්‍ජනායෙන් රම්‍ය වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1068. නීලබ‍්භවණ‍්ණා රුචිරා වාරිසීතා සුවින්‍ධරා, ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නා තෙ සෙලා රමයන‍්ති මං.
1068. නිල්වලාවනට බඳු පැහැ ඇති වූ පැහැසර වූ සිහිල් දිය ඇති වූ පිරිසිදු වූ ඉඳුගොව්වන් විසින් ගැවසීගත්තා වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1069. නීලබ‍්භකූටසදිසා කූටාගාරවරූපමා, වාරණාභිරුදා රම‍්මා තෙ සෙලා රමයන‍්ති මං.
1069. නිල්වලාකුළු සුදුසු වූ කුළුගෙවලට උවම් වූ ඇතුන්ගේ ගර්‍ජනායෙන් රම්‍ය වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1070. අභිවුට‍්ඨා රම‍්මතලා නගා ඉසීහි සෙවිතා, අබ‍්භුන‍්නදිතා සිඛීහි තෙ සෙලා රමයන‍්ති මං.
1070. බෙහෙවින් වට වැසි ඇති රම්‍ය වූ කලා ඇති ශිඛීන් (මොනරුන්) විසින් කරනලද මධුර වූ උන්නාද ඇති ඍෂීන් විසින් සෙවුනාලද “නග” ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1071. අලං ඣායිතුකාමස‍්ස පහිතත‍්තස‍්ස මෙ සතො, අලං මෙ අත්‍ථකාමස‍්ස පහිතත‍්තස‍්ස භික‍්ඛුනො.
1071. ධ්‍යාන කරනු කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති වූ මට මැනැව, තමහට වැඩ කැමැති නිවනෙහි එළවූ සිත් ඇති “භික්‍ෂු” වූ මට මැනැවි.
1072. අලං මෙ ඵාසුකාමස‍්ස පහිතත‍්තස‍්ස භික‍්ඛුනො, අලං මෙ යොගකාමස‍්ස පහිතත‍්තස‍්ස තාදිනො.
1072. උමාකුසුම් (නිල්කටරොළු) බඳු පැහැ ඇති වූ නිල්වලායෙන් වැසුණු ගුවන්තලය වැනි වු නොයෙක් පක්‍ෂිගණයා විසින් ගැවැසීගත්තාවූ ඒ පර්‍වයෝ මා රමණය කරත්.
1073. උම‍්මාපුප‍්ඵෙන සමානා ගගනාවබ‍්භඡාදිතා, නානාදිජගණාකිණ‍්ණා තෙ සෙලා රමයන‍්ති මං.
1073. පහසු කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති “භික්‍ෂු” වූ මට මැනැවැ, යෝග කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති “තාදි” වූ මට මැනැවි.
1074. අනාකිණ‍්ණා ගහට‍්ඨෙහි මිගසඞ‍්ඝනිසෙවිතා, නානාදිජගණාකිණ‍්ණා තෙ සෙලා රමයන‍්ති මං.
1074. ගිහීන්ගෙන් ආකිණ්ර්‍ණ නො වූ මුව (සියුපා) සමූහයා විසින් සෙවුනාලද්දා වූ නොයෙක් පක්‍ෂිගණයාගෙන් ආකීර්‍ණ වූ ඒ පර්‍වතයෝ මා සිත් ගනිත්.
1075. අච‍්ඡොදිකා පුථුසිලා ගෙනඞ‍්ගුලමිගායුතා, අම‍්බුසෙවාලසඤ‍්ඡන‍්නා තෙ සෙලා රමයන‍්ති මං.
1075. පහන් දිය ඇති පුළුල්ගලතල ඇත්තා වූ ගොනඟුලන් (වඳුරන්) හා මුවන් (සියුපාවුන්) ගෙන් යුක්ත වූ දියසෙවෙලින් වැසුණා වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1076. න පඤ‍්චඞ‍්ගිකෙන තුරියෙන රති මෙ හොති තාදිසි, යථා එකග‍්ගචිත‍්තස‍්ස සම‍්මා ධම‍්මං විපස‍්සතො.
1076. එකඟසිත් ඇත්තා වූ රූපාදිධර්‍මයන් මොනවට (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කරන්නා වූ මට යම් බඳු නම් එබඳු රතියක් පසඟතුරු රැවින් මට නො වේ.
1077. කම‍්මං බහුකං න කාරයෙ පරිවජ‍්ජෙය්‍ය ජනං න උය්‍යමෙ, උස‍්සුක‍්කො සො රසානුගිද‍්ධො අත්‍ථං රිඤ‍්චති යො සුඛාවහො.
1077. (කර්‍මාරාම වැ) කර්‍ම බොහෝ කොට නො කරවුව මැනැවැ, (කල්‍යාණමිත්‍ර නො වූ) ජනයා දුරු කළ මැනැවැ, (ප්‍රත්‍යයොත්පාදානයෙහි) ව්‍යායාම නො කළ මැනැව, හෙතෙම (කුලෝපගමනයෙහි) උත්සුක වැ රසයෙහි ගිජු වැ යම් අර්‍ත්‍ථයෙක් (තමහට) සුව එළවා නම් ඒ අර්‍ත්‍ථය වමාරයි.
1078. කම‍්මං බහුකං න කාරයෙ පරිවජ‍්ජෙය්‍ය අනත‍්තනෙය්‍යමෙත, කිච‍්ඡති කායො කිලමති දුක‍්ඛිතො සො සමථං න වින්‍දති.
1078. කර්‍ම බොහෝ කොට නො කරවුව මැනැවැ, තමහට හිත නො වූ තෙල කර්‍මාධිෂ්ඨානය හළ මැනැවි, (ඉන්) කය වෙහෙසෙයි, ක්ලාන්ත වේ, හෙතෙම දුඃඛිත වූයේ සමථය නො ලබයි.
1079. ඔට‍්ඨප‍්පහතමත‍්තෙන අත‍්තානම‍්පි න පස‍්සති, පත්‍ථද‍්ධගීවො චරති අහං සෙය්‍යොති මඤ‍්ඤති.
1079. පණ්ඩිතම්මන්‍යයා (ස්වාධ්‍යායශීර්‍ෂයෙන්) තොල් පහළ පමණින් තමා පමණුදු නො දකි, (අධිමානයෙන්) තද වූ කඳට ඇති වැ හැසිරෙයි, “මම ශ්‍රේෂ්ඨයෙමි” හඟී.
1080. අසෙය්‍යො සෙය්‍යසමානං බාලො මඤ‍්ඤති අත‍්තානං, න තං විඤ‍්ඤූ පසංසන‍්ති පත්‍ථද‍්ධමානසං නරං.
1080. බාල තෙම හීන වූයේ තමා ශ්‍රේෂ්ඨයකු සම කොට හඟී. නුවණැතියෝ බෙහෙවින් තදමන් ඇති මිනිසකු වූ ඔහු නො පසසත්.
1081. යො ච සෙය්‍යොහමස‍්මීති නාහං සෙය්‍යොති වා පුන, හීනොහං සදිසො වා’ති විධාසු න විකම‍්පති.
1081. යමෙකුත් “මම උසස්මී.” හෝ “උසස් නො වෙමි” හෝ “පහත්මී” හෝ “එබන්දෙමී” හෝ නවවිධමානයෙහි නො සැලේ ද,
1082. පඤ‍්ඤවන‍්තං තථා තාදිං සීලෙසු සුසමාහිතං, චෙතොසමථමනුයුත‍්තං තං වෙ විඤ‍්ඤූ පසංසරෙ.
1082. එසේ නුවණැත්තා වූ තාදිගුණ ඇත්තා වූ අශෛක්‍ෂශීලයෙහි මොනොවට පිහිටියා වූ (රහත්පලසමවත් සමවැදුමින්) චිත්තසමථයෙහි යෙදුණා වූ ඔහු නුවණැතියෝ පසසත්.
1083. යස‍්ස සබ්‍රහ‍්මචාරීසු ගාරවො නූපලබ‍්භති, ආරකා හොති සද‍්ධම‍්මා නභසො පඨවී යථා.
1083. සබ්‍රම්සරුන් කෙරෙහි යමකුගේ ගෞරවයෙක් නො ලැබේ ද, හෙතෙම අහසට පොළොව මෙන් සද්ධර්‍මයෙන් දුරු වේ.
1084. යෙසං ච හිරි ඔත‍්තප‍්පං සදා සම‍්මා උපට‍්ඨිතං, විරූළ‍්හබ්‍රහ‍්මචරියා තෙ තෙසං ඛීණා පුනබ‍්භවා.
1084. තවද යම් කෙනකුන්හට හිරිඔතප් දෙක හැම කල්හි මොනොවට එළඹසිටියේ ද ඔහු වැඩුණු බඹසර ඇත්තාහු යැ. ඔවුන්ගේ පුනර්‍භවයෝ ක්‍ෂය වූවාහු යි.
1085. උද‍්ධතො චපලො භික‍්ඛු පංසුකූලෙන පාරුතො, කපීව සීහචම‍්මෙන න සො තෙනුපසොභති.
1085. උද්ධත වූ චපල (පාසිවුරු සැරසීම් ආදිය ඇති) වූ මහණ තෙම පසුල් සිවුරින් පොරෝනාලද්දේ වේද, සිහසමින් පොරෝනාලද වඳුරකු බඳු හෙතෙම ඉන් නො හොබී.
1086. අනුද‍්ධතො අචපලො නිපකො සංවුතින්‍ද්‍රියො, සොභති පංසුකූලෙන සීහො’ව ගිරිගබ‍්භරෙ.
1086. උද්ධත නො වූ චපල නො වූ (ආත්මාර්‍ත්‍ථපරාර්‍ත්‍ථයෙහි) නිපුණ වූ වසන ලද ඉඳුරන් ඇත්තා වූ මහණ තෙම ගිරිගුහායෙහි සීරදකු මෙන් පසුල්සිවුරින් හොබී.
1087. එතෙ සම‍්බහුලා දෙවා ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො, දසදෙවසහස‍්සානි සබ‍්බෙ තෙ බ්‍රහ‍්මකායිකා.
1087. තෙල බොහෝ වූ දෙවිවරු ඍද්ධිමත්හු යැ, යශස් ඇත්තාහු යැ, බ්‍රහ්මකායික වූ ඒ සියලු දසදහසක් දෙවියෝ,
1088. ධම‍්මසෙනාපතිං වීරං මහාඣායිං සමාහිතං, සාරිපුත‍්තං නමස‍්සන‍්තා තිට‍්ඨන‍්ති පඤ‍්ජලීකතා.
1088. ධර්‍මසේනාපති වූ වීර වූ මහත් ධ්‍යාන ඇත්තා වූ එකඟ සිත් ඇත්තා වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ඇඳිලි බැඳියාහු නමස්කාර කෙරෙමින් සිටිත්.
1089. නමො තෙ පුරිසාජඤ‍්ඤ නමො තෙ පුරිසුත‍්තම, යස‍්ස තෙ නාභිජානාම යං’පි නිස‍්සාය ඣායති.
1089. ආජානීය පුරුෂය, ඔබට නමස්කාර වේවා! පුරුෂොත්තමය, ඔබට නමස්කාර වේවා! (තෙපි) යම් අරමුණක් නිසා ධ්‍යාන කරවු නම් තොපගේ ඒ අරමුණ (ඇපි) නො දනුම්හ.
1090. අච‍්ඡෙරං වත බුද‍්ධානං ගම‍්භීරො ගොචරො සකො, යෙ මයං නාභිජානාම වාලවෙධිසමාගතා.
1090. එකත්නෙන් ආශ්චර්‍ය්‍ය යැ, බුදුවරුන්ගේ ස්වවිෂය ගැඹුරු යැ. වාලවේධීන් සම වැ (සියුම් අරුත් දක්නට) සමර්‍ත්‍ථ වැ ආ යම්බඳු ඇපි (බුද්ධවිෂය) පිරික්සන්නමෝ නො දනුම් හ.
1091. තං තථා දෙවකායෙහි පූජිතං පූජනාරහං, සාරිපුත‍්තං තදා දිස‍්වා කප‍්පිනස‍්ස සිතං අහු.
1091. දේව සමූහයා විසින් එසේ පුදනලද පූජාර්‍හ වූ ඒ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දැකැ එදා මහාකප්පිනහට සිනායෙක් (පහළ) වි.
1092. යාවතා බුද‍්ධඛෙත‍්තම‍්හි ඨපයිත්‍වා මහාමුනිං, ධුතගුණෙ විසිට‍්ඨොහං සදිසො මෙ න විජ‍්ජති.
1092. සකල බුද්ධක්‍ෂේත්‍රයෙහි මහමුනිහු (සම්‍යක් සම්බුදුන්) හැරැ ධුතගුණයෙන් මා බන්දෙක් නො පැනෙයි. ධුතගුණයෙහි මම විශිෂ්ඨයෙමි.
1093. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං, ඔහිතො ගරුකො භාරො නත්‍ථි දානි පුනබ‍්භවො.
1093. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලද යැ, ගුරු බර බහා තබනලද්දේ යැ. මින්මතු (මට) පුනර්‍භවයෙක් නැති.
1094. න චීවරෙ න සයනෙ භොජනෙ නුපලිප‍්පති, ගොතමො අනප‍්පමෙය්‍යො මුලාලපුප‍්ඵං විමලං’ව, අම‍්බුනා නික‍්ඛමනින‍්නො තිභවාභිනිස‍්සටො.
1094. (තෘෂ්ණායෙන්) චීවරයෙහි නො තැවරෙයි, සයනයෙහි නො තැවරෙයි, භෝජනයෙහි නො තැවරෙයි, ගෞතම තෙමේ ප්‍රමාණාර්‍හ නො වේ. දිය නො තැවරෙන නිර්‍මල වූ නිලුපුලක් වැන්නැ, අභිනිෂ්ක්‍රමයට නැඹුරු වූයේ යැ, භවත්‍රයෙන් නික්මුණේ යි.
1095. සතිපට‍්ඨනගීවො සො සද‍්ධාහත්‍ථො මහාමුනි, පඤ‍්ඤාසීසො මහාඤාණී සදා චරති නිබ‍්බුතො’ති.
1095. සීවටන් මැ කඳට ඇත්තා වූ සැදැහැ මැ අත් ඇත්තා වූ මහාමුනි වූ නුවණ මැ මුදුනන් ඇත්තා වූ මහනුවණැති වූ හෙතෙම හැම කල්හි නිවියෙක් වැ වෙසේ.
ඉත්‍ථං සුදං ආයස‍්මා මහාකස‍්සපො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් “මහාකස්සප” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මහාකස‍්සපත්‍ථෙරගාථා.
මහාකස්සප ස්ථවිරගාථා යි
තස‍්සුද‍්දානං:
උද්දානය:
චත‍්තාලීසනිපාතම‍්හි මහාකස‍්සපසව‍්හයො, එකො’ව ථෙරො ගාථායො චත‍්තාලීස දුවෙ’පි චා’ති.
සතළිස් වැනි නිපාතයෙහි “මහාකස්සප” යන ස්වාභිධානය ඇති එක් මැ තෙරනමකි. ගාථාවෝ ද දෙසාළිසෙකි.
චත‍්තාලීසනිපාතො නිට‍්ඨිතො.
චත්තාලීසනිපාතය නිමි.