ඵුස්සත්ථෙරගාථා
30. 1. 1.
30. 1. 1.
949. පාසාදිකෙ බහූ දිස්වා භවිතත්තෙ සුසංවුතෙ, ඉසි පණ්ඩරස්ස ගොත්තො අපුච්ඡි ඵුස්සසව්හයං.
949. ප්‍රාසාදික වූ වඩනාලද සිත් ඇති සන්හුන් ඉඳුරන් ඇති බොහෝ දෙනා (භික්ෂූන්) දැකැ ‘පණ්ඩරගොත්ත’ නම් තවුස් තෙම ‘ඵුස්ස’ නමැති තෙරුන් විචාළේ යි.
950. කිංඡන්දා කිමධිප්පායා කිමාකප්පා භවිස්සරෙ, අනාගතම්හි කාලම්හි තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
950. අනාගතකාලයෙහි (භික්ෂූහු) කෙබඳු ඡන්ද ඇතියාහු කෙබඳු අදහස් ඇතියාහු කෙබඳු ආකල්ප ඇතියාහු වෙත් ද? විචාරනලද මට එය කියනු මැනැවි.
951. සුණොහි වචනං මය්හං ඉසිපණ්ඩරසව්හය, සක්කච්චං උපධාරෙහි ආක්ඛිචිස්සාම්යනාගතං.
951. පණ්ඩරාභිධාන රුසිය, මා ගේ වචනය අසනු මැනැවැ, සකසා සලකනු මැනැවැ, අනාගතය ප්‍රකාශ කරන්නෙමි.
952. කොධනා උපනාහී ච මක්ඛී ථම්භී සඨා බහූ, ඉස්සුකී නානාවාදා ච භවිස්සන්ති අනාගතෙ.
952. කිපෙනසුල්ලෝ ද බද්ධවෛර ඇත්තෝ ද ගුණමකුවෝ ද අතිමානයෝ ද නැතිගුණ පාළ කරන්නෝ ද ඊර්ෂ්‍යා ඇත්තෝ ද වෙන් වෙන් දෘෂ්ටි ඇත්තෝ ද අනාගතයෙහි වන්නාහ.
953. අඤ්ඤාතමානිනො ධම්මෙ ගම්භීරෙ තීරගොචරා, ලහුකා අගරු ධම්මෙ අඤ්ඤමඤ්ඤමගාරවා.
953. ගැඹුරු දහම්හි දතිමී මාන ඇත්තාහු වෙරළ මැ ඇසුරු කළාහු චපල වූවාහු සද්ධර්මයෙහි ගෞරව නැත්තාහු අන්‍යෝන්‍ය ගෞරව නැත්තාහු (අනාගතයෙහි වන්නාහ).
954. බහූ ආදීනවා ලොකෙ උප්පජ්ජිස්සන්ත්යනාගතෙ, සුදෙසිතං ඉමං ධම්මං කිලෙසිස්සන්ති දුම්මතී.
954. අනාගත ලෝකයෙහි බොහෝ ආදීනවයෝ උපදින්නාහ, මොනවට දෙසනලද මේ ආගමසද්ධර්මය දුර්මතීහු කෙලෙසන්නාහ.
955. ගුණහීනා’පි සඞ්ඝම්හි වොහරන්තා විසාරදා, බලවන්තො භවිස්සන්ති මුඛරා අස්සුතාවිනො.
955. අශ්‍රැතවත් ගුණහීනයෝ ද සඟමැදැ කථා කරන්නාහු බුහුටි වූවාහු රළුබස් ඇත්තාහු බලවත් වන්නාහ.
956. ගුණවන්තො’පි සඞ්ඝම්හි වොහරන්තා යථාත්ථතො, දුබ්බලා තෙ භවිස්සන්ති හිරීමනා අනත්ථිකා.
956. ගුණවත්තු ද සඟමැදැ අර්ත්ථානුරූප වැ කථා කරන්නාහු ලජ්ජාසිත් ඇත්තාහු පලක් නැත්තාහු දුර්වල වන්නාහ.
957. රජතං ජාතරූපං ච ඛෙත්තං වත්ථුමජෙළකං, දාසිදාසං ච දුම්මෙධා සාදියිස්සන්ත්යනාගතෙ.
957. දුෂ්ප්‍රාඥයෝ අනාගතයෙහි රන්-රිදී ද කෙත් වතු ද එළු තිරෙළුවන් ද දැසිදසුන් ද ඉවසන්නාහ.
958. උජ්ඣානසඤ්ඤිනො බාලා සීලෙසු අසමාහිතා, උන්නළා විචරිස්සන්ති කලහාභිරතා මගා.
958. අයුණු කියන සිත් ඇති, සිව්පිරිසිදු සිල්හි සමාහිත නො වූ, උස් වූ හිස්මන් ඇති, කලහයෙහි ඇලුණු බාලයෝ මෘගයන් මෙන් හැසිරෙන්නාහ.
959. උද්ධතා ච භවිස්සන්ති නීලචීවරපාරුතා, කුහා ථද්ධා ලපා සිඞ්ගී චරිස්සන්ත්යරියා විය.
959. නිල්සිවුරු පෙරෙවියාහු උඩඟු ද වන්නාහ, කුහු වැ දැඩි සිත් ඇති වැ ප්රත්යොත්පාදක කථා ඇති වැ ශෘඞ්ගාරචරිත ඇති වැ ආර්‍ය්‍යයන් මෙන් හැසිරෙන්නාහු ද වෙත්.
960. තෙලසණ්ඨෙහි කෙසෙහි චපලං අඤ්ජිතක්ඛිකා, රථියාය ගමිස්සන්ති දන්තවණ්ණිකපාරුතා.
960. දළ පැහැ සිවුරු පෙරෙවියාහු තෙලින් මට කළ කෙසින් යුතැ වැ චපල වැ අඳුන් ඇඳි නුවන් ඇති වැ මහමඟැ යන්නාහ.
961. අජෙගුච්ඡං විමුත්තෙහි සුරත්තං අරහද්ධජං, ජිගුච්ඡිස්සන්ති කාසාවං ඔදාතෙසු සමුච්ඡිතා.
961. සුදුවත්හි මොනොවට මුසපත් (ගිජු) වූවාහු ආර්‍ය්‍යයන් විසින් මොනොවට රඳනාලද (එහෙයින් මැ) පිළිකුල් නො කටයුතු අර්හත් ධ්වජය වූ කහවත පිළිකුල් කරන්නාහ.
962. ලාභකාමා භවිස්සන්ති කුසීතා හීනවීරියා, කිච්ඡන්තා වනපත්ථානි ගාවන්තෙසු වසිස්සරෙ.
962. කුසීතයෝ, හීනවීර්ය්යයෝ, ලාභකැමැතියෝ වන්නාහ. වානප්රස්ථසේනාසනයන්හි ක්ලාන්ත වන්නාහු ග්‍රාමාන්ත සෙනාසනයන්හි වසන්නාහ.
963. යෙ යෙ ලාභං ලභිස්සන්ති මිච්ඡාජීවරතා සදා, තෙ තෙ’ව අනුසික්ඛන්තා භමිස්සන්ති අසංයතා.
963. යම් යම් කෙනෙක් මිථ්‍යාජීවයෙහි ඇලුණාහු හැම කල්හි ලාභ ලබත් ද, ඔවුන් ඔවුන් අනු වැ හික්මෙන්නාහු අසංයත වැ හැසිරෙන්නාහ.
964. යෙ යෙ අලාභිනො ලාභං න තෙ පුජ්ජා භවිස්සරෙ, සුපෙසලෙ’පි තෙ ධීරෙ සෙවිස්සන්ති න තෙ තදා.
964. යම් යම් කෙනෙක් ලාභ නො ලබනසුලුහු නම් ඔහු පූජ්‍ය නො වන්නාහ, එකල ඔවුන් සුපේශලයන් වුව ද ප්රාඥවන් වුව ද ඔහු සේවනය නො කරන්නාහ.
965. පිලක්ඛුරජනං රත්තං ගරහන්තා සකං ධජං, තිත්ථියානං ධජං කෙචි ධාරෙස්සන්ත්යවදාතකං.
965. කිසි කෙනෙක් කළුනුග කසටින් රඳනාලද ස්වකීය ධ්වජය වූ කහවත ගරහන්නාහු තීර්ත්ථකයන්ගේ ධ්වජය වූ සුදුවත් දරන්නාහ.
966. අගාරවො ච කාසාවෙ තදා තෙසං භවිස්සති, පටිසඞ්ඛා ච කාසාවෙ භික්ඛූනං න භවිස්සති.
966. එකල්හි කහවත කෙරෙහි ඔවුන්ගේ අගෞරවය ද වන්නේ යැ. කහවත්හි භික්ෂූන්ගේ ප්රත්යවේක්ෂා ද නො වන්නේ යි.
967. අභිභූතස්ස දුක්ඛෙන සල්ලවිද්ධස්ස රුප්පතො, පටිසඞ්ඛා මහාඝොරා නාගස්සාසි අචින්තියා.
967. විෂ සහිත හීයෙන් විදුනාලද (එහෙයින්) මැ දුකින් මඩනාලද ශරීරවිකාරයට පැමිණෙන්නා වූ (සදත්) ඇත්රජහට ද අචින්ත්‍ය වූ අතිශයින් ගුරු (බර) වූ ප්රත්යවේක්ෂාව වූ.
968. ඡද්දන්තො හි තදා දිස්වා සුරත්තං අරහද්ධජං, තාවදෙව භණී ගාථා ගජො අත්ථොපසංහිතා.
968. ඒ එසේ මැ යි. එදා සදත්ඇත්රජ මොනොවට රඳනාලද අර්හත් ධ්වජය දැක එකෙණෙහි අර්ත්ථනිශ්ශ්රීත වූ ගාථා කී.
969. අනික්කසාවො කාසාවං යො වත්ථං පරිදහෙස්සති, අපෙතො දමසච්චෙන න සො කාසාවමරහති.
969. නො පහ වූ (රාගාදි) කසට ඇති යමෙක් කහවත් පරිභෝග කෙරේ නම් ඉන්‍ද්‍රියදමය හා සත්‍යයෙන් තොර වූ හෙතෙම කහවතට නො හොබී.
970. යො ච වන්තකසාවස්ස සීලෙසු සුසමාහිතො, උපෙතො දමසච්චෙන ස වෙ කාසාවමරහති.
970. තවද යමෙක් පහ කළ කෙලෙස් කසට ඇත්තේ වේ නම් ශීලයෙහි පිහිටියේ නම් ඉන්‍ද්‍රියදමය හා වාක්සත්‍යයෙන් යුක්ත නම් හෙතෙම එකත්නෙන් කහවතට හොබී.
971. විපන්නසීලො දුම්මෙධො පාකටො කම්මකාරියො, විබ්භන්තචිත්තො නිස්සුක්කො න සො කාසාවමරහති.
971. යමෙක් ශීලවිපන්න නම් දුෂ්ප්‍රාඥ නම් ‘දුශ්ශීල ය’යි ප්‍රකට නම් යථේපසිතයක් (මරහුට කැමැති සෙයක්) කරනුයේ නම් වික්ෂිප්ත වූ සිත් ඇත්තේ නම් කුශලධර්ම රහිත නම් හෙතෙම කහවතට නො හොබී.
972. යො ච සීලෙන සම්පන්නො වීතරාගො සමාහිතො, ඔදාතමනසඞ්කප්පො සවෙ කාසාවමරහති.
972. යමෙකුන් ශීලසම්පන්න නම් වීතරාග නම් සමාහිත නම් සුවිශුද්ධමනෝවිතර්ක ඇත්තේ නම් හෙතෙම එකත්නෙන් කහවතට හොබී.
973. උද්ධතො උන්නළො බාලො සීලං යස්ස න විජ්ජති, ඔදාතකං අරහති කාසාවං කිං කරිස්සති.
973. යමෙක් උද්ධිත නම් උස් වූ හිස්මන් ඇත්තේ නම් අව්‍යක්ත නම් යමක්හුගේ ශීලය නො පැනේ නම් හෙතෙම සුදුවතට සුදුසු යැ, කහවත් කුමක් කරන්නේ ද?
974. භික්ඛූ ච භික්ඛුනියො ච දුට්ඨචිත්තා අනාදරා, තාදීනං මෙත්තචිත්තානං නිග්ගණ්හිස්සන්ත්යනාගතෙ.
974. අනාගතයෙහි මහණහු ද මෙහෙණහු ද ද්විෂ්ට වූ සිත් ඇති වැ අනාදර වැ මෙත් සිත් ඇති තාදිගුණැතියන් නිගන්නාහ.
975. සික්ඛාපෙන්තා’පි ථෙරෙහි බාලා චීවරධාරණං, න සුණිස්සන්ති දුම්මෙධා පාකටා කාමකාරියා.
975. දුෂ්ප්‍රාඥ වූ ‘දුශ්ශීල යැ’යි ප්‍රකට වූ හිතුවක් කරන්නා වූ බාලයෝ තෙරුන් විසින් සිවුරු ධැරීමෙහි හික්මවනු ලබන්නාහු ද නො අසන්නාහ.
976. තෙ තථා සික්ඛිතා බාලා අඤ්ඤමඤ්ඤං අගාරවා, නාදියිස්සන්තුපජ්ඣායෙ ඛළුඞ්කො විය සාරථිං.
976. එසේ හික්මවනලද ඒ බාලයෝ උනුනට ගෞරව නැතියාහු රියසැරිහු නො තකන කුළුඅසකු මෙන් උපාධ්‍යායන් කෙරෙහි ආදරය නො කරන්නාහ.
977. එවං අනාගතද්ධානං පටිපත්ති භවිස්සති, භික්ඛූනං භික්ඛුනීනං ච පත්තෙ කාලම්හි පච්ඡිමෙ.
977. මහණුන්ගේ ද මෙහෙණන්ගේ ද පශ්චිම කාලය පැමිණි කල්හි අනාගත කාලයෙහි මෙබඳු පිළිවෙත් වන්නේ යි.
978. පුරා ආගච්ඡතෙ එතං අනාගතං මහබ්භයං, සුබ්බචා හොථ සඛිලා අඤ්ඤමඤ්ඤං සගාරවා.
978. තෙල අනාගත මහබිය එන්නට පෙර (තෙපි) සුවච වැ මෘදුසිත් ඇති වැ උනුනට ගෞරව සහිත වවු.
979. මෙත්තචිත්තා කාරුණිකා හොථ සීලෙසු සංවුතා, ආරද්ධවිරියා පහිතත්තා නිච්චං දළ්හපරක්කමා.
979. (තෙපි) මෙත්සිත් ඇතියහු කරුණා ඇතියහු ශීලයෙහි සංවෘත වූවහු ආරබ්ධවීර්‍ය්‍ය ඇතියහු නිවනෙහි යවනලද සිත් ඇතියහු නිරතුරු දැඩි පරාක්‍රම ඇතියහු වවු.
980. පමාදං භයතො දිස්වා අප්පමාදං ච ඛෙමතො, භාවෙථට්ඨඞ්ගිකං මග්ගං ඵුසන්තා අමතං පද’න්ති.
980. ප්‍රමාදය භය වශයෙන් ද අප්‍රමාදය ක්ෂේම වශයෙන් ද දැකැ අමෘතපදය ස්පර්ශ කෙරෙමින් අෂ්ටාඞ්ගික මාර්ගය වඩවු.
ඉත්ථං සුදං ආයස්මා ඵුස්සො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් ‘ඵුස්ස’ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.