අඤ්ඤතරාථෙරීගාථා
5. 1.
5. 1.
67. පණ්ණවීසතිවස්සානි යතො පබ්බජිතා අහං නච්ඡරාසඞ්ඝතමත්තම්පි චිත්තස්සූපසමජ්ඣගං.
67. යම් තැනක පටන් පැවිදි වූ මම් පස්විසිවසක් මුළුල්ලෙහි අසුරුසන් ලන පමණ ඇසිල්ලකුදු චිත්තෝපශමය නො ලත්මු.
68. අලද්ධා චෙතසො සන්තිං කාමරාගෙනවස්සුතා, බාහාපග්ගය්හ කන්දන්තී විහාරං පාවිසිං අහං.
68. කාමරාගයෙන් තෙත් වැ චිත්තශාන්තියක් නො ලැබ මම් දෙ අත් බැඳ හඬමින් විහාරයට පිවිසීමි.
69. තං භික්ඛුනීමුපාගඤ්ජිං යා මෙ සද්ධායිකා අහු, සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො.
69. යම් (ධම්මදින්නා) මෙහෙණක් මා විසින් හැදැහිය යුතු වූ ද මම් ඒ මෙහෙණ කරා එළඹීමි. ඒ මෙහෙණ මට ස්කන්ධායතනධාතූන් (පිළිබඳ) දහම් දෙසූ.
70. තස්සා ධම්මං සුණිත්වාන එකමන්තෙ උපාවිසිං, පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං විසොධිතං.
70. ඇගේ දහම් අසා එකත්පස්හි හිනිමි. මම් පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. මා විසින් දිවැස පිරිසිදු කරන ලද.
71. චෙතොපරියඤාණඤ්ච සොතධාතු විසොධිතා, ඉදිධිපි මෙ සච්ඡිකතා පත්තො මෙ ආවක්ඛයො, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.
71. චේතෝපරියඤාණය ද පිරිසිදු කරන ලද. දිබ්බසොතධාතුව ද පිරිසිදු කරනලදු. මා විසින් ඍද්ධිය පසක් කරන ලදු. මා විසින් ආස්රවක්ෂය ලබනලද, ෂඩභිඥා ප්රත්යක්ෂ කරන ලදහු. බුදුසසුන් කරන ලදි.
ඉත්ථං සුදං අඤ්ඤතරා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
මෙසෙයින් එක්තරා මෙහෙණක් ගාථා කිවු යැ.