යෙදුමෙන් කියවන්න

සුන්‍දරීනන්‍දාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුන්‍දරීනන්‍දාථෙරීගාථාවණ‍්ණනා

සුන්‍දරීනන්‍දා ථේරීගාථා වර්ණනාව

ආතුරං අසුචින‍්තිආදිකා සුන්‍දරීනන්‍දාය ථෙරියා ගාථා. අයම‍්පි කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා, සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං ඣායිනීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා කුසලං උපචිනන‍්තී කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්ති. නන්‍දාතිස‍්සා නාමං අකංසු. අපරභාගෙ රූපසම‍්පත‍්තියා සුන්‍දරීනන්‍දා, ජනපදකල්‍යාණීති ච පඤ‍්ඤායිත්‍ථ. සා අම‍්හාකං භගවති සබ‍්බඤ‍්ඤුතං පත්‍වා අනුපුබ‍්බෙන කපිලවත්‍ථුං ගන‍්ත්‍වා නන්‍දකුමාරඤ‍්ච රාහුලකුමාරඤ‍්ච පබ‍්බාජෙත්‍වා ගතෙ සුද‍්ධොදනමහාරාජෙ ච පරිනිබ‍්බුතෙ මහාපජාපතිගොතමියා රාහුලමාතාය ච පබ‍්බජිතාය චින‍්තෙසි – “මය‍්හං ජෙට‍්ඨභාතා චක‍්කවත‍්තිරජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා ලොකෙ අග‍්ගපුග‍්ගලො බුද‍්ධො ජාතො, පුත‍්තොපිස‍්ස රාහුලකුමාරො පබ‍්බජි, භත‍්තාපි මෙ නන්‍දරාජා, මාතාපි මහාපජාපතිගොතමී, භගිනීපි රාහුලමාතා පබ‍්බජිතා, ඉදානාහං ගෙහෙ කිං කරිස‍්සාමි, පබ‍්බජිස‍්සාමී”ති භික‍්ඛුනුපස‍්සයං ගන‍්ත්‍වා ඤාතිසිනෙහෙන පබ‍්බජි, නො සද‍්ධාය. තස‍්මා පබ‍්බජිත්‍වාපි රූපං නිස‍්සාය උප‍්පන‍්නමදා. “සත්‍ථා රූපං විවණ‍්ණෙති ගරහති, අනෙකපරියායෙන රූපෙ ආදීනවං දස‍්සෙතී”ති බුද‍්ධුපට‍්ඨානං න ගච‍්ඡතීතිආදි සබ‍්බං හෙට‍්ඨා අභිරූපනන්‍දාය වත්‍ථුස‍්මිං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. අයං පන විසෙසො – සත්‍ථාරා නිම‍්මිතං ඉත්‍ථිරූපං අනුක‍්කමෙන ජරාභිභූතං දිස‍්වා අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො මනසිකරොන‍්තියා ථෙරියා කම‍්මට‍්ඨානාභිමුඛං චිත‍්තං අහොසි. තං දිස‍්වා සත්‍ථා තස‍්සා සප‍්පායවසෙන ධම‍්මං දෙසෙන‍්තො –

ආතුරං අසූචිං - මේ ගාථාව සුන්දරී නන්ද තෙරණියගේය. මෝතොමෝ පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද කල්යාමේ දී බුදුන්ගේ බණ අසමින් සිටියදී බුදුහු එක් තෙරණියක් ධ්‍යාන ලාභිනීන්ගෙන් අගතන්හි තබනු දැක ඒ තනතුර පතා කුසල් රැස් කරන්නී, කල්ප සියදහසක් දෙව්මිනිස් ලෝවල හැසිර මේ බුදුපතෙහි ශාක්‍යරාජ කුලයක උපන්නාය. ඕ නන්දා නම් වූවාය. පසු කලෙක ඇයගේ රූපසම්පත්තිය නිසා සුන්දරී නන්දා යනුවෙන් ද ජනපදකල්‍යාණි යනුවෙන් ද පළට වූවාය. (භද්දකාපිලානී මෙන් ගනඳුරෙහි දොළොස්රියන් දිග පළල ගර්‍භාගාරයකට පහනක් වුවමනා නොවීය. ඇයගේ ශරීර කාන්තියෙන්ම මුලු ගැබම ආලෝකවත් වෙයි. මොවුන්ට වඩා සිය ගුණයකින් යශෝධරා හොබී). අප බුදුහු බුදුබවට පැමිණ ක්‍රමයෙන් කපිලවත් පුරයට ගොස් නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදිකරවා ගිය කල්හි සුදොවුන් මහරජුද පිරිනිවි කල්හි මහප්‍රජාපතීගෞතමිය හා රහල්මව ද පැවිදි වූ කල්හි ඕතොමෝ මෙසේ සිතුවාය: ‘මගේ දෙටුසොහොයුරා සක්විති පදවිය අත්හැර පැවිදි වී ලෙව්හි අග්‍රපුද්ගලයා වූ බුදුවරයෙක් විය. ඔහුගේ පුත් රහල් කුමරා ද පැවිදි විය. මගේ සැමියා වූ නන්ද රජු ද මව මහා ප්‍රජාපතීගෞතමිය ද, සොහොයුරිය වූ රාහුලමාතා ද පැවිදිවූහ. මම දැන් ගෙදරට වී කුමක් කරම්ද? ‘පැවිදි වන්නෙමි සිතා භික්‍ෂුණී ආරාමයකට ගොස් නෑදෑයන් කෙරෙහි වූ ස්නේහය නිසා පැවිදි වූවා විනා සැදැහැයෙකින් නොවේ. එහෙයින් පැවිදිවීමෙන් පසුවද රූපය නිසා උපන් ගර්වය ඇත්තී ‘බුදුහු රූපය හෙළාදකිති, ගරහති, නොයෙක් අයුරින් රූපයෙහි ආදීනව පෙන්වයි’ යනුවෙන් සිතමින් බුදුන්ට උවටැන් කිරීමට නොයයි. මේ පිළිබඳ සෙසු විස්තර යට කියනලද අභිරූපනන්දාගේ වස්තුවෙහි සඳහන් වූ අයුරින් දතයුතුය. වෙනස මෙපමණි, බුදුන් විසින් මවනු ලැබූ ස්ත්‍රී රූපය ක්‍රමයෙන් ජරාවට පැමිණෙනු දැක තෙරණියගේ මනස කමටහනට යොමු විය. එය දුටු බුදුන්වහන්සේ ඇයගේ චිත්තාචාරය වශයෙන් ධර්‍මය දේශනා කරන්නාහු-

“ආතුරං අසුචිං පූතිං, පස‍්ස නන්‍දෙ සමුස‍්සයං; අසුභාය චිත‍්තං භාවෙහි, එකග‍්ගං සුසමාහිතං.

ආතුරං අසූචිං පූතිං පස්ස නන්‍දෙ සමුස්සයං, අසූහාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.

“යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං; දුග‍්ගන්‍ධං පූතිකං වාති, බාලානං අභිනන්‍දිතං.

යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං, දුග්ගන්‍ධං පූතිකං වාති බාලානං අභිනන්‍දිතං.

“එවමෙතං අවෙක‍්ඛන‍්තී, රත‍්තින්‍දිවමතන්‍දිතා; තතො සකාය පඤ‍්ඤාය, අභිනිබ‍්බිජ‍්ඣ දක‍්ඛිස”න‍්ති. –

එවමෙතං අවෙක්‍ඛන්තී රත්තින්‍දිවමතන්‍දිතා, තතො සකාය පඤ්ඤාය අභිතිබ්බිජ්ජ දක්‍ඛිසී-

නන්දා, රෝගී වූ අපවිත්‍ර වූ කුණු වූ මේ සිරුර බලන්න. සිත එකඟ කරගෙන අසුභ නිමිති කෙරෙහි සිත මෙහෙයවන්න.

මෙය යම්සේද මෙය එසේය, එය යම්සේද එය එසේමය, දුගඳ පිළුණුබව හමයි, බාලයෝ එහිලා ඇලෙති.

දිවා රෑ දෙක්හි මෙය මෙසේ බලමින් ඉක්බිති ස්වකීය ප්‍රඥාවෙන් එහිලා කලකිරී යථාර්ථය දකින්න.

ඉමා තිස‍්සො ගාථා අභාසි.

යන ගාථා ප්‍රකාශ කළහ.

සා දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තස‍්සා උපරිමග‍්ගත්‍ථාය කම‍්මට‍්ඨානං ආචික‍්ඛන‍්තො “නන්‍දෙ, ඉමස‍්මිං සරීරෙ අප‍්පමත‍්තකොපි සාරො නත්‍ථි, මංසලොහිතලෙපනො ජරාදීනං වාසභූතො, අට‍්ඨිපුඤ‍්ජමත‍්තො එවාය”න‍්ති දස‍්සෙතුං –

ඕතොමෝ දේශනාව අනුව ඤාණය යොමුකොට සෝවාන් පෙලෙහි පිහිටියාය. සෙසු මාර්‍ගඵල සඳහා බුදුහු කමටහන් ප්‍රකාශ කරන්නාහු ‘නන්දා, මේ සිරුරෙහි හරයක් නැත, මස් හා ලෙයින් අලෙව් දුන් ජරාදියට වාසස්ථානයක් වූ මෙය හුදෙක් ඇට ගොඩක් පමණකි’ යනු දැක්වීම පිණිස:

“අට‍්ඨිනං නගරං කතං, මංසලොහිතලෙපනං; යත්‍ථ ජරා ච මච‍්චු ච, මානො මක‍්ඛො ච ඔහිතො”ති. (ධ· ප· 150) –

අට්ඨිනං නගරං කත්‍වා මංසලොහිත ලෙපනං, යත්‍ථ ජරාව මච්චුව මානො මක්‍ඛොච ඔහිතො.

මස්ලේවලින් ආලේප කරනු ලැබුවා වූ ඇටවලින් සාදන ලද නගරයකි. මෙහි ජරාව, මරණය, මානය, ගුණමකු බවද බැසගෙන ඇත.

ධම‍්මපදෙ ඉමං ගාථමාහ.

ධම්මපදයෙහි එන මේ ගාථාව දෙසූහ.

සා දෙසනාවසානෙ අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙරී 2.3.166-219) –

දේශනාවසානයෙහි ඕ රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මාන පාරගූ; ඉතො සතසහස‍්සම‍්හි, කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

මෙයින් කල්ප සියක්දහසකට පෙර සකලධර්‍ම පාරප්‍රාප්ත පදුමුත්තර නම් බුදුන් ලොව පහළවූහ.

“ඔවාදකො විඤ‍්ඤාපකො, තාරකො සබ‍්බපාණිනං; දෙසනාකුසලො බුද‍්ධො, තාරෙසි ජනතං බහුං.

සියලු සතුන් සසර කතරින් එතෙර කරන්නා වූ ඒ සර්‍වඥයන් වහන්සේ බොහෝ ජනයාට අමාමහ නිවන්සුව ගෙන දුන්හ.

“අනුකම‍්පකො කාරුණිකො, හිතෙසී සබ‍්බපාණිනං; සම‍්පත‍්තෙ තිත්‍ථියෙ සබ‍්බෙ, පඤ‍්චසීලෙ පතිට‍්ඨපි.

ඒ කාරුණික බුදුහු සියලු තීර්ථකයන් සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවා පන්සිල් ගැන්වූහ.

“එවං නිරාකුලං ආසි, සුඤ‍්ඤතං තිත්‍ථියෙහි ච; විචිත‍්තං අරහන‍්තෙහි, වසීභූතෙහි තාදිභි.

මිසදිටුවන්ගෙන් නිදහස් කරනු ලැබුවා වූ සස්න නිරවුල් විය. ඉඳුරන් දැමු තාදී ගුණයෙන් සමන්විත වූ රහතුන්ගෙන් සසුන විචිත්‍ර විය.

“රතනානට‍්ඨපඤ‍්ඤාසං, උග‍්ගතොව මහාමුනි; කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසො, බාත‍්තිංසවරලක‍්ඛණො.

ඒ බුදුන්ගේ උස රියන් පණස් අටකි. රන් ඇගෑයක් වැනි වූ උන්වහන්සේ ක්‍ෂත්‍රිය ලක්ෂණවලින් හෙබියාහ.

“වස‍්සසතසහස‍්සානි, ආයු විජ‍්ජති තාවදෙ; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

එකල මිනිස් ආයුකාලය අවුරුදු සියක්දහසකි. උන්වහන්සේ එතෙක් කල් ජීවත්වෙමින් බොහෝදෙන සසරෙන් එගොඩ කළහ.

“තදාහං හංසවතියං, ජාතා සෙට‍්ඨිකුලෙ අහුං; නානාරතනපජ‍්ජොතෙ, මහාසුඛසමප‍්පිතා.

එකල මම හංසවතී නුවර නොයෙක් දරුවලින් පිරුණු සුවපහසු දිවිපෙවෙත් ඇති සිටුකුලයක ඉපදුණෙමි.

“උපෙත්‍වා තං මහාවීරං, අස‍්සොසිං ධම‍්මදෙසනං; අමතං පරමස‍්සාදං, පරමත්‍ථනිවෙදකං.

මම බුදුන් වෙත එළඹ පරම ආස්වාදය ගෙන දෙන්නා වූ, පරමාර්ථය ප්‍රකාශ කෙරෙන්නා වූ ධර්‍මය ඇසුවෙමි.

“තදා නිමන‍්තයිත්‍වාන, සසඞ‍්ඝං ලොකනායකං; දත්‍වා තස‍්ස මහාදානං, පසන‍්නා සෙහි පාණිභි.

එකල භික්‍ෂු සඞ්ඝයා සහිත බුදුන්වහන්සේට ආරාධනා කර පහන් සිතින් මහා දානයක් දුනිමි.

“ඣායිනීනං භික‍්ඛුනීනං, අග‍්ගට‍්ඨානමපත්‍ථයිං; නිපච‍්ච සිරසා ධීරං, සසඞ‍්ඝං ලොකනායකං.

බුදුන්ගේ දෙපාමුල සිරස තබා ධ්‍යානලාභී භික්‍ෂුණීන්ගෙන් අග්‍රස්ථානය ලබම්වායි ප්‍රාර්ථනා කළෙමි.

“තදා අදන‍්තදමකො, තිලොකසරණො පභූ; බ්‍යාකාසි නරසාරථි, ලච‍්ඡසෙ තං සුපත්‍ථිතං.

එකල්හි ඒ අනන්ත සත්ත්වයන් හික්මවන්නා වූ තුන්ලොවට පිහිට වූ, නරශ්‍රේෂ්ඨයාණෝ මගේ ඒ ප්‍රාර්ථනාව ඉටුවන බවට විවරණ දුන්හ.

“සතසහස‍්සිතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් කල්ප සියක් දහසක් ගිය තැන ඔක්කාක කුලයෙහි ගෞතම නම් බුදුවරයෙක් ලොව පහළවේ.

“තස‍්ස ධම‍්මෙසු දායාදා, ඔරසා ධම‍්මනිම‍්මිතා; නන්‍දාති නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවිකා.

උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ඇත්තා වූ ධර්‍මයෙන්ම නිමියාක් වැනි වූ නන්දා නමින් ශාස්තෲන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වන්නෙහිය.

“තං සුත්‍වා මුදිතා හුත්‍වා, යාවජීවං තදා ජිනං; මෙත‍්තචිත‍්තා පරිචරිං, පච‍්චයෙහි විනායකං.

එය අසා බෙහෙවින් සතුටුවූ මම ජීවිතාන්තය දක්වා මෙත් සිතින් ඒ බුදුන්වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කළෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

ඒ පින්බලයෙන් හා චේතනාව පිහිටුවීමෙන් මිනිස් සිරුර අත්හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.

“තතො චුතා යාමමගං, තතොහං තුසිතං ගතා; තතො ච නිම‍්මානරතිං, වසවත‍්තිපුරං තතො.

එයින් චුතව යාමය, තුසිතය, නිම්මාණරතිය, වසවත්තිපුරය යන දෙව්ලෝවල උපනිමි.

“යත්‍ථ යත්‍ථූපපජ‍්ජාමි, තස‍්ස කම‍්මස‍්ස වාහසා; තත්‍ථ තත්‍ථෙව රාජූනං, මහෙසිත‍්තමකාරයිං.

යම් යම් තැනක ඉපදුණෙම්ද ඒ හැම තැනකදීම ඒ රටේ රජුගේ අගමෙහෙසිය වීමි.

“තතො චුතා මනුස‍්සත‍්තෙ, රාජානං චක‍්කවත‍්තිනං; මණ‍්ඩලීනඤ‍්ච රාජූනං, මහෙසිත‍්තමකාරයිං.

එයින් චුතව මිනිසත්බැව් ලැබ සක්විති රජවරුන්ගේ ද මාණ්ඩලික රජවරුන්ගේ ද අගමෙහෙසිය වීමි.

“සම‍්පත‍්තිං අනුභොත්‍වාන, දෙවෙසු මනුජෙසු ච; සබ‍්බත්‍ථ සුඛිතා හුත්‍වා, නෙකකප‍්පෙසු සංසරිං.

දෙව්මිනිස් දෙගතියෙහි සැපසම්පත් විඳ උපනුපන් හැම ආත්මයකදීම සුව පහසු දිවියක් ගතකොට කල්පගණන් සසර හැසුරුණෙමි.

“පච‍්ඡිමෙ භවෙ සම‍්පත‍්තෙ, සුරම‍්මෙ කපිලව‍්හයෙ; රඤ‍්ඤො සුද‍්ධොදනස‍්සාහං, ධීතා ආසිං අනින්‍දිතා.

අන්තිම ආත්මභාවය පැමිණි කල්හි, මනහර කපිලවත් පුරයෙහි සුද්ධෝදන රජතුමාගේ දියණියක් වීමි.

“සිරියා රූපිනිං දිස‍්වා, නන්‍දිතං ආසි තං කුලං; තෙන නන්‍දාති මෙ නාමං, සුන්‍දරං පවරං අහු.

ශ්‍රී කාන්තාවට සමාන වූ මගේ රූපශෝභාවෙන් ඒ කුලය සතුටට පත්වූ හෙයින් මනහර වූ නන්දා යන නම මට තැබූහ.

“යුවතීනඤ‍්ච සබ‍්බාසං, කල්‍යාණීති ච විස‍්සුතා; තස‍්මිම‍්පි නගරෙ රම‍්මෙ, ඨපෙත්‍වා තං යසොධරං.

ඒ ජනපදයෙහි යුවතීන් අතර මම කල්‍යාණී නමින් පළටවීමි. ඒ නුවර යසෝධරාදී හැමටම වඩා රුවින් අගතැන් පැමිණියෙමි.

“ජෙට‍්ඨො භාතා තිලොකග‍්ගො, පච‍්ඡිමො අරහා තථා; එකාකිනී ගහට‍්ඨාහං, මාතරා පරිචොදිතා.

දෙටු සොහොයුරා තුන්ලොවට අග්‍ර පුද්ගලයා විය. අන්තිමයා රහත්විය. හුදෙකලාව ගෙදර වෙසෙන්නාවූ මම මව විසින් අවවාද කරනු ලැබීමි.

“සාකියම‍්හි කුලෙ ජාතා, පුත‍්තෙ බුද‍්ධානුජා තුවං; නන්‍දෙනපි විනා භූතා, අගාරෙ කින‍්නු අච‍්ඡසි.

‘ශාක්‍යකුලයෙහි ඉපිද බුදුන්ගේ සොහොයුරියක වී, නන්දා විසින් අත්හරින ලැබුවා වූ ඔබ ගිහිගෙයි තනිවම කුමක් කරන්නෙහිද?

“ජරාවසානං යොබ‍්බඤ‍්ඤං, රූපං අසුචිසම‍්මතං; රොගන‍්තමපිචාරොග්‍යං, ජීවිතං මරණන‍්තිකං.

යෞවනය ජරාවෙන් අවසන් වෙයි, රූපය අපවිත්‍ර සම්මතය, රූපලාවණ්‍යය රෝගය කෙළවරකොට ඇත්තේය, ජීවිතය මරණය අවසන්කොට ඇත්තේය.

“ඉදම‍්පි තෙ සුභං රූපං, සසීකන‍්තං මනොහරං; භූසනානං අලඞ‍්කාරං, සිරිසඞ‍්ඝාටසංනිභං.

ඔබේ මේ රූපය සුභය, කාන්තය, මනහරය. අබරණින් අලඞ්කාර වේ. ශෝභාව එක්තැන් වූවාක් වැනිය.

“පුඤ‍්ජිතං ලොකසාරංව, නයනානං රසායනං; පුඤ‍්ඤානං කිත‍්තිජනනං, උක‍්කාකකුලනන්‍දනං.

ලෙව්හි හරය එක්වූවාක් වැනිය, ඇස්වලට රසඳුනකි. පිනින් පහළ වූ කාන්තිය දනවන්නකි. ඔක්කාක කුලයට සතුටකි.

“න චිරෙනෙව කාලෙන, ජරා සමධිසෙස‍්සති; විහාය ගෙහං කාරුඤ‍්ඤෙ, චර ධම‍්මමනින්‍දිතෙ.

නොබෝ කලෙකින්ම ජරාවෙන් මැඩෙයි. ගිහිගෙය අත්හැර ගොස් ධර්‍මයෙහි හැසිරෙව.’

“සුත්‍වාහං මාතු වචනං, පබ‍්බජිං අනගාරියං; දෙහෙන නතු චිත‍්තෙන, රූපයොබ‍්බනලාළිතා.

මවගේ ඒ වචන ඇසූ මම සසුනෙහි පැවිදිවීමි. රූපයෞවනයෙහි ඇලුණා වූ මම සිතින් නොව ගතින් පැවිද්ද ලැබුවෙමි.

“මහතා ච පයත‍්තෙන, ඣානජ‍්ඣෙන පරං මම; කාතුඤ‍්ච වදතෙ මාතා, න චාහං තත්‍ථ උස‍්සුකා.

මහත් ප්‍රයත්නයකින් ධ්‍යානයෙහි තත්පරවෙවයි මව කිවූ නමුදු මම එහිලා උත්සුක නොවීමි.

“තතො මහාකාරුණිකො, දිස‍්වා මං කාමලාලසං; නිබ‍්බන්‍දනත්‍ථං රූපස‍්මිං, මම චක‍්ඛුපථෙ ජිනො.

ඉක්බිති මහාකාරුණික වූ බුදුන්වහන්සේ කාමයෙහි ඇලුණා වූ මා දැක රූපයෙහි කලකිරවනු පිණිස මගේ ඇස් ඉදිරිපිට-

“සකෙන ආනුභාවෙන, ඉත්‍ථිං මාපෙසි සොභිනිං; දස‍්සනීයං සුරුචිරං, මමතොපි සුරූපිනිං.

ස්වකීය ආනුභාවයෙන් මටත් වඩා අධිකතර රූපශෝභා සම්පන්න වූ දර්ශනීය ස්ත්‍රී රූපයක් මැවූහ.

“තමහං විම‍්හිතා දිස‍්වා, අතිවිම‍්හිතදෙහිනිං; චින‍්තයිං සඵලං මෙති, නෙත‍්තලාභඤ‍්ච මානුසං.

ඇය දුටුවා වූ මම බොහෝසෙයින් මවිතයට පත්වූයෙම්, මා මිනිස් නෙත් ලැබීමේ ප්‍රතිඵලය අද ලැබිණැයි බෙහෙවින් සතුටුවීමි.

“තමහං එහි සුභගෙ, යෙනත්‍ථො තං වදෙහි මෙ; කුලං තෙ නාමගොත‍්තඤ‍්ච, වද මෙ යදි තෙ පියං.

ප්‍රිය තැනැත්තිය, මෙහි එන්න, ඔබට අවශ්‍ය දෙය කියන්න, ඔබේ කුලගොත් මට කියා දෙන්න.

“න වඤ‍්චකාලො සුභගෙ, උච‍්ඡඞ‍්ගෙ මං නිවාසය; සීදන‍්තීව මමඞ‍්ගානි, පසුප‍්පයමුහුත‍්තකං.

සුරූපිනිය, දැන් මගේ ඇකයට එන්න මගේ අඟපසඟ ගිලෙන්නාක් මෙනි, මොහොතක් සැතපෙන්න.

“තතො සීසං මමඞ‍්ගෙ සා, කත්‍වා සයි සුලොචනා; තස‍්සා නලාටෙ පතිතා, ලුද‍්ධා පරමදාරුණා.

ඉක්බිති ඒ සුලෝචනාවෝ මගේ ඇකයෙහි හිස තබාගෙන වැතිරුණාය. එසේ සිටින කල්හි ඇයගේ නළල මත දිවිමකුළුවෙක් වැටුණේය.

“සහ තස‍්සා නිපාතෙන, පිළකා උපපජ‍්ජථ; පග‍්ඝරිංසු පභින‍්නා ච, කුණපා පුබ‍්බලොහිතා.

ඌ වැටෙත්ම නළලෙහි දියබුබුළු පැනනැංගේය. ඒවා පිපිරී සැරව සිරුර පුරා පැතිරී ගියේය.

“පභින‍්නං වදනඤ‍්චාපි, කුණපං පූතිගන්‍ධනං; උද‍්ධුමාතං විනිලඤ‍්ච, පුබ‍්බඤ‍්චාපි සරීරකං.

මුහුණද විරූපී විය. කුණුගඳ හමන්ට විය, එවිටම ඉදිමී නිල්පැහැවී සිරුර පුරාම සැරව ගලන්නට විය.

“සා පවෙදිතසබ‍්බඞ‍්ගී, නිස‍්සසන‍්තී මුහුං මුහුං; වෙදයන‍්තී සකං දුක‍්ඛං, කරුණං පරිදෙවයි.

වෙවුලුම්ගත් ඕතොමෝ නිතර නිතර සුසුම් හෙළමින් දරුණු වේදනාවෙන් වැළපෙන්ට වූවාය.

“දුක‍්ඛෙන දුක‍්ඛිතා හොමි, ඵුසයන‍්ති ච වෙදනා; මහාදුක‍්ඛෙ නිමුග‍්ගම‍්හි, සරණං හොහි මෙ සඛී.

ඒ දුකින් මම දුක්වීමි, දුකින් තැවුනෙමි, මහා දුකෙහි ගිලුණාවූ මට යෙහෙළිය පිහිටුවන්න.

“කුහිං වදනසොතං තෙ, කුහිං තෙ තුඞ‍්ගනාසිකා; තම‍්බබිම‍්බවරොට‍්ඨන‍්තෙ, වදනං තෙ කුහිං ගතං.

ඔබේ මුහුණෙහි සෝබාව දැන් කොහිද? ඔබේ තුඟුනාසය දැන් කොහිද? රත් බිඹුපලවන් අධරයුග්මය දැන් කොහිද? එවන් ඔබේ මුහුණ දැන් කොහි ගියේද?

“කුහිං සසීනිභං වණ‍්ණං, කම‍්බුගීවා කුහිං ගතා; දොළා ලොලාව තෙ කණ‍්ණා, වෙවණ‍්ණං සමුපාගතා.

පුන්සඳු වන් ඒ මුහුණ දැන් කොහිද? සක්බෙල්ලෙකු වැනිවූ ඒ ගෙළ දැන් කොහිද? දෝලායමාන වූ ඒ දෙසවන් දැන් කොහිද? දැන් ඒ සියල්ලක්ම විවර්ණවී ඇත.

“මකුළඛාරකාකාරා, කලිකාව පයොධරා; පභින‍්නා පූතිකුණපා, දුට‍්ඨගන්‍ධිත‍්තමාගතා.

කැකුළු පියුම් වැනිදේ හෝ නොහොත් පුන්කලස් වැනි වූ ඒ පියොවුරු දැන් කොහිද? දැන් ඒ සියල්ලක්ම කැඩිබිදී කුණුවී දුගඳ පිට කරවමින් ඇත.

“වෙදිමජ‍්ඣාව සුස‍්සොණී, සූනාව නීතකිබ‍්බිසා; ජාතා අමජ‍්ඣභරිතා, අහො රූපමසස‍්සතං.

වේදිකා මැද වැනි ඒ කටිය දැන් තුවාල වී ඇති නිසා මස් පිඬුවක් සේ පෙනෙයි. අශුචි වලින් පිරුණාක් වැනිය. අහෝ! රූපයෙහි අනිත්‍යතාව-

“සබ‍්බං සරීරසඤ‍්ජාතං, පූතිගන්‍ධං භයානකං; සුසානමිව බීභච‍්ඡං, රමන‍්තෙ යත්‍ථ බාලිසා.

මුලු සිරුරෙන්ම භයානක ලෙස දුගඳ හමයි, බාලයන් ප්‍රියකරන ඒ සිරුර දැන් පිළිකුල් දනවන සොහොන් පිටියක් වැනිය.

“තදා මහාකාරුණිකො, භාතා මෙ ලොකනායකො; දිස‍්වා සංවිග‍්ගචිත‍්තං මං, ඉමා ගාථා අභාසථ.

මගේ සොහොයුරු වූ මහාකාරුණිකයන් වහන්සේ කලකිරුණු මගේ සිත දැක මේ ගාථා දෙසූහ:

“ආතුරං කුණපං පූතිං, පස‍්ස නන්‍දෙ සමුස‍්සයං; අසුභාය චිත‍්තං භාවෙහි, එකග‍්ගං සුසමාහිතං.

‘නන්දා, රෝගී වූ, අපවිත්‍ර වූ, කුණුවූ මේ සිරුර බලන්න. සිත එකඟකරගෙන අසුභ නිමිති කෙරෙහි සිත මෙහෙයවන්න,

“යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං; දුග‍්ගන්‍ධං පූතිකං වාති, බාලානං අභිනන්‍දිතං.

මෙය යම්සේද මෙය එසේමය, එය යම්සේද එය එසේමය, දුගඳ පිළුණුබව හමයි, බාලයෝ එහිලා ඇලෙති,

“එවමෙතං අවෙක‍්ඛන‍්තී, රත‍්තින්‍දිවමතන්‍දිතා; තතො සකාය පඤ‍්ඤාය, අභිනිබ‍්බිජ‍්ඣ දක‍්ඛිසං.

දිවා රෑ දෙක්හි මෙය මෙසේ බලමින් ඉක්බිති ස්වකීය ප්‍රඥාවෙන් එහිලා කලකිරී යථාර්ථය දකින්න.’

“තතොහං අතිසංවිග‍්ගා, සුත්‍වා ගාථා සුභාසිතා; තත්‍රට‍්ඨිතාවහං සන‍්තී, අරහත‍්තමපාපුණිං.

යහපත්කොට දේශනා කරනලද ඒ ගාථා අසා කලකිරී භාවනාවෙහි යෙදී එහි සිටියෙම් රහත්බවට පැමිණියෙමි.

“යත්‍ථ යත්‍ථ නිසින‍්නාහං, සදා ඣානපරායණා; ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො, එතදග‍්ගෙ ඨපෙසි මං.

යම් යම් තැනක මම හුනිම්ද ඒ හැම තන්හිදීම ධ්‍යානානුයෝගීව විසීමි. එහිලා පැහැදුණු බුදුන්වහන්සේ මා අගතනතුරක තැබූ සේක.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අවවාදය අනුගමනය කළෙමි.

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානවසෙන “ආතුරං අසුචි”න‍්තිආදිනා සත්‍ථාරා දෙසිතාහි තීහි ගාථාහි සද‍්ධිං –

රහත්බවට පැමිණ වනාහී තම පිළිවෙත දෙස බලා උදාන වශයෙන් ආතුරං අසූචිං ආදී වශයෙන් බුදුන් දෙසූ ගාථා තුන සමග මේ ගාථා දෙක ද ප්‍රකාශ කළහ:

“තස‍්සා මෙ අප‍්පමත‍්තාය, විචිනන‍්තියා යොනිසො; යථාභූතං අයං කායො, දිට‍්ඨො සන‍්තරබාහිරො.

තස්සා මෙ අප්පමත්තාය විචිනන්තියා යොනිසො, යථාභූතං අයං කායො දිට්ඨො සන්තරබාහිරො.

“අථ නිබ‍්බින්‍දහං කායෙ, අජ‍්ඣත‍්තඤ‍්ච විරජ‍්ජහං; අප‍්පමත‍්තා විසංයුත‍්තා, උපසන‍්තාම‍්හි නිබ‍්බුතා”ති. – ඉමා ද‍්වෙ ගාථා අභාසි.

අථ නිබ්බින්‍දිහං කායෙ අජ්ඣත්තඤ්ච විරජ්ජහං, අප්පමත්තා විසංයුත්තා උපසන්තම්හි නිබ්බුතා-

මම අප්‍රමාදීව නුවණින් සොයන්නෙම් අභ්‍යන්තර හා බාහිර වශයෙන් මේ ශරීරයෙහි යථා තත්ත්වය දුටිමි.

මම මේ සිරුරෙහි කලකිරුණෙමි, චිත්ත සන්තානයෙන් ඇලීම දුරුකළෙමි. අප්‍රමාදීව ඉන්‍ද්‍රියාලම්බනයන්ගෙන් වෙන්වී මනස සන්සුන්වීමෙන් නිවුණෙමි.

තත්‍ථ එවමෙතං අවෙක‍්ඛන‍්තී…පෙ… දක‍්ඛිසන‍්ති එතං ආතුරාදිසභාවං කායං එවං “යථා ඉදං තථා එත”න‍්තිආදිනා වුත‍්තප‍්පකාරෙන රත‍්තින්‍දිවං සබ‍්බකාලං අතන්‍දිතා හුත්‍වා පරතො ඝොසහෙතුකං සුතමයඤාණං මුඤ‍්චිත්‍වා, තතො තංනිමිත‍්තං අත‍්තනි සම‍්භූතත‍්තා සකායභාවනාමයාය පඤ‍්ඤාය යාථාවතො ඝනවිනිබ‍්භොගකරණෙන අභිනිබ‍්බිජ‍්ඣ, කථං නු ඛො දක‍්ඛිසං පස‍්සිස‍්සන‍්ති ආභොගපුරෙචාරිකෙන පුබ‍්බභාගඤාණචක‍්ඛුනා අවෙක‍්ඛන‍්තී විචිනන‍්තීති අත්‍ථො.

එහි, එවමෙතං අවෙක්‍ඛන්තී දක්‍ඛිසං - ලෙඩරෝගවලට භාජන වූ මේ ශරීරය මෙසේ ‘යථා ඉදං තථා එතං’ ආදී වශයෙන් කියන ලද පරිදි, රත්තින්දිවං - සදාකල්හි අලස නොවී අනුන්ගේ ප්‍රත්‍යය පහසුවට හේතුවූ ශ්‍රුතමය ඥානයෙන් මිදී, තතො - ඒ නිමිත්ත තමා කෙරෙහි හටගත් නිසා, සකාය - භාවනාමය වශයෙන්, පඤ්ඤාය - තත්වාකාරයෙන් විග්‍රහ කිරීමෙන්, අභිනිබ්බිජ්ජ - කෙසේ හෝ, දක්‍ඛිසං - දුටුවෙමි, ඉන්‍ද්‍රියගොචර ලෝකයෙහි හැසිරෙන පූර්‍වභාග ඥානාක්‍ෂියෙන්, අවෙක්‍ඛන්තී - සොයන්නී යන අර්‍ථයි.

තෙනාහ “තස‍්සා මෙ අප‍්පමත‍්තායා”තිආදි. තස‍්සත්‍ථො – තස‍්සා මෙ සතිඅවිප‍්පවාසෙන අප‍්පමත‍්තාය යොනිසො උපායෙන අනිච‍්චාදිවසෙන විපස‍්සනාපඤ‍්ඤාය විචිනන‍්තියා වීමංසන‍්තියා, අයං ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතො කායො සසන‍්තානපරසන‍්තානවිභාගතො සන‍්තරබාහිරො යථාභූතං දිට‍්ඨො.

එසේ හෙයින් කියන ලදී: තස්සා මෙ අප්පමත්තායාති - ආදියයි. එහි තේරුම මා එන්සේ අප්‍රමාදීව වෙසෙන කල්හි, අප්පමත්තාය යොනිසො - උපායයෙන් අනිත්‍යාදි වශයෙන් විදර්‍ශනා භාවනාවෙන්, විචිනන්තියා - විමසන්නී, අයං - පඤ්චස්කන්‍ධය සංඛ්‍යාත, කායො - ස්වසන්තාන පරසන්තාන වශයෙන් පරීක්‍ෂා කිරීමෙන්, සන්තරබාහිරො, තත්වාකාරයෙන් දක්නා ලදී.

අථ තථා දස‍්සනතො පච‍්ඡා නිබ‍්බින්‍දහං කායෙ විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය අත‍්තභාවෙ නිබ‍්බින්‍දිං, විසෙසතොව අජ‍්ඣත‍්තසන‍්තානෙ විරජ‍්ජි විරාගං ආපජ‍්ජිං, අහං යථාභූතාය අප‍්පමාදපටිපත‍්තියා මත්‍ථකප‍්පත‍්තියා අප‍්පමත‍්තා සබ‍්බසො සංයොජනානං සමුච‍්ඡින‍්නත‍්තා විසංයුත‍්තා උපසන‍්තා ච නිබ‍්බුතා ච අම‍්හීති.

අර්‍ථ එසේ දැකීමෙන් පසුව, නිබ්බින්‍දිහං කායෙ, විදර්‍ශනාමය ප්‍රඥාවෙන් සමන්විත වූ මාර්‍ග ප්‍රඥාවෙන් ආත්මභාවය කෙරෙහි කලකිරුණෙමි. විශේෂයෙන් මනසින්, විරජ්ජිං - විරාගයට පැමිණියෙමි. මම එබඳු වූ නොපමා පිළිවෙතින් මස්තකප්‍රාප්තව, අප්පමත්තා - සර්‍වාකාරයෙන් සංයෝජනයන් විනාශ කළ හෙයින් එයින් වෙන්වී සන්සුන්වී නිවීමට පැමිණියෙමි.

සුන්‍දරීනන්‍දාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුන්‍දරීනන්දා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.