ඛෙමාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
ඛෙමාථෙරීගාථාවණ්ණනා
ඛේමා ථේරීගාථා වර්ණනාව
දහරා ත්වං රූපවතීතිආදිකා ඛෙමාය ථෙරියා ගාථා. අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ පරාධීනවුත්තිකා පරෙසං දාසී අහොසි. සා පරෙසං වෙය්යාවච්චකරණෙන ජීවිකං කප්පෙන්තී එකදිවසං පදුමුත්තරස්ස සම්මාසම්බුද්ධස්ස අග්ගසාවකං සුජාතත්ථෙරං පිණ්ඩාය චරන්තං දිස්වා තයො මොදකෙ දත්වා තංදිවසමෙව අත්තනො කෙසෙ විස්සජ්ජෙත්වා ථෙරස්ස දානං දත්වා “අනාගතෙ මහාපඤ්ඤා බුද්ධස්ස සාවිකා භවෙය්ය”න්ති පත්ථනං කත්වා යාවජීවං කුසලකම්මෙ අප්පමත්තා හුත්වා දෙවමනුස්සෙසු සංසරන්තී අනුක්කමෙන ඡකාමසග්ගෙ, තෙසං තෙසං දෙවරාජූනං මහෙසිභාවෙන උපපන්නා, මනුස‍්සලොකෙපි අනෙකවාරං චක්කවත්තීනං මණ්ඩලරාජූනඤ්ච මහෙසිභාවං උපගතා මහාසම්පත්තියො අනුභවිත්වා විපස්සිස්ස භගවතො කාලෙ මනුස්සලොකෙ උප්පජ්ජිත්වා විඤ්ඤුතං පත්වා, සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසංවෙගා පබ්බජිත්වා දසවස්සසහස්සානි බ්රහ්මචරියං චරන්තී බහුස්සුතා ධම්මකථිකා හුත්වා බහුජනස්ස ධම්මකථනාදිනා පඤ්ඤාසංවත්තනියකම්මං කත්වා තතො චවිත්වා සුගතීසුයෙව සංසරන්තී ඉමස්මිං කප්පෙ භගවතො ච කකුසන්ධස්ස භගවතො ච කොණාගමනස්ස කාලෙ විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා මහන්තං සඞ්ඝාරාමං කාරෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස නිය්යාදෙසි.
දහරා ත්වං රූපවතී යනාදී ගාථා ඛේමා තෙරණියගේය. මෝතොමෝ පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර අනුන් යටතේ බැලමෙහෙකම් කරන දාසියක්ව උපන්නාය. ඕතොමෝ අනුන්ට මෙහෙය කරමින් ජීවිකාව උපයා ගන්නී දිනක් පියුමතුරා බුදුන්ගේ අග්‍රශ්‍රාවක වූ සුජාත තෙරණුවන් පිඬු සිඟා වඩිනු දැක රසගුලි තුනක් පුදා එදිනම තමාගේ කෙස් විකුණා තෙරණුවන්ට දනක් දී අනාගතයෙහි මහා ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවිකාවක් වන්නෙම්වායි ප්රාර්ථනාකොට ජීවිතාන්තය දක්වා පින් කිරීමෙහි අනලස් වී දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී ක්‍රමයෙන් සදෙව්ලොව ඒ ඒ දෙව්රජවරුන්ට අග මෙහෙසිය වී මිනිස් ලොවෙහිද නොයෙක්වර සක්විති රජවරුන්ට හා මාණ්ඩලික රජවරුන්ට ද මෙහෙසිබවට පැමිණියා මහත් සැප විඳ විපස්සි බුදුන්ගේ කාලයෙහි මිනිස්ලොව ඉපිද වයසින් වැඩුණු පසු බුදුන්ගෙන් බණ අසා සැදැහැය ලබා පැවිදිව වසර දසදහසක් බඹසර හැසිරෙන්නී බහුශ්‍රැත ධර්‍මකථිකාවක් වී බොහෝ දෙනාට ධර්මය දේශනා කරමින් ප්‍රඥාසම්පත්තිය ලබාගෙන එයින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී මේ කල්පයෙහි කකුසඳ හා කෝණාගමන යන බුදුවරුන්ගේ කාලවල සැපසම්පත්වලින් අනූන කුලගෙවල ඉපිද කල්යාමේදී සංඝාරාමයක් කරවා බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයාට පූජාකළාය.
භගවතො පන කස්සපදසබලස්ස කාලෙ කිකිස්ස කාසිරඤ්ඤො සබ්බජෙට්ඨිකා සමණී නාම ධීතා හුත්වා, සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසංවෙගා අගාරෙයෙව ඨිතා, වීසති වස්සසහස්සානි කොමාරිබ්රහ්මචරියං චරන්තී සමණගුත්තාදීහි අත්තනො භගිනීහි සද්ධිං රමණීයං පරිවෙණං කාරෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස නිය්යාදෙසි. එවමෙව තත්ථ තත්ථ භවෙ ආයතනගතං උළාරං පුඤ්ඤකම්මං කත්වා සුගතීසුයෙව සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ මද්දරට්ඨෙ සාකලනගරෙ රාජකුලෙ නිබ්බත්ති. ඛෙමාතිස්සා නාමං අහොසි, සුවණ්ණවණ්ණා කඤ්චනසන්නිභත්තචා. සා වයප්පත්තා බිම්බිසාරරඤ්ඤො ගෙහං ගතා. සත්ථරි වෙළුවනෙ විහරන්තෙ රූපමත්තා හුත්වා “රූපෙ දොසං දස්සෙතී”ති සත්ථු දස්සනාය න ගච්ඡති.
කසුප් බුදුන්ගේ කාලයෙහි කිකි රජුගේ සමණී නමින් වැඩිමහල් දියණියවී ඉපිද බුදුන්ගෙන් බණ අසා සැදැහැතිව හවුරුදු විසිදහසක් ගිහිගෙයි වෙසෙමින් කුමරි බඹසර රකිමින් සමණගුත්තා ආදි සිය සොහොයුරියන් සමග මනහර පිරිවෙනක් කරවා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට පූජාකළාය. එසේ ඕතොමෝ හැම භවයකදීම පින් රැස්කර ගනිමින් දෙව්ලොවල උපත ලබමින් මෙම බුදුපතෙහි මගදරට සාගල නුවර රජකුලයක උපන්නාය. ඕ ඛේමා නම් වූවාය. ඕ රන්වන් සිරුර ඇත්තීය. වැඩිවිය පැමිණි පසු බිම්බිසාර රජුගේ මාලිගයට ගියාය. බුදුන්වහන්සේ වේළුවන විහාරයෙහි වෙසෙන්නාහු රූපමදයෙන් මවූ ඕ තොමෝ බුදුන් රූපයෙහි දොස් දකිතැයි අසා උන්වහන්සේගේ හමුවට නොයයි,
රාජා මනුස්සෙහි වෙළුවනස්ස වණ්ණෙ පකාසාපෙත්වා දෙවියා විහාරදස්සනාය චිත්තං උප්පාදෙසි. අථ දෙවී “විහාරං පස්සිස්සාමී”ති රාජානං පටිපුච්ඡි. රාජා “විහාරං ගන්ත්වා සත්ථාරං අදිස්වා ආගන්තුං න ලභිස්සසී”ති වත්වා පුරිසානං සඤ්ඤං අදාසි – “බලක්කාරෙනපි දෙවිං දසබලං දස්සෙථා”ති. දෙවී විහාරං ගන්ත්වා දිවසභාගං ඛෙපෙත්වා නිවත්තෙන්තී සත්ථාරං අදිස්වාව ගන්තුං ආරද්ධා. අථ නං රාජපුරිසා අනිච්ඡන්තිම්පි සත්ථු සන්තිකං නයිංසු. සත්ථා තං ආගච්ඡන්තිං දිස්වා ඉද්ධියා දෙවච්ඡරාසදිසං ඉත්ථිං නිම්මිනිත්වා තාලපණ්ණං ගහෙත්වා බීජයමානං අකාසි. ඛෙමා දෙවී තං දිස්වා චින්තෙසි – “එවරූපා නාම දෙවච්ඡරපටිභාගා ඉත්ථියො භගවතො අවිදූරෙ තිට්ඨන්ති, අහං එතාසං පරිචාරිකතායපි නප්පහොමි, මනම්පි නික්කාරණා පාපචිත්තස්ස වසෙන නට්ඨා”ති නිමිත්තං ගහෙත්වා තමෙව ඉත්ථිං ඔලොකයමානා අට්ඨාසි. අථස්සා පස්සන්තියාව සත්ථු අධිට්ඨානබලෙන සා ඉත්ථී පඨමවයං අතික්කම්ම මජ්ඣිමවයම්පි අතික්කම්ම පච්ඡිමවයං පත්වා ඛණ්ඩදන්තා පලිතකෙසා වලිත්තචා හුත්වා සද්ධිං තාලපණ්ණෙන පරිවත්තිත්වා පති . තතො ඛෙමා කතාධිකාරත්තා එවං චින්තෙසි – “එවංවිධම්පි සරීරං ඊදිසං විපත්තිං පාපුණි, මය්හම්පි සරීරං එවංගතිකමෙව භවිස්සතී”ති. අථස්සා චිත්තාචාරං ඤත්වා සත්ථා –
රජතුමා මිනිසුන් ලවා වේළුවනයෙහි අලංකාරය කියවා එය දැකීමට ඇය තුළ කැමැත්තක් ඇතිකරවීය. ඉක්බිති බිසොව විහාරය දකිනු කැමැත්ත රජුට කීවාය. විහාරයට ගොස් බුදුන් නොදැක පැමිණීම නොවටනේ යයි සිතූ රජතුමා බලාත්කාරයෙන්වුවද දේවිය බුදුන්ට මුනගස්වනු සඳහා මිනිසුන්ට ඇඟවීමක් කළේය. බිසොව දිවාකාලය විහාරයෙහි ගතකර බුදුන් නොදැකම පෙරළා පැමිණීමට පිටත්වූවාය. එවිට රාජපුරුෂයෝ නොකැමැතිවුවද ඇය බුදුන් හමුවට පැමිණවූහ. බුදුහු ඇය එනු දැක අප්සරාවක වැනි ස්ත්‍රී රූපයක් මවා ඇය බුදුන්ට පවන් සලන්නාක් මෙන් පෙනෙන්ට සැලැස්වූහ. ඛේමා ඇය දැක මෙසේ සිතුවාය. දෙවසරන් වැනි රූමත් කාන්තාවෝ බුදුන් සමීපයෙහි සිටිති. මා ඔවුන්ගේ සේවිකාවක් වීමට පවා නුසුදුසුය. මගේ මනස ද කිසි හේතුවක් නොමැතිව පවට නැඹුරු විය. මෙය නිමිති වශයෙන් මෙනෙහි කරමින් ඒ ස්ත්‍රී රූපය දෙස බලාගෙන සිටියාය. ඇය එසේ බලා සිටිය දී බුදුහු ස්වකීය අධිෂ්ඨාන බලයෙන් ඒ ස්ත්‍රිය ප්රථමවයස ඉක්මවා මැදවයසටද මැදවයස ඉක්මවා පසුවයසටද පැමිණ දත් වැටී කෙස් පැසී ඇඟ රැලි වැටී දිරාපත්වූවා තල්පතත් සමගම බිම ඇදවැටුණාය. ඉක්බිති ඛේමාවෝ කරන ලද ප්‍රාර්ථනාමය පුණ්‍ය සම්භාරය ඇත්තී මෙසේ සිතුවාය. මෙවැනි සිරුරකට ද මෙවැනි විපතක් සිදුවිය. මගේ සිරුරෙහිද ස්වභාවය එයම වියයුතුය. ඉක්බිති ඇයගේ සසර දුටු ශාස්තෲන් වහන්සේ මේ ගාථාව දේශනා කළහ.
“යෙ රාගරත්තානුපතන්ති සොතං, සයං කතං මක්කටකොව ජාලං; එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති, අනපෙක්ඛිනො කාමසුඛං පහායා”ති. –
යෙ රාගරත්නානුපතන්ති සොතං, සයං කතං මක්කටකොව, ජාලං එතම්පි ජෙත්වාන වජන්ති ධීරා අනපෙක්ඛිනො සබ්බදුක්ඛං පහාය
රාගයෙහි ඇලුණාවූ සත්ත්වයෝ, තමා විසින්ම වියනලද දැලට වැටෙන මකුළුවෙකු මෙන් සැඩපහරට වැටෙති. ධීරයෝ අපෙක්ෂා රහිතව දැල බිඳදමා සියලු දුක් අත්හැර (ගිහිගෙයින්) නික්ම යති.
ගාථමාහ. සා ගාථාපරියොසානෙ සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණීති අට්ඨකථාසු ආගතං. අපදානෙ පන “ඉමං ගාථං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨිතා රාජානං අනුජානාපෙත්වා පබ්බජිත්වා අරහත්තං පාපුණී”ති ආගතං. තත්ථායං අපදානපාළි (අප· ථෙරී 2.2.289-383) –
ගාථාවගේ කෙළවර ඕතොමෝ පිළිසිඹියා සහිත රහත්බවට පැමිණි බව අටුවා කථාවල සඳහන් වේ. අපදානයෙහි සඳහන් වන්නේ ඒ ගාථාව අසා ඕ සෝවාන් පෙලෙහි පිහිටියා රජුගේ අනුමැතිය ලබාගෙන පැවිදි වී රහත්ඵලය ලැබූබවය. පහත දැක්වෙන්නේ අපදානපාලි අන්තර්ගතයයි.
“පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
මෙයින් කල්ප සියක්දහසකට පෙර සකලවිධ ධර්මයහි පාරප්රාප්ත වූ පුදුමුත්තර නම් බුදුහු ලොව පහළවූහ.
“තදාහං හංසවතියං, ජාතා සෙට්ඨිකුලෙ අහුං; නානාරතනපජ්ජොතෙ, මහාසුඛසමප්පිතා.
එකල මම හංසවනි නුවර නොයෙක් රන්රුවණින් අනූන මහත් සුවසැපතින් පිරිපුන් සිටුකුලයක උපනිමි.
“උපෙත්වා තං මහාවීරං, අස්සොසිං ධම්මදෙසනං; තතො ජාතප්පසාදාහං, උපෙමි සරණං ජිනං.
ඒ මහාවීරයන් වෙත ගොස් මම බණ ඇසීමි. එයින් පැහැදුණු මම බුදුන්වහන්සේ සරණ ගියෙමි.
“මාතරං පිතරං චාහං, ආයාචිත්වා විනායකං; නිමන්තයිත්වා සත්තාහං, භොජයිං සහසාවකං.
දෙමවුපියන්ද සමග බුදුන්වහන්සේට ආරාධනා කර බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට සත් දිනක් දන් දුනිමි.
“අතික්කන්තෙ ච සත්තාහෙ, මහාපඤ්ඤානමුත්තමං; භික්ඛුනිං එතදග්ගම්හි, ඨපෙසි නරසාරථි.
සත්වන දින අවසානයෙහි බුදුහු පැණවතියන්ගෙන් අගතැන් පැමිණි භික්ෂුණියක් අගතනතුරෙහි පිහිටු වූහ.
“තං සුත්වා මුදිතා හුත්වා, පුනො තස්ස මහෙසිනො; කාරං කත්වාන තං ඨානං, පණිපච්ච පණීදහිං.
එයින් ප්රමෝදයට පැමිණි මම ඒ බුදුන්වහන්සේට සත්කාරකොට මමද ඒ තනතුරු පැතීමි.
“තතො මම ජිනො ආහ, සිජ්ඣතං පණිධී තව; සසඞ්ඝෙ මෙ කතං කාරං, අප්පමෙය්යඵලං තයා.
භික්ෂුසංඝයා ඇතුළු මට ඔබ කළ සත්කාරයන්හි අනුසස් අපමණය. එහෙයින් ඔබේ ප්‍රාර්ථනාව ඉටු වන්නේය යනුවෙන් බුදුන්වහන්සේ වදාළහ.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප සියක් දහසකට මතු ඔක්කා කුලයෙහි ගෝතම නම් බුදුකෙනෙක් පහළ වන්නේය.
“තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා; එතදග්ගමනුප්පත්තා, ඛෙමා නාම භවිස්සති.
ඒ බුදුන්ගේ ධර්මයට දායාදකර වූ ධර්මයෙන් නිර්මිත වූ ඒ අගතනතුරට පත්වන්නාවූ ඔබ ඛේමා නම් වන්නීය.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසූපගා අහං.
ඒ පින්කම්වල හා චේතනාව පිහිටුවීමේ ඵල වශයෙන් මම මිනිස්සිරුර අතහැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“තතො චුතා යාමමගං, තතොහං තුසිතං ගතා; තතො ච නිම්මානරතිං, වසවත්තිපුරං තතො.
එයින් චුතව යාමයටද, යාමයෙන් චුතව තුසිතයටද තුසිතයෙන් චුතව නිර්මාණරතියටද එයින් චුතව වසවර්ති දෙව්ලොවට ද ගියෙමි.
“යත්ථ යත්ථූපපජ්ජාමි, තස්ස කම්මස්ස වාහසා; තත්ථ තත්ථෙව රාජූනං, මහෙසිත්තමකාරයිං.
ඒ පින්කමෙහි ඵල වශයෙන් මම යම් යම් ලොවක උපනිම්ද ඒ හැමතැනකම රජවරුන්ට මෙහෙසි වීමි.
“තතො චුතා මනුස්සත්තෙ, රාජූනං චක්කවත්තිනං; මණ්ඩලීනඤ්ච රාජූනං, මහෙසිත්තමකාරයිං.
ඒ ලෝකවලින් චුතව මිනිසත් බැව්හි උපන්නෙම්, සක්විති රජවරුන්ගේද මාණ්ඩලීක රජවරුන්ගේද මෙහෙසිබවට පැමිණියෙමි.
“සම්පත්තිං අනුභොත්වාන, දෙවෙසු මනුජෙසු ච; සබ්බත්ථ සුඛිතා හුත්වා, නෙකකප්පෙසු සංසරිං.
දෙව්මිනිස් දෙගතියෙහිම මහත් සැපසම්පත් අනුභව කරමින් හැමතන්හිදීම සුඛිතමුදිතවී කල්පගණන් සසරෙහි සැරිසැරීමි.
“එකනවුතිතො කප්පෙ, විපස්සී ලොකනායකො; උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මවිපස්සකො.
මෙයින් කල්ප අනූඑකකට පෙර සියලු ධර්මයන් දන්නා වූ මනහර දකුම් ඇති ලෝකනායක වූ විපස්සි බුදුන්වහන්සේ ලොව පහළවූහ.
“තමහං ලොකනායකං, උපෙත්වා නරසාරථිං; ධම්මං භණිතං සුත්වාන, පබ්බජිං අනගාරියං.
මම උන්වහන්සේ වෙත පැමිණ බණ අසා අනගාරික ශාසනයෙහි පැවිදිවීමි.
“දසවස්සසහස්සානි, තස්ස වීරස්ස සාසනෙ; බ්රහ්මචරියං චරිත්වාන, යුත්තයොගා බහුස්සුතා.
මම ඒ බුදුන්ගේ සස්නෙහි වසර දසදහසක් බඹසර හැසිර බහුශ්රැතවී, ධර්මාවබෝධයෙහි දක්ෂ වී
“පච්චයාකාරකුසලා, චතුසච්චවිසාරදා; නිපුණා චිත්තකථිකා, සත්ථුසාසනකාරිකා.
චතුරාර්ය සත්‍යයෙහි විශාරද වී බුදුන්ගේ අනුශාසනාව පිළිපදින්නා වූ නිපුණ ධර්‍මකථිකාවක් වී,
“තතො චුතාහං තුසිතං, උපපන්නා යසස්සිනී; අභිභොමි තහිං අඤ්ඤෙ, බ්රහ්මචාරීඵලෙනහං.
එයින් චුතවී තුසිත දෙව්ලොව ඉපිද බඹසර බලයෙන් සෙසු සියල්ලන්ම අභිබවා සිටියෙමි.
“යත්ථ යත්ථූපපන්නාහං, මහාභොගා මහද්ධනා; මෙධාවිනී සීලවතී, විනීතපරිසාපි ච.
යම් යම් භවයක උපන්නෙම්ද ඒ හැම තන්හිදීම මහත් ධනය ලැබීමි. නැණවත් වීමි. රූපයෙන් අගතැන් පත්වීමි. විනීත පිරිස් පිරිවැරීමි.
“භවාමි තෙන කම්මෙන, යොගෙන ජිනසාසනෙ; සබ්බා සම්පත්තියො මය්හං, සුලභා මනසො පියා.
ඒ පින්කමෙන් ද බුදුසස්නෙහි යෙදීමෙන්ද හැම සැපතක්ම මට සුලභවිය. එයින් මනස පිනවීමි.
“යොපි මෙ භවතෙ භත්තා, යත්ථ යත්ථ ගතායපි; විමානෙති න මං කොචි, පටිපත්තිබලෙන මෙ.
යම් තැනෙක ඉපිද විවාහයට පත් වූ කල මගේ සැමියා කිසි කලක මට අවමන් නොකළේය.
“ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො; නාමෙන කොණාගමනො, උප්පජ්ජි වදතං වරො.
මේ භද්‍රකල්පයෙහි බ්රහ්මබන්ධු වූ මහා යශස් ඇති කෝණාගමන නමැති බුදුන් උපන්හ.
“තදා හි බාරාණසියං, සුසමිද්ධකුලප්පජා; ධනඤ්ජානී සුමෙධා ච, අහම්පි ච තයො ජනා.
එකල මම බරණැස් නුවර සමෘද්ධිමත් කුලයක ඉපිද ධනඤ්ජානි හා සුමෙධා යන දෙදෙනාත් සමග, සඟ අරමක් සාදා, දහසකට දන් දී බුදුන් වෙනුවෙන් විහාරයක් ද කරවා,
“සඞ්ඝාරාමමදාසිම්හ, දානසහායිකා පුරෙ; සඞ්ඝස්ස ච විහාරම්පි, උද්දිස්ස කාරිකා මයං.
“තතො චුතා මයං සබ්බා, තාවතිංසූපගා අහුං; යසසා අග්ගතං පත්තා, මනුස්සෙසු තථෙව ච.
එයින් චුතවී ගොස් අපි සියල්ලෝම තව්තිසාවෙහි උපන්නෙමු. එහිදී මෙන්ම මිනිසුන් අතර උපන් කාලවලද මම යශසින් අගපත්වීමි.
“ඉමස්මිංයෙව කප්පම්හි, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
මේ කල්පයෙහිම බ්‍රහ්ම බන්ධු වූ දේශකයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ කස්සප බුදුහු උපන්හ.
“උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො; කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
එකල්හි බරණැස් නුවර රාජ්‍යය ඉසිලූ කාසිරජ බුදුන්ගේ ප්‍රධාන උපස්ථායකයා විය.
“තස්සාසිං ජෙට්ඨිකා ධීතා, සමණී ඉති විස්සුතා; ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
ඔහුගේ වැඩිමහල් දියණිය වූ මම සමණී නමින් ප්රකටවූයෙම් බුදුන්ගෙන් බණ අසා පැවිද්ද කැමතිවීමි.
“අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං; වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
සැමියා එය අනුනොදත්තේය. එසේ හෙයින් මම අවුරුදු විසිදහසක් අනලස්ව විසීමි.
“කොමාරිබ්රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා; බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්ත ධීතරො.
සැපපහසුකම් මැද වැඩුණු මම අනෙක් දියණියන් සත්දෙනා සමණී, සමණිගුත්තා, භික්ඛුනී, භික්ඛුදාසිකා, ධම්මා, සුධම්මා, හා සංඝදාසිකා යන අයද, මම, පටාචාරා, උප්පලවණ්ණා, කුණ්ඩලා, කිසාගෝතමී, ධම්මදින්නා, විසාඛා යන සත්දෙනා ද සමග ශාසන කාර්යයෙහි යෙදුණෙමි.
“සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා; ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා.
“අහං උප්පලවණ්ණා ච, පටාචාරා ච කුණ්ඩලා; කිසාගොතමී ධම්මදින්නා, විසාඛා හොති සත්තමී.
“කදාචි සො නරාදිච්චො, ධම්මං දෙසෙසි අබ්භුතං; මහානිදානසුත්තන්තං, සුත්වා තං පරියාපුණිං.
දිනක් ඒ බුදුන්වහන්සේ අද්භූතජනක මහානිදාන සුත්‍රය දෙසනු අසා මම එය අවබෝධ කරගතිමි.
“තෙහි කම්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ පිනින් හා චේතනා බලයෙන් මිනිස් සිරුර අත්හැර ගොස් තව්තිසා දෙව්ලොව උපනිමි.
“පච්ඡිමෙ ච භවෙ දානි, සාකලාය පුරුත්තමෙ; රඤ්ඤො මද්දස්ස ධීතාම්හි, මනාපා දයිතා පියා.
දැන් මේ පශ්චිම ආත්මභාවයෙහි සාගල නුවර මද්ද රජුගේ දියණියක් වීමි.
“සහ මෙ ජාතමත්තම්හි, ඛෙමං තම්හි පුරෙ අහු; තතො ඛෙමාති නාමං මෙ, ගුණතො උපපජ්ජථ.
මා උපන් කෙණෙහිම මගේ ගුණදහම් හේතුකොටගෙන මට ඛේමා යන නම ලැබිණ.
“යදාහං යොබ්බනං පත්තා, රූපලාවඤ්ඤභූසිතා; තදා අදාසි මං තාතො, බිම්බිසාරස්ස රාජිනො.
මා වැඩිවිය පැමිණි කල්හි අතිශය රූපසම්පන්න වූ හෙයින් මගේ පියා බිම්සර රජුට මා පාවා දුන්නේය.
“තස්සාහං සුප්පියා ආසිං, රූපකෙලායනෙ රතා; රූපානං දොසවාදීති, න උපෙසිං මහාදයං.
මම ඔහුට බෙහෙවින් ප්‍රියජනක වීමි. රූපයෙහි දොස් දකිනුයි අසා මම බුදුන් හමුවට නොගියෙමි.
“බිම්බිසාරො තදා රාජා, මමානුග්ගහබුද්ධියා; වණ්ණයිත්වා වෙළුවනං, ගායකෙ ගාපයී මමං.
එකල්හි බිම්බිසාර රජතුමා මා කෙරෙහි අනුකම්පාවෙන් ගායකයන් ලවා වේළුවනය වර්ණනා කරවා මා එහි යැවීය.
“රම්මං වෙළුවනං යෙන, න දිට්ඨං සුගතාලයං; න තෙන නන්දනං දිට්ඨං, ඉති මඤ්ඤාමසෙ මයං.
වේළුවනය සහිත විහාරය නොදුටු තැනැත්තෙකු නන්දන වනයද දැක නැතැයි සිතමු.
“යෙන වෙළුවනං දිට්ඨං, නරනන්දනනන්දනං; සුදිට්ඨං නන්දනං තෙන, අමරින්දසුනන්දනං.
යමෙකු බුදුන්ගේ වේළුවනය දැක ඇද්ද, හෙතෙම ශක්‍රයාගේ නන්දන වනය දැක ඇත.
“විහාය නන්දනං දෙවා, ඔතරිත්වා මහීතලං; රම්මං වෙළුවනං දිස්වා, න තප්පන්ති සුවිම්හිතා.
දෙවිවරු නඳුන් උයන අතහැර පොළෝ තලයට බැස මනහර වේළුවනය දැක පුදුම වී සෑහීමකට පත්නොවෙති.
“රාජපුඤ්ඤෙන නිබ්බත්තං, බුද්ධපුඤ්ඤෙන භූසිතං; කො වත්තා තස්ස නිස්සෙසං, වනස්ස ගුණසඤ්චයං.
රජුගේ පිනෙන් හටගත්තාවූ, බුදුන්ගේ පිනින් අලංකාරවූ ඒ වනයෙහි සුන්දරත්වය ශේෂ නොකොට කවරෙකුට නම් වැනිය හැකිද?
“තං සුත්වා වනසමිද්ධං, මම සොතමනොහරං; දට්ඨුකාමා තමුය්යානං, රඤ්ඤො ආරොචයිං තදා.
සවණ පිනවන්නා වූ ඒ බැනුම් අසා එය දකිනු කැමැතිවී ඒ බව රජුට දැන්වීමි,
“මහතා පරිවාරෙන, තදා ච සො මහීපති; මං පෙසෙසි තමුය්යානං, දස්සනාය සමුස්සුකං.
රජතුමා මහා පිරිවරක් පිළියෙල කර දී උයන දකිනු කැමැති මා එහි යැවීය.
“ගච්ඡ පස්ස මහාභොගෙ, වනං නෙත්තරසායනං; යං සදා භාති සිරියා, සුගතාභානුරඤ්ජිතං.
භාග්‍යවන්තිය, නෙතට රසඳුනක් වැනි වූ බුදුන්ගේ කාන්තියෙන් නිතර බබළන්නාවූ ශොභාසමුජ්වලිත වූ ඒ උයන බලන්න.
“යදා ච පිණ්ඩාය මුනි, ගිරිබ්බජපුරුත්තමං; පවිට්ඨොහං තදායෙව, වනං දට්ඨුමුපාගමිං.
ඒ බුදුන්වහන්සේ පිඬු පිණිස ගිරිවජ්රයට පිවිසි අවස්ථාවෙහි මම ඒ උයන බැලීමට ගියෙමි.
“තදා තං ඵුල්ලවිපිනං, නානාභමරකූජිතං; කොකිලාගීතසහිතං, මයූරගණනච්චිතං.
එවිට මම නොයෙක් බමරරැවින් මනහර වූ, කොවුල් ගීයෙන් අනවරත වූ රැගුම්ගත් මොනර ගණාගෙන් පිරුණු
“අප්පසද්දමනාකිණ්ණං, නානාචඞ්කමභූසිතං; කුටිමණ්ඩපසංකිණ්ණං, යොගීවරවිරාජිතං.
මඳහඬින්, නොගැවසුණු දනරැසින්, නොයෙක් සක්මන් මළුවෙන් විසිතුරුවූ, කුටි හා මඩුවලින් ගැවසුණු, යෝගීන්ගෙන් සන්සුන් දකුම් ඇති,
“විචරන්තී අමඤ්ඤිස්සං, සඵලං නයනං මම; තත්ථාපි තරුණං භික්ඛුං, යුත්තං දිස්වා විචින්තයිං.
මෙවැනි විසිතුරු උයනෙක ශෝභාව දක්නට ලැබීමෙන් මගේ නෙත් ලැබීම සඵල විය. එහෙත් එහි විසූ තරුණ භික්ෂුවක් දැක මෙසේ සිතුවෙමි:
“ඊදිසෙ විපිනෙ රම්මෙ, ඨිතොයං නවයොබ්බනෙ; වසන්තමිව කන්තෙන, රූපෙන ච සමන්විතො.
මෙවැනි මනහර උයනක නවයොවුන් වියෙහි සිටියාවූ නෙත්කලු රූසපුවකින් හෙබි කාන්තියෙන් වසන්තය වැනි වූ මෙතෙම හිස මුඩුකර සඟළ සිවුරු පෙරවා ගහක් මුල හිඳියි. විෂය රතිය දුරලා භාවනාවෙහි යෙදී සිටියි.
“නිසින්නො රුක්ඛමූලම්හි, මුණ්ඩො සඞ්ඝාටිපාරුතො; ඣායතෙ වතයං භික්ඛු, හිත්වා විසයජං රතිං.
“නනු නාම ගහට්ඨෙන, කාමං භුත්වා යථාසුඛං; පච්ඡා ජිණ්ණෙන ධම්මොයං, චරිතබ්බො සුභද්දකො.
ගිහියෙකු රිසිසේ කම්සුව විඳ මහලු වූ පසු නොවේද මෙවැනි පිළිවෙත් පිරිය යුත්තේ, බුදුන් වෙසෙන ගඳකිළිය හිස්යයි දැන එහි ගිය නමුත් මම උදාවන හිරු වැනි උන්වහන්සේ දිටිමි.
“සුඤ්ඤකන්ති විදිත්වාන, ගන්ධගෙහං ජිනාලයං; උපෙත්වා ජිනමද්දක්ඛං, උදයන්තං ව භාකරං.
එහි උන්වහන්සේ සමීපයෙහි පවන් සලමින් සිටි කාන්තාවක් දැක මෙසේ සිතුවෙමි. මේ පුරුෂ ශ්‍රේෂ්ඨයා එවැනි රළු දිවියක් ගත කරන්නෙක් නොවේ.
“එකකං සුඛමාසීනං, බීජමානං වරිත්ථියා; දිස්වානෙවං විචින්තෙසිං, නායං ලූඛො නරාසභො.
රන් පැහැති, පියුම්වන් මුහුණ ඇති බිඹුපලවන් දෙඅදරින් යුත්, කොඳකැකුල වැනි දසන්වලින් බැබළෙන, මනනෙත් බඳනා වූ, රන්ඔන්චිල්ලා වැනි සවන් ඇති, පුන්කලස් වන් පියොවුරින් හොබනා, වේදිකාවක් වැනි කටීපෙදෙසින් ළගන්නා සුලු රඹතුරු සද දෙවටොරින් මන බඳනා, භාවභාව ලීලාවෙන් සමන්විතවූ,
“සා කඤ්ඤා කනකාභාසා, පදුමානනලොචනා; බිම්බොට්ඨී කුන්දදසනා, මනොනෙත්තරසායනා.
“හෙමදොලාභසවනා, කලිකාකාරසුත්ථනී; වෙදිමජ්ඣාව සුස්සොණී, රම්භොරු චාරුභූසනා.
“රත්තංසකුපසංබ්යානා , නීලමට්ඨනිවාසනා; අතප්පනෙය්යරූපෙන, හාසභාවසමන්විතා.
“දිස්වා තමෙවං චින්තෙසිං, අහොයමභිරූපිනී; න මයානෙන නෙත්තෙන, දිට්ඨපුබ්බා කුදාචනං.
ඒ කාන්තාව දැක මෙසේ සිතුවෙමි. ‘අහෝ මෙවැනි රූපයක්, මගේ මේ දෙනෙතින් කිසිකලෙකත් දැක නැත.’
“තතො ජරාභිභූතා සා, විවණ්ණා විකතානනා; භින්නදන්තා සෙතසිරා, සලාලා වදනාසුචි.
මෙසේ සිතන්ම ඕතොමෝ ජරාවෙන් මැඩුණි විවර්ණවූවා, විකෘත වක්ත්‍රය ඇත්තී, දත් හැලුණු කෙස් පැසුණු, රැළි ගැසුණු මුහුණින් යුතු,
“සංඛිත්තකණ්ණා සෙතක්ඛී, ලම්බාසුභපයොධරා; වලිවිතතසබ්බඞ්ගී, සිරාවිතතදෙහිනී.
හැකුළුණු කන් ඇති, සුදුවූ ඇස් ඇති. එල්බෙන පියොවුරුවලින් යුත්, සිරුර පුරා වකරැළි ගැසුණු ඉලිප්පීගිය නහරවැල් ඇති නැමුණු සිරුරින් රැඳුණු යටියෙන්, මතුවුණු ඇටකටුවලින්, වැහැරීගිය ගතින් වෙවුලුම් ගත්, නිතර නිතර හෙළන සුසුමින් යුත් මේ රුව දැක මා තුළ සංවේගය පහළවිය. එය අද්භූතය, ලොමු දැහැගන්වනසුලුය. මෝඩයන් ඇලුම් කරන මේ අපවිත්‍ර රූපයට නින්දා වේවා.
“නතඞ්ගා දණ්ඩදුතියා, උප්ඵාසුලිකතා කිසා; පවෙධමානා පතිතා, නිස්සසන්තී මුහුං මුහුං.
“තතො මෙ ආසි සංවෙගො, අබ්භුතො ලොමහංසනො; ධිරත්ථු රූපං අසුචිං, රමන්තෙ යත්ථ බාලිසා.
“තදා මහාකාරුණිකො, දිස්වා සංවිග්ගමානසං; උදග්ගචිත්තො සුගතො, ඉමා ගාථා අභාසථ.
මෙවේලෙහි මහා කාරුණික වූ ශාස්තෲන් වහන්සේ, භාවිත මනසින් යුත් සුගතයන් වහන්සේ සංවේගයට පැමිණ සිටි මා අමතා මේ ගාථා දේශනා කළහ:
“ආතුරං අසුචිං පූතිං, පස්ස ඛෙමෙ සමුස්සයං; උග්ඝරන්තං පග්ඝරන්තං, බාලානං අභිනන්දිතං.
ඛේමා, රෝගිවූ අපවිත්‍ර වූ, කුණුවූ වැගිරෙන්නාවූ, මෝඩයන් ඇලුම් කරවන මේ සිරුර බලන්න.
“අසුභාය චිත්තං භාවෙහි, එකග්ගං සුසමාහිතං; සති කායගතා ත්යත්ථු, නිබ්බිදා බහුලා භව.
මනාව පිහිටුවා ගන්නාලද එකඟවූ සිතින් අශුභ භාවනාවෙහි සිත යොදවන්න. කායගතාසතිය වඩන්න, කලකිරීම් බහුල කොට ඇත්තී වෙව.
“යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං; අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, කායෙ ඡන්දං විරාජය.
මෙය යම් සේද මෙය එසේමය. ආධ්‍යාත්මික හා බාහිරවූ ශරීරයෙහි ආශාව දුරුකරන්න.
“අනිමිත්තඤ්ච භාවෙහි, මානානුසයමුජ්ජහ; තතො මානාභිසමයා, උපසන්තා චරිස්සසි.
අනිමිත්ත භාවනාවෙහි යෙදෙට, මානානුශයන් දුරුකරන්න. මනස තේරුම් ගැනීමෙන් සන්සුන්ව හැසිරෙන්නෙහිය.
“යෙ රාගරත්තානුපතන්ති සොතං, සයං කතං මක්කටකොව ජාලං; එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති, අනපෙක්ඛිනො කාමසුඛං පහාය.
රාගයෙහි ඇලුණා වූ සත්ත්වයෝ තමා විසින්ම වියන ලද දැලට වැටෙන මකුළුවකු මෙන් දියපහරට වැටේ. අනපේක්ෂිත වූවෝ කම්සුව අතහැර ඒ සියල්ල සිඳබිඳ දමා (ගිහිගෙයින්) නික්ම යති.
“තතො කල්ලිතචිත්තං මං, ඤත්වාන නරසාරථි; මහානිදානං දෙසෙසි, සුත්තන්තං විනයාය මෙ.
මගේ සිත යහපත්වූ බව දැනගත් ඒ බුදුන්වහන්සේ මගේ හික්මීම පිණිස මහානිදාන සූත්‍රය දේශනා කළ සේක.
“සුත්වා සුත්තන්තසෙට්ඨං තං, පුබ්බසඤ්ඤමනුස්සරිං; තත්ථ ඨිතාවහං සන්තී, ධම්මචක්ඛුං විසොධයිං.
ඒ ධර්මදේශනාව අසා පෙර කළ පින් (පූර්ව සංඥාව) සිහිකළෙමි. එහි සිටියදීම මගේ දහම් ඇස පිරිසිදු කළෙමි.
“නිපතිත්වා මහෙසිස්ස, පාදමූලම්හි තාවදෙ; අච්චයං දෙසනත්ථාය, ඉදං වචනමබ්රවිං.
එකෙණෙහිම මම බුදුරදුන්ගේ දෙපා වැඳ මගේ දොස් පෙන්වාදෙනු පිණිස මෙසේ කීවෙමි:
“නමො තෙ සබ්බදස්සාවි, නමො තෙ කරුණාකර; නමො තෙ තිණ්ණසංසාර, නමො තෙ අමතං දද.
‘දහම දක්නා වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා, කරුණාකරයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා, සසර ඉක්මවූ තැනැත්ත, අමාසුව දෙන තැනැත්ත ඔබවහන්සේට නමස්කාර වේවා.’
“දිට්ඨිගහනපක්ඛන්දා, කාමරාගවිමොහිතා; තයා සම්මා උපායෙන, විනීතා විනයෙ රතා.
දෘෂ්ටි ජාලයෙහි වැටී සිටියා වූ, කාමරාගයෙන් මුළා වූ මා උපායකින් හික්මවා විනයෙහි ඇලුම් කරවූහ.
“අදස්සනෙන විභොගා, තාදිසානං මහෙසිනං; අනුභොන්ති මහාදුක්ඛං, සත්තා සංසාරසාගරෙ.
එවැනි බුදුවරුන්ගේ විරාගීය ධර්මය නොදැකීමෙන් සත්ත්වයෝ සසර සයුරෙහි මහා දුක් විඳින්.
“යදාහං ලොකසරණං, අරණං අරණන්තගුං; නාද්දසාමි අදූරට්ඨං, දෙසයාමි තමච්චයං.
යම්කලෙක මම ලෝකයාට පිහිටවූ ශාන්ත වූ මරණය කෙළවරකොට ඇත්තා වූ සමීපයෙහි සිටියාවූ (බුදුන්) නොදුටිම්ද මම ඒ වරද ප්‍රකාශ කරමි.
“මහාහිතං වරදදං, අහිතොති විසඞ්කිතා; නොපෙසිං රූපනිරතා, දෙසයාමි තමච්චයං.
බෙහෙවින් හිතවත්වූ රිසිදෙය ලබා දෙන්නාවූ උන්වහන්සේ අහිතයයි සැක කොට රූපයෙහි ඇලෙමින් උන්වහන්සේ වෙත නොගියෙම්ද මම ඒ වරද ප්‍රකාශ කරමි.
“තදා මධුරනිග්ඝොසො, මහාකාරුණිකො ජිනො; අවොච තිට්ඨ ඛෙමෙති, සිඤ්චන්තො අමතෙන මං.
එවිට මධුර ස්වර ඇති මහා කාරුණික වූ බුදුන්වහන්සේ මා මත අමා ජලය ඉසිමින් ‘ඛේමා, නවතින්න’ යනුවෙන් වදාළහ.
“තදා පකම්ය සිරසා, කත්වා ච නං පදක්ඛිණං; ගන්ත්වා දිස්වා නරපතිං, ඉදං වචනමබ්රවිං.
එකෙණෙහි මම උන්වහන්සේ පැදකුණු කොට වැඳ රජු වෙත ගොස් මෙසේ කීවෙමි
“අහො සම්මා උපායො තෙ, චින්තිතොයමරින්දම; වනදස්සනකාමාය, දිට්ඨො නිබ්බානතො මුනි.
‘ඉදින් රජතුමනි, ඔබ බුදුන්ගේ සස්නෙහි පැහැදී සිටී නම්, බුදුවදනින් රූපයෙහි කලකිරුණා වූ මම පැවිදි වන්නෙමි.’
“යදි තෙ රුච්චතෙ රාජ, සාසනෙ තස්ස තාදිනො; පබ්බජිස්සාමි රූපෙහං, නිබ්බින්නා මුනිවාණිනා.
“අඤ්ජලිං පග්ගහෙත්වාන, තදාහ ස මහීපති; අනුජානාමි තෙ භද්දෙ, පබ්බජ්ජා තව සිජ්ඣතු.
ඒ මහරජතුමා එවිට මා දෙසට ඇඳිලිබැඳගෙන ‘සොඳුර, ඔබේ අදහස අනුමත කරමි. ඔබේ පැවිද්ද ඉටුවේවා’ යනුවෙන් කීවේය.
“පබ්බජිත්වා තදා චාහං, අද්ධමාසෙ උපට්ඨිතෙ; දීපොදයඤ්ච භෙදඤ්ච, දිස්වා සංවිග්ගමානසා.
ඉක්බිති පැවිද්ද ලැබුවාවූ මම අඩමසක් යාදී පහන් දැල්ලක භාවය හා අභාවය දැක කලකිරුණු සිත් ඇත්තී,
“නිබ්බින්නා සබ්බසඞ්ඛාරෙ, පච්චයාකාරකොවිදා; චතුරොඝෙ අතික්කම්ම, අරහත්තමපාපුණිං.
සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරී හේතුප්‍රත්‍ය අවබෝධකර සිවු වැදෑරුම් සැඩපහර ඉක්මවා රහත් බවට පැමිණියෙමි.
“ඉද්ධීසු ච වසී ආසිං, දිබ්බාය සොතධාතුයා; චෙතොපරියඤාණස්ස, වසී චාපි භවාමහං.
සෘද්ධිබල ලැබිණ. දිවැස් දිවකන් ලැබිණ. සිත් හැසිරීමේ නුවණ ලබාගත් රහත්වූ තැනැත්තියක් වෙමි.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කළෙමි, සියලු අසවු සන්හිඳිණ, දැන් මට නැවත උපතක් නැත.
“අත්ථධම්මනිරුත්තීස, පටිභානෙ තථෙව ච; පරිසුද්ධං මම ඤාණං, උප්පන්නං බුද්ධසාසනෙ.
අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන සංඛ්‍යාත බුදුසසුනෙහි මගේ නුවණ පිරිසිදුවිය.
“කුසලාහං විසුද්ධීසු, කථාවත්ථුවිසාරදා; අභිධම්මනයඤ්ඤූ ච, වසිප්පත්තාම්හි සාසනෙ.
විශුද්ධි ධර්මයන්හි දක්ෂ වෙමි, කථාවත්ථුවෙහි දක්ෂවෙමි, අභිධර්මක්රමය දනිමි, සසුනෙහි වසඟවීමි.
“තතො තොරණවත්ථුස්මිං, රඤ්ඤා කොසලසාමිනා; පුච්ඡිතා නිපුණෙ පඤ්හෙ, බ්යාකරොන්තී යථාතථං.
කෝසලාධිපති රජු විසින් භෝජන වස්තුව පිළිබඳ අසනලද ප්‍රශ්න යථාකාරයෙන් දක්ෂ ලෙස විසඳීමි.
“තදා ස රාජා සුගතං, උපසඞ්කම්ම පුච්ඡථ; තථෙව බුද්ධො බ්යාකාසි, යථා තෙ බ්යාකතා මයා.
ඉක්බිති රජතුමා බුදුරදුන් වෙත ගොස් යථොක්ත ප්‍රශ්න උන්වහන්සේ විසඳු ආකාරයෙන්ම මාද විසඳූ බව සැලකළේය.
“ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං; මහාපඤ්ඤානමග්ගාති, භික්ඛුනීනං නරුත්තමො.
බුදුන්වහන්සේ මගේ ඒ ගුණයෙහි පැහැදී මා භික්ෂුණීන් අතරෙන් මහා ප්රඥාවන්තියගෙන් ශ්‍රේෂ්ඨයයි පවසා ඒ පිළිබඳ අගතනතුරෙහි තැබූ සේක.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති. (අප· ථෙරී 2.2.289-383);
මා විසින් කෙලෙස් දවනලදී-පෙ-බුදුන්ගේ ඔවදන ඉටුකළෙමි.
අරහත්තං පන පත්වා ඵලසුඛෙන නිබ්බානසුඛෙන ච විහරන්තියා ඉමිස්සා ථෙරියා සතිපි අඤ්ඤාසං ඛීණාසවත්ථෙරීනං පඤ්ඤාවෙපුල්ලප්පත්තියං තත්ථ පන කතාධිකාරතාය මහාපඤ්ඤාභාවො පාකටො අහොසි. තථා හි නං භගවා ජෙතවනමහාවිහාරෙ අරියගණමජ්ඣෙ නිසින්නො පටිපාටියා භික්ඛුනියො ඨානන්තරෙ ඨපෙන්තො “එතදග්ගං, භික්ඛවෙ, මම සාවිකානං භික්ඛුනීනං මහාපඤ්ඤානං යදිදං ඛෙමා”ති (අ· නි· 1.235-236) මහාපඤ්ඤතාය අග්ගට්ඨානෙ ඨපෙසි. තං එකදිවසං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නං මාරො පාපිමා තරුණරූපෙන උපසඞ්කමිත්වා කාමෙහි පලොභෙන්තො –
රහත් බවට පැමිණ පලසුවයෙන් හා නිවන්සුවයෙන් දවසරින ඕතොමෝ, සෙසු ක්ෂීණාශ්රව භික්ෂුණීන්ගේ ප්රඥාමහත්වය ඇති නමුදු, ඇය විසින් පෙර කරන ලද අධිකාර ඇති හෙයින් මහා ප්‍රඥාවෙන් පළට වූවාය. එසේ හෙයින් ජේතවන මහා විහාරයෙහි ආර්ය සංඝයා මැද වැඩහුන්නා බුදුහු පිළිවෙළින් භික්ෂුණීන් අගතනතුරුවලට පත්කරන්නාහු ‘මහණෙනි, මගේ ශ්‍රාවිකා භික්ෂුණීන් අතරෙන් යම් ඛේමා නම් භික්ෂුණියක් වේද ඕතොමෝ මහා නැණවතියන්ගෙන් අගතැන්පත් වූවෙකි’ යනුවෙන් නැණවතියන්ගෙන් අග්‍රස්ථානයෙහි තබාලූහ. එක් දවසක් මේ එක්තරා රුක්මුලක දවල් කාලය ගත කරන්නී පව්කාර මාරයා තරුණයෙකුගේ වේශයෙන් ඇය වෙත පැමිණ පසුව කෙරෙහි පොළඹවන අදහසින් මෙසේ කීවේය:
“දහරා ත්වං රූපවතී, අහම්පි දහරො යුවා; පඤ්චඞ්ගිකෙන තුරියෙන, එහි ඛෙමෙ රමාමසෙ”ති. – ගාථමාහ ;
‘ඔබ ළැදැරියකි, රූමත්ය, මමද තරුණය, ඛේමා එන්න, අපි පසඟතුරු රැවින් රමණය කරමු.’
තස්සත්ථො – ඛෙමෙ, ත්වං තරුණප්පත්තා, යොබ්බනෙ ඨිතා රූපසම්පන්නා, අහම්පි තරුණො යුවා, තස්මා මයං යොබ්බඤ්ඤං අඛෙපෙත්වා පඤ්චඞ්ගිකෙන තුරියෙන වජ්ජමානෙන එහි කාමඛිඩ්ඩාරතියා රමාම කීළාමාති.
මෙහි තේරුම - ඛේමා, ඔබ තරුණවියට පැමිණ ඇත. යොවුන් වියෙහි සිටින්නෙහිය, රූපයෙන් අනූනය, මමද තරුණයෙක්මි. අපි යොවුන් විය අපතේ නොයවා පඤ්චාංගික තූර්යනාදය මැද කාමයෙන් අභිරමණය කරමු.
තං සුත්වා සා කාමෙසු සබ්බධම්මෙසු ච අත්තනො විරත්තභාවං තස්ස ච මාරභාවං අත්තාභිනිවෙසෙසු සත්තෙසු අත්තනො ථාමගතං අප්පසාදං කතකිච්චතඤ්ච පකාසෙන්තී –
එය ඇසු ඕතොමෝ සියලුම කාමයන්ගෙන් ඇයගේ සිත මිදී ඇති බවත්, ඔහු මාරයා බවත්, ආත්ම ග්රහණයෙන් යුක්තවූ සත්ත්වයන් කෙරෙහි තමාගේ අප්රසාදයත්, නිමකරනලද කිස ඇති බවත් ප්‍රකාශ කළාය:
“ඉමිනා පූතිකායෙන, ආතුරෙන පභඞ්ගුනා; අට්ටියාමි හරායාමි, කාමතණ්හා සමූහතා.
ඉමිනා පූතිකායෙන ආතුරෙන පභංගුනා, ’අට්ටියාමි හරායාමි කාමතණ්හා සමුහතා
“සත්තිසූලූපමා කාමා, ඛන්ධාසං අධිකුට්ටනා; යං ත්වං කාමරතිං බ්රූසි, අරතී දානි සා මම.
සතකිසුලූපමා කාමා ඛන්ධාසං අධිකුට්ටනා, යං ත්වං කාමරතිං බ්‍රෑසි අරතී දානි සා මම
“සබ්බත්ථ විහතා නන්දී, තමොඛන්ධො පදාලිතො; එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තක.
සබ්බත්ථ විහතා නන්දී තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තක
“නක්ඛත්තානි නමස්සන්තා, අග්ගිං පරිචරං වනෙ; යථාභුච්චමජානන්තා, බාලා සුද්ධිමමඤ්ඤථ.
නක්ඛන්තානි නමස්සන්තා අග්ගිං පරිචරං වනෙ, යථා භූච්චං අජානත්තා බාලා සුද්ධිං අමඤ්ඤථ
“අහඤ්ච ඛො නමස්සන්තී, සම්බුද්ධං පුරිසුත්තමං; පමුත්තා සබ්බදුක්ඛෙහි, සත්ථුසාසනකාරිකා”ති. – ඉමා ගාථා අභාසි;
අහඤ්ච ඛො නමස්සන්තී සම්බුද්ධං පුරිසුත්තමං, පරිමුත්තා සබ්බදුක්ඛෙහි සත්ථුසාසන කාරිකා
රෝගයන්ට භාජන වූ බිඳෙනසුලු මේ කුණු සිරුරෙහි කලකිරෙමි. පිළිකුල් කරමි. කාම තෘෂ්ණාව විනාශ කළෙමි.
කාමයෝ වූ කලී පඤ්චස්කන්ධය සිදුරු කරන්නාවූ සැත් හා උල් වැනිය, ඔබ යම්කිසි රතියක් ගැන කියාද දැන් එහිලා මා තුළ ඇත්තේ අරතියකි.
සියලු ආශාවන් නැතිකළෙමි. අඳුරුකඳ බිඳලීමි. පාපිය, එය දැනගනුව, මාරය, තා විනාශ වූයෙහිය.
ග්‍රහයන්ට නමස්කාර කරමින් වනයෙහි ගිනි පුදමින් සිටින මෝඩයෝ යථා තත්ත්වය නොදැන එය පාරිශුද්ධියයි සලකති.
මම වනාහී ශ්‍රේෂ්ඨ පුරුෂයා වූ බුදුන්ට නමස්කාර කරමින්, බුදුන්ගේ ඔවදන් පිළිපදිමින් සියලු දුකින් මිදුණෙමි.
තත්ථ අග්ගිං පරිචරං වනෙති තපොවනෙ අග්ගිහුත්තං පරිචරන්තො. යථාභුච්චමජානන්තාති පවත්තියො යථාභූතං අපරිජානන්තා. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයත්තා උත්තානමෙව.
මෙහි අග්ගිං පරිචරං වනෙ - තපෝ වනයෙහි ගින්න පුදමින් යථා භූච්චං අජානන්තී:- පවත්නා දෙය යථාකාරයෙන් නොදන. සෙස්ස ඉහත කී අයුරින් දතයුතුය.
ඛෙමාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
ඛේමා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.