සුජාතාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
සුජාතාථෙරීගාථාවණ්ණනා
සුජාතා ථේරීගාථා වර්ණනාව
අලඞ්කතා සුවසනාතිආදිකා සුජාතාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී අනුක්කමෙන සම්භතවිමොක්ඛසම්භාරා හුත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාකෙතනගරෙ සෙට්ඨිකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තා මාතාපිතූහි සමානජාතිකස්ස සෙට්ඨිපුත්තස්ස දින්නා හුත්වා පතිකුලං ගතා. තත්ථ තෙන සද්ධිං සුඛසංවාසං වසන්තී එකදිවසං උය්යානං ගන්ත්වා නක්ඛත්තකීළං කීළිත්වා පරිජනෙන සද්ධිං නගරං ආගච්ඡන්තී අඤ්ජනවනෙ සත්ථාරං දිස්වා පසන්නමානසා උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා තස්සා අනුපුබ්බිං කථං කථෙත්වා කල්ලචිත්තතං ඤත්වා උපරි සාමුක්කංසිකං ධම්මදෙසනං පකාසෙසි. සා දෙසනාවසානෙ අත්තනො කතාධිකාරතාය ඤාණස්ස පරිපාකං ගතත්තා ච , සත්ථු ච දෙසනාවිලාසෙන යථානිසින්නාව සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා සත්ථාරං වන්දිත්වා ගෙහං ගන්ත්වා සාමිකඤ්ච මාතාපිතරො ච අනුජානාපෙත්වා සත්ථුආණාය භික්ඛුනුපස්සයං ගන්ත්වා භික්ඛුනීනං සන්තිකෙ පබ්බජි. පබ්බජිත්වා ච අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
අලංකතා සුවසනා මෙය සුජාතා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී සසර ගමනෙහිදී කුසල් රැස්කර ක්‍රමයෙන් මෝක්ෂගාමී පුණ්‍ය සම්භාරයෙන් සමෘද්ධිමත් වී මේ බුදුපතෙහි සාකේත නුවර සිටුකුලයක ඉපිද වැඩිවිය පැමිණි කල්හි මවුපියන් විසින් සමජාතික සැමියෙකුට පාවාදී ඔහු සමග සුවසේ වෙසෙන්නී දිනක් උයනට ගොස් නැකැත්කෙළි කෙළ පිරිවර ජනයා සමග නගරයට එන්නී අඳුන් වනයෙහි වෙසෙන බුදුන් දැක පැහැදුණු සිතින් උන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නාය. බුදුහු ඇයට අනුපිළිවෙළ කථාව කියාදී සිත දමුණු බව දැන ඉන්පසු ලොවුතුරු දහම ලුහුඬින් දේශනා කළ සේක. ධර්මදේශනාව අවසානයෙහි ඕතොමෝ තමා විසින් කරන ලද අධිකාර්යය ඇති බැවින්ද නුවණ මුහුකුරා ගොස් ඇති බැවින්ද බුදුන්ගේ දේශනා විලාසය නිසාද හුන් අයුරින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ බුදුන් වැඳ ගෙදර ගොස් සැමියාගේ හා දෙගුරුන්ගේ අනුමැතිය ලබාගෙන බුදුන්ගේ අණින් භික්ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදිවූවාය. පැවිදිවී තමාගේ පෙර පිළිවෙත බලා උදන් විසින් මේ ගාථා ප්‍රකාශ කළාය.
“අලඞ්කතා සුවසනා, මාලිනී චන්දනොක්ඛිතා; සබ්බාභරණසඤ්ඡන්නා, දාසීගණපුරක්ඛතා.
අලඞ්තතා සුවසනා මාලිනී චන්දනොක්ඛිතා, සබ්බාභරණසඤ්ඡන්නා දාසීගණපුරක්ඛිතා
“අන්නං පානඤ්ච ආදාය, ඛජ්ජං භොජ්ජං අනප්පකං; ගෙහතො නික්ඛමිත්වාන, උය්යානමභිහාරයිං.
අන්නංපානඤ්ච ආදාය ඛජ්ජභොජ්ජමනප්පකං, ගෙහතොනික්ඛමිත්වාන උය්යානමභිහාරයිං
“තත්ථ රමිත්වා කීළිත්වා, ආගච්ඡන්තී සකං ඝරං; විහාරං දට්ඨුං පාවිසිං, සාකෙතෙ අඤ්ජනං වනං.
තත්ථ රමිත්වා කීළිත්වා ආගච්ඡන්තී සකං ඝරං, විහාරං දට්ඨුං පවිසිං සාකෙතෙ අඤ්ජනං වනං
“දිස්වාන ලොකපජ්ජොතං, වන්දිත්වාන උපාවිසිං; සො මෙ ධම්මමදෙසෙසි, අනුකම්පාය චක්ඛුමා.
දිස්වාන ලොකපජ්ජොතං වන්දිත්වාන උපාවිසිං, සො මෙ ධම්මමදෙසෙසි අනුකම්පාය චක්ඛුමා
“සුත්වා ච ඛො මහෙසිස්ස, සච්චං සම්පටිවිජ්ඣහං; තත්ථෙව විරජං ධම්මං, ඵුසයිං අමතං පදං.
සුත්වා ච ඛො මහෙසිස්ස සච්චං අප්පටිවිජ්ඣහං, තත්ථෙව විරජං ධම්මං ඵුස්සයිං අමතං පදං
“තතො විඤ්ඤාතසද්ධම්මා, පබ්බජිං අනගාරියං; තිස්සො විජ්ජා අනුප්පත්තා, අමොඝං බුද්ධසාසන”න්ති. –
තතො විඤ්ඤාතසද්ධම්මා පබ්බජිං අනගාරියං, කිස්සො විජ්ජා අනුප්පත්තා අමොඝං බුද්ධසාසනං
ඉමා ගාථා අභාසි.
අබරණින් සැරසී විසිතුරු ඇඳුම් ඇඳගෙන මල් මාලා පැළඳ සඳුන්සුණු අලෙව්දි දාසි සමූහයා විසින් පිරිවරන ලදුව,
ආහාරපානාදී ඛාද්යභොද්ය බොහෝ සෙයින් රැගෙන ගෙයින් පිටත්ව උයනට ගියෙමි.
එහි කෙළිදෙළෙන් පසුව තම ගෙදරට පෙරළා එන අතර සාකේත නුවර අඳුන් වනයෙහි වූ විහාරය බැලීමට එහි පිවිසියෙමි.
ලෝකයට පහනක් වැනිවූ ඒ බුදුන්වහන්සේට වැඳ පසෙක හිඳගතිමි. මට අනුකම්පා කළ උන්වහන්සේ ධර්මය දේශනා කළ සේක.
ඒ බුදුන්ගේ බණ අසා මම සත්‍යය අවබෝධ කළෙමි. එතැන්හිදීම ඒ ධර්මය අවසාන කොට ඇති අමාමහ නිවණ ස්පර්ශ කළෙමි.
ඉන්පසු දැනගත් දහම් ඇති මම අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ අවවාදය නොසිස්වූවකි.
තත්ථ අලඞ්කතාති විභූසිතා. තං පන අලඞ්කතාකාරං දස්සෙතුං “සුවසනා මාලිනී චන්දනොක්ඛිතා”ති වුත්තං. තත්ථ මාලිනීති මාලාධාරිනී. චන්දනොක්ඛිතාති චන්දනානුලිත්තා. සබ්බාභරණසඤ්ඡන්නාති හත්ථූපගාදීහි සබ්බෙහි ආභරණෙහි අලඞ්කාරවසෙන සඤ්ඡාදිතසරීරා.
එහි අලංකතා - සැරසී, ඒ සැරසුණු අයුරු දක්වනු පිණිස සුවසනා මාලිනී චන්දනොක්ඛිතා යනුවෙන් කියන ලදි. එහි මාලිනී - මල්මාලා දරන, චන්දනොක්ඛිතා - සඳුන් අලෙව් දුන්, සබ්බාභරණ සඤ්ඡන්නා - වළලු ආදි සියලු අබරණින් අලංකාර වශයෙන් සිරුර වසාගෙන,
අන්නං පානඤ්ච ආදාය, ඛජ්ජං භොජ්ජං අනප්පකන්ති සාලිඔදනාදිඅන්නං, අම්බපානාදිපානං, පිට්ඨඛාදනීයාදිඛජ්ජං, අවසිට්ඨං ආහාරසඞ්ඛාතං භොජ්ජඤ්ච පහූතං ගහෙත්වා. උය්යානමභිහාරයින්ති නක්ඛත්තකීළාවසෙන උය්යානං උපනෙසිං. අන්නපානාදිං තත්ථ ආනෙත්වා සහ පරිජනෙන කීළන්තී රමන්තී පරිචාරෙසින්ති අධිප්පායො.
අන්නං පානංච ආදාය ඛජ්ජභොජ්ජමනප්පකං - හැල්බත් ආදී ආහාරද අඹපැන් වැනි පානවර්ග ද රොටී වැනි ඛාද්‍ය වර්ගද සෙසු ආහාර වශයෙන් ගැනෙන භොද්ය වර්ගද බහුල වශයෙන් ගෙන, උය්යානමභිහාරයිං - නැකැත් කෙළි විසින් උයනට ගෙන ගියෙමි. කෑම බීමාදිය එහි ගෙන ගොස් පිරිවර ජනයා සමග ක්‍රීඩා කරන්නී සතුටුවන්නී පිරිවැරූයෙමි යනු අදහසය.
සාකෙතෙ අඤ්ජනං වනන්ති සාකෙතසමීපෙ අඤ්ජනවනෙ විහාරං පාවිසිං.
සාකෙතෙ අඤ්ජනං වනං - සාකේත නුවර සමීපයෙහිවූ අඳුන් වනය තුළ පිහිටි විහාරයට ගියෙමි.
ලොකපජ්ජොතන්ති ඤාණපජ්ජොතෙන ලොකස්ස පජ්ජොතභූතං.
ලොකපජ්ජොතං - නැණපහනින් ලෝකයාට ආලෝකයක් වූ,
ඵුසයින්ති ඵුසිං, අධිගච්ඡින්ති අත්ථො. සෙසං වුත්තනයමෙව.
ඵුස්සයිං ස්පර්ශ කළෙමි, අවබෝධ කළෙමි යන තේරුමය. සෙස්ස කියනලද පරිදිමය.
සුජාතාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සුජාතා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.