යෙදුමෙන් කියවන්න

චාලාථෙරීගාථා

7. 2.

7. 2.

182. සතිං උපට‍්ඨපෙත්‍වාන භික‍්ඛුනී භාවිතින්‍ද්‍රියා, පටිවිජ‍්ඣි පදං සන‍්තං සඞ‍්ඛාරූපසමං සුඛං,

182. කායාදියෙහි සිහි එළවා (ආර්‍ය්‍යමාර්‍ගභාවනායෙන්) භාවිත ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ සර්‍වසංස්කාරයනට උපශම හේතු වූ අත්‍යන්තසුඛ නිර්‍වාණ පදය ප්‍රතිවේධ කළා, (චාලා මෙහෙණ මරුට මෙසේ කිවු යැ)

183. කන‍්නු උද‍්දිස‍්ස මුණ‍්ඩාසි සමණී විය දිස‍්සසි, න ච රොචෙසි පාසණ‍්ඩෙ නිමිදං චරසි මොමුහා.

183. (තෙපි) කවරක්හු උදෙසා මුඬු කළහු, මෙහෙණක සෙයින් දක්නහු. පාෂණ්ඩන් නො රුස්නහු, සම්මූඪ වැ කුමට ඇවිදිනහු ද? (මාරයාගේ බසි.)

184. ඉතො බහිද‍්ධා පාසණ‍්ඩා දිට‍්ඨියො උපනිස‍්සිතා, න තෙ ධම‍්මං විජතන‍්ති න තෙ ධම‍්මස‍්ස කොවිදා.

184. ශාශ්වතාදි දෘෂ්ටින් ඇසුරු කළ පාෂණ්ඩයෝ මෙසස්නෙන් බැහැර වෙති, ඔහු ධර්‍මය නො දනිති, ඔහු ධර්‍මකෝවිද නො වෙති.

185. අත්‍ථි සක්‍යකුලෙ ජාතො බුද‍්ධො අප‍්පටිපුග‍්ගලො, සො මෙ ධම‍්මවදෙසෙසි දිට‍්ඨිනං සමතික‍්කමං.

185. ශාක්‍යකුලයෙහි ජාත වූ අප්‍රතිපුද්ගල වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත, උන් වහන්සේ මට දෘෂ්ටි සමතික්‍රමණොපාය වූ දහමක් දෙසූහ.

186. දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං දුක‍්ඛස‍්ස ච අතික‍්කමං, අරියඤ‍්චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං දුක‍්ඛූපසමගාමිනං.

186. දුඃඛසත්‍ය යැ දුඃඛසමුදයසත්‍ය යැ දුඃඛනිරෝධසත්‍ය යැ දුක්ඛොපශමය කරා පමුණුවන ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග සත්‍ය යැ යන මේ යැ.

187. තස‍්සාහං වචනං සුත්‍වා විහරිං සාසනෙ රතා, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

187. මම උන් වහන්සේගේ බස් අසා සස්නෙහි ඇලුම් ඇති වැ වාස කළමු, ත්‍රිවිධ විද්‍යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුසසුන් කරන ලදි.

188. සබ‍්බත්‍ථ විහතා නන්‍දී තමොක‍්ඛන්‍ධෙ පදාලිතො. එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන‍්තකාති.

188. හැම තැන්හි තෘෂ්ණා නසන ලදු, මෝහස්කන්‍ධය බිඳිනලදී. පවිටු මාරය මෙසේ දනු, අන්තකය තෝ නටුයෙහි.

ඉත්‍ථං සුදං චාලා ථෙරී ගාථායො අභාසීති.

මෙසෙයින් චාලා මෙහෙණ ගාථා කිවු යැ.

චාලාථෙරීගාථා.

චාලා ථේරීගාථා යි.