9. නවකනිපාතො
9. නවකනිපාතය
9. 1.
9. 1.
204. මා සු තෙ වඩ්ඪ ලොකම්හි වනථො අහු කුදාචනං, මා පුත්තක පුනප්පුනං අහු දුක්ඛස්ස භාගිමා,
204. දරුව වඩ්ඪය, සත්ත්‍වලෝකයෙහි හා සංස්කාර ලෝකයෙහි ද ක්ලේශතෘෂ්ණායෙක් තට කිසි කලෙක නහමක් වේවා, පුනපුනා ජාති ආදි දුකට නහමක් හිමි වේවා.
205. සුඛං හි වඩ්ඪ මුනයො අනෙජා ඡින්නසංසයා, සීතිභූතා දමප්පත්තා විහරන්ති අනාසවා.
205. වඩ්ඪය, තෘෂ්ණා රහිත වූ ප්‍රහීණ වූ විචිකිත්සා ඇති ක්ලේශාභාවයෙන් සිහිල් වූ ඉන්ද්රියදමනයට පැමිණි ක්ෂීණාස්රව වූ මුනීහු සුවසේ වෙසෙත්.
206. තෙහානුවිණ්ණං ඉසීහි මග්ගං දස්සනපත්තියා. දුක්ඛස්සන්තකිරියාය ත්වං වඩ්ඪ අනුබ්රූහය.
206. වඩ්ඪය, තෝ ඒ ක්ෂීණාස්රව ඍෂීන් විසින් පිළිපදනා ලද ශමථ විදර්ශනා මාර්ගය ඥාන දර්ශනයාගේ අධිගමය පිණිස සියලු වෘත්තදුඃඛය කෙළවර කරනු පිණිස වඩව.
207. විසාරදාව භණසි එතමත්ථං ජනෙත්ති මෙ, මඤ්ඤාමි නූන මාමිකෙ වනථො තෙ න විජ්ජති.
207. මෑණියෙනි, තෙපි විශාරද ව මෙන් තෙල ඔවා මට කියන්නහු යැ, මාගේ මෑණියෙනි, එකත්නෙන් තොපට ගෘහශ්‍රිත ප්‍රේම මාත්‍ර වනථයෙකුදු නැතැ’යි හගිමි.
208. යෙ කෙචි වඩ්ඪ සංඛාරා හීනා උක්කට්ඨමජ්ඣිමා’ අණූපි අණුමත්තොපි වනථො මෙ න විජ්ජති.
208. වඩ්ඪය, හීන උත්කෘෂ්ට මධ්‍යම වූ යම් කිසි සංස්කෘත ධර්ම කෙනෙක් ඇද්ද ඔවුනතුරෙහි අණු වූ ද අණුමාත්‍ර වූ ද වනථයෙක් මට නැත.
209. සබ්බෙ මෙ ආසවා ඛීණා අප්පමත්තස්ස ඣායතො, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
209. අප්‍රමාද වැ ධ්‍යාන කරන මට හැම ආස්‍රවයෝ ක්ෂය වූහ, මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ, බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
210. උළාරං වත මෙ මාතා පතො දං සමවස්සරී. පරමත්ථසංහිතා ගාථා යථාපි අනුකම්පිකා.
210. මාගේ මව අනුකම්පා ඇතියක සෙයින් (‘මා සු තෙ වඩ්ඪ ලෝකම්හි’ ආදී) පරමාර්‍ත්‍ථ සංහිත වූ මහත් වූ අවවාද පතොදයක් පැවැත් වූ යැ.
211. තස්සාහං වචනං සුත්වා අනුසිට්ඨිං ජනෙත්තියා, ධම්මසංවෙගමාපාදිං යොගක්ඛෙමස්ස පත්තියා.
211. මම ඒ මවගේ අනුශාසනා වචන අසා යෝගක්ෂේම සඞ්ඛ්‍යාත නිවනට පැමිණෙනු පිණිස ධර්මසංවේගයට පැමිණියෙමි.
212. සොහං පධානපහිතත්තො රත්තින්දිවමතන්දිතො, මාතරා චොදිතො සන්තො අඵුසිං සන්තිමුත්තමන්ති.
212. ඒ මම දවරැය නො මැලි වැ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් නිවනට මෙහෙයූ සිත් ඇතියෙම් මව විසින් චෝදනා කරන ලද්දෙම් අනුත්තර ශාන්ති සඞ්ඛ්‍යාත නිවන පසක් කෙළෙමි.
ඉත්ථං සුදං වඩ්ඪමාතා ථෙරී ගාථායො අභාසීති.
මෙසෙයින් වඩ්ඪමාතා මෙහෙණ ගාථා කියූ.
වඩ්ඪමාතාථෙරිගාථා.
වඩ්ඪ මාතා ථේරීගාථා යි.
නවකනිපාතො නිට්ඨිතො.
නවකනිපාතය නිමි