යෙදුමෙන් කියවන්න

16. සොළසනිපාතො

16. සොළසනිපාතො.

16. ෂෝඩශනිපාතය

16. 1.

16. 1.

236. උදකමාහරිං සීතෙ සදා උදකමොතරිං, අය්‍යානං දණ‍්ඩභයභීතා වාචාදොසභයට‍්ටිතා.

236. ස්වාමි දරුවන්ගේ දඬුවම් බියෙන් බිය ව, වාග්දණ්ඩභීතියෙන් හා (ස්වකීය) දෝෂභීතියෙන් ද පීඩිතව, (මම්) හැම කල්හි සීතයෙහිදු දිය අළිමි. දියට බටිමි.

237. කස‍්ස බ්‍රාහ‍්මණ ත්‍වං භීතො සදා උදකමොතරි, වෙධමානෙහි ගත‍්තෙහි සීතං වෙදයසෙ භුසං.

237. බමුණාණෙනි, තෙපි කවරක් හට බියපත් වූවහු හැම කල (උදය-සවස) දියට බටහු ද, සැලෙන ගාත්‍රයෙන් යුතු ව අධික වූ සිහිල් දුක් විඳිහු ද.

238. ජානන‍්තී වත මං හොති පුණ‍්ණිකෙ පරිපුච‍්ඡසි, කරොන‍්තං කුසලං කම‍්මං රුන්‍ධන‍්තං කත පාපකං.

238. භවතිය පුණ්ණාවෙනි, කළ පව්කම් වළහන (දියෙහි ගැලීමෙන්) කුසලය රැස්කරන මා දන්නී මැ විචාරව.

239. යො ච වුද‍්ධො දහරො වා පාපකම‍්මං පකුබ‍්බතී, දකාභිසෙචනා සොපි පාපකම‍්මා පමුච‍්චති.

239. මහල්ලෙක් වේවයි තරුණයෙක් වේවයි යම් කිසිවෙක් පව්කම් බෙහෙවින් කෙරේ ද හෙතෙමේත් ජලස්නාන හේතුයෙන් පව්කමින් අතිශයින් මිදේ.

240. කොනු තෙ ඉදමක‍්ඛාසි අජානන‍්තස‍්ස අජානකො, දකාභිසෙචනා නාම පාපකම‍්මා පමුච‍්චති.

240. (කර්‍මවිපාක) නො දත් තොපට ජලස්නානයෙන් පව් කමින් මිදෙයි’ යන මෙ කරුණ (කර්‍මවිපාක) නො දත් කවරෙක් පැවැසී ද.

241. සග‍්ගං නූන ගමිස‍්සන‍්ති සබ‍්බෙ මණ‍්ඩුකකච‍්ඡපා, නක‍්කා ච සුංසුමාරා ච යෙ චඤ‍්ඤෙ උදකෙ චරා.

241. හැම මඬු - කැසබුවෝ ද කිඹුල්ලු ද සුංසුමාරයෝ ද අන්‍ය වූත් යම් ජලචර කෙනෙක් වෙත් නම් ඔහු දු ඒකාන්තයෙන් ස්වර්‍ගයට යන්නාහ යි සිතම්.

242. ඔරබ‍්භිකා සූකරිකා මච‍්ඡකා මිගබන්‍ධකා, චොරා ච වජ‍්ඣඝාතා ච යෙචඤ‍්ඤෙපාපකම‍්මිනො, දකාභිසෙචනා තෙපි පාපකම‍්මා පමුච‍්චරෙ.

242. එළුවන් මරන්නෝ ද හූරුවැද්දෝ ද කෙවුළෝ ද මුවවැද්දෝ ද සොරු ද වධ්‍යඝාතකයෝ (අළුගොසුවෝ) ද අන්‍ය වූත් පව්කම් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔහුදු ජලස්නානයෙන් පව්කමින් මිදෙන්නාහ.

243. සචෙ ඉමා නදියො තෙ පාපං පුබ‍්බෙ කතං වහුං, පුඤ‍්ඤානිමානි වහෙය්‍යුං තෙන ත්‍වං පරිබාහිරො.

243. ඉදින් මේ (අචිරවතී ආදී) නදීහු තොප විසින් පෙර කළ පව් බැහැර කරන්නාහු නම්, මේ නදීහු (තොප කළ) පින ද බැහැර කරන්නාහු ය, (එකල) තෙපි ඒ පිනෙනුදු බැහැර වූවාහු ය.

244. යස‍්ස බ්‍රාහ‍්මණ ත්‍වං භීතො සදා උදකමොතරි, තමෙව බ්‍රහ‍්මෙ මාකාසි මා තෙ සීතං ඡවිං හනී.

244. බමුණාණෙනි, තෙපි යම් පාපයෙකින් බියපත් වූවාහු හැම කලැ උදකාවගාහන කරහු ද, බමුණාණෙනි, ඒ පාපය මැ නහමක් කළ මැනවි. (මෙබඳු) සීතය තොපගේ සිරුරෙහි සිවිය නහමක් පෙළාවා.

245. කුම‍්මග‍්ගං පටිපන‍්නං මං අරියමග‍්ගං සමානයි, උදකාභිසෙචනා භොති ඉමං සාටං දදාමි තෙ.

245. පින්වතිය, නොමඟට පිළිපන් මා දියෙහි ගැලීමෙන් බැහැර කොට ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණවී. (එහෙයින්) මේ සළුව තුටුපඬුරු කොට තොපට දෙමි.

246. තුය‍්හෙව සාටකො හොතු නාහං ඉච‍්ඡාමි සාටකං, සචෙ භායසි දුක‍්ඛස‍්ස සචෙ තෙ දුක‍්ඛමප‍්පියං.

246. සළුව තොපට මැ වේවා, මම් සළුව නො රිසි වෙමි, ඉදින් තෙපි දුකට බියවවු නම්, ඉදින් තොපට දුක අප්‍රිය වී නම්-

247. මාකාසි පාපකං කම‍්මං ආවී වා යදි වා රහො, සචෙ ච පාපකං කම‍්මං කරිස‍්සසි කරොසි වා.

247. ප්‍රකටභාවයෙන් නො පිළිසන් ව හෝ නොහොත් රහසි ව පිළිසන් කොට පව්කම් නහමක් කරව. ඉදින් පව්කම් මතු කරන්නෙහි හෝ දැන් කෙරෙහි හෝ නම්-

248. න තෙ දුක‍්ඛා පමුත‍්ත්‍යත්‍ථි උපෙච‍්චාපි පලායතො, සචෙ භාසසි දුක‍්ඛස‍්ස සචෙ තෙ දුක‍්ඛමප‍්පියං.

248. දැනගෙන පලායන්නා වූද තොපට දුකින් මිදීමෙක් නැති. ඉදින් තෙපි දුකට බිය වවු නම් ඉදින් තොපට දුක අප්‍රිය වී නම්-

249. උපෙහි සරණං බුද‍්ධං ධම‍්මං සඞ‍්ඝඤ‍්ච තාදිනං, සමාදියාහි සීලානි තං තෙ අත්‍ථාය හෙහිති.

249. තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යවු, සිල් සමාදන් වවු, ඒ සරණගමනය හා සීලසමාදානය තොපට වැඩ පිණිස වන්නේ යි.

250. උපෙමි සරණං බුද‍්ධං ධම‍්මං සඞ‍්ඝඤ‍්ච තාදිනං, සමාදියාමි සීලානි තම‍්මෙ අත්‍ථාය හෙහිති.

250. මම් තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යමි, සිල් සමාදන් වෙමි, ඒ මට වැඩ පිණිස වන්නේ ය.

251. බ්‍රහ‍්මබන්‍ධු පුරෙ ආසිං අජ‍්ජම‍්හි සච‍්ච බ්‍රාහ‍්මණො, තෙවිජ‍්ජො වෙදසම‍්පන‍්නො සොත්‍ථියො චම‍්හි නහාතකොති.

251. මම් පෙර (බමුණු කුලෙහි උපන් පමණින්) බ්‍රහ්මබන්‍ධු නම් වීමි, දැන් (බාහිතපාප බැවින්) පරමාර්‍ත්‍ථබ්‍රාහ්මණ වෙමි, අධිගම කළ ත්‍රිවිද්‍යා ඇතියෙමි, මාර්‍ගඥානවේදයෙන් සමන්‍විතයෙමි, සොත්තිය ද නහාතක ද වෙමි’යි.

ඉත්‍ථං සුදං පුණ‍්ණා ථෙරී ගාථායො අභාසීති.

මෙසේ පුණ්ණා තෙරණි ...

පුණ‍්ණාථෙරීගාථා.

පුණ්ණා ථේරීගාථා යි.

සොළසනිපාතො නිට‍්ඨිතො.

ෂෝඩශනිපාතය නිමි.