යෙදුමෙන් කියවන්න

සුභාකම‍්මාරධීතුථෙරීගාථා

20. 5.

20. 5.

337. දහරා අහං සුද‍්ධවසනා යං පුරෙ ධම‍්මමස‍්සුණිං, තස‍්සා මෙ අප‍්පමත‍්තාය සච‍්චාභිසමයො අහු.

337. යම්හෙයෙකින් පෙර ශුද්ධවස්ත්‍රාභරණයෙන් සැරැසුණු තරුණ වූ මම ( බුදුන් වෙත) බණ ඇසීම් ද එහෙයින් එළඹ සිටි සිහි ඇති මට සත්‍යාවබෝධය විය.

338. තතොහං සබ‍්බකාමෙසු භුසං අරතිමජ‍්ඣගං, සක‍්කායස‍්මිං භයං දිස‍්වා නෙක‍්ඛම‍්මඤ‍්ඤෙව පීහයෙ.

338. එහෙයින් මම සියලු (දිව්‍ය - මානුෂ) කාමයන්හි අරතියට පැමිණිමි, පඤ්චෝපාදානස්කන්‍ධයෙහි භය නුවණැසින් දැක පැවිද්ද ම කැමැතිවෙමි.

339. හිත්‍වානහං ඤාතිගණං දාසකම‍්මකරානි ච, ගාමක‍්ඛෙත‍්තානි ඵීතානි රමණීයෙ පමොදිතෙ.

339. මම ඥාතිසමූහයා ද දසුන් කම්කරුවන් ද සමෘද්ධ වූ ගම්කෙත් ද සිත්කලු වූ සතුටු එළවන භෝගයන් ද හැරපියා (පැවිදිවීමි)

340. පහායාහං පබ‍්බජිතා සාපතෙය්‍යමනප‍්පකං, එවං සද‍්ධාය නික‍්ඛම‍්ම සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ න මෙතං අස‍්ස පතිරූපං ආකිඤ‍්චඤ‍්ඤං හි පත්‍ථයෙ.

340. ‘මම අනල්ප වූ සම්පත් හැරපියා මෙසේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම (බුදුන් විසින්) මැනැවින් අවබෝධ කළ ආර්‍ය්‍යවිනයෙහි පැවිදිවීමි, එහෙයින් තෙල මට සුදුසු නොවන්නේය, අකිඤ්චනභාවය මැ පතමි.

341. යො ජාතරූපං රජතං ඡඩ‍්ඩෙත්‍වා පුනරාගමෙ රජතං ජාතරූපං වා න බොධාය න සන‍්තියා නෙතං සමණ සාරුප‍්පං න එතං අරියං ධනං.

341. යම් පුඟුලෙක් රන් රිදී ආදිය හැරපියා නැවත ගන්නේ නම් (හේ පඬුවන් අතර කෙසේ හිස ඔසොවන්නේ ද?) රිදී හෝ රන් හෝ සත්‍යාවබෝධය පිණිස නොවේ, නිවන පිණිස නොවේ, තෙල ශ්‍රමණසාරුප්‍ය නො වෙයි, තෙල ආර්‍ය්‍යධනය නො වේ.

342. ලොභනං මදනං චෙතං මොහනං රජවඩ‍්ඪනං, සාසඞ‍්කං බහු ආයාසං නත්‍ථි චෙත්‍ථ ධුවං ඨිති.

342. තෙල ලෝභ උපදවනු ද මද එළවනු ද මුළා කරනු ද කෙලෙස් රජස් වඩනු ද ආශඞ්කා සහිත ද බොහෝ ආයාස ඇත්තේ ද වෙයි, තෙල ධනයෙහි ධ්‍රැවබවක් ස්ථිතබවක් හෝ නැති.

343. එත්‍ථ රත‍්තා පමත‍්තා ච සංකිලිට‍්ඨමනා නරා, අඤ‍්ඤමඤ‍්ඤෙන ව්‍යාරුද‍්ධා පුථුපුබ‍්බන‍්ති මෙධගං.

343. තෙල ධනයෙහි ඇලුණා වූ ද ප්‍රමත්ත වූ ද සංක්ලිෂ්ට වූ සිත් ඇති සත්ත්‍වයෝ ඔවුනොවුන් ප්‍රතිවිරුද්ධ වූවාහු බොහෝ කලහ කෙරෙත්.

344. වධො බන්‍ධො පරික‍්ලෙසො ජානි සොකපරිද‍්දවො, කාමෙසු අධිපන‍්නානං දිස‍්සතෙ ව්‍යසනං බහුං.

344. කාමයන්හි බැසගෙන සිටියානට මරණය (අන්‍දුබන්‍ධාදි) බන්‍ධනය (හස්තච්ඡේදාදි) වෙහෙසය (ධනාදීන්ගේ) හානිය ශෝක පරිදේවය යන බොහෝ ව්‍යසන දක්නා ලැබේ.

345. තං මං ඤාතී අමිත‍්තාව කිං වො කාමෙසු යුඤ‍්ජථ, ජානාථ මං පබ‍්බජිතං කාමෙසු භයදස‍්සනිං.

345. එබඳු වූ මා ඥාති වූ යුෂ්මත්හු පසමිතුරන් සෙයින් කුමක් හෙයින් කාමයන්හි යොදවවු ද, කාමයන්හි බිය දක්නාසුලු වූ මා පැවිදි වූවක කොට දන්නහු ය.

346. න හිරඤ‍්ඤසුවණ‍්ණෙන පරික‍්ඛීයන‍්ති ආසවා අමිත‍්තා වධකා කාමා සපත‍්තා සල‍්ලබන්‍ධනා.

346. හිරණ්‍ය ස්වර්‍ණයෙන් (කාමාදි) ආස්‍රවයෝ ක්‍ෂය වීමට නොයෙති, කාමයෝ අමිත්‍රයෝ යැ වධකයෝ යැ සතුරෝ යැ සල්‍යබන්‍ධනයෝ යි.

347. තං මං ඤාතී අමිත‍්තාව කිං වො කාමෙසු යුඤ‍්ජථ, ජානාථ මං පබ‍්බජිතං මුණ‍්ඩං සඞ‍්ඝාටිපාරුතං.

347. එබඳු මා ඥාති වූ යුෂ්මත්හු පසමිතුරන් සෙයින් කුමක් හෙයින් කාමයන්හි යොදවවු ද, මුඬුකළ කෙස් ඇති සඟළ සිවුරු පෙරැ වූ මා පැවිදි වූවක කොට දන්නහු ය.

348. උත‍්තිට‍්ඨපිණ‍්ඩො උඤ‍්ඡො ච පංසුකූලං ච චීවරං, එතං ඛො මම සාරුප‍්පං අනාගාරූපනිස‍්සයො.

348. ගෙයක් පාසා සිට ලද පිණ්ඩාහාරය ද (ඒ සඳහා) පිඬු සිඟායෑම ද පාංශුකූල චීවරය ද පැවිද්දනට නිසි ජීවිතපරිෂ්කාරය ද යන මේ මට සුදුසු වේ.

349. වන‍්තා මහෙසීහි කාමා යෙ දිබ‍්බා යෙ ච මානුසා ඛෙමට‍්ඨානෙ විමුත‍්තා තෙ පත‍්තා තෙ අචලං සුඛං.

349. දිව්‍ය වූ ද මානුෂික වූ ද යම් කාමයෝ වෙත් ද ඔහු බුද්ධාදි මහර්ෂීන් විසින් හැරදමනලද්දාහ, ඒ මහර්ෂීහු ක්‍ෂේමස්ථාන වූ නිවන අරමුණුකොට විමුක්තයහ, ඔහු අචල වූ නිවන්සුවයට පැමිණියාහ.

350. සාහං කාමෙහි සඞ‍්ගච‍්ඡිං යෙසු තාණං න විජ‍්ජති, අමිත‍්තා වධකා කාමා අග‍්ගික‍්ඛන්‍ධසමා දුඛා.

350. යම් කාමකෙනකුන් කෙරෙහි අනර්‍ත්‍ථපරිත්‍රාණයෙක් නැද්ද (එහෙයින්) මම කාමයන් හා සමාගමයට නොයමි. කාමයෝ අමිත්‍රයෝ යැ වධකයෝ යැ ගිනිකඳු සම ව දුක් ඇත්තාහු යි.

351. පරිපන්‍ථො එස භයො සවිඝාතො සකණ‍්ටකො, ගෙධො සුවිසමො ලෙපො මහන‍්තො මොහනාමුඛො.

351. තෙල උවදුරෙක භයෙක චිත්තපීඩායෙක කටුසහිතයෙක ගේධයෙක, අතිවිෂයෙක ලේපයෙක මහත් වූ මොහයනට දොරටුයෙකි.

352. උපසග‍්ගො භීමරූපො කාමා සප‍්පසිරූපමා, යෙ බාලා අභිනන්‍දන‍්ති අන්‍ධභූතා පුථුජ‍්ජනා.

352. බිහිසුණු සැහැවි ඇති උවදුරෙකි, මෝහයෙන් අන්‍ධ වූ පුහුදුන් බාලයෝ යම්බඳු කාමයන් පතා සිටිත් ද ඒ කාමයෝ (සප්‍රතිභයාර්‍ත්‍ථයෙන්) සර්‍පශීර්‍ෂොපම වූහ.

353. කාමපඞ‍්කෙන සත‍්තාහි බහූ ලොකෙ අවිද‍්දසූ, පරියන‍්තං නාභිජානන‍්ති ජාතියා මරණස‍්ස ච.

353. ලොවැ කාමපඞ්කයෙන් ඇලුණාවූ බොහෝ අඥානයෝ ජාතිමරණයන්ගේ කෙළවර නොදනිත්.

354. දුග‍්ගතිගමනං මග‍්ගං මනුස‍්සා කාමහෙතුකං, බහුං වෙ පටිපජ‍්ජන‍්ති අත‍්තනො රොගමාවහං.

354. මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් තමහට රෝග එළවන කාම හේතුක වූ දුගතියට යන මගට බොහෝ කොට පිවිසෙත්.

355. එවං අමිත‍්තජනනා තාපනා සංකිලෙසිකා, ලොකාමිසා බන්‍ධනීයා කාමා මරණබන්‍ධනා.

355. මෙසේ පසමිතුරන් උපදවන තැවුලි කරන සාංක්ලේශික වූ ලෝකාමිෂ වූ සංයෝජනයන් විසින් බැන්දයුතු වූ කාමයෝ (භවාදියෙහි ඉපදීමට කරුණු හෙයින්) පාදබන්‍ධනයෝ යි.

356. උම‍්මාදනා උල‍්ලපනා කාමා චිත‍්තප‍්පමාථිනො සත‍්තානං සංකිලෙසාය ඛිපං මාරෙන ඔඩ‍්ඩිතං.

356. උමතුබව ඇති කරන ‘අහෝ සුව යැ’යි කියවන කාමයෝ සිත් කළඹන සුලු වූහ, සත්ත්‍වයන්ගේ කෙලෙසීම පිණිස මරහු විසින් ඔබනලද කෙමිනෙකි.

357. අනන‍්තාදීනවා කාමා බහුදුක‍්ඛා මහාවිසා, අප‍්පස‍්සාදා රණකරා සුක‍්කපක‍්ඛවිසොසනා.

357. කාමයෝ අනන්ත ආදීනව (දෝෂ) ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, මහත් විෂබඳු වූහ, අල්ප වූ ආස්වාද ඇත්තාහ, මහත් රාගාදිය වඩනාහු ය, (සත්ත්‍වයන්ගේ) කුශලපක්‍ෂය වනසන්නාහ.

358. සාහං එතාදිසං කත්‍වා ව්‍යසනං කාමහෙතුකං, න තං පච‍්චාගමිස‍්සාමි නිබ‍්බානාභිරතා සදා.

358. මම් කාම හේතුක වූ ව්‍යසනය මෙබඳු යයි කොට (සලකා) ඒ කාමයට පෙරළා නො එමි, හැම කල්හි නිවනෙහි අභිරත වීම ද එහෙයිනි.

359. රණං තරිත්‍වා කාමානං සීතිභාවාභිකඞ‍්ඛිනී, අප‍්පමත‍්තා විහස‍්සාමි තෙසං සංයොජනක‍්ඛෙයෙ.

359. සීතිභාව සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමති වූ මම කාමයන් පිළිබඳ ක්ලේශය තරණය කොට සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි අප්‍රමත්ත ව වෙසෙමි.

360. අසොකං විරජං ඛෙමං අරියඤ‍්චට‍්ඨඞ‍්ගිකං උජුං, තං මග‍්ගං අනුගච‍්ඡාමි යෙන තිණ‍්ණා මහෙසිනො.

360. බුද්ධාදි මහර්ෂීහු යම් මඟෙකින් සසර තරණය කළාහු ද ශෝක රහිත වූ විරජ වූ නිර්‍භය වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික වූ ඒ ඍජු මාර්‍ගය අනුගමනය කරමි.

361. ඉමං පස‍්සථ ධම‍්මට‍්ඨං සුභං කම‍්මාරධීතරං, අනෙජං උපසම‍්පජ‍්ජ රුක‍්ඛමූලම‍්හි ඣායති.

361. ආර්‍ය්‍යඵලධර්‍මයෙහි සිටි මේ සුභා නම් කඹුරුදියණියන් බලව. ඕ අනෙජසඞ්ඛ්‍යාත රහත්ඵලයට පැමිණ රුක්මුල්හි හිඳ ඒ පල සමවතින් ධ්‍යාන කෙරෙයි.

362. අජ‍්ජට‍්ඨමී පබ‍්බජිතා සද‍්ධා සද‍්ධම‍්මසොභනා, විනීතුප‍්පලවණ‍්ණාය තෙවිජ‍්ජා මච‍්චුහායිනී.

362. අද පැවිදි වූ අටවැනි දිනය ඇති ශ්‍රද්ධාසම්පන්න වූ මඟපල දහම් අධිගමයෙන් ශෝභන වූ උප්පලවණ්ණා විසින් හික්මවන ලද ත්‍රිවිද්‍යා ඇති මරුන් දුරුකළාවූ.

363. සායං භුජිස‍්සා අනණා භික‍්ඛුනී භාවිතින්‍ද්‍රියා, සබ‍්බයොගවිසංයුත‍්තා කතකිච‍්චා අනාසවා.

363. ක්ලේශදාසව්‍යයෙන් නිදැසි වූ කාමච්ඡන්‍දාදිය දුරලීමෙන් අණන වූ වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මේ සුභා මෙහෙණ සියලු යෝගයෙන් විසංයුක්ත වූවා කළ කිස ඇත්තී අනාස්‍රව වූ.

364. තං සක‍්කො දෙවසඞ‍්ඝෙන උපසඞ‍්කම‍්ම ඉද‍්ධියා, නමස‍්සති භූතපති සුභං කම‍්මාරධීතරන‍්ති.

364. භූතපති වූ ශක්‍ර තෙමේ දේවසමූහයා සමග ඉදුහයෙන් ඇය කරා එළඹ සුභා නම් කඹුරු දියණියන් වඳී ය යි.

ඉත්‍ථං සුදං සුභා කම‍්මාරධීතා ථෙරී ගාථායො අභාසීති.

මෙසේ කර්‍මාරදුහිතා වූ සුභා තෙරැණි ...

සුභාකම‍්මාරධීතුථෙරීගාථා.

සුභා ථේරීගාථා යි.

වීසතිනිපාතො නිට‍්ඨිතො.

වීසතිනිපාතය නිමි.