යෙදුමෙන් කියවන්න

40. චත‍්තාලීසතිනිපාතො

40. චත‍්තාලීසතිනිපාතො.

40. චත්තාලීසතිනිපාතය

40. 1.

40. 1.

399. නගරම‍්හි කුසුමනාමෙ පාටලිපුත‍්තම‍්හි පුථුවියා මණ‍්ඩෙ සක්‍යකුලකුලීනායො ද‍්වෙ භික‍්ඛුනියො හි ගුණවතියො.

399. සකල පෘථුවි තලයට ආභරණ වූ කුසුම් පුරාභිධාන පැලලුප්හි ශාක්‍ය කුලයෙහි කුලදුහීතෘ වූ (සෑසි මුනි සසුන්හි පැවිදි වූ හෙයින් කී) ගුණවත් භික්‍ෂුණීහු දෙදෙනෙක් වූහ.

400. ඉසිදාසී තත්‍ථ එකා දුතියා බොධිත්‍ථෙරී සීලසම‍්පන‍්නා ච, ඣානජ‍්ඣායනරතායො බහුස‍්සුතායො ධුතකිලෙසායො.

400. ඒ භික්‍ෂුණීන් දෙදෙනා කෙරෙහි එක් මෙහෙණක් ඉසිදාසීනම දෙවැන්නී සිල්සපන් බෝධිත්‍ථේරී නමු. ඔහු (ලොවී ලොවුතුරා) දැහැන් සමවැදීමෙහි ඇලුණාහු බහුශ්‍රුත වූවාහු (අගමඟින්) නැසූ කෙලෙස් ඇත්තාහු වෙති.

401. තා පිණ‍්ඩාය චරිත්‍වා භත්‍ථං කරිය ධොතපත‍්තායො, රහිතම‍්හි සුඛනිසින‍්නා ඉමා ගිරා අබ‍්භුදීරෙසුං.

401. ඔහු පිඬු සිඟා හැසිර බත් කිස නිමවා දෙවූ පාත්‍ර ඇත්තාහු විවේකස්ථානයෙක සුවසේ හුන්නාහු මේ වදන් පැවසූහ.

402. පාසාදිකාසි අය්‍යෙ ඉසිදාසී වයොපි තෙ අපරිහීනො, කිං දිස‍්වාන ව්‍යාකුලිකං අථාසි නෙක‍්ඛම‍්මමනුයුත‍්තා.

402. ආර්‍ය්‍යාවෙනි ඉසිදාසියෙනි, තෙපි පැහැපත් වූහ. තොපගේ වයස් ද නො පිරිහුනැ, ගිහිගෙයි කවර දොසක් දැක පැවිද්දට පැමිණියහු ද?

403. එවං අනුයුඤ‍්ජියමානා සා රහිතෙ ධම‍්මදෙසනා කුසලා, ඉසිදාසී වචනමබ්‍රවී සුණ බොධි යථම‍්හි පබ‍්බජිතා.

403. මෙසේ ජනශූන්‍යස්ථානයෙහි පුළුවුස්නා ලැබූ ඒ ධර්‍මදේශනායෙහි නිපුණ වූ ඉසිදාසී මෙහෙණ “බෝධි තෙරැණියෙනි, මම් යම්සේ පැවිදි වූම් ද ඒ අසව”යි මෙ වදන් කිවුයැ.

404. උජ‍්ජෙනියා පුරවරෙ මය‍්හං පිතා සීලසංවුතො සෙට‍්ඨි, තස‍්සම‍්හි එකධීතා පියා මනාපා ච දයිතා ච.

404. (අවන්ති රට) උදේනී පුරවෙරෙහි ශීලසංවෘත වූ සිටු තෙම මාගේ පියා විය. මම ඔහුගේ ප්‍රිය මනාප වූ අනුකම්පා කටයුතු එක් මැ දුව වීමි.

405. අථ මෙ සාකෙතතො වරකා ආගව‍්ඡුමුත‍්තමකුලීනා සෙට‍්ඨීපහූතරතනො තස‍්ස මං සුණ‍්හමදාසි තාතො.

405. ඉක්බිති මා වියපත් කල්හි සාකේත නගරයෙන් මා පිළිබඳ උතුම් කුලයෙහි උපන් විවා මඟුල් රුස්වන්නාහු පැමිණියාහ. බොහෝ රන් රුවන් ඇති මහ සිටෙක් වී. ම පියේ මා ඔහුට ලෙහෙලි කොට දින.

406. සස‍්සුයා සසුරස‍්ස ච සායං පාතං පණාමමුපගම‍්ම, සිරසා කරොමි පාදෙ වන්‍දාමි යථම‍්හි අනුසිට‍්ඨා.

406. නැන්දණියන් හා මයිලණුවන්ගේ සමීපයට එළඹ උදය සවස පා පිණිපා කරමි. උන් විසින් අනුසස්නා ලදුම් ද එසෙයින් කරමි.

407. යා මය‍්හං සාමිකස‍්ස භගිනියො භාතුනො පටිජනො, තමෙකවරකම‍්පි දිස‍්වා උබ‍්බිග‍්ගා ආසනං දදාමි.

407. මා සැමියාගේ යම් භගිනීහු ඇද්ද භාතෲහු ඇද්ද පරිජනයා වේ ද එක් වල්ලභයකුදු දැක උද්විග්නව අසුන් දෙමි.

408. අන‍්නෙන ච පානෙන ච ඛජ‍්ජෙන ච යං ච තත්‍ථ සන‍්නිහිතං, ඡාදෙමි උපනයාමි දෙමි ච යං යස‍්ස පතිරූපං.

408. අහරින් වේවයි පානයෙන් වේවයි ඛාද්‍යයෙන් වේවයි යමක් ඒ පරිවේසනස්ථානයෙහි සදාතබන ලද ද එයින් යමක් යමකුට නිසි වේ ද එය ඔහුට රුස්වමි, එළවමි, දෙමි.

409. කාලෙන උපට‍්ඨහිත්‍වා ඝරං සම‍්පගමාමි උම‍්මාරෙ, ධොවන‍්ති හත්‍ථපාදෙ පඤ‍්ජලිකා සාමිකං උපෙමි ච.

409. නිසි කල්හි උවටන් කොට එළිපත සිට හස්ත පාදයන් දෝනෙමි, දෙව ගෙට එළඹෙමි, බදැඳිලි ව හිමියා වෙත එළඹෙමි.

410. කොච‍්ඡං පසාදමඤ‍්ජනිඤ‍්ච ආදාසකඤ‍්ච ගණ‍්හිත්‍වා පරිකම‍්මකාරිකා විය සයමෙව පතිං විභූසෙමි.

410. ඒ මම මැ (කෙස්මස් පිහිරෙන) පණාව ද විලෙවුන් ද අඳුන් නළ ද කැඩපත ද ගෙන දැස්සක සෙයින් හිමියා සරසමි.

411. සයමෙව ඔදනං සාධයාමි සයමෙව භාජනං ධොවන‍්තී, මාතාව එකපුත‍්තකං තදා භත‍්තාරං පරිචරාමි.

411. ඒ මම මැ බත පිසමි, මම මැ බඳුනුදු දෝනෙම් මම එක් ම පුතුසෙයින් එකල සැමියාට මෙහෙ කරමි.

412. එවං මං භතිකතං අනුරත‍්තං කාරිකං නිහතමානං උට‍්ඨායිකං අනලසං සීලවතිං දුස‍්සතෙ භත‍්තා.

412. මෙසෙයින් සැමියා මෙහෙ කළ අනුරක්ත වූ පිළිවිස කරන සුලු නටමන් ඇති උත්‍ථාන වීර්‍ය්‍ය ඇති එහෙයින් මැ අකුසීත වූ සිල්වත් වූ මා ඒ සැමි කිපී බැණ වදී.

413. සො මාතරඤ‍්ච පිතරඤ‍්ච භණති ආපුච‍්ඡාහං ගමිස‍්සාමි, ඉසිදාසියා න වච‍්ඡං එකාගාරෙහං සහවත්‍ථුං.

413. ඒ මා සැමි (පිළිවිසැ) ‘මම ගෙන් නික්මැ යෙමි’යි මෑණියන් හා පියාණන්ට මෙසේ කියයි. ‘ඉසිදාසිය සමග මම ඒක් ගෙයි සහවාසය නොකරමි’යි.

414. මා එවං පුත‍්ත අවච ඉසිදාසී වණ‍්ඩිතා පරිව්‍යත‍්තා, උට‍්ඨායිකා අනලසා කිං තුය‍්හං න රොචතෙ පුත‍්ත.

414. පුත්‍රය, නහමක් එසේ කියා, ඉසිදාසිය පණ්ඩිත වෙයි, අතිශය ව්‍යක්ක වෙයි, උත්‍ථාන වීර්‍ය්‍ය ඇති වෙයි, එයින් මැ අනලස වෙයි. දරුව කිම තොපට නුරුස්නේ ද?

415. න ච මෙ හිංසති කිඤ‍්චි න චාහං ඉසිදාසියා සහ වච‍්ඡං දෙස‍්සාව මෙ අලං මෙ අපුච‍්ඡාහං ගමිස‍්සාමි.

415. ඕ මට කිසිදු පීඩාවක් නොකරයි, වැලිත් මම ඉසිදාසිය හා නොවසමි, මට අප්‍රිය ද වෙයි, මට කම් නැත. මම තොප නො විචාරා මැ යෙමි.

416. තස‍්ස වචනං සුණිත්‍වා සස‍්සු සසුරො ච මං අපුච‍්ඡිංසු, කිස‍්ස තයා අපරද‍්ධං භණ විස‍්සත්‍ථා යථා භූතං.

416. ඔහුගේ බස් අසා නැදිමයිල්හු ‘තොප විසින් ඔහුට කවර විරෝධයෙක් කරන ලදද, නිසැක ව තතුසේ කියව’යි මා පුළුවුත්හ.

417. නපිහං අපරජ‍්ඣං කිඤ‍්චි නපි හිංසෙමි න භණාමි දුබ‍්බවනං, කිං සක‍්කා කාතුය්‍යෙ යං මං විද‍්දෙස‍්සතෙ භත‍්තා.

417. මම් ඔහුට කිසි විරෝධයක් නොකෙරෙමි, නො ද වෙහෙසමි. දුර්වචනයකුදු නොබණමි. ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් හිමි මට ද්වේෂ කෙරේ ද මා විසින් (එබඳු) කුමක් කළ හැකි ද.

418. තෙ මං පිතු ඝරං පති නයිංසු විමනා දුඛෙන අධිභූතා, පුත‍්තං අනුරක‍්ඛමානා ජිතම‍්හසෙ රූපිනිං ලක‍්ඛිං.

418. ඔහු පුතු රක්නාහු ‘රූපවත් වූ ලක්‍ෂ්මියගෙන් පැරැදුණම්හ’යි දුකින් මැඩුණාහු දොම්නස් වූවාහු මා පියාගේ ගෙට යැවූහ.

419. අථ මං අදාසි තාතො අඩ‍්ඪස‍්ස සරම‍්හි දුතියකුලිකස‍්ස, තතො උපඩ‍්ඪසුඞ‍්කෙන යෙන මං වින්‍දථ සෙට‍්ඨි.

419. ඉක්බිති පියතෙමේ පළමු සිටු මා යම් සුංවතෙකින් ලැබී ද එයින් අඩක් සුංවතින් ආඪ්‍ය වූ දෙවැනි කුලීනයක්හුගේ ගෙහි ලා මා දුන්නේය.

420. තස‍්සපි ඝරම‍්හි මාසං අවසී අථ සොපි මං පටිච‍්ඡසි, දාසීව උපට‍්ඨහන‍්ති අදූසිකං සීලසම‍්පන‍්නං.

420. ඔහුගේ ගෙහි දු මසක් විසීමි. එකල්හි හොඳ දැස්සක මෙන් උවටන් කරන ද්‍රෝහ නො කරන සිල්සපන් වූ මා ගෙන් බැහැරැ කෙළේ යැ.

421. භික‍්ඛාය ච විචරන‍්තං දමකං දන‍්තං මෙ පිතා භණති, හොහිසි මෙ ජාමාතා නික‍්ඛිප පොන‍්තිඤ‍්ච ඝටිකඤ‍්ච.

421. මපියේ භික්‍ෂා පිණිස ඇවිදුනා දැමුණු ඉඳුල් කන යාචකයකුට කියයි: ‘මා දුවගේ සැමි වුව’ හන් කඩෙරදි ද භික්‍ෂාකපාලය ද බහාලවයි.

422. සොපි වසිත්‍වා පක‍්ඛමථ තාතං භණති දෙහි මෙ පොන‍්තිං ඝටිකඤ‍්ච මල‍්ලකඤ‍්ච පුනපි භක‍්ඛං චරිස‍්සාමි.

422. ඒ ඉඳුල් කන්නා ද කලක් වැස බැස ගියේ ය. (යන්නේ) පියාට මෙසේ කියයි: ‘මාගේ මහලු පිළී ද භික්‍ෂාකපාලය ද සරාවය ද දෙව. යළිත් පිඬු සිඟා ඇවිදිමි’යි.

423. අථ නං භණති තාතො අම‍්මා සබ‍්බො ච මෙ ඤාතිගණවග‍්ගො, කිං තෙ න කිරති ඉධ භණ ඛිප‍්පං තං තෙ කරිහිති.

423. එසඳ මපියා ද මවු ද හැම ඥාතිගණවර්‍ගයා ද ඔහුට (වෙන වෙන) මෙසේ කියයි: ‘මෙගෙහි තට කුමක් නම් නො සැපයේ ද? කියා තට එය වහා සැපයෙයි.’

424. එවං භණිතො භණති යදි මෙ අත‍්තා සක‍්කොති අලං මය‍්හං, ඉසිදාසියා න සහ වච‍්ඡං එකඝරෙහං සහ වත්‍ථුං.

424. මෙසේ කියන ලදුයේ (තෙල) කියයි: ‘ඉදින් මාගේ ආත්මය ශක්ත වේ නම් ඉසිදාසියගෙන් මට කම් නැත. මම එක් මැ ගෙහි ඇය හා සහවාස නො කරමි.’

425. විස‍්සජ‍්ජිතො ගතො සො අහම‍්පි එකාකිනී විචින‍්තෙමි, අපුච‍්ඡිතූන ගච‍්ඡං මරිකායෙ වා පබ‍්බජිස‍්සං වා.

425. ඒ දමකයා හැරැපියන ලදු වැ ගියේ යැ. මම ද එකලා වැ මෙසේ සිතීමි. ‘නො පිළිවිස මැ මැරෙන්නට හො යෙමි. පැවිදි වන්නෙම් හෝ වෙමි.’

426. අථ අය්‍යා ජිනදත‍්තා ආගච‍්ඡි ගොචරාය චරමානා, තාතකුලං විනයධරී බහුස‍්සුතා සීලසම‍්පන‍්නා.

426. එකලැ විනයධර වූ බහුශ්‍රුත වූ ශීලසම්පන්න වූ ආර්‍ය්‍ය ජිනදත්තා මෙහෙණ පිඬු පිණිස ඇවිදුමින් පියකුලය කරා පැමිණියා.

427. තං දිස‍්වානම‍්හාකං උට‍්ඨායාසනං තස‍්සා පඤ‍්ඤාපයිං, නිසින‍්නාය ච පාදෙ වන්‍දිත්‍වා භොජනං අදාසිං.

427. ඇය දැක නැගිට අප හුන් අස්න ඇයට පනවාලීමි. හිඳගත් ඒ මෙහෙණගේ පා වැඳ බොජුන් දින්මි.

428. අන‍්නෙන ච පානෙන ච ඛජ‍්ජෙන ච යං ච තත්‍ථ සන‍්නිහිතං, සන‍්තප‍්පයිත්‍වාවොචං අය්‍යෙ ඉච‍්ඡාමි පබ‍්බජිතුන‍්ති.

428. ආහාරයෙනුදු පානයෙනුදු ඛාද්‍යයෙනුදු එහි එළවා තැබූ යමක් ඇත් නම් එයිනුදු සතපා මෙසේ කීමි: ‘ආර්‍ය්‍යාවෙනි, පැවිදි වන්නට කැමැත්තෙමි’යි.

429. අථ මං භණති තාතො ඉධෙව පුත‍්තක චරාහි ත්‍වං ධම‍්මං අන‍්නෙන ච පානෙන ව සන‍්තප‍්පය සමණෙ ද‍්විජාතී ච.

429. එසඳ පියා මට මෙසේ කියයි: ‘දියණියනි, මෙගෙහි මැ තෝ බ්‍රම්සරාදි දහම හැසිරෙව. ආහාරයෙනුදු පානයෙනුදු මහණුන් හා බමුණන් සතපව’.

430. අථාහං භණාමි තාතං රොදන‍්තී අඤ‍්ජලිං පණාමෙත්‍වා, පාපං හි මයා පකතං කම‍්මං නං නිජ‍්ජරිස‍්සාමි.

430. ඉක්බිති මම අඬමින් ඇඳිලි බැඳ පියාට කියමි: ‘මා විසින් පව්කමෙක් කරන ලදි. ඒ පව දිරවාලමි’යි.

431. අථ මං භණති තාතො පාපුණ බොධිං ච අග‍්ගධම‍්මං ච, නිබ‍්බානං ච ලභස‍්සු යං සච‍්ඡිකරි ද‍්විපදසෙට‍්ඨො.

431. එසඳ පියේ මට මෙසේ කියයි: ද්වීපද ශ්‍රේෂ්ඨ වූ බුදුහු යම් දහමක් පසක් කළසේක් ද ඒ බෝධිය හා අග්‍ර ධර්‍මයට පැමිණෙව. නිවන් ද ලබව’යි.

432. මාතාපිතූ අභිවාදයිත්‍වා සබ‍්බං ච ඤාතිගණවග‍්ගං, සත‍්තාහං පබ‍්බජිතා තිස‍්සො විජ‍්ජා අඵස‍්සයිං.

432. දෙමාපියන් හා හැම ඥාතිගණවර්‍ගයා සකසා වැඳ පැවිදි වැ සත් දිනෙකින් ත්‍රිවිද්‍යාවන් පසක් කෙළෙමි.

433. ජානාමි අත‍්තනො සත‍්ත ජාතියො යස‍්සායං ඵලං විපාකො, තං තව ආචික‍්ඛිස‍්සං තං එකමනා නිසාමෙහි.

433. තමා පිළිබඳ ජාති සතක් දනිමි. යම් පාපකර්‍මයක්හුගේ මේ ඵලවිපාකයෙක් වේ ද එය තොපට කියමි. ඒකාග්‍රචිත්ත වැ ඒ අසව.

434. නගරම‍්හි එරකච‍්ඡෙ සුවණ‍්ණකාරො අහං පහූතධනො, යොබ‍්බනමදෙන මත‍්තො සො පරදාරමසෙවිහං.

434. මම එරකච්ඡ නම් නුවර ප්‍රභූතධන ඇති ස්වර්‍ණකාරයෙක් වීමි. යෞවනමදයෙන් මත්ත වැ මම පරදාරසේවනය කෙළෙමි.

435. සොහං තතො චවිත්‍වා නිරයම‍්හි අපච‍්චිසං චිරං, පක‍්කො තතො ච උට‍්ඨහිතිවා මක‍්කටියා කුච‍්ඡම‍්හි ඔක‍්කමිං.

435. මම එයින් සැවැ දීර්‍ඝකාලයක් නිරෑහි පැසිණිමි. එහි පැසුණෙම් එයින් නැඟී වැඳිරියක කුස පිළිසිඳ ගතිමි.

436. සත‍්තාහජාතකං මං මහාකපියූථපො නිල‍්ලච‍්ඡෙසි, තස‍්සෙතං කම‍්මඵලං යථාපි ගන‍්ත්‍වාන පරදාරං.

436. උපන් සත්දවසැති මා කපියූථයෙහි නායක මහ වඳුරු (ඵලොද්ධරණයෙන්) පුරිස් ලකුණු නැසී යැ. පරදාරයන් කරා ගොස් යම් පරිදි කර්‍ම ඇද්ද, ඒ පරදාරසේවනයාගේ තෙල කර්‍මඵල යි.

437. සොහං තතො චවිත්‍වා කාලං කරිත්‍වා සින්‍ධවාරඤ‍්ඤෙ, කාණාය ච ඛඤ‍්ජාය ච එළකියා කුච‍්ඡමොක‍්කමිං.

437. මම් එයින් සැවැ කලුරිය කොට සින්‍ධචාරණ්‍යයෙහි කන වූ කුදු වූ එළියක කුස පිළිසිඳ ගත්මි.

438. ද‍්වාදසවස‍්සානි අහං නිල‍්ලච‍්ඡිතො දාරකෙ පරිවහිත්‍වා, කිමිනාවට‍්ටා අකල‍්ලො යථාපි ගන‍්ත්‍වාන පරදාරං.

438. (එහිදී) බීජෝද්ධරණය කරනු ලැබූ මම් දොළොස් හවුරුද්දක් මුළුල්ලෙහි (පිටැ හිඳගත්) දරුවන් උසුලා පරදාරයන් කරාගොස් යම්සේ ද එපරිදි (අභිජාතස්ථානයෙහි) පණුවන් ගැවසීමෙන් පීඩිත වූයෙම් ගිලන් වීමි.

439. සොහං තතො චවිත්‍වා ගොවාණිජකස‍්ස ගාවියා ජාතො, වච‍්ඡො ලාඛා තම‍්බො නිල‍්ලච‍්ඡිතො ද‍්වාදසෙ මාසෙ.

439. මම් එයින් සැවැ ගවවෙළෙඳකුගේ දෙනක කුස උපන්නෙම් ලතුරස මෙන් තඹවන් වස්සකු වැ උපන් දොළොස්වැනි මස බීජෝද්ධරණය කරනලදුයෙමි.

440. වොඪූන නඞ‍්ගලමහං සකටඤ‍්ච ධාරයාමි, අන්‍ධො වට‍්ටො අකල‍්ලො යථාපි ගන‍්ත්‍වාන පරදාරං.

440. මම නගුල උසුලා ගැල් ද ධැරීමි, පරදාරයන් කරා ගොස් යම්සේ ද එපරිදි අන්‍ධ වැ පීඩිත වූයෙම් ගිලන් වීමි.

441. සොහං තතො චවිත්‍වා වීථියා දාසියා ඝරෙ ජාතො, නෙව මහිලා න පුරිසො යථාපි ගන‍්ත්‍වාන පරදාරං.

441. මම් එයින් සැවැ නගරවීථියෙහි ගෘහදාසියක කුස උපන්නෙමි, පරදාරයන් කරා ගොස් යම්සේ ද එපරිදි නො ඉතිරි නො පිරිමි වීමි. (ජාතිනපුංසක වීමි’යි සේයි.)

442. තිංසති වස‍්සම‍්හි මතො සාකටිකකුලම‍්හි දාරිකා ජාතා, කපණම‍්හි අප‍්පභොගෙ ධනිකපුරිසපාතබහුලම‍්හි.

442. තිස්වැනි හවුරුද්දෙහි මියැගියෙම්. දිළිඳුවූ අල්පභෝග වූ ණය හිමි පුරුෂයන්ගේ පැමිණීම බහුල කොට ඇති ගැල්කරුකුලයකැ දැරියක් වැ උපන්මි.

443. තං මං තතො සත්‍ථවාහො උස‍්සන‍්නාය විපුලාය වඩ‍්ඪියා, විකඩ‍්ඪති විලපන‍්තිං අච‍්ඡින්‍දිත්‍වා කුලඝරස‍්ස.

443. ඉක්බිති සාත්තුනායක තෙම පොලීමිල උත්සන්න වැ මහත් වැ ගියකල්හි වැලැපෙන මා (මාගේ) කුලගෙයින් පැහැරගෙන ආකර්‍ෂණ කෙරෙයි.

444. අථ සොළසමෙ වස‍්සෙ දිස‍්වාන මං පත‍්ත යොබ‍්බනං, කඤ‍්ඤමොරුන්‍ධතස‍්ස පුත‍්තො ගිරිදාසො නාම නාමෙන.

444. එකල්හි සොළොස්වැනි හවුරුද්දෙහි පැමිණි යොවුන් බව ඇති කන්‍යාවක වූ මා දැක නමින් ගිරිදාස නම් වූ ඒ සාර්‍ත්‍ථවාහකයාගේ පුත්‍ර තෙම (පිළිබඳසිත් ඇතිව) තමා අයත් කොට ගෙහි ලී යැ.

445. තස‍්සපි අඤ‍්ඤා භරියා සීලවතී ගුණවතී යසවතී ච, අනුරත‍්තං භත‍්තාරං තස‍්සාහං විද‍්දෙසනමකාසිං.

445. ඔහුට ද සිල්වත් වූ ගුණවත් යශස් ඇති හිමියා කෙරෙහි අනුරක්ත වූ අන් භාර්‍ය්‍යාවක් වූ යැ, මම ඔහුට (ඒ බිරිය කෙරෙහි) විද්වේෂණකර්‍මය කෙළෙමි. (හේ ඈට කිපෙනසේ පිළිපන්මි.)

446. තස‍්සෙතං කම‍්මඵලං යං මං අපකිරිතූන ගච‍්ඡන‍්තී, දාසීව උපට‍්ඨහන‍්තිං තස‍්සපි අන‍්තො කතො මයාති.

446. යම් හෙයෙකින් දැස්සක මෙන් උවටන් කරන මා (ස්වාමීහු) හැරපියා යෙත්ද, ඒ අකුශලයාගේ තෙල, කර්‍මඵල යි, මා විසින් ඒ පාපකර්‍මය ද කෙළවර කරන ලද්දේ යයි.

ඉත්‍ථං සුදං ඉසිදාසී ථෙරී ගාථායො අභාසීති.

මෙසේ ඉසිදාසි තෙරණී ...

ඉසිදාසිථෙරීගාථා.

ඉසිදාසී ථේරීගාථා යි.

චත‍්තාලීසතිනිපාතො සමත‍්තො.

චත්තාලීසතිනිපාතය නිමි.