චූළසච්චකසුත්තවණ්ණනා අට්ඨකථා
චූළසච්චකසුත්තවණ්ණනා
චූළසච්චක සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චූළසච්චකසුත්තං. තත්ථ මහාවනෙ කූටාගාරසාලායන්ති මහාවනං නාම සයංජාතං අරොපිමං සපරිච්ඡෙදං මහන්තං වනං. කපිලවත්ථුසාමන්තා පන මහාවනං හිමවන්තෙන සහ එකාබද්ධං අපරිච්ඡෙදං හුත්වා මහාසමුද්දං ආහච්ච ඨිතං. ඉදං තාදිසං න හොති. සපරිච්ඡෙදං මහන්තං වනන්ති මහාවනං. කූටාගාරසාලා පන මහාවනං නිස්සාය කතෙ ආරාමෙ කූටාගාරං අන්තොකත්වා හංසවට්ටකච්ඡන්නෙන කතා සබ්බාකාරසම්පන්නා බුද්ධස්ස භගවතො ගන්ධකුටි වෙදිතබ්බා.
එවම්මෙසුතං චූළ සච්චක සූත්‍රයයි. එහි මහාවනෙ කූටාගාර සාලායං මහා වනය නම් ස්වයංජාත රෝපණය නො කරන ලද, කොටස් සහිත වූ මහා වනයෙකි. තව ද කිඹුල්වතින් ආරම්භ වන මහා වනය හිමවත හා එකට බැඳුනේ පරිච්ඡේද රහිතව මහා සමුද්‍රය දක්වා පැතිර සිටියේය. මෙය එබඳු නොවේ. පරිච්ඡේද සහිත වූ මහා වනයකි. ඒ නිසාම ‘මහා වනය’ නම් විය. කුටාගාර ශාලාව වූ කලී මහ වනය ඇසුරුකොට කළ අරමෙහි කුළුගෙයක් ඇතුලුකොට හංස මණ්ඩලාකාර මහලකින් යුතුව, සර්වප්රකාරයෙන් සමෘද්ධ වූ භාග්‍යවත් බුදුන්ගේ ‘ගඳකිළිය’ යයි දතයුතුය.
සච්චකො නිගණ්ඨපුත්තොති පුබ්බෙ කිර එකො නිගණ්ඨො ච නිගණ්ඨී ච පඤ්ච පඤ්ච වාදසතානි උග්ගහෙත්වා, වාදං ආරොපෙස්සාමාති ජම්බුදීපෙ විචරන්තා වෙසාලියං සමාගතා. ලිච්ඡවිරාජානො දිස්වා, – “ත්වං කො, ත්වං කා”ති පුච්ඡිංසු. නිගණ්ඨො – “අහං වාදං ආරොපෙස්සාමීති ජම්බුදීපෙ විචරාමී”ති ආහ. නිගණ්ඨීපි තථා ආහ. ලිච්ඡවිනො, “ඉධෙව අඤ්ඤමඤ්ඤං වාදං ආරොපෙථා”ති ආහංසු. නිගණ්ඨී අත්තනා උග්ගහිතානි පඤ්චවාදසතානි පුච්ඡි, නිගණ්ඨො කථෙසි. නිගණ්ඨෙන පුච්ඡිතෙපි නිගණ්ඨී කථෙසියෙව. එකස්සපි න ජයො, න පරාජයො, උභො සමසමාව අහෙසුං. ලිච්ඡවිනො, – “තුම්හෙ උභොපි සමසමා ආහිණ්ඩිත්වා කිං කරිස්සථ, ඉධෙව වසථා”ති ගෙහං දත්වා බලිං පට්ඨපෙසුං.
සච්චකො නිඝණ්ඨ පුත්තො පෙර එක් නිගණ්ඨයෙක් හා නිගණ්ඨියක් ද පන්සිය පන්සියය වාද උගෙන, වාදය සඳහා අභියෝග කරන්නෙමුයි (වාදාරෝපණය) දඹදිව සැරිසරන්නාහු විසාලා මහනුවර පැමිණියාහුය. ලිච්ඡවී රජවරු ඔවුන් දැක තෝ කවරෙක්ද, තී කවරියක්දැයි විචාළහ. නිගණ්ඨයා ‘මම වාදාරෝපණය කරන්නෙමි’යි දඹදිව හැසිරෙමි’යි කීය. නිගණ්ඨිය ද එසේම කීවාය. මෙහි දී ලිච්ඡවීහු ඔවුනොවුන් අතර වාදාරෝපණය කරවු යයි කීහ. මේ දෙදෙන තම තමන් උගත් වාද පන්සියය විචාළහ. නිගණ්ඨයා විසින් පිළිවුත් කල්හි නිගණ්ඨීය විසින් පිළිතුරු කියයි. නිගණ්ඨිය විසින් පිළිවුත් කල්හි නිගණ්ඨයා විසින් පිළිතුරු කියයි. එක් අයකුටවත් ජය පරාජයක් නැත. දෙදෙනා සම සමයෝ වූහ. ලිච්ඡවීහු තොපි දෙදෙනම සම සමයෝය. ඇවිද කුමක් කරන්නෝද, මෙහිම වසවු යයි කියා ගෙයක් දී වැටුප් තලයක පිහිටවූහ.
තෙසං සංවාසමන්වාය චතස්සො ධීතරො ජාතා, – එකා සච්චා නාම, එකා ලොලා නාම, එකා පටාචාරා නාම, එකා ආචාරවතී නාම. තාපි පණ්ඩිතාව අහෙසුං, මාතාපිතූහි උග්ගහිතානි පඤ්ච පඤ්ච වාදසතානි උග්ගහෙසුං. තා වයපත්තා මාතාපිතරො අවොචුං – “අම්හාකං අම්මා කුලෙ දාරිකා නාම හිරඤ්ඤසුවණ්ණාදීනි දත්වා කුලඝරං පෙසිතපුබ්බා නාම නත්ථි. යො පන අගාරිකො තාසං වාදං මද්දිතුං සක්කොති, තස්ස පාදපරිචාරිකා හොන්ති. යො පබ්බජිතො තාසං මද්දිතුං සක්කොති, තස්ස සන්තිකෙ පබ්බජන්ති. තුම්හෙ කිං කරිස්සථා”ති? මයම්පි එවමෙව කරිස්සාමාති. චතස්සොපි පරිබ්බාජිකවෙසං ගහෙත්වා, “අයං ජම්බුදීපො නාම ජම්බුයා පඤ්ඤායතී”ති ජම්බුසාඛං ගහෙත්වා චාරිකං පක්කමිංසු. යං ගාමං පාපුණන්ති, තස්ස ද්වාරෙ පංසුපුඤ්ජෙ වා වාලිකපුඤ්ජෙ වා ජම්බුධජං ඨපෙත්වා, – “යො වාදං ආරොපෙතුං සක්කොති, සො ඉමං මද්දතූ”ති වත්වා ගාමං පවිසන්ති. එවං ගාමෙන ගාමං විචරන්තියො සාවත්ථිං පාපුණිත්වා තථෙව ගාමද්වාරෙ ජම්බුධජං ඨපෙත්වා සම්පත්තමනුස්සානං ආරොචෙත්වා අන්තොනගරං පවිට්ඨා.
ඔවුන්ගේ සංවාසයෙන් දූවරුන් සතර දෙනෙක් ද, උපන්හ. ඔවුහු සච්චා, ලෝලා, පටාචාරා, සිවාවතිකා නම් වූහ. මව්පියන් උගන්නා ලද වාද පන්සියය ද ඔව්හූ උගත්හ. ඔව්හූද පණ්ඩිත වූවාහුය. වියපත් වූ ඔවුන්ට මව්පිය දෙදෙන මෙසේ කීහ. දියණිවරුනි, අපේ කුලයේ දැරියෝ රන් රිදී වස්තුව ආදී දායාද දී දීග දෙන සිරිතෙක් නැත. ගිහිගෙයි වසන යමෙක් ඔවුන්ගේ වාද මථනයට සමත් වේ නම් ඔහුට පාද පරිචාරිකා වෙති. පැවිදි වූ යමෙක් වාද මථනය කළහොත් ඔහු යටතේ පැවිදි වෙති. තෙපි කුමක් කරන්නාහුද, අපි ද එසේ කරන්නෙමු යයි පිරිවැජි වෙස් ගෙන මේ දඹදිව නම් දඹයෙන් පෙන්නේ යයි දඹ අත්තක් ගෙන චාරිකාවෙහි නික්මුණහ. යම්කිසි ගමකට ඔවුන් පැමිණියේ නම් ඒ ගමේ පස් ගොඩක හෝ වැලි ගොඩක, පස් ගොඩක දඹ අත්ත සිටුවා, ‘යමෙක් වාදාරෝපණය කරන්නට හැකි වේනම්, ඔහු මේ දඹ අත්ත මඩීවා කියා අනික් ගමට යති. මෙසේ ගමන් යන්නාහු සැවැත්නුවරට පිවිස එහි ගම්දොර ජම්බු අත්ත තබා පැමිණි මිනිසුන්ට දන්වා ඇතුළු නුවරට පිවිසියාහුය.
තෙන සමයෙන භගවා සාවත්ථිං නිස්සාය ජෙතවනෙ විහරති. අථායස්මා සාරිපුත්තො ගිලානෙ පුච්ඡන්තො අජග්ගිතට්ඨානං ජග්ගන්තො අත්තනො කිච්චමහන්තතාය අඤ්ඤෙහි භික්ඛූහි දිවාතරං ගාමං පිණ්ඩාය පවිසන්තො ගාමද්වාරෙ ජම්බුධජං දිස්වා, – “කිමිද”න්ති දාරකෙ පුච්ඡි. තෙ තමත්ථං ආරොචෙසුං. තෙන හි මද්දථාති. න සක්කොම, භන්තෙ, භායාමාති. “කුමාරා මා භායථ, ‘කෙන අම්හාකං ජම්බුධජො මද්දාපිතො’ති වුත්තෙ, බුද්ධසාවකෙන සාරිපුත්තත්ථෙරෙන මද්දාපිතො, වාදං ආරොපෙතුකාමා ජෙතවනෙ ථෙරස්ස සන්තිකං ගච්ඡථාති වදෙය්යාථා”ති ආහ. තෙ ථෙරස්ස වචනං සුත්වා ජම්බුධජං මද්දිත්වා ඡඩ්ඩෙසුං. ථෙරො පිණ්ඩාය චරිත්වා විහාරං ගතො. පරිබ්බාජිකාපි ගාමතො නික්ඛමිත්වා, “අම්හාකං ධජො කෙන මද්දාපිතො”ති පුච්ඡිංසු. දාරකා තමත්ථං ආරොචෙසුං. පරිබ්බාජිකා පුන ගාමං පවිසිත්වා එකෙකං වීථිං ගහෙත්වා, – “බුද්ධසාවකො කිර සාරිපුත්තො නාම අම්හෙහි සද්ධිං වාදං කරිස්සති, සොතුකාමා නික්ඛමථා”ති ආරොචෙසුං. මහාජනො නික්ඛමි, තෙන සද්ධිං පරිබ්බාජිකා ජෙතවනං අගමිංසු.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට දෙව්රම වැඩ වසයි. ඉක්බිති සැරියුත් තෙරණුවෝ ගිලනුන් විචාරමින්, අතු නොගෑ තැන් අතුගාමින්, තමන්ට වැඩ කටයුතු බහුල බැවින් අනෙක් භික්ෂූන්ට පසුව දහවල් පිඬු පිණිස වැඩියහ. එසේ යද්දී ගම්දොර තිබූ දඹ අත්ත දැක මේ කුමක්දැයි ළමයින් අතින් විචාළහ. ඔව්හූ ඒ අර්ථය කීහු. එසේනම් දඹ අත්ත ගලවා කඩන්නැයි කීහ. ස්වාමීනි. නො හැකිය අපි බිය වෙමු. දරුවති බිය නො වව්. යම්කිසි කෙනෙක් පැමිණ අපගේ දඹ අත්ත කැඩුවේ කවුදැයි ඇසුවහොත්, බුද්ධශ්රාවක වූ සැරියුත් තෙරුන් විසින් කැඩුවේ යයි කියන්නැයි වාදාරෝපණය කළේය. වාදාරෝපණය කරනු කැමැත්තේ නම්, දෙව්රම් වෙහෙර සැරියුත් තෙරුන් වෙත යන්නැයි කියවු. ඔව්හූ තෙරුන්ගේ වචනය අසා දඹ අත්ත කඩා ඉවත දැමූහ. සැරියුත් හිමියෝ පිණ්ඩපාතයේ හැසිර විහාරයට වැඩියහ. පරිබ්‍රාජිකාවෝ ද ගමෙන් නික්ම අපගේ දඹ අත්ත කවුරුන් විසින් ඉවත දැමීදැයි විචාළාහ. දරුවෝ සියලු ප්‍රවෘත්තිය දැන්වූහ. පරිබ්‍රාජිකාවෝ නැවත ගමට පිවිස එක් එක් වීදියක් ගානේ ගොස් බුද්ධශ්රාවක සැරියුත් තෙරුන් අප සමග වාද කරන්නේ ය. අසනු කැමැත්තෝ එත්වායි දැන්වූහ. මහජනයාද ගියහ. ඔවුන් සමග පරිබ්‍රාජිකාවෝ දෙව්රමට ගියාහුය.
ථෙරො – “අම්හාකං වසනට්ඨානෙ මාතුගාමස්ස ආගමනං නාම අඵාසුක”න්ති විහාරමජ්ඣෙ නිසීදි. පරිබ්බාජිකායො ගන්ත්වා ථෙරං පුච්ඡිංසු – “තුම්හෙහි අම්හාකං ධජො මද්දාපිතො”ති? ආම, මයා මද්දාපිතොති. මයං තුම්හෙහි සද්ධිං වාදං කරිස්සාමාති. සාධු කරොථ, කස්ස පුච්ඡා කස්ස විස්සජ්ජනං හොතූති? පුච්ඡා නාම අම්හාකං පත්තා, තුම්හෙ පන මාතුගාමා නාම පඨමං පුච්ඡථාති ආහ. තා චතස්සොපි චතූසු දිසාසු ඨත්වා මාතාපිතූනං සන්තිකෙ උග්ගහිතං වාදසහස්සං පුච්ඡිංසු. ථෙරො ඛග්ගෙන කුමුදනාළං ඡින්දන්තො විය පුච්ඡිතං පුච්ඡිතං නිජ්ජටං නිග්ගණ්ඨිං කත්වා කථෙසි, කථෙත්වා පුන පුච්ඡථාති ආහ. එත්තකමෙව, භන්තෙ, මයං ජානාමාති.
ස්ථවිරයන් වහන්සේ තමන් වසන තැනට ස්ත්රීන්ගේ පැමිණීම නුසුදුසුය. අවහිරයයි සිතා වෙහෙර මැද හුන්නේය. පරිබ්‍රාජිකාවෝ ගොස් තෙරුන් විචාළහ. ඔබ විසින් අපගේ ධජය දඹඅත්ත මඩින ලද්දේද? එසේය. මා විසින් එසේ කරන ලදී. අපි ඔබ සමග වාද කරන්නෙමු. මැනවි, යහපති වාද කරව, කවුරු ප්‍රශ්න අසත්ද? කවුරු විසඳත්ද? ප්‍රශ්න විචාරීම අපි කරමු යි (පරිබ්‍රාජිකාවෝ කීහ.) තෙපි වූ කල්හි ස්ත්‍රීහුය. පළමුව විචාරවු. ඔහු සතර දෙනම සතර පැත්තේ සිට, මවුපියන් වෙතින් උගත් ප්‍රශ්න දහසම විචාළහ. තෙරුන්වහන්සේ කඩුවකින්, ඕලු දඩු සිඳින්නාක් මෙන් විචාළ විචාළ ප්‍රශ්න දහසම විසඳුහ. අවුල් නැතිකොට ගැට නැති කොට වදාළහ. යළි විචාරව යි කීහ. වහන්ස, අප දන්නේ මෙපමණ යයි පරිබ්‍රාජිකාවෝ කීහ.
ථෙරො ආහ – “තුම්හෙහි වාදසහස්සං පුච්ඡිතං මයා කථිතං, අහං පන එකං යෙව පඤ්හං පුච්ඡිස්සාමි, තං තුම්හෙ කථෙථා”ති. තා ථෙරස්ස විසයං දිස්වා, “පුච්ඡථ, භන්තෙ, බ්යාකරිස්සාමා”ති වත්තුං නාසක්ඛිංසු. “වද, භන්තෙ, ජානමානා බ්යාකරිස්සාමා”ති පුන ආහංසු.
තෙරහු මෙසේ කීහ. තොප විසින් වාද දහසක් විචාළහ. මා විසින් සියල්ල විසඳන ලදී. මා දැන් තොපගෙන් එක ප්‍රශ්නයක් විචාරමි. එය තෙපි කියවු. ඔව්හූ තෙරුන්ගේ විෂය දැක ‘විචාළ මැනව විසඳන්නෙමු’යි නො කියා, වහන්ස, දන්නමෝ නම් කියන්නෙමු යි කීහ.
ථෙරො අයං පන කුලපුත්තෙ පබ්බාජෙත්වා පඨමං සික්ඛාපෙතබ්බපඤ්හොති වත්වා, – “එකං නාම කි”න්ති පුච්ඡි. තා නෙව අන්තං, න කොටිං අද්දසංසු. ථෙරො කථෙථාති ආහ. න පස්සාම, භන්තෙති. තුම්හෙහි වාදසහස්සං පුච්ඡිතං මයා කථිතං, මය්හං තුම්හෙ එකං පඤ්හම්පි කථෙතුං න සක්කොථ, එවං සන්තෙ කස්ස ජයො කස්ස පරාජයොති? තුම්හාකං, භන්තෙ, ජයො, අම්හාකං පරාජයොති. ඉදානි කිං කරිස්සථාති? තා මාතාපිතූහි වුත්තවචනං ආරොචෙත්වා, “තුම්හාකං සන්තිකෙ පබ්බජිස්සාමා”ති ආහංසු. තුම්හෙ මාතුගාමා නාම අම්හාකං සන්තිකෙ පබ්බජිතුං න වට්ටති, අම්හාකං පන සාසනං ගහෙත්වා භික්ඛුනිඋපස්සයං ගන්ත්වා පබ්බජථාති. තා සාධූති ථෙරස්ස සාසනං ගහෙත්වා භික්ඛුනිසඞ්ඝස්ස සන්තිකං ගන්ත්වා පබ්බජිංසු. පබ්බජිතා ච පන අප්පමත්තා ආතාපිනියො හුත්වා නචිරස්සෙව අරහත්තං පාපුණිංසු.
ස්ථවිරයන් වහන්සේ ‘මේ කුලපුත්‍රයන් පැවිදි කරවා පළමුවෙන්ම හික්මවිය යුතු ප්රශ්නය’ වන ‘එකනාම කිං’ එක යනු කුමක්දැයි විචාළහ. පරිබ්‍රාජිකාවෝ එහි අගක් මුලක් නො දත්හ. තෙරුන් වහන්සේ කියවු යයි කීහ. වහන්ස, නො දන්නෙමු යි ඔව්හූ කීහ. තොප විසින් වාද දහසක් විචාරන ලදුව මම විසඳීමි. මා විසින් අසන ලද එකම ප්රශ්නය විසඳීමට ඔබලාට නොහැක්ක. දැන් ඉතින් ජය කාට ද පරාජය කාට ද? ස්වාමීනි, ඔබවහන්සේට ජය හිමිය. අපි පරාජය භාරගනිමු. දැන් කුමක් කරන්නහු ද? ඔව්හූ මැනවැයි පිළිගෙන තෙරුන්ගේ හසුන් ගෙන භික්ෂුණි සංඝයා වෙත ගොස් පැවිදි වූහ. එසේ පැවිදි වී පමා නොවී කෙළෙසුන් තවන වීර්යය ඇතිව කෙටි කලකින්ම රහත්බවට පැමිණියාහුය.
අයං සච්චකො තාසං චතුන්නම්පි කනිට්ඨභාතිකො. තාහි චතූහිපි උත්තරිතරපඤ්ඤො, මාතාපිතූනම්පි සන්තිකා වාදසහස්සං, තතො බහුතරඤ්ච බාහිරසමයං උග්ගහෙත්වා කත්ථචි අගන්ත්වා රාජදාරකෙ සිප්පං සික්ඛාපෙන්තො තත්ථෙව වෙසාලියං වසති, පඤ්ඤාය අතිපූරිතත්තා කුච්ඡි මෙ භිජ්ජෙය්යාති භීතො අයපට්ටෙන කුච්ඡිං පරික්ඛිපිත්වා චරති, ඉමං සන්ධාය වුත්තං “සච්චකො නිගණ්ඨපුත්තො”ති.
මේ (සූත්‍රයේ එන) සච්චක නම් ඔවුන් සතර දෙනාගේ බාල සහෝදරයාය. ඔවුන් සතර දෙනාටම වඩා නුවණැතියහ. මවුපියන්ගෙන් වාද දහසක් ද, එයින් වෙනත් වූ බාහිර සමය ද, උගෙන කිසිතැනක නො ගොස් රජදරුවන්ට ශිල්ප උගන්වමින් විශාලා මහනුවරම වෙසේ. ප්‍රඥාවෙන් ඉතා පිරුණු බවින් තමන් ගේ කුස බිඳේ යයි බියෙන් බඩ වටකොට යකඩ පටියක් දමාගෙන වාසය කරයි. සච්චෙ කො නිගණ්ඨ පුත්තො යන්න මොහු සඳහා කියන ලදී.
භස්සප්පවාදකොති භස්සං වුච්චති කථාමග්ගො, තං පවදති කථෙතීති භස්සප්පවාදකො. පණ්ඩිතවාදොති අහං පණ්ඩිතොති එවං වාදො. සාධුසම්මතො බහුජනස්සාති යං යං නක්ඛත්තචාරෙන ආදිසති, තං තං යෙභුය්යෙන තථෙව හොති, තස්මා අයං සාධුලද්ධිකො භද්දකොති එවං සම්මතො මහාජනස්ස. වාදෙන වාදං සමාරද්ධොති කථාමග්ගෙන දොසං ආරොපිතො. ආයස්මා අස්සජීති සාරිපුත්තත්ථෙරස්ස ආචරියො අස්සජිත්ථෙරො. ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානොති තතො තතො ලිච්ඡවිරාජගෙහතො තං තං ගෙහං ගමනත්ථාය අනුචඞ්කමමානො.
හස්සප්පවාදිකො හස්ස යන්නෙන් කථා මාර්ගය කීයේය. එය ප්‍රකාශ කෙරේනුයි හස්සප්පවාදික වේ. පණ්ඩිත වාදො මම පණ්ඩිත වෙමියි. වාද ඇත්තේ ය. සාධු සම්මතො බහු ජනස්සා යනු නැකැත් තරු උපයෝගී කරගෙන (නක්ෂත්රයෙන්) යම් යම් දේ කියයි ද, එය බොහෝසෙයින් එසේම වෙයි. එහෙයින් මෙතෙම හොඳ නම ලද්දේය. භද්‍ර යයි විශ්වාසයයි. මහජනයා විසින් සම්මත කරන ලදී. වාදෙන වාදං සමාරද්ධො කථා මාර්ගයෙන් දෝෂාරෝපණය කරන ලද්දේ, ආයස්මා අස්සජි සැරියුත් මහතෙරුන්ගේ ගුරුවරයා වූ අස්සජී තෙරුන් වහන්සේ ජංඝා විහාරං අනුචංකමානො (දහවල් විහරණයෙන් පසු) ලිච්ඡවී රජගෙයින් රජගෙට යාම සඳහා ගමන් කරද්දී,
යෙනායස්මා අස්සජි තෙනුපසඞ්කමීති කස්මා උපසඞ්කමි? සමයජානනත්ථං. එවං කිරස්ස අහොසි – “අහං ‘සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමී’ති ආහිණ්ඩාමි, ‘සමයං පනස්ස න ජානාමී’ති න ආරොපෙසිං. පරස්ස හි සමයං ඤත්වා ආරොපිතො වාදො ස්වාරොපිතො නාම හොති. අයං පන සමණස්ස ගොතමස්ස සාවකො පඤ්ඤායති අස්සජිත්ථෙරො ; සො අත්තනො සත්ථු සමයෙ කොවිදො, එතාහං පුච්ඡිත්වා කථං පතිට්ඨාපෙත්වා සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමී”ති. තස්මා උපසඞ්කමි.
සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙසේ සිතිණ. මම ශ්‍රමණ භවත් ගෞතමයන්ට වාදාරෝපණය කරමියි ඇවිදිමි. එහෙත් ඔහුගේ සමය නො දනිමියි වාදාරෝපණය නො කරමි. ඔහුගේ සමය දැනගෙන කරන වාදාරෝපණයම මනාව වාදාරෝපණය කළේ නම් වෙයි. මේ වූ කලී මහණ ගොයුම්ගේ ශ්‍රාවක අස්සජි තෙරණුවෝය. තමන්ගේ ශාස්තෲන්ගේ සමයෙහි දක්ෂය. නිපුණය. මම මොහු පිළිවිස කථාකොට (ඒ සමය දැන) මහණ ගොයුම් හට වාදාරෝපණය කරමි. ඒ සඳහා යෙනායස්මා අස්සජී තෙනුපසංකමි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ කොතැන්හි ඒ වෙත එළඹියේය.
විනෙතීති කථං විනෙති, කථං සික්ඛාපෙතීති පුච්ඡති. ථෙරො පන යස්මා දුක්ඛන්ති වුත්තෙ උපාරම්භස්ස ඔකාසො හොති, මග්ගඵලානිපි පරියායෙන දුක්ඛන්ති ආගතානි, අයඤ්ච දුක්ඛන්ති වුත්තෙ ථෙරං පුච්ඡෙය්ය – “භො අස්සජි, කිමත්ථං තුම්හෙ පබ්බජිතා”ති. තතො “මග්ගඵලත්ථායා”ති වුත්තෙ, – “නයිදං, භො අස්සජි, තුම්හාකං සාසනං නාම, මහාආඝාතනං නාමෙතං, නිරයුස්සදො නාමෙස, නත්ථි තුම්හාකං සුඛාසා, උට්ඨායුට්ඨාය දුක්ඛමෙව ජිරාපෙන්තා ආහිණ්ඩථා”ති දොසං ආරොපෙය්ය, තස්මා පරවාදිස්ස පරියායකථං කාතුං න වට්ටති. යථා එස අප්පතිට්ඨො හොති, එවමස්ස නිප්පරියායකථං කථෙස්සාමීති චින්තෙත්වා, “රූපං, භික්ඛවෙ, අනිච්ච”න්ති ඉමං අනිච්චානත්තවසෙනෙව කථං කථෙති. දුස්සුතන්ති සොතුං අයුත්තං.
විනෙති යනු හික්මවයි කී සෙයින් හික්මවයිද? කෙසේ උගන්වයිද යනුවෙන් විචාරයි. ස්ථවිරයෝ යම්හෙයකින් ‘දුක’ යයි කී කල දොස් දැක්වීමට ඉඩ ඇතිවේද, මාර්ගඵලයෝ ද පරියායෙන් දුකැයි ආවාහුය. මේ තෙමේත් ‘දුක’යි කී කල තෙරුන් විමසීය. භවත් අස්සජි, ඔබ කුමක් සඳහා පැවිදි වූයේ ද, අනතුරුව මගපල සඳහා යයි කී කල, මේ ඔබගේ ශාසනයෙක් නොවෙයි. මේ මහා ආඝාතයක් මරණයක් නම් වෙයි. මේ ඔසුපත් නිරයක් නම් වෙයි. ඔබ සැපයෙහි ආශා නැත්ද, දුක්ම වඩමින් වීර්යයෙන් ඇවිදින්නේ ය යයි දෝෂාරෝපණය කරන්නේද, එහෙයින් පරවාදියා හට පර්යාය කථා කියන්නට නො වටී. යම් සේ මෙතෙම පිහිටක් නො ලබාද, ඒ සඳහා නිෂ්පරියාය කොට කියන්නෙමි යි සිතා, රූපං භික්ඛවෙ අනිච්චං අනිත්යත්ම වශයෙන් ම මේ කථාව කීහ. දුස්සුතං අසන්නට අයුතු වූවක්.
සන්ථාගාරෙති රාජකුලානං අත්ථානුසාසනසන්ථාගාරසාලායං. යෙන තෙ ලිච්ඡවී තෙනුපසඞ්කමීති එවං කිරස්ස අහොසි – “අහං පුබ්බෙ සමයං අජානනභාවෙන සමණස්ස ගොතමස්ස වාදං න ආරොපෙසිං, ඉදානි පනස්ස මහාසාවකෙන කථිතං සමයං ජානාමි, ඉමෙ ච මම අන්තෙවාසිකා පඤ්චසතා ලිච්ඡවී සන්නිපතිතා. එතෙහි සද්ධිං ගන්ත්වා සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමී”ති තස්මා උපසඞ්කමි.
සන්ථාගාරෙ රජ කුලයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ශාලාවෙහි, යෙන තෙ ලිච්ඡවි තෙනුපසංකමි (ඔහුට මෙසේ සිතින) මම පෙර ලබ්ධිය නො දන්නා බැවින් ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපණය නො කෙළෙමි. එහෙත් දැන් ඔහුගේ මහා ශ්රාවකයා විසින් කියන ලද ලබ්ධිය දනිමි. දැන් මා අතවැසි ලිච්ඡවීහූ පන්සියයක් රැස් වී සිටිති. මොවුන් සමග ගොස් ශ්‍රමණ භවත් ගෞතමයන්ට වාදාරෝපණය කරමි යනුවෙන් සිතා සන්ථාගාරය වෙත ගියේ ය.
ඤාතඤ්ඤතරෙනාති ඤාතෙසු අභිඤ්ඤාතෙසු පඤ්චවග්ගියත්ථෙරෙසු අඤ්ඤතරෙන. පතිට්ඨිතන්ති යථා තෙන පතිට්ඨිතං. සචෙ එවං පතිට්ඨිස්සති, අථ පන අඤ්ඤදෙව වක්ඛති, තත්ර මයා කිං සක්කා කාතුන්ති ඉදානෙව පිට්ඨිං පරිවත්තෙන්තො ආහ. ආකඩ්ඪෙය්යාති අත්තනො අභිමුඛං කඩ්ඪෙය්ය. පරිකඩ්ඪෙය්යාති පුරතො පටිපණාමෙය්ය. සම්පරිකඩ්ඪෙය්යාති කාලෙන ආකඩ්ඪෙය්ය, කාලෙන පරිකඩ්ඪෙය්ය. සොණ්ඩිකාකිලඤ්ජන්ති සුරාඝරෙ පිට්ඨකිලඤ්ජං. සොණ්ඩිකාධුත්තොති සුරාධුත්තො. වාලං කණ්ණෙ ගහෙත්වාති සුරාපරිස්සාවනත්ථවිකං ධොවිතුකාමො කසටනිධුනනත්ථං උභොසු කණ්ණෙසු ගහෙත්වා. ඔධුනෙය්යාති අධොමුඛං කත්වා ධුනෙය්ය. නිද්ධුනෙය්යාති උද්ධංමුඛං කත්වා ධුනෙය්ය. නිප්ඵොටෙය්යාති පුනප්පුනං පප්ඵොටෙය්ය.
ඤාතඤ්ඤතරෙන දන්නා වූ වෙසෙසින් කවුරුත් දන්නා වූ ප්‍රසිද්ධ වූ පස්වග මහණුන් අතුරෙන් එක් අයෙකු වූ, පතිට්ඨිතං යම් සේ මොහු විසින් කියන ලද පරිදි පිහිටන්නේ නම්, මා විසින් කුමක් කළ හැකි වන්නේ දැයි පිට පෙරලමින් කීය. ආකඩ්ඪෙය්ය පරිකඩ්ඪෙය්ය තමා හමුවට අදින්නේ ද, නැතිනම් පිටිපසට තල්ලු කරන්නේද, සම්පරිකඩ්ඪෙය්ය ආකර්ශනය කරන්නේ ද පරිකර්ෂණ කරන්නේ ද, සොණ්ඩිකා කිලඤ්ජං රා පොළෙහි රා පෙරන මටුල්ල සොණ්ඩිකාධුත්තො රා බොන්නෙක්, වාලං කණ්ණෙ ගහෙත්වා රා පෙරන පෙරහන සෝදනු කැමතිව, රොඩු පිඹ හරිනු පිණිස ද කෙළවර ගෙන, ඔධුනෙය්ය යටිකුරු කොට පිඹින්නේද, නිද්ධුනෙය්ය උඩුකුරුකොට පිඹින්නේ ද, නිච්ඡොදෙය්ය නැවත නැවත ගසන්නේ ද, පොළන්නේ ද.
සාණධොවිකං නාමාති එත්ථ මනුස්සා සාණසාටකකරණත්ථං සාණවාකෙ ගහෙත්වා මුට්ඨිං මුට්ඨිං බන්ධිත්වා උදකෙ පක්ඛිපන්ති. තෙ තතියදිවසෙ සුට්ඨු කිලින්නා හොන්ති. අථ මනුස්සා අම්බිලයාගුසුරාදීනි ආදාය තත්ථ ගන්ත්වා සාණමුට්ඨිං ගහෙත්වා, දක්ඛිණතො වාමතො සම්මුඛා චාති තීසු ඵලකෙසු සකිං දක්ඛිණඵලකෙ, සකිං වාමඵලකෙ, සකිං සම්මුඛඵලකෙ පහරන්තා අම්බිලයාගුසුරාදීනි භුඤ්ජන්තා පිවන්තා ඛාදන්තා ධොවන්ති. මහන්තා කීළා හොති. රඤ්ඤො නාගො තං කීළං දිස්වා ගම්භීරං උදකං අනුපවිසිත්වා සොණ්ඩාය උදකං ගහෙත්වා සකිං කුම්භෙ සකිං පිට්ඨියං සකිං උභොසු පස්සෙසු සකිං අන්තරසත්ථියං පක්ඛිපන්තො කීළිත්ථ. තදුපාදාය තං කීළිතජාතං සාණධොවිකං නාම වුච්චති, තං සන්ධාය වුත්තං – “සාණධොවිකං නාම කීළිතජාතං කීළතී”ති.
සණධොවිකං නාම යනු මෙහි මිනිස්සු හණ සළු කරනු පිණිස හණ වැහැරි ගෙන මිටි බැඳ දියෙහි බහාලති. ඒ හණමිටි තුන්වැනි දවස වනවිට කුණු වෙති. ඉන්පසු මිනිස්සු ඇඹුල් කැඳ රා ආදිය ගෙන එහි ගොස් හණමිටි ගෙන දකුණු පස, වම්පස ඉදිරිය යන තුන් පුවරුවල ගසමින් කමින් බොමින් ක්‍රීඩා කරති. රජුගේ ඇත්තු ඒ ක්‍රීඩාව දැක ගැඹුරු දියට බැස වරක් ඔළුවේද වරක් පිට ද වරක් දෙපස ද වරක් කලවා අතරේ ද ඕමින් ක්‍රීඩා කරති. ඒ ක්‍රීඩා විශේෂය ‘සණ ධෝවික’ නම් වේ. සණධොවිකං නාම කිළීතජාතං කීළතීති යන්න එහෙයින් කියන ලදී.
කිං සො භවමානො සච්චකො නිගණ්ඨපුත්තො, යො භගවතො වාදං ආරොපෙස්සතීති යො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො වාදං ආරොපෙස්සති, සො කිං භවමානො කිං යක්ඛො භවමානො උදාහු ඉන්දො, උදාහු බ්රහ්මා භවමානො භගවතො වාදං ආරොපෙස්සති? න හි සක්කා පකතිමනුස්සෙන භගවතො වාදං ආරොපෙතුන්ති අයමෙත්ථ අධිප්පායො.
කිං සො භවමානො සච්චකො නිඝණ්ඨපුත්තො භගවතො වාදං ආරොපෙස්සති හෙතෙම කවරෙක් වශයෙන් වාද කරන්නේ ද, යක්ෂයෙක් වශයෙන් ද, නැතිනම් ශක්‍රයා වශයෙන් ද, නැතිනම් බ්‍රහ්මයා වශයෙන් ද භාග්‍යවතුන්ට වාදාරෝපණය කරන්නේ ද, ප්‍රකෘති මිනිසකු වශයෙන් නම් භාග්‍යවතුන්ට වාදාරෝපණය කිරීමට සමර්ථයෙක් නැත යන්න මෙහි අදහසයි.
තෙන ඛො පන සමයෙනාති යස්මිං සමයෙ සච්චකො ආරාමං පාවිසි, තස්මිං. කිස්මිං පන සමයෙ පාවිසීති? මහාමජ්ඣන්හිකසමයෙ. කස්මා පන තස්මිං සමයෙ චඞ්කමන්තීති? පණීතභොජනපච්චයස්ස ථිනමිද්ධස්ස විනොදනත්ථං. දිවාපධානිකා වා තෙ. තාදිසානඤ්හි පච්ඡාභත්තං චඞ්කමිත්වා න්හත්වා සරීරං උතුං ගණ්හාපෙත්වා නිසජ්ජ සමණධම්මං කරොන්තානං චිත්තං එකග්ගං හොති. යෙන තෙ භික්ඛූති සො කිර කුහිං සමණො ගොතමොති පරිවෙණතො පරිවෙණං ගන්ත්වා පුච්ඡිත්වා පවිසිස්සාමීති විලොකෙන්තො අරඤ්ඤෙ හත්ථී විය චඞ්කමෙ චඞ්කමමානෙ පංසුකූලිකභික්ඛූ දිස්වා තෙසං සන්තිකං අගමාසි. තං සන්ධාය, “යෙන තෙ භික්ඛූ”තිආදි වුත්තං.
තෙන ඛො පන සමයෙන යම් කලෙක සච්චක ආරාමයට පිවිසියේ ද, එකල්හි කවර වේලාවක එළඹියේ ද, හිරු මුදුන් වේලෙහි, මධ්‍යාහ්නයෙහි පැමිණියේ ය. මේ වේලෙහි සක්මන් කරන්නේ ඇයිද ආහාර වළඳා අවසානයේ ඇතිවන බත් මත නිදිමත ගතිය වළක්වනු සඳහාය. නැතිනම් දහවල් ද කරන වීර්යය ඇත්තේ ය. එබඳු පසුබත සක්මන්කොට දිය නා ශරීරය සෘතු ගන්වා හිඳ මහණදම් පුරන්නවුන්ගේ සිත එකඟ වේ. යෙන තෙ භික්ඛූ හේ වනාහි ‘මහණ ගොයුම් හු කොයිදැයි ආවාස ගෙයින් ගෙට, කුටියෙන් කුටියට ගොස් පිළිවිස විමසන්නෙමියි බලන්නේ වනයෙහි ඇතුන් මෙන් ම සක්මනැ සක්මන් කරන පාංශුකූලික භික්ෂූන් දැක ඔවුන් වෙත ගියේය. ඒ සඳහා ‘යෙන තෙ භික්ඛූ’ යන්න කීහ.
කහං නු ඛො, භොති කතරස්මිං ආවාසෙ වා මණ්ඩපෙ වාති අත්ථො. එස, අග්ගිවෙස්සන, භගවාති තදා කිර භගවා පච්චූසකාලෙ මහාකරුණා සමාපත්තිං සමාපජ්ජිත්වා දසසහස්සචක්කවාළෙ සබ්බඤ්ඤුතඤ්ඤාණජාලං පත්ථරිත්වා බොධනෙය්යසත්තං ඔලොකෙන්තො අද්දස – “ස්වෙ සච්චකො නිගණ්ඨපුත්තො මහතිං ලිච්ඡවිපරිසං ගහෙත්වා මම වාදං ආරොපෙතුකාමො ආගමිස්සතී”ති. තස්මා පාතොව සරීරපටිජග්ගනං කත්වා භික්ඛුසඞ්ඝපරිවාරො වෙසාලියං පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතපටික්කන්තො මහාපරිසාය නිසීදිතුං සුඛට්ඨානෙ නිසීදිස්සාමීති ගන්ධකුටිං අපවිසිත්වා මහාවනෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. තෙ භික්ඛූ භගවතො වත්තං දස්සෙත්වා ආගතා, සච්චකෙන පුට්ඨා දූරෙ නිසින්නං භගවන්තං දස්සෙන්තා, “එස අග්ගිවෙස්සන භගවා”ති ආහංසු.
කහං නුචො හොති කවර ආවාසයක, හෝ ලෙණක හෝ කුටියක හෝ යන අර්ථයි. එසග්ගිවෙස්සන භගවා එදින උදේ අලුයම් වේලේ මහා කරුණා සමාපත්තියට සමවැදී දස දහසක් සක්වල සර්වඥතාඥාන නමැති දැල එලා බෝධිනෙය්ය සත්ත්වයකු බලන්නේ, ‘සච්චක නිගණ්ඨ පුත්‍රයා ලිච්ඡවීන් පිරිසක් ද රැගෙන තමන්ට වාදාරෝපණය සඳහා එන්නේ’යයි දුටහ. එහෙයින් උදෑසනම ශරීර පිළිදැගුම් කොට, මහණගණ පිරිවර ඇතිවැ විශාලා මහනුවර පිණ්ඩපාතයේ හැසිර, පිණ්ඩපාතයෙන් වැළකුනේ, එන්නා වූ මහ පිරිසට සුවසේ හිඳගැනීමට පහසුකම් ඇති තැනෙක හිඳගන්නෙමි’යි, ගඳකිළියට නො පිවිසම මහ වනයෙහි එක්තරා රුකක් මුල දිවා විහරණය සඳහා වැඩහුන්හ. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වත් දක්වා පැමිණියාහු, සච්චක විසින් විමසන ලදුව, දුර වැඩහුන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දක්වමින් ‘එසග්ගි වෙස්සන භගවාති ආහංසු’
මහතියා ලිච්ඡවිපරිසාය සද්ධින්ති හෙට්ඨා පඤ්චමත්තෙහි ලිච්ඡවිසතෙහි පරිවුතොති වුත්තං. තෙ එතස්ස අන්තෙවාසිකායෙව, අන්තොවෙසාලියං පන සච්චකො පඤ්චමත්තානි ලිච්ඡවිරාජසතානි ගහෙත්වා, “වාදත්ථිකො භගවන්තං උපසඞ්කමන්තො”ති සුත්වා ද්වින්නං පණ්ඩිතානං කථාසල්ලාපං සොස්සාමාති යෙභුය්යෙන මනුස්සා නික්ඛන්තා, එවං සා පරිසා මහතී අපරිච්ඡින්නගණනා අහොසි. තං සන්ධායෙතං වුත්තං.
මහතියා ලිච්ඡවී පරියාය සද්ධිං පන්සියයක් පමණ ලිච්ඡවීන් විසින් පිරිවරන ලදැයි කියතුදු, ඒ සියල්ල මොහුගේ අතවැසියෝම ය. තව ද විශාලා නුවර ඇතුළත ‘සච්චක තෙමේ පන්සියයක් පමණ ලිච්ඡවී රජුන් ගෙන භාග්‍යවතුන් හා සමග වාද කරන්නට ගියේ ය’ අසා ‘පණ්ඩිතයන් දෙදෙනාගේ වාද කථා අසන්නෙමු’ යයි බොහෝ මිනිස්සු එහි රැස් වූහ. එසේ රැස් වූ පිරිස මෙතෙකැයි ගණන් නැත. ‘මහතියා ලිච්ඡවි පරිසා’ යන්න ඒ සඳහා කියන ලදී.
අඤ්ජලිං පණාමෙත්වාති එතෙ උභතොපක්ඛිකා, තෙ එවං චින්තෙසුං – “සචෙ නො මිච්ඡාදිට්ඨිකා චොදෙස්සන්ති, ‘කස්මා තුම්හෙ සමණං ගොතමං වන්දිත්ථා’ති, තෙසං, ‘කිං අඤ්ජලිමත්තකරණෙනපි වන්දිතං හොතී’ති වක්ඛාම. සචෙ නො සම්මාදිට්ඨිකා චොදෙස්සන්ති, ‘කස්මා භගවන්තං න වන්දිත්ථා’ති, ‘කිං සීසෙන භූමිං පහරන්තෙනෙව වන්දිතං හොති, නනු අඤ්ජලිකම්මම්පි වන්දනා එවා’ති වක්ඛාමා”ති.
අඤ්ජලිං පණාමෙත්වා දෙපක්ෂයක් වූ ඔව්හූ මෙසේ සිතූහ. ‘ඉදින් මිථ්‍යා දෘෂ්ටිකයෝ කුමක් හෙයින් තෙපි මහණ ගොයුම් වැදියහුදැ’යි චෝදනා කරනු ලබන්නහු නම්, ඔවුනට කිම ඇඳිලි බැඳීම් පමණකින් වැන්දේ ද යයි අසන්නෙමු. කියන්නෙමු. සම්‍යක් දෘෂ්ටිකයෝ කුමක් හෙයින් භාග්‍යවතුන් නො වැන්දේ දැයි අපට චෝදනා කරන්නහු නම් හිස බිම තබා වඳින්නම ඕනෑද, ඇඳිලි බැඳීම් පමණින් වැඳීම ප්‍රමාණවත් නො වන්නේදැයි විමසන්නෙමු. කියන්නෙමු.
නාම ගොත්තන්ති, භො ගොතම, අහං අසුකස්ස පුත්තො දත්තො නාම මිත්තො නාම ඉධ ආගතොති වදන්තා නාමං සාවෙන්ති නාම. භො ගොතම, අහං වාසිට්ඨො නාම කච්චානො නාම ඉධ ආගතොති වදන්තා ගොත්තං සාවෙන්ති නාම. එතෙ කිර දලිද්දා ජිණ්ණකුලපුත්තා පරිසමජ්ඣෙ නාමගොත්තවසෙන පාකටා භවිස්සාමාති එවං අකංසු. යෙ පන තුණ්හීභූතා නිසීදිංසු, තෙ කෙරාටිකා චෙව අන්ධබාලා ච. තත්ථ කෙරාටිකා, “එකං ද්වෙ කථාසල්ලාපෙ කරොන්තො විස්සාසිකො හොති, අථ විස්සාසෙ සති එකං ද්වෙ භික්ඛා අදාතුං න යුත්ත”න්ති තතො අත්තානං මොචෙන්තා තුණ්හී නිසීදන්ති. අන්ධබාලා අඤ්ඤාණතායෙව අවක්ඛිත්තමත්තිකාපිණ්ඩො විය යත්ථ කත්ථචි තුණ්හීභූතා නිසීදන්ති.
නාම ගොත්තං භවත් ගෞතමයනි, මම අසවලාගේ පුත් දත්ත නම් වෙමි. මිත්ත නම් වෙමි. මෙහි ආවෙමියි කියමින් නමින් හඳුන්වති. භවත් ගෞතමයනි, මම වාසෙට්ඨ නමි. කච්චාන නම් මම මෙහි ආමි යි කියමින් ගෝත්‍ර වශයෙන් හඳුන්වති. මොව්හූ දිළිඳු වූ ජීර්ණ කුලපුත්‍රයෝ පිරිස මැද නම්ගොත් වශයෙන් ප්‍රසිද්ධ වීම සඳහා මෙසේ කළාහුය. යමෙක් කථා නො කර උන්නාහු ද, ඔව්හූ කෛරාටිකයෝ ය. මෝඩයෝ ය. ඔවුන් අතුරෙන් කෛරාටිකයෝ වචනය දෙකක් කථාකොට විශ්වාස වෙති. එසේ විශ්වාසය ඇති කල්හි වේලක් දෙකක් ආහාර නොදී නො වටනේය. එයින් තමන් මිදීම සඳහා නිහඬව සිටිති. මෝඩයෝ මෝඩ නිසාම බහා තැබූ මැටිපිඩු සේ නිහඬව සිටිති.
කිඤ්චිදෙව දෙසන්ති කඤ්චි ඔකාසං කිඤ්චි කාරණං, අථස්ස භගවා පඤ්හපුච්ඡනෙ උස්සාහං ජනෙන්තො ආහ – පුච්ඡ, අග්ගිවෙස්සන, යදාකඞ්ඛසීති. තස්සත්ථො – “පුච්ඡ යදි ආකඞ්ඛසි, න මෙ පඤ්හවිස්සජ්ජනෙ භාරො අත්ථි”. අථ වා “පුච්ඡ යං ආකඞ්ඛසි, සබ්බං තෙ විස්සජ්ජෙස්සාමී”ති සබ්බඤ්ඤුපවාරණං පවාරෙසි අසාධාරණං පච්චෙකබුද්ධඅග්ගසාවමහාසාවකෙහි. තෙ හි යදාකඞ්ඛසීති න වදන්ති, සුත්වා වෙදිස්සාමාති වදන්ති. බුද්ධා පන “පුච්ඡාවුසො, යදාකඞ්ඛසී”ති (සං· නි· 1.237) වා, “පුච්ඡ, මහාරාජ, යදාකඞ්ඛසී”ති (දී· නි· 1.162) වා,
කඤ්චිදෙව දෙසං කිසි අවකාශයක්, කිසි කරුණක් ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ප්‍රශ්න විචාරීම සඳහා අග්ගිවෙස්සන ව උනන්දු කරන්නේ, පොළඹවන්නේ, පුච්ඡග්ගි වෙස්සන යදාකංඛසි යි වදාළහ. මේ එහි අර්ථයි. අගි වෙස්සනය ඔබ කැමැත්තෙහි නම් ප්‍රශ්න විචාරව. මට ප්‍රශ්න විසඳීමේ බරක් නැත. තමන් යමක් කැමැත්තේ නම් විචාරව. ඔබ යමක් විචාරන්නේ නම් මම එය විසඳමි යනුවෙන් පසේබුදු - අගසව්, මහසව් හා අසාධාරණ වූ සර්වඥ ප්‍රවාරණයෙන් පැවරූහ. පසේ බුදු ආදීහූ යදා කංඛසී නො කියත්. අසා දැනගන්නෙමුයි කියත්. පුච්ඡාවුසො යදා කංඛසී, පුච්ඡ මහාරාජ යදා කංඛසි යන්න බුදුවරයෝම කියත්.
“පුච්ඡ වාසව මං පඤ්හං, යං කිඤ්චි මනසිච්ඡසි; තස්ස තස්සෙව පඤ්හස්ස, අහං අන්තං කරොමි තෙ” ඉති. (දී· නි· 2.356) වා,
1. පුච්ඡ වාසව මං පඤ්හං - යං කිඤ්චි මනසිච්ඡසී තස්ස තස්සෙව පඤ්හස්ස - අහං අන්තං කරොමි තෙ
ශක්‍රය, යම්කිසි ප්‍රශ්නයක් සිතින් කැමති වේ නම් මාගෙන් විමසන්න. ඔබගේ ඒ ප්රශ්නය සැකය කෙළවර කරමි.
“තෙන හි ත්වං, භික්ඛු, සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකඞ්ඛසී”ති (ම· නි· 3.85) වා,
මහණ එසේ වී නම් තෙපි ආසනයෙහි හිඳම කැමැත්තේ නම් විචාරව. යමක් කැමැත්තේ නම් පුළුවුස - සියල්ල විසඳන්නෙමි.
“බාවරිස්ස ච තුය්හං වා, සබ්බෙසං සබ්බසංසයං; කතාවකාසා පුච්ඡව්හො, යං කිඤ්චි මනසිච්ඡථා”ති. (සු· නි· 1036) වා,
2. බාවාරිස්ස ච තුම්හං වා සබ්බෙසං සබ්බ සංසයං කතාවකාසා පුච්ඡව්හො - යං කිඤ්චි මනසිච්ඡථ
ඔබ මා විසින් කළ අවකාශ ඇත්තෝ ය. බාවාරි තවුසාගේ හෝ තොපගේ හෝ සිතින් යම් කිසිවක් කැමති වන්නහු ද තොප සියල්ලන්ගේ ඒ සියලු සැක විචාර - දුරුකරන්නෙමි.
“පුච්ඡ මං සභිය පඤ්හං, යං කිඤ්චි මනසිච්ඡසි; තස්ස තස්සෙව පඤ්හස්ස, අහං අන්තං කරොමි තෙ” ඉති. (සු· නි· 517) වා –
3. පුච්ඡ මං සභිය පඤ්හං - යං කිඤ්චි මන සිච්ඡසි තස්ස තස්සෙව පඤ්හස්ස - අහං අන්තං කරොමි තෙ
තුන්වන ගාථාවේ අදහස ද පෙර සේමැයි.
තෙසං තෙසං යක්ඛනරින්දදෙවසමණබ්රාහ්මණපරිබ්බාජකානං සබ්බඤ්ඤුපවාරණං පවාරෙන්ති. අනච්ඡරියඤ්චෙතං, යං භගවා බුද්ධභූමිං පත්වා එතං පවාරණං පවාරෙය්ය. යො බොධිසත්තභූමියං පදෙසඤාණෙපි ඨිතො
මෙසේ ඒ යක්ෂ - නරේන්ද්‍ර, දේව - ශ්‍රමණ, පරිබ්‍රාජකයන්ට සර්වඥ ප්‍රවාරණයෙන් පවරණ සේක. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ භූමියට පැමිණ මේ සර්වඥ ප්‍රවාරණයෙන් පවරන්නහු නම් මෙය පුදුම විය යුත්තක් නො වේ. බෝධිසත්ත්ව භූමියෙහි ප්‍රදේශ ඤාණයෙහි ද මෙසේම පැවැත්තාහු ය.
“කොණ්ඩඤ්ඤ පඤ්හානි වියාකරොහි, යාචන්ති තං ඉසයො සාධුරූපා; කොණ්ඩඤ්ඤ එසො මනුජෙසු ධම්මො, යං වුද්ධමාගච්ඡති එස භාරො”ති. (ජා· 2.17.60) –
4. කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති (සරභංග) සෘෂීන් වහන්ස, සුන්දර රූප ඇති සෘෂීහූ ඔබගෙන් ඉල්ලා සිටිති. ඒ ප්රශ්නය විසඳාලනු මැනැව. කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්ත, යම්කිසි ඥානයෙන් මුහුකුරා ගිය පුද්ගලයෙක් වේද, මේ පැන විසඳීම සඳහා ඔහු කරා සත්ත්වයෝ පැමිණෙති. ඒ පැන විසඳීමේ කාර්යය වගකීම ඔබට භාරය වේ. මේ ධර්මයෙහි ස්වභාව යයි.
එවං සක්කාදීනං අත්ථාය ඉසීහි යාචිතො
මෙසේ ශක්‍රාදීන් සඳහා සෘෂීන් විසින් යදින ලදී.
“කතාවකාසා පුච්ඡන්තු භොන්තො, යං කිඤ්චි පඤ්හං මනසාභිපත්ථිතං; අහඤ්හි තං තං වො වියාකරිස්සං, ඤත්වා සයං ලොකමිමං පරඤ්චා”ති. (ජා· 2.17.61);
5. පින්වත්නි, කළ නිම වූ කාර්යයන් ඇතියහු සිතින් ඇතිවන යම්කිසි පැනයක් පිළි විසිත්වා. මම තොපගේ ඒ සියලු ප්‍රශ්න මෙලොවද පරලොව ද නුවණින් දැන විසඳන්නෙමි.
එවං සරභඞ්ගකාලෙ, සම්භවජාතකෙ ච සකලජම්බුදීපං තික්ඛත්තුං විචරිත්වා පඤ්හානං අන්තකරං අදිස්වා සුචිරතෙන බ්රාහ්මණෙන පඤ්හං පුට්ඨො ඔකාසෙ කාරිතෙ, ජාතියා සත්තවස්සො රථිකායං පංසුං කීළන්තො පල්ලඞ්කං ආභුජිත්වා අන්තරවීථියං නිසින්නොව –
මෙසේ සරභංග කාලයේ ද, සම්භව කාලයේ ද, සමස්ත දඹදිවම තෙවරක් ඇවිද, පැන විසඳන්නෙකු නො දැක, සුචීරත බමුණා විසින් ප්‍රශ්න විචාරීම සඳහා අවසර ලැබූ කල උපතින් සත්හැවිරිදි වූයේ වැලි සෙල්ලම් කරමින් සිටියදීම ඇතුළු වීදියේ ඉඳගෙනම.
“තග්ඝ තෙ අහමක්ඛිස්සං, යථාපි කුසලො තථා; රාජා ච ඛො තං ජානාති, යදි කාහති වා න වා”ති. (ජා· 1.16.172) –
6. ඒකාන්තයෙන් මම යමකට සමර්ථ වූයේද, එපරිද්දෙන් මම ඔබට කියන්නෙමි. ඉදින් කරන්නේ හෝ නො කරන්නේ හෝ වේද එය රජතුමාගේ අභිමතය වේ.
සබ්බඤ්ඤුපවාරණං පවාරෙසි.
සර්වඥ පවාරණයෙන් පැවරීය.
එවං භගවතා සබ්බඤ්ඤුපවාරණාය පවාරිතාය අත්තමනො පඤ්හං පුච්ඡන්තො, “කථං පන, භො ගොතමා”තිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් සර්වඥ ප්‍රවාරණයෙන් පැවරූ කල්හි, සතුටු සිත් ඇතිවැ ප්‍රශ්න විචාරන්නේ කථං පන භො ගොතම යනාදිය කීහ.
අථස්ස භගවා, “පස්සථ, භො, අඤ්ඤං සාවකෙන කථිතං, අඤ්ඤං සත්ථා කථෙති, නනු මයා පටිකච්චෙව වුත්තං, ‘සචෙ තථා පතිට්ඨිස්සති, යථාස්ස සාවකෙන පතිට්ඨිතං, එවාහං වාදං ආරොපෙස්සාමී’ති. අයං පන අඤ්ඤමෙව කථෙති, තත්ථ කිං මයා සක්කා කාතු”න්ති එවං නිගණ්ඨස්ස වචනොකාසො මා හොතූති හෙට්ඨා අස්සජිත්ථෙරෙන කථිතනියාමෙනෙව කථෙන්තො, එවං ඛො අහං, අග්ගිවෙස්සනාතිආදිමාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ‘බලව් පින්වත්නි, ශ්රාවකයා විසින් කියන ලද්දේ එකකි. ශාස්තෲන් විසින් වෙන කරුණක් කියයි. මා විසින් පළමුවෙන් කියන ලද්දේ නො වේද, යම් සේ ඔහුගේ ශ්රාවකයා විසින් පිහිටා සිටින ලද කාරණයේ ම එපරිද්දෙන් ම පිහිටා සිටින්නේ නම්, එසේ කල්හි මම වාදාරෝපණය කරමි. එහෙත් මෙතෙම අනිකක්ම කියයි. එහිලා මා විසින් කුමක් කළ හැක්කේ ද, මෙසේ නිගණ්ඨයාගේ වචනයට ඉඩක් අවස්ථාවක් නොවේ යයි අස්සජී තෙරුන් කී ආකාරයෙන්ම කියන්නේ එවං ඛො අහං අග්ගි වෙස්සන යනාදිය කීහ.
උපමා මං, භො ගොතම, පටිභාතීති, භො ගොතම, මය්හං එකා උපමා උපට්ඨාති, ආහරාමි තං උපමන්ති වදති. පටිභාතු තං, අග්ගිවෙස්සනාති උපට්ඨාතු තෙ, අග්ගිවෙස්සන, ආහර තං උපමං විසත්ථොති භගවා අවොච. බලකරණීයාති බාහුබලෙන කත්තබ්බා කසිවාණිජ්ජාදිකා කම්මන්තා. රූපත්තායං පුරිසපුග්ගලොති රූපං අත්තා අස්සාති රූපත්තා, රූපං අත්තාති ගහෙත්වා ඨිතපුග්ගලං දීපෙති. රූපෙ පතිට්ඨායාති තස්මිං අත්තාති ගහිතරූපෙ පතිට්ඨහිත්වා. පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවතීති කුසලං වා අකුසලං වා පටිලභති. වෙදනත්තාදීසුපි එසෙව නයො.
උපමා මං භො ගොතම පටිභාතීති භවත් ගෞතමයිනි, මට එක උපමාවක් සිතට එයි. ඒ උපමාව මම ඉදිරිපත් කරමි. පටිභාතු තං අග්ගි වෙස්සන ගිනි වෙස්සන, ඔබට වැටහේවා. නිසැකවම ඒ උපමාව ඉදිරිපත් කරන්න භාග්‍යවතුන් වහන්සේ වදාළහ. බලකරණීයා දෑත්වල ශක්තියෙන් කළයුතු ගොවිතැන් වෙළඳාම් ආදිය කර්මාන්ත, රූපත්තායං පුරිස පුග්ගලො රූපය ආත්මය වූයේ මොහුට නුයි රූපත්තා රූපය ආත්මය යයි ගෙන සිටි පුද්ගලයා දක්වයි. රූපෙ පතිට්ඨාය ඒ ආත්මය යයි ගත් රූපයෙහි පිහිටා, පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති කුසල් හෝ අකුසල් උපදවයි. වෙදනත්තා වේදනා ආදියෙහි ද මෙම ක්‍රමයමැයි.
ඉමිනා කිං දීපෙති? ඉමෙ පඤ්චක්ඛන්ධා ඉමෙසං සත්තානං පථවී විය පතිට්ඨා, තෙ ඉමෙසු පඤ්චසු ඛන්ධෙසු පතිට්ඨාය කුසලාකුසලකම්මං නාම ආයූහන්ති. තුම්හෙ එවරූපං විජ්ජමානමෙව අත්තානං පටිසෙධෙන්තො පඤ්චක්ඛන්ධා අනත්තාති දීපෙථාති අතිවිය සකාරණං කත්වා උපමං ආහරි.
මෙයින් කුමක් දක්වයි ද, මේ පංචස්කන්ධයෝ මේ සත්ත්වයන්ට පොළව සේ පිහිටයි. ඔහු මේ පංචස්කන්ධයේ පිහිටා සිට කුසල් හා අකුසල් රැස් කරති. ඔබවහන්සේ මෙසේ පෙනෙන්නා වූ ම ආත්මය ප්‍රතිශේධ කරන්නේ ය. නැතැයි කියන්නේ ය. පංචස්කන්ධය අනාත්මයයි දක්වන්නේ යයි අතිශයින් කරුණු සහිතව උපමාව ඉදිරිපත් කළේය.
ඉමිනා ච නිගණ්ඨෙන ආහටඔපම්මං නියතමෙව, සබ්බඤ්ඤුබුද්ධතො අඤ්ඤො තස්ස කථං ඡින්දිත්වා වාදෙ දොසං දාතුං සමත්ථො නාම නත්ථි. දුවිධා හි පුග්ගලා බුද්ධවෙනෙය්යා ච සාවකවෙනෙය්යා ච. සාවකවෙනෙය්යෙ සාවකාපි විනෙන්ති බුද්ධාපි. බුද්ධවෙනෙය්යෙ පන සාවකා විනෙතුං න සක්කොන්ති, බුද්ධාව විනෙන්ති. අයම්පි නිගණ්ඨො බුද්ධවෙනෙය්යො, තස්මා එතස්ස වාදං ඡින්දිත්වා අඤ්ඤො දොසං දාතුං සමත්ථො නාම නත්ථි. තෙනස්ස භගවා සයමෙව වාදෙ දොසදස්සනත්ථං නනු ත්වං, අග්ගිවෙස්සනාතිආදිමාහ.
තව ද මේ නිගණ්ඨයා විසින් ඉදිරිපත් කරන ලද උපමා උපමේය න්‍යායයන්, සිඳ ඔහුගේ කථායෙහි ද දක්වන්නට, සර්වඥයන් හැර අනෙකක් යමක් නොවේ ම ය. පුද්ගලයෝ දෙපරිදිය. බුදුන් විසින් හික්මවිය යුක්තෝ ද, ශ්‍රාවකයන් විසින් හික්මවිය යුත්තේ ද යනුවෙනි. ශ්‍රාවකයන් විසින් හික්මවිය යුත්තෝ, ශ්‍රාවකයන් විසින් ද බුදුන් විසින් ද හික්මවනු ලබති. එහෙත් බුදුන් විසින් හික්මවිය යුතු අයෙක් සව්වෝ නො හික්මවති. මේ නිගණ්ඨයා බුදුන් විසින්ම හික්මවිය යුත්තෙකි. එහෙයින් මොහුගේ වාද බිඳ දොස් දක්වන්නට අනෙක් කෙනෙක් සමත් වූයේ නැත. එහෙයින් භාග්‍යවතුන් වහන්සේම ඔහුගේ වාදයේ දොස් දක්වති. ඒ සඳහා නනු ත්වං අග්ගිවෙස්සන ආදිය වදාළහ.
අථ නිගණ්ඨො චින්තෙසි – “අතිවිය සමණො ගොතමො මම වාදං පතිට්ඨපෙති, සචෙ උපරි කොචි දොසො භවිස්සති, මමං එකකංයෙව නිග්ගණ්හිස්සති. හන්දාහං ඉමං වාදං මහාජනස්සාපි මත්ථකෙ පක්ඛිපාමී”ති, තස්මා එවමාහ – අහම්පි, භො ගොතම, එවං වදාමි රූපං මෙ අත්තා…පෙ… විඤ්ඤාණං මෙ අත්තාති, අයඤ්ච මහතී ජනතාති.
ඉක්බිති නිගණ්ඨ තෙම මෙසේ සිතීය. ‘ශ්‍රමණ ගෞතමයෝ ම මා සමග වාද කරයි. මගේ වාදය පිහිටුවයි. ඉදින් මතුයෙහි කිසි දොසක් පරස්පරයක් වන්නේ නම් අනිවාර්යයෙන් නිග්‍රහ කරන්නෙමි. ඒ නිසා මම මේ වාදය මහජනයා සාක්ෂි කොට තබන්නේ නම් මැනව. එහෙයින්, අහංගි භො ගොතම එවං වදාමි, රූපං මෙ අත්තා -පෙ- විඤ්ඤාණං මෙ අත්තා, අයං ච මභතී ජනතා යනුවෙන් කීය.
භගවා පන නිගණ්ඨතො සතගුණෙනපි සහස්සගුණෙනපි සතසහස්සගුණෙනපි වාදීවරතරො, තස්මා චින්තෙසි – “අයං නිගණ්ඨො අත්තානං මොචෙත්වා මහාජනස්ස මත්ථකෙ වාදං පක්ඛිපති, නාස්ස අත්තානං මොචෙතුං දස්සාමි, මහාජනතො නිවත්තෙත්වා එකකංයෙව නං නිග්ගණ්හිස්සාමී”ති. අථ නං කිඤ්හි තෙ, අග්ගිවෙස්සනාතිආදිමාහ. තස්සත්ථො – නායං ජනතා මම වාදං ආරොපෙතුං ආගතා, ත්වංයෙව සකලං වෙසාලිං සංවට්ටිත්වා මම වාදං ආරොපෙතුං ආගතො, තස්මා ත්වං සකමෙව වාදං නිවෙඨෙහි, මා මහාජනස්ස මත්ථකෙ පක්ඛිපසීති. සො පටිජානන්තො අහඤ්හි, භො ගොතමාතිආදිමාහ.
භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයාට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන්, සිය දහස් ගුණයෙන්, වාදීන් අතුරෙන් උතුම් වන්නේ ද, අතිශයින් උතුම් වන්නේ ද, ඒ නිසා මෙසේ සිතූ සේක. ‘මේ නිගණ්ඨයා තමන් මිදී මහජනයා මත්තෙහි වාදය බහාලයි. ඔහුට මෙයින් මිදෙන්නට ගැලවෙන්නට නො දෙමි. හුදෙක් මහාජනයාගෙන් වෙන්කොට, මොහුවම හුදෙකලාවම වාදයෙහි නිගන්නෙමි’ ඉක්බිති ඔහුට, කිංහි තෙ අග්ගි වෙස්සන යනාදිය වදාළහ. එහි අර්ථය ‘මේ ජනතාව මට වාදාරෝපණය කිරීමට මා හා වාද කිරීමට නො පැමිණියාහු වෙති. ඔබම මුළු මහත් විශාලා මහනුවරටම දන්වා මට වාදාරෝපණය කිරීමට ආවේය. එබැවින් තෙපිම තමන්ගේ වාදය ඉදිරිපත් කරව. කුමක් හෙයින් මහජනයා මත්තේ පවරයිද, හෙතෙමේ ම පොරොන්දු වන්නේ, සහතික වන්නේ අහං හි භො ගොතම යනාදිය කීහ.
ඉති භගවා නිගණ්ඨස්ස වාදං පතිට්ඨපෙත්වා, තෙන හි, අග්ගිවෙස්සනාති පුච්ඡං ආරභි. තත්ථ තෙන හීති කාරණත්ථෙ නිපාතො. යස්මා ත්වං පඤ්චක්ඛන්ධෙ අත්තතො පටිජානාසි, තස්මාති අත්ථො. සකස්මිං විජිතෙති අත්තනො රට්ඨෙ. ඝාතෙතායං වා ඝාතෙතුන්ති ඝාතාරහං ඝාතෙතබ්බයුත්තකං ඝාතෙතුං. ජාපෙතායං වා ජාපෙතුන්ති ධනජානිරහං ජාපෙතබ්බයුත්තං ජාපෙතුං ජිණ්ණධනං කාතුං. පබ්බාජෙතායං වා පබ්බාජෙතුන්ති සකරට්ඨතො පබ්බාජනාරහං පබ්බාජෙතුං, නීහරිතුං. වත්තිතුඤ්ච අරහතීති වත්තති චෙව වත්තිතුඤ්ච අරහති. වත්තිතුං යුත්තොති දීපෙති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයාවම වාදයෙහි පිහිටුවා තෙනහි අග්ගිවෙස්සන යී පිළිවිසීමට වාදයට පටන්ගත්හ. එහි තෙනහි යනු කරණාර්ථයෙහි නිපාතය. යම්හෙයකින් තෙපි පංචස්කන්ධය ආත්ම වශයෙන් ප්‍රතිඥා කෙරෙහි ද, එහෙයින් යන අර්ථයි. සකස්මිං විජිතෙ තමාගේ රටෙහි ඝාතතෙය්යංවා ඝාතෙතුං නැසීමට සුදුසු වූවෙකු, නැසීමට සුදුසු කෙනෙකු නසන්නට, ජාපතො යං වා ජාපෙතුං ධන හානියට සුදුසු වූවකු, ධන හානි කළ යුත්තෙකු ධන හානි කරන්නට, දිළිඳු කරන්නට, පබ්බාජෙත්තයං වා පබ්බාජෙතුං සියරටින් නෙරපා හරින්නට සුදුස්සෙකු නෙරපා හරින්ට බැහැර කරන්ට, වත්තිතුඤ්ච මරහති පවත්වන්නේ ද වෙයි. පවත්නට සුදුසුය. පවත්නට යුතුයයි දක්වයි.
ඉති නිගණ්ඨො අත්තනො වාදභෙදනත්ථං ආහටකාරණමෙව අත්තනො මාරණත්ථාය ආවුධං තිඛිණං කරොන්තො විය විසෙසෙත්වා දීපෙති, යථා තං බාලො. එවං මෙ රූපං හොතූති මම රූපං එවංවිධං හොතු, පාසාදිකං අභිරූපං අලඞ්කතප්පටියත්තං සුවණ්ණතොරණං විය සුසජ්ජිතචිත්තපටො විය ච මනාපදස්සනන්ති. එවං මෙ රූපං මා අහොසීති මම රූපං එවංවිධං මා හොතු, දුබ්බණ්ණං දුස්සණ්ඨිතං වලිතපලිතං තිලකසමාකිණ්ණන්ති.
මෙසේ නිගණ්ඨ තෙමේ තමන්ගේ වාද බිඳිනු සඳහා අවශ්‍ය අදාළ කාරණයම, තමාගේ මරණය සඳහා, ආයුධයක් මුවහත් තියන්නෙකු මෙන් විශේෂ කොට දක්වයි. නුවණ මද වූයෙක් මෙනි. එවං මෙ රූපං හොතු මගේ රූපය මෙබඳු වූ ප්‍රසාදය උපදවන, මනා රූ ඇති, අලංකාර කොට සැරසූ රන් තොරණක් මෙන් ද, මනාව සැරසූ සිතුවම් පටක් සේ ද, ප්‍රිය උපදවන පෙනුම ඇති වේමැයි, එවං මෙ රූපං මා අහොසි මගේ රූපය මෙබඳු වූ දුර්වර්ණ වූ, අවලස්සන වූ, රැළි වැටුණු, කැලැල් වලින් ගැවසී ගත්තා වූ, සිරුරක් නො වේවායි,
තුණ්හී අහොසීති නිගණ්ඨො ඉමස්මිං ඨානෙ විරද්ධභාවං ඤත්වා, “සමණො ගොතමො මම වාදං භින්දනත්ථාය කාරණං ආහරි, අහං බාලතාය තමෙව විසෙසෙත්වා දීපෙසිං, ඉදානි නට්ඨොම්හි, සචෙ වත්තතීති වක්ඛාමි, ඉමෙ රාජානො උට්ඨහිත්වා, ‘අග්ගිවෙස්සන, ත්වං මම රූපෙ වසො වත්තතීති වදසි, යදි තෙ රූපෙ වසො වත්තති, කස්මා ත්වං යථා ඉමෙ ලිච්ඡවිරාජානො තාවතිංසදෙවසදිසෙහි අත්තභාවෙහි විරොචන්ති අභිරූපා පාසාදිකා, එවං න විරොචසී’ති. සචෙ න වත්තතීති වක්ඛාමි, සමණො ගොතමො උට්ඨහිත්වා, ‘අග්ගිවෙස්සන, ත්වං පුබ්බෙ වත්තති මෙ රූපස්මිං වසොති වත්වා ඉදානි පටික්ඛිපසී’ති වාදං ආරොපෙස්සති. ඉති වත්තතීති වුත්තෙපි එකො දොසො, න වත්තතීති වුත්තෙපි එකො දොසො”ති තුණ්හී අහොසි. දුතියම්පි භගවා පුච්ඡි, දුතියම්පි තුණ්හී අහොසි.
තුණ්හී අහොසි නිගණ්ඨයා මෙතැනදී වැරදුණු බව දැන, ශ්‍රමණ ගෞතමයෝ මාගේ බිඳීමට කරුණක් ඉදිරිපත් කළේය. මම අනුවණ බැවින් බාල බැවින්, එයම විශේෂ කොට දැක්වීමි. දැන් මම නටුයේ වෙමි. ඉදින් ‘පවතී’ යයි කියන්නෙම් නම්, මේ රජදරුවෝ නැගී සිට අග්ගිවෙස්සන, තෙපි මගේ රූපයේ වශය පවතීයයි කියයි. ඉදින් තාගේ රූපයේ ඉසුරු පවතී නම්, කවර හෙයින් තෙපි ‘යම් සේ මේ ලිච්ඡවී රජදරුවෝ තව්තිසා වැසි දෙවියන් වැනි ආත්මභාවයෙන් බබලත් ද, ප්‍රියමනාප වූවාහු දැකුම්කළු වූවාහු, ප්‍රසාද එළවන්නාහු වෙත් ද, එපරිද්දෙන් බබළන්නේ නැතැයි, ඉදින් නො පවතී යයි කියන්නේ නම්, එවිට ශ්‍රමණ ගෞතමයෝ, අග්ගිවෙස්සන, තෝ පළමුව මාගේ රූපයේ වශය පවතීයයි කියා දැන් ප්‍රතික්ෂේප කෙරෙයි කියා වාදාරෝපණය කරන්නේ ය. මෙසේ පවතී යයි කී කල එක් දොසෙක. නො පවතීයයි කිවහොත් තවත් දොසෙකයි පිළිතුරු නොදී නිශ්ශබ්ද විය. දෙවනුව ද, බුදුහු විචාළහ. දෙවනුවද පිළිතුරු රහිතව නිශ්ශබ්ද විය.
යස්මා පන යාවතතියං භගවතා පුච්ඡිතෙ අබ්යාකරොන්තස්ස සත්තධා මුද්ධා ඵලති, බුද්ධා ච නාම සත්තානංයෙව අත්ථාය කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි පාරමීනං පූරිතත්තා සත්තෙසු බලවඅනුද්දයා හොන්ති. තස්මා යාවතතියං අපුච්ඡිත්වා අථ ඛො භගවා සච්චකං නිගණ්ඨපුත්තං එතදවොච – එතං “බ්යාකරොහී දානී”තිආදිවචනං අවොච.
යළි යම් හෙයකින් තුන්වරටත් භාග්‍යවතුන් වහන්සේ විචාළ කල්හි පිළිතුරු නොදී සිටියහොත්, පිළිතුරු නො දෙන්නාගේ හිස සත්කඩකට පැළේ. බුදුවරයෝ නම් සත්ත්වයන්ට වැඩ පිණිසම කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරති. සත්ත්වයන් කෙරෙහි බලවත් කරුණාවෙන්ම වසති. ඒ නිසා තුන්වන වරට නො විමසා, සච්චක නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙන්සේ වදාළහ. එතං බ්යාකරොහි දානි යනාදී වචන වදාළහ.
තත්ථ සහධම්මිකන්ති සහෙතුකං සකාරණං. වජිරං පාණිම්හි අස්සාති වජිරපාණි. යක්ඛොති න යො වා සො වා යක්ඛො, සක්කො දෙවරාජාති වෙදිතබ්බො. ආදිත්තන්ති අග්ගිවණ්ණං. සම්පජ්ජලිතන්ති සුට්ඨු පජ්ජලිතං. සජොතිභූතන්ති සමන්තතො ජොතිභූතං, එකග්ගිජාලභූතන්ති අත්ථො. ඨිතො හොතීති මහන්තං සීසං, කන්දලමකුලසදිසා දාඨා, භයානකානි අක්ඛිනාසාදීනීති එවං විරූපරූපං මාපෙත්වා ඨිතො. කස්මා පනෙස ආගතොති? දිට්ඨිවිස්සජ්ජාපනත්ථං. අපිච, “අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං, පරෙ ච මෙ න ආජානෙය්යු”න්ති එවං ධම්මදෙසනාය අප්පොස්සුක්කභාවං ආපන්නෙ භගවති සක්කො මහාබ්රහ්මුනා සද්ධිං ආගන්ත්වා, “භගවා ධම්මං දෙසෙථ, තුම්හාකං ආණාය අවත්තමානෙ මයං වත්තාපෙස්සාම, තුම්හාකං ධම්මචක්කං හොතු, අම්හාකං ආණාචක්ක”න්ති පටිඤ්ඤමකාසි. තස්මා “අජ්ජ සච්චකං තාසෙත්වා පඤ්හං විස්සජ්ජාපෙස්සාමී”ති ආගතො.
එහි සහධම්මිකං කරුණු සහිතව හේතු සහිතව, විදුරචිය මොහුගේ අතේ ඇත්තේනුයි වජිරපාණි නම් වේ. යක්ඛො ඒ ලාමක යක්ෂයෙක් නොවේ. සක්දෙවිඳු යයි දතයුතුය. ආදිත්තං ගිනිවන් වූ, සම්පජ්ජලිතං මොනවට ඇවිල ගත්, සජොති භූතං එකම ගිනිගුලියක් වූ හාත්පස ගිනිදැල් ඇති. ඨිතො හොති විශාල වූ හිස කෙසෙල් ඇවරි මෙන් දළය. බිහිසුනු ඇස්, නහය ආදියෙන් විරූප වූ මුහුණක් මවා සිටියේය. කුමක් නිසා මොහු ආයේ ද, දෘෂ්ටිය හරවනු පිණිසය. තව ද අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං පරෙච න මෙ අජානෙය්යුං මෙසේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසීම උත්සාහ රහිත වූ විට සක්දෙව් රජු සමග මහබඹු පැමිණ, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනු මැනව, ඔබගේ අණ නො පිළිපදින්නවුන් ලවා අපි පිළිසිඳවමු. ඔබගේ දහම් සක වේවා අපගේ අණසක වේවා. අද සම්මතයා බියගන්වා පැන විසඳවන්නෙමු යි ආහ.
භගවා චෙව පස්සති, සච්චකො ච නිගණ්ඨපුත්තොති යදි හි තං අඤ්ඤෙපි පස්සෙය්යුං. තං කාරණං අගරු අස්ස, “සමණො ගොතමො සච්චකං අත්තනො වාදෙ අනොතරන්තං ඤත්වා යක්ඛං ආවාහෙත්වා දස්සෙසි, තතො සච්චකො භයෙන කථෙසී”ති වදෙය්යුං. තස්මා භගවා චෙව පස්සති සච්චකො ච. තස්ස තං දිස්වාව සකලසරීරතො සෙදා මුච්චිංසු, අන්තොකුච්ඡි විපරිවත්තමානා මහාරවං රවි. සො “අඤ්ඤෙපි නු ඛො පස්සන්තී”ති ඔලොකෙන්තො කස්සචි ලොමහංසමත්තම්පි න අද්දස. තතො – “ඉදං භයං මමෙව උප්පන්නං. සචාහං යක්ඛොති වක්ඛාමි, ‘කිං තුය්හමෙව අක්ඛීනි අත්ථි, ත්වමෙව යක්ඛං පස්සසි, පඨමං යක්ඛං අදිස්වා සමණෙන ගොතමෙන වාදසඞ්ඝාටෙ ඛිත්තොව යක්ඛං පස්සසී’ති වදෙය්යු”න්ති චින්තෙත්වා – “න දානි මෙ ඉධ අඤ්ඤං පටිසරණං අත්ථි, අඤ්ඤත්ර සමණා ගොතමා”ති මඤ්ඤමානො, අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො…පෙ… භගවන්තං එතදවොච. තාණං ගවෙසීති තාණන්ති ගවෙසමානො. ලෙණං ගවෙසීති ලෙණන්ති ගවෙසමානො. සරණං ගවෙසීති සරණන්ති ගවෙසමානො. එත්ථ ච තායති රක්ඛතීති තාණං. නිලීයන්ති එත්ථාති ලෙණං. සරතීති සරණං, භයං හිංසති විද්ධංසෙතීති අත්ථො.
භගවා චෙව පස්සති, සච්චකෙ නිගණ්ඨපුත්තො ඉදින් ඔහු අන්‍යයෝත් දකින්නාහු නම්, එය අගරු වන්නේ ය. ශ්‍රමණ ගෞතමයෝ සච්චකයා තමාට පිළිතුරු නොදෙන නිසා යකෙකු කැඳවා පිළිතුරු ගත්තේ යයි, සච්චකයා භයින් කීයේය යයි සමහරු කියනු ඇත. එහෙයින් භාග්‍යවතුන් හා සච්චක ද දනී. දකී. ඔහු දැකීමෙන් සච්චක ගේ සියල් සිරුරින් දහඩිය ගැලීය. ඇතුළු කුස පෙරළමින් මහ හඬින් හැඬී හේ අනික් අය ද දකින්නේ දැයි වටපිට බලන්නේ අන් කිසිවෙක්හුගේ ලොම් දැහැගැනීමක් වත් නැති බව දිටීය. මේ භයම මට ම උපන. ඉදින් මම යක්ෂයෙකැයි කියමි නම්, කිමද ඇස් ඇත්තේ තොපට පමණ ද, ඔබ පමණක් යක්ෂයකු දකී ද, පළමුව යක්ෂයකු නොදැක දැන් ශ්‍රමණ ගෞතමයන් විසින් වාදාරෝපණය කළ කල්හිම යකකු පෙනේදැයි කියන්නාහු වෙති. දැන් මට ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ සරණ හැර වෙනත් පිළිසරණක් නැතැයි සිතන්නේ, ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රයා මෙසේ කීය. තාණං ගවෙසී ආරක්ෂාව සොයන්නේ, ලෙණං ගවෙසී සැඟවිය යුතු ස්ථාන සොයන්නේ, සරණං ගවෙසි පිහිටාධාර සරණ සොයන්නේ මෙහි පාලනය කෙරෙයි. රක්ෂණය කෙරේනුයි තාණ නමි. සැඟවීමට ආධාර වේනුයි ලෙණ නමි. හැසිරේනුයි සරණ නමි. භය නසයි. රැකවරණ දෙයි යන අදහසයි. මනසිකරිත්වා මෙනෙහි කොට, ප්රත්යවේක්ෂා කොට, විමසා,
මනසි කරිත්වාති මනම්හි කත්වා පච්චවෙක්ඛිත්වා උපධාරෙත්වා. එවං මෙ වෙදනා හොතූති කුසලාව හොතු, සුඛාව හොතු. එවං මෙ සඤ්ඤා හොතූති කුසලාව හොතු, සුඛාව හොතු, සොමනස්සසම්පයුත්තාව හොතූති. සඞ්ඛාරවිඤ්ඤාණෙසුපි එසෙව නයො. මා අහොසීති එත්ථ පන වුත්තවිපරියායෙන අත්ථො වෙදිතබ්බො. කල්ලං නූති යුත්තං නු. සමනුපස්සිතුන්ති “එතං මම එසොහමස්මි එසො මෙ අත්තා”ති එවං තණ්හාමානදිට්ඨිවසෙන පස්සිතුං. නො හිදං, භො ගොතමාති න යුත්තමෙතං, භො ගොතම. ඉති භගවා යථා නාම ඡෙකො අහිතුණ්ඩිකො සප්පදට්ඨවිසං තෙනෙව සප්පෙන පුන ඩංසාපෙත්වා උබ්බාහෙය්ය, එවං තස්සංයෙව පරිසති සච්චකං නිගණ්ඨපුත්තං තෙනෙව මුඛෙන පඤ්චක්ඛන්ධා අනිච්චා දුක්ඛා අනත්තාති වදාපෙසි.
මනසිකරිත්වා මෙනෙහි කොට, ප්රත්යවේක්ෂා කොට, විමසා එවං මෙ වෙදනා හොතීති කුශල වේදනාවම, සැප වේදනාවම වේවා, එවං මෙ සඤ්ඤාහොතු කුසල සංඥාවම වේවා, සොම්නස් හැඟීමම වේවා, සංස්කාර විඤ්ඤාණයන්හි ද මෙම න්යායමැයි. මා අහොසි මෙහි කියන ලද්දට වෙනස්ව අරුත් දතයුතුයි. කල්ලංසු යුතු ද සුදුසු ද සමනුපස්සිතුං මෙය මාගේ ය. මෙතෙම මම වෙමි. මේ මගේ ආත්මයය, මෙසේ තෘෂ්ණා මාන විසින් දකින්නට, නො හිදං භො ගොතම භවත් ගෞතමයිනි. මෙය යුතු නො වෙයි. සර්පයෙකු විසින් දෂ්ට කිරීමෙන් ඇතිවන සර්ප විෂය. ඒ සර්පයා ලවාම විස උරවන්නෙකු නසවන්නෙකු මෙන්, භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨයා ලවා ම, ඒ පිරිස් මැදදීම, ඔහුගේ කටින් පංචස්කන්ධය අනිත්‍ය ය, දුකය, අනාත්මයයි කියවීය.
දුක්ඛං අල්ලීනොති ඉමං පඤ්චක්ඛන්ධදුක්ඛං තණ්හාදිට්ඨීහි අල්ලීනො. උපගතො අජ්ඣොසිතොතිපි තණ්හාදිට්ඨිවසෙනෙව වෙදිතබ්බො. දුක්ඛං එතං මමාතිආදීසු පඤ්චක්ඛන්ධදුක්ඛං තණ්හාමානදිට්ඨිවසෙන සමනුපස්සතීති අත්ථො. පරිජානෙය්යාති අනිච්චං දුක්ඛං අනත්තාති තීරණපරිඤ්ඤාය පරිතො ජානෙය්ය. පරික්ඛෙපෙත්වාති ඛයං වයං අනුප්පාදං උපනෙත්වා.
දුක්ඛං අලලීනො මේ පංචස්කන්ධ දුක්ඛය තෘෂ්ණා දිට්ඨි ආදියෙහි ඇලුනේ, උපගතො අජඣාසිතො යනු තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ම දතයුතු. දුක්ඛං එතං මමා යනාදියෙහි පංචස්කන්ධ දුඃඛය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයන් සිහිකළ යුතුය යන අර්ථයි. පරිජානෙය්ය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව තීරණ පරිඤ්ඤාවෙන් දැන ගත්තේ ය. පරික්ඛෙපෙත්වා යනු විනාශයට, අවසානයට නිමාවට අනුත්පාදයට පමුණුවා,
නවන්ති තරුණං. අකුක්කුකජාතන්ති පුප්ඵග්ගහණකාලෙ අන්තො අඞ්ගුට්ඨප්පමාණො එකො ඝනදණ්ඩකො නිබ්බත්තති, තෙන විරහිතන්ති අත්ථො. රිත්තොති සුඤ්ඤො අන්තොසාරවිරහිතො. රිත්තත්තාව තුච්ඡො. අපරද්ධොති පරාජිතො. භාසිතා ඛො පන තෙති ඉදං භගවා තස්ස මුඛරභාවං පකාසෙත්වා නිග්ගණ්හන්තො ආහ. සො කිර පුබ්බෙ පූරණාදයො ඡ සත්ථාරො උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡති. තෙ විස්සජ්ජෙතුං න සක්කොන්ති. අථ නෙසං පරිසමජ්ඣෙ මහන්තං විප්පකාරං ආරොපෙත්වා උට්ඨාය ජයං පවෙදෙන්තො ගච්ඡති. සො සම්මාසම්බුද්ධම්පි තථෙව විහෙඨෙස්සාමීති සඤ්ඤාය උපසඞ්කමිත්වා –
නවං යනු තරුණ අකුක්කජාතං යනු මල් හටගන්නා වකවානුවේ ඇතුළත අඟල් අටක් පමණ වූ එක් ඝන වූ දණ්ඩක් හටගනී. එයින් විරහිත යන අර්ථයි. රිත්තො ශූන්‍ය වූ, හර රහිත වූ, හිස් වූ බැවින් තුච්ඡො, අපරද්ධො පරදන ලදුයේ භාසිතා ඛො පන තෙති මෙය භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ මුඛරි බව පවසා නිග්‍රහ කරමින් වදාළහ. ඔහු වනාහි පෙර පූරණාදී ෂට් ශාස්තෲන් වෙත එළඹ ප්‍රශ්න විචාරයි. ඔවුනට ඒවා විසඳිය නො හැකි වෙති. එකල්හි ඔවුන්ට පිරිස් මැද මහත් සිනහ නගා ජය ප්‍රකාශ කර යයි. හේ සම්‍යක් සම්බුද්ධයන් ද එසේ වෙහෙස කරන්නේ ය යන සිතින් පැමිණ,
“අම්භො කො නාම යං රුක්ඛො, සින්නපත්තො සකණ්ටකො; යත්ථ එකප්පහාරෙන, උත්තමඞ්ගං විභිජ්ජිත”න්ති.
අම්හො කො නාමයං රුක්ඛො සීන පත්තො සකණ්ටකො යත්ථ එකප්පහාරෙන - උත්තමංගං විසාරිතං
එම්බා නිසරු රුක! යම් රුකෙක්හි එකම පහරින් මුදුනම (උතුමග) සිඳින ලද්දේ ද, සියුම් කොළ ඇති කටු සහිත වූ මේ රුක කිනම්ද?
අයං ඛදිරං ආහච්ච අසාරකරුක්ඛපරිචිතො මුදුතුණ්ඩසකුණො විය සබ්බඤ්ඤුතඤ්ඤාණසාරං ආහච්ච ඤාණතුණ්ඩභෙදං පත්තො සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස ථද්ධභාවං අඤ්ඤාසි. තදස්ස පරිසමජ්ඣෙ පකාසෙන්තො භාසිතා ඛො පන තෙතිආදිමාහ.
මේ නිසරු රුක පුරුදු වූ මෙලෙක් තුඩැති ලිහිණියා කිහිරි රුකට කෙටුවද, සර්වඥතාඥාන නමැති අරටුව සහිත වූ නුවණැති රුකට කෙටීමට පැමිණියද, සර්වඥතාඥානයේ හරවත් බව තද බව දැනගත්තේය. ඔහුගේ මුඛරි බව ඒ පිරිස මැද ප්‍රකාශ කරන භාග්‍යවතුන් වහන්සේ භාසිතා ඛො පන තො යනාදිය වදාළේය.
නත්ථි එතරහීති උපාදින්නකසරීරෙ සෙදො නාම නත්ථීති න වත්තබ්බං, එතරහි පන නත්ථීති වදති. සුවණ්ණවණ්ණං කායං විවරීති න සබ්බං කායං විවරි. බුද්ධා නාම ගණ්ඨිකං පටිමුඤ්චිත්වා පටිච්ඡන්නසරීරා පරිසති ධම්මං දෙසෙන්ති. අථ භගවා ගලවාටකසම්මුඛට්ඨානෙ චීවරං ගහෙත්වා චතුරඞ්ගුලමත්තං ඔතාරෙසි. ඔතාරිතමත්තෙ පන තස්මිං සුවණ්ණවණ්ණා රස්මියො පුඤ්ජපුඤ්ජා හුත්වා සුවණ්ණඝටතො රත්තසුවණ්ණරසධාරා විය, රත්තවණ්ණවලාහකතො විජ්ජුලතා විය ච නික්ඛමිත්වා සුවණ්ණමුරජසදිසං මහාඛන්ධං උත්තමසිරං පදක්ඛිණං කුරුමානා ආකාසෙ පක්ඛන්දිංසු.
එහි එතරහී උපාදින්නක ශරීරයේ, තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද ස්කන්ධ පරම්පරාවේ දහදිය නම් නැතැයි නො කිව යුතුය. එහෙත් නැතැයි කියති. සුවණ්ණ වණ්ණං කායං විවරි යනු සියලු කය විවෘත නො කළහ. බුදුවරයෝ නම් ගැටවටු ගන්වා (දෙවුරට වසා සිවුර පොරවා) පිළිසන් සිරුරින්ම පිරිසට දහම් දෙසති. එකල භාග්‍යවතුන් වහන්සේ ගලවළුව හමු වූ තැන (බෙල්ලේ වල ඇති තැනින්) සිවුර ගෙන සතරඟුල් පමණ බහාලූහ. එය බහාලූ කෙණෙහි රන්වන් රැස් ගුලි ගුලි වැ, රන් කළයකින් රත්රන් දියර සෙයින් ද, රන්වලා ගැබකින් විදුලිය මෙන් ද නික්මී රන් මිහිඟුවක් බඳු මහකඳ ඇති උතුම් හිස පැදකුණු කරමින් අහසෙහි වැඩ හුන්හ.
කස්මා පන භගවා එවමකාසීති? මහාජනස්ස කඞ්ඛාවිනොදනත්ථං. මහාජනො හි සමණො ගොතමො මය්හං සෙදො නත්ථීති වදති, සච්චකස්ස තාව නිගණ්ඨපුත්තස්ස යන්තාරුළ්හස්ස විය සෙදා පග්ඝරන්ති. සමණො පන ගොතමො ඝනදුපට්ටචීවරං පාරුපිත්වා නිසින්නො, අන්තො සෙදස්ස අත්ථිතා වා නත්ථිතා වා කථං සක්කා ඤාතුන්ති කඞ්ඛං කරෙය්ය, තස්ස කඞ්ඛාවිනොදනත්ථං එවමකාසි.
භාග්‍යවතුන් වහන්සේ කවර හෙයකින් මෙසේ කළේ ද, මහජනයාගේ සැකය දුරලනු පිණිසය. මහජනයා ‘ශ්‍රමණ ගෞතමයෝ මාගේ දහදිය නැතැයි කියති. සච්චක නිගණ්ඨ පුත්‍රයාගේ ඉහින් කනින් යන්ත්‍රයකින් මෙන් දහදිය වැගිරෙති. ශ්‍රමණ ගෞතමයෝ ගන දෙපටසිවුර පොරවා සිටියහ. ඇතුළත දහදිය ඇති නැති බව කෙසේ දැනගන්නදැයි සැක කරන්නේය. ඒ මහජනයාගේ සැක දුරු කරනු පිණිස මෙසේ කළ සේක.
මඞ්කුභූතොති නිත්තෙජභූතො. පත්තක්ඛන්ධොති පතිතක්ඛන්ධො. අප්පටිභානොති උත්තරි අප්පස්සන්තො. නිසීදීති පාදඞ්ගුට්ඨකෙන භූමිං කසමානො නිසීදි.
මංකුභූතො තෙද රහිත වූයේ, පත්තක්ඛන්ධො හෙලූ කඳ ඇතියේ, අප්පටිභානො පිළිතුරක් නොදන්නේ, නිසීදි පා ඇගිලිවලින් බිම සාරමින් ඉරි අඳිමින් සිටියහ.
දුම්මුඛොති න විරූපමුඛො, අභිරූපො හි සො පාසාදිකො. නාමං පනස්ස එතං. අභබ්බො තං පොක්ඛරණිං පුන ඔතරිතුන්ති සබ්බෙසං අළානං භග්ගත්තා පච්ඡින්නගමනො ඔතරිතුං අභබ්බො, තත්ථෙව කාකකුලලාදීනං භත්තං හොතීති දස්සෙති. විසූකායිකානීති දිට්ඨිවිසූකානි. විසෙවිතානීති දිට්ඨිසඤ්චරිතානි. විප්ඵන්දිතානීති දිට්ඨිවිප්ඵන්දිතානි. යදිදං වාදාධිප්පායොති එත්ථ යදිදන්ති නිපාතමත්තං; වාදාධිප්පායො හුත්වා වාදං ආරොපෙස්සාමීති අජ්ඣාසයෙන උපසඞ්කමිතුං අභබ්බො; ධම්මස්සවනාය පන උපසඞ්කමෙය්යාති දස්සෙති. දුම්මුඛං ලිච්ඡවිපුත්තං එතදවොචාති කස්මා අවොච ? දුම්මුඛස්ස කිරස්ස උපමාහරණකාලෙ සෙස ලිච්ඡවිකුමාරාපි චින්තෙසුං – “ඉමිනා නිගණ්ඨෙන අම්හාකං සිප්පුග්ගහණට්ඨානෙ චිරං අවමානො කතො, අයං දානි අමිත්තස්ස පිට්ඨිං පස්සිතුං කාලො. මයම්පි එකෙකං උපමං ආහරිත්වා පාණිප්පහාරෙන පතිතං මුග්ගරෙන පොථෙන්තො විය තථා නං කරිස්සාම, යථා න පුන පරිසමජ්ඣෙ සීසං උක්ඛිපිතුං සක්ඛිස්සතී”ති, තෙ ඔපම්මානි කරිත්වා දුම්මුඛස්ස කථාපරියොසානං ආගමයමානා නිසීදිංසු. සච්චකො තෙසං අධිප්පායං ඤත්වා, ඉමෙ සබ්බෙව ගීවං උක්ඛිපිත්වා ඔට්ඨෙහි චලමානෙහි ඨිතා; සචෙ පච්චෙකා උපමා හරිතුං ලභිස්සන්ති, පුන මයා පරිසමජ්ඣෙ සීසං උක්ඛිපිතුං න සක්කා භවිස්සති, හන්දාහං දුම්මුඛං අපසාදෙත්වා යථා අඤ්ඤස්ස ඔකාසො න හොති, එවං කථාවාරං පච්ඡින්දිත්වා සමණං ගොතමං පඤ්හං පුච්ඡිස්සාමීති තස්මා එතදවොච. තත්ථ ආගමෙහීති තිට්ඨ, මා පුන භණාහීති අත්ථො.
දුම්මුඛො යනු විරූප වූ මුහුණ ඇත්තේ නොවේ. හේ අභිරූප වූයේ ප්‍රසාදය ඇතිවන්නේ ම ය. ඔහුගේ ක්‍රමය එයයි. අභබ්බො තං පොක්ඛරණිං පුන ඔතුරිතුං සියලු සම්පත් සියලු කරුණු නැති වූ හෙයින්, පසුගමන් ඇත්තේ, බැසගැනීමට නුසුදුසු වූයේ එහිම කවුඩු ගිජුලිහිණි ආදීන්ට ආහාර වේයයි දක්වයි. විසූකායිතානි යනු සම්‍යක් දෘෂ්ටියට වෙනස් වූ දෘෂ්ටීහු, විසේවිතානා දෘෂ්ටි සංචරිතයෝ, විප්ඵන්දිතානි යනු විරුද්ධ වූ දෘෂ්ටි කම්පනයෝ, යදිදං වාදිස්සායො යනු මෙහි යදිදං යනු නිපාතයකි. වාද කිරීමෙහි අදහස් ඇතිව, වාදාරෝපණය කරන්නෙමියි යන අදහසින් තවදුරටත් සිටින්නට නුසුදුසු වෙයි. එහෙත් බණ අසන්නේ යයි කැමති වෙයි. දුම්මුඛං ලිච්ඡවි පුත්තං එතදවොච දුර්මුඛ වූ ලිච්ඡවී රජදරුවෝ මෙසේ කීහ. කුමක් හෙයින් කීයේද? දුර්මුඛ වූ තැනැත්තා උපහාසයට ලක් කරනවිට ලිච්ඡවී කුමාරවරුන්ට මෙසේ සිතිණ. ‘මේ නිගණ්ඨයා විසින් අපට ශිල්ප උගන්වන විට බොහෝ අවමන් කළේය. දැන් මේ පසමිතුරා පිටුදකින්නට සුදුසු කාලයයි. අපි ද එක එක උපමාව ගෙන දක්වමින්, අතුල් පහරකින් වැටුණු අයකුට මුගුරකින් තලන්නාක් මෙන් නැවත ඔහුට මෙවැනි පිරිස් මැද හිස ඔසවන්නට නො හැකි වන පරිද්දෙන් කටයුතු කළ යුතුයි.’ ඔව්හූ දුර්මුඛයාගේ කථාවසානය බලමින් හුන්නාහුය. සච්චක ද ඔවුන්ගේ අදහස් දැන මොවුහූ සියල්ලෝම බෙලි දික්කොට සැලෙන තොල්වලින් සිටිති. නැවත වෙනම මා වෙත උපහාස එල්ල කරන්නේ නම් යළි මට පිරිස් මැද හිස ඔසවන්නට බැරි වේ. මම නිශ්ශබ්ද නො වී, වෙනත් අයකුට ඉඩක් නොලැබෙන පරිද්දෙන්, ශ්‍රමණ ගෞතමයන් සමගම කථා සල්ලාපය ආරම්භ කරමි. ප්‍රශ්න විචාරන්නෙමි. එහෙයින් මෙය කීය. එහි ආගමෙහි යනු සිටුව, යළි කථා නො කරව.
තිට්ඨතෙසා, භො ගොතමාති, භො ගොතම, එසා අම්හාකඤ්චෙව අඤ්ඤෙසඤ්ච පුථුසමණබ්රාහ්මණානං වාචා තිට්ඨතු. විලාපං විලපිතං මඤ්ඤෙති එතඤ්හි වචනං විලපිතං විය හොති, විප්පලපිතමත්තං හොතීති අත්ථො. අථ වා තිට්ඨතෙසාති එත්ථ කථාති ආහරිත්වා වත්තබ්බා. වාචාවිලාපං විලපිතං මඤ්ඤෙති එත්ථ පනිදං වාචානිච්ඡාරණං විලපිතමත්තං මඤ්ඤෙ හොතීති අත්ථො.
තිටඨතෙක භො ගොතම භවත් ගෞතමයනි, අපගේ හා අන්‍ය වූ බොහෝ මහණ බමුණගේ වචන කිම තිබියේවා. ඵලාපං විලපිතං මඤ්ඤෙ මේ වචනය විලාප මාත්‍රයක් වෙයි යන අර්ථයි. තිට්ඨ තෙසා යන මෙහි ‘කථා’ යන්න හැර කිවයුතුයි. වාචා විලාපං විනපිතං මඤ්ඤෙ යන මෙහි වනාහි කථා කිරිම විප්‍රලාප කීමක් මෙන් වන්නේ ය.
ඉදානි පඤ්හං පුච්ඡන්තො කිත්තාවතාතිආදිමාහ. තත්ථ වෙසාරජ්ජපත්තොති ඤාණපත්තො. අපරප්පච්චයොති අපරප්පත්තියො. අථස්ස භගවා පඤ්හං විස්සජ්ජෙන්තො ඉධ, අග්ගිවෙස්සනාතිආදිමාහ, තං උත්තානත්ථමෙව. යස්මා පනෙත්ථ පස්සතීති වුත්තත්තා සෙක්ඛභූමි දස්සිතා. තස්මා උත්තරි අසෙක්ඛභූමිං පුච්ඡන්තො දුතියං පඤ්හං පුච්ඡි, තම්පිස්ස භගවා බ්යාකාසි.
මෙවිට ප්‍රශ්න විමසන්නේ කිත්තාවතා යනාදිය කීය. එහි වෙසාරජ්ජප්පත්තො විශාරද ඤාණයට පැමිණියේ, අපරප්පච්චයො පර ප්‍රත්‍ය රහිත වූයේ, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ පැන විසඳන සේක් ඉධ අග්ගිවෙස්සන යනාදිය වදාළහ. යම්හෙයකින් මෙහි ‘පසසති’ යි කී බැවින් ශෛක්ෂ භූමිය දක්වන ලදී. එහෙයින් දෙවැනිව අශෛක්ෂ ප්රශ්නය විමසන්නේ දෙවෙනි ප්රශ්නය විචාළේය. එයද භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළහ.
තත්ථ දස්සනානුත්තරියෙනාතිආදීසු දස්සනානුත්තරියන්ති ලොකියලොකුත්තරා පඤ්ඤා. පටිපදානුත්තරියන්ති ලොකියලොකුත්තරා පටිපදා. විමුත්තානුත්තරියන්ති ලොකියලොකුත්තරා විමුත්ති. සුද්ධලොකුත්තරමෙව වා ගහෙත්වා දස්සනානුත්තරියන්ති අරහත්තමග්ගසම්මාදිට්ඨි. පටිපදානුත්තරියන්ති සෙසානි මග්ගඞ්ගානි. විමුත්තානුත්තරියන්ති අග්ගඵලවිමුත්ති. ඛීණාසවස්ස වා නිබ්බානදස්සනං දස්සනානුත්තරියං නාම. මග්ගඞ්ගානි පටිපදානුත්තරියං. අග්ගඵලං විමුත්තානුත්තරියන්ති වෙදිතබ්බං.
එහි දස්සනානුත්තරියෙන යනාදියෙහි දස්සනානුත්තරිය යනු ලෞකික ලෝකෝත්තර ප්රඥාවයි. පටිපදානුත්තරියං යනු ලෞකික ලෝකෝත්තර ප්‍රතිපදාවයි. විමුත්තානුත්තරියං යනු ලෞකික ලෝකෝත්තර විමුක්තියයි. නොහොත් ශුද්ධ ලෝකෝත්තමයි. දස්සනානුත්තරියං අර්හත් මාර්ග සම්‍යක් දෘෂ්ටියයි. පටිපදානුත්තරිය යනු සෙසු මාර්ගයෝය. විමුත්තානුත්තරිය යනු මාර්ගඵල විමුක්තිය නොහොත් ක්ෂීණාශ්රවයාගේ නිර්වාණ දර්ශනයයි. දස්සනානුත්තරිය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෝය. පටිපදානුත්තරිය නම් අග්‍රඵලය විමුත්තානුත්තරිය නමැයි දතයුතු.
බුද්ධො සො භගවාති සො භගවා සයම්පි චත්තාරි සච්චානි බුද්ධො. බොධායාති පරෙසම්පි චතුසච්චබොධාය ධම්මං දෙසෙති. දන්තොතිආදීසු දන්තොති නිබ්බිසෙවනො. දමථායාති නිබ්බිසෙවනත්ථාය. සන්තොති සබ්බකිලෙසවූපසමෙන සන්තො. සමථායාති කිලෙසවූපසමාය. තිණ්ණොති චතුරොඝතිණ්ණො. තරණායාති චතුරොඝතරණාය. පරිනිබ්බුතොති කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතො. පරිනිබ්බානායාති කිලෙසපරිනිබ්බානත්ථාය.
බුද්ධො සො භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ම සිව්සස් අවබෝධ කළහ. බොධයා අනුන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ කරවීමට දහම් දෙසති. දන්තො ඉන්ද්රිය දමනයෙන් යුක්ත වූයේ දමථාය නිර්වාණය පිණිස. සමථාය කෙලෙස් සන්සිඳීම පිණිස, තිණ්ණො සතර ඕඝයන් තරණය කළේ, තරණය සතර ඕඝ තරණය පිණිස, පරිනිබ්බුතො ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියේ, පරිනිබ්බාණය කෙලෙස් නැතිකිරීම නිවාරණය සඳහා දහම් දෙසයි.
ධංසීති ගුණධංසකා. පගබ්බාති වාචාපාගබ්බියෙන සමන්නාගතා. ආසාදෙතබ්බන්ති ඝට්ටෙතබ්බං. ආසජ්ජාති ඝට්ටෙත්වා. නත්වෙව භවන්තං ගොතමන්ති භවන්තං ගොතමං ආසජ්ජ කස්සචි අත්තනො වාදං අනුපහතං සකලං ආදාය පක්කමිතුං ථාමො නත්ථීති දස්සෙති. න හි භගවා හත්ථිආදයො විය කස්සචි ජීවිතන්තරායං කරොති.
ධංසී ගුණ නසන්නාහු, පගබ්භා, වාක් - බුහුටිකමින් යුක්තවූවාහු, ආසාදෙතබ්බං ගැටිය යුතුය, ආසජ්ජා නත්ථෙව භවන්තං ගොතමං භවත් ගෞතමයන් ගටා කිසිවකුට තමාගේ නොනට සියලු වාද ගෙන යන්නට ශක්තිය නැතැයි කියයි. භාග්‍යවතුන් වහන්සේ තිරිසනුන් මෙන් කිසිවකුට ජීවිත අන්තරායක් නො කරති.
අයං පන නිගණ්ඨො ඉමා තිස්සො උපමා න භගවතො උක්කංසනත්ථං ආහරි, අත්තුක්කංසනත්ථමෙව ආහරි. යථා හි රාජා කඤ්චි පච්චත්ථිකං ඝාතෙත්වා එවං නාම සූරො එවං ථාමසම්පන්නො පුරිසො භවිස්සතීති පච්චත්ථිකං ථොමෙන්තොපි අත්තානමෙව ථොමෙති. එවමෙව සොපි සියා හි, භො ගොතම, හත්ථිං පභින්නන්තිආදීහි භගවන්තං උක්කංසෙන්තොපි මයමෙව සූරා මයං පණ්ඩිතා මයං බහුස්සුතායෙව එවං පභින්නහත්ථිං විය, ජලිතඅග්ගික්ඛන්ධං විය, ඵණකතආසීවිසං විය ච වාදත්ථිකා සම්මාසම්බුද්ධං උපසඞ්කමිම්හාති අත්තානංයෙව උක්කංසෙති. එවං අත්තානං උක්කංසෙත්වා භගවන්තං නිමන්තයමානො අධිවාසෙතු මෙතිආදිමාහ.
මේ නිගණ්ඨයා වූ කලී මේ උපමා තුන භාග්‍යවතුන් වහන්සේ උත්කර්ෂය ශ්‍රේෂ්ඨත්වය පිණිස ඉදිරිපත් නො කළේය. තමන්ට උත්කර්ෂය, ශ්‍රේෂ්ඨත්වය පිණිසම ඉදිරිපත් කළේය. යම්සේ රජු කිසියම් පසමිතුරෙකු නසා මෙසේත් සූර වූ, මෙසේ බලසම්පන්න වූ, පුද්ගලයෙක් වන්නේ යයි පසමිතුරා වර්ණනා කරන්නේ නමුත් තමන්ටම ප්‍රශංසා කරයිද, එපරිද්දෙන් මෙතෙමේත්, සියාභි භො ගොතම සත්ථිප්පභින්නං යනාදීන් භාග්‍යවතුන් වහන්සේම උසස් කරන්නේ අපිම ශූරයෝ වම්හ. අපිම පණ්ඩිතයෝ වම්හ. අපිම බහුශ්‍රැතයෝ වම්භ. යම් අපි මෙසේ මත් ඇතෙකු කරා මෙන්ම දිලිසෙන ගිනිකඳක් කරා මෙන් ද, වෙන් කළ සර්පයකු කරා මෙන් ද, වාද කිරීම සඳහාම එළඹියේ දැයි තමන්ම උසස් කෙරේ. මෙසේ තමා උසස්කොට භාග්‍යවතුන් පවරන්නේ අධිවාසෙතු මෙ යනාදිය කීහ.
තත්ථ අධිවාසෙතූති සම්පටිච්ඡතු. ස්වාතනායාති යං මෙ තුම්හෙසු කාරං කරොතො ස්වෙ භවිස්සති පුඤ්ඤඤ්ච පීතිපාමොජ්ජඤ්ච, තදත්ථාය. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙනාති භගවා කායඞ්ගං වා වාචඞ්ගං වා අචොපෙත්වා අබ්භන්තරෙයෙව ඛන්තිං ධාරෙන්තො තුණ්හීභාවෙන අධිවාසෙසි. සච්චකස්ස අනුග්ගහකරණත්ථං මනසාව සම්පටිච්ඡීති වුත්තං හොති.
එහි අධිවාසෙතු යනු පිළිගනීවා, ස්වාතනායා යනු ඔබ කෙරෙහි සත්කාර කරන්නා වූ මට යම් පිනකුත් ප්‍රීතියකුත් ශ්‍රේෂ්ඨ වන්නේ ද, ඒ සඳහා අධිවාසෙතු භගවා තුණ්හීභාවෙන භාග්‍යවතුන් වහන්සේ කායංග වාචංග මෙහෙයවීමක් නො කොට, ඇතුළතින්ම ක්ෂාන්තිය දරන්නේ නිශ්ශබ්දතාවයෙන් ඉවසා වදාළේය. සච්චකයාට අනුග්‍රහ කරනු පිණිස සිතින්ම පිළිගත් සේක.
යමස්ස පතිරූපං මඤ්ඤෙය්යාථාති තෙ කිර ලිච්ඡවී තස්ස පඤ්චථාලිපාකසතානි නිච්චභත්තං ආහරන්ති. තදෙව සන්ධාය එස ස්වෙ තුම්හෙ යං අස්ස සමණස්ස ගොතමස්ස පතිරූපං කප්පියන්ති මඤ්ඤෙය්යාථ, තං ආහරෙය්යාථ; සමණස්ස හි ගොතමස්ස තුම්හෙ පරිචාරකා කප්පියාකප්පියං යුත්තායුත්තං ජානාථාති වදති. භත්තාභිහාරං අභිහරිංසූති අභිහරිතබ්බං භත්තං අභිහරිංසු.
යමස්ස පතිරූපං මඤ්ඤෙය්යථ, යනු ඒ ලිච්ඡවීහූ ඔහුට පන්සියයක් බත්සැළි නිති බත් දෙති. ඒ සඳහාම මොහු ‘හෙට තෙපි යමක් සුදුසු යයි කැප යයි සිතන්නහු නම් එය ගෙන එන්න. යම්හෙයකින් තෙපි ශ්‍රමණ ගෞතමයන්ගේ පිරිවර නිසා කැප අකැප යුතු අයුතු දේ දන්නහුය. එහෙයින් ‘භත්තාභි භාරං අභිහරිංසු’ එසවිය යුතු බත් එළවූහු.
පණීතෙනාති උත්තමෙන. සහත්ථාති සහත්ථෙන. සන්තප්පෙත්වාති සුට්ඨු තප්පෙත්වා, පරිපුණ්ණං සුහිතං යාවදත්ථං කත්වා. සම්පවාරෙත්වාති සුට්ඨු පවාරෙත්වා, අලං අලන්ති හත්ථසඤ්ඤාය පටික්ඛිපාපෙත්වා. භුත්තාවින්ති භුත්තවන්තං. ඔනීතපත්තපාණින්ති පත්තතො ඔනීතපාණිං, අපනීතහත්ථන්ති වුත්තං හොති. “ඔනිත්තපත්තපාණි”න්තිපි පාඨො, තස්සත්ථො, ඔනිත්තං නානාභූතං පත්තං පාණිතො අස්සාති ඔනිත්තපත්තපාණී. තං ඔනිත්තපත්තපාණිං, හත්ථෙ ච පත්තඤ්ච ධොවිත්වා එකමන්තෙ පත්තං නික්ඛිපිත්වා නිසින්නන්ති අත්ථො. එකමන්තං නිසීදීති භගවන්තං එවංභූතං ඤත්වා එකස්මිං ඔකාසෙ නිසීදීති අත්ථො.
පණීතෙන යනු උතුම් වූ සහත්ථා සියතින් සන්තප්පෙත්වා මනාව භෝජනයෙන් සම්පූර්ණ කරවා, පිංගියකු යැපුනෙකු කොට, සම්පවාරෙත්වා මනාව පවරා ඇතැයි අතින් ප්‍රතික්ෂේප කරද්දී භුත්තාවී වැළඳුවහු ඔණීතපත්තපාණිං පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇත්තාහු, ඔහිත පත්තපාණී යනු ද පාඨයකි. අතින් බැහැර වූ වෙන් වූ පාත්‍ර මොහුටනුයි ඔහිතපත්තපාණි නමි. අත් ද පාත්‍රය ද සෝදා එක් පසෙක තබා යන අර්ථයි. එකමන්තං නිසීදි. භාග්‍යවතුන් වහන්සේ එක් අවකාශයක හුන්නේය යන තේරුමයි.
පුඤ්ඤඤ්චාති යං ඉමස්මිං දානෙ පුඤ්ඤං, ආයතිං විපාකක්ඛන්ධාති අත්ථො. පුඤ්ඤමහීති විපාකක්ඛන්ධානංයෙව පරිවාරො. තං දායකානං සුඛාය හොතූති තං ඉමෙසං ලිච්ඡවීනං සුඛත්ථාය හොතු. ඉදං කිර සො අහං පබ්බජිතො නාම, පබ්බජිතෙන ච න යුත්තං අත්තනො දානං නිය්යාතෙතුන්ති තෙසං නිය්යාතෙන්තො එවමාහ.
පුඤ්ඤංච පුඤ්ඤම්හ මේ දානයෙහි පින ඉදිරියේ මහත් විපාක දේ යන අර්ථයි. පුඤ්ඤම්හි විපාක ස්කන්ධයාගේ ම පිරිවර වේ. තං දායකානං සුඛාය හොතු යනු මේ ලිච්ඡවී සුවය පිණිසම වේවා, මෙහි වනාහි ‘මා පැවිද්දෙකු නම් පැවිද්දෙකු විසින් තමාගේ දන පාවාදෙන්ට අයුතුය’ යි ඔවුනට පාවා දෙමින් මෙසේ කීය.
අථ භගවා යස්මා ලිච්ඡවීහි සච්චකස්ස දින්නං, න භගවතො. සච්චකෙන පන භගවතො දින්නං, තස්මා තමත්ථං දීපෙන්තො යං ඛො, අග්ගිවෙස්සනාතිආදිමාහ. ඉති භගවා නිගණ්ඨස්ස මතෙන විනායෙව අත්තනො දින්නං දක්ඛිණං නිගණ්ඨස්ස නිය්යාතෙසි, සා චස්ස අනාගතෙ වාසනා භවිස්සතීති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම්හෙයකින් ලිච්ඡවීන් විසින් සච්චකට දෙන ලද ද, එහෙයින් එකරුණ දක්වන සේක් සංඛො අග්ගිවෙස්සන යනාදිය වදාළහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සිතක් නැතිවම නිගණ්ඨයා විසින් තමන්ට දුන් දක්ෂිණාව නිගණ්ඨයාටම පාවා දුන්හ. ඒ දක්ෂිණාව අනාගතයේ ඔහුට වාසනාව ගෙන එන්නේය කියායි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චූළසච්චකසුත්තවණ්ණනා නිට්ඨිතා.
චූල සච්චක සූත්‍ර වර්ණනාව නිමියේය.