යෙදුමෙන් කියවන්න

මහාසච‍්චකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

මහාසච‍්චකසුත‍්තවණ‍්ණනා

මහාසච්චක සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාසච‍්චකසුත‍්තං. තත්‍ථ එකං සමයන‍්ති ච තෙන ඛො පන සමයෙනාති ච පුබ‍්බණ‍්හසමයන‍්ති ච තීහි පදෙහි එකොව සමයො වුත‍්තො. භික‍්ඛූනඤ‍්හි වත‍්තපටිපත‍්තිං කත්‍වා මුඛං ධොවිත්‍වා පත‍්තචීවරමාදාය චෙතියං වන්‍දිත්‍වා කතරං ගාමං පවිසිස‍්සාමාති විතක‍්කමාළකෙ ඨිතකාලො නාම හොති. භගවා එවරූපෙ සමයෙ රත‍්තදුපට‍්ටං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා පංසුකූලචීවරං එකංසං පාරුපිත්‍වා ගන්‍ධකුටිතො නික‍්ඛම‍්ම භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ගන්‍ධකුටිපමුඛෙ අට‍්ඨාසි. තං සන්‍ධාය, – “එකං සමයන‍්ති ච තෙන ඛො පන සමයෙනාති ච පුබ‍්බණ‍්හසමය”න‍්ති ච වුත‍්තං. පවිසිතුකාමොති පිණ‍්ඩාය පවිසිස‍්සාමීති එවං කතසන‍්නිට‍්ඨානො. තෙනුපසඞ‍්කමීති කස‍්මා උපසඞ‍්කමීති? වාදාරොපනජ‍්ඣාසයෙන. එවං කිරස‍්ස අහොසි – “පුබ‍්බෙපාහං අපණ‍්ඩිතතාය සකලං වෙසාලිපරිසං ගහෙත්‍වා සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පරිසමජ‍්ඣෙ මඞ‍්කු ජාතො. ඉදානි තථා අකත්‍වා එකකොව ගන‍්ත්‍වා වාදං ආරොපෙස‍්සාමි. යදි සමණං ගොතමං පරාජෙතුං සක‍්ඛිස‍්සාමි, අත‍්තනො ලද‍්ධිං දීපෙත්‍වා ජයං කරිස‍්සාමි. යදි සමණස‍්ස ගොතමස‍්ස ජයො භවිස‍්සති, අන්‍ධකාරෙ නච‍්චං විය න කොචි ජානිස‍්සතී”ති නිද‍්දාපඤ‍්හං නාම ගහෙත්‍වා ඉමිනා වාදජ‍්ඣාසයෙන උපසඞ‍්කමි.

එවම්මෙසුතං මහා සච්චක සූත්‍රයයි. එහි එකං සමයං යන්න ද තෙනඛොපන සමයෙන යන්න ද පුබ්බණ්හසමයං යන්න ද මේ පද තුනම එකම වකවානුව කාලය කියන ලදී. භික්‍ෂූන් වහන්සේලා වත්පිළිවෙත් කොට මුව සෝදා පා සිවුරු ගෙන සෑය වැඳ කවර ගමකට යන්නමෝදැයි විතර්ක කරමින් සිටි කාලය වේ. එබඳු කල භාග්‍යවතුන් වහන්සේ රක්ත වර්ණ දෙපට අඳනය ඇඳ, කාය බන්‍ධනය (පටිය) බැඳ පාංශුකූල චීවරය ඒකාංශ කොට පවිසිතු කාමො පිඬු පිණිස වැඩිය යුතු යයි සනිටුහන් ඇතිව (සච්චක තෙමේ භාග්‍යවතුන් වෙත එළඹියේය) කවර හෙයකින් පැමිණියේද, වාදාරෝපණය කරන අදහසිනි. ඔහුට මෙසේ සිතුණේල. පළමුව මම නොවියත් බැවින් විශාලා මහනුවරින් මහ සෙනග පිරිවර ගෙන ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් මතු වූයෙමි. ලජ්ජාවට පත් වූයෙමි. දැන් එසේ නොකොට හුදෙකලාවම ගොස් වාදාරෝපණය කරන්නෙමි. ඉදින් ශ්‍රමණ ගෞතමයන් පරදවන්නට හැකි වන්නෙම් ද, එකල මාගේ ලබ්ධිය ප්‍රකාශ කොට ජය ලබන්නෙමි. ඉදින් ශ්‍රමණ ගෞතමයන් ජය ගත්තේ නම් එකල අඳුරේ රඟපෑ නාඩගමක් මෙන් කිසිවෙක් නො දන්නේ යයි සිතා නිද්‍රා ප්‍රශ්නය නම් ප්‍රශ්නයක් ගෙන වාද කිරීමේ අදහසින් වෙත එළඹියේය.

අනුකම‍්පං උපාදායාති සච‍්චකස‍්ස නිගණ‍්ඨපුත‍්තස‍්ස අනුකම‍්පං පටිච‍්ච. ථෙරස‍්ස කිරස‍්ස එවං අහොසි – “භගවති මුහුත‍්තං නිසින‍්නෙ බුද‍්ධදස‍්සනං ධම‍්මස‍්සවනඤ‍්ච ලභිස‍්සති. තදස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය සංවත‍්තිස‍්සතී”ති. තස‍්මා භගවන‍්තං යාචිත්‍වා පංසුකූලචීවරං චතුග‍්ගුණං පඤ‍්ඤපෙත්‍වා නිසීදතු භගවාති ආහ. “කාරණං ආනන්‍දො වදතී”ති සල‍්ලක‍්ඛෙත්‍වා නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ.

අනුකම්පං උපාදාය සච්චක නිගණ්ඨ පුත්‍රයාට අනුකම්පා පිණිස ආනන්ද තෙරුන්ට මෙසේ සිතීල. ‘භාග්‍යවතුන් වහන්සේ මොහොතක් හෝ වැඩහුන් කල බුද්ධ දර්ශනය ද ධර්මශ්‍රවණය ද ලැබෙන්නේ එය ඔහුට දිගු කලක් හිතසුව සඳහා පවතින්නේය’ එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අයැද පාංශුකූල චීවරය සතරට නවා අසුන් පනවා වැඩහුන මැනවැයි ඇරයුම් කළේය. භාග්‍යවතුන් වහන්සේ ද ආනන්ද තෙරුන් වැදගත් දෙයක් ඉදිරිපත් කරන්නේ යයි පැනවූ අසුනෙහි වැඩහුන් සේක්’

භගවන‍්තං එතදවොචාති යං පන පඤ‍්හං ඔවට‍්ටිකසාරං කත්‍වා ආදාය ආගතො තං ඨපෙත්‍වා පස‍්සෙන තාව පරිහරන‍්තො එතං සන‍්ති, භො ගොතමාතිආදිවචනං අවොච.

භගවන්තං එතදවොච යම්කිසි ප්‍රශ්නයක් කලින් සිතාගෙන සාරය කොටගෙන ආයේ ද, එය තබා පසෙකින් ගෙන හැසිරෙමින් මේ සන්තිගොතම ආදී වචන කීහ.

ඵුසන‍්ති හි තෙ, භො ගොතමාති තෙ සමණබ්‍රාහ‍්මණා සරීරෙ උප‍්පන‍්නං සාරීරිකං දුක‍්ඛං වෙදනං ඵුසන‍්ති ලභන‍්ති, අනුභවන‍්තීති අත්‍ථො. ඌරුක‍්ඛම‍්භොති ඛම‍්භකතඌරුභාවො, ඌරුථද‍්ධතාති අත්‍ථො. විම‍්හයත්‍ථවසෙන පනෙත්‍ථ භවිස‍්සතීති අනාගතවචනං කතං. කායන්‍වයං හොතීති කායානුගතං හොති කායස‍්ස වසවත‍්ති.

ඵුසන්ති හි භො ගොතම යනු ඒ මහණ බමුණේ සිරුරෙහි උපන් ශාරීරික දුක් වේදනාව ස්පර්ශ කරති. ලබති. විඳිති යන අර්ථයි. ඌරුක්ඛම්හො කකුල් තද වී සෙලවිය නො හැකි බව, ඌරුස්තද්ධ බව යන අර්ථයි. මෙහි විෂ්මයාර්ථ වශයෙන් භවිස්සති අනාගත තාල වචනයෙන් දක්වන ලදී. කායත්‍වයං හොති යනු කය අනුව ගියේ, ශරීරය වශයෙන් පවතිනුයේ,

කායභාවනාති පන විපස‍්සනා වුච‍්චති, තාය චිත‍්තවික‍්ඛෙපං පාපුණන‍්තො නාම නත්‍ථි, ඉති නිගණ‍්ඨො අසන‍්තං අභූතං යං නත්‍ථි, තදෙවාහ. චිත‍්තභාවනාතිපි සමථො වුච‍්චති, සමාධියුත‍්තස‍්ස ච පුග‍්ගලස‍්ස ඌරුක‍්ඛම‍්භාදයො නාම නත්‍ථි, ඉති නිගණ‍්ඨො ඉදං අභූතමෙව ආහ. අට‍්ඨකථායං පන වුත‍්තං – “යථෙව ‘භූතපුබ‍්බන‍්ති වත්‍වා ඌරුක‍්ඛම‍්භොපි නාම භවිස‍්සතී’තිආදීනි වදතො අනාගතරූපං න සමෙති, තථා අත්‍ථොපි න සමෙති, අසන‍්තං අභූතං යං නත්‍ථි, තං කථෙතී”ති.

කායභාවනා යනු විදර්ශනාව කියනු ලැබේ. එයින් චිත්ත වික්‍ෂේපයට පැමිණෙන්නෙක් නම් නැද්ද, එහෙයින් නිගණ්ඨ තෙමේ යමක් අවිද්‍යමාන ද අභූත ද, නැත්තේ ද එයම කීය. චිත්තභාවනා යනු සමථය කියයි. සමාධියෙන් යුත් පුද්ගලයාට කකුල් පණ නැතිවීමක් නැත. මෙසේ නිගණ්ඨයා අභූතයක්ම කීහ. යම්සේ ‘භූතපුබ්බං’ කියා, ‘ඌරුක්ඛම්හො නාම භවිස්සති’ ආදිය කියන්නහුට අනාගත රූපය නො සම වේ. සුදුසු නොවේ. එසේ අර්ථය ද සම නො වෙයි. සිදුනොවන දෙයක් නො ඇසූ දෙයක් නැති දෙයක් කීය.

නො කායභාවනන‍්ති පඤ‍්චාතපතප‍්පනාදිං අත‍්තකිලමථානුයොගං සන්‍ධායාහ. අයඤ‍්හි තෙසං කායභාවනා නාම. කිං පන සො දිස‍්වා එවමාහ? සො කිර දිවාදිවස‍්ස විහාරං ආගච‍්ඡති, තස‍්මිං ඛො පන සමයෙ භික‍්ඛූ පත‍්තචීවරං පටිසාමෙත්‍වා අත‍්තනො අත‍්තනො රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු පටිසල‍්ලානං උපගච‍්ඡන‍්ති. සො තෙ පටිසල‍්ලීනෙ දිස‍්වා චිත‍්තභාවනාමත‍්තං එතෙ අනුයුඤ‍්ජන‍්ති, කායභාවනා පනෙතෙසං නත්‍ථීති මඤ‍්ඤමානො එවමාහ.

නො කාය භාවනං - පඤ්චතාප තැවීම් ආදී වූ අත්තකිලමථානු යෝගය සඳහා කීය. මේ ඔවුන්ගේ කාය භාවනා නම් වේ. කුමක් හෙයින් ඔහු මෙසේ කියත් ද, හේ වනාහි දිවා කාලයේ විහාරයට එයි. එ සමයෙහි භික්‍ෂූන් පාසිවුරු සකස්කොට තබා, තමන්ගේ රාත්‍රීස්ථාන දිවාස්ථානයන්හි සමාධියට පැමිණෙති. හෙතෙම ඒ සමාධියට පැමිණෙන්නවුන් දැක, මොව්හූ චිත්තභාවනා මාත්‍රයක යෙදෙති. එහෙත් මොවුන්ට කාය භාවනාවක් නැතැයි සිතා මෙසේ කීය.

අථ නං භගවා අනුයුඤ‍්ජන‍්තො කින‍්ති පන තෙ, අග‍්ගිවෙස‍්සන, කායභාවනා සුතාති ආහ. සො තං විත්‍ථාරෙන‍්තො සෙය්‍යථිදං, නන්‍දො වච‍්ඡොතිආදිමාහ. තත්‍ථ නන්‍දොති තස‍්ස නාමං. වච‍්ඡොති ගොත‍්තං. කිසොති නාමං. සංකිච‍්චොති ගොත‍්තං. මක‍්ඛලිගොසාලො හෙට‍්ඨා ආගතොව. එතෙති එතෙ තයො ජනා, තෙ කිර කිලිට‍්ඨතපානං මත්‍ථකපත‍්තා අහෙසුං. උළාරානි උළාරානීති පණීතානි පණීතානි. ගාහෙන‍්ති නාමාති බලං ගණ‍්හාපෙන‍්ති නාම. බ්‍රූහෙන‍්තීති වඩ‍්ඪෙන‍්ති. මෙදෙන‍්තීති ජාතමෙදං කරොන‍්ති. පුරිමං පහායාති පුරිමං දුක‍්කරකාරං පහාය. පච‍්ඡා උපචිනන‍්තීති පච‍්ඡා උළාරඛාදනීයාදීහි සන‍්තප‍්පෙන‍්ති, වඩ‍්ඪෙන‍්ති. ආචයාපචයො හොතීති වඩ‍්ඪි ච අවඩ‍්ඪි ච හොති, ඉති ඉමස‍්ස කායස‍්ස කාලෙන වඩ‍්ඪි, කාලෙන පරිහානීති වඩ‍්ඪිපරිහානිමත‍්තමෙව පඤ‍්ඤායති, කායභාවනා පන න පඤ‍්ඤායතීති දීපෙත්‍වා චිත‍්තභාවනං පුච‍්ඡන‍්තො, “කින‍්ති පන තෙ, අග‍්ගිවෙස‍්සන, චිත‍්තභාවනා සුතා”ති ආහ. න සම‍්පායාසීති සම‍්පාදෙත්‍වා කථෙතුං නාසක‍්ඛි, යථා තං බාලපුථුජ‍්ජනො.

එකල භාග්‍යවතුන් වහන්සේ ඔහු මෙහෙයවමින් කිත්තිපන තෙ අග්ගි වෙස්සන කාය භාවනා සුතා යි වදාළහ. හේ එය විස්තර කරමින් සෙය්‍යථිදං නන්‍දො වච්ඡො ආදිය කීහ. එහි නන්‍දො යනු ඔහුගේ නමයි. වච්ඡො යනු ගෝත්‍රයයි. කිසො යනු නමයි, සංකිච්චො යනු ගෝත්‍රයයි. මක්ඛලි ගෝසාලො පළමු ආයේමය. එතෙ මේ තුන් දෙන, කිලිටි තපස් පිළිබඳව මුදුන්පැමිණි අය වූහ. උළාරානි උළාරානි ප්‍රණීත ප්‍රණීත වූ ගාහෙන්ති නාම බලය ගන්වති නමි. බ්‍රෑහෙන්ති වඩති. මෙදෙන්ති හටගත් මේදස් ඇති කෙරෙති. පුරිමං පහායති පළමු දුෂ්කර ක්‍රියාව හැර, පච්ඡා උපවිනන්ති පසුව ප්‍රණිත කෑම් බීම්වලින් සන්තර්පණය වෙති. ආචයා පචයො හොති වැඩීම ද නො වැඩීම ද වෙයි. මෙසේ මේ කාලයාගේ වැඩීම් පිරිහීම් පමණක්ම පෙනේ. කාය භාවනාව වූ කලී නො පෙනේයයි දක්වා චිත්ත භාවනාව විචාරන්නේ කිත්ති පන තෙ අග්ගි වෙස්සන චිත්ත භාවනා සුතා යයි වදාළහ. සකස්කොට කියන්නට නො හැකි විය. බාල පෘථග්ජනයෝ එසේය.

කුතො පන ත්‍වන‍්ති යො ත්‍වං එවං ඔළාරිකං දුබ‍්බලං කායභාවනං න ජානාසි? සො ත්‍වං කුතො සණ‍්හං සුඛුමං චිත‍්තභාවනං ජානිස‍්සසීති. ඉමස‍්මිං පන ඨානෙ චොදනාලයත්‍ථෙරො, “අබුද‍්ධවචනං නාමෙතං පද”න‍්ති බීජනිං ඨපෙත්‍වා පක‍්කමිතුං ආරභි. අථ නං මහාසීවත්‍ථෙරො ආහ – “දිස‍්සති, භික‍්ඛවෙ, ඉමස‍්ස චාතුමහාභූතිකස‍්ස කායස‍්ස ආචයොපි අපචයොපි ආදානම‍්පි නික‍්ඛෙපනම‍්පී”ති (සං· නි· 2.62). තං සුත්‍වා සල‍්ලක‍්ඛෙසි – “ඔළාරිකං කායං පරිග‍්ගණ‍්හන‍්තස‍්ස උප‍්පන‍්නවිපස‍්සනා ඔළාරිකාති වත‍්තුං වට‍්ටතී”ති.

කුතෙ පන ත්‍වං යම්බඳු තෙපි මෙසේ ඕළාරික වූ දුවල භාවනාව නො දනීද, ඒ තෙපි කෙළෙසක නම් සිලිටු වූ චිත්ත භාවනාව දැන ගන්නෙහි ද, මෙතැන්හි වනාහි ශොණරවිය තෙරුන් වහන්සේ ‘මේ පදය බුද්ධ වචනය නොවේ යයි’ විජිනිපත තබා නික්ම ගියහ. ඉක්බිති ඔහුට ‘මහාසිව’ තෙරුන් වහන්සේ මෙසේ කීහ. ‘දිස්සති භික්ඛවෙ ඉමස්ස චාතුම්මහා භූතිකස්ස කායස්ස ආචයොපි අපචයොපි ආදානම්පි නික්ඛමනම්පි’ මහණෙනි සතරමහා භූතමය වූ මේ කායයාගේ වැඩීම ද නැසීම ද ඉපදීම ද චුතවීම ද දක්නා ලැබේ. ඒ අසා ඕලාරික ශරීරය පරිග්‍රහ කරන්නවුන්ට උපන් විදර්ශනාව ඕදාරික කියන්ට වටීයයි සැළකීය.

සුඛසාරාගීති සුඛසාරාගෙන සමන‍්නාගතො. සුඛාය වෙදනාය නිරොධා උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනාති න අනන‍්තරාව උප‍්පජ‍්ජති, සුඛදුක‍්ඛානඤ‍්හි අනන‍්තරපච‍්චයතා පට‍්ඨානෙ (පට‍්ඨා· 1.2.45-46) පටිසිද‍්ධා. යස‍්මා පන සුඛෙ අනිරුද‍්ධෙ දුක‍්ඛං නුප‍්පජ‍්ජති, තස‍්මා ඉධ එවං වුත‍්තං. පරියාදාය තිට‍්ඨතීති ඛෙපෙත්‍වා ගණ‍්හිත්‍වා තිට‍්ඨති. උභතොපක‍්ඛන‍්ති සුඛං එකං පක‍්ඛං දුක‍්ඛං එකං පක‍්ඛන‍්ති එවං උභතොපක‍්ඛං හුත්‍වා.

සුබ සාරාගී සැපයෙන් බහුළ රාගයෙන් සමන්විත වූයේ, සුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති, දුක්ඛා වෙදනා අනතුරුව නො උපදී. සැපදුක් දෙදෙනාගේ අනන්තර ප්‍රත්‍යභාවය පට්ඨානයෙහි දක්වා ඇත. යම්හෙයකින් සැපය නිරුද්ධ නොවූ කල්හි දුක නූපදී. එහෙයින් මෙහි මෙසේ කියන ලදී. පරියාදාය තිට්ඨතීති, ගෙවා ග්‍රහණය කොටගෙන සිටී. උභතො පක්ඛං සැපය එක් (පසෙකය) එක් පැත්තකය. දුක එක් පැත්තකය. මෙසේ දෙපැත්තක් ව,

උප‍්පන‍්නාපි සුඛා වෙදනා චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, භාවිතත‍්තා කායස‍්ස. උප‍්පන‍්නාපි දුක‍්ඛා වෙදනා චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, භාවිතත‍්තා චිත‍්තස‍්සාති එත්‍ථ කායභාවනා විපස‍්සනා, චිත‍්තභාවනා සමාධි. විපස‍්සනා ච සුඛස‍්ස පච‍්චනීකා, දුක‍්ඛස‍්ස ආසන‍්නා. සමාධි දුක‍්ඛස‍්ස පච‍්චනීකො, සුඛස‍්ස ආසන‍්නො. කථං?

උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා කායස්ස උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං නපරිදාය තිට්ඨති භාවිතත්ත චිත්තස්ස මෙහි කාය භාවනා නම් විපස්සනාවයි. චිත්ත භාවනා නම් සමාධියි. විදර්ශනාව සුවයට විරුද්ධ වූයේ දුකට ආසන්න වූයේ වෙයි. සමාධිය දුකට විරුද්ධ වූයේ සැපයට සමීප වෙයි. කෙසේද?

විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නිසින‍්නස‍්ස හි අද‍්ධානෙ ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ තත්‍ථ තත්‍ථ අග‍්ගිඋට‍්ඨානං විය හොති, කච‍්ඡෙහි සෙදා මුච‍්චන‍්ති, මත්‍ථකතො උසුමවට‍්ටිඋට‍්ඨානං විය හොතීති චිත‍්තං හඤ‍්ඤති විහඤ‍්ඤති විප‍්ඵන්‍දති. එවං තාව විපස‍්සනා සුඛස‍්ස පච‍්චනීකා, දුක‍්ඛස‍්ස ආසන‍්නා. උප‍්පන‍්නෙ පන කායිකෙ වා චෙතසිකෙ වා දුක‍්ඛෙ තං දුක‍්ඛං වික‍්ඛම‍්භෙත්‍වා සමාපත‍්තිං සමාපන‍්නස‍්ස සමාපත‍්තික‍්ඛණෙ දුක‍්ඛං දූරාපගතං හොති, අනප‍්පකං සුඛං ඔක‍්කමති. එවං සමාධි දුක‍්ඛස‍්ස පච‍්චනීකො, සුඛස‍්ස ආසන‍්නො. යථා විපස‍්සනා සුඛස‍්ස පච‍්චනීකා, දුක‍්ඛස‍්ස ආසන‍්නා, න තථා සමාධි. යථා සමාධි දුක‍්ඛස‍්ස පච‍්චනීකො, සුඛස‍්ස ආසන‍්නො, න ච තථා විපස‍්සනාති. තෙන වුත‍්තං – “උප‍්පන‍්නාපි සුඛා වෙදනා චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, භාවිතත‍්තා කායස‍්ස. උප‍්පන‍්නාපි දුක‍්ඛා වෙදනා චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, භාවිතත‍්තා චිත‍්තස‍්සා”ති.

විදසුන් පිහිටුවා උන්නහුට කල් යාමෙන් ඒ ඒ තැන ගිනි නැගීමක් මෙන් වෙයි. කිහිලිවලින් දහඩිය ගලයි. මුදුනෙන් ගිනි වැටි වැටීමක් මෙන් වෙයි. සිත පෙළෙයි. වෙසෙසින් පෙළෙයි. සැලෙයි. මෙසේ විදර්ශනා සැපයට විරුද්ධව දුකට ආසන්න වේ. කායික හෝ චෛතසික වූ දුක උපන්කල, ඒ දුක යටපත්කොට සමවතට සමවදින්නහුට සමාපත්තියට සමවැදුණු කෙණෙහි දුක දුරට පහව යන්නේ වේ. අනල්ප වූ සැපය පැමිණෙයි. මෙසේ සමාධිය දුකට විරුද්ධ වූයේ, සැපයට ආසන්න වේ. මෙසේ විදර්ශනාව සුවයට විරුද්ධ වී දුකට ආසන්න වේද, සමාධිය එසේ නොවේ. දුකට විරුද්ධ වී දුකට ආසන්න වේද, සමාධිය එසේ නොවේ. දුකට විරුද්ධ වී සැපයට ආසන්න වේ. විදර්ශනාව එසේ නොවේ. උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා කායස්ස උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතතතා චිත්තස්සා යනු එහෙයින් කියන ලදී.

ආසජ‍්ජ උපනීයාති ගුණෙ ඝට‍්ටෙත්‍වා චෙව උපනෙත්‍වා ච. තං වත මෙති තං වත මම චිත‍්තං.

ආසජ්ජ උපනාය යනු ගුණයෙහි ගටාත් එළවති. තං වත මෙ ඒකාන්තයෙන් මගේ මේ සිත

කිඤ‍්හි නො සියා, අග‍්ගිවෙස‍්සනාති, අග‍්ගිවෙස‍්සන, කිං න භවිස‍්සති, භවිස‍්සතෙව, මා එවං සඤ‍්ඤී හොහි, උප‍්පජ‍්ජියෙව මෙ සුඛාපි දුක‍්ඛාපි වෙදනා, උප‍්පන‍්නාය පනස‍්සා අහං චිත‍්තං පරියාදාය ඨාතුං න දෙමි.

කිඤ්හි නොසියා අග්ගිවෙස්සන, අග්නි වෙස්සන, කිම නොවන්නේ ද, වන්නේම ය. මෙවැනි අදහස් හැඟීම් ඇතිකර නොගන්න. මට සැප වූද දුක් වූද වේදනා උපන්නේ ම ය. එසේ වුවත් ඒ උපන් වේදනාවට මගේ සිත මැඩලන්නට නො දෙමි.

ඉදානිස‍්ස තමත්‍ථං පකාසෙතුං උපරි පසාදාවහං ධම‍්මදෙසනං දෙසෙතුකාමො මූලතො පට‍්ඨාය මහාභිනික‍්ඛමනං ආරභි. තත්‍ථ ඉධ මෙ, අග‍්ගිවෙස‍්සන, පුබ‍්බෙව සම‍්බොධා…පෙ… තත්‍ථෙව නිසීදිං, අලමිදං පධානායාති ඉදං සබ‍්බං හෙට‍්ඨා පාසරාසිසුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. අයං පන විසෙසො, තත්‍ථ බොධිපල‍්ලඞ‍්කෙ නිසජ‍්ජා, ඉධ දුක‍්කරකාරිකා.

දැන් ඔහුට ඒ කරුණු ප්‍රකාශ කරනු පිණිස මත්තෙහි සතුට ගෙනෙන ධර්ම දේශනාව දෙසනු කැමැත්තේ, මුල පටන් මහාභිනිෂ්ක්‍රමණයේ පටන් ආරම්භ කළේය. එහි ඉධ මෙ අග්ගිවෙස්සන පුබ්බෙව සම්බොධා -පෙ- තත්‍ථෙව නිසීදිං අලමිදං පධානායා මේ සියල්ල කලින් පාසරාසි සූත්‍රයේ කී පරිද්දෙන් දතයුතුයි. මේ විශේෂයයි. එහි බෝපලඟ සිටය, මෙහි දුෂ්කර ක්‍රියාවේ සිටය.

අල‍්ලකට‍්ඨන‍්ති අල‍්ලං උදුම‍්බරකට‍්ඨං. සස‍්නෙහන‍්ති සඛීරං. කාමෙහීති වත්‍ථුකාමෙහි. අවූපකට‍්ඨාති අනපගතා. කාමච‍්ඡන්‍දොතිආදීසු කිලෙසකාමොව ඡන්‍දකරණවසෙන ඡන්‍දො. සිනෙහකරණවසෙන ස‍්නෙහො.

අල්ලංකට්ඨං අමු දිඹුල් අත්තක්, සසෙනහං කිරි වෑහෙන කාමෙහි. වස්තුකාමයන් විසින්, අවුපකට්ඨො පහ නො වූයේ, කාමච්ඡන්‍දො යනාදියෙහි ක්ලේශ කාමය කැමතිවීම් වශයෙන් ඡන්‍දො ඡන්‍ද නමි. ආදරය කිරීම් වශයෙන් ස්නෙහ නමි.

මුච‍්ඡාකරණවසෙන මුච‍්ඡා. පිපාසාකරණවසෙන පිපාසා. අනුදහනවසෙන පරිළාහොති වෙදිතබ‍්බො. ඔපක‍්කමිකාති උපක‍්කමනිබ‍්බත‍්තා. ඤාණාය දස‍්සනාය අනුත‍්තරාය සම‍්බොධායාති සබ‍්බං ලොකුත‍්තරමග‍්ගවෙවචනමෙව.

[missing word] වශයෙන් මුච්ඡා නමි. තිබ්භවීම් වශයෙන් පිපාසා නමි. දැවීම් වශයෙන් පරිළාහො යනුයි දතයුතු. ඔපක්කමිකා උපක්‍රමයෙන් උපදවන ලද ඤාණදස්සනාය අනුත්තරාය සම්බොධාය මේ සියල්ල නිර්වාණයට සමාන වචනයි.

ඉදං පනෙත්‍ථ ඔපම‍්මසංසන්‍දනං – අල‍්ලං සඛීරං උදුම‍්බරකට‍්ඨං විය හි කිලෙසකාමෙන වත්‍ථුකාමතො අනිස‍්සටපුග‍්ගලා. උදකෙ පක‍්ඛිත‍්තභාවො විය කිලෙසකාමෙන තින‍්තතා; මන්‍ථනෙනාපි අග‍්ගිනො අනභිනිබ‍්බත‍්තනං විය කිලෙසකාමෙන වත්‍ථුකාමතො අනිස‍්සටානං ඔපක‍්කමිකාහි වෙදනාහි ලොකුත‍්තරමග‍්ගස‍්ස අනධිගමො. අමන්‍ථනෙනාපි අග‍්ගිනො අනභිනිබ‍්බත‍්තනං විය තෙසං පුග‍්ගලානං විනාපි ඔපක‍්කමිකාහි වෙදනාහි ලොකුත‍්තරමග‍්ගස‍්ස අනධිගමො. දුතියඋපමාපි ඉමිනාව නයෙන වෙදිතබ‍්බා. අයං පන විසෙසො, පුරිමා සපුත‍්තභරියපබ‍්බජ‍්ජාය උපමා; පච‍්ඡිමා බ්‍රාහ‍්මණධම‍්මිකපබ‍්බජ‍්ජාය.

දැන් වනාහි උපමා උපමේය සැසඳීම දක්වයි - කිරි සහිත අමු දිඹුල් අතු කැබැල්ලක් මෙන් ක්ලේශ කාමය හේතු කොටගෙන, වස්තු කාමයෙන් නො නික්මුණු පුද්ගලයා වේ. දියෙහි එබූ බව මෙන් ක්ලේශ කාමයෙන් තෙත් බව වෙයි. ඇතිල්ලීමෙන් ද ගිනි නො ඉපදීම මෙන් ක්ලේශ කාමය හේතුකොටගෙන වස්තු කාමයෙන් බැහැර නොවූවන්ගේ උපක්‍රමයෙන් උපදවන ලද, වේදනාවලින් නිවන්මග නො ලැබීම වෙයි. ඇතිල්ලීමක් නැතිවද ගිනි නො ඉපදීම මෙන් ඒ පුද්ගලයන්ගේ උපක්‍රමයෙන් උපදනා ලද වේදනාවලින් වෙන්ව ද නිවන්මග නො ලැබීම වෙයි. දෙවෙනි උපමාව ද මේ ක්‍රමයෙන් ම දතයුතුය. මෙය වූ කලි විශේෂයයි. පළමු කියන ලද්ද දු දරු අඹුවන් සහිත ප්‍රවෘජ්‍යාව පිළිබඳ උපමායි. පසුව කියන ලද බ්‍රාහ්මණ ධාර්මික ප්‍රවෘජ්‍යාව පිළිබඳවයි.

තතියඋපමාය කොළාපන‍්ති ඡින‍්නසිනෙහං නිරාපං. ථලෙ නික‍්ඛිත‍්තන‍්ති පබ‍්බතථලෙ වා භූමිථලෙ වා නික‍්ඛිත‍්තං. එත්‍ථාපි ඉදං ඔපම‍්මසංසන්‍දනං – සුක‍්ඛකොළාපකට‍්ඨං විය හි කිලෙසකාමෙන වත්‍ථුකාමතො නිස‍්සටපුග‍්ගලා, ආරකා උදකා ථලෙ නික‍්ඛිත‍්තභාවො විය කිලෙසකාමෙන අතින‍්තතා. මන්‍ථනෙනාපි අග‍්ගිනො අභිනිබ‍්බත‍්තනං විය කිලෙසකාමෙන වත්‍ථුකාමතො නිස‍්සටානං අබ‍්භොකාසිකනෙසජ‍්ජිකාදිවසෙන ඔපක‍්කමිකාහිපි වෙදනාහි ලොකුත‍්තරමග‍්ගස‍්ස අධිගමො. අඤ‍්ඤස‍්ස රුක‍්ඛස‍්ස සුක‍්ඛසාඛාය සද‍්ධිං ඝංසනමත‍්තෙනෙව අග‍්ගිනො අභිනිබ‍්බත‍්තනං විය විනාපි ඔපක‍්කමිකාහි වෙදනාහි සුඛායෙව පටිපදාය ලොකුත‍්තරමග‍්ගස‍්ස අධිගමොති. අයං උපමා භගවතා අත‍්තනො අත්‍ථාය ආහටා.

තුන්වෙනි උපමාවෙහි කොලාපං සිඳුණු තෙත ඇති, දිය රහිත වූ, ථලෙ නිකඛිත්තං යනු ගල් තලාවෙහි හෝ පොළෝ තලයෙහි බහාලන ලද, එහි ද මේ උපමා සන්සන්දනයයි. වියලුණු කොලපුවක් මෙන් ක්ලේශකාමය හේතුකොටගෙන වස්තුකාමයෙන් නික්මුණු පුද්ගලයා වෙයි. ජලයෙන් වෙන්කොට ගොඩබහාලූ බව මෙන් ක්ලේශකාමයන් නො තෙත් බව වෙයි. ඇතිල්ලීමෙන් ගිනි ඉපදීම මෙන් ක්ලේශකාමය හේතුකොට ගෙන වස්තු කාමයෙන් බැහැර වූවන්ගේ අම්භොකාසික නේසජ්ජිකාදී වශයෙන් උපක්‍රමයෙන් උපදවන ලද්දා වූද, වේදනාවලින් ලොව්තුරා මග ලැබීම වෙයි. නො ඇතිල්ලීමෙන් අනෙක් ගසක වියලි අත්තක් සමග ගැටීම් පමණකින්ම ගිනි ඉපදීම මෙන් උපක්‍රමයෙන් උපදවන ලද වේදනාවලින් වෙන්ව සුව වූ පිළිවෙතින් ම ලොව්තුරා මග ලැබීම වේ යයි මේ උපමාව භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් උදෙසා කියන ලදි.

ඉදානි අත‍්තනො දුක‍්කරකාරිකං දස‍්සෙන‍්තො, තස‍්ස මය‍්හන‍්තිආදිමාහ. කිං පන භගවා දුක‍්කරං අකත්‍වා බුද‍්ධො භවිතුං න සමත්‍ථොති? කත්‍වාපි අකත්‍වාපි සමත්‍ථොව. අථ කස‍්මා අකාසීති? සදෙවකස‍්ස ලොකස‍්ස අත‍්තනො පරක‍්කමං දස‍්සෙස‍්සාමි. සො ච මං වීරියනිම‍්මථනගුණො හාසෙස‍්සතීති. පාසාදෙ නිසින‍්නොයෙව හි පවෙණිආගතං රජ‍්ජං ලභිත්‍වාපි ඛත‍්තියො න තථාපමුදිතො හොති, යථා බලකායං ගහෙත්‍වා සඞ‍්ගාමෙ ද‍්වෙ තයො සම‍්පහාරෙ දත්‍වා අමිත‍්තමථනං කත්‍වා පත‍්තරජ‍්ජො. එවං පත‍්තරජ‍්ජස‍්ස හි රජ‍්ජසිරිං අනුභවන‍්තස‍්ස පරිසං ඔලොකෙත්‍වා අත‍්තනො පරක‍්කමං අනුස‍්සරිත්‍වා, “අසුකට‍්ඨානෙ අසුකකම‍්මං කත්‍වා අසුකඤ‍්ච අසුකඤ‍්ච අමිත‍්තං එවං විජ‍්ඣිත්‍වා එවං පහරිත්‍වා ඉමං රජ‍්ජසිරිං පත‍්තොස‍්මී”ති චින‍්තයතො බලවසොමනස‍්සං උප‍්පජ‍්ජති. එවමෙවං භගවාපි සදෙවකස‍්ස ලොකස‍්ස පරක‍්කමං දස‍්සෙස‍්සාමි, සො හි මං පරක‍්කමො අතිවිය හාසෙස‍්සති, සොමනස‍්සං උප‍්පාදෙස‍්සතීති දුක‍්කරමකාසි.

දැන් තමන්ගේ දුෂ්කර ක්‍රියාව දක්වන්නේ තස්සමය්හං ආදිය වදාළහ. කිමෙක්ද භාග්‍යවතුන් වහන්සේට දුෂ්කර ක්‍රියා නො කොට බුදුවන්නට නො හැක්කේ ද, සමත් නොවන්නේ ද, දුෂ්කර ක්‍රියා කොට ද නොකොට ද සමථයහ. එසේ නම් කුමක් නිසා දුෂ්කර ක්‍රියා කළේ ද, ‘දෙවියන් සහිත ලෝකයාට තමන් දක්වන්නෙම්, තව ද ඒ වීර්යයෙන් කෙලෙස් ඇලළීම් ගුණය මා සතුටු කරවන්නේ ය’ යුද හමුදාව ගෙන සංග්‍රාමයේ යෙදී දෙතුන් වරක් යුද්ධ කොට සතුරන් නසා පැමිණි යම් රජෙක් වේද, ඔහු රජ මැදුරේ සිට පරපුරෙන් උරුමයෙන් ආ රජය ලැබ සතුටු වූයෙක් නොවේමය. සටන්කොට රජය ගෙන රජසිරි වළඳන රජු තමන්ගේ බලපරාක්‍රමය සිහිකොට, ‘අසවල් අසවල් තැන්හි යුදකොට අසවල් අසවල් සතුරන් නසා අසවල් අසවල් රජුන් පරාජය කොට රජසිරි පැමිණියෙමි යි සිතන්නහුට බලවත් සොම්නසක් උපදී. එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ද දෙවියන් සහිත ලෝකයාට පරාක්‍රමය දැක්වීමෙන් ඒ පරාක්‍රමය මා අතිශයින් සතුටු කරවන්නේ ය. සොම්නස් උපදවන්නේ යයි දුෂ්කරක්‍රියා කළහ.

අපිච පච‍්ඡිමං ජනතං අනුකම‍්පමානොපි අකාසියෙව, පච‍්ඡිමා හි ජනතා සම‍්මාසම‍්බුද‍්ධො කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි පාරමියො පූරෙත්‍වාපි පධානං පදහිත්‍වාව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පත‍්තො, කිමඞ‍්ගං පන මයන‍්ති පධානවීරියං කත‍්තබ‍්බං මඤ‍්ඤිස‍්සති; එවං සන‍්තෙ ඛිප‍්පමෙව ජාතිජරාමරණස‍්ස අන‍්තං කරිස‍්සතීති පච‍්ඡිමං ජනතං අනුකම‍්පමානො අකාසියෙව.

තව ද පශ්චිම ජනතාවට අනුකම්පාවෙන් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ චතුරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා ද ප්‍රධන් වීර්යය කොටම බුද්ධත්වයට පැමිණියේය. අප ද ප්‍රධන් වීර්යය කටයුතුම යයි පශ්චිම ජනතාව සිතන්නේ ය. එසේ ප්‍රධන් වීර්යය කිරිමෙන් ම ජාති ජරා මරණ කෙළවර කළ යුතුයයි පශ්චිම ජනතාවට අවබෝධ කිරීමට අනුකම්පාවෙන්ම දුෂ්කර ක්‍රියා කළහ.

දන‍්තෙභිදන‍්තමාධායාති හෙට‍්ඨාදන‍්තෙ උපරිදන‍්තං ඨපෙත්‍වා. චෙතසා චිත‍්තන‍්ති කුසලචිත‍්තෙන අකුසලචිත‍්තං. අභිනිග‍්ගණ‍්හෙය්‍යන‍්ති නිග‍්ගණ‍්හෙය්‍යං. අභිනිප‍්පීළෙය්‍යන‍්ති නිප‍්පීළෙය්‍යං. අභිසන‍්තාපෙය්‍යන‍්ති තාපෙත්‍වා වීරියනිම‍්මථනං කරෙය්‍යං. සාරද‍්ධොති සදරථො. පධානාභිතුන‍්නස‍්සාති පධානෙන අභිතුන‍්නස‍්ස, විද‍්ධස‍්ස සතොති අත්‍ථො.

දන්තෙහි දන්ත මාධාය යට දත උඩ උඩු දත තබා චෙතසා චිත්තං කුසල් සිතින් අකුසල් සිත, අභි නිග්ගණ්හෙය්‍යං නිග්‍රහ කෙරෙම් නම්, අභිනිප්පීලෙය්‍ය වෙලම් නම් අභිසන්තාපෙය්‍ය තවා වීර්යයෙන් අල්ලන ලද්දක් කෙරෙම් නම් සාරද්ධො වෙහෙස සහිත වූයේ පමානාභි භුත්තස්ස වීර්යයෙන් මඩන ලද්දහුගේ,

අප‍්පාණකන‍්ති නිරස‍්සාසකං. කම‍්මාරගග‍්ගරියාති කම‍්මාරස‍්ස ගග‍්ගරනාළියා. සීසවෙදනා හොන‍්තීති කුතොචි නික‍්ඛමිතුං අලභමානෙහි වාතෙහි සමුට‍්ඨාපිතා බලවතියො සීසවෙදනා හොන‍්ති. සීසවෙඨං දදෙය්‍යාති සීසවෙඨනං දදෙය්‍ය. දෙවතාති බොධිසත‍්තස‍්ස චඞ‍්කමනකොටියං පණ‍්ණසාලපරිවෙණසාමන‍්තා ච අධිවත්‍ථා දෙවතා.

අප්පාණකං ආශ්වාස රහිත වූ, කම්මාර ගග්ගරියා කම්මල්කරුගේ මයිනහම, භීස වෙදනා හොන්ති කිසි තැනෙකින් නික්මෙන්නට නො හැකි වාතය, නිසා උපදවන ලද හිසේ කැක්කුම වෙති. සීස වෙඨං දදෙය්‍ය හිස් වෙළුමක් දෙන්නේ ය. දේවතා බෝසතුන්ගේ සක්මන් කෙළවර හාත්පස අධිගෘහිත දේවතාවෝ,

තදා කිර බොධිසත‍්තස‍්ස අධිමත‍්තෙ කායදාහෙ උප‍්පන‍්නෙ මුච‍්ඡා උදපාදි. සො චඞ‍්කමෙව නිසින‍්නො හුත්‍වා පපති. තං දිස‍්වා දෙවතා එවමාහංසු – “විහාරොත්‍වෙව සො අරහතො”ති, “අරහන‍්තො නාම එවරූපා හොන‍්ති මතකසදිසා”ති ලද‍්ධියා වදන‍්ති. තත්‍ථ යා දෙවතා “කාලඞ‍්කතො”ති ආහංසු, තා ගන‍්ත්‍වා සුද‍්ධොදනමහාරාජස‍්ස ආරොචෙසුං – “තුම‍්හාකං පුත‍්තො කාලඞ‍්කතො”ති. මම පුත‍්තො බුද‍්ධො හුත්‍වා කාලඞ‍්කතො, නො අහුත්‍වාති? බුද‍්ධො භවිතුං නාසක‍්ඛි, පධානභූමියංයෙව පතිත්‍වා කාලඞ‍්කතොති. නාහං සද‍්දහාමි, මම පුත‍්තස‍්ස බොධිං අපත්‍වා කාලඞ‍්කිරියා නාම නත්‍ථීති.

එදවස බෝසතුන්ට අධිමාත්‍ර වූ ශාරීරික දාහය උපන් වේලේ මූර්ඡාව උපනේ ය. බෝසත්හු සක්මනෙහිම සිටියදී වැටුණාහු ල, ඒ දුටු දේවතාවෝ මෙසේ කීහ. විහාරොත්‍වෙවෙසො අරහතො රහත්හු නම් මෙබඳුම වෙති. මළවුන් සමාන වෙති. පිළිගැනීමෙන් කීහ. එහි සමහර දේවතා කෙනෙක් කාලක තොති ආහංසු කළුරිය කළේ යයි කීහු. ඔව්හූ ගොස් ඔබගේ පුතා කළුරිය කළේ යයි සුද්ධෝදන රජුට කීහ. මාගේ පුත්‍රයා බුදු වී කළුරිය කළේ ද? එසේ නොවේදැයි ඇසීය. බුදුවන්නට නො හැකි විය. ප්‍රධන් වීර්යය වඩද්දී කලුරිය කළේය. එය මම නො අදහමි. මගේ පුතා බෝධියට නො පැමිණ කළුරිය කරන්නේ නැත.

අපරභාගෙ සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා අනුපුබ‍්බෙන රාජගහං ගන‍්ත්‍වා කපිලවත්‍ථුං අනුප‍්පත‍්තස‍්ස සුද‍්ධොදනමහාරාජා පත‍්තං ගහෙත්‍වා පාසාදං ආරොපෙත්‍වා යාගුඛජ‍්ජකං දත්‍වා අන‍්තරාභත‍්තසමයෙ එතමත්‍ථං ආරොචෙසි – තුම‍්හාකං භගවා පධානකරණකාලෙ දෙවතා ආගන‍්ත්‍වා, “පුත‍්තො තෙ, මහාරාජ, කාලඞ‍්කතො”ති ආහංසූති. කිං සද‍්දහසි මහාරාජාති? න භගවා සද‍්දහින‍්ති. ඉදානි, මහාරාජ, සුපිනප‍්පටිග‍්ගහණතො පට‍්ඨාය අච‍්ඡරියානි පස‍්සන‍්තො කිං සද‍්දහිස‍්සසි? අහම‍්පි බුද‍්ධො ජාතො, ත්‍වම‍්පි බුද‍්ධපිතා ජාතො, පුබ‍්බෙ පන මය‍්හං අපරිපක‍්කෙ ඤාණෙ බොධිචරියං චරන‍්තස‍්ස ධම‍්මපාලකුමාරකාලෙපි සිප‍්පං උග‍්ගහෙතුං ගතස‍්ස, “තුම‍්හාකං පුත‍්තො ධම‍්මපාලකුමාරො කාලඞ‍්කතො, ඉදමස‍්ස අට‍්ඨී”ති එළකට‍්ඨිං ආහරිත්‍වා දස‍්සෙසුං, තදාපි තුම‍්හෙ, “මම පුත‍්තස‍්ස අන‍්තරාමරණං නාම නත්‍ථි, නාහං සද‍්දහාමී”ති අවොචුත්‍ථ, මහාරාජාති ඉමිස‍්සා අට‍්ඨුප‍්පත‍්තියා භගවා මහාධම‍්මපාලජාතකං කථෙසි.

පසුකාලයෙහි දම්සක් පවත්වා පිළිවෙළින් රජගහ නුවරට ගොස් කපිලවත්‍ථු පුරයට පැමිණ බුදුන් වහන්සේට සුදොවුන් රජු ප්‍රසාදයට නංවා කැඳ පිළිගන්වා බතට පෙර, මේ පුවත (සුදොවුන් රජු තථාගතයන්ට) දැන්වීය. භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ ප්‍රධන් වීර්යය කරන දවස්වල දේවතාවෝ ඇවිත් මහරජ, නුඹේ පුතා කළුරිය කළේ යයි මට කීහ. මහරජ, එය ඇදහීද? භාග්‍යවතුන් වහන්ස, මම නො ඇදහීමි. මහරජ, දැන් සිහින පිළිගැනීමේ පටන් ආශ්චර්ය දේ දකිමින් ම මේ කීම කෙසේ අදහයිද? මම බුදු වූයෙමි. ඔබද බුදුන්ට පිය වූයෙහිය. අතීතයේ මා මෝරා ගිය නුවණක් නැතිව සිටියදීම, බෝධිචර්යාවෙහි හැසිරෙන කාලයේ ධර්මපාල කුමාර කාලයේ ශිල්ප උගන්නට ගිය කල්හි ‘තොපගේ පුත් ධර්මපාල කුමරු මළේය. මෙන්න ඇට’ යයි එළු ඇට ගෙනැවිත් දැක් වූ දවසේ දී, ‘මපුතුන්ගේ අඩු වයස් මරණයක් නම් නැත. මම නො අදහමි’ යි කියා නො ඇදවූහ’යි ධර්මපාල ජාතකය දක්වා අතීත අර්ථෝත්පත්තිය විස්තර කළහ.

මා ඛො ත්‍වං මාරිසාති සම‍්පියායමානා ආහංසු. දෙවතානං කිරායං පියමනාපවොහාරො, යදිදං මාරිසාති. අජජ‍්ජිතන‍්ති අභොජනං. හලන‍්ති වදාමීති අලන‍්ති වදාමි, අලං ඉමිනා එවං මා කරිත්‍ථ, යාපෙස‍්සාමහන‍්ති එවං පටිසෙධෙමීති අත්‍ථො.

මා ඛො ත්‍වං මාරිස යනු අතිශය කැමැත්තෙන් කීහ. යම් මේ ‘මාරිස’ යන වචනය දෙවිවරුන්ගේ ප්‍රියමනාප වචනයක් ල. අජද්ධුකං නො වැළඳීම හලන්ති වදාමි ‘අලං’ යයි කියමි. මෙයින් කම් නැත. එසේ නො කරව. මම යැපෙන්නෙමි. ආහාර නො ගැනීමෙන් වළකිමි යන අර්ථයි. මංගුරච්ඡවි මගුරු මසෙකුගේ සිවිය, තාව පරමං ඒ වේදනාවන්ට මෙයම පරම වූ ප්‍රමාණයයි.

මඞ‍්ගුරච‍්ඡවීති මඞ‍්ගුරමච‍්ඡච‍්ඡවි. එතාව පරමන‍්ති තාසම‍්පි වෙදනානමෙතංයෙව පරමං, උත‍්තමං පමාණං. පිතු සක‍්කස‍්ස කම‍්මන‍්තෙ…පෙ… පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරිතාති රඤ‍්ඤො කිර වප‍්පමඞ‍්ගලදිවසො නාම හොති, තදා අනෙකප‍්පකාරං ඛාදනීයං භොජනීයං පටියාදෙන‍්ති. නගරවීථියො සොධාපෙත්‍වා පුණ‍්ණඝටෙ ඨපාපෙත්‍වා ධජපටාකාදයො උස‍්සාපෙත්‍වා සකලනගරං දෙවවිමානං විය අලඞ‍්කරොන‍්ති. සබ‍්බෙ දාසකම‍්මකරාදයො අහතවත්‍ථනිවත්‍ථා ගන්‍ධමාලාදිපටිමණ‍්ඩිතා රාජකුලෙ සන‍්නිපතන‍්ති. රඤ‍්ඤො කම‍්මන‍්තෙ නඞ‍්ගලසතසහස‍්සං යොජීයති. තස‍්මිං පන දිවසෙ එකෙන ඌනං අට‍්ඨසතං යොජෙන‍්ති. සබ‍්බනඞ‍්ගලානි සද‍්ධිං බලිබද‍්දරස‍්මියොත‍්තෙහි ජාණුස‍්සොණිස‍්ස රථො විය රජතපරික‍්ඛිත‍්තානි හොන‍්ති. රඤ‍්ඤො ආලම‍්බනනඞ‍්ගලං රත‍්තසුවණ‍්ණපරික‍්ඛිත‍්තං හොති. බලිබද‍්දානං සිඞ‍්ගානිපි රස‍්මිපතොදාපි සුවණ‍්ණපරික‍්ඛිත‍්තා හොන‍්ති. රාජා මහාපරිවාරෙන නික‍්ඛමන‍්තො පුත‍්තං ගහෙත්‍වා අගමාසි.

පිතුසක්කස්ස කම්මන්තෙ -පෙ- පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරිතා යනු පියරජුගේ වප්මගුල් දවසක් විය. එදවස විවිධ වූ කෑම් බීම් ද්‍රව්‍ය පිළියෙළ කරති. නගරයේ වීදි පිරිසිදු කරවා පුන්කලස් තබා, ධජ පතාක ඔසවා මුළු මහත් නගරයම දෙව් විමනක් මෙන් අලංකාර කරති. සරසති. සියලු දැසි දස් කම්කරුවෝ, අලුත් රෙදි පිළි හැඳ සුවඳ මලින් සැරසී රජන්ගෙදරට එක්රැස් වෙති. මේ රාජකීය කෘෂි කර්මාන්තය සඳහා නගුල් දහසක් යොදයි. එදවස්හි එකක් අඩු අටසියයක් නගුල් යොදවති. සියලු නගුල් සමග ගවයන් ද ජානුස්සෝණි බමුණාගේ රථය මෙන් රිදී පැහැයෙන් අලංකාර කරති. රජුන්ගේ නගුල රත්රනින් සරසන ලදී. ගවයන්ගේ අං ද, රැහැන් හා කෙවිටි ද රන්වන්ව සරසති. රජු මහ පිරිවරින් පිටත්වන්නේ පුතාවද ගෙන පිටත්විය.

කම‍්මන‍්තට‍්ඨානෙ එකො ජම‍්බුරුක‍්ඛො බහලපත‍්තපලාසො සන්‍දච‍්ඡායො අහොසි. තස‍්ස හෙට‍්ඨා කුමාරස‍්ස සයනං පඤ‍්ඤපෙත්‍වා උපරි සුවණ‍්ණතාරකඛචිතං විතානං බන්‍ධාපෙත්‍වා සාණිපාකාරෙන පරික‍්ඛිපාපෙත්‍වා ආරක‍්ඛං ඨපෙත්‍වා රාජා සබ‍්බාලඞ‍්කාරං අලඞ‍්කරිත්‍වා අමච‍්චගණපරිවුතො නඞ‍්ගලකරණට‍්ඨානං අගමාසි. තත්‍ථ රාජා සුවණ‍්ණනඞ‍්ගලං ගණ‍්හාති. අමච‍්චා එකෙනූනඅට‍්ඨසතරජතනඞ‍්ගලානි ගහෙත්‍වා ඉතො චිතො ච කසන‍්ති. රාජා පන ඔරතො පාරං ගච‍්ඡති, පාරතො වා ඔරං ගච‍්ඡති. එතස‍්මිං ඨානෙ මහාසම‍්පත‍්ති හොති, බොධිසත‍්තං පරිවාරෙත්‍වා නිසින‍්නා ධාතියො රඤ‍්ඤො සම‍්පත‍්තිං පස‍්සිස‍්සාමාති අන‍්තොසාණිතො බහි නික‍්ඛන‍්තා.

සී සාන කුඹුර අසල, මනාව වැඩුණු කොල ඇති සිසිල් සෙවණ ඇති දඹගසක් යට යහනක් පනවා රන්වන් තරුවලින් විසිතුරු කළ වියනක් බඳවා සතර වටේට තිර ඇද වටකොට, රැකවරණ යොදා රජු සියලු ආභරණයෙන් සැරසී දැකුම්කළුව, ඇමති සමූහයා පිරිවරා සී සානා තැනට ගියහ. එහිදී රජු රන් නගුල ගත්තේය. ඇමතිවරු හත්සිය අනූනවය රිදී නගුල් ගත්හ. ගොවියෝ සෙසු නගුල් ගත්හ. ඔව්හූ ඒ නගුල් එහා මෙහා සාති. රජතුමා මේ කෙළවරේ සිට එහාට යති. එහා කෙළවරේ සිට මෙහාට එති. මෙතැන මහා උත්සව සිරියත් ගත්තේය. බෝසතුන් පිරිවරා සිටි කිරි මව්වරු ‘රජුගේ උත්සවශ්‍රීය බලන්නෙමු’යි ඇතුළු තිරවලින් පිටතට නික්මුණහ.

බොධිසත‍්තො ඉතො චිතො ච ඔලොකෙන‍්තො කඤ‍්චි අදිස‍්වා වෙගෙන උට‍්ඨාය පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා ආනාපානෙ පරිග‍්ගහෙත්‍වා පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙසි. ධාතියො ඛජ‍්ජභොජ‍්ජන‍්තරෙ විචරමානා ථොකං චිරායිංසු, සෙසරුක‍්ඛානං ඡායා නිවත‍්තා, තස‍්ස පන රුක‍්ඛස‍්ස පරිමණ‍්ඩලා හුත්‍වා අට‍්ඨාසි. ධාතියො අය්‍යපුත‍්තො එකකොති වෙගෙන සාණිං උක‍්ඛිපිත්‍වා අන‍්තො පවිසමානා බොධිසත‍්තං සයනෙ පල‍්ලඞ‍්කෙන නිසින‍්නං තඤ‍්ච පාටිහාරියං දිස‍්වා ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචයිංසු – “කුමාරො දෙව, එවං නිසින‍්නො අඤ‍්ඤෙසං රුක‍්ඛානං ඡායා නිවත‍්තා, ජම‍්බුරුක‍්ඛස‍්ස පරිමණ‍්ඩලා ඨිතා”ති. රාජා වෙගෙනාගන‍්ත්‍වා පාටිහාරියං දිස‍්වා, “ඉදං තෙ, තාත, දුතියං වන්‍දන”න‍්ති පුත‍්තං වන්‍දි. ඉදමෙතං සන්‍ධාය වුත‍්තං – “පිතු සක‍්කස‍්ස කම‍්මන‍්තෙ…පෙ… පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරිතා”ති.

බෝසත්හු වටපිටාව බලන්නේ කිසිවෙකු නො දැක, සයනයෙන් නැගිට පලක් බැඳ හුස්ම ඉහළ පහළ ගැනීමේ (ආනාපාන සතිය) පළමුවන දැහැන වැඩූහ. කිරිමව්වරු කමින් බොමින් ප්‍රීතිවෙමින් මදක් කල් යැවූහ. අනෙක් ගස්වල ඡායාව සෙවණැලි නැවතී දඹරුක් සෙවණට පරිමණ්ඩලව කවාකාරව පිහිටියහ. කිරිමව්වරු ආර්යපුත්‍රයා කුමාරයා තනිවම නොවේදැයි, වහා තිරය ඔසවා බැලූහ. ඔව්හූ ඇතුළ පිවිසෙන්නාහු බෝසතුන් යහන මත ඌරුබද්ධාසනව සිටිනු දැක වහාම ගොස් රජුට දැන්වීය. මහරජතුමනි, කුමාරයා මෙසේ හුන්නේ ය. ගස්වල සෙවණ දඹරුක හාත්පස වැටී තිබේ. රජු වහ වහා ගොස් මේ පෙළහර දැක ‘පුත නුඹට මේ දෙවන වැඳුම’යයි පුතුට වැන්දහ. ‘පිතු සක්කස්ස කම්මන්තෙ -පෙ- පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරිතා’ යනු එහෙයි කියන ලදී.

සියා නු ඛො එසො මග‍්ගො බොධායාති භවෙය්‍ය නු ඛො එතං ආනාපානස‍්සතිපඨමජ‍්ඣානං බුජ‍්ඣනත්‍ථාය මග‍්ගොති. සතානුසාරිවිඤ‍්ඤාණන‍්ති නයිදං බොධාය මග‍්ගො භවිස‍්සති, ආනාපානස‍්සතිපඨමජ‍්ඣානං පන භවිස‍්සතීති එවං එකං ද‍්වෙ වාරෙ උප‍්පන‍්නසතියා අනන‍්තරං උප‍්පන‍්නවිඤ‍්ඤාණං සතානුසාරිවිඤ‍්ඤාණං නාම. යං තං සුඛන‍්ති යං තං ආනාපානස‍්සතිපඨමජ‍්ඣානසුඛං.

සියානුඛො එසො මග්ගො බෝධාය මේ ආනාපාන සති පළමුවන ධ්‍යානය සිව්සස් අවබෝධය පිණිස මාර්ගය වන්නේදැයි සතානුසාරී විඤ්ඤාණං මේ දුෂ්කර ක්‍රියාව (අත්තකිලමත්‍ථානු යෝගය) සත්‍යවබෝධයට මාර්ගය නො වන්නේය. ආනාපානසති ප්‍රථමධ්‍යානය එයට මාර්ගය වන්නේ යයි.

පච‍්චුපට‍්ඨිතා හොන‍්තීති පණ‍්ණසාලපරිවෙණසම‍්මජ‍්ජනාදිවත‍්තකරණෙන උපට‍්ඨිතා හොන‍්ති. බාහුල‍්ලිකොති පච‍්චයබාහුල‍්ලිකො. ආවත‍්තො බාහුල‍්ලායාති රසගිද‍්ධො හුත්‍වා පණීතපිණ‍්ඩපාතාදීනං අත්‍ථාය ආවත‍්තො. නිබ‍්බිජ‍්ජ පක‍්කමිංසූති උක‍්කණ‍්ඨිත්‍වා ධම‍්මනියාමෙනෙව පක‍්කන‍්තා බොධිසත‍්තස‍්ස සම‍්බොධිං පත‍්තකාලෙ කායවිවෙකස‍්ස ඔකාසදානත්‍ථං ධම‍්මතාය ගතා. ගච‍්ඡන‍්තා ච අඤ‍්ඤට‍්ඨානං අගන‍්ත්‍වා බාරාණසිමෙව අගමංසු. බොධිසත‍්තො තෙසු ගතෙසු අද‍්ධමාසං කායවිවෙකං ලභිත්‍වා බොධිමණ‍්ඩෙ අපරාජිතපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣි.

පච්චුපට්ඨිතා හොන්ති පන්සල්මළුව හැමදීම් ආදී වත් කිරීමෙන් එළඹ සිටියාහූ, බාහුලිකතො ප්‍රත්‍ය බහුලකොට ඇත්තේ, ආවත්තොබාහුල්ලය රජයෙහි ගිජු වී ප්‍රණීත පිණ්ඩපාතය සඳහා පෙළඹුණෝ, නිබ්බිජ්ජ පක්කමිංසු උකටලීව ධර්ම නියමයෙන් පළා ගියාහුය. බෝසතුන් සම්බෝධියට පත් වූ පසුව කාය විවේකයට අවස්ථාව ඉඩකඩ ලබාදීම් වශයෙන් ස්වභාව ධර්මතාව අනුව පළා ගියාහුය. වෙන තැනක නොගොස් බරණැසටම ගියාහුය. බෝසත්හු ඔවුන් ගිය කල්හි අඩ මසක් කාය විවේකය ලබා බෝමැඩ පරාජිත නොවන්නා වූ පලඟෙහි වැඩහිඳ සර්වඥතාඥානය අවබෝධ කරගත්හ.

විවිච‍්චෙව කාමෙහීතිආදි භයභෙරවෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

විවිච්චෙව කාමෙහි ආදී වශයෙන් භයභේරව සූත්‍රයෙහි විස්තර කරන ලද ක්‍රමයෙන් දතයුතුයි.

අභිජානාමි ඛො පනාහන‍්ති අයං පාටියෙක‍්කො අනුසන්‍ධි. නිගණ‍්ඨො කිර චින‍්තෙසි – “අහං සමණං ගොතමං එකං පඤ‍්හං පුච‍්ඡිං. සමණො ගොතමො ‘අපරාපි මං, අග‍්ගිවෙස‍්සන, අපරාපි මං, අග‍්ගිවෙස‍්සනා’ති පරියොසානං අදස‍්සෙන‍්තො කථෙතියෙව. කුපිතො නු ඛො”ති? අථ භගවා, අග‍්ගිවෙස‍්සන, තථාගතෙ අනෙකසතාය පරිසාය ධම‍්මං දෙසෙන‍්තෙ කුපිතො සමණො ගොතමොති එකොපි වත‍්තා නත්‍ථි, පරෙසං බොධනත්‍ථාය පටිවිජ‍්ඣනත්‍ථාය එව තථාගතො ධම‍්මං දෙසෙතීති දස‍්සෙන‍්තො ඉමං ධම‍්මදෙසනං ආරභි.

අභිජානාමි ඛො පනාහං යන්න වෙනම අනුසන්ධියෙකි. නිගණ්ඨයා මෙසේ සිතයි. මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් මම එක පැනයක් විමසුවෙමි. ශ්‍රමණ ගෞතමයෝ ‘අපරාපි මං අග්ගි වෙස්සන අපරාපි මං අග්ගිවෙස්සන’, කෙළවරක් නො දක්වමින් වදාරමින් සිටී. ඔහු කිපියාහුද, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අග්ගිවෙස්සන! සිය දහස් ගණන් දෙනාට බණ කියන කල්හි තථාගතයන් කිපියේ යයි කියා කිසි කෙනෙක් නැත. අන්‍යයන්ගේ අවබෝධය පිණිස ප්‍රතිවේධය පිණිස තථාගතයෝ ධර්ම දේශනා කරති’යි දක්වමින් මෙම දේශනාව ආරම්භ කළේය.

තත්‍ථ ආරබ‍්භාති සන්‍ධාය. යාවදෙවාති පයොජනවිධි පරිච‍්ඡෙදනියමනං. ඉදං වුත‍්තං හොති – පරෙසං විඤ‍්ඤාපනමෙව තථාගතස‍්ස ධම‍්මදෙසනාය පයොජනං, තස‍්මා න එකස‍්සෙව දෙසෙති, යත‍්තකා විඤ‍්ඤාතාරො අත්‍ථි, සබ‍්බෙසං දෙසෙතීති.

එහි ආරබ්භා සඳහා යාවදෙවා ප්‍රයෝජනවත් වන අයුරින් බෙදා දැක්වීමයි. නියම කිරීම දක්වන ලදී. අනුන්ට ධර්මාවබෝධය ලබාදීමට තථාගතයන්ගේ ධර්මදේශනා කිරීමෙහි ප්‍රයෝජනයයි. එහෙයින් එක් අයෙකු සඳහාම නො දෙසයි. අවබෝධ කිරීමට යම්තාක් දෙනා ඇත්නම් ඒ සියල්ලන් සඳහා දේශනා කරයි.

තස‍්මිංයෙව පුරිමස‍්මින‍්ති ඉමිනා කිං දස‍්සෙතීති? සච‍්චකො කිර චින‍්තෙසි – “සමණො ගොතමො අභිරූපො පාසාදිකො සුඵුසිතං දන‍්තාවරණං, ජිව‍්හා මුදුකා, මධුරං වාක‍්කරණං, පරිසං රඤ‍්ජෙන‍්තො මඤ‍්ඤෙ විචරති, අන‍්තො පනස‍්ස චිත‍්තෙකග‍්ගතා නත්‍ථී”ති. අථ භගවා, අග‍්ගිවෙස‍්සන, න තථාගතො පරිසං රඤ‍්ජෙන‍්තො විචරති, චක‍්කවාළපරියන‍්තායපි පරිසාය තථාගතො ධම‍්මං දෙසෙති, අසල‍්ලීනො අනුපලිත‍්තො එත‍්තකං එකවිහාරී, සුඤ‍්ඤතඵලසමාපත‍්තිං අනුයුත‍්තොති දස‍්සෙතුං එවමාහ.

තස්මිං යෙව පුරිමස්මිං යනු මෙහි කුමක් දක්වත්ද, සච්චක තෙමේ සිතයි. ශ්‍රමණ ගෞතමයෝ සිත්ගන්නා සුළුය. දුටුවන් පහදින්නේ ය. දෙතොල මනා සේ පිහිටා ඇත්තේ ය. දිව මොළොක්ය. මිහිරි ශබ්ද කිරීම් ඇත්තේය. හඬ ඇත්තේය. බස මිහිරිය. පිරිස තමන් වෙත රඳවා ගැනීමෙහි සමත්ය. මගේ වනාහි සිතේ එකඟ බව නැති. ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ ගිනි වෙස්න, තථාගතයන් පිරිස රඳමින් නො හැසිරෙති. සක්වල කෙළවර කොට ඇති සියලු පිරිසට තථාගතයෝ දහම් දෙසති. (ඒ පිරිස් කෙරෙහි) වෙසෙසින් නො ඇලුනාහු, පැමිණද නොඇලුනාහූ ඒකාන්තයෙන්, අසහාය විහරණ ඇතිව, ශුන්‍යතා ඵල සමාපත්තියෙහි යෙදුනාහු දහම් දෙසති.

අජ‍්ඣත‍්තමෙවාති ගොචරජ‍්ඣත‍්තමෙව. සන‍්නිසාදෙමීති සන‍්නිසීදාපෙමි, තථාගතො හි යස‍්මිං ඛණෙ පරිසා සාධුකාරං දෙති, තස‍්මිං ඛණෙ පුබ‍්බාභොගෙන පරිච‍්ඡින්‍දිත්‍වා ඵලසමාපත‍්තිං සමාපජ‍්ජති, සාධුකාරසද‍්දස‍්ස නිග‍්ඝොසෙ අවිච‍්ඡින‍්නෙයෙව සමාපත‍්තිතො වුට‍්ඨාය ඨිතට‍්ඨානතො පට‍්ඨාය ධම‍්මං දෙසෙති, බුද‍්ධානඤ‍්හි භවඞ‍්ගපරිවාසො ලහුකො හොතීති අස‍්සාසවාරෙ පස‍්සාසවාරෙ සමාපත‍්තිං සමාපජ‍්ජන‍්ති. යෙන සුදං නිච‍්චකප‍්පන‍්ති යෙන සුඤ‍්ඤෙන ඵලසමාධිනා නිච‍්චකාලං විහරාමි, තස‍්මිං සමාධිනිමිත‍්තෙ චිත‍්තං සණ‍්ඨපෙමි සමාදහාමීති දස‍්සෙති.

අජ්ඣත්තමෙව ගෝචරාධ්‍යාත්මයෙහි ද, සන්නිසාදෙමි හිඳුවමි. තථාගතයෝ ධර්මය දෙසද්දී, මිනිසුන් යම් ඇසිල්ලක සාධුකාර දෙයිද, ඒ ඇසිල්ලෙහි පූර්වභෝගයෙන් පිරිසිඳ ඵලසමාපත්තියට සමවදිති. සාධුකාර ශබ්දයාගේ නාදය නො සුන් කල්හිම සමවතින් නැගිට, නැවැත්වූ තැන සිට නැවත ධර්ම දේශනා කරති. බුදුවරුන්ගේ භවාංගයෙහි විසීම ඉතා සුළු වේලාවක් වේ. ආශ්වාස වාරයක් පාසා ඵල සමාපත්තිහි යෙදෙයි. යෙන සුදං නිච්ච කප්පන්ති යම් ශුන්‍යතා ඵල සමාපත්තියෙහි යෙදී නිරතුරුව වෙසේද, ඒ සමාධි නිමිත්තෙහි සිත මනාකොට පිහිටුවමියි දක්වයි.

ඔකප‍්පනියමෙතන‍්ති සද‍්දහනියමෙතං. එවං භගවතො එකග‍්ගචිත‍්තතං සම‍්පටිච‍්ඡිත්‍වා ඉදානි අත‍්තනො ඔවට‍්ටිකසාරං කත්‍වා ආනීතපඤ‍්හං පුච‍්ඡන‍්තො අභිජානාති ඛො පන භවං ගොතමො දිවා සුපිතාති ආහ. යථා හි සුනඛො නාම අසම‍්භින‍්නඛීරපක‍්කපායසං සප‍්පිනා යොජෙත්‍වා උදරපූරං භොජිතොපි ගූථං දිස‍්වා අඛාදිත්‍වා ගන‍්තුං න සක‍්කා, අඛාදමානො ඝායිත්‍වාපි ගච‍්ඡති, අඝායිත්‍වාව ගතස‍්ස කිරස‍්ස සීසං රුජ‍්ජති; එවමෙවං ඉමස‍්සපි සත්‍ථා අසම‍්භින‍්නඛීරපක‍්කපායසසදිසං අභිනික‍්ඛමනතො පට‍්ඨාය යාව ආසවක‍්ඛයා පසාදනීයං ධම‍්මදෙසනං දෙසෙති. එතස‍්ස පන එවරූපං ධම‍්මදෙසනං සුත්‍වා සත්‍ථරි පසාදමත‍්තම‍්පි න උප‍්පන‍්නං, තස‍්මා ඔවට‍්ටිකසාරං කත්‍වා ආනීතපඤ‍්හං අපුච‍්ඡිත්‍වා ගන‍්තුං අසක‍්කොන‍්තො එවමාහ.

ඔකප්ප නියමෙතං මෙය ඇදහිය යුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ එකඟ සිත් ඇති බව පිළිගෙන, දැන් තමන් විසින් පිළියෙළ කොට සඟවා ගත් ප්‍රශ්නයේ සාරය පුළුවුස්නේ (විමසන්නේ) අභිජානාති පන භවං ගොතමො දිවා සුපිතා යනු කීය. යම්සේ සුනඛයෙක් නොමුසු කිරෙන් පිසූ කිරිබත් ගිතෙලින් අනා බඩ පුරා කවන ලද්දේ නමුත්, අසූචි දැක නොකා යන්නට නොහැකි වේද, කන්නේ නැතිනම් ඉව අල්ලා බලාවත් යන්නේද, තව ද ඉවවත් අල්ලා නො ගියහොත් ඔහුගේ හිස රුදා කෙරේල. එපරිද්දෙන් මේ සච්චක හට ද ශාස්තෲන් වහන්සේ නොමුසු කිරිබතක් වැනි අභිනිෂ්ක්‍රමණයේ පටන් ආශ්‍රවක්‍ෂය කිරීම දක්වා වූ පැහැදිය යුතු ධර්මය දෙසූ සේක. එතකුදු වුවත් ඒ දහම් දෙසීම අසාත් තථාගතයන් කෙරෙහි පැහැදීමක් නුවූයේ ය. එහෙයින් තමන් සිතේ සඟවාගෙන ආ ප්‍රශ්නය නො විචාරා යන්නට නො හැකි වන්නේ මෙසේය කීය.

තත්‍ථ යස‍්මා ථිනමිද‍්ධං සබ‍්බඛීණාසවානං අරහත‍්තමග‍්ගෙනෙව පහීයති, කායදරථො පන උපාදින‍්නකෙපි හොති අනුපාදින‍්නකෙපි. තථා හි කමලුප‍්පලාදීනි එකස‍්මිං කාලෙ විකසන‍්ති, එකස‍්මිං මකුලානි හොන‍්ති, සායං කෙසඤ‍්චි රුක‍්ඛානම‍්පි පත‍්තානි පතිලීයන‍්ති, පාතො විප‍්ඵාරිකානි හොන‍්ති. එවං උපාදින‍්නකස‍්ස කායස‍්ස දරථොයෙව දරථවසෙන භවඞ‍්ගසොතඤ‍්ච ඉධ නිද‍්දාති අධිප‍්පෙතං, තං ඛීණාසවානම‍්පි හොති. තං සන්‍ධාය, “අභිජානාමහ”න‍්තිආදිමාහ. සම‍්මොහවිහාරස‍්මිං වදන‍්තීති සම‍්මොහවිහාරොති වදන‍්ති.

ඉක්බිති යම්හෙයකින් පීනමිද්ධය සියලු ක්‍ෂීණාශ්‍රවයන් ගේ රහත් මගින්ම ප්‍රහීණ වේද, කාය දරථය උපාදින්නක කායයෙහිත් අනුපාදින්නක කායයෙහිත් ඇතිවේද, පියුම්, උපුල් ආදිය එක් කලෙක පිපෙති. එක් කලෙක පරවෙති. සමහර ගස්වල කොල සවසට මැලවෙති. උදයට පිබිදෙති. එපරිද්දෙන් උපදින්න කායයාගේ දරථය ද විඩා වශයෙන් භවාංග ස්‍රොතය ද මෙහි නිද්දා යන්නෙන් අදහස් කරන ලදී. එය ක්‍ෂිණාශ්‍රවයන්ට ද එසේම වේ. ඒ සඳහා අභිජානාමතං යනාදිය කීහ. සම්මොහ විහාරස්මිං වදන්ති මුළා විහරණයකැයි කියති.

ආසජ‍්ජ ආසජ‍්ජාති ඝට‍්ටෙත්‍වා ඝට‍්ටෙත්‍වා. උපනීතෙහීති උපනෙත්‍වා කථිතෙහි. වචනප‍්පථෙහීති වචනෙහි. අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වාති අලන‍්ති චිත‍්තෙන සම‍්පටිච‍්ඡන‍්තො අභිනන්‍දිත්‍වා වාචායපි පසංසන‍්තො අනුමොදිත්‍වා. භගවතා ඉමස‍්ස නිගණ‍්ඨස‍්ස ද‍්වෙ සුත‍්තානි කථිතානි. පුරිමසුත‍්තං එකො භාණවාරො, ඉදං දියඩ‍්ඪො, ඉති අඩ‍්ඪතියෙ භාණවාරෙ සුත්‍වාපි අයං නිගණ‍්ඨො නෙව අභිසමයං පත‍්තො, න පබ‍්බජිතො, න සරණෙසු පතිට‍්ඨිතො. කස‍්මා එතස‍්ස භගවා ධම‍්මං දෙසෙසීති? අනාගතෙ වාසනත්‍ථාය. පස‍්සති හි භගවා, “ඉමස‍්ස ඉදානි උපනිස‍්සයො නත්‍ථි, මය‍්හං පන පරිනිබ‍්බානතො සමධිකානං ද‍්වින‍්නං වස‍්සසතානං අච‍්චයෙන තම‍්බපණ‍්ණිදීපෙ සාසනං පතිට‍්ඨහිස‍්සති. තත්‍රායං කුලඝරෙ නිබ‍්බත‍්තිත්‍වා සම‍්පත‍්තෙ කාලෙ පබ‍්බජිත්‍වා තීණි පිටකානි උග‍්ගහෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා කාළබුද‍්ධරක‍්ඛිතො නාම මහාඛීණාසවො භවිස‍්සතී”ති. ඉදං දිස‍්වා අනාගතෙ වාසනත්‍ථාය ධම‍්මං දෙසෙසි.

ආසජ්ජ ආසජ්ජ ගට ගටා උපනීතෙහි උපනීතෙහි එළව එළවා කියන ලද වචනපථෙහි වචනයන් විසින් අභිනන්‍දිත්‍වා, අනුමොදිත්‍වා සිතින් පිළිගනිමින් සතුටුව, වචනයෙන් ප්‍රශංසා කරන්නේ අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ නිගණ්ඨයාට සූත්‍ර දෙකක් වදාරණ ලදී. පළමු සූත්‍රය එක් බණවරෙක. මෙය දෙ අඩ බණවරකි. මෙසේ අඩු තුන් බණවරක් අසාත් මේ නුවටුවා අධිගමයට නො පැමිණියේය. සරණයෙහි නො පිහිටියේය. මොහුට භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් දහම් දෙසූ සේක්ද, අනාගතයෙහි යහපත සඳහාය. භාග්‍යවතුන් වහන්සේ එය දුටු සේක. මොහුට දැන් වැඩක් නැත. එහෙත් පිරිනිවනින් පසු අවුරුදු දෙසීයක් ඇවෑමෙන් තම්බපණ්ණි දීපයේ බුදු සසුන පිහිටන්නේ ය. එහි මොහු එක් කුලගෙයක ඉපිද, පැවිදිව ත්‍රිපිටකය උගෙන විදසුන් වඩා සිව්පිළිසිඹියා පත් රහත්බවට පැමිණ කාලබුද්ධ රක්ඛිත නම් ක්‍ෂීණාශ්‍රවයන් වන්නේ ය. මේ අනාගත වාසනාව සම්පත බලා දහම් දෙසූ සේක්.

සොපි තත්‍ථෙව තම‍්බපණ‍්ණිදීපම‍්හි සාසනෙ පතිට‍්ඨිතෙ දෙවලොකතො චවිත්‍වා දක‍්ඛිණගිරිවිහාරස‍්ස භික‍්ඛාචාරගාමෙ එකස‍්මිං අමච‍්චකුලෙ නිබ‍්බත‍්තො පබ‍්බජ‍්ජාසමත්‍ථයොබ‍්බනෙ පබ‍්බජිත්‍වා තෙපිටකං බුද‍්ධවචනං උග‍්ගහෙත්‍වා ගණං පරිහරන‍්තො මහාභික‍්ඛුසඞ‍්ඝපරිවුතො උපජ‍්ඣායං පස‍්සිතුං අගමාසි. අථස‍්ස උපජ‍්ඣායො සද‍්ධිවිහාරිකං චොදෙස‍්සාමීති තෙපිටකං බුද‍්ධවචනං උග‍්ගහෙත්‍වා ආගතෙන තෙන සද‍්ධිං මුඛං දත්‍වා කථාමත‍්තම‍්පි න අකාසි.

හෙතෙමේ ද තම්බපණ්ණි දිවයිනේ සසුන් පිහිටි කල දෙව්ලොවින් චුතව දකුණුගිරි වෙහෙර ගොදුරු ගමෙහි එක් ඇමති කුලයක උපන්නේ, පැවිදි වීමට සුදුසු සමයේ පැවිදිව, ත්‍රිපිටක බුද්ධවචනය අසා උගෙන, සංඝ සමූහයා පිරිවර කොට ඇතිව උපාධ්‍යායන් වහන්සේ දක්නට ගියේය. ඉක්බිති උපාධ්‍යායයන් වහන්සේ අතවැසියාට චෝදනා කරමින්, ත්‍රිපිටක ධර්මධරව පැමිණි ඔහු සමග කථා නො කළේය.

සො පච‍්චූසසමයෙ වුට‍්ඨාය ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, – “තුම‍්හෙ, භන‍්තෙ, මයි ගන්‍ථකම‍්මං කත්‍වා තුම‍්හාකං සන‍්තිකං ආගතෙ මුඛං දත්‍වා කථාමත‍්තම‍්පි න කරිත්‍ථ, කො මය‍්හං දොසො”ති පුච‍්ඡි. ථෙරො ආහ – “ත්‍වං, ආවුසො, බුද‍්ධරක‍්ඛිත එත‍්තකෙනෙව ‘පබ‍්බජ‍්ජාකිච‍්චං මෙ මත්‍ථකං පත‍්ත’න‍්ති සඤ‍්ඤං කරොසී”ති. කිං කරොමි, භන‍්තෙති? ගණං විනොදෙත්‍වා ත්‍වං පපඤ‍්චං ඡින්‍දිත්‍වා චෙතියපබ‍්බතවිහාරං ගන‍්ත්‍වා සමණධම‍්මං කරොහීති. සො උපජ‍්ඣායස‍්ස ඔවාදෙ ඨත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා පුඤ‍්ඤවා රාජපූජිතො හුත්‍වා මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරො චෙතියපබ‍්බතවිහාරෙ වසි.

හෙතෙම සවස්භාගයේ තෙරුන් සමීපයට ගොස් ස්වාමීනි, මා ත්‍රිපිටක ග්‍රන්ථධරව ඔබවහන්සේ සමීපයට ආ වේලේ සිනා සී කථාවක්වත් නො කරයි. මගේ කවර දෝෂයක්දැයි විචාළේය. උපාධ්‍යායයන් වහන්සේ මෙසේ වදාළහ. ඇවැත් බුද්ධරක්ඛිතයෙනි, ඔබ ත්‍රිපිටකධාරී වූ පමණින් ප්‍රවෘජ්‍යා කෘත්‍යය සම්පූර්ණ කළේයයි සිතන්නේද, ස්වාමීනි කුමක් කරන්නේද, ‘සමූහවාසය අත්හැර, ප්‍රපඤ්චයන් සිඳ වාකිරිගල විහාරයට (වාත=වා, කසිතපබ්බතවිහාරං - කිරිගල්පව් වෙහෙර) ගොස් මහණදම් පුරව. හෙතෙම උපාධ්‍යායයන් වහන්සේ ගේ අවවාදය පිළිගෙන එසේ විදසුන් වඩා සිව්පිළිසිඹියාපත් මහරහත් බවට පැමිණ රාජපූජිතව මහා සඟ ගණ පිරිවරා සෑගිරි) පව්වෙහි විසීය.

තස‍්මිඤ‍්හි කාලෙ තිස‍්සමහාරාජා උපොසථකම‍්මං කරොන‍්තො චෙතියපබ‍්බතෙ රාජලෙණෙ වසති. සො ථෙරස‍්ස උපට‍්ඨාකභික‍්ඛුනො සඤ‍්ඤං අදාසි – “යදා මය‍්හං අය්‍යො පඤ‍්හං විස‍්සජ‍්ජෙති, ධම‍්මං වා කථෙති, තදා මෙ සඤ‍්ඤං දදෙය්‍යාථා”ති. ථෙරොපි එකස‍්මිං ධම‍්මස‍්සවනදිවසෙ භික‍්ඛුසඞ‍්ඝපරිවාරො කණ‍්ටකචෙතියඞ‍්ගණං ආරුය‍්හ චෙතියං වන්‍දිත්‍වා කාළතිම‍්බරුරුක‍්ඛමූලෙ අට‍්ඨාසි. අථ නං එකො පිණ‍්ඩපාතිකත්‍ථෙරො කාළකාරාමසුත‍්තන‍්තෙ පඤ‍්හං පුච‍්ඡි. ථෙරො නනු, ආවුසො, අජ‍්ජ ධම‍්මස‍්සවනදිවසොති ආහ. ආම, භන‍්තෙ, ධම‍්මස‍්සවනදිවසොති. තෙන හි පීඨකං ආනෙථ, ඉධෙව නිසින‍්නා ධම‍්මස‍්සවනං කරිස‍්සාමාති. අථස‍්ස රුක‍්ඛමූලෙ ආසනං පඤ‍්ඤපෙත්‍වා අදංසු. ථෙරො පුබ‍්බගාථා වත්‍වා කාළකාරාමසුත‍්තං ආරභි.

එකල තිස්ස මහාරජු උපසම්පදා කර්මය කරවන්නේ චේතිය පර්වතයේ රාජලෙණෙහි වසයි. සද්ධාතිස්ස රජු තෙරුන්ගේ උපස්ථායක භික්‍ෂුවක් මගින් මෙසේ දැන්වීය. ‘යම් කලෙක බුද්ධරක්ඛිත හිමියන් දහම් පැන විසඳන්නේ ද, එ දවස මට ද දැනුම් දෙන්නැයි කීය. අද මගේ පැණ විසඳන දවසයි. බණ ද කියන දවසයි. මේ පණිවුඩය රජුට දෙන්නැයි කීහ. තෙරුන් වහන්සේ ද එදින ධමශ්‍රවණය සඳහා භික්‍ෂූන් රැස්වූ කල්හි, භික්‍ෂු සංඝයා පිරිවරා කණ්ටක චෛත්‍ය මළුවට පැමිණ සෑය වැඳ කලුතිඹිරි රුක්මුල සිටියේය. ඉක්බිති එක් පිණ්ඩපාතික තෙර නමක් කාළකාරාම සූත්‍රයෙන් ප්‍රශ්නයක් විචාළේය. ස්ථවිරයෝ ඇවැත්නි, අද බණ කියන දවස නොවේද, එසේය ස්වාමීනි. අද බණ කියන දවසයි. එසේනම් ආසනයක් ගෙන එන්නැයි කියා, මෙහිම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන්නෙමියි, ඒ ගසමුලම අසුන් පණවා දුන්හ. ස්ථවිරයන් වහන්සේ පූර්වගාථා වදාරා කාළකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනාව ඇරඹීය.

සොපිස‍්ස උපට‍්ඨාකදහරො රඤ‍්ඤො සඤ‍්ඤං දාපෙසි. රාජා පුබ‍්බගාථාසු අනිට‍්ඨිතාසුයෙව පාපුණි. පත්‍වා ච අඤ‍්ඤාතකවෙසෙනෙව පරිසන‍්තෙ ඨත්‍වා තියාමරත‍්තිං ඨිතකොව ධම‍්මං සුත්‍වා ථෙරස‍්ස, ඉදමවොච භගවාති වචනකාලෙ සාධුකාරං අදාසි. ථෙරො ඤත්‍වා, කදා ආගතොසි, මහාරාජාති පුච‍්ඡි. පුබ‍්බගාථා ඔසාරණකාලෙයෙව, භන‍්තෙති. දුක‍්කරං තෙ මහාරාජ, කතන‍්ති. නයිදං, භන‍්තෙ, දුක‍්කරං, යදි පන මෙ අය්‍යස‍්ස ධම‍්මකථං ආරද‍්ධකාලතො පට‍්ඨාය එකපදෙපි අඤ‍්ඤවිහිතභාවො අහොසි, තම‍්බපණ‍්ණිදීපස‍්ස පතොදයට‍්ඨිනිතුදනමත‍්තෙපි ඨානෙ සාමිභාවො නාම මෙ මා හොතූති සපථමකාසි.

උන්වහන්සේ උපස්ථායක තෙරණ ඒ බව රජුට දැන්වීය. රජු පූර්ව ගාථාව අවසන් වන්නට කලින්ම එහි පැමිණියේය. පැමිණ අප්‍රසිද්ධ වේශයෙන් පිරිස් කෙළවර සිට තුන්යම පුරා ධර්මය අසා, තෙරුන් වහසේ ‘ඉදමවොච භගවා’යි කී කල්හි රජු සාධුකාර දුන්නේ ය. තෙරුන් වහන්සේ ඒ රජු බව දැන මහරජ, කොයි වෙලේ ආවේද ඇසීය. ස්වාමීනි, පූර්වගාථා අවසන් වන්නට පෙර පැමිණියෙමි යි කීය. මහරජ, ඔබ විසින් මහා අමාරු දුෂ්කර කාරියක් කළේය. නැත ස්වාමීනි, එවැනි දුෂ්කර කාර්යයක් නොවේ. යම්කිසි අයුරකින් ආර්යයන් වහන්සේ බණ දේශනාව ඇරඹු තැන් සිට එක පදයක්වත්, මට අමතක වී ගියේ නම් මේ තම්බපණ්ණි දීපයේ එක් කෙවිටක් ගහන ප්‍රමාණයකද මගේ රජ බවක් නොවේවයි දිවුළේය.

තස‍්මිං පන සුත‍්තෙ බුද‍්ධගුණා පරිදීපිතා, තස‍්මා රාජා පුච‍්ඡි – “එත‍්තකාව, භන‍්තෙ, බුද‍්ධගුණා, උදාහු අඤ‍්ඤෙපි අත්‍ථී”ති. මයා කථිතතො, මහාරාජ, අකථිතමෙව බහු අප‍්පමාණන‍්ති. උපමං, භන‍්තෙ, කරොථාති. යථා, මහාරාජ, කරීසසහස‍්සමත‍්තෙ සාලික‍්ඛෙත‍්තෙ එකසාලිසීසතො අවසෙසසාලීයෙව බහූ, එවං මයා කථිතගුණා අප‍්පා, අවසෙසා බහූති. අපරම‍්පි, භන‍්තෙ, උපමං කරොථාති. යථා, මහාරාජ, මහාගඞ‍්ගාය ඔඝපුණ‍්ණාය සූචිපාසං සම‍්මුඛං කරෙය්‍ය, සූචිපාසෙන ගතඋදකං අප‍්පං, සෙසං බහු, එවමෙව මයා කථිතගුණා අප‍්පා, අවසෙසා බහූති. අපරම‍්පි, භන‍්තෙ, උපමං කරොථාති. ඉධ, මහාරාජ, චාතකසකුණා නාම ආකාසෙ කීළන‍්තා විචරන‍්ති. ඛුද‍්දකා සා සකුණජාති, කිං නු ඛො තස‍්ස සකුණස‍්ස ආකාසෙ පක‍්ඛපසාරණට‍්ඨානං බහු, අවසෙසො ආකාසො අප‍්පොති? කිං, භන‍්තෙ, වදථ, අප‍්පො තස‍්ස පක‍්ඛපසාරණොකාසො, අවසෙසොව බහූති. එවමෙව, මහාරාජ, අප‍්පකා මයා බුද‍්ධගුණා කථිතා, අවසෙසා බහූ අනන‍්තා අප‍්පමෙය්‍යාති.

ඒ සූත්‍රයෙහි බුදුගුණම විස්තර කර දක්වන ලදී. එහෙයින් රජතුමා විචාළහ. ස්වාමීනි, බුදුගුණ මෙතෙක්මද, නොහොත් තවත් ඇත්ද, මහරජ, මා විසින් කියන ලද්ද ටිකය. නොකියූ බුදුගුණ බොහෝය. උපමාවක් කිව මැනවි. අමුණු දහසක් පමණ වූ හැල්කෙතක එක හැල් කරලකට වඩා ඉතිරි හැල් බොහෝ වෙත්ද, එපරිද්දෙන් මා කී ගුණ ටිකය. ඉතිරි ගුණ බොහෝය. ස්වාමීනි, තවත් උපමාවක් කිව මැනවි. මහරජ, යම්සේ සැඩ පහරින් පිරුණු මහා ගංගාවෙහි, ඉඳිකටු සිදුරක් තරම් කාණුවක් ගිය දිය ටිකක් වේද ඉතිරි දිය බොහෝ වේ ද එපරිද්දෙන් මා විසින් කී ගුණයෝ ටිකය. මා විසින් නොකී ගුණයෝ බොහෝ වෙති. ස්වාමීනි, තවත් උපමාවක් කියනු මැනවි. මහරජ, වැහිලිහිණි අහසේ පියාසර කරන තැන් බොහෝ වේද, අහස බොහෝ වේද, ස්වාමීනි, කුමක් වදාරයි ද, වැහිළිහිණියා පියාපත් සරණ තැන් ඉතා ටිකය. අහස බොහෝය. එපරිද්දෙන් මහරජ, මා කී බුදුගුණ ඉතා මදය. සෙසු ගුණයෝම බොහෝය.

සුකථිතං, භන‍්තෙ, අනන‍්තා බුද‍්ධගුණා අනන‍්තෙනෙව ආකාසෙන උපමිතා. පසන‍්නා මයං අය්‍යස‍්ස, අනුච‍්ඡවිකං පන කාතුං න සක‍්කොම. අයං මෙ දුග‍්ගතපණ‍්ණාකාරො ඉමස‍්මිං තම‍්බපණ‍්ණිදීපෙ ඉමං තියොජනසතිකං රජ‍්ජං අය්‍යස‍්ස දෙමාති. තුම‍්හෙහි, මහාරාජ, අත‍්තනො පසන‍්නාකාරො කතො, මයං පන අම‍්හාකං දින‍්නං රජ‍්ජං තුම‍්හාකංයෙව දෙම, ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙහි මහාරාජාති.

ස්වාමීනි මනාකොට පැහැදිලිව කියන ලද්ද අනන්ත වූ බුදුගුණ අනන්ත වූ අහස සමගම සසඳන ලදහ. අපි ඔබවහන්සේට පැහැදුනෙමු. එසේ වුවත් සුදුසු පූජාවක් කරන්නට නො හැක්කෙමි. මගේ මේ දුගී පූජාවෙක. මේ සියක් යොදුන් තම්බපණ්ණි දිවයිනේ රාජ්‍යය ඔබවහන්සේට පුදමි. මහරජ, ඔබ විසින් පැහැදුනු ආකාරය කරන ලද, අපට තොප දුන් රජය තොපටම දෙමි. මහරජ, දැහැමෙන් සෙමෙන් රජය කරනු මැනවි.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මහාසච‍්චකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවැනි වූ මහා සච්චක සූත්‍ර වර්ණනාව නිමියේය.